මහගමගේ සාහිත්‍යය. මැදියම් රැයේ - මා ඇහැරී බලන විට- ඔබ වාඩිවී සිටියා - ඇද වියල පිට- පිසදා බැලිමි ඇස- කිසිවෙක් නැත අවට - ඔබ සිහිනයේ සිහිනයෙකැයි - සිතුණි මට වැහි බර අදුරු රෑ - තරුවක් පවා නැති - ඇල බඩ පාලු දෙණියේ - නරි හූ කියති - නිදිබර උමතු සුවදක් හා සමග එතී - ඔබගේ ලිපිය - මට - අද හෙට ලැබෙනු ඇති.

2022-07-01

හාමතේ අනතුරේ.



මවක් දරුවන්  දෙදෙනාත් සමග චන්ද්‍රිකා වැවට පනී. දියණිය මිය ගිහින්.

වාහනේ පෙරලිලා සිසුන් රෝහලේ

කෑම සොයා ගිය පියා සිහිසුන්ව වැටිලා

මේ ප්‍රවෘත්ති තුනම අද සමාජයේ බිදවැටීම කියා පාන ඛේදවාචක.

ආහාර මිළ ගනන් හතර පස් ගුණයකින් ඉහල ගිහින්. දෛනික ආදායම රුපියල් දාහක් වත් නැති, එලෙසවත්  දෛනිකව ආදයමක් නොලබන  දරු පවුලක් කෙලෙසද කන්න බොන්නේ. හාල් කිලෝවක් රුපියල් දෙසිය පනහක් හෝ ඊට ආසන්නව. පොල් ගෙඩියක්,එලවළු ටිකක් මිළදී ගත්තම රුපියල් දාහ වාෂ්ප වෙලා යනවා.

මිනිස්සු IMF යන්නද ? ලෝක බැංකුවට යන්න ද? රජයේ මහා පරිමාන ආර්ථික ව්‍යාපෘති වලට පෙර මෙවැනි ව්‍යාසන පිලිබදව අවධානය යොමු විය යුතුයි.

අසල්වාසීන්ට උනත් උදව් කරන්න හැකියාවක දැන් නැහැ. ඔවුනුත් මේ බෝට්ටුවේ.ඒ වුනත් සංවිධාත්මක වැඩ පිලිවෙලක් ඇති කරගත්තෝත් එයත් අපහසු නැහැ.

මවකට දරුවන්ට කන්න බොන්න දෙන්න විදියක් නැතිව සිය දිවි නසා ගන්න හිතෙනවා නම් එය අසාධාරන තීන්දුවක්ද ?.

පියෙක් හාමතේ ඇද වැටෙනවා නම් එය රගපෑමක්ද ?.

 මෙවැනි ශෝකාන්ත වලක්වා ගැණීමට රජය වහා වැඩ පිලිවෙලක් ඇති කරගත යුතුයි. මෙවැනි පවුල් ගැන සොයා බලා උදව් උපකාර කිරීමට ග්‍රාම සේවක කොට්ඨාශයක සිටින නිකම් පඩි ලබන රජයේ නිළදාරින් ටික යොදා ගන්න පුළුවන් වෙයි. එවැනි අයට ක්‍ෂණිකව ආධාර සැපයීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වැඩ පිලිවෙලක් සකස් කර ගත හැකියි.

ආගමික පූජ්‍ය පක්‍ෂයටද මේ අවස්ථාවේ තමන්ගේ අනුගාමිකයින් ගැන සොයා බලන්න සහය වන්න පුළුවන්. අපේ රටේ බහුතරය  බෞද්ධාගමිකයෝ. මේ සිදුවීම් දෙකටම පාදක වුන ප්‍රදේශ බෞද්ධ පරිසරයක්. පන්සල ලගට පීඩීතයන් , අසහනයට පත් දායකයින් එනවාට වඩා ඔවුන් ලගට පන්සල යනවා නම් කොයිතරම් අගේද ?.

තාමත් අපේ පන්සල් එතරම් දියුණු අධ්‍යාත්මයක් ඇති කරගෙන නැහැ. දේශපාලන වන්දනාවේ යන යතිවරුන් බහුලයි.දායක වන්දනාවේ යන්නෝ නැති තරම්.

පාලම් බෝක්කු හදලා දැන් වැඩක් නැහැ. මිනිසුන් ජීවත් කරවන්න වැඩ පිලිවෙලක් දැන් ඕන





notes of imaginary

2022-06-29

මුක්කු හොයන රාජ්‍ය සේවය .




රටේ පාලනයක් නැතිවා වගෙයි. ඔහේ පාවෙනවා. නුල කැඩුන සරුංගලයක්  ගානට.
අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛ හරි අප්‍රබංශයි. වංකගිරියේ ගියා වගේ ඒවා ඒවයේ තියෙන්නේ. මේ ඊයේ පෙරේදා ඉන්ධන නැති නිසා දරුවන්ට නිවාඩු දෙන්න කියල නිකුත් කල චක්‍රලේඛය මහා හෑල්ලක් කියලා පාසල් වහන්නත් එපාළු. පාසල් අරින්නත් එපාළු කියලා වගෙයි මට තේරුනේ.

ඛනිජ තෙල් ඇමතිත් ඒ වගේ  ඒවා මයි ප්‍රකාශ කරන්නේ. දැන් තෙල් නැහැ. ටෝකන් දෙනවා.
එකම කතාවයි තියෙන්නේ ඒක කියලා දාන්න ජනාධිපතියි ,අගමැතියි කම්මැලි පාටයි. “ රටේ විනිමය ආදායම නැහැ .ඒ නිසා ඩොලර් නැහැ.” කියලා කියන්න බයයි. නොකියා කියනවා නැව් එනවා, හරවලා යනවා. තව පරක්කුයි ඔන්න ඔය වගේ කතා.ජනතාව නොමග යවනවා.

විපක්‍ෂය ඊට දෙවෙනි නැහැ. මට දුන්නොත් මාස තුනෙන් ගොඩ දානවා කියලා එක් කෙනෙක් කියන කොට අනෙක් එක්කෙනා අවුරුදු පහකින් සුඛිත මුදිත කරනවා කියලා කියනවා. අන්දරේ හීනටි හාලේ බතුයි කුකුල් මසුයි කාලා ගල උස්සලා කරෙන් තියන්න මම ගෙනිහින් දාන්නම් කියලා කිව්වා වගෙයි.

මේ වෙලාවේ කවුරුත් එකතු වෙලා තම තමන්ගේ හැකියාවන් වලින් රට ගොඩ දාන්න එපාය. ඒත් එහෙම නැහැ. පාර්ලිමේන්තුවෙන් එලියට බැහැලා ජනතාව අවුස්සලා ගෙදර යනවා.
ජනතාවත් නිවී සැනසිල්ලේ හිතන්නේ නැතිව විවිධ දුක්‍ඛ දෝමනස්සයන්ගෙන් ආතතියට පත්වෙනවා.

225+1 කරන්නේ ව්‍යාපාරයක්. ලාබයි ලාබයි කිය කෑ මොර දෙමින් තමන්ගේ ව්‍යාපාරය සරු කරගෙන තමුන්ට ලාබ ගන්න හදනවා මිසක් පාරිභෝගිකයාට ලාබයක් කරන්න අරමුනක් එයාලට නැහැ.

මේ වනවිට දේශපාලනයට එහායින් රාජ්‍ය සේවය ඉහල නිලධාරි වැජඹෙනවා කියලයි මීදුම හිතන්නේ. දේශපාලනයේ හැල හැප්පීම් නිසා මේ ගොල්ල තීන්දු තීරන ගන්නේ නැහැ.මේ නිසා රටම අස්ථාවර වෙලා කියලයි මීදුම දකින්නේ.
අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් හොදම උදාහරනය. පාසල් වහන්න කියලා ගහපු චක්‍රලේඛය අප්‍රබංශයක් වෙලා තියෙන්නේ මේ අස්ථාවරයේ පිලිබිඹුවක්. 
මෙයාල ඔක්කොම වැඩ කරන්න ඕනි ජනතාවට. ඒත් වෙන වෙන න්‍යය පත්‍රවල ඉන්න මේ අය වැඩ කරන්නේ දේශපාළුවන්ට.

අවිනිශ්චිතතාවය නිසා ගෝඨා යයිද ?අනුර එයිද ? ස ජිත් එයිද?  රනිල් දිගටම ඉදිද ? ඔය වගේ ප්‍රශ්නවල ඉදන් තම තනතුරු වලට මුක්කු හොයනවා මිසක් මේ දවස් වල වෙන වැඩක් නැහැ.    




notes of imaginary

2022-06-27

ජනාධිපති දෝෂාභියෝගය.



මෙයත් දෝෂාභියෝගයක් ද ?.


ව්‍යවස්ථාවට අනුව නම් ජනාධිපතිවරයාට අවුරුදු හයක නිල කාලයක් සම්පූර්න කල හැකිවේ.  ඔහු ගෙදර යැවීමට පාර්ලිමේන්තුවට දෝෂාභියෝග චෝදනාවක් ඉදිරිපත් කර එය සම්මත කල යුතුවේ. එම දුෂ්කර කටයුත්ත පහත දැක්වෙන ක්‍රියා මාර්ගයෙන් සම්පූර්න කරගත යුතුවේ.

 ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝග චෝදනාවක් ඉදිරිපත් කිරීමට පහත සදහන් චෝදනාවලින් එකක් හෝ කිහිපයක් පැවතිය යුතුය.

1.     මානසික හෝ ශාරීරික ආබාධයකින් පෙලීම

2.     චරිත දූෂණය

3.     අල්ලස් හෝ දූෂණ

4.     රාජ්‍ය ද්‍රෝහිත්වය

5.     චේතනාත්මකව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම

 ***ජනාධිපතිවරයාට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු විසින් කථානායකවරයාට ඉදිරිපත් කල යුතුය.  මෙම පෙත්සම  උක්ත චෝදනා වලින් එකක් හෝ කිහිපයක් සහිත විය යුතුය.  . එම පෙත්සම ශ්‍රේෂඨාධිකරනයෙන් පරීක්‍ෂා කර බලා වාර්තාවක් ලබා දෙන මෙන්ද  ඉල්ලා සිටිය යුතුය.

එවැනි චෝදනා පත්‍රයක් පාර්ලිමේන්තුවේ 2/3 විශේෂ බහුතරයකින් සම්මත විය යුතුය.

 ***පාර්ලිමේන්තුවේ ½ ක් සම්මත කල යෝජනාවක් කතානායකවරයාට බාරදිය හැකිවුවත් එය බාර තැනීම හෝ ප්‍රතික්‍ෂෙප කිරීමේ අභිමතය කතානායකවරයා සතුය.

2/3 ක් සම්මත කල යෝජනාවක් කථානායක වරයාට ප්‍රතික්‍ෂෙප කල නොහැකි අතර එය පාර්ලිමේනතුව තුල නැවත සම්මත කිරීමට හා සාකච්ඡා කිරීමට න්‍යය පත්‍රයට ඇතුලත් කලයුතුය.

 ****ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝග චෝදනාවක් ඉදිරිපත්වු සැනින්  කථානායකවරයා විසන් ජනාධිපතිවරයාට ඒ බව දැනුම් දිය යුතුය. එවිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ඔහුට අහිමි වන්නේය.

 *****කථානායක වරයා චෝදනා පත්‍රය නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොපැමිණි පාරලිමේන්තු මන්ත්‍රීවරුනද ඇතුළුව 2/3 විශේෂ බහුතරයකින් සම්මත කළ යුතුය.

 *****එසේ සම්මත කරන ලද චෝදනා පත්‍රය ශ්‍රේෂ්ඨාධිකරනය වෙත ඉදිරිපත් කළ යුතුවන්නේය. ශ්‍රේෂ්ඨාධිකරනයවිසින් පරීක්‍ෂණයක් පවත්වා ස්වකීය තීරණය හා ඊට අදාල හේතු දැක්විය යුතු අතර මෙම පරීක්‍ෂණයේදී තම නිර්දෝෂිත්‍වය දැක්වීමට නීතිඥයෙකු මගින් කරුනු දැක්වීමට චුදිත ජනාධිපතිවරයාට හැකියාව ඇත.

 *****ජනාධිපතිවරයාට එල්ලවී ඇති චෝදනා වලට ඔහු වැරදි කරු බව ශ්‍රේෂ්ඨාධිකරනය දන්වා ඇත්නම් එම වාර්තාව නොපැමිණි පාරලිමේන්තු මන්ත්‍රීවරුන්ද ඇතුළුව 2/3 විශේෂ බහුතරයකින් සම්මතවු විට ජනාධිපතිවරයාට තම තනතුර අහිමි වන්නේය.

 *****ජනාධීපති ධුරය පුරප්පාඩු වු පසුවැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත්වන්නේ අගමැතිවරයාය.එම බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී තිබේ.

අගමැතිවරයා නොමැති නම් කතානායක වරයාද, ඔහුත් නොමැති නම් අග්‍රවිනිශ්චයකාරවරයාට ද වැඩ බලන ජනාධිපතිවරයා ලෙස කටයුතු කල හැක.

 

 

notes of imaginary

2022-06-26

#gotagohome .



 


ජනාධිපති වරයාට ගෙදර යන්න කියති.වර්තමානය වන විට ජනාධිපතිවරයා ගෙදර ගියොත් ඔවුන්ගේ පැලන්තියට රැකවරණය සැලසෙන සේ  #gotagohome  අරගලයට විකල්ප බලවේගය සූදානමක් ඇති කරගෙන තිබේ. රනිල් අගමැතිය. ධම්මික පෙරේරා කැබිනට් මණ්ඩලයට පැමිණ තිබේ. ඔහුට අගමැතිවී රනිල්ට ජනාධිපතිවරයාද විය හැක. පොහොට්ටුවට හිමි බහුතරයක් පාර්ලිමේන්තුවේ සිටි. තම පැවත්ම උදෙසා තව කී දෙනෙක් මේ බලවේගයට එක්වේදැයි නිශ්චය නැත.

තමන් ගේ අනාගත පැවැත්ම උදෙසා ටෙලිපෝනයත්,මාලිමාවත් රජයට එරෙහිව විශාල අරගලයක් මුදා හරිමින් සිටී.එම අරගලයන්හී අරමුණ අනාගතයේ බලය අත්කරගැනීමේ තේමාව කර ගත්තකි.

අප සුවිශාල අර්බුදයක ගිලී සිටින්නෙමු.

වටුවන් රෑන මෙන් එකාවන්ව දැල ඔසවාගෙන යනවා වෙනුවට තම පෞද්ගලික අභිමාර්ථයන් උදෙසා බෙදී මොර දෙමින් රටම විනාශයට රැගෙන යමින් සිටි. බලය නැතිව රටට සේවය කළ නොහැකිද ?. මොවුන් ජනතාවට ආදරේ ද ?. මීදුම සිතයි.

 ජේ.ආර් ජයවර්ධනයානෝ 1978 ව්‍යවස්ථාව බිහිකරන විට දේශපාලන අස්ථාවර තත්වය තුල පාලනය ස්ථාවරව පවත්වා ගැනීමට අවශ්‍ය වැඩ කඩොළු ඇති කර ගත්තේය. පාර්ලිමේන්තුව තුල දේශපාලන පක්‍ෂ ස්ථාවරව  තබා ගැණීමට අතුරු මැතිවරණ නැති කලේය. පක්‍ෂ මාරු කිරීම නිසා ඇති විය හැකි අස්ථාවරය නැති කර ගැණීමට පක්‍ෂ මාරු කලහොත් මන්ත්‍රී ධුරය අහිමි වන ප්‍රතිපාදන ඇති කලේය. පාලනයට සම්බන්‍ධ වන විට පක්‍ෂ මාරු වීමට ඉඩ ලබා දුන්නේය.

ජනාධිපති වරයාට ඉවත් වන ලෙස බල කරමින් සිටින පිරිස් ව්‍යවස්ථාව පිලිබදව සැලකිල්ලට ගෙන ඇත්දැයි මීදුම නොදනී. ව්‍යවස්ථාව අක්‍රීය කර හෝ අක්‍රීය වී ව්‍යවස්ථාවට පිටතින් පාලනයක් බිහිවුවහොත් සිදුවන්නේ කුමන තත්වයක්දැයි සිතීමට මීදුම බිය වෙයි. මෙම ආර්ථික අර්බූදය නොතිබුනේ නම් එවැනි සුරක්‍ෂිතභාවයක් හිමි නොවනු ඇතැයි මීදුම සිතයි.

 ව්‍යවස්ථාවට අනුව නම් ජනාධිපතිවරයාට අවුරුදු හයක නිල කාලයක් සම්පූර්න කල හැකිවේ.  ඔහු ගෙදර යැවීමට පාර්ලිමේන්තුවට දෝෂාභියෝග චෝදනාවක් ඉදිරිපත් කර එය සම්මත කල යුතුවේ.

 එය ලෙහෙසි පහසු මාවතක ගමන් ගන්නා ක්‍රියා පිලිවෙතක් ලෙස හදුන්වා දිය නොහැකිය. මිලග වියමන යොමු වන්නේ ඒ අපහසු මග හදුන්වා දීමටයි.


notes of imaginary

2022-06-25

මීදුම දකින ආර්ථිකය




ජනතාව  යන්නේ  කොයි අතටද  ?. තේරුම් ගත නොහැකි අප්‍රබංසයක්ව තිබේ.

රාජපක්ෂ වරුන්ට ඇත්තේ  බරපතල  චෝදනාවකි. ඒහි සත්‍යතාවයක් තිබේ .ඒහෙත් රටක් ආර්ථික අගාධයකට තල්ලු කිරීමට තරම් සොරාකෑ බවක් පැවසීම තාර්කික කරුනක් නොවේ. “මීදුම” බයියෙකු රාජපක‍්ෂවාදියෙකු ලෙස අවමන් විදීමට මේ නිගමනය   හොදටම ප්‍රමානවත්ය.

 

මේ  ආර්ථික අවපාතය පිලිබදව පලමු රතු ඒලිය දක්වන්නේ  ආචාර්ය ඒන්.ඒම්.පෙර්රා මුදල් අමාත්‍යවරයාව සිටි සිරිමාවේ  බණ්ඩාරනායක රජය සමයේ  යයි මීදුමට හිතයි.

ඒවකට රටතුල සීමා ඇති කරමින් සහල් ,සීනි ,මිරිස් සහ රෙදි පිලි වැනි වෙනත් දේශීයව  නිෂ්පාදන කල හැකි අහාර ද්‍රව්‍ය ආනයනය නතර කිරීමට හා සීමිත ආනයනට නීතී පනවමින් ඒම ද්‍රව්‍ය සලාක ක්‍රමයට බෙදා හැරීමට කටයුතු කල බව අපට මතකය.

ඒයත් පෝලිම් යුගයක් විය.

ඒම තහංචිත් සමග රට පුරා වගා කටයුතු පුළුල් කල අතර රාජ්‍ය යාන්ත්‍රණය විසින් පුළුල් ප්‍රචාරක ව්‍යාපාරයක් ද ඇති කල බව මීදුමට සිහිපත් වන්නකි..

ඒකලද  මෙකල මෙන් මාධ්‍ය දෙපිලක සිටිමින් රජය විවේචන කල අතර “දවස’ වැනි පුවත් පත් මඤ්ඤොක්කා ආහාරයට ගැනීම නිසා , මඤ්ඤොක්කා විසව ජනතාව මිය යන පුවත් නිතර පල කල බව මීදුමට මතකය. ඒ නිසාම දවස මාධ්‍ය ආයාතනය වසා දැමීමට රජය කටයුතු කල බව සිහිපත් වන්නේය.

මෙම අවධියේ සීනී නිෂ්පාදනය සදහා පුළුල් ලෙස  උක් වගා කිරීමේ ව්‍යාපාරයක් ඇරඹි අතර හල්දුම්මුල්ල , කොස්ලන්ද , වැල්ලවාය ආශ්‍රිතවද විශාල බිම් ප්‍රමානයක උක් වගා කලේය. එකල සීනි වලට ආදේශකයක් ලෙස උක් හකුරු නිෂ්පාදනය විය.

 

ආහාර හිගය තේමා කරමින් 1977 මැතිවරණය පැවතුවුන අතර ඇට අටක් සහන මිලට දෙන ප්‍රතිඥාව සමගින් ජේ.ආර්.ජයවර්ධන මැතිතුමන්ගේ “ධාරමිෂ්ඨ සමාජය”බිහිවිය. ආර්ථිකය සම්පූර්ණයෙන්ම වාගේ විවෘත විය. දේශිය කර්මාන්ත වැසී ගියේය. ඉදිකට්ටේ සියළු බඩු භාණ්ඩ ආනයනය කිරීම සිදුවිය. ආනයනය සහ අපනයනය අතර පරතෙරයක් ඇති වීම ඇරඹීය.

 

ඒ අතර නිෂ්පාදන ආර්ථිකය වියකෙමින් සේවා ආර්ථිකයක පිහිට පැතීම ඇරඹීය.

1971 කැරුල්ල , 1989 ජවිපෙ පිබිදීම , උතුරේ යුද්ධයත් අපේ ආර්ථිකය පසු බෑමට හේතු සාධක විය. ජේ. ආර්ගේත් ප්‍රේමදාස යුග වලින් පසුව ඇතිවු වර්ජන ද අපේ ආර්ථිකය අඩපන කිරීමට හේතු සාධක විය.

ණය ආධාර මත සිදු කල මහවැලි ව්‍යාපාර වැනි ව්‍යාපාරයන් ආයෝජනයන් වු අතර නිසි කළමනාකරණයකින් ඇගයීමකින් තොරව ඉදිකල අධිවේගී මාර්ග හම්බන්තොට වරාය හම්බන්තොට නවීකරණය , නෙළුම් කුළුන වැනි ව්‍යාපෘති අපේ ණය බර වැඩි කලේය.

 

රට වෙළද ව්‍යාපාරයක් පවත්වාගෙන යන අන්දමින් වැසියන් නඩත්තු කරමින් ණය ගැණිමත් ,ණය ගෙවීමත් කරමින් ආදයමකින් තොරව ස්ථාවර වියදම් සදහා ආයෝජනය කරමින් ණය මතින් වැසියන් ජීවත් කිරීමට ගත් උත්සහායේ අවසාන ප්‍රතිපලය වෙතට දැන් අප පා තබා ඇත.

 

මෙයට අඩු වැඩි වශයෙන් වගකිව යුත්තෝ පසු කාලයේ රට කරවු සියළු දේශපාලනඥයෝය. දේශපාලනඥයන් විසින් නිසි කළමනාකරණයකින් නිසි දිශානතියකට ජනතාව යොමු කලේ නම් මේ ව්‍යාසනය සිදු වන්නේ නැත.

අද වුවත් ජනතාවට අවබෝධයක් ලබා දීමට කටයුතු කරන්නේ නැතිව බලාපොරොත්තු ඇති කරමින් සිටිනවා මිස වෙනත් දෙයක් කරන්නේ නැත.

 

ආහාර අර්බූදය දරා ගත නොහැක.

 


notes of imaginary

2022-06-24

ඔබ හට ලෝකය ඉදිකර දී මිස.....





දැතේ කරගැට සිඹ සනසන්නට
ලා ගොයමේ දළු පවන්සලයි
දහඩිය මුතු කැට මල් වරුසාවේ
කරල් බරින් පීදී වැතිරෙයි .
අඩ සද මෝරන මැදියම් අහසින්
බිළිදු හදට කිරි දියර ගලයි
හෙට ඉදිවන නව ලෝකය දැක දැක
පුංචි පුතා හීනෙන් හිනහෙයි.

පුංචි පුතාට කිසිම වගක් නැත. ගත දියෙන් දෝවා බණ්ඩි ගෙඩිය කිරෙන් පිරවී ඇති නිසදෝ ඔහු සැපට නිදයි. අපි අවට ලෝකය ගිනී ගනී. අපිවත් ඒ ගින්නෙන් දැවෙයි.ගමනක් බිමනක් යා නොහැකිය. ප්‍රවාහන ගාස්තු අහසේ පාවෙයි . ඉන්ධන මිළ ඉහලය. එය අජටාකාශ ගත වෙන්න වලිකයි. ඖෂධ නැත. මිළත් ඉහලය. රෝගීවනවාට වඩා.....ආහාර මිළ මේවා සිහිවනවිට ආතතිය ඉහලයයි. පුංචි දේටත් කෝපවෙයි.
පීඩාවට පත් වෙන සිත ඇදට වැටුන විට නින්ද නොදකී. ඒ මේ අත පෙරලෙයි. කිරි එකක්, තේ එකක් බී නිදන්නට හිතන ............ඒත් සීතල වතුර වීදුරුවකින් බඩ පුරවාගෙන ඇදට වැටෙන සිත යාන්තමට දෑස පියවයි.මේ නම් මැදියම් රෑ දකින සිහිනයකි.


දහසක් වැව් බැදි යෝධ මිනිස් කැල
යලි ඉපදී ඇති ලක් දෙරණේ
සත් රුවනින් නව නිධන් මතුවී
බිළිදු සිනාවෙනි ඔප වැටුනේ
දැසේ කදු ලැලි පිසදා බලනෙමි
හෙට හිරු එලියට වඩින දිනේ
ණය නැති බිය නැති නිවහල් යුගයක
පුංචි පුතා රජ කරනු පෙනේ


මා ගත වෙහෙසට ආදරයෙන් විය
උල්පත පාදන පුංචි පුතුන්
ඒ ගත වෙහෙසම සතුටක් වී මට
ඔබ සිහිවන විට පුංචි පුතුන්

දෙදහසක් පන්සිය වසරක් තිස්සේ
මා දුටු සිහිනය පුංචි පුතුන්
ඔබ හට ලෝකය ඉදිකර දී මිස
යා නොහැකිය මට................... පුංචි පුතුන්












notes of imagin
ary


2022-06-20


යාපන අර්ධද්වීය දූපත්







යාපන අර්ධද්වීය දූපත් සමුහයකින් යුක්තය.

  1. නෙඩුන්තිව් හෙවත් ඩෙල්ෆ්,
  2. අනලතිව්,
  3. චිරුතිව් (සිරුතිව්),
  4. එලුවයිතිව්,
  5. කුච්චතිව්,
  6. කාරතිව්,
  7. කනන්තිව්,
  8. කරයිතිව්,
  9. කයිට්‌ස්‌,
  10. කුරිකඩ්ඩුවන්,
  11. මන්ඩතිව්,
  12. නඩුතුරුතිව්,
  13. නයිනතිව් (නාගදීප),
  14. පලායිතිව්,
  15. පරට්‌ටිතිව්,
  16. පුලියන්තිව්,
  17. පුන්ගුඩතිව් -
  18. තෝරට්‌ට පූට්‌ටු
  19. හැමන් හිල්




notes of imaginary

2022-06-16

බලන්ගොඩට බත සපයන කල්තොට .


කල්තොට පුරාන ජනපදයක්. පසු කාලීනව වලවේ ගග හරස් කර අමුණක් ඉදිකිරීමෙන් වාරි ව්‍යාපෘතියක් ආරම්භ කර තියෙනවා.

පුරාණයේදී කල්තොට ඉතා සශ්‍රීක භූමියක් වශයෙන් පැවති බවට ඉතිහාසය සාක්ෂි දරනවා. ගොවිතැනට අවශ්‍ය ජලය ලබාගැනීමට වලවේ ගඟ හරහා තැනූ පැරණි අමුණ ඉංග්‍රීසි පාලන යුගයේ දී ප්‍රතිසංස්කරණය කරලා. වලවේ ගඟ හරහා ඉදිකළ පාලමට නුදුරින් මෙම අමුණ පිහිටා තිබෙනවා. අදත් ඉන් ලබාගන්නා ජලයෙන් කුඹුරු අස්වද්දනවා.

කල්තොට වම් ඇල සහ දකුණු ඇල ලෙස මෙම වාරි ඇළවල් හදුන්වනවා. මෙම ව්‍යාපෘතිය මගින් ගොවි ජනපද ව්‍යාපාරයක් ඇරඹීමෙන් පසු කල්තොට සරු පස ගොවි බිමක් බවට පත්වුනා.

බලංගොඩට බත සපයන්නේ කල්තොට ගොවි ජනපදයයි.

 

හුණුගල් පොකුණ

හුණු ගල් පොකුන

හුණුගල් පොකුණ

දුවිලි ඇල්ල

සංවර්ධනයවු කූරගල

කල්තොට ගොවි බිම්.

කල්තොට යාමට බලංගොඩ සිට විකිලිය, රජවක, මොලමුරේ, තංජන්තැන්න හරහා ගමන් කරන්න ඕන. මෙය පුරාන ගමන් මගක්. මෙම මාර්ගය ඔස්සේ තනමල්විල හරහා කතරගම දක්වා යා හැකියි . එම මගම නව්‍යකරනය වී කතරගමට මත්තල දක්වා වර්තමානයේ යා හැකියි.

බලංගොඩ, කිරිමැටිතැන්න, වැලිගෙපොල, කපුගල, දියවින්න හරහාත් ගොස් කල්තොට - දියවින්න මාර්ගයට සම්බන්ධ වනවා. මේ මාර්ග දෙකින් පළමු පාර ඇදී යන්නේ කඳුකර බෑවුමක් මැදින්. කල්තොටට යන ඔබට මධ්‍ය කඳුකරය අවසාන වී පහතරට වියළි කලාපය ආරම්භ වන ආකාරය බෙල්ලන්ගල බෑවුමේදී නිරීක්‍ෂණය කරන්න පුළුවන්.

බෙල්ලන්ගලකන්ද මධ්‍යම කඳුකරයේ අවසානය සටහන් කරන දකුණු බෑවුමයි. එහි උතුරු මායිමේ රජවක ඖෂධ උද්‍යානය පිහිටා තිබෙනවා අතරමැදි කලාපයට අයත් මෙහි වියළි කලාපීය වනාන්තර වගේම තෙත් කලාපීය වනාන්තරත් පැතිර තිබෙනවා.

බෙල්ලන්ගල කන්ද වටිනා ඖෂධයක් වන ගම්මාලු ගස්වලට ප්‍රසිද්ධයි. සමහර තැන්වල ගම්මාලු ගස් මණ්ඩි වශයෙන් දක්නට තිබෙනවා. සංජීවනී නම් දුලබ ඔසු පැළෑටිය ද මෙහි තිබෙනවා. බිංකොහොඹ, කොතලහිඹුටු වැනි ඖෂධ වගේම අප රටට ආවේණික මැන්දෝර ගස්ද, නෙල්ලි, බුරුත, වීර, කහට, කිරිකෝන් ආදී ගස්ද මේ වනාන්තරයේ අගය ඉහළ නංවනවා.

මෙම දුර්ග මාර්ගයේ ගමන් කරන විට පහළින් වලවේ ගංගා මිටියාවත හා උඩවලව වනෝද්‍යානය අලංකාරව දිස්වන අයුරු දැකගත හැකියි. බෙල්ලන්ගල කන්ද පසුකරන විටම පිවිසෙන්නේ කල්තොට තැනිතලා බිමටයි. මෙය කුඩා නගරයක්. නාගරීකරණය නොවූවත් රෝහලක්,පොලිසියක්, පාසල් සහ වෙළද පලක් ආදී රාජ්‍ය ආයාතන පිහිටා තිබෙනවා.

බලංගොඩ සිටදුර කි. මී. 32ක් .

ක්‍රිව 1018 – 1029 වකවානුවේ “වීර මහාසූරිය” නම් රජ කෙනකු කල්තොට ප්‍රදේශාධිපතිව කටයුතු කර ඇති බව පැව‍සෙනවා. එමෙන්ම චූල වංශයේ සඳහන් පරිදි ඉන්දියාවේ සිට පැමිණි “පාණ්ඩ්‍ය” නැමැති කුමාරයකු කල්තොට පරිපාලනය කල බවද කියවේ.

ඉන් පසු ක්‍රි.ව. 1042 – 1043 කාලය තුළ වික්‍රම පාණ්ඩ්‍ය නැමැති කුමරකු කාලතිත්ථ හෙවත් කල්තොට රාජ්‍ය කරවූ බව ද කියවේ. කල්තොට වියලි දේශගුණයකින් යුත් සුන්දර ගොවි බිමක්.

කල්තොට ගමානාන්තයට පෙර අපට දූවිලි ඇල්ල ,කූරගල.හමුවනවා. කල්තොට ප්‍රදේශයට යන අපිට ඓතිහාසික බුදුගල ආරන්‍ය , සඳගනා නුවර, උඩුපියන් ගල්ගේ ,ගල්ටැම්යාය අපට හමුවෙනවා.

දර්ශනීය දියවින්න ඇල්ල මේ ගමනේදී අපට පාරිසරික වින්දනයක් ලබා දෙනවා.

 

දූවිලි ඇල්ල - දියවින්න

 

 

notes of imaginary

2022-06-15

වියපත්වු මතකයක්.




සිරිමා – ශාස්ත්‍රී ඉන්දු ලංකා ගිවිසුමේ ප්‍රතිපලයක් ලෙස ඉන්දියාණු සම්භවයක් ඇති වතු කම්කරු පවුල් බොහොමයක් ඉණ්දියාවේ පදිංචියට ගියාය.
1970 ට පෙර අප ගම වටා පැතිර තිබු තේ වගාව අක්කර 1200ක් පමණ විය. මට මතක ලෙසට විශාල ද්‍රවිඩ ජනගහනයක් මේ තේ වගාවත් සමග වතුකරයේ පදිංචිව සිටියාය.
වතු සංස්කෘතියේ පෙරිය දොරේ , සින්න දොරේලා , කනක්කපුල්ලේලා, ෆීල්ඩ් ඔෆිසර්ලා, ක්ලාක් මහත්තුරු, ටී මේකර්, රබර් මේකර් ආදී තනතුරු මෙන්ම කම්කරු කණ්ඩායම් ප්‍රධාණින් ලෙස කන්කාණී, මැනේජර් කන්කාණී තනතුරුද පහලම මට්ටමේ තනතුරු ලෙස කම්කරුවෝ ගොනුවී සිටියේය.
මේ සියල්ලෝම විවිධ මට්ටමෙන් ආශ්‍රය කිරීමට මට ඉඩ හසර ඇතිවී තිබුනේ අපේ පියාගේ ව්‍යාපාරික කටයුතු වලට පාත්‍ර වර්ගයා බවට එම ජනතාව පත්ව සිටි බැවිනි.
කම්කරුවන් අතරින් කම්කරු වෘතියට අමතරව යම් යම් උප ක්‍රියාකරම් කරමින් මුදල් රැස් කර ගත් ද්‍රවිඩ කම්කරු පවුල් කිහිපයක් මා හැදින සිටියේය. මම දෙමල කතා කරන්න ඉගන ගත්තේ මේ දෙමළ පවුල් කිට්ටුවෙන් ආශ්‍රය කිරීමට හැකිවු නිසාවෙන්ය.
අද මගේ කතාවේ කතානායිකාව නමින් ‘මීනායි ”ය. මට වයස දහ අට විස්ස වන අවදියේ ඈ විශ්‍රාමික කම්කරු මවකි. සාමාන්‍යයෙන් දකින කම්කරු කාන්තාවක් පරිද්දෙන් නොව ඈ සිංහල ගැමි කාන්තාවක මෙන් පිලිවෙලකට ජීවත් වන්නියකි . පිලිවෙලකට සකස් කර ගත් ඇගේ වතු නිවාසය දැකුම්කළුය.සහයකයින් යොදා ගෙන එළවළු, එළු , ගවයින් සහ කුකුළන් ඇති කල ගොවිපලක් ඈ සතුය.
ඇගේ ධනවත්බව අවබෝධයක් ලබන්න පුංචි ඉගියක් පළකරමි. 1958 දෙමළ කලකෝලාහාල පැවති අවදියේ ඈ පරිස්සසම් කර දෙන ලෙස මගේ පියා බාරයේ රත්රන් පවුම් හැට තුනක් තබා තිබිනි. ඒ අරපිරිමැස්මෙන් හරි හම්බු කර ගත් වත්කමය.වතු ද්‍රවිඩ ජාතිකයන් තම වත්කම් රැස් කරන්නේ රත්තරන් වලින්ය.
රුපියල් 6500/= යනු එකල විශාල මුදලකි. ඇරත් ඉතාමත් අරපරිස්සමින් ජීවිත කාලයක් එකතු කරගත් මුදලකින් මෙම මුදලේ අගය ඈ වැනි කාන්තාවකට විශාල මුදලකි. මගේ මතකය නිවරදි නම් එකල කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් දෙකක් පමන විය.
මා සදහන් කරන මෙම කාලයේ ජනප්‍රිය වර්ගයේ ෆෝර්ඩ් පිපෙක්ට් වර්ගයේ කාරයක මිල රුපියල් 10500.00ක් පමණ විය.
ප්‍රදේශයේ විසු ව්‍යාපාරිකයෙකු ග්‍රාමීය දේශපාලකයෙකුවු මහත්මයෙකු හට එම වර්ගයේ මෝටර් රථයක් ගැණීමට අවශ්‍ය වී එම මහතා – මීනායි මවගෙන් රුපියල් 6500/= ණයට ගත්තේය. නමුත් තම බල පුළුවන් කාරකම් දක්වා එම මුදල අර අසරණ මවට ආපසු නොගෙව්වේය. ඈ
වරින් වර මුදල් ඉල්ලුවත් කල් මරමින් ආපසු ගෙවීම පැහැර හැරියේය.

කාලය ගත විය.
එක් උදෑසනක මෙම ව්‍යාපාරිකයා හමුවීමට ව්‍යාපාරික ස්ථානයට පැමිණි ඈ වැලි අහුරක් අතට ගෙන නැගෙන හිරු දෙසට “ නී නාෂමා පෝ ” යයි ( උඹ නැති වෙලා පලයන් ) සාප කරමින් බිමින් ගත් වැලි අහුරක් අහසට විසිකර, වෙනත් කර කියා ගත හැකි දෙයක් නොමැතිව සාප කරමින් ආපසු ගියේය.
ක්‍රමයෙන් ඔහුගේ ව්‍යාපාර ද දේශපාලන කීර්තියද පිරිහී ගියේය.කාලයක් ගත වන විට පවුලේ සාමාජිකයන් විවිධ අන්දමින් විසිර ගියාය. අවසානයේ තනිව මිය පරලොව ගියාය. අද වන විට ප්‍රදේශයේ වැඩිම දේපල වත්කම් තිබු ඔහුට, ඔහුගේ නමින් කිසිදු දේපලක් නැත.
මීනායි අම්මාගේ සාපය විසින් ආසාධාරන ලෙස හරි හම්බ කර ගත් දේපලත් ඔවුනුත් විනාශකර දමන ලද්දැයි මේ සිද්ධිය සිහිපත් වෙන විට මට සිතෙන්නේය.

notes of imaginary