ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

පොසොන් පෝය 29 වෙනිදා.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2012-10-13

පුංචිත්තාගේ ආහාර රටාව 2.


මාස හතරේ සිට හය දක්වා.

පුංචිත්තාට එකම පරිදි ආහාර ලබා දීමෙන් අහාර රුචිය අඩුවන බැවින් අහාර රටාව විවිධාංගීකරණය කිරිම සුදුසුවිය.මාස හතරෙන් පසු මාස හය දක්වා සීනී සහ ළුනු රහිතව පොඩි කරන ලද තලපයක් සේ සකස් කර පහත දැක්වෙන ආදර්ශය පරිදි වට්ටෝරුවක් සකස් කිරීමෙන් අහාර රටාවේ ඒකාකාරී බව  ඉවත්විය.

ඉරිදා
Ø  බත් සමග කඩල,බටර්, සහ පළා  කොලØ  බත් සමග හාල්මැස්සෝ සහ කැරට්Ø  බත් සමග වට්ටක්කා සහ පරිප්පු
සදුදා
Ø  බත් සමග පොල්කිරි ස්වල්පයක් එකතු කර පිසින ලද අළුත්මාළු,සහ පලා කොල
Ø  බත් සමග  බතල ,සහ පලා කොල
Ø  බත් සමග  කඩල පරිප්පු ,සහ පලාකොළ
අගහරුවාදා
Ø  බත් සමග බිත්තර ,කැරට් ,සහ පලා කොළØ  බත් සමග පරිප්පු සහ බෝංචිØ  බත් සමග  වට්ටක්කා සහ ලීක්ස්
බදාදා
Ø  බත් සමග කව්පි ,බටර් සහ පළාකොලØ  බත් සමග හාල්මැස්සෝ සහ ලීක්ස්Ø  බත් සමග අළුත්මාළු  සහ පලා කොළ 
බ්‍රහස්පතින්දා
Ø  බත් සමග කඩල සහ පළා  කොලØ  බත් සමග  හාල්මැස්සෝ සහ බෝංචිØ  බත් සමග  කඩල පරිප්පු සහ බටර්
සිකුරාදා
Ø  බත් සමග අළුත් මාළු,පරිප්පු සහ පළාකොලØ  බත් සමග පොල්කිරි  කුඩා ප්‍රමාණයක් මිශ්‍රකර පිසින ලද කැරට්,Ø  බත් සමග කව්පි, වට්ටක්කා සහ ලීක්ස්
සෙනසුරාදා
Ø  බත් සමග බිත්තර සහ කැරට්,Ø  බත් සමග හාල්මැස්සෝ වට්ටක්කා සහ ලීක්ස්Ø  බත් සමග බෝංචි සහ පරිප්පු
සෑම දිනකම ප්‍රධාණ කෑම වේල් අතරට
Ø  බටර්  සහ චීස් අවස්ථානෝචිතව ලබාදීමØ  දිනකට දෙවරක් පලතුරු යුෂ ලබාදීම ( ගස්ලබු ,අලිගැට පේර, කෙසෙල්, දෙළුම් වැනි)

notes of imagin

2012-10-06

රුවල් ඉරී ගිය නෞකාවේ..........




රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවානෙනි,
නොගිලී දළ රල පෙර අතරේ -
මා හා නොහැකිය ගොඩ බිමකට
රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවානෙනි..............

පාළුවු  නිහඩ පරිසරයක් තුල
දෑස් පියාගෙන මම මේ  ගී හඩ අසා සිටියෙමි. ..................................

දෝතට එක් කල වැසි දිය පොවමින්- පවසට
ඉරුණ රුවල් රෙදි දවටා තබමින් - උනුහුමට
මා රැක ගත් ඔබ රැක ගතයුතු මේ අද දින
දියඹේ නවතිමි  - මැන පෙරමග තනියම

සිතිවිලි සමග මලාණිකවු දෙනෙත රෝහල් සිවිලිමේ කම්මැලි කමින් කැරකෙන පන්කාව මත නතරව හඩාවැටෙන්න විය  ජීවිතය පිළිබද සියළු උත්සහායන්  බලාපොරොත්තු සිදී බිදී ගොස්
ජීවිතය නතරවන්නට
සුදානම් වන මේ මොහොතේ ........... ඔබෙන් වෙන්ව යා යුතු නිමේෂය ලංව ඇත.

රුවල් ඉරී ගිය නෞකාවේ............
සුන්බුන් නැව් බද දියඹත් වි යයි.
හෙමිහිට අත්හල මැන දැන් මෙතුවක් මට බැදි සෙනෙහස
දෑස පියා ගෙන මා බිලි දී දිය ගැබරට
ගැලවි යන් මැන මේ විපතෙන් සිත දැඩි කොට.

ජීවිතය දුක් කරදර මැද විසිරීයයි.මා හා බැදි සෙනෙහස අත් හැරීමට අපහසුය. එහෙත්  කම්පාවෙන් වුවද මා අත්හැරිය යුතු මොහොත
කෙමෙන් කෙමෙන් ලංවන බව සිහිපත් කල යුතුය..
මා හා රැදී සිටිමින්   පලක් නොවන්නේය.එබැවින් ඔබ මේ විපතින් ගැලවී යනු මැනවි.
අප දෙදෙනාටම මෙයින් ගැලවී එක්ව යා නොහැකිබව මට මෙහොතින් මොහොත චිත්‍රණය වෙයි..

රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවානෙනි,
නොගිලී දළ රල පෙර අතරේ
මා හා යා නොහැකිය ගොඩ බිමකට
රුවල් ඉරී ගිය නෞකාවේ .
ගලන අදුරක් සමග විදුලි පංකාව භ්‍රමණය වන්නේද නොවන්නේද
මට නොතේරේ.අවට පරිසරය සිසිල් වන්නාසේය. මහත් සැනසිල්ලක් සැහැල්ලුවක් සමග මා පාව යන්නේ
ඔබ හා බැදි සෙනෙහස සමග සමුදුර වෙරලට  විය යුතුය. 




notes of imaginary


විශාරද නන්දා මාලණිය ගයන
මේ ගීතයයේ පදවැල
මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ගේ.


2012-10-03

පුංචිත්තාගේ ආහාර රටාව 1.




පුංචිත්තා නිසා විවේකය දුරුවී ගියත් තුන්වන පරම්පරාවේ අත්දැකීම් විදගන්න ලැබීම මිහිරක් බවට පත්විය.
අපට සිගිති විය සිහිනයකි.  දෙවන පරම්පරාවේ අත් දැකීම් ඒ යුගය හා ගලපන විට වර්තමාන දෙමව්පියන්ගෙන් අපේ කාලයේ මිත්‍යාව දුරුවී යලිත් මහපොළවට පහත් වී ඇති බව සිතිය හැක. අසූව දශකයේ බිලිදු ආහාර මව්කිරෙන් බැහැරව පිටිකිරි, විවිධ වෙළද නම් වලින් යුත් ධන්‍යමය ආහාර වලින් පුරවන්නට එකල දෙමව්පියන්ගේ මෝස්තරයක් විය. අද වන විට ඒ මිත්‍යාව යම් තරමකින් පහව ගොස් ඇත.

මේ වියමන වෙන්වන්නේ  පලමු මාස හතරේ පුංචිත්තාගේ ආහාර රටාව ගැන  සටහන් පල කිරීමටය.

අපි හා එක්වු පුංචිත්තා හට පලමු පැය බාගයේ සිටම  මව්කිරි උරා බීමට වසනාව ලැබීය. එතැන් පටන් මාස හතරක් ගත වන තෙක් පුංචිත්තා රස බලමින් මව්කිරි බීවේය. මාස හතර පිරෙන තෙක් ළදරු පිටිකිරි වර්ග කොත්තමල්ලි, දියර කරන ලද ග්ලුකෝස් ,තැඹිලි, ජලය සහ ආයුර්වේද කල්ක වර්ග නොදීමට වග බලා ගත්තේය.


මාස හතර ඉක්මවු දින පටන් ක්‍රමයෙන් අර්ධ ඝණ ආහාර සහ පලතුරු වර්ග වලට පුහුනු කරන ලද පුංචිත්තා තවමත් දියළුනු සහ සීනි රහිතවම පහතින් පලවන සරල උපකරනයෙන් පොඩි කර දියර ගතිය වැඩිවනසේ සිටින පල්පයක් ලෙස සකස් කල ආහාරයන්ට ප්‍රියමනාපය.
පළමු දින දෙක බත් මේස හැදි දෙකක් පමන ගෙන හොදින් පොඩි කර පුංචිත්තාට හුරු මව් කිරි රස ලබා දීම සදහා දොවා ගත් මව් කිරි ස්වල්පයක් එකතු කර සකස් කරන ලද ආහාර වේලට  හුරු පුරුදු කරන ලදී. පසුව ක්‍රමයෙන්  පුංචිත්තාට ප්‍රමානවත් වන පරිදී දිනෙන් දින ආහාර වේල වැඩි කරමින් සකස් කරන ලදී .මව් කිරි මිශ්‍ර කිරීමද අත්හිටවන ලදී. පසුව සහල් මේස හැදි දෙකකට පරිප්පු තේ හැන්දක් මිශ්‍රකර තලපයක් මෙන් සකස් කර ප්‍රධාන ආහාර වේල් දෙක සකසන ලදී.

පස්වන මාසය අවසන් වන විට ක්‍රමයෙන්  ප්‍රධාන මේ අයුරින් සකස්  කර ගත් ආහාර වේල් දෙකට අමතරව පෙරවරු 10.00ට පමනත් පස්වරු 3.00 පමනත් සීනී රහිතව පැපොල් , කෙසෙල් ,අලි ගැට පේර වැනි පලතුරු වර්ග පොඩිකර පල්පයක් ලෙස සකස් කර පුංචිත්තාට පිරිනැමීම  කිරීම සිදුකලේය. පුංචිත්තා මේ රටාවට  බොහෝම කැමැත්තෙන් හුරු පුරුදු විය.

අමතරව මේ කාලය තුලද පුංචිත්තාහට  මව් කිරී බීම ද තම කැමැත්ත පරිදි සිදු කිරීමට පහසුකම් සැලස්වීය.


කොටස් කරන ලද ඇසුරුම.


භාජනයට කොටස්  බහා තබා ගත  හැකි  අයුරු.

notes of imaginary

2012-09-28

රුවල් ඉරී ගිය නෞකාවේ - විශාරද නන්දා මාලනී.



රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවානෙනි,
නොගිලී දළ රල පෙර අතරේ - මා හා නොහැකිය ගොඩ බිමකට
රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවානෙනි,
දෝතට එක් කල වැසි දිය පොවමින්- පවසට
ඉරුණ රුවල් රෙදි දවටා තබමින් - උනුහුම
මා රැක ගත් ඔබ රැක ගතයුතු මේ අද දින
දියඹේ නවතිමි  මැන පෙරමග තනියම
රුවල් ඉරී ගිය නෞකාවේ............
 සුන්බුන් නැව් බද දියඹත් වි යයි.
හෙමිහිට අත්හල මැන දැන් මෙතුවක් මට බැදි සෙනෙහස
දෑස පියා ගෙන මා බිලි දී දිගැබරට
ගැලවි යන් මැන මේ විපතාන් සිත දැඩි කොට.


රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවානෙනි,
නොගිලී දළ රල පෙර අතරේ - මා හා නොහැකිය ගොඩ බිමකට
රුවල් ඉරී ගිය නෞකාවේ


දෙනෝ දහක් නුවන් අතරේ 











දෙනෝ දහක් නුවන් අතරේ
කවුදෝ මා තනි කලේ තනිකලේ පාසල් බිමේ
සිනා කෙලිලොල්
 දෙතොල් රහසේ

ගැලු තැන් අද ගොළු වෙලා
සොදුරු පාසල් පිසේ කදුලිනි බොදවෙලා
කැදැල්ලෙන් ඔබ වෙන්වෙලා.
නිබද ඔබ මා ඇවිද ගිය තැන්
සෙවන දුන් ගහ කොල පුරා
බිමට බරවුන කැකුළු අතු ඉති මැලවෙලා
දුකින් හදවත ගොළු වෙලා
දෙනෝ දහක් නුවන් අතරේ

කවුදෝ මා තනි කලේ තනිකලේ පාසල් බිමේ




2012-09-23

පුංචිත්තා අපට ගායනය පුහුණුකලේය.




පුංචිත්තා සංගීතයට සංවේදී දරුවෙකි. නැලවිලි ගීයක් පුංචිත්තා සුව නින්දක් කරා ගෙන යන වාහකයක් බව අපට හදුනා ගත හැකිවිය. පුංචිත්තා වෙනුවෙන් නැලවිලි ගී පාඩම් කර ගැණිමට අපට සිදුවිය.
“ඔන්න බබෝ ගුරු එනවා - අඩන ලමයි අල්ලනවා
අල්ල අල්ල විකුණනවා - විකුණ විකුණ රා බොනවා “

වැනි නැලවිලි ගී ගායනා කිරීම පුංචිත්තාගේ ආත්තම්මා විසින්  සපුරා තහනම් කලේය.
පුංචිත්තා බයකිරීමටත් නරක පුරුදු පිළිබදව පුර්වාදර්ශයක් සැපයීමත් මේ ගීතයෙන් සිදුවන බව ඇගේ අදහස විය.


දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා......
දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා

අතට වෙරළු ඇහිදගෙනේ
ඉනට පලා නෙලා ගෙනේ
බරටම දර කඩා ගෙනේ
එයි අම්මා විගසකිනේ.

දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා......
දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා

බෝනික්කා නිදියනවා.
සුදු නංගා නිදියනවා
මල් ගවුමේ මල් පිපිලා
මල් මැද්දේ නිදියනවා

අම්මා ගියා පොලේ නගේ
අප්පා ගියා පහල වෙලේ 
සීයා ඇවිත් අරන් ගියේ
අක්කා හැදූ සරංගලේ

සුදු ගවුමක් අන්දාලා
දූ යනදා ස්කෝලේ
ලේන්සුවේ මල් මහලා
එල්ලන්නම් හැඩ දමලා

දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා......
දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා

සුදු මාමා ගේ සුදු වස්සා 
කිරි බීලා උඩ පැන්නා
පිලිකන්නේ බළුකුක්ා
කිරි ඉල්ලා මට බිරුවා.
පූසී පැටව් කිරි බීලා
අම්මා වටේ නිදියනවා.
අම්මා ඇවිත් කිරි දුන්නා
මගේ පුතත් දොයියනවා.

දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා......
දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා

සුදුම සුදුයි වලා කුලේ
නිදියනවා පුතා මගේ
ඈත හදේ හා පැටියා නිදියනවා පුතා වගේ
තරු නිවිලා නිල් අහසේ
නිදියනවා පුතා මගේ
මට පැටියා ඇහැරෙනවා
හෙට උදයේ මලක් වගේ.

දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා......
දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා

ඹන්න බබෝ ඇතින්නියා - ගල් අරඹේ සිටින්නියා
ගලින් ගලට පනින්නිය - බබුට බයේ දුවන්නියා.

දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා......
දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා

ඔටුන්නකෝ මේ පැත්තේ
දිව සළු කෝ කොයි පැත්තේ
දැසි දැස්සන් හැම පැත්තේ
රජ කුමරින් මෙහි නැත්තේ


රන්දෝලා ගෙන එන්නම්
කසී රටෙන් සළු දෙන්නම්
රන් කොතෙලෙට කිරි දෙන්නම්
පුතා මගේ නලවන්නම්

පිරිවර  මල් ගෙන එන්නම්
මල්මාලා පලදන්නම්
කතරෙන් දිය ගෙන එන්නම්
පුතා මගේ රැක ගන්නම්

හැමදාමත් නිදියනකම්
පුතා ලගින් මම ඉන්නම්
කවි කියලා නලවන්නම්
පුතා ලගින් මම ඉන්නම්

දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා......
දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා


සමහරක් නැළවිලි ගීත දු වරුන් වෙනුවෙන් වෙන් වුනත් පුංචිත්තා රිද්මයට පමණක් අවධාණය යොමු කරන බැවින්  ඒ බව නොසලකා හැරීම අප සිරිතක් කර ගත්තේය. පුංචිත්තා දැඩි අවධාණයකින් ගීත ශ්‍රවණය කරමින් සුව නින්දක් කරා යන්න පුරුදු විය. නින්දෙන් අවදි වනතුරු අපට මද විරාමයක් ලැබීය.



notes of imaginary