අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
A day of the life

මීදුම

මීදුම

ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.

තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.

කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.

තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .

සිතුවිලිත් ඒ වගෙයි.

ඇති වෙලා නැතිවෙලා යනවා.

යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.

තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,

මීදුම ... පිහිට කරගන්නවා.

මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.

වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්

මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.

මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.

ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.

- 2008.07.29 - මීදුම

Random Post

Saturday, February 10, 2024
අරන් වෙස් පිස්සෙකුගෙ නැටුවේ

2/10/2024 02:59:00 pm

විජේසිරි ජයසේකර යන් විසින් මුණු පොතට එක් කල නිර්මානයක්. සැබැවද මේ අදහස් ගොන්නට ගැලපෙන්න පුළුවන්... මේ නිර්මාණයට ලැබුන ප්‍රතිචාර කිහිපයකුත් ...

Read more »
Friday, February 09, 2024
 ලංකාවේ විශාලතම සෙල් ලිපිය

2/09/2024 12:06:00 pm

ශ් ‍ රී ලංකාවෙන් හමුවූ විශාලතම සෙල් ලිපිය පිළිබඳව මූලික වාර්තාවක් ඒ සම්බන්ධයෙන් පත්කළ විශේෂ කමිටුව විසින් අද එළිදැක්වීය. රජයේ ප් ‍ රවෘත්ති ද...

Read more »