Success is getting what you want. Happiness is wanting what you get.>

සාර්ථකත්වය යනු ඔබ කැමති දේ ලබා ගැනීමයි. සතුට යනු ඔබට ලැබෙන දෙය රැක ගැනීමයි.

Mind precedes all knowables, mind’s their chief, mind-made are they. If with a corrupted mind one should either speak or act dukkha follows caused by that, as does the wheel the ox’s hoof.

(වේදනාදි චෛතසික) ධර්‍මයෝ සිත පෙරටු කොට ඇතියහ. සිත ශ්‍රේෂ්ඨ කොට ඇතියහ. සිතින් ම උපදනාහ. ඉදින් පහන් සිතින් කියන්නේ නම් හෝ කරන්නේ නම් හෝ ඒ හේතුවෙන් සැපය ඔහු කැටුව යෙයි. නොහැර කැටුව යන සෙවණැල්ල මෙනි.

I think nature’s imagination is so much greater than man’s, she’s never going to let us relax.

ස්වභාවධර්මයේ පරිකල්පනය මිනිසාගේ පරිකල්පනයට වඩා බෙහෙවින් වැඩි ය, ඇය කිසි විටෙකත් අපට විවේකීව සිටීමට ඉඩ නොදේ.

But I say to you, Love your enemies and pray for those who persecute you, so that you may be sons of your Father who is in heaven; for he makes his sun rise on the evil and on the good, and sends rain on the just and on the unjust.

නමුත් මම ඔබට කියමි, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න, ඔබට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න, එවිට ඔබ ස්වර්ගයෙහි සිටින ඔබේ පියාණන්ගේ පුත්‍රයෝ වන්නහුය. මක්නිසාද ඔහු නපුරටද යහපත් අයටද තම හිරු උදා කරවනසේක.

“….so whenever guidance comes to you from Me, then whoever follows my guidance, then there will neither be any fear on them nor will they grieve.” Ayat 38

"....එබැවින් මා වෙතින් ඔබට මගපෙන්වීම පැමිණෙන විට, කවුරුන් හෝ මාගේ මඟ පෙන්වීම අනුගමනය කරයිද, එවිට ඔවුන් කෙරෙහි කිසිඳු බියක් හෝ ශෝකයක් ඇති නොවේ." ආයට් 38.

Sunday, September 23, 2012

පුංචිත්තා අපට ගායනය පුහුණුකලේය.




පුංචිත්තා සංගීතයට සංවේදී දරුවෙකි. නැලවිලි ගීයක් පුංචිත්තා සුව නින්දක් කරා ගෙන යන වාහකයක් බව අපට හදුනා ගත හැකිවිය. පුංචිත්තා වෙනුවෙන් නැලවිලි ගී පාඩම් කර ගැණිමට අපට සිදුවිය.
“ඔන්න බබෝ ගුරු එනවා - අඩන ලමයි අල්ලනවා
අල්ල අල්ල විකුණනවා - විකුණ විකුණ රා බොනවා “

වැනි නැලවිලි ගී ගායනා කිරීම පුංචිත්තාගේ ආත්තම්මා විසින්  සපුරා තහනම් කලේය.
පුංචිත්තා බයකිරීමටත් නරක පුරුදු පිළිබදව පුර්වාදර්ශයක් සැපයීමත් මේ ගීතයෙන් සිදුවන බව ඇගේ අදහස විය.


දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා......
දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා

අතට වෙරළු ඇහිදගෙනේ
ඉනට පලා නෙලා ගෙනේ
බරටම දර කඩා ගෙනේ
එයි අම්මා විගසකිනේ.

දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා......
දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා

බෝනික්කා නිදියනවා.
සුදු නංගා නිදියනවා
මල් ගවුමේ මල් පිපිලා
මල් මැද්දේ නිදියනවා

අම්මා ගියා පොලේ නගේ
අප්පා ගියා පහල වෙලේ 
සීයා ඇවිත් අරන් ගියේ
අක්කා හැදූ සරංගලේ

සුදු ගවුමක් අන්දාලා
දූ යනදා ස්කෝලේ
ලේන්සුවේ මල් මහලා
එල්ලන්නම් හැඩ දමලා

දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා......
දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා

සුදු මාමා ගේ සුදු වස්සා 
කිරි බීලා උඩ පැන්නා
පිලිකන්නේ බළුකුක්ා
කිරි ඉල්ලා මට බිරුවා.
පූසී පැටව් කිරි බීලා
අම්මා වටේ නිදියනවා.
අම්මා ඇවිත් කිරි දුන්නා
මගේ පුතත් දොයියනවා.

දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා......
දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා

සුදුම සුදුයි වලා කුලේ
නිදියනවා පුතා මගේ
ඈත හදේ හා පැටියා නිදියනවා පුතා වගේ
තරු නිවිලා නිල් අහසේ
නිදියනවා පුතා මගේ
මට පැටියා ඇහැරෙනවා
හෙට උදයේ මලක් වගේ.

දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා......
දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා

ඹන්න බබෝ ඇතින්නියා - ගල් අරඹේ සිටින්නියා
ගලින් ගලට පනින්නිය - බබුට බයේ දුවන්නියා.

දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා......
දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා

ඔටුන්නකෝ මේ පැත්තේ
දිව සළු කෝ කොයි පැත්තේ
දැසි දැස්සන් හැම පැත්තේ
රජ කුමරින් මෙහි නැත්තේ


රන්දෝලා ගෙන එන්නම්
කසී රටෙන් සළු දෙන්නම්
රන් කොතෙලෙට කිරි දෙන්නම්
පුතා මගේ නලවන්නම්

පිරිවර  මල් ගෙන එන්නම්
මල්මාලා පලදන්නම්
කතරෙන් දිය ගෙන එන්නම්
පුතා මගේ රැක ගන්නම්

හැමදාමත් නිදියනකම්
පුතා ලගින් මම ඉන්නම්
කවි කියලා නලවන්නම්
පුතා ලගින් මම ඉන්නම්

දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා......
දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා


සමහරක් නැළවිලි ගීත දු වරුන් වෙනුවෙන් වෙන් වුනත් පුංචිත්තා රිද්මයට පමණක් අවධාණය යොමු කරන බැවින්  ඒ බව නොසලකා හැරීම අප සිරිතක් කර ගත්තේය. පුංචිත්තා දැඩි අවධාණයකින් ගීත ශ්‍රවණය කරමින් සුව නින්දක් කරා යන්න පුරුදු විය. නින්දෙන් අවදි වනතුරු අපට මද විරාමයක් ලැබීය.



notes of imaginary

Tuesday, September 18, 2012

පුංචිත්තා බාලගිරිට එරෙහි විය.




පුංචිත්තා රෝහලේ සිට නිවසට පැමීනියේ දෙසැම්බර් අවසන් සතියේ නත්තල් සීතලත් රැගනය. නිවසට පැමිණි මුල් සති දෙක තුන පරිසරයට අළුත් කාලසටහනටත් හුරුවීම පුංචිත්තාට අපහසු විය.
 මේ නිසා පුංචිත්තා වරින් වර පෙරලි කරන්න (අඩන්න) පටන් ගත්තේය.

අපිටද පුංචිත්තා ගේ චර්යා රටාවට අනුගත නොහැකිවීම නිසා වෙන් පුංචිත්තාට ඇතිවන අසහනතා තේරුම් ගැණිම අපහසුවිය. දුර ගමනක යෙදී ඇති නිසා දවසින් වැඩි කාලයක් නිදා ගත්තේය. පුංචිත්තාට නිදා ගන්නට දහවල රෑය කියා වෙනසක් නොමැතිය.  සමහර රාත්‍රී කාලයේ පැය ගණන් අවදියෙන් සිටියේය.දහවල්කාලයම සුවසේ නිදන්නේය. එක් දිනක රැයක් නොනවත්වාම අඩන විට පුංචිත්තා උණුසුම් වනසේ පොරොනයන්ගෙන් වට කලේය. පුංචිත්තා නිදහසේ  සුව නින්දක්  ලබාගත්තේය.  එදා සිට පුංචිත්තාට අවහිරයක්වු දේශගුණික වෙනසක් ඇති නොවන්නට අපි වග බලා ගත්  නිසා  සීතලට මෙන්ම උනුසුමට ඇඩීම නතරවුනේය. පුංචිත්තාට කිරි බීම සදහාද කාලසටහනක් නොතිබුනේය. මව් කිරි ලැබුන විට උරා බොමින් බඩ පුරවා ගත්තාය. අපිද වරින් වර මව්කිරි දීමටවග බලාගත්තාය.   දවසට හය හත් වාරයක් තෙත රෙදි මාරුකරමින් ප්‍රමානවත් කිරි ප්‍රමානයක් ලැබුන බව අප  සිතා ගත්තාය.
පුංචිත්තා සමහර විටක නින්දෙන් සිනහවිය. සමහර විටක තොල කණපිට පෙරලාගෙන අඩන්න සැරසුනේය. සමහර විටක ටිකක් හැඩුවේය. පෙර විසූ ආත්මය පිළිබඳව සිහිනෙන් දැක මේ පෙරලි කරන බව   අපේ කුඩා අවදියේ අසා ඇත.ඒත් පරිසර සාංකූලතා වලට පුංචිත්තා දක්වන ප්‍රතිචාර මේයයි අප සිතා ගත්තාය.  එකලත් දැනුත් සමහර වැඩිහිටියෝනිතර දරුවන් හඩන්නේ නම්  දරුවට  "බාලගිරි දෝෂය  ඕකට මතුරන්න ඕනී. නැත්නම හරි යන්නේ නෑ.කියා සිතන්නේය
ආහාරත් පරිසරයට සංවේදීවීමත්  ඔහුට ගැලපෙන අයුරින් සකස් කර දුන් විට  සුවසේ නිදා ගත් නිසා පුංචිත්තාට බාලගිරි දෝෂය පිලිබදව හැගීමක් නොවු බව අප සිතාගත්තේය.  අපට නිවසේ දොරකඩ හෝ පුංචිත්තගේ කාමරයට පිවිසෙන දොරෙහි හෝ  බාලගිරි අද නොවේ හෙට“ යන්න සදහන් දැන්වීම් පුවරුවක් එල්ලීම අවශ්‍ය නොවීය. පිරිත් පොත මෙට්ටය යටත්, යකඩයක් ඇද ඉස්මත්තේ තැබීමත් අවශ්‍ය නොවීය.

බාලගිරි ගැන ඇති අතීත කතාව මීදුම අසා ඇත්තේ මේ අයුරින්ය.ඉපදී අවුරුද්දක් යන තුරු එක්‌ එක්‌ මාසයට එක් යක්‌ෂ යක්‌ෂනියක බැගින් යක්‌ෂ යක්‌ෂනියන්  දොළොස්‌ දෙනෙකු බිලින්දන්  ලගට එන බවත් , එසේවිත් බිලින්දන් වඩා ගන්නත් බිය ගන්වන්නත් උත්සහා කරන්නේය. මින් බාලගීරි, නීලගිරි, මදනගිරි, සඳුන්ගිරි, සහ අඳුන්ගිරි යක්‌ෂ යක්‌ෂනියන්  යන අය මේ කටයුත්ත කිරීමට දක්‍ෂයින් බව සදහන්ය.


මෙවන් දෝෂ තිබෙන විට කුඩා බිළිඳන්ට එම දෝෂ නැති කිරීමට නිතර රතන සූත්‍ර භාවිතය, රතන යන්ත්‍රය සාදවා කොට්‌ටයට පැළඳවීම, ඒ වගේම බාල ගිරි දෝෂයට සුවඳ දූප අඅල්ලීම  සහ  අබ, සුවඳ කොට්‌ටං, පුදාහල මල්, කොහොඹ කොළ, බෙලි කොළ, නයි හැව, සුදු ළුණු යනාදිය පැඟිරි තෙල්, තල තෙල් සමඟ මුසු කර රතන සූත්‍රයෙන් ජපකර දුම් ඇල්ලීමෙන් බිලින්දනට  සහනයක්‌ ලැබෙන බව වැඩිහිටි මතයක් ඇත. "බාලගිරි අද නොවේ හෙටයි" යනුවෙන් පත් ඉරුවක ලියා දරුවා සිටින කාමරයේ දොරකඩ එල්ලීමද සමහරක් නිවස්වල ඉදිරිපස එල්ලා තැබීමද කරන අය සිටිති.

පුංචිත්තා බාලගිරිට එරෙහිවු බැවින්  මේ කිසිවක් කිරීමට අපට අවශ්‍ය නොවීය.


notes of imaginary

Monday, September 17, 2012

පුංචිත්තාගේ ලෝකය.





ජීවිත නාටකයට තවත් එක් ජවනිකාවක් එකතු වෙමින්  එහි සීයාගේ චරිතය රගපාන්න මීදුමට අවස්ථාව නියම විනි. ඒ  බව මීදුම කියවන ඔබට දැනෙන්න ඇත්තේ මීදුමේ පලවන වියමන් නොමැතිවීමෙන් විය යුතුය.

පුංචිත්තාගේ ලෝකය විසිතුරුය. පුංචි ලෝකයේ විසිතුරු කියන්නට පෙර පුංචි එවුන් හා පුංචි එවුන්ගේ දෙමව්පියන් වැළද ගන්නා මිත්‍යාව නිසා පුංචි එවුන් විදිගන්නා අපහසුතා ගැන කතා කරන්න පුංචි ත්තාගේ සීයාට අත්දෑකීම් ඇතිවිය.

මින් දශක තුන හතරකට පෙර මව් කිරෙන් බැහැරවු පුංචිත්තාලා අද මවු කිරට එකතු වී ඇති බව මීදුම වියමන් කරන්නේ බලවත් සතුටකින් යුතුය. ඒ අතීත අම්මලා වෙළදපලේ ඇති නානා නම්වලින් පිරි ළදරු කිරිපිටි වල නම් කියමින් උජාරු වු අතර මව්කිරි පමනක් දෙන අම්මලා හෑල්ළුවට ලක් කලේය. පසු කාලයක් වන විට ළදරු කිරිපිටි ටින් එකේ මූනතට “මව්කිරි දීම අගනා බව“ සදහන් වැකියක්  එකතුව ජනතාවගේ ආකල්පමය වෙනසක් ඇති කිරීමට රජයන්ට නීති නියෝග පැනවීමට සිදුවිය.වර්තමානයේ වෛද්‍යවරුන් සහ උපදේශකවරුන් බිලිදු අවධියේ සිටම දරුවන්ට මව්කිරි දීමේ වැදගත් කම මවුවරුන්ට ලබා දෙන්නේය. ඔවුන් බහුජාතික සමාගම් වල වෙළද නියෝජිතයෝ නොවී කරන මෙම සත්කාර්ය අප සැවොම අගේ කල යුතුය.

අපේ පුංචි එකාගේ දැන් වයස මාස අටක් වී ඇත. පුංචි එකා පළමු මාස අටේ මවු කිරි පමනක් උරා බී මෙන් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගෙවා දැම්මේය.මාස හතර ඉක්මවු පසු අර්ධ ඝණ ආහාරවලට හුරු කලේය. මුල් මාස දෙක දියර ස්වභාවයටත් මාස හයේ සිට දියර ස්වභාවය අඩු කරමින් තලපයක් ලෙස ආහාර සකස් කර දෙන්නත් පුරුදු විය.

මීදුම සියා කෙනෙක් වී මුණුපුරා වැඩෙන හැටි නිරීක්‍ෂණය කලේය. මේ වියමනේ සිට පලවන්නේ ඒ නිරීක්‍ෂනයේ වාර්තාවන්ය.

notes of imaginary

Tuesday, September 11, 2012

මෙයයි ආශ්චර්ය !.

notes of imaginary

Wednesday, August 29, 2012

මොනාලිසා සංචාරයක ගිහින්

ඇෆ්ගනිස්ථානයේ මොනාලිසෘ

අප්‍රිකාවේ මොනාලිසා

ඩුබායි මොනාලිසා

ඊජිප්තුවේ මොනාලිසා

ඉන්දියාවේ මොනාලිසා

ඉරානයේ මොනාලිසා

ක්වයිට් මොනාලිසා

පාකිස්ථානයේ මොනාලිසා

පලස්තීනයේ මොනාලිසා

සියරාවේ මොනාලිසා

එක්සත් රාජධාණියේ මොනාලිසා

ලියෝනා ඩා වින්සිගේ නියම  මොනාලීසා 


notes of imaginary

Monday, August 27, 2012

ප්‍රේමයේ සිරකරුවෙකුවු ෂා ජාහාන් - ටාජ් මහල්



ලොව පුදුමයන් අටෙන් එකක් ලෙස අප හදුන්වන නිර්මාණයන් අට අතරට එක්වු ටජ්මහල් මණ්දීරය ආදරවන්තියක සිහිපත් කිරීමට ආදරවන්තයෙකු විසින් ඉදි කරනලද සදාතනිකවු සිහිවටනයකි. මෝගල් අධිරාජ්‍යෙයකුවු සජාහාන් රජතුමා(ක්‍රි.. 1627 – 1658)  17 හැවිරිදි මුම්ටාස් කුමරිය හා විවාපත්වුයේ 1612 වසරේ මාර්තු මස 13 දිනදීය. සජාහාන් සහ මුම්ටාස් යුවලට දරුවන් 13 දෙනෙක් වුහ . විවාහයෙන් පසුව සජාහාන් රජතුමා ඈ තම අගමෙහෙසිය බවට පත්කර ගත්තේය. මුම්ටාස්මහල් දේවිය 14 වෙනි දරු ප්‍රසූතියට මුහුණ දෙමින් සිටි අවස්ථාවේ අධික රුධිරවහනය වලක්වා ගත නොහැකිව තම ජීවිතය බේරාගැණිමට අසමත්ව මියගියාය.
එකිනෙකා කෙරෙහි තද බැදීමක් ඇතිව සිටි රජතුමා තම මෙහෙසියගේ වියෝවෙන් පසු ජීවිතයේ බලවත් මානසික පසු බෑමකට ලක්වු බව මුලාශ්‍රයන් කියවන විට අනුමාන කල හැක. ඔහුගේ ශෝකය තුණි කර ගනුවස් තම ආදරවන්තිය වෙනුවෙන් සිහිවටනයක් ඉදි කිරීම ඔහුගේ අරමුන විය මේ නිසා ජීවිතයේ අවසාන කාලයේ තම පුතෙකුගේම සිරකරුවෙකු බවට පත්ව මාළිගය තුලම කාමරයක සිරකරුවෙකුව ජීවත්ව මිය ගිය බව සදහන්ය.
විශාරද සනත් නන්දසිරියන් ගයන මේ ගීතය ඔබ රසවිද   ඇති බව නිසක ය. එම ගීතයේ පදමාලාව කියන්නේ සජාහාන්ගේ සිතිවිලි යයි මගේ සිත කියයි.
එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ.
හෙටදින මා එනතුරු එහි නිදන්න දේවියේ.
නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ..යමුනා තීරේ..
ආදර සැමරුම් කැටිවූ නෙතු කඳුළින් මුතු පබළු
නිමල මැදුර බලා වඩින්න දේවියේ.
මහද අඳුරු ලෙන අතහැර වඩින්න දේවියේ..
දහසක් මිණි මල් ලිය කම්..පෙම පිදු වූ රන් කැටයම්..යමුනාවේ 
තරඟ මතින් මත පිළිබිඹු වේවා..චමත් කාර අතීත සඳ යළිත් ජනිත වේවා..
අපගේ පෙම් පුරාවතින් දෙරණ හෙළු කඳුළු ගලා-මැදුරක කිරිගරුඬ පවුරු පබා කැළුම් දේවා..
සනාතන වූ පෙම් සිතුවම් එහි සටහන් වේවා.
ආදර සැමරුම් කැටිවූ නෙතු කඳුළින් මුතු පබළු-නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ..යමුනා තීරේ..
එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ..
හෙටදින මා එනතුරු එහි නිදන්න දේවියේ..

මුම්ටාස් මහාල් (MumtazMahal) ගේ නමේ අග කොටස වන "මහල්" යන්න ටජ්මහල් යන නාමය බිදි ආ බව පැවසෙයි. මධ්‍යතන යුගයේ භාරතය පාලනය කළ මෝගල් රාජ පරම්පරාවේ ‍පස්වන පාලකයා වූ ෂා ජහන් අධිරාජ්‍යා තමා අතිශයින්ම ආදරය කළ මුට්ටාස් මහල් දේවියගේ මරණයෙන් පසු ඇය වෙනුවෙන් ඉදිකළ අද්විතීය සිහිවටනය ටාජ්මහල් මන්දිරයයි.
අග නුවර යමුනා නදී තීරයේ අතිශයින් සුන්දර පරිසරයක මෙම ආදර සිහිවටනය ඉදිකොට තිබේ. ස්මාරකයේ වැඩ ආරම්භ කරන ලද්දේ ක්‍රිස්තු වර්ෂ 1632දීය.

 කම්කරුවන් විසි දහසක් පමණ යොදාගෙන ඉදිකිරීම් අවසන් කිරීමට අවුරුදු විසි දෙකක පමණ කාලයක් ගතවී ඇත. මුළු ගොඩනැගිල්ලම කිරිගරුඩ ග‍ලෙන් නිමවා ඇත. ගොඩනැගිල්ල, පොකුණු, උද්‍යානයද යමුනා නදිය එක්ව ගත් කල අතිශයින්ම දර්ශනීය ස්මාරකයක් බවට පත් වී ඇත.
ඔහු සියළු රාජ්‍ය කටයුතු වලින් බැහැරව අවුරුදු විසි දෙකක්ම මියගිය තම මෙහෙසිය වෙනුවෙන් කාලය ගත කරමින් මේ මහා ස්මාරකය ඉදිකරිම නිසා රටවැසියා නෙසන්සුන්වුවා විය හැක. එහි ප්‍රතිපලයක් ලෙස වෙනත්  බිසවකට දාව උපන් පුතකු වූ අවුරන්ග් සෙබ් රාජ්‍ය බලය අල්ලා ගෙන සජාහාන් සිරකරුවෙකු බවට පත් කර ජීවිතාන්තය දක්වා මාලිගයේ කාමරයක සිරකර තැබුවේය.ඉන් වසර අටකට පසුව 1666 එක්තරා දිනෙක ටජ්මහල දෙසටම දෙනෙත යොමුකොට මරණය සොයා ගොස් සිටි සාජහාන්ගේ දේහයද මුම්ටාස් අසලින්ම මිහිදන් කෙරිණි.
notes of imaginary

Sunday, August 26, 2012

විශ්වාස කරනවාද ?.


I don't know whether this is true.......... Unbelievable













notes of imaginary

Saturday, August 25, 2012

ටජ්මහල් සහ තවත් පැනෝරාමා


ටජ්මහල් වලට මෙතනින් යන්න.

http://www.airpano.ru/files/Taj-Mahal-India/2-3

ඔබට තවත් නැරඹිය හැකි පැනෝරාමා කිහිපයක්



මේ ලින්ක් එකෙන් තවත් පැනෝරාමා.