ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

ලොව දිනු පුවත දැනගෙන පින්වත් කුමරූ සත් පියුමන් පිපුණි පින් සුවඳින් මියුරූ සිහිකර යළිත් අසිරිය සිදුවූ අයුරූ සමරමු වෙසක් මෙවරත් මිතුරු

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2012-03-01

ඒන්ජල් ඇල්ල angles fall



ඇමරිකානු ගුවන් නියමුවෙකු වන ජිමී ඒන්ජල් 1933 නොවැම්බර් 16 වන දින වටිනා ලෝපස් තට්ටුවක් සොයමින් පියාසර කරන අතරතුර මෙම දිය ඇලි වලට ඉහළින් පියාසර කරන තෙක් මෙම දිය ඇලි බාහිර ලෝකයට දැන සිටියේ නැත. 1937 ඔක්තෝබර් 9 වන දින ආපසු පැමිණි ඒන්ජල් ඔහුගේ ෆ්ලෙමින්ගෝ මොනොප්ලේන්, එල් රියෝ කැරෝනි කන්ද මුදුනට ගොඩබෑමට උත්සාහ කළ නමුත් රෝද වගුරු බිමට ගිලී යාමෙන් යානයට හානි සිදුවිය. පසුව ඔහුට සහ ඔහුගේ බිරිඳ මාරි ඇතුළු ඔහුගේ සගයන් තිදෙනාට පයින් කන්දෙන් බැසීමට සිදුවිය.  නැවත පැමිණීමට ඔවුන්ට දින 11 ක් ගත වූ නමුත් ඔවුන්ගේ වික්‍රමාන්විතය පිළිබඳ පුවත පැතිර ගිය අතර, ඔහුට ගෞරවයක් වශයෙන් දිය ඇල්ල ඒන්ජල් දිය ඇල්ල ලෙස නම් කරන ලදී. 

ඒන්ජල්ගේ යානය හෙලිකොප්ටරයකින්   එසවීමට පෙර කඳු මුදුනේ වසර 33 ක් පැවතුනි. එය මරකේ හි ගුවන් සේවා කෞතුකාගාරයේ ප්‍රතිසංස්කරණය කරන ලද අතර දැන් සියුඩාඩ් බොලිවාර් හි ගුවන් තොටුපළේ ඉදිරිපස එළිමහනේ පිහිටා ඇත.













‘දිය ඇල්ලේ පාදම කෙරෙප් ගඟට (රියෝ ගෞයා ලෙස ද හැඳින්වේ) පෝෂණය වන අතර එය "කැරඕ ගඟේ "අතු ගංගාවක් වන "චුරුන් ගඟ"ට ගලා යයි.
ඔබ දැන සිටියාද දිය ඇල්ලේ උස කොතරම් විශාලද යත්, බිමට ළඟා වීමට පෙර ජලය තද සුළං මගින් පරමාණුකරණය වී මීදුම බවට පත් වේ? මීදුම සැතපුමක් (කිලෝමීටර් 1.6) දුරින් දැනිය හැකිය!

එය "වෙනිසියුලාවේ බොලිවර් ප්‍රාන්තයේ ග්‍රාන් සබානා කලාපයේ "යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වන "කැනයිමා ජාතික වනෝද්‍යානයේ" පිහිටා ඇත. හුදකලා ස්ථානයක් තිබියදීත් එය රටේ ඉහළම සංචාරක ගමනාන්තයකි.





2012-02-19

මුදල් නෝට්ටු 3











2012-02-16

මුදල් නෝට්ටු - 2

1

චීනය

චීනය

ඩෙන්මාර්කය

2

ඊජිප්තුව

3

නැගණහිර කැරබියන්

එක්සත් රාජධාණිය

4
1, 2,3,4 යන නෝට්ටු අයත් රටවල් දන්නවානම් නම් කරන්න.

2012-02-15

මුදල් නෝට්ටු 01










රටරටවල මුදල් නෝට්ටු දහයක්  .......... තවත් නෝට්ටු කිහිපයක් ඊලග වියමනේ .

 
මුදලේ පරිණාමය
මුදලේ පරිණාමය විවිධ අවස්ථාවන් කිහිපයක් යටතේ පැහැදිලි කළ හැක.
ඍජු භාණ්ඩ හුවමාරුව
මෙම ක්‍රමය යටතේ තම නිෂ්පාදිත භාණ්ඩයේ අතිර්‍රක්තය වෙනත් අයෙකුට දි ඹහුගෙන් තමාට අවශ්‍ය දෙයක් ලබා ගන්නා ලදි. පටු අවශ්‍යතා ඇති ස්වයංපෝෂිත ග්‍රාමීය සමාජයන්හි මෙම භාණ්ඩ හුවමාරු ක්‍රමය පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකිවිය. නමුත් මිනිසුන්ගේ අවශ්‍යතා සංකීර්ණ වීමත් සමග මෙම භාණ්ඩ හුවමාරු ක්‍රමය අසාර්ථක විය.buttmuncher
භාණ්ඩ මුදල්
‍‍‍ඓතිහාසිකව බලන විට විවිධ ද්‍රව්‍ය රැසක්ම විවිධ අවස්ථාවන්හි හුවමාරු මාධ්‍ය ලෙස භාවිතා වී ඇත.
උදා: සිප්පිකටු, ලුණු, දුම්කොළ, තඹ, යකඩ, රත්රන්
රැගෙන යාම අපහසු වීම, ඉක්මනින් විනාශ වීම යනාදී දුෂ්කරතා පැවතීම හේතුවෙන් භාණ්ඩ මුදල් භාවිතයද අසාර්ථක විය.
කඩදාසි මුදල්
කඩදාසි ව්‍යවහාර මුදල් භාවිතය ප්‍රචලිත වී ඇත්තේ හුවමාරු මාධ්‍යයක් වශයෙන් ඵය ලබා දෙන පහසුව නිසාය. මුදල් නෝට්ටු පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි අතර, ඒකරාශී කර තබා ගැනිමද පහසුය.
බැංකු මුදල්
බැංකු මුදල් යනු වාණිජ බැංකුවල ඇති ඉල්ලුම් තැන්පතු හෙවත් ජංගම ගිණුම් මගින් මුදල් වෙනුවට වෙක්පත් භාවිතා කිර්‍රමයි.


මුදල්
මුදල් වල ලක්ෂණ
§  සමජාතීය වීම
§  පහසුවෙන් හදුනාගත හැකිවීම
§  කල්පැවතීම
§  පහසුවෙන් ගෙනයා හැකිවීම
§  කුඩා කොටස්වලට බෙදිය හැකිවීම
§  හිඟකමක් තිබීම
§  වටිනාකම සමබරව පැවතීම
§  පහසුවෙන් නිපදවිය නොහැකිවීම
මුදලේ කාර්යයන්
§  විනිමය මාධ්‍යයක් ලෙස කටයුතු කිර්‍රම - එනම් භාණ්ඩ හුවමාරුවේදී අතරමැදියෙකු ලෙස ක්‍රියාකිර්‍රම
§  වටිනාකම මැනීමේ මිනුම්දණ්ඩක් වීම - නූතන මුදල් ආර්ථීකයන්හි වටිනාකම සැසඳීමට, වටිනාකම මැනීමට මුදල් භාවිතය ඉතා වැදගත් වී ඇත.
§  විලම්භීත ‍ගෙවුම් මාධ්‍යයක් ලෙස ක්‍රියාකිර්‍රම - වර්තමාන ගණුදෙනුවක වටිනාකම අනාගතයේදී ගෙවිය හැකිවීම.
§  වටිනාකමේ සන්නිධියක් ලෙස ක්‍රියාකිර්‍රම
§  ආයෝජන මාධ්‍යයක් ලෙස ක්‍රියාකිර්‍රම


මුදලේ වටිනාකම
මුදලේ වටිනාකම යනු භාණ්ඩයක් හෝ සේවාවක් සමඟ හුවමාරුවේදී එහි ඇතිවන වටිනාකම හෙවත් මුදලේ ක්‍රයශක්තියයි. එනම් මුදලින් මිලදී ගතහැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණයයි. මෙය මිලමට්ටම මත රඳා පවතිනු ඇත.
.
මුදල් වල විවිධ ආකාරයන්
භාණ්ඩ හා සේවා මිලදී ගත හැකිහ ණය ගෙවිය හැකි ඕනෑම ස්වරෑපයක දැයක් මුදල් නම් වේ. මුදල් වන ප්‍රධාන වැදගත් කම් හුවමාරැ මාධ්‍යයක් වීම, ගබඩා කල හැකි වීම හා මැනිය හැකි වටිනාකමක් ඇති දෙයක් වීමයි. සමහර කතෘන් මුදල් යනු " සම්මත විලම්භිත ගෙවිම් මාධ්‍යයක්" ලෙස හදුන්වා ඇත.
මුදල් වලට සංසරනය වන ව්‍යවහාර මුදල් මෙන්ම, ඉතිරි කිරිමේ ගිණුම්, ඉල්ලුම් තැන්පතු හා තැම්පතු සහතික අයත් වේ. ත්මන් සමාජයේ ව්‍යවහාරික මුදල් යනු, මුදල් වල කුඩාම ඒකකයයි.
මුදල් යනු ඝනව වටිනාකම ඇති‍ ඒකකයක් නොව, ආර්ථිකයේ පිලිගත් වටිනාකමක් ඇති ඒකකයකි. මුදල් යනු ආර්ථික විද්‍යාවේ ඇති මුල්‍යමය කටයුතු වලට තිබෙන විශ්වාසදායකම ඒකකයි. මුදල් නොමැති සමාජයකදි භාණ්ඩ හුවමාරැ කරගැනීමේදි භණ්ඩ ඇති වුවමනාව හා එහි වටිනාකම මැනිම යනු ගැටළු සහගත විය. මුදල් භාවිතය වෙළද ‍හා කම්කරැ ක්පේස්ත්‍ර දියුණුවට හේතු විය.
මුදල් වල ප්‍රාමානික සංකල්පය මෙම සංකල්පයේදි වියදමේ අගය හා මුදල් ප්‍රමාණය අතර ධනාත්මක සබදතාව විග්‍රහ කරයි.
මුල්‍යමය ප්‍රතිපදාව (Monetary Policy)
ආණ්ඩුව, මහා බැංකුව හෝ මුල්‍යමය ආයතන විසින් මුදල් සැපයුම මුදල් ප්‍රමාණය මුදල් සදහා වියදම / පොලි අනුපාතය
ආර්ථිකයේ ස්ථායිතාව හා වර්ධනය උදෙසා පාලනය කිරිමේ ක්‍රමය මුල්‍යමය ප්‍රතිපදාව මුල්‍යමය ප්‍රතිපතාදව සංසාමන්‍යයෙන් ප්‍රසාරණය ප්‍රතිපදාවක් (expansionary policy ) හෝ සංකෝචන ප්‍රතිපදාවක් වේ. (Concretionary Policy) ප්‍රසාරනයේදි ආර්ථිකයට ඇති මුදල් සැපයුම ඉහල නංවන අතර, පොලි අනුපාතය අඩුකර මන්ධාව දමනයදි විරැකියාව නැතිකිරිමට භාවිතා වේ. සංකෝචන ප්‍රතිපදාවේ දි ආර්ථිකයට ඇති මුදල් සැපයුම අඩුකරන අතර, උද්දමනයට‍ පිළියෙලක් ලෙස පොලි අනුපාතය වැඩි කර සිදු කරයි. මුල්‍යමය ප්‍රතිපදාව, ආණ්ඩුවක ණය ගැනිම්, බදු හා වියදම් පිළිබද සලකන රාජ්‍යය ප්‍රතිපදාවට වඩා වෙනස් වේ.
-          සටහන  විකිපිඩියාවෙනි.