ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

ලොව දිනු පුවත දැනගෙන පින්වත් කුමරූ සත් පියුමන් පිපුණි පින් සුවඳින් මියුරූ සිහිකර යළිත් අසිරිය සිදුවූ අයුරූ සමරමු වෙසක් මෙවරත් මිතුරු

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2012-08-27

ප්‍රේමයේ සිරකරුවෙකුවු ෂා ජාහාන් - ටාජ් මහල්



ලොව පුදුමයන් අටෙන් එකක් ලෙස අප හදුන්වන නිර්මාණයන් අට අතරට එක්වු ටජ්මහල් මණ්දීරය ආදරවන්තියක සිහිපත් කිරීමට ආදරවන්තයෙකු විසින් ඉදි කරනලද සදාතනිකවු සිහිවටනයකි. මෝගල් අධිරාජ්‍යෙයකුවු සජාහාන් රජතුමා(ක්‍රි.. 1627 – 1658)  17 හැවිරිදි මුම්ටාස් කුමරිය හා විවාපත්වුයේ 1612 වසරේ මාර්තු මස 13 දිනදීය. සජාහාන් සහ මුම්ටාස් යුවලට දරුවන් 13 දෙනෙක් වුහ . විවාහයෙන් පසුව සජාහාන් රජතුමා ඈ තම අගමෙහෙසිය බවට පත්කර ගත්තේය. මුම්ටාස්මහල් දේවිය 14 වෙනි දරු ප්‍රසූතියට මුහුණ දෙමින් සිටි අවස්ථාවේ අධික රුධිරවහනය වලක්වා ගත නොහැකිව තම ජීවිතය බේරාගැණිමට අසමත්ව මියගියාය.
එකිනෙකා කෙරෙහි තද බැදීමක් ඇතිව සිටි රජතුමා තම මෙහෙසියගේ වියෝවෙන් පසු ජීවිතයේ බලවත් මානසික පසු බෑමකට ලක්වු බව මුලාශ්‍රයන් කියවන විට අනුමාන කල හැක. ඔහුගේ ශෝකය තුණි කර ගනුවස් තම ආදරවන්තිය වෙනුවෙන් සිහිවටනයක් ඉදි කිරීම ඔහුගේ අරමුන විය මේ නිසා ජීවිතයේ අවසාන කාලයේ තම පුතෙකුගේම සිරකරුවෙකු බවට පත්ව මාළිගය තුලම කාමරයක සිරකරුවෙකුව ජීවත්ව මිය ගිය බව සදහන්ය.
විශාරද සනත් නන්දසිරියන් ගයන මේ ගීතය ඔබ රසවිද   ඇති බව නිසක ය. එම ගීතයේ පදමාලාව කියන්නේ සජාහාන්ගේ සිතිවිලි යයි මගේ සිත කියයි.
එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ.
හෙටදින මා එනතුරු එහි නිදන්න දේවියේ.
නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ..යමුනා තීරේ..
ආදර සැමරුම් කැටිවූ නෙතු කඳුළින් මුතු පබළු
නිමල මැදුර බලා වඩින්න දේවියේ.
මහද අඳුරු ලෙන අතහැර වඩින්න දේවියේ..
දහසක් මිණි මල් ලිය කම්..පෙම පිදු වූ රන් කැටයම්..යමුනාවේ 
තරඟ මතින් මත පිළිබිඹු වේවා..චමත් කාර අතීත සඳ යළිත් ජනිත වේවා..
අපගේ පෙම් පුරාවතින් දෙරණ හෙළු කඳුළු ගලා-මැදුරක කිරිගරුඬ පවුරු පබා කැළුම් දේවා..
සනාතන වූ පෙම් සිතුවම් එහි සටහන් වේවා.
ආදර සැමරුම් කැටිවූ නෙතු කඳුළින් මුතු පබළු-නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ..යමුනා තීරේ..
එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ..
හෙටදින මා එනතුරු එහි නිදන්න දේවියේ..

මුම්ටාස් මහාල් (MumtazMahal) ගේ නමේ අග කොටස වන "මහල්" යන්න ටජ්මහල් යන නාමය බිදි ආ බව පැවසෙයි. මධ්‍යතන යුගයේ භාරතය පාලනය කළ මෝගල් රාජ පරම්පරාවේ ‍පස්වන පාලකයා වූ ෂා ජහන් අධිරාජ්‍යා තමා අතිශයින්ම ආදරය කළ මුට්ටාස් මහල් දේවියගේ මරණයෙන් පසු ඇය වෙනුවෙන් ඉදිකළ අද්විතීය සිහිවටනය ටාජ්මහල් මන්දිරයයි.
අග නුවර යමුනා නදී තීරයේ අතිශයින් සුන්දර පරිසරයක මෙම ආදර සිහිවටනය ඉදිකොට තිබේ. ස්මාරකයේ වැඩ ආරම්භ කරන ලද්දේ ක්‍රිස්තු වර්ෂ 1632දීය.

 කම්කරුවන් විසි දහසක් පමණ යොදාගෙන ඉදිකිරීම් අවසන් කිරීමට අවුරුදු විසි දෙකක පමණ කාලයක් ගතවී ඇත. මුළු ගොඩනැගිල්ලම කිරිගරුඩ ග‍ලෙන් නිමවා ඇත. ගොඩනැගිල්ල, පොකුණු, උද්‍යානයද යමුනා නදිය එක්ව ගත් කල අතිශයින්ම දර්ශනීය ස්මාරකයක් බවට පත් වී ඇත.
ඔහු සියළු රාජ්‍ය කටයුතු වලින් බැහැරව අවුරුදු විසි දෙකක්ම මියගිය තම මෙහෙසිය වෙනුවෙන් කාලය ගත කරමින් මේ මහා ස්මාරකය ඉදිකරිම නිසා රටවැසියා නෙසන්සුන්වුවා විය හැක. එහි ප්‍රතිපලයක් ලෙස වෙනත්  බිසවකට දාව උපන් පුතකු වූ අවුරන්ග් සෙබ් රාජ්‍ය බලය අල්ලා ගෙන සජාහාන් සිරකරුවෙකු බවට පත් කර ජීවිතාන්තය දක්වා මාලිගයේ කාමරයක සිරකර තැබුවේය.ඉන් වසර අටකට පසුව 1666 එක්තරා දිනෙක ටජ්මහල දෙසටම දෙනෙත යොමුකොට මරණය සොයා ගොස් සිටි සාජහාන්ගේ දේහයද මුම්ටාස් අසලින්ම මිහිදන් කෙරිණි.
notes of imaginary

2012-08-26

විශ්වාස කරනවාද ?.


I don't know whether this is true.......... Unbelievable













notes of imaginary

2012-08-25

ටජ්මහල් සහ තවත් පැනෝරාමා


ටජ්මහල් වලට මෙතනින් යන්න.

http://www.airpano.ru/files/Taj-Mahal-India/2-3

ඔබට තවත් නැරඹිය හැකි පැනෝරාමා කිහිපයක්



මේ ලින්ක් එකෙන් තවත් පැනෝරාමා.

2012-08-04

ඔන්න ඔහොමයි මම නිව්ටන් උනේ

Add caption



නිව්ටන් ලා ගැන කියන කොට අයිසෙක් නිව්ටන් එහෙමත් මතක් වෙනවා.අපේ ගමේ  පාරක් තියෙනවා.මේ පාර සබරගමුව විශ්ව විද්‍යාලය හරහා සමනල වැව දක්වා ගොස් සමනල වැව ඩෑම් එක පාමුලෙන්   තවත් ඈතට යනවා. මේ පාර හැදුවේ 1 97 8 වගේ කාලෙක. මේ පාරේ එක තැනක් නම් කරන්නේ මගුල් පොකුණකියලා. එක වංගුවක් තියෙනවා  . ඒ වංගුව හදුන්වන්නේ නිව්ටන් වංගුව “  කියලා.

මේ පාර හදපු රජයේ කොන්ත්‍රාත් සමාගමේ (SD&CC)  නිව්ටන් කියලා නම ඇති රියදුරු  මහතෙක්  සේවය කලා. ඔහු පදවන ලද ට්‍රැක්ටරය  මේ කියන වංගුවේදී අනතුරකට පත්වෙලා නිව්ටන් රියදුරු මහතා  මියගියා . එදා ඉදන් අද වෙනකම් මේ වංගුව නිව්ටන් වංගුව “   කියලයි හදුන්වන්නේ.

මේ රියදුරු මහතා රස කතා කියන්න හරි දක්‍ෂයි.වැඩ කටයුතු එවර වෙලා වැඩ බිමේ කදවුරේ තාවකාලිව ඉදිකරලා තිබුන නිවහනේ  ඉදගෙන හීන් අඩියක් දාගත්තම රසකතා කියන නිව්ටන් අයියා  කාගෙත් රස වතෙක්. දවසක් මාතෘකා උනේ නිව්ටන් අයියට තමන්ගේ නම වැටුන හැටි.
මල්ලීලා උඔලා දන්නවද මට මේ මළ හත්තිලව් නම හැදුනේ කොහොමද කියලා ?. පුශ්නයක් අහගෙනම නමේ පුරාවෘත්තය කියන්න පටන් ගත්තා

මගේ පුංචිම කාලේ  නම සිරිසේනමේ සංකර නම මට වැටුනේ මට හැදුන ලෙඩක් හින්දා.මම පොඩි කාලේ බොරු කියනවා. කට ඇරියොත් කියන්නේ බොරු !. අම්මයි අප්පච්චියි කොච්චර කිව්වත් මගේ පුරුද්ද නම් නැතිවුනේ නෑ. මෙහෙම කාලයක් ගතවුනා. මට පුංචි ගොතයක් ඇතිවෙන්න පටන් ගත්තා. අවුරුද්දක් දෙකක් යන කොට මේ ගොතේ තවත් වැඩිවුනා. අම්මා කියාපු  මම අ......අ ම්...බා  කියලා කිව්වේ  බොහොම අමාරුවෙන්. දවසක් මට මතකයි අප්පච්චි  බිත්තියේ ගාන්න කියලා තීන්ත ටින් එකක් ගෙනල්ලා මේක මළයට දෙන්න කිව්වා. මම මළයට මේ තීන්ත ටින් එක දීලා තිත්....තිත්......තියන්න කිව්වම මේ යෝදයා  තින්ත  ටින් එක එවර වෙනකම්ම  බිත්තිය පුරාම තිත් තිව්වා.
 හොදට හිටපු මට කතා කරන්න බැරිවුනාම අම්මයි අප්පච්චියි හරියට දුක්වුනා.දවසක් අම්මයි අප්පච්චියි මාත් එක්ක ගමේ පන්සලේ හාමුදුරුවෝ ගාවට ගිහින්  මට වෙ ලා තියෙන මේ වින්නැහියට සහනයක් බලාපො‍රොත්තු උනා. හාමුදුරුවෝ වෙද කමටත් හරි දක්‍ෂයා. මගේ කට ඇරලා හොදට බලලා  පොඩි එකාගේ දිව කොට වේගෙන යනවා නේ කියලා අප්පච්චි දිහා බලලා කල්පනාවට වැටුනා.

හාමුදුරුවේ කල්පනා කර කර ඉදලා ටික වෙලාවකට පස්සේ මාව ලගට ගත්තා . දැන් මගෙන් නොයෙක් ප්‍රශ්ණ අහනවා. මමත් ගො ගගහා උත්තර දෙනවා. හාමුදුරුවෝ ටික වෙලාවක් මෙහෙම පුශ්න කර කර ඉදලා හ්ම්  එහෙනම් උපාසක මහත්තයෝ මේ පැංචට  මම බෙහෙත් කරන්නම් කිව්වා. බොන්න කෂාය , දිවේ ගාන්න තෙල් ,එහෙම දීලා කිව්වා කලබල නොවී මේ බෙහෙත් ටික කරලා මාසෙකින් විතර පැංචා එක්ක එන්න කියලා.
දෙයිහාමුදුරුවනේ  !.  මාසයක් යන දවසේ මගේ දිව බිමට වැටුනා. කලබල වෙච්ච පාර මම දුවලා දුවලා ගිහින් නතරවුනේ පන්සලේ හාමුදුරුවෝ ලග.හාමුදුරුවේ කලබල වුන බවක් පෙනුනේ නෑ. මගෙන් ඇහුවා අම්මා අප්පච්චිට කියලාද ආවේ කියලා මම අත් දෙක එහාට මෙහාට පද්දල නෑ කිව්වා. ඇබිත්ත කොල්ලා කැන්දපු හාමුදුරුවෝ අපේ ගෙදරට පණිවිඩ ඇරියා මම පන්සලේ ඉන්න විත්තිය කියලා.
 අම්මටයි අප්පච්චිටයි කියල මම පන්ලේ නතර කරගත්ත හාමුදුරුවෝ මට වෙදකම් කරන්න පටන් ගත්තා. උපදෙස් දෙන්න පටන් ගත්තා  . මෙහෙම මාසයක් දෙකක් යන කොට මගේ දිව අයෙත් වැඩෙන්න පටන් ගත්තා මාස හයක් විතර යන කොට මගේ දිව හොදටම වැඩිලා .. හොදට කතා කරන්න පුළුවන් උනා.
හාමුදුරුවො මම පන්සලෙන් එන දවසේ මට කනට කරලා  කිව්වා  "සිරිසේන ලමයෝ අයෙත් බොරු කියන්න න් පටන් ගන්න නම් එපා"  කියලා.
දැන් මට මේ  තියෙන්නේ අළුත් දිවක් . 
මේ වැඩෙන් පස්සේ ගමේ කවුරුත් මගේ නම  සිරිසේන කියන නම වෙනස් කරලා කතා කරන්න පටන් ගත්තා.
ඔන්න ඔහොමයි මම නිව්ටන් උනේ . ( New + tongue )

2012-08-01

පේරාදෙණියේ ශේෂවු සිතුවිලි.






පානුයි පරිප්පුයි දවසක                            බුදුවේවා
ගෝවයි අලයි සැරියුත් මුගලන්                 වේවා
කැන්ටින් හොද්ද නේරන්ජන                   ගග වේවා
සුප්පයියා මුදලාලි කන්තක                      අසුවේවා.
 
වාසිටියේ පච ගස බිමි                              වැටීයන්
කැන්ටින් එක කරන නෝනා                    මැරීයන්
ගුනේ අයියගේ දෙසුම අදවත්                   එවර වෙයන්
බූට් දුන්න කෙල්ලම මට                          ලැබීයන්
 
1st year  පූජ්‍ය                 හිමි
2nd year සිවුර                 අහිමි
3rd year කොක්කක්        හිමි
4th year  දරුවෙක්           හිමි
 
තුට්ටු දෙකිනා කන්සා බිව්වට
කන්න බත්පත නෑ අනේ
මට්ටු නොවෙනා කංසා ලොල්කම
කාට පවසන්නද අනේ
රට්ටු ---නා කතා කිව්වත්
ඊට කම් නැත මස්සිනේ
තට්ටු කරලා මගේ කුටියට
වඩින් කනහුල් සාමිනේ.

2012-07-23

අම්මා සහ මේකලා.



තංගල්ල පොළොම්මාරුව අන්ධ බිහිරි විදුහලෙන් අධ්‍යාපනය ලබා සැමට ආදර්ශයක් සපයන දිරිය සොයුරියණි,,, තංගල්ලේ අපිට නුඹ ආඩම්බරයක්....අපි හැමෝම මේ ලෝකය දකින්නේ එකම විදිහකටද..? නැහ... අපේ ඇස් වලින් අපි ලෝකය දකිනේ එක එක විදිහට... ඒ ඇස් ඇති අපි...ඒත් ඇස් නැති අය, දෙනෙත් අන්ධ අය ලෝකය දකින්නේ අපි දකින ආකාරයටත් වඩා හුගාක් වෙනස් විදිහට... අපි එක එක විදියට ඇස් දෙකෙන් ලෝකය දකිද්දී,, ඇස් නොපෙනෙන අය වෙනස් විදියකට ලෝකය දකිනවා... ඒ ඇස් වලින් නොවේ... හදවතින්... ඇස් දෙක නැතත් ඒ අයට හොද හදවතක් තියනවා... ලස්සන හදවතක්... ලස්සන විදිහට ලෝකය දකින්න, ඔවුන්ට ඒ හදවතින් පුලුවන්... අහන් ඉන්න,,, අහගෙන ඉන්න... මගෙ හදවත,,, මොනවද මුමුණනවා... ඇය හදවතින් ලෝකය දකින යුවතියක්... ඇගේ හදවතින් මුමුණන දේ,, මේ දවස් වල ඇය ගීයකින් ගයනවා... රුව නොවේ, ඇගේ හඩ, ඔබට මේ දිනවල හුගාක් හුරුපුරුදු බව නම් විශ්වාසයි... ඒ ගීය කියන්නේ මෙයාද..? සමහරවිට හිතට කුකුසක් ඇති වෙන්නත් පුලුවන්... විශ්වාස කරන්න... මේ ගීය ගයන්නේ මැයම තමයි... දෙනෙතින් නොව හදවතින් ලෝකය දකින ඇයමයි... ඈ චින්තනී මේකලා ගමගේ... මේකලා උපන්නේ හම්බන්තොට මිද්දෙණියේ තලාව කියන ගමේ... තාත්තා නැහැ... අම්මයි, අක්කලා තුන්දෙනෙකුයි, අයියයි... මේකලා පවුලේ බාලයා... මේකලා මෙලොවට බිහිවෙද්දීම ලෝකය දකින්න වරම් ලැබුනේ නැහැ... ඒත් මේකලා තංගල්ල පොළොන්මාරුව අන්ධ බිහිරි ව්දුහලෙන් උසස් පෙළ දක්වාම ඉගෙන ගත්තා.... පස්සේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ආවා... ඒ ඇවිත් බෞද්ධ සංස්කෘතිය සදහා විශේෂවේදී උපාධියක් ලබාගත්තා... 

ඇස් පෙනෙන අපටත්, අද ඇය මහා ආදර්ශයක් ලබා දුන්නේ එහෙමයි... බෞද්ධ සංස්කෘතිය පිළිබද උපාධියක් ගත් කෙනෙක් ගායනයට යොමුවීම? ඔබට පැන නගින ගැටලුවක් වෙන්න පුලුවන්... "මම උසස් පෙළ දක්වා සංගීතය ඉගෙන ගත්තා... විශ්ව විද්‍යාලයට ආවෙත් සංගීතය හදාරන්න... ඒත් බටහිර සංගීතයට අදාළ ස්වර ප්‍රස්ථාර ගැන බ්‍රේල් ක්‍රමයට කියා දෙන්න ආචාර්යවරුන්ට අවබෝධයක් නැහැ කිව්වා... ඒ අයගේ අකමැත්ත මත මට ඉගෙන ගන්න බැහැනේ... ඒ නිසා බෞද්ධ සංස්කෘතිය උපාධියට තෝරා ගත්තා... ඒත් මම කැම්පස් එකෙන් පස්සේ ජයසිරි සේනාරත්න ගුරුතුමා යටතේ භාත්ඛණ්ඩේ සංගීත ඩිප්ලෝමා විශාරද පාඨමාලාව හදාරන්න පටන් ගත්තා... දැනටමත් ඒ විභාග දෙකත් අවසන්... ඒ බ්‍රේල් ක්‍රමයට..." 

මේකලාගේ හඩට ආදරේ කරන රසික රසිකාවියන් රැසක්ම දැන් බිහිවෙලා... ඇයට ඒ දවස්වල සරසවියෙත් රසික පිරිසක් හිටියා... "ඔව්... පාසලේදීත් එක එක තරගවලට මම ගී ගැයුවා... විශ්ව විද්‍යාලයේදි සංගීතය හැදෑරුවේ නැතත් "හිමිදිරිය", "නළමුදු සුවද" වගේ වැඩසටහන් වලට මම එකතු වුණා... සරසවියේ "ගී පැදුරටත්" සහභාගී වුණා... කැම්පස් එකේදී මම ඒ අංශයෙන් නමක් දිනා ගත්තා... ඒත් මගේ නම රටට ගියේ නැහැ...." මේකලාගේ හඩ රටම හදුනාගත්තේ "අහන් ඉන්න අහගෙන ඉන්න" ගීයෙන්... ඒ වගේම ඇය ගයන තව ගීයක් තියනවා... මට දෙන්න... මට දෙන්න... මොහතකට මට දෙන්න... ඔබේ ඇස් යට නටන... පාට බිදුවක් දෙන්න... 

"දෘශ්‍යාබාධිත අන්ධ ජනසේවා මණ්ඩලයෙන් මගේ දුරකථන අංකය සොයාගෙන දවසක් නලින්ද ප්‍රේමරත්න සොයුරා මට කතා කළා... ඒ විශේෂ අවශ්‍යතා ඇති අය සම්බන්ධයෙන් හදන නාට්‍යක තේමා ගීතය ගයන්න... ඒ නාට්‍යයට තමයි මම "අහන් ඉන්න..." ගීය ගැයුවේ... මේ ගීතය ලියුවේ අක්ෂි තාක්ෂණය පිළිබද විශේෂඥවරියක් වන සෝමලතා හේරත් මැණිකේ මහත්මිය... සංගීතය රුවන් ශ්‍රී වල්පොල සොහොයුරාගේ... මගේ අනෙක් ගීයටත් මේ දෙදෙනාම තමයි දායක වුණේ..." "අහන් ඉන්න..." ගීතය වගේම රූපවාහිනි තිරය ඔස්සේ අපි දකින ඒ ගීයේ රූප රචනය එහෙමත් නැත්නම් විෂුවල් එකත් හැගුම්බරයි... එහි පෙනී සිටින්නේත් මේකලායි... ඒත් ඇයට මේ රූප රචනය කිසිදා දකින්න ලැබෙන්නේ නැහැ... "මේ ගීතය මම වින්දා... ඒත් ඒ තරමට අනෙක් අය විදීවි කියලා මම කවමදාකවත් හිතුවේ නැහැ... 

අපිට සංවේදිවෙන්න පුලුවන්... ඇස් නොපෙනුනත් අපිට විදින්න පුලුවන්... ඒ බව සමාජයටම කියන්නම ඕනේ... ඇස් දෙක නැහැ... ඒ වුණාට අපිට හදවතින් ගනුදෙනු කරන්න පුලුවන්... හදවතින් කරන ගනුදෙනුව හරිම ප්‍රබලයි... මේ ගීතයේ විෂුවල් එක රූගත කළේ අම්බලන්තොට උස්සංගොඩ මුහුදු වෙරළේ... මුහුදු රළ එක්ක ගල් උඩ ඉදගෙන අපි ඒක කළා... හරිම සුන්දර බවක් දැනුනා... ඇස් අන්ධ වුණත් මම මේ විෂුවල් එක දැක්කා... ඒත් හදවතින්... මම විදපු ආකාර‍යට රටේ අනෙක් අය විදීද දන්නේ නැහැ..." අපි හිතනවා දෙනෙත් නොපෙනෙන කෙනෙක්, එහෙමත් නැත්නම් කතා කරන්න බැරි කෙනෙක්, ඒ වගේම විශේෂ අබාධ ඇති කෙනෙක්,,, ඒ ගැන හිතින් දුක් වෙනවා ඇති කියලා... ඒ අපිට හිතෙන සාධාරණ සිතුවිල්ලක්... මේකලා ඊට කදිම පිළිතුරක් ලබාදුන්නේ... "නැහැ... මට දුකක් කණගාටුවක් නැහැ.... ඇස් පෙනෙන්නේ නැති කෙනෙක් වීම ගැන මට කිසිම දුකක් දැනෙන්නේ නැහැ... සමහර සාමාන්‍ය අයට වඩා වැඩි දුරකට මම ඉගෙන ගත්තා... මට උපාධියක් තියනවා... දැන් මාව රටම හදුනාගෙන ඉන්නේ... මගේ ශක්තියෙන් මම ආවා... ඉදිරියටත් මට ශක්තිමත්ව යන්න පුලුවන්... ඇස් දෙකෙන් දකින්න ඕනෑ දේ හදවතට දැනෙනවා නම් ප්‍රශ්නයක් නැහැ... බාධා නම් තියනවා... ඒත් ඒ එන බාධා ජය ගැනීමේ පිනත් මට තියනවා... එනිසා ඒ ගැන දුකක් නැහැ..." මේකලා දැඩි ආත්ම ශක්තියකින් කතා කරන්නේ..
ඇයට ඇය ගැන පුදුමාකාර විශ්වාසයක් ඇති බවයි අපට වැටහුණේ... "මගේ ඇස් දෙක අන්ධ වුණේ උපතින්මයි... මේ ලෝකයට මම ආවේ ඇස් දෙක නැතිව... හොදට පෙනිලා, හිටි හැටියේ නොපෙනෙන්න ගත් අයකුට ඇති වන දුක, මානසික කඩා වැටීම, අපි වගේ උපතින්ම අන්ධ අයට නැහැ... මම පවුලේ බාලයා... පුංචි කාලයේ ඉදලාම අපේ පවුලේ අයගේ ආදරය කරුණාව මට ලැබුනා... ඒ ලැබීම තුළ මානසික ශක්තියක් ලබා ගන්න මට හැකි වුණා... බ්‍රේල් ක්‍රමයෙන් අකුරෙන් අකුර ඉගෙන ගත්තා..." 

මේකලා වගේ කෙනෙක් සරසවියට ආවාම,,, අනෙක හම්බන්තොට වගේ ඈත කොනක ඉදන්,,, කොලඹ පරිසරය, අනෙක් සරසවි සිසුන් ඇයව කොහොම පිළිගන්න ඇත්ද...? "මම පුංචි කාලේ, එක වසරේ ඉදලාම මගේ යෙහෙළිය වුණේ දයානි බණ්ඩාර සොයුරිය... ඈත් මා සමගම සරසවියට ආවා... ඒක මටත්, එයාටත් හයියක් වුණා... ඒ නිසා තනිකම පාලුව දැනුනේ නැහැ... අනෙක මගේ බැජ් එකේ මං වගේ අන්ධ අය පස්දෙනෙක්ම හිටියා... අපි හතර දෙනෙක් හිටියේ එකම කාමරයේ... අනෙක් කෙනා පිරිමි ළමයෙක්... අපි පස්දෙනා නිතරම හිටියේ එකට... අපිට තවත් යාලුවෝ හිටියා... ඒ ඇස් පෙනෙන යාලුවෝ අපිට පොත් කියවා දුන්නා... සමහරු නම් මග හැරියා... පුස්තකාලෙට ගිහින් පැවරුම් ලියද්දි,, සමහර දේ උපුටා ගන්න ඕනේ... ඒ වෙලාවට යාලුවෝ වගේම එයාලගේ අම්මලාත් අපිට ඒවා ලියා දුන්නා..." 

සරසවි ජීවිතයට සමුදී සමාජයට පැමිණීම මේකලාට තවත් අභියෝගයක්... ඒ අභියෝගය ඇයට කෙසේ වෙන්නට ඇතිද...? "මම සරසවියෙන් පිටවූ විගසම ගීතයට යොමු වුණා... ඒ වගේම ගමේ,, තලාව ශ්‍රී ප්‍රඥානන්ද දහම් පාසලේ උගන්වන්න පටන් ගත්තා... මා දිහා සමාජයේ හැම දෙනාම අනුකම්පාවෙන් බලන්න පටන් ගත්තා... ඒත් මම ඒකට කැමති නැහැ... අනුකම්පාව නොවේ, මටත් මං වගේ අනෙක් අයටත් ඕනේ මිත්‍රශීලීත්වයයි..." ඇය උපාධිධාරිණියක්... රැකියා විරහිත උපාධිධාරිණියක්... රැකියාවක අවශ්‍යතාව මේකලාටත් තදින්ම දැනෙන්නක්... "මම තවම යැපෙන්නේ අම්මලාගෙන්... අයියා වඩු වැඩ කරලා, අක්කා ඇදුම් මහලා හම්බ කරන මුදලින් තමයි මමත් යැපෙන්නේ... දෘශ්‍යාබාධිත උපාධිධාරීන් හුගක් ඉන්නවා රැකියා නැතිව... අපිට හැම රැකියාවක්ම කරන්න බැහැ... ඇස් දෙක පෙනෙනවා නම් උපාධිය පැත්තක දමලා ඇගලුම් කම්හලක මහන්න යන්න පුලුවන්... ඒත් ඇස් දෙක පෙනෙන්නේ නැති නිසා ඒක කරන්නත් බැහැ... 

අපිට ගුරු වෘත්තිය කළ හැකියි... රටේ සංවර්ධනයට අපිවත් දායක කරගන්න, කියන ඉල්ලීම තමයි කරන්නේ..." මේකලා අප සමග කළ සාකච්ඡාව නිමා කළේ එක්තරා ඉල්ලීමක්ද කරමින්... "මගේ අම්ම කේ.ඒ.සෝමලතා... නිතරම මගේ කණවැල අල්ලාගෙන මා එක්කම හැම තැනකටම යනවා... මට සෞන්දර්ය විශ්ව විද්‍යාලයෙන් සාහිත්‍ය පිළිබද බාහිර උපාධිය ලබා ගන්න ආසයි... ඒත් දේශනවලට, විවිධ සංගීත වැඩසටහන්වලට නිතරම හම්බන්තොට ඉදලා කොලඹට එන්නේ කොහොමද.? ඒ නිසා මට කොලඹ ඉන්න හිටින්න තැනක් තියනවා නම් ඒක මගේ කටයුතුවලට පහසුවක්..." චින්තනී මේකලා ගමගේ ඇගේ ගායනය ගැන රසික ප්‍රතිචාර දැනගන්න කැමැත්තෙන් ඉන්නේ... ඇය සමග ඕනෑම කෙනෙකුට කතා කරන්න පුලුවන්... ලියන්න පුලුවන්... මේකලාගේ ලිපිනය:- 13/2, මැදකොරටුව, තලාව, කාරියමඩිත්ත... දුරකථන අංකය:- 0723816537

සටහන:- අජිත් අලහකෝන් (2011-12-04 වන දින "දිවයින" පුවත්පතේ "මීවිත" අතිරේකයෙහි පලවූ ලිපියක් ඇසුරෙනී)

http://www.youtube.com/watch?v=paLwq2HUiX0


"අහන් ඉන්න අහගෙන ඉන්න" ගීතය නැරඹීම සදහා ඉහත Link එක මත Click කරන්න....

http://www.youtube.com/watch?v=Mg_nPxc8B9U&feature=related



"මට දෙන්න... මට දෙන්න... " ගීතය නැරඹීම සදහා ඉහත Link එක මත Click කරන්න....

http://www.youtube.com/watch?v=kvXdw2n16PQ&feature=related



"සුසුමක උණුසුම" ගීතය නැරඹීම සදහා ඉහත Link එක මත Click කරන්න....

http://www.youtube.com/watch?v=FRRSy2KF1hg&feature=related



"හිරු මඩල වී සඳවතට එලිය දී විශ්වයම හැඩ කෙරුව ඔබයි මගෙ අම්මා" ගීතය නැරඹීම සදහා ඉහත Link එක මත Click කරන්න....

තංගල්ලේ අපි මුණු පොතට ලියු පෙරවදන

2012-07-19

කදු පාර ඈත අයිනේ. මිල්ටන් මල්ලව ආරච්චි.



අසන්න ආදරය.



කදු පාර ඈත අයිනේ - සද රෑක ඈ සිනාසේ
වේදනා සිතරයේ- ඒ ගීත රාවේ ඇසේවා
ජීවිතේ පුරා............................

කදු පාර ඈත අයිනේ - සද රෑක ඈ සිනාසේ
වේදනා සිතරයේ- ඒ ගීත රාවේ ඇසේවා
ජීවිතේ පුරා............................

යාළුවී දෙවටේ එදා -
කී කතා අසා

යාළුවී දෙවටේ එදා -
කී කතා අසා
යාළුවේ ඇඩුවා සදා  ජීවිතේපුරා

කදු පාර ඈත අයිනේ - සද රෑක ඈ සිනාසේ
වේදනා සිතරයේ- ඒ ගීත රාවේ ඇසේවා
ජීවිතේ පුරා............................
ගං ඉමේ
මාදං කැලේ
පාසලේ පුරා

ගං ඉමේ
මාදං කැලේ
පාසලේ පුරා

මා සොයා ආවා වගේ
වෙන් වෙලා  ගියා...........

කදු පාර ඈත අයිනේ - සද රෑක ඈ සිනාසේ
වේදනා සිතරයේ- ඒ ගීත රාවේ ඇසේවා
ජීවිතේ පුරා        ජීවිතේ පුරා        .ජීවිතේ පුරා.............................





මුල් ගායනය. මිල්ටන් මල්ලවආරච්චි.



2012-07-10

බෙලිහුල්ඔය - හාගල කන්ද






notes of imaginary