ඔක්තෝම්ර් 27 මා උපන් දිනය. මේ පිරෙන්නේ හැත්තෑපස්වෙනි වසර . ඒකත් පුංචි විශ්මයක්. හතරවටේ සිටිය සහෘදයින් විකට්ටු දවාගෙන පිටියෙන් නික්ම යද්දී ...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
බුදුරජාණන් වහන්සේ , ධර්මය දේශනා කරන්න මැළිවුණා මුලින්. සහම්පති බ්‍රහ්මයා තමයි ලු,ආරාධනා කළේ , අවබෝධ කරගන්න පුළුවන් සත්වයිනුත් සිටින බව, කියල..එතකොට ,බුදුන් වහන්සේ , මහාකරුණා සමාපත්ති යෙන් ලෝකය බලා, පුද්ගලයන් කොටස් 04ක් සිටින බව දැක වදාළා.
1.උග්ගට්තඤ්ඤ.
2. විපටිතඤ්ඤ.
3.ඤෙය්‍ය .
4.පදපරම.
මෙයින්,පළමු කෙනා, ධර්මය ඇසෙනවිටම අවබෝධ කරගන්න වා.
දෙවැනියා ,ධර්මය පැහැදිලි කරදෙනවිට අවබෝධ කරගන්න වා.
තුන්වැන්නා කාලයක් අසීරුවෙන් ධර්මය සාකච්ඡා ,දේශනා ආදියෙන් පසු, අවබෝධය ලබනවා.
පදපරම පුද්ගලයා ට කිසිවිටක ,අවබෝධය කරා යන්නට නොහැකි වෙනවා.
තථාගතයාණන් වහන්සේ ලස්සණ උපමාවක් ඊට දේශනා කළා .
ඇතැම් නෙළුම් මල්, විල් දියේ ගෑවි, ගෑවී තිබී.....හිරුඑළිය ලද සැණින් විකසිත වෙනවා. ( උග්ගටිතඤ්ඤ )
තව සමහර මල් , තරමක් ගැඹුරු දියේ තිබිලා, ක්‍රමයෙන් හිරු එළිය ඊට වැටුණාම දියෙන් මතුවී විකසිත වෙනවා.( විපටිතඤ්ඤ , )
තවත් මල් ඉතාම ගැඹුරේ තිබී, මඩ..රොඩු බොරඩු අතරින් , හිරුඑළිය පතුලට වැටුණාම, අමාරුවෙන් උඩට මතුවෙනවා .(ඤෙය්‍ය )
තවත් කොටසක් , පතුලේම තිබී, සතුන් කාදමා, මඩෙන් උඩට නො පැමිණ ම විනාශ වෙනව . ඒ පදපරම පුද්ගලයන් ට කියපු උපමාව
...............බුදුන් වදාළ ධර්ම ය මොනතරම් සුන්දරද ?
!doctype>
ඔක්තෝම්ර් 27 මා උපන් දිනය. මේ පිරෙන්නේ හැත්තෑපස්වෙනි වසර . ඒකත් පුංචි විශ්මයක්. හතරවටේ සිටිය සහෘදයින් විකට්ටු දවාගෙන පිටියෙන් නික්ම යද්දී ...
එක් ගම්මානයක් අසල වනාතේ මහ ගසක් යට හොරු දෙදෙනෙක් වාසය කළහ. නිසි රැකියාවක නොයෙදුණු නිසාත්, රෑට හොරකමේ යෙදුණු නිසාත්, ඔවුන්ට ගමේ සිටිය නොහැකිය...
කවි මඩුවේ නම් දෙකක් කියවෙනවා. අමරෙයි – කහවත්තේ නංගියි . මේ දෙන්නා වාදෙක පැටලිලා අපි කවි ටික අහලම ඉමුකෝ. අමරේ: දිගු කාලෙකට ප...
මේ 1959 කාලවකවානුවයි. එනම් ඉංදියානු සිනමාවේ ආභාශයක්ව ගොඩනැගුණු සිංහල සිනමාවට ප් රේක්ෂකයන් චිත් රපට උන්මාදයෙන් පෙළුණු සමයකි.ඉන්දීය චිත් ...
මීදුම පලකල “ මහනුවර රජවරුන්ගේ සොහොන් “ ලිපියට එක් කල comment එකකුයි මේ පහත පලවන්නේ .එය ලිපියට අදාල නැති නිසා මට බහළුමක් වුනා. ඒත් කාලීන සි...