තෙරුවන් සරණයි .
ලොව දිනු පුවත දැනගෙන පින්වත් කුමරූ සත් පියුමන් පිපුණි පින් සුවඳින් මියුරූ සිහිකර යළිත් අසිරිය සිදුවූ අයුරූ සමරමු වෙසක් මෙවරත් මිතුරු
--- වේද ගීතයක්
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
ජීවිතය
සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.
විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි
ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.
රබීන්ද්‍රනාත් තාගෝර්
වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.
2014-02-08
2014-02-07
අවලම් දේශපාලනය.
දේශපාලකයන්ගේ අරමුනද රටේ සංවර්ධණය වඩා තමන්ගේ සංවර්ධනය බවට වෙනදාට වඩා අද කැපී පෙනෙන්නකි. සාර ධර්ම නැති මිනිසුන්ගෙන් සමාජය සාර ධර්ම බලාපෙරොත්තු විය යුතු නැත.
ධනය රැස්කිරීමේ අභිලාෂය වෙනුවෙන් කොයිතරමක් වුවත් අවලම් ක්‍රියා මුදවා හැරීමට මේ දේශපාලක ඇත්තන්ට හිරිකිතයක් නැත.
මේ 07 වෙනිදා “දිවයින” කතුවැකියයි.
“……………………….ශ්‍රී ලංකාවේ දේශපාලනය ඉතාම කලහකාරී ත්‍රාඩ අවධියකට පත්ව තිබේ. 1948 න් පසු ක්‍රමයෙන් ඉදිමෙන්නට පටන් ගත් ශ්‍රී ලාංකීය දේශපාලන දේහය ශ්‍රී ලංකා, යූ. එන්. පී. සහ දෙමළ දේශපාලන පක්‍ෂ මගින් ඉහඳ තබන ලදුව කුණු වී, සැරව පිරී පුපුරා යැමට ආසන්න තත්ත්වයේ පවතී. එහෙත් මෙය කවදාවත් පුපුරන්නේ නැත. හේතුව එකී තුවාලය තුළ ගැවසෙන ඉහඳ පණුවන් එය පුපුරා යැමට ඉඩ නො දීම ය. මෙය අර්බුදය නඩත්තු කිරීමකි. එකකුගේ අර්බුදය අනෙකාගේ පැවැත්ම ය. එම අර්බුදය සමථයකට පත් වීම ඒකාගේ මරණය ය. ශ්‍රී ලංකාවේ පවතින කුණු ගඳ ගසන තුවාලය සුව වුවහොත් එහි වෙසෙන පණුවන් සියලුම දෙනාට මිය යන්නට සිදු වෙයි.
බස්‌නාහිර සහ දකුණ යන පළාත් සභා දෙකෙහි නාම යෝජනා තේරීම් කමිටුවට ඉදිරිපත් වූ සමහර අපේක්‍ෂකයන්ගේ ස්‌වභාවයෙන් ම මේ රටේ දේශපාලනය ගැන තක්‌සේරුවක් ලබා ගැනීමට හැකි විය. ඔවුන් නොමිනේෂන් අත්සන් කිරීමට පෙර රූපවාහිනී චැනලවල සංවාද මණ්‌ඩපවලට සහභාගි වී තම දේශපාලන නීචත්වයේ සෙලුව විදහා දැක්‌වී ය. එබඳු එක් අපේක්‍ෂකයකු පිළිබඳ කතාව මෙසේ යá කැසිනෝ සහ ගණිකා වෘත්තීය නීතිගත කළ යුතු බව පසුගිය දිනෙක ප්‍රසිද්ධ ගායකයෙක් පැවැසී ය. එය ඔහුගේ මතය යි. රූපවාහිනී චැනලයක් හරහා එම ගායකයාගේ මතය විවේචනය කළ ඡන්ද අපේක්‍ෂකයක් කියා සිටියේ එම ගායකයාගේ දියණිය ගණිකා වෘත්තියෙහි යෙදවිය යුතු බව ය. ඉතාම කනගාටුදායක කරුණ වූයේ එම අපේක්‍ෂකයා ද ගායකයකු වීම ය. එ මතු ද නොව ඔහු රට ජාතිය ආගම වෙනුවෙන් දිවි හිමියෙන් කැපව සිටින වටිනා පක්‍ෂයක් වෙනුවෙන් බස්‌නාහිරට තරග කරන කෙනෙකු වීම ය.
එම පක්‍ෂය මේ අපේක්‍ෂකයාගේ නීච සිතුවිලි ගැන හරියාකාරව දැන සිටියේ නම් ඡන්ද අපේක්‍ෂකත්වය ලබා දීම කෙසේ වෙතත් පක්‍ෂ මූලස්‌ථානයේ දොරකඩින් ඇතුළට ගන්නේ නැත. තවකකුගේ දියණියක් ගණිකා වෘත්තියෙහි යොදවන ලෙස ඉල්ලන මේකාට ගැහැනු දරුවන් ඉන්නට ඉඩ ඇතත් ගැහැනු දරුවන් නැතැයි හිත හදා ගැනීම අප කළ යුතු ය. මන්ද මෙබඳු පියවරුන් යටතේ සිටින ගැහැනු දරුවන් අනතුරේ ය.
නාම යෝජනා භාර දීමෙන් පසු ඇතැමුන් විකාර කරන්නට පටන් ගත්හ. පැජරෝවක අලවාගෙන සිටි අපේක්‍ෂක පින්තූර සහ කතිර ලකුණ ගලවා ඉවත් කිරීමට පොලීසිය සූදානම් වූ විට එසේ කළොත් මරාගෙන මැරෙන බවට අපේක්‍ෂකයෙක් පොලිසියට තර්ජනය කළේ ය.
මෙය රූපවාහිනී චැනල මගින් ප්‍රදර්ශනය කරන ලදී. මෙය දේශපාලනය කිරීමක් නොව වියරු ලෙස දැඟලීමකි. මේ මිනිසුන් බලයට ආ දවසට කරන්නේ ද දේශපාලනය නොව තංගල්ලේ හාදයා සුද්දට හා සුද්දිට කළ දෙයම ය.....................”
notes of imaginary
2014-02-06
2014-02-05
2014-02-03
2014-02-01
දවසේ හෙයිම්මාරුව.
මීදුමට හදුන්වා දෙන අළුත්ම චරිතය. අදින් පස්සේ වචනෙන් දෙකකින් මොනවා හරි කියාවි.
අද පෙබරවාරි 01 පාන්දරම ගෙදර ජරමරයක්. ඊයේ නාමයෝජනා ලැබිලා පලාත් සභාවට ඉල්ලන්න. පලවෙනි මනාපය ගෙදරින් ලැබුනේ ඔන්න ඔය විදියට.
වලං පිගන් එන්න කලින් දුවනවා.
පණ බේරගෙන මේ දුවන්නේ
නාම යෝජනාව ටිෆෙක්ස් කර ගන්න.
notes of imaginary
2014-01-31
අපොයි! ඡණ්ද වියදම්.
තමුන්නාන්සේල “උන්නත් දාහයි - මළත් දාහයි “ - අපිට උන්නත් මලත් බිංදුවයි. ගම්මන්පිල මහත්තයෝ !!.
ශ්‍රී ලංකාවේ හැමදාමත් මැතිවරණ තිබේ. පලාත් පාලන, පලාත් සභා ,පාර්ලිමේන්තු සහ ජනාධිපතිවරණ යනාදී කී නොකී මැතිවරන සෑම වසරේම රටේ කිනම් ප්‍රදේහයක හෝ පැවත්වීමට අවස්ථාව යෙදෙන ලෙස මැතිවරණ කාල සටහනක් ඇත. මේ සම්බනධව ජේ.ආර්.ජයවර්ධණ මහතාට ජනතාව පින්දිය යුතුය. මේ මැතිවරණ ගැනත් වියදම් ගැනත් අප බොහෝ වියමන් කර ඇත.
මැතිවරණ සදහා ප්‍රධාන දේශපාලන පක්‍ෂ විසින් නාමයෝජනා ලබා දෙන අය දෙස බැළුවිට ඡණ්දපොලට ගොස් ඡණ්දය භාවිතා කිරීමේ උවමනාව දවසින් දවස පිරිහී යන බව සටහන් කළ යුතුය. දේශපාලන පක්‍ෂ වල නායකත්‍වයට අවශ්‍ය පරිදි ඉදිරිපත් කරන නාමයෝජන ලබනවුන් ගැන ඡණ්දය දෙන අපිට කවදාවමත් අභියෝග කල නොහැක. අපිට කළ හැක්කේ හොදම හොල්මනට ජණ්දය දීම පමණකි .
රටට ඵලදායි මෙන්ම දේශපාලනය ගැන දැනුම්වත් පිරිසක් ඉදිරිපත් කිරීමට වඩා සබන් කැටයක් අළවි කරගන්නට යොදන වෙළද දැන්වීම් මෙන් මැතිවරණ සදහාද වෙළද දැන්වීම් ඉදිරිපත් කර ප්‍රධාන පක්‍ෂ තම ගොඩ ලොකු කර ගැණීමට උත්සහා කිරීම දේශපාලනයේ සොහොන් ලකූණු විද්‍යාමාන වීමක් ලෙස වියමන්කරු සලකයි. . අනාගතයේදී අපේක්‍ෂකයන් ලෙස අවතාරද ඉදිරිපත් කර කෙසේ හෝ මැතිවරණ ජයගැණිමට ප්‍රධාන පක්‍ෂ සැලසුම් කරනු ඇත..
මේ වැඩකට නැති ඡණ්ද සදහා මහජනතාවගේ බදු මුදලින් උපයා ගන්නා මුදල් කන්දරාව වියදම් කරන අන්දම පිලිබද උදාහරණයක් පහත දක්වමු.
බස්‌නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණය සඳහා රුපියල් කෝටි 120 ක් වැය වනු ඇතැයි මැතිවරණ දෙපාර්තමේන්තුව ඇස්‌තමේන්තු කර ඇත.
Ø පොලිස් දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 200 ක්‌ද
Ø තැපැල් දෙපාර්තමේන්තුවට මිලියන 100 ක්‌ද
Ø ඉන්ධන සඳහා මිලියන 40 ක්‌ද
Ø මිලදී ගැනීම් සඳහා රුපියල් මිලියන 300 ක් ද
වැය වනු ඇතැයි දෙපාර්තමේන්තුව ගණන් බලා ඇත.
අවසන් වරට පැවැති උතුර, වයඹ හා මධ්‍යම පළාත් සභා මැතිවරණයට රුපියල් මිලියන (කෝටි 87 ක්) 876 ක් වැය වී ඇතැයි මැතිවරණ කොමසාරිස්‌වරයා මාධ්‍යයට පවසා තිබිනි.
Ø රුපියල් මිලියන 150ක් පොලිස් දෙපාර්තමේන්තුවටත්
Ø රුපියල් මිලියන 79 ක්
Ø තැපැල් දෙපාර්තමේන්තුවටත් රුපියල් මිලියන 24 ක් ඉන්ධන සඳහාත්
Ø මිලියන 91 ක් සැපයුම් හා සේවා
වැය වී තිබේ.
මේ දියවී යන්නේ ප්‍රජතන්ත්‍ර අයිතිවාසිකම්වල වටිනාකමයි.
notes of imaginary
2014-01-28
නස්රුදීන් - කථා දෙකක් .
හැමුදුරුවෝ බණ කියනවා. ශ්‍රාවක සැදැහැතියන් අහගෙන ඉන්නවා. කිසිම සද්ද බද්දයක් නැහැ. සමහරු නිදිකිරා වැටෙනවා. තවත් සමහරු බන අහනවා විතරයි ප්‍රතිචාරයක් නැහැ. මළ ගෙවල් පේලියක් සමග හත් දවසේ බණ සහ දානේ ගෙවල් පේලියක් ආව පසුගිය සති දෙකේ. එක් බණ ගෙදරකදී විතරයි මම දැක්කේ අසන්නෝ ප්‍රබෝධයකින් බණ අහණවා. ඒ බණ ගෙදර හාමුදුරුවෝ බණ කිව්වේ නෑ. බණ සාකච්චා කලා.
බොහෝම දෙනා බණ ගෙවල් වල යන්නේ බණ අහන්න නෙමෙයි. හාමුදුරුවෝ බණට වඩිනවත් එක්ක “ මට පුංචි වැඩක් තියෙනවා ගිහිල්ලා එන්නම් කියලා බණ අහන එක මග අරිනවා. මල ගෙදර ස්තුති කථාව අවසන් වෙන්නේ බණට ආරාධණා කරන ගමන් “ අහවල් දවසේ බණ පසුදා දානයට එන්න ඕනි “ කියලා. ඒ නිවේදනයට අනුගත වෙලා බොහෝම දෙනෙක් දානේ ගෙදර යනවා. ;
කොහොම උනත් බණ ගෙදර ගිහින් තේ එකක් බීලා මූණ පෙන්නලා ෂේප් වෙනවා.
මේ වගේ බණ ගෙදරක මිදුලේ වට වෙලා සතුටු සාමිචියේ යෙදුන පිරිසක් අතරින් එක් අයෙක් කියු නස්රූදීන්ගේ කතාවක් අහගෙන ඉන්න ලැබුනා.
නස්රුදීන් පන්සල් යන කෙනෙක් නෙමෙයිනේ. එයා යන්නේ මුස්ලිම් පල්ලියට.
දවසක්දා නස්‌රුදීන් පල්ලියට යනවා. පල්ලියෙ මිදුලේ රැස්‌වෙලා ඉන්න මිනිස්‌සුන්ට බරපතල දේශනයක් දෙනවා පුජක තුමා. දෙවියන් ගැන. මේ කාලෙ දෙවියන් අපේ ලෝකෙට එන්නේ නෑ. ඒකට හේතු කාරනා පහදනවා.
මේ කාලයේ මිනිසුන්ට ධාර්මික සිතිවිලි නැහැ. නිතරම මිනිස්සු ඉන්නේ යක්‌ෂයා වැහිලා. දරුණු සිතිවිලි වලිනි හිත් පුරවා ගෙන. සර්පයෝ වගේ විෂයි. ඩිංග බැරි වෙන කොට දෂ්ඨ කරනවා. මේ හින්දා දෙවියෝ වුනත් අපේ ලෝකෙට එන්න බයයි.
නස්‌රුදීන් මේ මතයට එකඟ නැහැ. ඔහු ඊට තම බලවත් විරෝධය පෑවා. නස්‌රුදීන්ගෙ විරෝධය ගණන් නොගත්ත පූජකතුමා දේශනාව දිගටම කරගෙන ගියා. නස්රුදීන්ටත් තම අදහසට මායිම් නැතිව දේශනාව පවත්වා ගෙන යනවාට මරු කේන්තියි.
නස්රුදීන් පිරිස මැදට පැනලා පූජකතුමාට කියනවා “ දෙවියන් නොඑන හේතුව හරියටම දැනගන්න ඕනෙ නම් ඔය බොරු දේශනාව ටිකකට නවත්වනවකෝ “ කියල.
මෙහෙම දාපු සද්දෙට මෙල්ල වුන පූජක තුමා අහනවා නස්රුදීන්ගෙන් “ ඇත්තටම දෙවියන් මේ ලෝකෙට නොඑන හේතුව මොකක්ද ? කියලා.
නස්රුදීන් උත්තර බදිනවා .” දැන් ඉස්‌සර වගෙ නොවෙයි දෙවියො නොඑන්නෙ මේ කාලේ මෝඩයො අඩුයි නේ. දෙවියන් දකින........ “ කියලා. පූජකතුමාට හිතන්න ටිකක් වෙලා යනවා. හරියට වැටහෙන කොට දකින්නේ නස්රුදීන් අඩියට දෙකට පහු බහිනවා. යකා නැග්ග පූජකතුමා නස්‌රුදීන්ට බැණ බැණ නස්‌රුදීන්ව ලුහු බදිනවා. එනපොට හොඳ නැති බව තේරුම් ගත්ත නස්‌රුදීන් පහු බහින ගමන්ම තම සොයා ගැනීමේ ඉතිරි කොටසත් සම්පූර්ණ කළා.
“හා බොරුද කියල බලනවා - ඔය මෝඩයා හොයාගෙන යන්නේ දෙවියෙක් නෙමෙයිද කියලා ?.”
මාත් ඥාති නොවන බණ ගෙවල්වල ගියාම මූණ පෙන්වලා මාරු වෙනවා. එහෙම නූන බණ ගෙදරක හාමුදුරුවේ දේශනා කරපු බණක මතක සටහන් ආයෙත් දවසක කියවමු.
notes of imaginary


















ම.png)
