wwwwwwww wwwwwwww wwwwwwwwww
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

සුබ අළුත් අවුරුද්දක් වේවා !.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

2023-10-28

මියුරු පදවැල්




ඔක්තෝම්ර් 27 මා උපන් දිනය. 

මේ පිරෙන්නේ හැත්තෑපස්වෙනි වසර . ඒකත් පුංචි විශ්මයක්. හතරවටේ සිටිය සහෘදයින් විකට්ටු දවාගෙන  පිටියෙන් නික්ම යද්දී මම තාමත් පිටියේ. ඉතින් පුදුමයට කාරනාවක් නෙමෙයිද ?

පරසතු මල් චිත්‍රපටියේ පීකේඩි. සෙනවිරත්නයන්ගේ වචන දෙකතුනක් මතක් වෙනවා  බොනී මහත්තයා අහනවා “හෙට ඉර පායයිද ?“ කියලා .  නිතර නිතර මේ වදන් ඇහුවත් පහු වෙනිදාට  මහත්තයාට දකින්න ඉර පායලා තිබුනා .  ඒත්  එක දවසක බොනී මහත්තයාට ඉර පෑව්වේ නැහැ.

 එක දවසක මටත් එහෙම ඉර පායන්නේ නැති දවසක් ඒවි.

ඒ ගැන කම්පා විය යුතු නැහැ.

මම පසුගිය අවුරුදුවල ලියාපු සටහනට වඩා මේ  සටහන වෙනස්.අතීතය ස්මරණය කරපු ඒ සටහන් ජීවිතයේ ගමන් මග සටහන් වෙලා තිබුනා. මේ සටහන වෙනස් පාරක ගිහින්.

මේ තියෙන්නේ මුණු පොතේ නෑදෑ හිතමිතුරන් මගේ උපන් දිනය සමරපු හැටි.

 “චරිතයකි සුවිසල්
ලියනගමගේ ලයනල්
තව මොටද තරු මල්
එකම සඳ අප අහසෙ සැමකල් 
නොමැති කිසිදා ලතැවුල්
සෝ දුක් තැවුල් වියවුල්
ගෙවන්නට නිරවුල්
මනසකින් ජීවිතේ හැමකල්
දිනූ දිනයට මනකල්
එවමි ගොනුකොට කවි මල්
විඳ දිගාසිරි තව බොහෝ කල්
ජයම වේවා මතු සදාකල්
අසාගන්නට නොදත් දේවල්
එන්න හිතෙනවා බලා කල්යල්
බදුලු බසයක නැගී කොළඹින්
බහින්න ද ? ඔය ළඟින් බෙලිහුල්
ආදරණීය ලොකු අයියේ
ඔබට වාසනාවන්ත නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා . 
දීර්ඝායුෂ ලැබේවා . තෙරුවන් සරණයි .“

 මේ තව සහෝදරියක්

 
මනරම්..දසුනින්....සුපහන්....හැඟුමින්....
රස දත් ියක.......
සිනා පිරි මුවගින්......
ජීවත් වෙන්න ආයු බොහෝ විඳ....
ආදරණීය ලයනල් අයියා....
සුභ ජන්ම දිනයක් ඔයාට “

තවත් සහෝදරියක් මෙහෙම කියනවා.

 “ළෙන්ගතුව හසරැල්

මවන බෝ සුනිමල්

සොයුරියගෙ කවි වැල්

අතර තිබුනා සෙනේ මනකල්

සඳ කිරණ සුවිපුල්
වැද පිපෙයි කඩුපුල්
ඔබගෙ හද .මනකල්
සතුට වඩවයි හැමකල්.
පෙණ නගන බෙලිහුල්
ඔය අසල නිවහල්
කූඩුවේ ඉඳ ලොල්
සෙනෙහෙ ගඟුලකි මන ලොල් .
වයසින් වුවද වැඩිමල්
ජවයෙන් හරිම කෙළි ලොල්

දිනූ දින මිතුරි මගෙ මල්* 
දුන්නු තොත්තුව නුඹ මල් මල්.

 *මල් මගේ ජීවන සහකාරිය

තවත් සහෝදරියක්, විදුහල්පතිනියක්.

 

“සුපිරිසිදු සුදු වතින්

පිරිසිදු හදවති න්

ලයනල් මැති දුන්

වැජබේවා තුටින්“

  අපේ කවිකාර විදුහල්පතිවරයෙක් මාව දැක්ක හැටි.

 

“අගෙයි අපේ ඉසව්වේ සොඳුරු කිවිඳියනේ,

ලයනල් මැතිඳුන් දිනූදින

පැතුම් යාකර පිදුව කවි කුසුම්,

දිනු දිනේ පිදුමට

පැතුමන් නෙලා පැසකට

ලයනල් මැතිඳු හට

පතමි ආසිරි ජයතු හැමවිට,

හස කැළුම් මුව පිරි

සුමිතුරු කමක සඳ සරි

සැමටම දෙවා දිරි

දිනේ දිවි මග ලැබ දිගාසිරි,

 

මා නොදන්නා දවසක කියවෙන ලියවෙන  කවි ගීත පදවැල්වලට වඩා මේ පදවැල් මට මියුරුයි. 

එදාට කියවෙන ඒවා මට ඇහෙන්නේ නැහැනේ.


notes of imaginary

2023-10-27

හොරු



එක් ගම්මානයක් අසල වනාතේ මහ ගසක් යට හොරු දෙදෙනෙක් වාසය කළහ. නිසි රැකියාවක නොයෙදුණු නිසාත්, රෑට හොරකමේ යෙදුණු නිසාත්, ඔවුන්ට ගමේ සිටිය නොහැකිය. හිසට සෙවණ වූයේ මහ ගසය. නිදන ගෙපිළ වූයේ මහ පොළොවය. රෑට හොරකමේ යෙදී අවුත් දවල්ට ගස යට නිදා ගනිති. හැමදාම මෙසේ කල ගෙවුණේ නැත. හොරකම් කරද්දී සමහරදාට ගම්මුන්ට අසුවී යහමින් ගුටි කති. යළිත් සොරකමේම යෙදෙනමුත්, යළි අසුවී ඇඟපත තළාපෙළා ගනිති.
දිනක් උදේ පාන්දර නින්දෙන් නැගිටගත නොහැකිව එක් හොරෙක් මෙසේ කීය: ”යාළුවේ මේ රස්සාව නම් හරියන්නේ නැහැ. මුළු ඇඟපතම වණයක් වගේ වේදනාවයි.”
”මගේ සරුවාංගෙත් එහෙමයි. වෙන මොනවා කියා කරන්නද? කිසිම යහපත් රැකියාවක් අපට පුරුදු නැති කොට.” අනිකා පැවසීය.
එහෙත් පසුවදාද ඔවුහු හොරකමේ යෙදුණාහ. නැවතත් අඩුවක් නැතිව ගුටි කෑහ.
ඊළඟ දින එක් හොරෙක් මෙසේ යොජනා කළේය.
”දැන් නම් මෙහේ හිටියා ඇති. වෙන කොහේ හරි ගිහින් කන්න දෙයක් සොයා ගනිමු.”
”අපොයි, කොහේ යන්නද? වෙන රස්සාවක් පුරුදු වෙන්න කාලයකුත් නැහැනේ?”
”එහෙනම්, උඹ හිටපං. මං යනවා යන්න.” කියා ඒ හොරා ඔහු හොරකම් කර ගෙන ආ සුදු සළු කීපයක් ද පොදිකර ගෙන පිටත්ව ගියේය.

දින කීපයකට පසු ඈත ගම්මානයකට යන පාරක් අයිනේ ගසක් යට සුදු සළුවක් උතුරු සළු කොට පොරවා භාවනා ඉරියව්වකින් ඔහු හිඳ ගෙන සිටියේය. පූජාව පිණිස යන ගම්මුන් ඔහුගෙන් සුවදුක් විමසූ නමුත් ඔහු මුවින් නොබැණ හුන් ඉරියව්වේම සිටියේය. ගම්මු රැුගෙන ගිය ආහාර හා පලතුරුවලින් කොටසක් ඔහු වෙත තබා ගියහ.
පසුදාද එසේම සිදුවිය. ටික දිනක් යනවිට ඔහුට ආහාරවලින් හිඟයක් නොවීය. මේ භාවනානුයෝගී පින්වතාට තවත් ටික කලකදී ලී දඬුවලින් හිසට වහලක්ද තැනිණි. බණ දෙසුම්ද සිවුපසය ලැබීමද නොකඩවා සිදුවිය.
අවුරුදු කීපයක් ගෙවීයත්ම එතැන ඇත් පවුරකින් වටවූ විශාල දෙමහල් තෙමහල් මන්දිර තැනී තිබිණ. සමහර දිනවල බැතිමතුන්ගෙන් පිරී යයි. ‘මහත් අනුහස් ඇති තැනකි’යි රට පුරා පතළ විය. ව්යාපාරිකයෝද දේශපාලකයෝද පැමිණ තම රැකියාවේ වැඩි දියුණුව පතා ආශිර්වාද ලබා ගනිති. එසේ ලබා පන්සලට සුවපහසු කුටියක්, අලංකාර රන් වැටක් ආදිය තනා දෙති.
තවත් වසර ගණනාවකට පසු ඈත පළාතක දේශපාලනඥයෙක්, අධිවේගී රියකින් පැමිණ ස්වාමීන් වහන්සේ මුණ ගැසුණේය. සුදු අත්කොට කමිස ඇඳ සිටි රැකවල්ලූ හතරපස් දෙනෙක්ද වූහ. පිළිසඳරේ යෙදෙමින් හිමියෝ ඔහුගේ වංහුං විමසූහ.
”ඔව්, මා ඈත පළාතකයි. පන්සලේ අනුහස් ගැන අසා ළඟ එන මැතිවරණයට ආශිර්වාද ලබා ගැනීමට පැමිණියා.”
”ඔබතුමා ඈත පළාතකය කීවාට මට හුඟක් ළඟ පළාතක කෙනකු වාගෙයි දැනෙන්නේ.”
”මාත් ඔබ වහන්සේ දුටු මොහොතේ පටන් සිතුවේ හොඳින් දැක පුරුදු කෙනකු බවයි.”
එවිට දෙදෙනාටම අතීතට මතක් වී කොක් හඬලා සිනාසුණහ.
ඇතුළු කුටියේ සුළු සාදයකින් පසු ”දැන් ඉතින් ඉස්සර වගේ ඇඟට අමාරුවක් නැහැ නේදැ”යි පැවිදි සගයා විහිළුවට මෙන් ඇසීය.
”ඔව්, හාමුදුරුවනේ, හොරකම් කරන්න අවශ්ය නැහැ. ඡන්දය දෙනවිටම ඒ වරම ලැබෙනවා. ඔබ වහන්සෙට කොහොමද?” දේශපාලක සගයා ඇසීය.
”පේනවා නේ අතීතයේ අමාරුවෙන් ගත් දේවල් දැන් ළඟටම ලැබෙනවා. නවීන ශිල්ප ධර්මයේ පිහිටයි.”

උපුටාගැනීමකි
(ඉන්දීය ජනකතාවක් ඇසුරෙනි.)
ඉන්බොක්ස් එව්වේ.. Priyantha Weerasooriya

Sonali Ryan  මුහුණු පොතේ සටහන් කරන ලද වියමනකි.

notes of imaginary

2023-10-26

කොයි ගෑණිත් එකයි අමරේ කළුවරට !



කවි මඩුවේ  නම් දෙකක් කියවෙනවා. 

අමරෙයි – කහවත්තේ නංගියි .

මේ දෙන්නා වාදෙක පැටලිලා  

අපි  කවි ටික අහලම ඉමුකෝ.





අමරේ:

දිගු කාලෙකට පසුවයි අද දැක ගත්තේ
මට නම් මැරෙන්ටත් පුළුවනි ඔබ මත්තේ
හොඳ උපමාවක්ය නංගිට දිය යුත්තේ
රතු කැටයක් වගෙයි හරියට කහවත්තේ

කහවත්තේ නංගී:
උපමා කියයි දම දම බොරු හිනාව
මට තේරුණා අමරෙගෙ උවමනාව
වයසට ගියත් ඉස්තිරි වර්ණනාව
හොඳ නෑ වගෙයි තමුසෙගෙ කල්පනාව

අමරේ:
අඩ සඳ නලල නා දළු තොල් හරිම යසයි
කටහඬ ඇසෙන විට මී පැණි පරිදි රසයි
දිස් වුනෙ ළමැද මෙතැනදි රණ තිසරු ලෙසයි
මම කවියෙකු වුනෙත් ඇය වැනි ගැහැණු නිසයි

කහවත්තෙ නංගී:
රණ හංසයින් පෙන්නා ළැම මත පීනූ
අමරේ කවි ලියයි උපමා අඩු නූනූ
වරලස සිකි පිළලු හඳ වාගෙලු මූණූ
කොයි ලෝකයෙද ඉන්නේ ඔය වගෙ ගෑණූ

අමරේ:
කන් පෙති සිනිඳු අරලිය මල් පෙතිය ඇගේ
පස්සා පැත්ත හරියට පුන් කළස වගේ
සුව දෙන මෙට්ටෙකට දෙවෙනිද සිරුර ඇගේ
දුටුවා එවැනි එකියක මගෙ තරුණ යුගේ

කහවත්තෙ නංගී:
කැත එකියකට බොරු උපමා හරි ගස්සා
ඔල්මාදයෙන් දොඩවයි මේ කවි පිස්සා
පුන් කළසකට සමවේ නම් පිටි පස්සා
පාරේ ගියේ කොහොමද ඇය අඩි උස්සා

අමරේ:
කුඹුකේ ළිඳෙන් දිය නා ගෙන අසල වෙලේ
තාලෙට කළය රඳවාගෙන උකුලු තලේ
සුවඳට ඇගේ මල් පිපුණා අසල කැලේ
අප වැනියන්ට පමණකි එය දකින මොලේ

කහවත්තෙ නංගී:
අමරේ ගැහැණු ගැන මෙහි බොරු සිහින දකී
කවි යයි කියා පවසන්නෙම බොළඳ වැකී
සතියක් යන්න පෙර මංගල නැකත මැකී
වෙන මිනිහෙකුට බහ දුන්නලු ගෙදර එකී

අමරේ:
කවි පද වලට කොතැනකවත් නෑ මෙල්ල
ඔබ හින්දයි ගියේ වෙනතක ඒ කෙල්ල
මට පෙම් පිපාසය – හරියට පෑවිල්ල
නංගියෙ, චූට්ටක් දෙනවද නා දල්ල?

කහවත්තෙ නංගී:
අප වැනි ගැහැණු දුටු දුටු තැන කෙළ ගිල්ල
වැටහෙයි නාකි අමරෙගෙ බොරු දැඟලිල්ල
දැන්නම් මගෙත් නැතිවෙනවා ඉවසිල්ල
නා දළු නොවෙයි අරගන්නෙමි දොර පොල්ල

අමරේ:
කවියට කොතැන මුත් ඇත්තේ බාදකය
බැලුවම ගැහැණු වන මල් මෙන් ළාමකය
දැමුවට පසු ඇයට උපමා රූපකය
ඔලුවට එන හැඩයි දොර පොලු මාරකය

කහවත්තෙ නංගී:
උපමා උපමේය දම දම පුරාණේ
එන්නෙම ළඟට මුල’සුනටත් හොරානේ
ඉන්නෙත් තවම අකලට දිරවලානේ
මට මොනවටද මේ වයසක පරානේ

අමරේ:
සුන්දර ගැහැණු ගැන ඔබ දන්නවද මොකක්
නෙත යොමු කරනු පරිසරයට අවට ටිකක්
සිහිනිඟ මිටින් අරගත හැක නැතුව සැකක්
කහවත්තෙදිත් දැකගත්තෙමි එහෙම එකක්

කහවත්තෙ නංගී:
හිර කොට කලිසමක් ඇඳගෙන පටි දාලා
සක්කරවට්ටමක් යනකොට නළවාලා
ඉඟ සුඟ මිටින් ගත හැකියයි රැවටීලා
අමරේ ඉන්ඩ ඇති නහුතෙට බඩුනාලා

මුලාසනය:
හැඩවැඩ අගය කොට වනිතා පරපුරට
කවියෙකු මෙසේ ආවා දුටුවද පෙරට
ළතැවෙනු කුමට උපමා කිය කිය බරට
කොයි ගෑණිත් එකයි අමරේ කළුවරට !

notes of imaginary

2023-10-25

ලෙස්ටර්ගේ සිත්ගත් බෙලිහුල්ඔය

මේ 1959 කාලවකවානුවයි.
එනම් ඉංදියානු සිනමාවේ ආභාශයක්ව ගොඩනැගුණු සිංහල සිනමාවට ප්රේක්ෂකයන් චිත්රපට උන්මාදයෙන් පෙළුණු සමයකි.ඉන්දීය චිත්රාගාර තුළ බිහි වූ සිනමා පට ඉන් ඔබ්බට ගෙන එමින් ඒ සඳහා අවශ්ය පසුතල යොදාගනිමින් ලංකාව තුළම නිර්මාණය කිරීමට යෝධ පිම්මක් තැබුවේ අන් කිසිවෙකුත් නොව හෙළයේ මහා සිනමාකරුවා වූ ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතාය.
අභියෝගයන් රැසකට මුහුණදෙමින් 'රේඛාව' ලාංකේය සිනමා ඉතිහාසයට එක් කරන්නට ඔහු සමත්විය. අධ්යක්ෂණය, නිශ්පාදනය, සහ තිර රචනය යන ප්රධානතම වගකීම් ත්රිත්වයම තම හිස මත දරමින් 'රේඛාව' වැනි නිර්මාණයක් කිරීමට එතුමන් යොමුවීම අගය කර යුතුම දෙයකි.කෙසේ වෙතත් මෙම චිත්රපටය පිළිබඳ ප්රේක්ෂකයන් තුළ එතරම් ජනප්රියත්වයක් නොතිබුණු බව නම් පෙනේ.නමුත් එය කිසිවිටෙකත් ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතාගේ ඉදිරි ගමනට අභියෝගයක් නොවීය.
දිනක් දර්ශන පසුතල සොයමින් ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතා ඇතුළු පිරිසක් වැල්ලවාය බලා ගමන් ගනිමින් සිටියදී බෙලිහුල්ඔය තානයම ආසන්නයේදී ඔවුන් ගමන් ගත් රථය ක්රියා විරහිත විය.ඔහු රථය යලිත් ක්රියාකරවන තුරු අවට අසිරිය විඳිමින් ඇවිද යන්නට විය.අතිශය සුන්දර වටපිටාවකින් හෙබි බෙලිහුල්ඔය ප්රදේශයදී තමන්ගේ නිර්මාණයන් සඳහා යොදාගත හැකි අපූරු දර්ශන පෙළක් ඔහුගේ සිතේ මැවෙන්නට විය.එතැන් සිට ගතවූයේ සති කීපයකි.
1959 වසරේ මාර්තු මාසයේදී ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතාගේ අධ්යක්ෂණයෙන් සහ 150කට අධික පිරිසකගේ දායකත්වයෙන් නව සිනමා පටයක් රූගත් කිරීම ඇරඹිණි.



ආනන්ද ජයරත්න, බණ්ඩාර රාළගේ චරිතයට පණ පෙවූ අතර කාන්ති ගුණතුංග, සුමනාගෙ චරිතයෙන් ප්රධාන නිළිය ලෙස රංගනයට දායක විය.සිනමාපටය නැරඹූ කාගෙත් අවධානය දිනාගත් තවත් පුද්ගලයකු විය.එනම් පසු කාලීනව සිංහල සිනමාවේ අසහාය රංගන ශිල්පියකු බවට පත්වූ ගාමිණි ෆොන්සේකා ය.
මාස 14ක් පුරා බෙලිහුල්ඔය, ගලගම, නන්පේරියල් වතුයාය ආශ්රිතව සිදුකළ රූගත කිරීම් අවට ගම්වැසියන්ගේ ද විනෝදයට හා රසවින්දනයට හේතු විය.සිනමා උන්මාදය ලාංකේය ප්රේක්ෂකයන් තුළ ඉහ වහා ගිය කාලවකවානුවක ගම්වැසියන් හට එය අළුත් අත්දැකීමක්ද විය.
සිනමාපටය සඳහා මාතෘකාව වූයේ පෘතුගීසි පාලන සමය තුළ ඇතිවූ සිදුවීම් පෙළකි.එහි අභියෝගාත්මක ම දර්ශන වූයේ පෘතුගීසින්ගේ බලකොටුව පිපිරවීමේ දර්ශනයයි.මෙම බලකොටුව ඉදිකර තිබුණේ හාගල කන්ද පාමුලය.තුන් හුලස් කළු ගල් යොදාගනිමින් අඩි 23ක් උස 80ක් දිග බලකොටුවක් මේ සඳහා ඉදිකර තිබුණි.එකළ බෙලිහුල්ඔය ප්රදේශයේ පදිංචිව සිටි ඒ එම්.කේ දයාවංශ නම් පුද්ගලයෙක් මෙය ඉදිකිරීමට කොන්ත්රාත්තුව භාරගෙන තිබූ බව පැවසේ.එකල රු 25 000ක් පමණ මුදලක් ඒ සඳහා වැය කර ඇත.කෙසේ වෙතත් අවසානයේ බලකොටුව පිපිරවීමේ දර්ශනය සඳහා නයිට්රෝග්ලිසරින් රාත්තල් 350ක් පමණ යොදා ගැනීමට සිදුවිය.ඉතා අවදානම් සහගත මෙම සිදුවීම සඳහා අධ්යක්ෂවරයා විසින් යුධ හමුදා සහායද ලබාගන්නට විය.සූදානම් කරගත් පරිදි අවසන් සඥාව ඔස්සේ පුපුරුවා හැරීම ඇරඹිණි.කළු දුමාරය ප්රදේශය පුරාම අහස් කුස වසාගනිමින් නැගෙන්නට විය.ආරක්ෂිත සවි කර තිබූ කැමරා පහෙන් එකක පමණක් විසිවී පැමිණි ගල් කැබැල්ලක් වැදී කාචය කුඩු පට්ටම් වී තිබිණි.කෙසේ නමුත් සිතුවාටත් වඩා අපූරු කෙස අවසන් දර්ශනය ද කැමරාවේ සටහන් වී තිබිණි.


මාස 14ක වෙහෙසකර රූගත කිරීමකින් අනතුරුව 1960 වසරේ මාර්තු 30 දින මෙහි මංගල දර්ශනය ආරම්භ විය.ඒ සිනමාහල් වලින් ඈත්වී සිටි ප්රේක්ෂකයන් සිනමා ශාලා වෙත වැල නොකැඩී ගමන්කිරීම ආරම්භ වූ, ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතාගේ සිනමා ගමනේ හැරවුම් ලක්ෂයක් ලෙස සැලකෙන "සංදේශය" සිනමා පටයයි.
ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතාට සිනමා ක්ෂේත්රය තුළ ඉමහත් ගෞරවයක් 'සංදේශය' සිනමාපටය හරහා ලැබුණි.එමෙන්ම ගාමිණි ෆොන්සේකා දැවැන්ත රංගන ශිල්පියකු බවට පත්වීම ද මෙයින් ආරම්භ විය.
චිත්රපටයේ ගීත නිර්මාණ සඳහා ද අතිශය ජනප්රියත්වයක් හිමිවිය.ඒවා අදටත් නිරන්තරයෙන් දෙසවනේ ගැටෙන වාර ගණන අනන්තය.ඒ අතර "කටේ කිරි සුවඳ" "පින් සඳ එළියයි" "පෘතුගීසීකාරයා" "රැජිණ මමයි" වැනි ජනප්රිය ගීත ඇතුළත් විය.එකල වැඩිම පිරිවැයක් දරා නිශ්පාදනය කරන ලද සිනමාපට අතරටද මෙය ඇතුළත් විය.


හෙළයේ මහා සිනමාකරුවාගේ අධ්යක්ෂණයෙන් බිහිවූ "සංදේශය" සිනමා නිර්මාණය හෙළ සිනමාවට එක්වූ අපූර්වතම නිර්මාණක් බව නම් නොරහසකි.
සටහන ; Thuzh Dodampege

notes of imaginary

2023-10-24

නිර්නාමික ප්‍රතිචාරයක්.


 මීදුම පලකල “ මහනුවර රජවරුන්ගේ සොහොන් “ ලිපියට එක් කල comment  එකකුයි මේ පහත පලවන්නේ .එය ලිපියට අදාල නැති නිසා මට බහළුමක් වුනා. ඒත් කාලීන සිදුවීමක් වු ඩයනා ගමගේ මන්ත්‍රීතුමියගේ පාර්ලිමේන්තු ආරෝව නිසා කිසියම් වැදගත් කමක් දැක්කා. ඒ නිසා පල කරන්න හිතුවා.

මෙවැනි නිර්නාමික  පලකරන්නන් Anonymous ලා හාණිකර ලිපිත් යොමුකරන නිසා මීදුම ප්‍රමිතිකරණය අපේක්‍ෂාවෙන් රදවා තබා ගන්නා අවස්ථා  තියෙනවා.

ඩයනා ගමගේ මන්ත්‍රී තුමිය අපේ සම්ප්‍රදායික මති මතාන්තර වලින් බැහැරව සිතන පතන කාන්තාවක්. ඇගේ සම්භවයේ වෙනසක් නිසා වෙන්නැති කියලත් හිතෙනවා. ඈ ශ්‍රී ලාංකික බවට වඩා යුරෝපීයආකල්ප  දරනවා කියලයි හිතෙන්නේ.

ආර්ථිකය නගා සිටුවීමට “ කංසා වගා කල යුතුයැයි විටෙක පවසන ඇය අනවසර යෙන් නිෂ්පාදනය කරන මධ්‍යසාර ( කසිප්පු ) අපනයනය කල යුතුයැයි සිතනවා.

මම ඇනෝගේ ලිපිය පල කරනවා. පුංචි හිස්තැන් ටිකක් සමග ඇනෝ මගෙත් එක්ක විරසක වෙන එකක් නැහැ කියලයි මම හිතන්නේ. Comment එක කියව විට ඇනෝ ආරවුලක පටලැවිලා  වගෙත් හිතෙනවා.

 

ප්‍රමිතිකරණය අපේක්ෂාවෙන්

නොදනී "මහනුවර අපේ රජවරුන්ගේ සොහාන්" පිළිබඳ අදහස් දැක්වූවා

දින 2කට පෙර

ඩයනාට වේසි යනුවෙන් පාර්ලිමේන්තුවෙ බැන වදිද්දී ඩයනා අහනවා කවුද යකෝ වේසි?’ කියල.

වේසි කියන්නෙ අපහාසාත්මක වචනයක්. වෛශ්‍යාව කියන ගෞරවනීය අර්ථය ඒ වෘත්තියට නැති වෙලා ගිහින් වික්ටෝරියානු කුහක ලිංගික වත ආගමික විදිහට බාරගත්ත තැන ඉඳන් ඒ වෘත්තිය අපහාසාත්මක එකක් වුනා. වෛශ්‍යා වෘත්තිය විතරක් නෙමෙයි සම්පූර්ණ ලිංගිකත්වයම කුණුහරුපයක් වුනා. විශේෂයෙන් ස්ත්‍රී ලිංගික අවයව කුණුහරුප බවට පත් වුනා. ස්ත්‍රී ලිංගිකත්වය අපහාසාත්මක වුනා.  (****, ***,**ලි වගේ වචන ගැහැණියට පටබැඳුනා. පිරිමියාට යෙදුනෙ (**යා, **යා )වගේ වචන. මීට අමතරව පොන්නයා කියලත් පිරිමින්ට අපහාසයට කියනවා. එනම් පිරිමිකමෙන් තොර වීම අපහාසයක් විදිහට හඳුන්වනවා.

මාතලන් වගේ අය මට පොන්නයා කියලා බැන්නා. මගේ පුතාට පොන්නයා කිව්වා. රෂිනි දුවට *සි කිව්වා. සාරසලා එහෙම ඒ පිටිපස්සේ හිටියා. මම නං මගේ පුතාගේ පොන්න කම භාර ගන්නේ වටිනාකමක් විදියට.

පුතා කැමති ඒකට නං මම පියෙක් විදියට ඒකට ඉඩ දෙනවා.

එතකොට කවුරු හරි සංක්‍රාන්ති ලිංගිකයෙකුට පොන්නයා කිව්වොත්, එයා ආපහු හැරිලා, ‘කවුද යකෝ පොන්නයා, කියලා අහන එකක් නැද්ද? මොකද පොන්නයා කියන්නෙ සංක්‍රාන්ති ලිංගිකත්වයට යොදන අපහාසාත්මක වචනයක් නිසා.

 වෘත්තියක් විදිහට කුණුහරුපවලට එකතු වුනේ වෛශ්‍යා වෘත්තිය විතරයි. ඒ ******* සමග සබැඳි එකම වෘත්තිය එය වීම නිසයි. මේ සදාචාරය විසින් අපහාසාත්මක ලෙස නම් කලේ ලිංගිකත්වයයි.

වෛශ්‍යා වෘත්තිය කියන්නෙ සුවිශේෂ වෘත්තියක්. ඒක ආගම කියන සංස්ථාවට විරුද්ධව පවතින එකම වෘත්තිය වෙන්න පුළුවන්. ඒ වෘත්තිය මූලික වශයෙන්ම ස්ත්‍රී වෘත්තියක්. වෛශ්‍යාව කියන්නෙ නිදහස් ගැහැණිය කියන එකට. ඇය පවුල් සංස්ථාවට එන්නෙ නෑ.ඊට පිටතින් පවතින්නෙ. ඇය පවුල් සංස්ථාවෙ අවුලක් ප්‍රදර්ශනය කරමිනුයි පවතින්නෙ. ඇයව ආගමකට දරාගන්න බෑ. හැම ආගමක්ම නිර්මාණය වෙලා තියෙන්නෙ ලිංගිකත්වය තහනම් කිරීමෙන්. ඇය තමයි තහනම් ගහේ ගෙඩිය අතින් ගත්ත ඊවා.

වෛශ්‍යාව කියන්නෙම අරගලකාරියක්. ඇගේ අරගලය ඇය කරන්නෙ ශරීරයෙන්. ඒක පොතේ තියෙන අරගලයක් නෙමෙයි. ඇය එකවිට සමාජ දේශපාලන වගේම ආධ්‍යාත්මික අරගලයක් මෙහෙයවනවා.

වේසි කියන්නෙ වෛශ්‍යා වෘත්තියට කරන අපහාසයක්. ඒකට ඒ ලැබිය යුතු වෘත්තීමය වටිනාකම ලැබිය යුතුයි. ඊට අදාල සංස්කෘතික සහ දාර්ශනික වටිනාකම ඊට ලැබිය යුතුයි. ඒක සිදු නොවී තියෙන්නෙ සමාජය කුණුහරුපයක් ලෙස පැවතීම නිසා මිස වෛශ්‍යා වෘත්තිය කුණුහරුපයක් නිසා නෙමෙයි.

වේසි කියලා කතා කලොත් වෛශ්‍යාවකට තරහා යන්න ඕන. තමන් කරන වෘත්තිය ගෞරවයෙන් බාරගන්නා කිසි කෙනෙක් ඊට අපහාස කරන කුහකයෙක්ව දරාගන්න උවමනා නෑ. වෛශ්‍යා වෘත්තිය කියන්නෙ වේසකම නෙමෙයි. වෛශ්‍යාව කියන්නෙ වේසි නෙමෙයි.

ලිංගික ශ්‍රමිකයන් යන වචනෙ වුනත් ඒ වෘත්තිය හෑල්ලුවට ලක් කරන වචනයක්. ඒක හුදු ශ්‍රම වෘත්තියක් නෙමෙයි. ඒ වෘත්තියේ කලාව, සෞන්දර්ය සියල්ල ඉවත් කරමින් ඒක හුදු කම්කරු වෘත්තියක් බවට පිරිහෙලා තියෙනවා. වෛශ්‍යා කියන්නෙ ආර්ථිකමය වශයෙන් ස්වාධීන, නිදහස් ගැහැණු.

වේසි කිව්වම කේන්ති යනවා නම් වෛශ්‍යා වෘත්තිය නීතිගත කරන්න කතා කරන්නෙ ඇයි වගේ ප්‍රශ්න අහලා තිබුන. ඒ ප්‍රශ්න අහන අයගෙ සීමාවම ඒ ප්‍රශ්නෙ තියෙනවා. ඒ අයට වේසි කියන කුණුහරුපෙන් පිට වෛශ්‍යාව කියන ඉතිහාසයක් පුරා පැතිරුණු විසල් නිදහස් ගැහැණිය ගැන අවබෝධයක් නෑ. ඒ අය තවමත් වික්ටෝරියානු සදාචාරයේ ගොදුරු.

කාට හරි වේසි කියනවා නම් ඒ දරාගන්න බැරි ආදරෙන් පමණක් විය යුතුයි.




notes of imaginary