තෙරුවන් සරණයි .
සුබ අළුත් අවුරුද්දක් වේවා !.
--- වේද ගීතයක්
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
This is default featured slide 3 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.
This is default featured slide 4 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.
This is default featured slide 5 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.
2022-06-20
යාපන අර්ධද්වීය දූපත්
යාපන අර්ධද්වීය දූපත් සමුහයකින් යුක්තය.
- නෙඩුන්තිව් හෙවත් ඩෙල්ෆ්,
- අනලතිව්,
- චිරුතිව් (සිරුතිව්),
- එලුවයිතිව්,
- කුච්චතිව්,
- කාරතිව්,
- කනන්තිව්,
- කරයිතිව්,
- කයිට්‌ස්,
- කුරිකඩ්ඩුවන්,
- මන්ඩතිව්,
- නඩුතුරුතිව්,
- නයිනතිව් (නාගදීප),
- පලායිතිව්,
- පරට්‌ටිතිව්,
- පුලියන්තිව්,
- පුන්ගුඩතිව් -
- තෝරට්‌ට පූට්‌ටු
- හැමන් හිල්
2022-06-16
බලන්ගොඩට බත සපයන කල්තොට .
පුරාණයේදී කල්තොට ඉතා සශ්‍රීක භූමියක් වශයෙන් පැවති බවට ඉතිහාසය සාක්ෂි දරනවා. ගොවිතැනට අවශ්‍ය ජලය ලබාගැනීමට වලවේ ගඟ හරහා තැනූ පැරණි අමුණ ඉංග්‍රීසි පාලන යුගයේ දී ප්‍රතිසංස්කරණය කරලා. වලවේ ගඟ හරහා ඉදිකළ පාලමට නුදුරින් මෙම අමුණ පිහිටා තිබෙනවා. අදත් ඉන් ලබාගන්නා ජලයෙන් කුඹුරු අස්වද්දනවා.
කල්තොට වම් ඇල සහ දකුණු ඇල ලෙස මෙම වාරි ඇළවල් හදුන්වනවා. මෙම ව්‍යාපෘතිය මගින් ගොවි ජනපද ව්‍යාපාරයක් ඇරඹීමෙන් පසු කල්තොට සරු පස ගොවි බිමක් බවට පත්වුනා.
බලංගොඩට බත සපයන්නේ කල්තොට ගොවි ජනපදයයි.
![]() |
| හුණුගල් පොකුණ |
![]() |
| හුණු ගල් පොකුන |
![]() |
| හුණුගල් පොකුණ |
![]() |
| දුවිලි ඇල්ල |
![]() |
| සංවර්ධනයවු කූරගල |
![]() |
| කල්තොට ගොවි බිම්. |
කල්තොට යාමට බලංගොඩ සිට විකිලිය, රජවක, මොලමුරේ, තංජන්තැන්න හරහා ගමන් කරන්න ඕන. මෙය පුරාන ගමන් මගක්. මෙම මාර්ගය ඔස්සේ තනමල්විල හරහා කතරගම දක්වා යා හැකියි . එම මගම නව්‍යකරනය වී කතරගමට මත්තල දක්වා වර්තමානයේ යා හැකියි.
බලංගොඩ, කිරිමැටිතැන්න, වැලිගෙපොල, කපුගල, දියවින්න හරහාත් ගොස් කල්තොට - දියවින්න මාර්ගයට සම්බන්ධ වනවා. මේ මාර්ග දෙකින් පළමු පාර ඇදී යන්නේ කඳුකර බෑවුමක් මැදින්. කල්තොටට යන ඔබට මධ්‍ය කඳුකරය අවසාන වී පහතරට වියළි කලාපය ආරම්භ වන ආකාරය බෙල්ලන්ගල බෑවුමේදී නිරීක්‍ෂණය කරන්න පුළුවන්.
බෙල්ලන්ගලකන්ද මධ්‍යම කඳුකරයේ අවසානය සටහන් කරන දකුණු බෑවුමයි. එහි උතුරු මායිමේ රජවක ඖෂධ උද්‍යානය පිහිටා තිබෙනවා අතරමැදි කලාපයට අයත් මෙහි වියළි කලාපීය වනාන්තර වගේම තෙත් කලාපීය වනාන්තරත් පැතිර තිබෙනවා.
බෙල්ලන්ගල කන්ද වටිනා ඖෂධයක් වන ගම්මාලු ගස්වලට ප්‍රසිද්ධයි. සමහර තැන්වල ගම්මාලු ගස් මණ්ඩි වශයෙන් දක්නට තිබෙනවා. සංජීවනී නම් දුලබ ඔසු පැළෑටිය ද මෙහි තිබෙනවා. බිංකොහොඹ, කොතලහිඹුටු වැනි ඖෂධ වගේම අප රටට ආවේණික මැන්දෝර ගස්ද, නෙල්ලි, බුරුත, වීර, කහට, කිරිකෝන් ආදී ගස්ද මේ වනාන්තරයේ අගය ඉහළ නංවනවා.
මෙම දුර්ග මාර්ගයේ ගමන් කරන විට පහළින් වලවේ ගංගා මිටියාවත හා උඩවලව වනෝද්‍යානය අලංකාරව දිස්වන අයුරු දැකගත හැකියි. බෙල්ලන්ගල කන්ද පසුකරන විටම පිවිසෙන්නේ කල්තොට තැනිතලා බිමටයි. මෙය කුඩා නගරයක්. නාගරීකරණය නොවූවත් රෝහලක්,පොලිසියක්, පාසල් සහ වෙළද පලක් ආදී රාජ්‍ය ආයාතන පිහිටා තිබෙනවා.
බලංගොඩ සිටදුර කි. මී. 32ක් .
ක්‍රිව 1018 – 1029 වකවානුවේ “වීර මහාසූරිය” නම් රජ කෙනකු කල්තොට ප්‍රදේශාධිපතිව කටයුතු කර ඇති බව පැවසෙනවා. එමෙන්ම චූල වංශයේ සඳහන් පරිදි ඉන්දියාවේ සිට පැමිණි “පාණ්ඩ්‍ය” නැමැති කුමාරයකු කල්තොට පරිපාලනය කල බවද කියවේ.
ඉන් පසු ක්‍රි.ව. 1042 – 1043 කාලය තුළ වික්‍රම පාණ්ඩ්‍ය නැමැති කුමරකු කාලතිත්ථ හෙවත් කල්තොට රාජ්‍ය කරවූ බව ද කියවේ. කල්තොට වියලි දේශගුණයකින් යුත් සුන්දර ගොවි බිමක්.
කල්තොට ගමානාන්තයට පෙර අපට දූවිලි ඇල්ල ,කූරගල.හමුවනවා. කල්තොට ප්‍රදේශයට යන අපිට ඓතිහාසික බුදුගල ආරන්‍ය , සඳගනා නුවර, උඩුපියන් ගල්ගේ ,ගල්ටැම්යාය අපට හමුවෙනවා.
දර්ශනීය දියවින්න ඇල්ල මේ ගමනේදී අපට පාරිසරික වින්දනයක් ලබා දෙනවා.
![]() |
| දූවිලි ඇල්ල - දියවින්න |
2022-06-15
වියපත්වු මතකයක්.
සිරිමා – ශාස්ත්‍රී ඉන්දු ලංකා ගිවිසුමේ ප්‍රතිපලයක් ලෙස ඉන්දියාණු සම්භවයක් ඇති වතු කම්කරු පවුල් බොහොමයක් ඉණ්දියාවේ පදිංචියට ගියාය.
1970 ට පෙර අප ගම වටා පැතිර තිබු තේ වගාව අක්කර 1200ක් පමණ විය. මට මතක ලෙසට විශාල ද්‍රවිඩ ජනගහනයක් මේ තේ වගාවත් සමග වතුකරයේ පදිංචිව සිටියාය.
වතු සංස්කෘතියේ පෙරිය දොරේ , සින්න දොරේලා , කනක්කපුල්ලේලා, ෆීල්ඩ් ඔෆිසර්ලා, ක්ලාක් මහත්තුරු, ටී මේකර්, රබර් මේකර් ආදී තනතුරු මෙන්ම කම්කරු කණ්ඩායම් ප්‍රධාණින් ලෙස කන්කාණී, මැනේජර් කන්කාණී තනතුරුද පහලම මට්ටමේ තනතුරු ලෙස කම්කරුවෝ ගොනුවී සිටියේය.
මේ සියල්ලෝම විවිධ මට්ටමෙන් ආශ්‍රය කිරීමට මට ඉඩ හසර ඇතිවී තිබුනේ අපේ පියාගේ ව්‍යාපාරික කටයුතු වලට පාත්‍ර වර්ගයා බවට එම ජනතාව පත්ව සිටි බැවිනි.
කම්කරුවන් අතරින් කම්කරු වෘතියට අමතරව යම් යම් උප ක්‍රියාකරම් කරමින් මුදල් රැස් කර ගත් ද්‍රවිඩ කම්කරු පවුල් කිහිපයක් මා හැදින සිටියේය. මම දෙමල කතා කරන්න ඉගන ගත්තේ මේ දෙමළ පවුල් කිට්ටුවෙන් ආශ්‍රය කිරීමට හැකිවු නිසාවෙන්ය.
අද මගේ කතාවේ කතානායිකාව නමින් ‘මීනායි ”ය. මට වයස දහ අට විස්ස වන අවදියේ ඈ විශ්‍රාමික කම්කරු මවකි. සාමාන්‍යයෙන් දකින කම්කරු කාන්තාවක් පරිද්දෙන් නොව ඈ සිංහල ගැමි කාන්තාවක මෙන් පිලිවෙලකට ජීවත් වන්නියකි . පිලිවෙලකට සකස් කර ගත් ඇගේ වතු නිවාසය දැකුම්කළුය.සහයකයින් යොදා ගෙන එළවළු, එළු , ගවයින් සහ කුකුළන් ඇති කල ගොවිපලක් ඈ සතුය.
ඇගේ ධනවත්බව අවබෝධයක් ලබන්න පුංචි ඉගියක් පළකරමි. 1958 දෙමළ කලකෝලාහාල පැවති අවදියේ ඈ පරිස්සසම් කර දෙන ලෙස මගේ පියා බාරයේ රත්රන් පවුම් හැට තුනක් තබා තිබිනි. ඒ අරපිරිමැස්මෙන් හරි හම්බු කර ගත් වත්කමය.වතු ද්‍රවිඩ ජාතිකයන් තම වත්කම් රැස් කරන්නේ රත්තරන් වලින්ය.
රුපියල් 6500/= යනු එකල විශාල මුදලකි. ඇරත් ඉතාමත් අරපරිස්සමින් ජීවිත කාලයක් එකතු කරගත් මුදලකින් මෙම මුදලේ අගය ඈ වැනි කාන්තාවකට විශාල මුදලකි. මගේ මතකය නිවරදි නම් එකල කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් දෙකක් පමන විය.
මා සදහන් කරන මෙම කාලයේ ජනප්‍රිය වර්ගයේ ෆෝර්ඩ් පිපෙක්ට් වර්ගයේ කාරයක මිල රුපියල් 10500.00ක් පමණ විය.
ප්‍රදේශයේ විසු ව්‍යාපාරිකයෙකු ග්‍රාමීය දේශපාලකයෙකුවු මහත්මයෙකු හට එම වර්ගයේ මෝටර් රථයක් ගැණීමට අවශ්‍ය වී එම මහතා – මීනායි මවගෙන් රුපියල් 6500/= ණයට ගත්තේය. නමුත් තම බල පුළුවන් කාරකම් දක්වා එම මුදල අර අසරණ මවට ආපසු නොගෙව්වේය. ඈ
වරින් වර මුදල් ඉල්ලුවත් කල් මරමින් ආපසු ගෙවීම පැහැර හැරියේය.
කාලය ගත විය.
එක් උදෑසනක මෙම ව්‍යාපාරිකයා හමුවීමට ව්‍යාපාරික ස්ථානයට පැමිණි ඈ වැලි අහුරක් අතට ගෙන නැගෙන හිරු දෙසට “ නී නාෂමා පෝ ” යයි ( උඹ නැති වෙලා පලයන් ) සාප කරමින් බිමින් ගත් වැලි අහුරක් අහසට විසිකර, වෙනත් කර කියා ගත හැකි දෙයක් නොමැතිව සාප කරමින් ආපසු ගියේය.
ක්‍රමයෙන් ඔහුගේ ව්‍යාපාර ද දේශපාලන කීර්තියද පිරිහී ගියේය.කාලයක් ගත වන විට පවුලේ සාමාජිකයන් විවිධ අන්දමින් විසිර ගියාය. අවසානයේ තනිව මිය පරලොව ගියාය. අද වන විට ප්‍රදේශයේ වැඩිම දේපල වත්කම් තිබු ඔහුට, ඔහුගේ නමින් කිසිදු දේපලක් නැත.
මීනායි අම්මාගේ සාපය විසින් ආසාධාරන ලෙස හරි හම්බ කර ගත් දේපලත් ඔවුනුත් විනාශකර දමන ලද්දැයි මේ සිද්ධිය සිහිපත් වෙන විට මට සිතෙන්නේය.
2022-06-12
යාපනයේ මතක - ඩෙල්ෆ් දූපත 3.
| ලියලන ගල |
| ආදම්ගේ පාදය |
| පරවි කූඩු |
| ලන්දේසි උසාවි සංකීර්නය |
| කැලෘ අශ්වයින් |
| කැලෑ අශ්වයින් |
| බලකොටුව |
අතර මගදී අප දුටු ඩෙල්ෆ වල සිහිවටන කිහිපයක් මෙසේය
ලියලන ගල
මෙම පාෂාණය සතුව අද්භූත බලවේගයක් පවතින බව දූපත් වාසීන්ගේ විශ්වාස කරයි. ඔවුහු මෙම පාෂාණය සඳහා මල් පහන් පුදා නොයෙකුත් පුද පූජා පවත්වති . අප එතනට යනවිටත් මල් පහන් පුදා සරසා තිබිනි. “ලියලන ගල” ලෙස හඳුන්වන මෙම පාෂාණය පොළොවේ සිට අඩි පහක් පමණ උසින් යුක්තවේ. ඔවුන්ගේ විශ්වාසය මෙම ගල වැඩෙන පාෂාණයකි.
මෙම කුලුන යටත් විජිත යුගයේ ප්‍රදීපාගාරයක් ලෙස යොදාගන්නට ඇතැයි උපකල්පනය කෙරේ. මෙහි මැද කොටස දුම් කවුළුවක් ලෙස ඉදිකර ඇති අතර සුළං ඉහලට රැගෙන යාමට හැකිවන අයුරින් සකස් කර ඇත. මෙය බොහෝ විට පහල කොටසේ ගිණි දල්වා නිකුත්වන දුම මගින් නාවික යාත්‍රා සඳහා සඥා ලබාදීමට යොදා ගත්තා විය හැක. නමුත් මෙම කුලුන පිළිබඳ තවත් මතයක් වන්නේ මෙය යටත් විජිත යුගයේ මෙරට තුල සිදුකල මිනුම් කටයුතු සඳහා ඉදිකර ඇති බවකි.
අපේ පිරිසේ අරමුණ වුයේම ඩෙල්ෆ්ට් දූපතේ දැකිය හැකි මෙම අශ්වයන් නැරඹීමය. වර්තමානයේ කැලෑ අශ්වයන් ලෙස හැඳින්වුවද අතීතයේ මෙම දූපතට අශ්වයින් ගෙනවිත් ඇත්තේ ලන්දේසීන් වන අතර ඔවුහු මෙම දූපත තුලදී දහස් ගණනින් අභිජනනය කර ඩෙල්ෆ්ට් හරහා වැටී ඇති මුහුදු මාර්ගය ඔස්සේ ගමන් ගන්නා නෞකාවලට අශ්වයින් අලෙවි කොට ඇත.
පැරණි අශ්ව ඉස්තාලය
ලන්දේසීන් විසින් අශ්වයින් අභිජනනය කර විකිණීමට ගාල් කිරීම සඳහා මෙම පැරණි අශ්ව ඉස්තාලය ඉදිකර ඇති එකකි.
මෙවැනි බයෝබැබ් ගස් ඉතියෝපියාව නිජබිම කරගත් ශාක වර්ගයකි. වර්තමානයේ මෙරට පුත්තලම, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්ක වල දක්නට ලැබෙන අතර මෙය අරාබි වෙළඳුන් විසින් දකුණු ආසියාවට රැගෙන ආවා යයි සලකනු ලබයි. ඩෙල්ෆ් හි ඇති මෙම බයෝබැබ් ශාකය ඩෙල්ෆ්ට් දූපතේ අශ්වයින්ගේ අවශ්‍යතාවයන් මත ලන්දේසි යුගයේ රෝපණය කරන්නට ඇති බව සිතාගත හැක. වර්තමානයේ ඩෙල්ෆ්ට් හි දක්නට ලැබෙන බයෝබැබ් ගස ඉතා විශාල වටප්‍රමාණයකින් යුක්තවේ. විශාල බෙනයකින්ද යුක්ත වේ.
යෝධ නුග ගස
විශාල වපසරියක් වසාගෙන වැවී ඇති මෙම නුගගස වියනක් ලෙස සකස් වී ඇත. මෙහි අතුවලින් පහලට එල්ලී ඇති මුල් වලින් ගසට ආධාරක සපයා ඇත. දූපත් වාසීන් මෙම නුග ගසට පුද පුජා පවත්වනු ලැබේ. ඒ අසල කෝවිලක්ද ඉදිකර ඇත.
ආදම්ගේ පාදය
හිරිගල් වලින් සෑදී ඇති යෝධ අඩි සලකුණක හැඩය ගත් මෙම නිර්මාණය ආදම්ගේ පාදය ලෙස හැදින්වේ.
ලන්දේසි බලකොටුව
යටත් විජිත සමයේ පෘතුගීසීන් දිකල බව පැවසේ.පසුව ලන්දේසීන් විසින් ඩෙල්ෆ්ට් දූපත පෘතුගීන්ගෙන් යටත් කර ගන්නා ලදී. පසුව ලන්දේසීන් විසින් මෙම බලකොටුව මහල් දෙකකින් ශක්තිමත්ව ඉදිකර ඇති අතර වර්තමානයේ ඩෙල්ෆ්ට් රෝහල ආසන්නයේ දක්නට ඇත්තේ එම ලන්දේසි බලකොටුවේ නටබුන් වේ. මෙහි පහල මහල වෙඩිබෙහෙත්, අවිආයුධ ගබඩාවක් සහ සිරමැදිරියක් ලෙස භාවිත වී ඇති. පහල මාලයේ වා කවුළු කිසිවක් පිහිටා නැති බව නටබුන් අනුව සිතා ගත හැක. ඉහල මහලේ වා කවුළු පිහිටා ඇති අතර , සෙබළුන් සඳහා මෙම මහල ඉදිකර ඇතැයි සිතිය හැක.
ලන්දේසි රෝහල,
ලන්දේසි බලකොටුවේ නටබුන් පසුකර ඩෙල්ෆ්ට් ජැටිය දෙසට ගමන් ගන්නා විට මෙම නටබුන් සහිත භූමිය හමුවේ. එම භූමියට ඇතුල්වනවාත් සමගම පැරණි ලන්දේසි රෝහල පිහිටි ගොඩනැගිල්ල දැකිය හැක.
ඉපැරණි ස්ථූපවල නටබුන්
සංඝමිත්තා තෙරණිය ශ්‍රී මහා බෝධියේ අංකුරය රැගෙන දඹකොළ පටුන දක්වා වැඩම කල ගමනේදී මෙම ස්ථානයේ මදක් නතරවී විවේක ගත් බවට කියවෙන නමුත් එය සනාථ කිරීමට පුරාවිද්‍යාත්මක සාක්ෂි කිසිවක් ලැබී නැත.
ක්වීන්ස් කුලුන
ලන්දේසීන් මෙරට හැරයාමෙන් පසුව මෙම අශ්වයින් වල්වැදී කැලෑ අශ්වයින් බවට පරිවර්තනය වී ඇත.
ඉන්පසු දූපත් වාසීන් විසින් මෙම අශ්වයින් අල්ලා හීලෑ කිරීම, හණ ගැසීම ආදී ක්‍රියාකාරකම් වල යෙදුණ නමුත් වර්තමානයේ මෙම අශ්වයින් වාසය කරන ප්‍රදේශය වනජීවී රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.
වසරේ බොහෝ කාලවලදී මෙම ප්‍රදේශයට බලපාන අධික පෑවිල්ල හේතුකොටගෙන දූපතේ ජලය හිඟ වන නමුත් වර්තමානයේ වනජීවී දෙපාර්තමේන්තුව නාවික හමුදාව සමග ඒකාබද්ධව නියං කාලවලදී අශ්වයින්ට ජලය සැපයීම සඳහා පහසුකම සලස්වා ඇත. අශ්වයින් නියගයෙන් සංරක්‍ෂණය වීමට මෙම ක්‍රියා පිලිවෙත පිටිවහලක් වී ඇත.
බයෝබැබ් ගස
බයෝබාබ් “Baobab” ශාකයේ මවුබිම අප්‍රිකා මහද්වීපයයි. අප්‍රිකා බන්ටු ගෝත්‍රිකයන්ගේ “බුහු - බැඩ්” යන බන්ටු වචනයෙන් මිඳී සැකසුණු මේ ගසේ උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ ඇඩම්සෝනියා ඩිජිටටා (Adamsonia Digitata) ය. Adams කොටස එක්වී ඇත්තේ එනමින් යුතු ජෛව විද්‍යාඥයාට උපහාර පිණිස වන අතර, Digit යනු ඇඟිලි සඳහා ජර්මන් භාෂාවේ යෙදෙන වචනයකි. සැබැවින් ම ගස දිග හරින ලද ඇඟිලි සහිත අල්ලක් වැනි ය.
මේ ගස බොම්බකාසේ (Bombacacea) ශාක කුලයට අයත් වේ. ඉංග්‍රීසි භාෂාවෙන් මේ ගස හැඳින්වීමට Baobab, Cala Bash, Monkey Bread tree යන නම් භාවිත වේ. Monkey Bread tree ලෙසින් යොදා ඇත්තේ වඳුරන් මේ ගසේ ගෙඩි කෑමට ඉතා ප්‍රියකරන නිසාය.
බයෝබාබ් ගස විනාශ කිරීම ඉතා අපහසු කාර්යයකි. එසේ වන්නේ ඕනෑම අන්තරායකට ඔරොත්තු දීමේ හැකියාව මේ ගසට ඇති බැවිනි.
මේ ගසට ආවේණික වූ අපූරු භයංකර ස්වරූපය ඇති වන්නේ මෙහි පත්‍ර හැලීගිය පසුවය. එවිට ගස බිමට ඇන මුල් උඩට විහිදී ඇති ආකාරයක් පෙනේ. මාස හයක පමණ කාලයක් මේ කොළ නොමැතිව වියළි ගසක් ආකාරයෙන් පවතී. සමහර ප්‍රදේශවල ජනයා මේ ගස “අලි ගස” ලෙසට ද හඳුන්වති. බයෝ බැබ් ශාකය එනමින් හඳුන්වන්නට ඇත්තේ අලියකුගේ පිට වැනි ඝන පොත්තකින් ඒ ගස ආවරණය වී තිබෙන නිසා විය හැකිය.
ගසේ උසට නොගැළපෙන පරිදි කඳ ප්‍රදේශය මහත් ය. තුරු වියන මීටර් 50 – 60 ක් පමණ ප්‍රමාණයක් වන සේ විහිදේ. අතු විශාලය. ගසේ උස උපරිමය මීටර විස්සක් විසිපහක් පමණ වේ. කොළ හැළී ගිය අලි ගසක් තරම් විරූපී ගසක් තවත් ලොව දක්නට නැතැයි “Aristrocrats of the trees” ලියූ අර්නස්ට් එම්. විල්සන් සඳහන් කර තිබෙන්නේ ද මේ නිසා ම විය හැකි ය.
ඔක්තෝබර් මාසයේ දී බයෝබැබ් ගස්වල මල් හට ගැනීම පටන් ගන්නා අතර මල් සුදු පැහැතිය. ගස මෙන් ම මල් ද විශාලත්වයෙන් වැඩි අතර, මල් පිපෙන්නේ රාත්‍රී කාලයේ දී ය. මල් පොහොට්ටුව ගෝලාකාර හැඩයක් ගන්නා අතර පැයක් පමණ සුළු කාලයක දී පොහොට්ටුව මලක් බවට පත්වේ. රැයේ පිපෙන මල උදෑසන වනවිට පරවී යයි. පිපෙනා අතරතුරේදී මලෙන් මිහිරි සුවඳක් හමන අතර පරවුණු විට දුගඳ හමයි.
ගසේ පත්‍ර තද කොළ පැහැතිය. කොළ වකුගඩු රෝගීන් සඳහා ඖෂධයක් ලෙසින් ද යොදා ගැනේ. ආහාර රස කාරකයක් ලෙසින් ද මේ කොළ අඹරා කුඩුකර යොදා ගනී. මුල් ඉහළට විහිදී ගිය අතු පහළට ඇදුණු සදාකාලික ගසක් පිළිබඳ හින්දු ග්‍රන්ථයක් වන “භගවත් ගීතාවේ” ද සඳහන්වී තිබේ. එකී ලක්ෂණ හා සමානවන ගස වනුයේ අප සඳහන් කරන බයෝබාබ් ශාකය යි.
වනාන්තරයේ සිටින සියලු දෙනාටම සිටුවන්නට විවිධ ගස් වර්ග දෙන ලදී. හයිනා නම් සත්ත්වයාට දෙන ලද්දේ මෙම බයෝබැබ් ශාකයයි. එවිට හයිනා ගස කොටස යටි අතටත් මුල් කොටස උඩුඅතටත් සිටවූ නිසා මේ ශාකයේ ස්වරූපය මෙලෙස වෙනස් වී ඇත. ගසේ උත්පත්ති කතාව පිළිබඳ ප්‍රවාදය එයයි.
අලි ගසේ ගෙඩි මිනිසාට ඉතා ප්‍රයෝජනවත් වේ. සාමාන්‍ය ව්‍යවහාරයේ දී මේ ගෙඩිවලට “වඳුරු දෙල්” Monkey Bread යැයි කියති. දෙසැම්බර් මාසයේ දී පමණ අලි ගසේ ගෙඩි හට ගන්නා අතර එහි ස්වරූපය විශාල පුහුල් ගෙඩියක් මෙනි.
එසේම බයෝබාබ් ගසේ කඳ හාරා අප්‍රිකා වැසියෝ නිවෙස් ද තනා ගනිති. ඇතැමුන් මේ ගසේ ඉහළින් හාරා ජල ටැංකි ලෙස සාදා ගනිති. ගසේ පොත්තෙන් කෙඳි රැගෙන එමඟින් කඹ සෑදීම, මාළු දැල් සෑදීම, ගෝනි සෑදීම ආදිය සිදුකරති. මතුපිට පොත්ත දැළ පිහියක් ලෙසින් ද උපයෝගී කරගන්නා අතර හම් පදම් කිරීම සඳහා යුෂ යොදා ගනිති.
ගසේ ආයු කාලය අවුරුදු සිය ගණනක් වන අතර මේ සුවිශේෂී ගසට ගින්නෙන්, ගංවතුරින් කුණාටු ආදියෙන් පීඩාවක් කළ නොහැකි ය. ඒ සියල්ලටම මුහුණදීමේ ශක්තිය ගසට ස්වභාව ධර්මයෙන් ම උරුමකර තිබේ. බයෝබාබ් ගසේ මුල්වලට වතුර සොයා මීටර සිය ගණන් දුරට වුවත් ගමන් කිරීමේ හැකියාව තිබේ. නියං කාලයන්හිදී ආහාර සහ ජලය සොයා යන අලි ඇතුන්ට ආහාරයක් වන්නේ අලිගසේ සවිමත් පොත්තයි.
අප රටේ ද මෙම ශාක විශේෂය දක්නට ලැබේ.
ප්රධාන මාර්ගයට ඉතාම ආසන්නයේ මදක් ඇතුළට වන්නට පිහිටි මන්නාරම් බයෝබැබ් ගස මධ්‍යයේ විශාල කුහරයක් ද සහිතව අපූර්වාකාරයෙන් දක්නට ලැබේ.
ශාක විද්‍යාඥයන් පවසන පරිදි මෙම ශාකය දුර්ලභ ශාක විශේෂයක් වන අතර ශ්‍රී ලංකාවේ ද මේ ගස් දුර්ලභ වන නිසා ම ආරක්ෂිත ශාකයක් ලෙසින් නම්කර තිබේ. එනිසාම “යක්ෂ ගසක්” වූවත්, ස්වභාවධර්මයේ අපූර්ව නිර්මාණයක් වන බයෝබාබ් ශාකය මතු පරම්පරාවගේ දැකීම සහ දැනුම සඳහා වර්තමාන පරම්පරාව විසින් රැකදීම කාගේත් යුතුකම වේ.
උපුටනයක්.
රෝහලට පිටුපසින් උසාවි සංකීර්ණයේ නටබුන් දැකිය හැක. මෙම උසාවිය ලන්දේසීන් විසින් ආරම්භ කරනු ලැබූ අතර පසුව බ්‍රිතාන්‍යයන් විසින් පවත්වාගෙන යාමෙන් අනතුරුව නටබුන් බවට පත්වී ඇත.
පරවි කූඩු
මෙම පරිශ්‍රයේ ඇති සුවිශේෂීම නිර්මාණය වන්නේ පරෙවියන් සඳහා ලන්දේසි යුගයේ නිර්මාණය කරනු ලැබූ පරෙවි කූඩු සහිත ස්ථම්භයයි. ඩෙල්ෆ්ට් දූපත සහ අවට වෙනත් ගොඩබිම් අතර පණිවිඩ හුවමාරු කරගැනීම සඳහා එකල පරෙවියන් පුහුණු කර තිබූ බව කියවේ.
බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ මෙම ස්ථානයේ මුල් වරට සිදුකරනු ලැබූ කැණීම් වලින් මෙම ස්ථානයේ බෞද්ධ විහාරයක නටබුන් සොයා ගෙන ඇත. පසු කාලයේ නිදහස ලැබීමෙන් පසුව මෙම ස්ථානයේ නැවත සිදුකල කැණීම් වලින් මෙම ස්ථූපය ඉදිකිරීමට යොදාගත් හුණුගල් සහ එහි කොතද හමුවී තිබේ. ප්‍රධාන ස්ථූපයට පසෙකින් එහි පරිවාර ස්ථූප යයි සිතිය හැකි තවත් කුඩා ස්ථූපයන්ගේද නටබුන් වර්තමානයේ දක්නට ලැබේ. එකල හුණුගලින් නිමවා තිබූ මෙම ස්ථූපවල වර්තමානයේ ඉතිරිව ඇත්තේ පාදම පමණකි . පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කිසිදු නඩත්තුවක් කරන බවක් දක්නට නැති අතර වල් බිහි වෙමින් පවතින බව සදහන් කල යුතුය.
සුන්දරය වෙරළ තීරයක් සතු ඩෙල්ප්ට් දූපතෙන් පිටත්වීමට කාලය පැමින තිබිනි. උදේ ජැටියට පැමිණි “ වඩ තාරකී “ යාත්‍රාව ආපසු පස්වරුවේ කුරිකඩ්ඩුවාන් බලා පිටත් වීමට නියමිත වෙලාව ලංවන බැවින් දූපත තුල රැදී සිටීමේ අවස්ථාව කෙටි විය. අප ආපසු පිටත් වීමට ඩෙල්ෆ්ට් ජැටියට පැමිනෙන විට කාර්යාල සේවකයින්ද නිවෙස් බලා යාමට වඩතාරකී යාත්‍රාව බලාපොරොත්තුව රැදී සිටියාය.
2022-06-11
යාපනයේ මතක - ඩෙල්ෆ් දූපත 2
| වෙළද පල |
| මුහුද ලිහිනියා |
සපාරි රථය සූදානම්ව තිබිනි. මැදි වියේ සිටි රියදුරු මහතා හොද මාර්ගෝපදේශකයෙකු විය. සිංහල භාෂාව හොදින් හසුරුවන ඔහු අපට මැනවින් තොරතුරු කියා දෙන්නෙක් විය.
රථයට ගොඩ නැගෙන්න පෙර ජැටිය අවටට එක් කරගෙන ගිය ඔහු ඩෙල්ෆ්ට් ජැටියෙන් දකුණු පසින් පිහිටි ප්‍රධාන නාවික හමුදා කඳවුරත් එය පසුකර ඉදිරියට යනවිට ක්‍රිස්තියානි පියනමක්ව” ජැක්ලොප් වෑන් ජෝන්ස් පියනමගේ” ප්‍රතිමාවත් පෙන්වා දුන්නේය.
ජැක්ලොප් වෑන් ජෝන්ස් පියනම මෙම දූපත ඩෙල්ෆ්ට් යනුවෙන් නම් කිරීමට මුල් වූ බව සදහන් විනි. ඩෙල්ෆ්ට් යනු ඕලන්දයේ එවකට තිබු නගරයකි.
මේ දූපත ඉලිප්සියාකාර හැඩයකින් යුක්තය. තැනිතලා බිමක් සහිතවු වගුරු බිම් සහිත මනරම් වෙරළ තීරයක් දූපතට හිමිය. වැලි සහ හුණුගල් සහිත පසක් ඇති මෙහි තිබෙන පාෂාණ මයෝසීන යුගයට අයත් බව පැවසෙයි.
ප්‍රතිමාව අසලින් දකුණට ප්‍රධාන මාර්ගය දිවෙන අතර එය ඔස්සේ ගමන් කිරීමෙන් ඩෙල්ෆ්ට් දූපතේ පරිපාලනය සඳහා පිහිටුවා ඇති නොයෙකුත් රාජ්‍ය ආයතන සහ වෙළදපල කරා ප්‍රවේශ විය හැක. ඩෙල්ෆ්ට් හි පරිපාලනය සඳහා පිහිටුවා ඇති රාජ්‍ය ආයතන අතර පොලීසිය, තැපැල් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පාසල, වනජීවී කාර්යාලය සහ විවිධ බැංකු ආදිය ප්‍රධාන මාර්ගයේ දෙපස පිහිටා ඇත.
ජනගහනයෙන් 60%ක් කතෝලික ආගමිකයන් වන අතර ඉතිරි 40% හින්දු ආගමිකයෝ වෙති.ඔවුන්ගේ ආගමික කටයුතු සඳහා කෝවිල් සහ ක්‍රිස්තියානි පල්ලි කිහිපයක්ද දූපතේ විවිධ ස්ථානයන්හි පිහිටුවා ඇත.
දූපත් වාසීන්ගේ ප‍්‍රධාන ජීවන වෘත්තීය ධීවර කර්මාන්තය යි. තල් ආශ්රිත නිෂ්පාදන කටයුතු ද සිදුකෙරේ.
ඩෙල්ෆ් දූපත වර්ග කි.මීටර් 50ක පමණ විශාලත්වයකින් යුතු ය. දූපත තුල සංචාරය කිරීමට පැය හතරක පහක පමන කාලයක් ගත විය. ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් සහ ග‍්‍රාමසේවා කොට්ඨාස හයකින් සමන්විත එම දූපතේ ජනගහනය හාරදහස් පන්සියයක් පමන වන බව මාර්ගෝපදේශක තේ අදහස විය. පොලිස් ස්ථානයක්, රෝහලක්, පාසල් අටක්, අධිකරණයක්, හින්දු කෝවිල් හා කතෝලික දේවස්ථාන කීපයක් ඇත.
මෙහි මාර්ග පද්ධතිය නම් බොහෝ අබලන් තත්ත්වයේ තිබිනි. ඩෙල්ෆ්ට් වැසියන් හුණුගල්වලින් උපරිමයෙන් ප්‍රයෝජන ගෙන තිබිනි. මත දෙපස තල් අතු යොදාගනිමින් සිය මායිම සලකුණු කර තිබුණ ද බොහෝදෙනා තම ඉඩම් වෙන් කරගෙන ඇත්තේ හුණුගල් එකපිට එක තබා අලංකාරව ඉදි කළ උසැති හුණුගල් තාප්පවලිනි. මෙය ද ඩෙල්ෆ්ට් දූපතේ අනන්‍යතාව ප්‍රකට කරන්නකි.
තල් අතු පැලක් හෝ හුණුගලින් බැඳි කුඩා නිවසක් හැරුණු කොට මනා ලෙස ඉදිවුණු නිවාස මෙහි නැති තරම්ය. මිශ්‍ර ශුෂ්ක වියළි ඝර්මකලාපීය වන වැස්මක් දූපත පුරා පැතිර තිබේ. දූපතේ බොහෝ පෙදෙස් තල් ගසින් පිරී වනාන්තර ස්‌වභාවයක් ගනී. තල් ආශ්රිත නිෂ්පාදන ද සිදු කෙරෙයි. තල් හැරුණු කොට සරු පොල් වගාවක් ඩෙල්ෆ්ට් දූපත සතු ය. තැනිතලා බිම්වල පඳුරු සහිත කැළෑ දක්‌නට ලැබේ.
සංචාරක පක්‍ෂීන් ගේ නවාතැනක් වන මේ දූපත සංචාරක සමයේදී විවිධ විශේෂවලට අයත් පක්‍ෂීන්ගෙන් නවාතැනක් බවට පත්වෙයි. මුහුදු උකුස්සන්, කපුටන් හා මයිනන් මේ දූපත පුරා සරන ආකාරය අපට දැකගත හැකි විය. මීට අමතරව මුහුදු බෙල්ලන් නිදැල්ලේ සරන ගව ,එළුවන් රංචු සුලබව දැකිය හැකිය.
අපි තවමත් ඩෙල්ෆ්ට් ජැටිය අසල සිට මාර්ගෝපදේශකයාට ඇහුම් කමින් දෙමින් සිටින්නෙමු. කඩා හැලුන වැස්සත් සමග සපාරි රථය අපත් සමග දූපත ඇතුලට ගමන් කිරීමට සුදුසු අවස්ථාව පැමිණියේය.
යාපනයේ මතක - ඩෙල්ෆ් දූපත -1.
| ගමනට සූදානම්ව |
| ගමාන්තයේ. |
ජනවාරි 11 දා කන්කසන්තූරේ තල් සෙවනේ ලැගුම් ගත් අපි තෙවෙනි දින පාන්දරින්ම කුරිකඩ්ඩුවාන් ජැටිය වෙත පැමිණියෙමු . වෙලාව පෙරවරු හත පමන් විය. වඩතාරකී යත්‍රාව ඩෙල්ෆ් බලා පිටත් වීමට සුදානමින් ජැටියේ නැන්ගූරම් ලා තිබුනේය. මෙම යාත්‍රාවේ පිටත් වීමට සීයයකට අධික මගී පිරිසක් පෙල ගැසී සිටිය අතර ඔවුන් දූපත තුල සේවය කරනු ලබන ගුරුවරුන් රාජ්‍ය සේවකයන් බව කතා බහෙන් සිතා ගන්නට හැකිවිය.
යාපනයේ සිට කුරිකඩ්ඩුවාන් ජැටිය දක්වා ලංගම සහ පෞද්ගලික බස්රථ සේවාවක් ඇත. කුරිකඩ්ඩුවාන් ජැටියෙන් මාර්ග සංවර්ධන අධිකාරිය මගින් යොදවා ඇති වඩතාරකී සහ කුමුදිනී නමින් යාත්‍රා දෙකක් සේවයේ යොදවා ඇත. මේ යාත්‍රා දෙකෙන් යන මගීන් ගෙන් මුදල් අය කරන්නේ නැත.පෞද්ගලික යාත්‍රා කිහිපයක් ඇති අතර ඔවුන් ගමන් වාර සදහා මුදල් අය කරනු ලබන්නේය. මුහුද රළු නොවන කාලවලදී මෙවැනි යාත්‍රාවකට කුරිකඩ්ඩුවාන් සහ ඩෙල්ෆ්ට් අතර ගමන් කිරීමට පැයක පමණ කාලයක් ගතවේ. මුහුද රළු කාලවලදී ගතවන වේලාව ඊට තරමක් වැඩිවන බව සදහන් විය.
ඩෙල්ෆ්ට් දූපතට යාත්‍රාවක් පැමිණෙනවාත් සමගම එහි මගීන් රැගෙන යාමට ඒ සඳහා යොදවා ඇති බස් රථය දූපත වටා ඇති නොයෙකුත් ගමන්නාන්ත කරා මගීන් ප්‍රවාහනය කෙරේ. දිනකට හතර වතාවක් පමණ මෙම බස් රථය සේවයේ යොදවා ඇත.ආපසු පැමිණිමේදීද මෙම සම්බන්ධතාවය ප්‍රවාහනය සදහා ක්‍රීයාත්මක වන්නේය.
"වඩතාරකී" යාත්‍රාව අප රුගෙන නෙඩුන්තිව් හෙවත් ඩෙල්ෆ් දූපතට නිරූපද්‍රිතව පැමිණියාය. වෙලාව පෙරවරු නවයට ආසන්නය. ජැටිය ආසන්නයේ එක් ආපන ශාලාවක් අපේ අවශ්‍යතාවය තෝසේ , වඩේ වැනි කෑම වලින් සම්පූර්න කලේය.
| උදේ ආහාරය සම්පුර්න කලාය. |
සපාරි රථයක් වෑන් රියක් ගනුදෙනු කරුවන් සොයමින් සිටි බැවින් අපි ගමනට සපාරි රථය තෝරා ගතිමු. වැසි සහිත කාලගුණය මැද ඇරඹි ඩෙල්ෆ් දූපත ඇතුලත සංචාරයට ඊළග වියමනෙන් කැදවා ගෙන යන්නට දැනට නවතින්නම්.
2022-06-09
යාපනයේ - මතක.
2010 වසරේ ඉහත සදහන් ස්ථාන කරා ගිය මුත් මේ වන විට එදාට වඩා එම ස්ථානත් මාර්ග පද්ධතියත් සංවර්ධණය වී ඇති බව දැන ගන්නට ලැබිනි.
යාපනය නගරය අවට තොරතුරු බැලීමට දිනක් වැය කල බැවින් නල්ලූර් කෝවිල, යාපනය පුස්ථකාලය ඕලන්ද කොටුවට යා හැකිවිය. යාපනය නගරයද අළුත් අත්දැකීමක් වු බව සදහන් කල යුතුව ඇත.
විශේෂයෙන් ඉන්දියානු රෙදි පිලි, රසකැවිලි, විදේශිය සන්නාමයෙන් යුතු ටොෆී , චොක්ලට් වෙළද පලෙහි සුළභ විය. රන් ආභරණ වෙළද පලද, ආකර්ෂණීය බව සදහන් කල යුතුය.
අපේ කන්ඩායමට නවාතැනෙන් බැහැරව යාපනයේ ආහාර ගැණිමේ උවමනාවක් තදින්ම තිබුන බැවින් ඒ සදහා ද උදේ සහ දහවල් ආහාර යාපනයේ ඌරුවට ලබා ගත්තේ තවත් අළුත් අත්දෑකීමක් එක් කරමින්ය.
මීලග වියමනෙන් ඩෙල්ප් දූපතට.
2022-06-07
අප්‍රසන්නවු ප්‍රසන්න.
👨👨👨👨👨👨👨👨👨👨👨
ප්‍රසන්න
අප්‍රසන්න මාතෘකාවක් බවට පත් වුනා. කොළඹ මහාධිකරණය දුන් තීන්දුවක් වර්තමාන
දේශපාලනයේ සෑබැ යක‍්ෂ මුහුන හෙළිදරවි කලා.
මේ
මග ගියෙත් යන්නේත් බස්නාහිර මහ ඇමති පමනක්
ද ?.
මට
මතක් වුනේ ඉණ්දියාණු දමිළ චිත්‍රපටිවල ඉන්න දේශපාලන චරිත. ඔවුන් දූෂණය. මැරකම්,
කරමින් තම මඩිය පිණිසම අවලම් ජඩ වැඩ කරන්නන්. නිවාස ව්‍යාපෘතින් සදහා දුප්පත්න්ගේ
ඉඩම් කොල්ල කා ගන්නා වෘත්තාන්ත ත් මේ චිත්‍රපටිවල තියෙනවා.
දේශපාලනඥයන්ගේ
කප්පම් ඉල්ලීම් නිසා මේ රට අත්හැර වෙනත් රටවල ආයෝජනය කල විදේශීය ආයෝජකයින් ගැන
මීදුම අහල තියෙනවා. ඒ තරමටම කප්පම් මුදල බරපතලයි. දේශීය ව්‍යාපෘති කරන විට කොන්ත්‍රාත්
කරුවන්ගෙන් කප්පම් ගන්නවා. කප්පම අනුව තමයි ව්‍යාපෘතිය ලැබෙන්නේ. මේ පේලියට
දේශපාලකයා, ඉන්ජ්නේරුවා ගේ පටන් වැඩපරිපාලකයාත්
ලිපිගොනුව සකස් කරන ලිපිකරුවා සහ කාකසත් අයත්.
මේ අප්‍රසන්න ක්‍රියාදාමයට තිත තියන්න මහාධිකරනය ගත් තීන්දුව අති විශිෂ්ඨයි. නීතිපති දෙපාර්තමේන්තුවත් තම කොදු ඇට පෙල යම්කිසි ප්‍රමානයකට ශක්කිමත් බව පෙන්නුවා. අනෙක් දේශපාලනඥයොත් මෙය ආදර්ශයට ගෙන විනය ගරුක වුනොත් යහපත් වගේම ජනතාවද අවධියෙන් සිටිය යුතුයි.
අධිකරනය
. ව්‍යවස්ථාදායකය විධායකය ස්වාධීන කනු තුනක් මත පිහිටියා නම් රාජ්‍ය සුවපත් වේවි.
බොහෝම කාලයකින් .
බොහෝම කාලයකින් සටහනක් මීදුමට වියමන් කලේ නැහැ. වියමන් නොකරපු කාලේ බොහෝම විපර්යාසයන් සිද්ධවෙලා තියෙනවා. අළුත් රජයක් අළුත් ජනාධිපතිවරයෙක් ඇවිත් අද වන විට ඒ ආයතන දෙකම අර්බූදයට ලක්වෙලා. රටත් අර්බූදයට ලක්වෙලා. ජනතාවගේ ආහාර, ඇදුම් පැළදුම් පවා ඒ අර්බූදය විසින් ගිල ගෙන.
අපේ බලාපොරොත්තුව රට දියුණු වෙනවා දකින්න. රට දියුණු වෙනවා නම් ජනතාවගේ ආර්ථිකය, මානසිකත්වය දියුණුවට පත්වෙනවා. ඒත් අද මේ සියල්ල පරිහාණියට පත්වෙලා. දියුණුවට ජනතාවත් කැපවීමකට ලක්වෙන්න ඕන. ජනතාවට ආදර්ශයක් වෙන්න පාලකයොත් කැපවීම් කරන්න ඕනි. පාලකයෝ දක්වන්නේ කකුළු න්‍යායක්. ඔවුන් හරහට යන ගමන් ජනතාවට කෙලින් යන්න කියනවා.
සහනාධාර මත රැදී රටක් දියුණු වේද ?. මෙයත් ප්‍රශ්නයක්.
අධ්‍යාපනය , සෞඛ්‍ය , නොමිලේ ලබා දෙනවා. ඉන්ධන , විදුලි බිල .වතුර බිල වැනි දේ සදහා රජය සහන සලස්වනවා. මේ සහනාධාරයන් ඒ ඒ ආයතනයන්ට කපා හැරියොත් මිළ ඉහල යනවා. ජනතාව මේ ක්‍රමයට හුරුවෙලා. මේ ක්‍රමයෙන් බැහැර වෙන්න ගියාම ආණ්ඩුව කරන අයගේ අම්මා අප්පා මතක් කරනවා.
ආණ්ඩුව ලෝකේ වටේ දුවනවා ණය......ණය .........ණය හොයා ගෙන ජනතාවට කන්න දෙන්න. ඉන්ධන අඩු මිළට හොයා දෙන්න. මේවා නිෂ්පාදන පිරිවැය නෙවෙයි. පරිභෝජන පිරිවැය. කාලා බීලා , වාහනෙන් රවුමක් ගියාම ණය වාෂ්ප වෙලා යනවා. ආපහු ගෙවන්නේ කොහොමද ?.
මේ සහනාධාර දෙන ක්‍රමවේදය රටකට ඔරොත්තු දෙන්නේ නැහැ.සහනාධාර සැපයිය යුතු කොටස් ඉන්නවා. ඒත් අද වෙන්නේ සහනාධාර නොදිය යුතු කොටසටත් සමගම සියල්ල සහනාධාර සැපයීම. ඉන්ධන තැන හිතමු . V8 පදින අයට වගේම ස්කූටරයේ තෙමි තෙමී අවුවට කර වෙවි යන කෙනාටත් ලැබෙන්නේ එකම සහන මිලට ඉන්ධන.
ඉන්ධන විතරක් නෙමෙයි. සෞඛ්‍ය පහසුකම් සියල්ලටම නොමිලේ සැපයිය යුතු නැහැ. අධ්‍යාපන පහසුකම් සියල්ලටම නොමිලේ සැපයිය යුතු නැහැ.
මේ දිගට සාකච්ඡා කල යුතු මාතෘකාවක්. කලකට පසු මීදුමට ආ මම දිගටම වියමන් කරන්න බලාපොරොත්තු වනවා. අපි හමුවෙමු. නැවතත්.





























.jpg)




