Sunday, January 07, 2024
යක්ෂ ගෝත්‍රිකයන් විසු රිටිගල
Friday, January 05, 2024
තාක්ෂණ ශිල්පි පරම්පරාව.
නවන්දනා කුලය යනු රජ යුගයේ තාක්ෂණ ශිල්පී පරම්පරාවයි. ආචාර්ය වරු ලෙස නම්දැරූ ඔවුන් ග්‍රාම්‍ය ව්‍යවහාරයේදී ආචිරි ලෙස කටහුරු වූවා වන්නට පුළුවන. .ඔවුන්ට ගොවිගම කුලයටත් වඩා වටිනාකමක් එවකට තිබිනි.
යුධ ආයුධ අත්‍යවශ්‍ය වකවානු වල ඒවා තැනීම සඳහා යපස් ගෙන ඒම සහ කුලී කටයුතු ලබා දියයුතු ය යන්න රජුගේ නියෝග ලෙස ගොවිගම කුලය වෙත නිකුත් කර ඇත. ආදි යුගයේ ලෝකුරු ශිල්පය යක්ෂ ගෝත්‍රික යන් සතුවිය. යකඩ , යකාගෙ වැඩක්, යකෝ, යකඩෝ, යකා නගිනව, වැනි කටහුරු වචන වලින්ම ඒ බව ඔප්පු කලහැක. යක්ෂ ගෝත්‍රිකයන් ගේ ආවුද පනපෙවීමේ පාරම්පරික ඥානය නවන්දනා කුල ශක්තිමත් තරුණයන් විසින් සොරාගත් බවට ජනශ්රැතියේ පැවසේ. එසේම ගොවිගම ආදී සියළු කුලවල අය මොවුන්ගෙන් තාක්ෂණික කටයුතු ඉටු කරගත්තේ ගෞරවනීය ලෙස පඩුරු පාක්කුඩම් දීමෙන් බවටද ජනශ්රැතිය සාක්ෂි දරයි. එපමණක් නොව කම්මල් කටයුතු වලදී මයින හම ඇඳීම යකඩ තැලීමට හවුල් නොවන්නේ නම් රදලයෙකුට වුවද සේවාව ලබාදීම ප්‍රතික්ෂේප කලේ ශිල්පීය පෞඩත්වය දරන්නන් නිසාමය. මොවුන්ගේ සම්බවයනාග ගෝත්‍රයේ බව ඉපැරණි ආවුධ තාක්ෂණය ට සුරුවිරුකම් පෑ අයවළුන්ගේ වාසභූමි ය වූ කොත්මලා ප්‍රදේශය බවට අදද සාක්ෂි ඇත . දොලොස් බාගේ ප්‍රදේශයේ ඇති කිණිහිරය නැමැති යෝධ පර්වතය ඒ පුරාවෘත්තයේ එක් සළකුණකි.
අලි අල්ලන් සිටි කොත්මලා ප්‍රදේශයේ නාග ගෝත්‍රික ගම්මානයක දුටුගැමුණු කුමරා සැඟවී සිටියේ යුද්ධය සඳහා ආවුද තනවා ගැනීමට විය හැක. නුවර යුගයේ දී
දළදා මාලිගාව ආදී ප්රසාදයන් නිර්මාණය කල දේවේන්ද්‍ර මූලාචාරින් යනු එම කුලයේ ප්‍රභලයෙකි. මෑත කාලීනව ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ නිර්මාතෘ විමලසුරේද්රයන් ද එම කුලයට සම්බන්ධ බව මා අසා ඇත. හැත්තෑව දසකය ට පෙර එම කුලයේ අයවලුන් ගේ නම අවසන් කලේ "හාමි" යන ගෞරවාර්ත පදයෙනි.ලුවිස් හාමි, සුබේ හාමි, දිනෙස්හාමි,අපට අපට පෙර පරම්පරාවේ වැඩිහිටියෝය. ඔවුන්ගේ භාර්යාවන් හැඳින්වූ පොදු නම වූයේ "නාච්චිලේ" නැමති පදයයි. ද්‍රවිඩ ඌරුවක් ඇති එම නාමය සමහර විටෙක නුවර යුගයේ වඩුග පරම්පරාවේ ස්ත්‍රීන් සරණපාවා ගත්තා නිසා වන්නට පුළුවන.ලෝහ තැනීම, ලෝහ භාන්ඩ තැනීම, ආවුද සහ ආයුධ නිර්මානය හා දොරගුළු තැනීම, කරත්ත රෝද පට්ටං ගැසීම ,ලාඩං ගැසීම,මෙන්ම රිදී රත්තරන් ආභරණ නිර්මාණයද ඔවුන්ගේ සුවිශේෂී තාක්ෂණික කටයුතු වේ.මෙතරම් උසස් නිර්මාණ ශිල්පීන් වුවත් කුලයෙන් පහත් ලෙස සලකන්නට ලක්වූයේ යුරෝපීය ආක්‍රමණයෙන් පසුවය.එයට හේතු වූයේ සිහලුන් කවදාවත් නුදුටු ගිනි අවි ආක්රමණිකයාටම එල්ල කරන්නට තරම් හැකියාවක් ලබාගත්තේ නවන්දනා කුලයට පින්සිද්ද වෙන්ටය. සතුරාගෙන් උදුරා ගත් ආයුධයේ තාක්ෂණය අසුරු සැනින් වටහා ගත් ඔවුන්ගේ හැකියාව මත බයිනෙත්තු ,රයිපල්, පිස්තෝල, කාලතුවක්කු පවා නිර්මාණය වූයේ ඔවුන්ගේ විස්කමෙනි.ලෝකුරු කර්මාන්තයේ ඕනෑම නවෝත්පාදන යක් වටහා ගැනීම හා ප්‍රතිනිර්මාණය කිරීමට මේ කන්ඩායම පෑ දක්ෂතාවය නිසාම එයට බියපත්වූ යූරෝපියානු අධිරාජ්යයවාදීනහු නවන්දනා කුලය නීච කුලයක් ලෙස හංවඩු ගැසීමට පියවර ගත්තේය. එයට අවනත වූ කුලීන යටත් වැසියන් ඉංග්‍රීසි සමය අවසාන වනවිට නවන්දනා කුලය කොන් කොට හමාරවී තිබිණි .යටත්විජිතවාදී චින්තනය නිසාම"වානෙට මඩ බොරරිදියට පුස්කර " ලෙස ප්‍රකට ආවුද පනපෙවීමේ ශිල්පීය කලාව ප්‍රගුණ කල අයෙකු ඔවුන් අතර හෝ දැනට නොමැති බවනම් කණගාටු වෙන් වුවද පැවසිය යුතුය..යකඩ තැලීමඋපුටා ගැනීම@ Wikipediaකිරි හැලයා ,:-කවුද?කතා කළේ෴කන්දේ ගුරා ෴මක්කටද ආවේ? ෴යකඩ තලන්න ෴මක්කද ගෙණාවේ?මුරුංගා ෴කෝටුං බෝටුං අපට මොටෝ දෑ අපි ඒවා කන්නේ නෑ ෴ වත්තෙන් පහළට කොංඩුං පෝ෴දුම්බර මහගෙට - ඇවිලු පන්දම, කවුද නිවන්නේ?කිරි හැලයා:- කවුද කතා කළේ?කන්දේ ගුරා ෴මක්කටද ආව෴යකඩ තළන්න෴මක්කද ගෙනාවේ?වම්බටු ෴වම්බටු කොම්බටු අපට මොටෝ දෑ අපි ඒවා කන්නේ නෑ ෴වත්තෙන් පහළට කොංඩුං පෝ ෴දුම්බර මහගෙට - ඇවිලු පන්දම්, කවුද නිවන්නේ?කිරි හැලයා:- කවුද කතා කළේ?කන්දේ ගුරා ෴මක්කටද ආවේ?යකඩ තළන්න ෴මක්කද ගෙනාවේ?හාල් කූර මල්ලයි - ලුණු කූර මල්ලයි ෴හරි හරි දුල්ලා මාගේ දුල්ලා - මම් කන කෑමත් උන් දෑ දනිතෙයි - මම් බොන බීමත් උන් දෑ දනිතෙයි ෴කුනාගෙ යකඩත්, මම් ම තලඤ්ඤයි ,මම් ම තලඤ්ඤයිමල්ලියා සරි මං නයි දෙත් සරි - කම්මල් වත්තට ගෙන්නූ පන්දම් - දීරෝ දිරෝ,කවුදැයි කවුදැයි කතා කරන්නේ?කන්දේ දුරයා කතා කරන්නේ ෴මන්දැයි ආවේ?යකඩ තලන්නට ෴මොනව ද ගෙණාවේ? මෑකරල්මිටියක් ගෙණාවේ෴ කෝටුං බෝටුං අපි කන්නේ නෑ අපෙ කම්මලෙ නොගණිති එව්වා ෴වත්තෙන් පහලට කොංඩු පෝං....
notes of imaginary
Why do I read ?
“Why do I read?I just can't help myself.I read to learn and to grow, to laughand to be motivated.I read to understand things I've neverI read when I'm crabby, when I've justsaid monumentally dumb things to thepeople I love.I read for strength to help me when Ifeel broken, discouraged, and afraid.I read when I'm angry at the wholeworld.I read when everything is going right.I read to find hope.I read because I'm made up not just ofskin and bones, of sights, feelings,and a deep need for chocolate, but I'malso made up of words.Words describe my thoughts and what'shidden in my heart.Words are alive--when I've found astory that I love, I read it again andagain, like playing a favorite songover and over.Reading isn't passive--I enter thestory with the characters, breathetheir air, feel their frustrations,scream at them to stop when they'reabout to do something stupid, cry withthem, laugh with them.Reading for me, is spending time with afriend.A book is a friend.You can never have too many.”
“ඇයි මම කියවන්නේ?
මට උදව් කරන්න බැහැ.මම කියවන්නේ ඉගෙනීමට සහ වර්ධනය වීමට, සිනාසීමටසහ අභිප්‍රේරණය කිරීමට.මම කවදාවත් නැති දේවල් තේරුම් ගන්න කියෙව්වාමම කකුළුවෙකු වූ විට, මම කියවන විට මම කියවමිට ස්මාරක ලෙස ගොළු දේවල් කීවේයමම ආදරය කරන මිනිස්සු.මට උදව් කිරීමට ශක්තිය සඳහා මම කියෙව්වාබිඳුණු, අධෛර්යමත් සහ බියක් දැනේ.මුලු හිතම තරහා උනාම කියවනවාලෝක.හැමදේම හරියනකොට මම කියවනවා.මම බලාපොරොත්තු සොයා ගැනීමට කියෙව්වා.මම කියවන්නේ මම සෑදී ඇති නිසා පමණක් නොවේසම සහ අස්ථි, දර්ශන, හැඟීම්,සහ චොකලට් සඳහා ගැඹුරු අවශ්‍යතාවක්, නමුත් මමවචන වලින් ද සෑදී ඇත.වචන මගේ සිතුවිලි සහ දේ විස්තර කරයිමගේ හදවතේ සැඟවී ඇත.වචන ජීවමානයි - මම සොයා ගත් විටමම ආදරය කරන කතාව, මම එය නැවත කියෙව්වානැවතත්, කැමතිම ගීතයක් වාදනය කරන්නාක් මෙන්නැවත නැවතත්.කියවීම නිෂ්ක්‍රීය නොවේ - මම එයට ඇතුල් වෙමිචරිත සමඟ කතාව, හුස්ම ගන්නඔවුන්ගේ වාතය, ඔවුන්ගේ කලකිරීම් දැනේ,ඔවුන් සිටින විට නවත්වන්නැයි කෑගසන්නමෝඩ දෙයක් කරන්න හදන්නේ, අඬන්නඔවුන්, ඔවුන් සමඟ සිනාසෙන්න.මට කියවීම, ඒ සමඟ කාලය ගත කිරීමයිමිතුරා.පොතක් යනු මිතුරෙකි.ඔබට කිසි විටෙකත් ඕනෑවට වඩා තිබිය නොහැක. ”
Thursday, January 04, 2024
මැණිකෙ දැන් ඔය මදෑ
මැණිකෙ දැන් ඔය මදෑ හොඳටම යන්ට දැන් හරි වෙලාව
තවත් ඉන්ටද මෙතනටම වී ඔයාගේ කල්පනාව
රිදී රේඛා ඇඳේ කීවට මැකුණු පසු කලු වළාව
ඒ තමයි අපි අදත් අදහන ජීවිතේ ලොකු මුලාව.....
අහල අහලම ඇති වෙලා ඇති නුඹේ ඔය කන්නලවුව
දන්නවා ඔය හිතේ ඇවිලෙන ගින්න දරුවන් මෙළෙව්ව
අපේ නැති බැරි කම් වසා ගෙන දුක දරා සිටි සොරොව්ව
ඕං දැන්වත් කරමු අමතක මැණික ඔය හත් ඉලව්ව.....
දෝවණය කළ පැන් කලත් ඇති ඉහේ කෙස් ගාණට වඩා
බෝධි මලුවට දැනෙන්න්ට ඇති නුඹේ පා තරමට විඩා
තුමුල මහ කඳු ශිඛර මැද්දේ අපි වුණෙන් ගල් කැට කුඩා
සේරමත් බර අරන් ආවට නුඹත් දැන් හොඳටම ලෙඩා.....
ඔප්පු කරනට බැරි තරම් වෙයි එදා හිට ගැට ගහපු පඬුරූ
කලු ගලක් හරි නුඹේ දුක දැක උණු නොවේවිද ලෙසින් වෙඬරූ
කමක් නෑ මේ ඉන්න ඩිංගට උන්ට අපි නම් තිත්ත කදුරූ
යං ඉතිං අපි හිටපු තැනටම පිහ ගනින් ඔය ඇහේ කඳුලූ.....
- රුවන් ජයරත්න -
Harsha Sulovhana
ටීචර්ලව බදින්න පෙර.
Wednesday, January 03, 2024
ඇය,මගේ බිරිඳ යි......
අනේ අපොයි .
තමන්ගේ අනියම් පෙම වෙච්චි වල්ලි අම්මාව යාළු කරගන්න බැරිව දහ අතේ කල්පනා කර කර උන්නු කතරගම දෙයියන්ට තමන්ගෙ පවුල් ජීවිතේ රැකගන්න භාර වෙලා,දරුවො ලැබෙන්න කියලා සෙල්ලකතරගම ගිහින් තොටිල්ල පද්දලා,ෆෙන්ෂුයි පිළිමයක් ගෙනත් තට්ටෙයි බඩයි අතගෑවාම සල්ලි හම්බෙයි කියලා බලන් ඉඳලා,සායි බාබා කටින් බිත්තර දාද්දි ඒ මනුස්සයගෙ පින්තුරේ ගෙනත් ගෙදර එල්ලගෙන,පුල්යාර රූපයේ නලලෙ හිලක් හදලා, කැටේ බඩේ තියලා, පිටේ දොරක් දාලා ඒකට පඬුරු දාලා කිරි වලින් නාවලා,සිරිධම්ම හිමි බුදු වුණා කිව්වාම සාධු කියලා,බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩියේ නෑ කිව්වම ඒකටත් සාදු කියලා,බුදුරජාණන් වහන්සේ ඉපදුනේ ලංකාවෙ කිව්වම ඒකටත් සාදු කියලා,බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ශේප කරපු ජෝතීශ්ය නැකතට හැම වැඩක්ම පටන් අරන් නහුතෙටම කෙලවගෙන,බුදුරජාණන් වහන්සේ හැමදේම අත් හැරිය බෝධීන් වහන්සේ ලඟට ගිහින් මේ ලෝකෙ තියෙන හැම සැප සම්පතක්ම ඉල්ලලා,කොහේ හරි ඉන්න නැකැත් කාරයෙක් අපලයක් තියෙනව කිව්වම යටසායක් හරි ජංගියක් හරි කපල හදපු කොඩි බෝධීන් වහන්සේගේ අතු වල එල්ලලා,කේන්දරේ කොටු වලට හිර වෙලා තරු අස්සෙ තමන්ගෙ අනාගතේ හොයලා,කේන්දර කාරයෙක් ගැලපෙන්නෙ නෑ කියල කිව්ව පලියට අවුරුදු ගානක අවංක ආදරය කිසිම හිරිකිතයක් නැතිව අතෑරලා දාලා,කාලිංඝමාගගෙන් ආපු සිංහල අලුත් අවුරුද්දක් කියල එකකින් හැමෝම එකට වැඩ අල්ලලා, කෑම කාලා,අනිත් උන්ටත් කවලා,පොඩි හරි නරකක් ජීවිතේට වේගෙන එන කොටම දේවාල අස්සෙ රිංගලා පොල් ගෙඩි ඔලුව වටේ කරකවගෙන,වස්දොස් යන්න කියලා දකින දකින අලියගෙ බඩ යටින් රිංගලා,ගංජා වලට මොලේ කරවෙලා කියවන සන්නස්ගලගේ කථා වැඳගෙන අහන් ඉඳලා,බ්‍රදර් චාල්ස්ගෙන් බණ අහලා,පබාලව, අනර්කලීලව පාර්ලිමේන්තු යවලා,තාත්තා අම්මා මැරණාම පෙරේත ගොට්ටෙ අරක්කු කාලක් තියලා,අම්මගෙ පර්ස් එකෙන් හොරකම් කරපු 99 කාඩ් එකකින් Internet ඇවිල්ලා,හොරු, මිනීමරුවො කියල දැන දැනත් 74 අවුරුද්දක් උන්ටම චන්දෙ දීලා දැන් නහුතෙටම කෙලවගෙන ඉන්න ගමන් ලංකාවෙ ඉතිහාසයටත් බැනලා,අපෙන් අහනවා තුන් ලොවක් නිවනෙන් සැනසූ භාග්‍යවතුන් වහන්සේට ජීවමාන සඥාව උපදවලා පූජාවක් කළාම ටූත් පික් තිබ්බෙ ඇයි කියලා පව්කාරයොමතක තියාගනින්... බෞද්ධයා විතරයි තමන්ගේ ආගමට බැන බැන දඟලන්නෙ..ඒ ගැන තර්ක කරන්නෙ.මේ වගේ පූජාවන් කරන කෙනා දන්නව දන් දෙන එකේ වටිනාකම.ඒ කෙනා දුප්පත් මිනිස්සුන්ට දන් දෙන්නත් දෙපාරක් හිතන්නෙ නැහැ..ඔය බනින ගොඩක් මිනිස්සු කිසිම මනුස්සයෙක්ට අබ ඇටේක තරම්වත් දෙයක් දීපු මිනිස්සු නෙවෙයි..ගොඩක් අයට දුප්පත් අසරණ මිනිස්සු මතක් වෙන්නෙ මේ වගේ පූජාවන් දැක්කමයි, ස්වමීන්වහන්සේලාට ලැබෙන දානය, පිරිකර දැක්කමයි..අන්තිමට සංයුක්ත නිකායේ ගාමිනී සංයුක්තයේ තියෙන ගාථාව ලියන්නම්."බමුණ, මම කල්ප අනූ එකක් ආපස්සට හැරී බලමි. මේ අනූඑක් කල්පය තුල දන්දීම නිසා දුප්පත්ව උපත් ලැබූ කිසිවෙකු මම බුදුඇසින් නොදකිමි"