අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුරජාණන් වහන්සේ , ධර්මය දේශනා කරන්න මැළිවුණා මුලින්. සහම්පති බ්‍රහ්මයා තමයි ලු,ආරාධනා කළේ , අවබෝධ කරගන්න පුළුවන් සත්වයිනුත් සිටින බව, කියල..එතකොට ,බුදුන් වහන්සේ , මහාකරුණා සමාපත්ති යෙන් ලෝකය බලා, පුද්ගලයන් කොටස් 04ක් සිටින බව දැක වදාළා.

1.උග්ගට්තඤ්ඤ.

2. විපටිතඤ්ඤ.

3.ඤෙය්‍ය .

4.පදපරම.

මෙයින්,පළමු කෙනා, ධර්මය ඇසෙනවිටම අවබෝධ කරගන්න වා.

දෙවැනියා ,ධර්මය පැහැදිලි කරදෙනවිට අවබෝධ කරගන්න වා.

තුන්වැන්නා කාලයක් අසීරුවෙන් ධර්මය සාකච්ඡා ,දේශනා ආදියෙන් පසු, අවබෝධය ලබනවා.

පදපරම පුද්ගලයා ට කිසිවිටක ,අවබෝධය කරා යන්නට නොහැකි වෙනවා.

තථාගතයාණන් වහන්සේ ලස්සණ උපමාවක් ඊට දේශනා කළා .

ඇතැම් නෙළුම් මල්, විල් දියේ ගෑවි, ගෑවී තිබී.....හිරුඑළිය ලද සැණින් විකසිත වෙනවා. ( උග්ගටිතඤ්ඤ )

තව සමහර මල් , තරමක් ගැඹුරු දියේ තිබිලා, ක්‍රමයෙන් හිරු එළිය ඊට වැටුණාම දියෙන් මතුවී විකසිත වෙනවා.( විපටිතඤ්ඤ , )

තවත් මල් ඉතාම ගැඹුරේ තිබී, මඩ..රොඩු බොරඩු අතරින් , හිරුඑළිය පතුලට වැටුණාම, අමාරුවෙන් උඩට මතුවෙනවා .(ඤෙය්‍ය )

තවත් කොටසක් , පතුලේම තිබී, සතුන් කාදමා, මඩෙන් උඩට නො පැමිණ ම විනාශ වෙනව . ඒ පදපරම පුද්ගලයන් ට කියපු උපමාව

...............බුදුන් වදාළ ධර්ම ය මොනතරම් සුන්දරද ?

Random Post

2024-07-22
අම්මඩුව

7/22/2024 12:15:00 pm

{හීයකින් උපන් දෙවොල } ගොඩකවෙලින් වමට හැරිල කි.මී. 5ක් විතර ගියහම ඇමිටියගොඩ හංදියෙන්, අම්මඩුවට යන්න පුලුවන්. ටිකක් පිටිසර පෙනුමක් එක්ක පටු...

Read more »
2024-07-21
හුණුුුවටයේ පුරක.

7/21/2024 09:44:00 pm

කර පින්නන් ආපු හින්ද දෙපා මගේ රිදෙන හින්ද ගිනි ගණනට කිරි අරගෙන උගුර උගුර දීපු හින්ද මගේ හිත බැඳුණාය පුතේ උඹ නැතිවම බැරිය පුතේ  සේද පිළි විසි...

Read more »
දරුවන්ගේ කේන්තිය…..

7/21/2024 01:14:00 pm

අවුරුදු 2, 2.1/5, 3 වෙද්දී දරුවන් තමන්ගේ කේන්තිය ප්‍රකාශ කරන්න අන් ළමුන්ට මෙන්ම දෙමව්පියන්ට අත උස්සනවා. පහර දෙනවා. මේක සාමාන්‍ය දෙයක්ද? යැයි...

Read more »
2024-07-20
වැසිකිළි භාවිතය  12 වන සියවසට

7/20/2024 11:16:00 am
2

  ඇටෑච් ටොයිලට් හෝ වැසිකිළි භාවිතය අපිට පුරුදු කලේ සුද්දා නොව අපේම මුතුන්මිත්තන්ය ! පඬුවස්නුවර ‍රාජධානියේ ඇති ගොඩනැගීම් ආදියේ නටඹුන් 12 වන ස...

Read more »
2024-07-19
වැසි සළුව හා චීවරය

7/19/2024 05:45:00 pm

වැසි සළුව හා චීවරය  චීවර යනු පාලි වචනයයි. සිවුර යනු එහි සිංහල ව්‍යවහාරයයි. එය භික්ෂූන් වහන්සේලා පරිහරණය කළ විශේෂිත වූ වස්ත්‍රයයි. එහි අර්ථයට...

Read more »
2024-07-18
මෝට තගේ ලැගපිය ගොස් ගෙදර බොලේ .

7/18/2024 02:46:00 pm

  ගාලු කෝරළේ නැකැතියෙක් "බුරියා"නමින් හැඳින්වුන රදා ස්ත්‍රියකට කියූ කවියක්. සිරියා වත සදිසි සිරිකත විලසාය පිරියා ගත අයුරු රන්ටැඹ ව...

Read more »
2024-07-17
අපේ ආලත්ති අම්මලා

7/17/2024 08:10:00 pm

රුපියල් දෙකයි පනහක වැටුපකට වසරක්ම කතරගම දෙවියන්ට ආවඩන ආලත්ති අම්මලා දෙවියන් ගැන කියද්දි ඉන්දියාවේදී නම් දේවදාසියන් ගැන කියවෙනවා. ඒත් දේවාල ස...

Read more »
2024-07-16
මීදුම වයස්ගත වෙලා.

7/16/2024 10:24:00 am
1

**මේ 2024 . 2008 - 2009 පලකරපු වියමනක්. අද බොහෝදුරට තාක්‍ෂණය වෙනස් වෙලා. අපේ වයසත් සමගම අත්දැකීම් එකතුවෙලා. සහතික නැති වුුනත් දැනීම ඇතිවෙලා...

Read more »
2024-07-15
රන්කැටි පුතා කෝ ?

7/15/2024 12:31:00 pm

  රන්කැටි පුතා කෝ ? මේ සටහන මා ලියන්නේ ඔබට ජීවිතය ගැන පාඩමක් කියා දීමටයි. මගේ සැමියා සහ මම ජීවිතයට මුහුණ දුන්නේ අපමණ වීර්යයකිනි. අපට පුතුන් ...

Read more »