Success is getting what you want. Happiness is wanting what you get.>

සාර්ථකත්වය යනු ඔබ කැමති දේ ලබා ගැනීමයි. සතුට යනු ඔබට ලැබෙන දෙය රැක ගැනීමයි.

Mind precedes all knowables, mind’s their chief, mind-made are they. If with a corrupted mind one should either speak or act dukkha follows caused by that, as does the wheel the ox’s hoof.

(වේදනාදි චෛතසික) ධර්‍මයෝ සිත පෙරටු කොට ඇතියහ. සිත ශ්‍රේෂ්ඨ කොට ඇතියහ. සිතින් ම උපදනාහ. ඉදින් පහන් සිතින් කියන්නේ නම් හෝ කරන්නේ නම් හෝ ඒ හේතුවෙන් සැපය ඔහු කැටුව යෙයි. නොහැර කැටුව යන සෙවණැල්ල මෙනි.

I think nature’s imagination is so much greater than man’s, she’s never going to let us relax.

ස්වභාවධර්මයේ පරිකල්පනය මිනිසාගේ පරිකල්පනයට වඩා බෙහෙවින් වැඩි ය, ඇය කිසි විටෙකත් අපට විවේකීව සිටීමට ඉඩ නොදේ.

But I say to you, Love your enemies and pray for those who persecute you, so that you may be sons of your Father who is in heaven; for he makes his sun rise on the evil and on the good, and sends rain on the just and on the unjust.

නමුත් මම ඔබට කියමි, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න, ඔබට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න, එවිට ඔබ ස්වර්ගයෙහි සිටින ඔබේ පියාණන්ගේ පුත්‍රයෝ වන්නහුය. මක්නිසාද ඔහු නපුරටද යහපත් අයටද තම හිරු උදා කරවනසේක.

“….so whenever guidance comes to you from Me, then whoever follows my guidance, then there will neither be any fear on them nor will they grieve.” Ayat 38

"....එබැවින් මා වෙතින් ඔබට මගපෙන්වීම පැමිණෙන විට, කවුරුන් හෝ මාගේ මඟ පෙන්වීම අනුගමනය කරයිද, එවිට ඔවුන් කෙරෙහි කිසිඳු බියක් හෝ ශෝකයක් ඇති නොවේ." ආයට් 38.

Monday, December 07, 2009

දැන් රග දැක්වේ.....“ජවිපෙය”

ජනතා විමුක්ති පෙරමුනේ මහත්වරුන්ගේ හැසිරීම් රටාව ජනතාවට විහිළු සපයන රංගනයකට පත්වී තිබීම මීදුම වර්තමානයේදී දකියි.අතිතය හරබර තාර්කික දේශපාලන සංවාදවලට ජනතාව යොමු කල පක්ෂයක් අද බුද්ධිමය බංකොලොත්භාවයකින් නන්දොඩවමින් අපේක්ෂා භංගත්වු බවට පත්වු ප්‍රදර්ශණය කරමින් වෛරය ද්වේශය කෝපය වේදිකාවේ මුදාහරිමින් සිටී.මේ වෙනස එතුමන්ලා බුද්ධිමය පරිහාණියකට පත්වී ඇති බව දක්නට ලාබෙන ලක්ෂණයකි.

සෝමවංශ අමරසිංහ මැතිතුමා ( සහෝදරයා ලෙස වර්තමානයේ හදුන්වන්නට මීදුම අකමැති වෙයි. ) විදේශීය සංචාරයකට ගොස් අපේ මවුරටට ගොඩ බැස්ස මොහොතේ වික්ටෝරියානු ක්‍රමයට අත් දෙකෙන්ම ඇගිලි වලින් “ V ” අකුර පෙන්වා ජයග්‍රහනය සංකේවත් කරමින් ඔහු සංචාරය කල රටවල රාජ්‍ය නායකයින් හමුවී රටට ලැ‍බෙන්න තියෙන GSP බදු සහනය දෙනවාට බාදක ඇති කල බව ප්‍රකාශ කලේය. අපි මාධ්‍ය තුලින් දුටුවේ ඔහු මහත් ජයග්‍රහනයක් කල මානසිකත්වයෙන් ඒ බව රටට ප්‍රකාශ කල බවකි. ( සටහනට පිවිසීමට පෙර රාජ්‍ය මාධ්‍ය හැසිරෙන අන්දම ගැන විරෝධතාවය පමනක් සටහන් කරන්නේ මතු වියමනක් ඒ වෙනුවෙන් කරන්නට මීදුම අදහස් කරන බැවිනි.)


GSP බදු සහනය නිසා බඩ වියත රැක ගන්නේ ප්‍රධාන කොට නිදහස් වෙලද කලාපයත් රට වටා පිහිටුවා ඇති ඇගළුම් කර්මාන්ත ශාලා වල සේවය කරන සේවක තරුන තරුනියන් විශාල ප්‍රමානයක් විසිනි .ඒ දරුවෝ වර්තමානයේ සෝමවංශ අමරසිංහ මැතිතුමාගේවත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ වත් පැලන්තියේ අය නොවේ. තුන් වේල නොදකින මේ අසරනයින්ට අවැඩක් කර ලබන යස ඉසුර , විප්ලවයක් කර පීඩිත ජනතාවට ඉසුරු ලබා දීමට 1971 ටත් පෙර සිට සැලසුම් කල මැතිතුමන්ලාගේ සිත්තුල පහලවුයේ ජනතාවගේ පින් පිරිහී ඇති නිසාද? ජවිපෙය අප හදුනා ගන්නේ දේශපෙමී දේශපාලන මතිමතාන්තර වලින් පෝෂිතවු පුද්ගලයෙක් වටා කේන්ද්‍ර ගත නොවු පක්ෂයක් ලෙස නම් මේ පෙරළියේ අරුමය තේරුම් ගත නොහැක. මේ දරුවන්ගේ රැකියා අවදානමකට ලක් කර අපට නම් සතුටක් ලබා ගත නොහැක.

මහින්ද සමග තියෙන වෛරයට GSP බදු සහනයට වැට බදින්නේ නම් එය ජාතිහිතෛෂි තීරනයක් වන්නේ කෙසේද යන්න සිතන්නට ජනතාව බුද්ධි මත් වනු ඇත. ‍‍‍‍‍‍

මහින්දගේ වත් රනිල්ගේවත් සෝමවංශ අමරසිංහ ගේවත් සරත් ෆොන්සේකාගේවත් අභිලාෂයන් ජනතාවගේ අභිලාෂයන් වන්නේ නැත. ජනතාවගේ අභිලාෂයන් නියෝජනය කරන අය සිටී නම් ඔවුන්ගෙන් කෙනෙකුට මේ මැතිවරනය ජයග්‍රනහණය කල හැක.අපට ඒ බව මැතිවරණ ප්‍රතිඵල තුලින් අනාගතයේ දකින්නට ලැබෙනු ඇත.ඒ සදහා නිකරුනේ මුදල් වියදම් කරමින් සෝබන වර්ගයේ වේදිකා රංගන අවශ්යඵ නැත. ඒවාට මුලාවෙන ජනතාවක් අද නැති අතර මනා විශ්ලේෂණයෙන් කටයුතු කිරීමට ජනතාව බුද්ධිමත්ය.

වෛරය ද්වේශය කෝපය වපුරවමින් වේදිකාව දෙදරවන මේ මැතිතුමන්ලා පැරනී ද්‍රවිඩ චිත්රතපටි වල අප දුටු නම්බියාර් වර්ගයේ රංගනයක යෙදෙමින් කතා පවත්වති. මේ කතා වර්තමානයට ගැලපේ දැයි එතුමන්ලාම විමසීම වටි. උදාහරනයක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කරන කතා මේ ඇත්තෝ එය පැය විසි හතරකින් , එක පෑන් පහරකින් කල හැකි වෙනස් කමක් ලෙස අපට තහවුරු කරන්න “තටමයි”. එහෙත් එතනට යාමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් සපුරා ගත යුතු සීමා අපට නොපෙන්වන්න පරිස්සම් වෙති. එමෙන්ම එතනට යාමට ඇති ඉඩ කඩ අසුරා කටයුතු කිරීමටද පරිස්සම් වෙති.

මැතිවරණ කොට්ඨාශ මට්ටමේ නියෝජිතයන් පත්කිරීමේ චන්ද ක්‍රමයකට යාම චන්ද දායකයාට ප්‍රතිඵලදායක ක්‍රමයකි. එහෙත් එකද නායකයෙකු වත් එතනට යාමට අකමැතිවෙති. එසේවුව හොත් ජනතා විමුක්ති පෙරමුන වැනි පක්ෂ වලට එකම නියෝජිතයෙක්වත් පත් කරවා ගන්නට නොහැකිය.වර්තමානයේ නම් එජාපයටද සිදුවන්නේ ආසන දහයක පමණ රැදී සිටීමටය.

සුළු ජාතීන් , සහ ජවිපෙ වැනි දේශපාලන මතධාරී පක්‍ෂවලටද වෙනත් දේශපාලන ආයාතන වල නියෝජනයක් වන පරිදි , පාර්ලිමේන්තුවේදී කරන ලබන සංසෝධනයකදී මැතිවරණ කොට්ඨාශ මට්ටමේ චන්ද ක්‍රමය ප්‍රතිනිර්මාණය කර ආණ්ඩු ක්‍රම සංසෝධනයක් සිදු කලහැකිවූවත් මේ සදහා දේශප්‍රේමයෙන් මොරදෙන හැත්ත කවර කවදාකවත් එකග නොවී විවිධ හේතුන් දක්වමින් මග හරිමින් සිටින බව රටට මෙතෙක් කරන ලද ක්‍රියාකාරකම් වලින් පැහැදිලි කර දී ඇත.

වේදිකාවේ දෙන රංගනය වේදිකාවෙන් බැස ගියාට පසුව නැත්නම් මේ බොරුවෙන් ජනතාව රැවටිය හැක්කේ වරක් දෙවරක් හෝ තුන්වරකි. හැමදාමත් ජනතාව රැවටිය නොහැක.

Tuesday, December 01, 2009

SF මෙහෙයුම

දේශපාලනය යනු දැලි පිහියෙන් කිරි කෑ යුතු විෂයයකි. දැන යා යුතු මගකි.

පලමු මාධ්‍ය හමුවේදීම සරත් ෆෝන්සේකා මැතිතුමා මෙම විෂයය පිළිබද අත්දැකීම් නොමැති බවත් උපදේශකයන් එතුමා පිටුපසින් සිටින බවත් ඒ අයගේ පිහිටෙන් රට නිසි මාවතට පත්කරන බවත් පුකාශ කිරීමට නිහතමාණීවීම පිළිබදව මීදුම එතුමාට ස්තුතිවන්තවේ.

මීදුම කිසිවිටකත් සරත් ෆෝන්සේකා මැතිතුමා නම් යුද වීරයා හෑල්ළුවට පත්වීම නොඉවසයි.ඔහු ගැලවීමේ හමුදාවටවත් නායකත්වරය දිමට නොසුදුසුයැයි කී විටත් , ඕනෑම ගොනෙකුට යුද්ධ කල හැකියයි කී විටත් මීදුමට එසේ කී විද්වතුන්ට සහ විශ්ලේෂකයින්ට එරෙහිව හිතේ ඇතිවුන වෛරය තාමත් හිතෙන් පහ කිරීමට නොහැකිවීම පෘථග්ජන මනසක පිළිසිදන ලද හැගීමකි.

සරත් ෆෝන්සේකා මැතිතුමා එසේ නොවේ. එතුමා මීදුමට වඩා දියුණු මනසකින් යුත් උතුමෙකි. ඒ නිසාදෝ එජාපයට ත් ගොන් මනසින් පිරි මහත්වරුන් රැලක් ගලවා ගැණීමටත් “ ගලවා ගැණීමේ මෙහෙයුමක්” ආරම්භ කර අනාගත ශ්‍රී ලංකාවේ සෞභාග්‍ය උදෙසා ඔවුන්ගේ උපදෙස් රැගෙන කටයුතු කිරීමට අපෙන් ජනවරමක් අයදියි. සරත් ෆෝන්සේකා මැතිතුමා දශක ගනනාවක් හමුදා සේවයෙන් මනසට ජීර්ණය කරගත් ආභාශයෙන් නිර්මාණයවු පලමු ප්‍රචාරක පෝස්ටරය මගින් එතුමාගේ මැතිවරණ ව්‍යාපාරය ‘SF මෙහෙයුම" ලෙස රටට හදුන්වා දී තිබේ.හමුදා වර්ණවත් පසුබිමේ “ALGERIAN ” අක්ෂරයෙන් මුද්රිතවු මෙම පොස්ටරය දුටු ගමන් සිහි වන්නේ එතුමායග් හමුදා චින්තනයයි.

මීදුම ජෙනරාල් වරයෙකු ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රීය සමාජවාදී ජනරජයේ ජනාධිපති මැතිවරණයට පොදු අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වීම අගේ කොට සැලකුවෙකි.මේ රට ආපස්සට ගෙන යන “ දියව් “ කාරයින්ටත් දූෂිත අක්‍රීය රාජ්‍යතන්ත්‍රයටත් තම ආකල්ප වෙනස් කරගෙන රටට වැඩදායි ලෙස ක්‍රියාත්මක කරවීමේ සක්‍රීය මෙහෙයුමක් උපන්දා සිට ජනතාව සමග ගැවසෙන කුරහන් පාට සළුධාරී මහින්දට වඩා හමුදා විනයෙන් සහ නායකත්වයෙන් පන්නරය ලැබු තේජස්වී ඇදුමකට හිමිව සිටි ජෙනරාල් වරයෙකුට හැකිවේයැයි මීදුම සිතුවිලි අතර රදවා ගෙන සිටියෙකි.

මාළුවාට ජලය නැතිව ජීවත් වීමට බැරිවා සේම දේශපාලකයාට මිනිසුන් නොමැතිව තම දේශපාලන වෘත්තිය පවත්වා ගෙන යා නොහැකිවේ. ඔවුන් මල නොතලා රොන් ගන්නා න්‍යාක හෝ සාස්ත්‍ර කියා මිනිස් සිත රවටමින් මුදල් කඩා ගන්නා අහිකුන්ටිකයන් මෙන් ජනතාව රවටා චන්දය කඩාගෙන යස ඉසුරෙන් ජීවත්වේ. මිදුම හිතේ මවා ගත් ජෙනරාල්වරයා එවැනි “ අළුගුත්තේරුවෙකු” නොව සැබැ ජනහිතකාමී දේශප්‍රේමියෙකි.

එහෙත් සරත් ෆෝන්සේකා මැතිතුමා යන පාර මංමුලාවු සෙයකි.

මේ රට විකුනාගෙන කෑ ඔප්පු පිටින්ම නෝර්වේ බ්‍රෝකර්වරුන් හරහා ප්‍රභාකරන්ට ලියා දුන් , ප්‍රභාකරන්ට එරෙහි සටනේ තීරණාත්මක මොහොතේ පවා රටට එරෙහිව දේශීය මෙන්ම විදේශීය කුමන්ත්‍රණ කරුවන් සමග සිටගත් දේශද්‍රෝහී සර්පයින් ආධාරකරුවන් සහ උපදේශකයින් ලෙස ඔලගුවේ දමාගෙන යන මේ ගමන දේශප්‍රේමී ගමනක් ලෙස මීදුම දකින්නේ නැත.මීදුම සරත් ෆෝන්සේකා මැතිතුමාගේ මේ ගමන් මග තෝරගැණීම ගැන කම්පාවේ.

තමන්ටවු පෞද්ගලික අව තක්සේරුවන් නිසා රටට හාණිවුවත් මම ජයගෙන හොදපාඩමක් මහින්දට උගන්වන්න යන මේ ගමන තුල කිසිදු දේශ හිතෛෂී ස්වරූපයක් නොමැති බව මීදුම සටහන් කරන්නේ සංවේගයෙනි.

දශක තුනක් තිස්සේ වද විදි ත්‍රස්තවාදය මහින්ද නම් කුරහන් පාට සළුධාරීයාගේ කොන්ද දේශීය හා විදේශිය බලපෑම් හමුවේ කෙලින් තිබු නිසා අද්විතිය ජේ.ආර්ටත්, ජනතා විමුක්ති පෙරමුනේ තරුන දේශපාලන නැගිටීම පුනරුත්තාපනයනින් තොරව ජෙනරාල්වරුන්ගේ පිහිටෙන් අතුගා දැමීමට හැකිවු ආර් .ප්‍රේමදාසටත් සහ නෝබල් තෑග්ගට පවා නම කියවුන චන්ද්‍රිකාටත් මෙල්ල කිරීමට නොහැකිවුන පුභාකරන්, නන්දිකඩාල් කලපුවේදී අපායට යවිමට ජෙනරාල්වරුන්ට හැකිවිය .

එහිදි සියළු පොදු සාධකයන් වරහන් තුලින් ඉවතට ගෙන සමීකරනය විසදු විට වරහන් තුල ඉතිරිවන්නේ රට තුල සාමය ස්ථාපිත කල එක් අයෙකුගේ නමක් පමනි .අනෙක් සියළු නම් පොදු සාධකයවී වරහන් වලට පිටතින් පිහිටන්නේය.

Monday, November 30, 2009

මුනි සිරිපා පියුමේ – රොන්සුනු සිත තැවරේ

අද උදුවප් පෝයයි. ශ්‍රීපාද වන්දනා සමය මෙම පෝයත් සමග ආරම්භ වේ.
චිරාගත සම්ප්‍රදායනට අනුව පැල්මඩුල්ල ගල්පොත්තාවෙල කීර්ති ශ්‍රී රාජසිංහ රජමහා විහාරයේ සිට මැයි- දෙසැම්බර් දක්වා ශ්‍රීපාද වන්දනාවේ නොයන අවාරයේ තැන්පත්ව පවතින සුමන සමන් දේව ප්‍රතිමාව සහිත පුරා වස්තු ශ්‍රී පාදයට උත්සවශ්‍රීයෙන් වැඩමවාගෙන යාම උදුවප් පෝදා සිදුවේ.
එතැන් සිට වන්දනා සමය ඇරඹුනා යයි සලකනු ලැබේ.

අපි අද ශ්‍රී පාද වන්දනාවේ යමු.

ශ්‍රී පාද වන්දනාව පිලිබදව ශාස්ත්‍රීය කතිකාවකට යනවාට වඩා දශක දෙකකට තුනකට එහා වන්දනා නඩයකට එකතුව ශ්‍රී පාදය වන්දනා කරන්නට යාම සිත් සනසන බැතිබර අත්දැකීමකි.
දැන් දැන් නම් ශ්‍රී පාද වන්දනාව විනෝද චාරිකාවකි. අපි අතීත නඩයක් සමග ශ්‍රී පාදයට කරුනා කරමු.

“සුර රද සමන් සමගින් සුරගන එවර
පැහැනද මදාරා පරසතු මල් පතර
කැර පුද වදින රැදිමුනි සිරිපා තඹර
සකිසද පෙනේ සමනල ගල නැගනහිර ”

සැළලිහිණියා ට සැළලිහිණි සන්දේශ කතුවරයා ශ්‍රී පාදයට මග දක්වන විට

හංස සන්දේශ කතුවරයා හංසයාට මග පෙන්වන්නේ මෙලෙසනි.

සමනොල මුහුල සිරිපද ඔබන මගුලට
නිකසල මහ සගන ගෙන වඩින මුනිදුට
පැහරදුල සුනිල් මැණිකෙන් කළ මග ලෙසට
මනදොල පිරෙයි ගග සිරි සර දුටු තොපට

………………මහින්ද හිමියෝ

මුනි සිරිපා සිඹිමින් නේ
සමනල ගල පෙදෙසින් නේ
මද සුළගයි මේ එන් නේ
මගේ පුතා නැළවෙන් නේ

යනුවෙන් සිහිපත් කරන විට “ අපට මේ වසර තැන තැන බෝම්බ පුපුරන්නේ නැති හෙයින් පුතාට නැලවෙන්න ඉඩක් ඇති බව නම් සිහිවෙයි.

දශක දෙකකට තුනකට එහා සිරිපා වන්දනාව මෙත් සිතින් ගරු සරුව අනෙක් වන්දනා කරුවන්ගේද සිත සුව සදමින් කල වන්දනාවක් විය. ගමනේ මහන්සියත් දුෂ්කරබවත් නිවි පහන් වුයේ සිත් සනසන මෙවැනි ගායනාවන් ගෙනි.

“බුද්ධං සරණේ සිරස දරා ගෙන
ධම්මං සරණේ සිත පහදා ගෙන
සංඝං සරණේ සිවුරු දරා ගෙන
ඉඤ්ඤයි තුන් සරණේ අදහා ගෙන”
සිරිපා වැද පුදා ආපසු බහින නඩයක් අතරමගදී හමුවන නන්නාදුන වන්දනාව සදහා මලුව වෙත කරුණා කරන නඩයකට වුවද ආශිර්වාද කරණුයේ,
“වදින්න යන මේ නඩේට - සුමන සමන් දෙවි පිහිටයි”
යනුවෙන් ඉතා බැතියෙන් යුතුවය.
එවිට නිතැතින්ම “වැදලා බහින මේ නඩේට – බුද්ධං සරණේ සරණයි.” පිළිතුරු ආශිර්වාදයක් ලැබේ.මෙ අයුරන් වන සංවාදයන් කොයිතරම් අපූරුද.

“වදින්න යන කිරි කෝඩුට – සුමන සමන් දෙවි පිහිටයි
වැදලා බහින කිරි කෝඩුට – සමන් දෙවිදු කරුණාවයි” සිරිපා කරුණාකරන පුංචි එකෙකුට කරන ආශිර්වාදයකි.
වෙහෙස මහන්සිය නිමාගන්න තැනක් හමුවු විට
“මෙන්න මෙතන තැනිතලාව – කෝපි බොන්න හොද වෙලාව”
යනුවෙන් පැවසීමෙන් නඩේ අවධානය විරෝධයකින් තොරව ලබා ගැණීමට කරනු ලබන හොද යෝජනාවකි.

වේගයෙන් ගමන් යන තරුන පිරිස් ගාටන අන් අයගෙන් මග ඉඩ ඉල්ලන්නේ
“දෙන්න අපට සන්හිදේ – දුන්න අයට පින් පිරේ” යනුවෙනි.
අළුත විවාහවු යුවලකට හෝ තරුන යුවලකට කරන සුහද විහිළුවකට පිළිතුරු ලැබෙන්නේ
“අපේ බුදුන් – අපි වැදගෙන - ගමට යන්න යනෝ
- එන මත්තේදි කෝඩු සමග බුදු පුදයට එනෝ.” ………. යනුවෙනි.

පහසු ගමන් මගේදී මද රිද්මයකින්
“දිදි සාදු නාදේ – යමු අපි සිරිපාදේ ” යනුවෙන්ගායනය කලත්

හෙල ගමන් මග අපහසුවු විට මහන්සිය දුරුලන්නෙ වේග රිද්මයකට ගමන දිරිමත් කරන රිද්මයකිනි.

“අපේ බුදුන් – අපි වදින්න
පෙරලි පෙරලි - අපි වදින්න
සමන් දෙවිදු පිහිට වෙන්න
නළල තබා - අපි වදින්න
දොහෙතේ නගා - අපි වදින්න
දෙ‍දන නමා - අපි වදින්න
මලුත් පුදා - අපි වදින්න
තෙලුත් පුදා – අපි වදින්න
සුවද පුදා – අපි වදින්න
පහන් පුදා – අපි වදින්න…………….” .

පුංචි එවුන්ට ගමනේදී ගැම්මක් දෙන්නේ “අග්ගල කං ඩෝං පුතා - හෙලේ නගිං ඩෝං පුතා ” අයුරුන්ය.

ශ්‍රී පාද වන්දනාවේදි භාවිතාවන විශේෂිත පද කිහිපයක්ද වේ. වන්දනාවේ ගෙන යන අඩුම කුඩුම පොදිය කර තබාගෙන යන තරම් බරවුවත් හදුන්වන්නේ “සැහල්ලුව”යනුවෙනි. පලමුවරට වන්දනාවට එක්වන පිරිස “කෝඩු” වන අතර කිහිප වරක් වන්දනාවේ යෙදුන වැඩිහිටියෝ “දඩු කෝඩු ”වෙති.පුංචි එවුන් “කිරි කෝඩු” වෙති.

අමරදේවයන් ගේ හඩ
“මුනි සිරිපා පියුමේ – රොන්සුනු සිත තැවරේ
නිවි පහන් වී – සිත සැනසේ. ………………………”

නිසංසල මොහොතක ඇසෙනවිට අපිටත් මේවාරයේ සිරිපා කරුනා කිරිමට සිත් පහල වෙනු ඇත.

-කඩුල්ල පල කල සටහනකිනි

Saturday, November 28, 2009

මහින්ද සහ දූෂණය.

මහින්ද යුද්දෙට හොදයි. දුෂණයට සහ නාස්තියට නම් ගැලපෙන්නේ නෑ කියලා මතයක් තියෙනවා. මීදුම මේ මතවාදය ගැන යමක් සටහන් කරන්න උත්සහා කරනවා. ඌණ පුරණය කරන්නත් සමබර කරන්නත් ඔබට බාරයි.

මහින්ද පටන් ගත්ත තැන ඉදලා ජනාධිපතිවරයෙකු වෙනකම් දුෂණ මඩ තවරා ගත්තේ ගිය ජනාධිපතිවරණය වෙලාවේ හෙල්පින් හම්බන්තොට ගණුදෙණුව ගැන කතා කරමින්. ජනාධිපතිවරණය උදෙසාම කරළියට ආ මේ කතා ඉන් පසු ව ඉදිරිපත් කල අය විසින්ම අමතක කරලා දැම්මා. ජනාධිපතිවරයෙකු වු පසු මිළ මුදල් හම්බු කර ගත්තා කියන කතාව දැන් වේදිකාවට ඇවිල්ලා. මාධ්ය වලින් පල වෙන ඕපාදුපත් කටින් කට ( දැන් යොදා ගන්නේ දුරකතන) පතුරුවා හරින ඕපාදුපත් හැරෙන්න මේවා තහවුරු කරන වාර්තා ලිං මැඩියන් සහ බයියෝ වන අපට ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ වෝදනා සත්යද අසත්යද කියලා අපිට හිතා ගන්න බැහැ.

මහින්දගේ පාලනය නම් වියදම් අධික පාලන රටාවක්. ඒකට අපිත් වග කිවයුත්තෝ වෙනවා.

පොදු ජන එක්සත් පෙරමුණ 2005 පාර්ලිමේන්තු මැතිවරනයේදී අපේක්ෂකයෝ ඉදිරිපත් කරන කොට දිස්ත්රික් ලැයිස්තු වල ජනතා විමුක්ති පෙරමුනේ අපේක්ෂකයොත් හිටියා. ශ්රී ලංනිප අපේක්ෂකයින්ට චන්දේ දෙන ගමන් මනාප තුනෙන් අපි කොල්ලෝත් ඉන්න ඕනිනේ කියලා එක මනාපයක් ජවිපෙ අපේක්ෂයටත් දුන්නා.රිමෝට් කන්ට්රෝලරය අතට ගත්ත මේ ඇත්තෝ යුද්ධෙ උපරීමව ප්ර්භාකරන් මහත්තයාව පීඩනයට පත්කරන වෙලාවේ, අයවැය ලේඛණය චන්දේ වෙලාවේත් මහින්දට ගනන් පෙන්නුව. ජවිපෙ චන්ද පදනම පිම්බුව අපිට ...දෙයියෝ මතක් වුනේ ඒ වෙලාවේ.

අපේ වීරවංශ සහෝදරයාගේ “ඇත්ත හා නැත්ත” පොතට අන්තර්ගතය වෙලා තියෙන්නේ ජවිපෙ සෝමවංස අමරසිංහ මැතිතුමා ( සහෝදරයා කියන්න බැහැනේ) ටිල්වින් මැතිතුමා වගේ මැතිතුමන්ලා එතුමන්ලාගේ දේශපාලන මණ්ඩලයේ දී හුවමාරුවු ලේඛණ සහ අදහස් .ඒවා කියවන කොට මේ තිරණයට සෝමවංස අමරසිංහ මැතිතුමා (එකල) රජයත් සමග සිටිය යුතුයැයි දරන ලද අදහස්තුල සිටි බව දක්නට ලැබෙනවා. ඒත් කුමක්දෝ රටේ අහේතුවකට ඔවුන් මහින්ද සමග විරසකවුනා.

එයාලා ආණ්ඩු‍ව පීඩනයට පත්කරන විට ආණ්ඩුවට එකතුවු එජාපයේ පිරිසටත් කරු ජයසූරිය මහතා අපසු ගියත් මීදුම කෘතවේදිත්වය රට වෙනුවෙන් පල කරනවා.නැත්නම් ප්රභාකරන්ගේ රාජ්‍යයේ අපි තාමත් මර බියෙන්.

මේ ව්යවස්ථාවම තම පක්ෂය අත්හැර ආණ්ඩු පක්ෂයට එකතු වන්නන් ආරක්ෂා කරන්න විධි විධාන ඇති කරලා තියෙනවා. ජනාධිපතිවරයා අභිමත ව්යාපෘතියක් පැවරීමෙන් ( ඇමති කමක්) තමන් නියෝජනය කරන්නාවු පක්ෂයෙන් විනය කටයුත්තක් කර මංත්රී ධුරයෙන් නෙරපන්න බැරි නීතිමය ආවරණයක් ලැබෙනවා.මේ ආවරණය ඇමති කමක් ලබා ගැණිමේ සාදාචාර සම්පන්න ඇමක් බවට වර්තමානයේ පත්ව තිබෙනවා. මේ ආකාරයෙන් ලෝකයේ වියදම් අධිකවූ ලොකුම ඇමති මණ්ඩලය ශ්රී ලංකාවේ ඇතිවීමට හේතුවී තිබෙනවා.මෙය මහින්දට පමනක් පාලනය කල හැකි දෙයක් නොවෙයි.ධාර්මිෂ්ඨර් කාලයේ සිටම පැවත එන්නක්.

අපිට හිතන්න වෙනවා.....
සමානුපාතික නියෝජන ක්රමයන් බිහිවුන වල් බූත චන්ද ක්රමයෙන් තනි පක්ෂයකට බලයට එන්න මේ කපේදී බැහැ. බලය පවත්වා ගෙන යන්න නම් එක්කෝ පූට්ටු කරගෙන එන්න ඕනී . නැත්නම් ඇවිත් පූට්ටු වෙන්න ඕනී. කෑලී කෑලි පුට්ටු කරගන්න වරදාන දෙන්න සිද්ධ වෙනවා මංත්රී ගොල්ලන්ට. අධික වියදම් රටාවක් නිර්මාණය වන්න පටන් ගන්නේ එතනින්.එහෙම උනේ නැත්නම් චන්ද කොමසාරිස් වරයාට වෙන්නේ මාසයකට වරක් මැතිවරණයක් පවත්වන්න.


මහින්දට යුද්ධෙ කරන්න උනේ දේශීය හා විදේශිය බලවේග බාහිරෙන් එල්ලකරපු විවිධ කෙනෙහලි කම් වලට මුහුණ දෙමින්. ඒවා අපි දැක්කේ පාමංකඩ, කිලිනොච්චි, ගැලවීමේ හමුදාව වගේ දේශිය වචන වලින් සහ විදේශිය තහංචි වලින්.මහින්දට තිබුනේ කතානායකවරයා තම පක්ෂයෙන් පත්කරගන්න පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට බහුතර ඡන්ද නොතිබුණු ආණ්ඩුවක්. අධික පිරිවැයක් දරමින් මේ මංත්රීවරුන් සල්ලි වලින් නඩත්තු කරන තත්වයක් තුල අන්තිමට පාර්ලිමේන්තුව ආරක්ෂා කරන්නත් පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්නත් පුළුවන් වෙලා තියෙනවා.

මේ තත්වයන් මහින්දට විතරක් බැර කරන්න බැහැ. ජේ.ආර්ගේ පටන් අද දක්වා පාර්ලිමේන්තුවේ බලය රදවා ගෙන තියෙන්නේත් තුලනය වෙලා තියෙන්නෙත් මේ ක්ර්මයටයි.මේක වෙනස් කරන්න 2/3 බලයක් ජනමත විචාරණයක් එක්ක තවත් ඩිංගක් ඕනී. ඒක කවදාද අපි දෙන්නේ ?. කාටද දෙන්න පුළුවන් විස්වාසවන්තයා?. අපිට පිළිතුරක් සොයා ගන්න බැහැ.

දැන් පොදු අපේක්ෂකයා නිරාවරණය කරලා ඉන්නේ. ජෙනරාල් සරත් ෆොන්සේකා.එයා බලයට ඇවිල්ලා මේ වැඩේ කරන්න පුළුවන්ද?. බලය පාර්ලිමේන්තුවේ පවත්වා ගෙන යන්න එතුමාට වියදම් කරන්නේ නැතිව පුළුවන්ද?. උත්තරය බැහැ. එක ක්ර මයක් තියෙනවා. ආණ්ඩු ක්ර්ම ව්ය වස්ථාව බල රහිත කරලා හමුදා ආණ්ඩුවක් පිහිටුවලා එතුමාට අවශ්ය දිනක අවශ්ය විදියට නැවත ආණ්ඩු ක්රිම ව්යාවස්ථාවක් ඇති කරලා මේ ක්රමය වෙනස් කරන්න පුළුවන්. ඔය හමුදා පාලකයෝ ඉන්නා රටවල් පූර්වාදර්ශයට අරන්.දැන් තියෙන ධාර්මිෂ්ඨර් මොඩලය වෙනස් කරන්න චන්ද ක්රමයෙන් නම් බොරු.

අපි ඒකට ඉඩ කඩ සලසමුද ?.

Friday, November 27, 2009

නාමයෝජනා 17 වෙනිදා.

ජනාධිපතිවරණයට නාමයෝජනා දෙන්නත් අපිට චන්දය දෙන්නත් දින නියම වෙලා. දැන් දැන් අපට වේදිකාවෙන් රස කතා ඇහෙන්න පටන් ගන්න කාලේ ඇවිත්.මේ උත්තමයෝ කට අරින්නේ අපි මැරිලා අද උදේ උපන් ගානටනේ.

තෙවෙනි පන්තියේ කතාවලින් ඉල ඇදෙන ඒවා අතහැරපුවම , ඒ පැත්තට මේ පැත්තට මඩ පාරවල් විසිකරපුවම , ද්වේශය වෛරය වපුරපුවම චන්ද ගොඩ ලොකුවෙයි කියලයි මේ උත්තමයෝ හිතන්නේ. මේ කතා කාරයින් හරියට සීතාම්බර පට සළුව දාගෙන ගිය රජතුමා වගෙයි. අපි හිනා වෙන කොට අත්පුඩි තලනවිට බූරු පැටව් හිතන්නේ වැඩේ හරි කියලා. චන්ද ගොඩ ගනන් කලා දාට තමයි ඇගේ නූල් පොටක්වත් නැති බව තේරෙන්නේ.

මැතිවරනේ සයිස් එකට තමයි මඩ නිර්මානය වෙන්නේ. small, large , xl ,xxl වගේ. ප්‍රාදේශිය සභා, නගරසභා small සයිස් එකේ .පලාත් සභාවලට එන කොට large සයිස් එකේ පාර්ලිමේන්තුවට xl ජනාධිපතිවරණයට එන කොට xxl සයිස් එකේ මඩ එහාට මෙහාට විසිවෙන්නේ.

ආසන්නතම මැතිවරණයේ මහින්ද මහත්තයාගේ දෙණියායේ මාලිගාව මඩ ගොඩක් වුනා. වැඩේ වැරදි කිවුව උත්තමයෝ, මාළිගාව වටලපු උත්තමයෝ මැතිවරණයෙන් පස්සේ මාළිගාව අත්හැරලා දෑම්මා.දැන් ඒ වැඩේ වැරදි නැහැ වගෙයි. ඔන්න ඔහොම තමයි දෑන් xxl සයිස් එකේ මඩ ප්‍රහාරත්. බිලියන ගනනේ ගනුදෙණු ගැනත් අනිත් කෙළවරෙන් බෝධිසත්වයෝ ගැනත් කතා කරාවි.දෙකෙලවරෙන්ම වෑහෙන දුර්ගන්ධේය අපිට ඉවසා ගෙන ඉන්න වෙනවා ජනවාරි 26 වෙනිදා වෙනකම්ම.ඊට පස්සේ ඔක්කොම අමතක කරලා උත්තමයෝ එකගෙයි දා ගෙන අපිව මරා ගෙන කනවා.

මාතෘකාවට අදාල නැතිවුනත් යුද්ධෙ ගැනත් පුංචි සටහනක් මේ මඩ අස්සේ තබන්න මීදුමට ඕනෑ උනා.

ප්‍ර භාකරන් ඒ දවස්වල කියලා තිබුනා දකුනේ ජනාධිපතිවරු එනවා යනවා . ජේ.ආර්. ., ෙප්‍ර්මදාස,ඩී.බී ,චන්ද්රි කා, අග්‍රමාත්‍ය රනිල් ආවා ගියා. මහින්ද ආවා .ඒත් උතුරේ හිටියේ එක ප්‍රභාකරන් කෙනෙක් විතරයි කියලා.

යුධ හමුදාපතිවරුත් ඔය අස්සේ කීදෙනෙක් ඉන්න ඇද්ද.අපේ සරත් ෆොන්සේකා මහත්තයාත් හිටියා.ඒත් යුද්දේ තිබුනා. ඩෙන්සිල් කොබ්බෑකඩුව වගේ රණවිරුවෝ ප්‍රභාකරන්ට තිත තියන මොහොත දක්වා ගමන් කලා. නොයෙක් බලපෑම් හමුවේ සේනාධිනායකයා නොහොත් ජනාධිපතිට කොන්ද කෙලින් තියා ගන්න බැරි උන හින්දා ප්‍රභාකරන් අපිව පෝරකයට යවමින් උතුරේ නිල වශයෙන් සහ දකුනේ නොනිල පාලකයා වශයෙන් අපිව බිලි ගනිමින් වැජඹුනා.

අද ජනතාව නිරුපද්රිහතව ජීවත් වෙනවා. ඒ මහින්දට කෙලින් තියෙන කොන්දක් තිබුන හින්දා. සහ තියෙන හින්දා.නැත්නම් අපි තාමත් ප්‍රභාකරන්ගේ ප්‍රාන ඇප කාරයෝ. මිදුම මෙහෙම සටහන් කලාට උතුරේ ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්නවලට ගැටළුවලට තාම විසදුම් ලැබිලා නැහැ. ඒ වැඩේ ගැන දැන් දෙපැත්තෙම උදවිය කතා කරන්නේ අඩුවෙන්.එකතු වෙලා කරන්න ඕනී වැඩ කරන්න හදන්නේ තනියෙන්.මේක වෙනම කතා කරන්න ඕනී මාතෘකාවක්.

සල්ලි තිබුනට ගොඩනැගිල්ලක් හදන්න තනියෙන් බැහැ.අත්වැඩකාරයෝ, මේසන්ලා ,වඩුවෝ ,පින්තාරු කරන්නෝ වගේ ශිල්පකාරයෝ එකතු කරගෙන සාමුහික ප්‍රයත්නයෙකින් තමයි ගොඩනැගිල්ල නිම වෙන්නේ . මේසන් තම ශිල්පයේ දක්ෂව වුනාට වැඩක් නැහැ,වඩුවා අබ්ලික් පොරක් නම්. ඔක්කොම තිතට කලත් වැඩක් තියෙනවද පින්තාරුව නියමෙට කලේ නැත්නම්. මේ ඔක්කොම නියම විදියට තෝරාගෙන කන්ඩායම හසුරුවන නායකයාගේ (ඉංජිෙන්රුවා)දක්ෂවකම මත තමයි යහපත් ගොඩනැගිල්ල නිම වෙන්නේ.

වඩුවා දක්ෂයා කියලා ගොඩනැගිල්ල හදන්න බාර දුන්නොත් මොකද වෙන්නේ ?.

මීදුම අද මහින්දට කඩේ ගියා., කියලා කියයි. එහෙම නැතිව ඉදිරියේදී කරන වියමන් ගැනත් අවධාණය යොමු කරන්න.

Wednesday, November 25, 2009

මේ ගුරු පාරේ



මේ ගුරු පාරේ -මේ දොල අයිනේ
අපේ රහස් ඇත සැගවීලා - අපේ රහස් ඇත් ලියවීලා
පටු මාවත් වල දූවිලි අතරේ - අපගේ ඉපැරණි පිය සටහන් ඇත
පටු මාවත් වල දූවිලි අතරේ - අපගේ ඉපැරණි පිය සටහන් ඇත
පටු මාවත් වල දූවිලි අතරේ - අපගේ ඉපැරණි පිය සටහන් ඇත
දොල මත දිදුලන පෙන පිඩු අතරේ - අපේ කතාවේ කෙටි පටුනක් ඇත.
මේ ගුරු පාරේ - මේ දොල අයිනේ
අපේ රහස් ඇත සැගවීලා -අපේ රහස් ඇත ලියවීලා
ඉර හද ඇසුවා ඇල දොල දුටුවා - අතිනත්ගෙන අප දෙඩු කතා බහ
ඉර හද ඇසුවා ඇල දොල දුටුවා - අතිනත්ගෙන අප දෙඩු කතා බහ
එනමුදු එදවස් සගවනු හැකිවී - ඉරට හදට ඇල දොලට කතා බැහැ
මේ ගුරු පාරේ මේ දොල අයිනේ
අපේ රහස් ඇත සැගවීලා - අපේ රහස් ඇත් ලියවීලා

-ආචාර්ය අමරදේවයන්
දර්ශනය ෙප්රාෙදණිය උද්භීද උද්‍යානය.

Friday, November 20, 2009

ජනරාල් සාදරෙන් පිළිගනිමු.

පොදු අපේක්ෂ්කයා තවමත් නිර්නාමිකය. නොයෙක් කතා පොදු අපේක්ෂකයාට පුර්ව ප්‍රචාරක පට බවට පත්ව අැත.

පොදු අපේක්ෂ්කයා කවුරුන් වුවද ජනරාල් වරයෙකුට මීදුමද වැඩි කැමැත්තක් දක්වයි. ඒ ජනරාල් යනු හමුදා චින්තනයක් ඇති වරිතයක් බැවිනි. ජනරාල් තනතුරට හමුදාව තුල නිකම්ම පැමිනෙන්න බැරිය.ඒ ආ ගමන තුල දැඩි ස්වයං විනයකුත් අන් හමුදා සාමාජිකයන් තුල දැඩි විනයක් ඇති කිරීමේ සංකල්පයන් යුත් නම්‍යශීලි නොවන චින්තනයකුත් තමන්ට වෘත්තීය තුලින්ම ආරෝපනය වී තිබිය යුතුය. හමුදාවෙන් ඉවත්ව ගියද දශක තුන හතරක් මනසට ජීර්ණයවු හර පද්ධතින්ගෙන් මෙම මනුස්ස සතාට මිදෙන්න බැරි නිසා පාලකයෙක් නායකයෙක් වශයෙන් ජනරාල්වරයෙකු අපේ රටේ පාලකයා වශයෙන් හොදටම ගැලපෙන්නේය.

සංධාණ ගත පක්ෂත් ජවිපෙයත් වක්කඩය යට සිට එම වක්කඩය කඩා ගන්නට හැදීම ඔවුන්ගේ පැත්තෙන් මෝඩ කමක් වුනත් ජනතාවගේ පැත්තෙන් නම් මේ තීරණය සුබදායි තීරණයක් බව පල නොකරම බැරිය.

අපේ දේශපාලන ඉතිහාසයේ හමුවන හමුදා චින්තනයක් යුත් දේශපාලන චරිතය සර් ජෝන් කොතලාවල මහතාය.එතුමා ද මීදුම දකින්නේ අර්ධ හමුදාමය සහ අර්ධ දේශපාලන චරිතයක් ලෙසය.කෙලින් කියා කියු දේ කරන්න ගිය සර් ජෝන් ගැන රසකතා බොහොමයක් අප අසා ඇත. 1956 බණ්ඩාරනායක ජයග්‍රණයෙන් පසු වැල නොකැඩී ආ වර්ජන තර්ජන ගැන සර් ජෝන් කීවේ “ මම බැදලා තිබු බල්ලෝ ටික බණ්ඩා ලිහා ගත්තා ” යනුවෙනි. විනයක් නොමැති රාජ්ය ,සංස්ථා ,මණ්ඩල සහ රාජ්‍ය උසස් අධ්‍යා පන ක්ෂෙත්‍රයේ මහත්වරුන් සහ නෝනා මහත්වරුන් බැද දැමීමට අද විනයක් අවශ්‍යමය. එය කුඩු කෑ දේශපාලනඥයින්ට කවදාමත් කරන්න බැරි කටයුත්තක් බව පසු ගිය දශක කිහිපයම අපට පෙන්වා දී ඇත.

අද වර්ජන ගර්ජන පවා ඇති වන්නේත් ශිෂ්‍ය සටන් ව්‍යාපාර ඇතිවන්නේත් පූර්ව මැතිවරණ ව්‍යාපාර බලා ගෙන මිසක ජනතාහිතවාදීව නොවන බව ඉතාමත් පැහැදිලිය.ජනතාවගේ හුස්ම හිරකර දෙනවද නැද්ද අසන මේ අවලං ව්‍යාපාරත් , දුප්පත් මව්වරුන්ගේ සහ පියවරුන්ගේ දූ දරුවන් ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන යක්ෂයිනුත් මෙල්ල කිරීමට නම් තුවක්කුව පිටිපස සිටිය මනුෂ්‍යයෙකුට මිස ජනතාව සමග සිටින මනුෂ්‍යයෙකුට අපහසුය.

අපේ රට නායකයාගෙන් නායකයාට අත්හදා බැලීමේ ව්‍යාපෘති පටන් ගන්නා රටක් මිස ජාතික ප්‍රතිපත්තියක් මත පවත්වා ගෙන යන රටක් නොවේ යයි මීදුම උපකල්පනය කරයි. 1948 සිට ජාතික ප්‍රතිපත්තියක් මත පාලනය හිමිවු ඇත්තන් ප්‍රතිපත්ති යාවත්කාලීන කරමින් රට පවත්වා ගෙන ගියා නම්. අවුරුදු 62 ක් වයස ශ්‍රී ලංකාව අද සිටිය යුත්තේ හිගමනේ නොවන්නේය.අපි තවමත් හිගමන් යදින ජාතියක් ව IMF ,GSP දෙස බලා සිටිමු. යුද්ධයට වෙන්කරන ලද මුදල්ද යුද්ධය වවා ගෙන කමින් ඒ සදහා වියදම් කල මුදල්ද ජාත්‍යන්තරයෙන් ගත් ණය මුදල් ලෙස සැලකිය හැකිය.
බටහිරයන් අපට ණය දෙන්නේ ආදරයට නොව අප බල හීනයන් ලෙස පවත්වා ගෙන යාමේ අරමුණින් බව තුන් වේලබඩ පුරවා ගෙන රූපවාහිණී තිරය දෙස විවේක සුවයෙන් සිටින අපට තේරෙන්නේ නැත. ගමේ සිටින කපටි මුදලාලියා ගම්වැසියන් ගේ දේපල දෙස බලා ගෙන ඇප උපකාර කරමින් පලමුව ණයකාරයෙක් කර පසුව ඉඩකඩම් අත්පත් කරගන්නා ස්වරූපය බටහිරයන් තුල ඇති බව අපට නොපෙනේනේ අපි අන්ධව විවෘත ආර්ථිකය බදා ගෙන සැප සම්පත් බදා ගෙන සිටින නිසා විය හැක.

මේ සියල්ල වෙනස් කරමින් රට සංවර්ධණය කිරීමට දෑඩි පාලනයක් රටට අවශ්‍ය වන්නේය. වල්බුරු නිදහස පාලනය වී විනයාත්මක නිදහස භාවිතයට ගැණිම මුලින්ම අසීරු කටයුත්තක් බව පිලිගත යුතුය.සමාජය තුලින් ගොඩ නැගුණ පාලකයෙකුට වඩා හමුදාව තුලින් ගොඩනැගුණ නායකත්වයකට ඒ සත් කාර්ය කිරීමට හැකිවෙන බව සක්සුදක් මෙන් පැහැදිලිය.

අනාගතයේ වර්ජන තර්ජන ශිෂ්‍ය සටන් නැති පාලනයක් බිහිවනු දකින්නට ජනතාව සිහින දකිමින් සිටින අතර , ඕනෑ වුන විට පුටුවටත් - එපාවුන විට අටුවටත් දමන්න බැරි පාලනයක් තුල වියකි සිදී බිදි යන “බණ්ඩා විසින් ලිහාදමන ලද - ජෝන් විසින් බැද දමන ලද ” පැලැන්තිය ගැන දැන් සිටම අනුකම්පා කිරීමට ජනතාව පුහුණු වෙමින් සිටන බව සටහන් කරමු.

“ජනරාල් වරයෙකු පොදු අපේක්ෂකයා වේවායි” මීදුම ප්‍රාර්ථණය කරයි.

Wednesday, November 18, 2009

සංඝාඥා



සංඝාංඥා වක් නිකුත් කිරිමේ අනතුරු හැගවීමක් ජනරාල් වරයාට පසු ගියදා නිකුත් කර තිබිණි . මීදුම අවදානය යොමු කරන්නේ මේ අනතුරු හැගවීමට නොව ආඥාව මොකක්ද යන්නට සහ එයින් “කරන්න පුළුවන් කෙං ගෙඩිය” මොකක්ද යන්නටය.
‘අප දන්නා සංඝාංඥා පැනවිය හැක්කේ , ධර්මයට සහ සමාජයට අහිතකර ක්‍රියාවක යෙදෙන හෝ අත්‍යවශ්‍ය අ හිතකර ක්‍රියාවක නොයෙදෙන හෝ පුද්ගලයන්ට එරෙහිවය.එවැනි පුද්ගලයින්ගේ ධර්මාණුකුල කටයුතු වලට සහභාගී නොවිමේ සිට පොදු ආගමික සමාජ කටයුතු වලදි ඔවුන් ප්‍රතික්‍ෂෙ කිරිම දක්වා සංගාංඥාවල බලය විහිදිය හැකිය.
එහෙත් ඒ ඕනෑම ආඥාවක් පැනවීම යථාර්ථයක් වන්නට නම් , ඒ ආඥා හෙවත් නිති පිලිගැණිමට කැමති පුද්ගලයින් සිටිය යුතුය.අතීතයේදී රජවරුන්ට හෝ අන් අයට එරෙහිව සංඝාංඥා පනවන්නට හැකියාව තිබුනේ නම් ඒ, එසේ බලපැමක් කිරිමට තරම් ගෞරවාන්විත හා බලවත් පැවදි දිවියකට භික්ෂුන් උරුම කම් කි නිසාය. ”
-15 රාවය - කේ.ඩබ්.ජනරංජන
වර්තමාන සමාජයට එවැනි සංඝාංඥා අපේ හාමුදුරුවරුන්ට කල නොහැකිය. අපි හාමුදුරුවරුන්ගෙන් බලාපොරොත්තුවන පුර්වාදර්ශ අද එතුමන්ලා තුල නොමැත. ඉතාමත් සංවර දිවිපෙවෙතක අල්පේච්ඡ ජීවිත ගත කරන ,සමාජයට ගුරුහරුකම් දෙමින් ආගමික සංවර්ධණයේ යෙදෙමින් පන්සල් තුල වැඩ වාසය කරන හාමුදුරුවරු අද නැත.
එතුමන්ලා බොහෝ කාර්ය බහුලය. ගිහියෙකුගේ දානයයකට බැතිසිතින් වඩම්මවා ගන්නද පන්සලට දානය ගෙන ගොස් පුජා කරන විට බාරගන්න තරම්වත් එතුමන්ලාට විවේකයක් නැත. එක්කෝ රැකියාවකය. නැත්නම් රැකියාවක් ඉලක්ක කරගත් අධ්‍යාපනයකය. තව තවත් අය දේශපාලන වේදිකාවේ පලාත් සභාවේ සහ පාර්ලිමේන්තුවේ වැඩ වාසය කරමින් ශිලයේ පිහිටා කටයුතු කරන්නේය. පන්සල පාළුවට ගොස් පන්සල් පරිසරය විනාශයට ගොස් ඒ තුල නන් වැදෑරුම් ව්‍යාපාර ඇරඹි සාදු මචංලා ,අයියලා සහ නංගිලා වැද සමුගන්නවා වෙනුවට පිටට තට්ටු කර “යන්නම් සාදු ” කියන තැනට පන්සල් පැවතුම් වෙනස් වන විට ආඥා බලපවත්වන්නට බැරි බව සිහිපත් වන්නේය.
අපේ හාමුදුරුවරුන් හට ගිහි සමාජයට බලපැමක් වන අන්දමින් ජීවත් වීමේ පරිසරය අහිමි කර ගන්නා කාලය 1956 සිට ඇරඹුනා විය හැක. සග-වෙද-ගුරු-ගොවි -කම්කරු බලවේගය දේසපාලනයට පිවිසි එම වකවානුවෙන් පසු ගුරු වාත්තිකයා හට ජන හදවත් තුල තිබු ගෞරවය නැති කරගෙන නිකම්ම වැටුප් ලබන වෟත්තිකයෙක් පමනක් බවට පත්විය. වෙද පරපුර සම්පුර්ණයෙන්ම විනාශයට පත්ව දොස්තර බිහිවිය. අද ගෞරාන්විත දේශීය වෙද කම නැති වී ඇති නිසා වෙද මහතා දකින්නට නැත.සග පරපුරද මා මුලින් සදහන් කල වෘත්තිකයන් ගොන්නට ක්‍රමයෙන් පත්වෙමින් සිටින බව ගමේ පන්සලට ගිය විට පැහැදිලිව දකින්නට ඇත.
සමාජය විසින් රක්ෂා කරන ලද අපේ හාමුදුරුරවරු දුන් දේ බාරගෙන පුණ්‍යානුමෝදනාවෙන් සමාජයේ සිත් පහන් කරවා -පන්සල සිත් පහන් කල “පහන් -සලක් “ බවට පත් කරමින් වැඩ වාසය කල සමයේ සංඝාඥාවක් වී නම් එය බලවත් වනු ඇත.

වර්තමානයේ නම් එය විහිළුවක් සහ හිතළුවක් බව සදහන් කල යුතු වන්නේමය.

Tuesday, November 17, 2009

ප්‍රේම වසන්තය නෙමේ


පාට පාට මල් වැටිච්ච
පාර දිගට අතිනත් ගෙන
ඈත ඈත යන්න තියෙන
ආසාව නොහිමි
මාරු කාසි නැතිවුනාම
හිතට දුකක් ඇති වුනාම
ප්‍රේම වසන්තය නෙමේ
- පිනිවැස්ස 2003
- අදහස ප්‍රසාද් වීරසේකර

Thursday, November 12, 2009

අපිට කරන තර්ජන .

කාටූනය එස්.සී.ඹ්පාතයන්ගෙනි.

රනිල් වික්‍රමසිංහ මහතා ජවිපෙ වෘත්තීය සමිති ව්‍යාපාරත් සමග පඩි වැඩිකරනු !. යන්නෙන් සටන් පාඨය අතට ගෙන වරාය ,තෙල්, විදුලිය සහ ජලය සේවකයින් සමග වෘත්තීය සමිති වයාපාරයක.
මීදුමට යන්තමට මතකයක් තියෙනවා යුද්ධය නිසා වෘත්තීය සමිති එකමුතුව අවුරුදු තුනකට පස්සේ 2009 දී ලබන්න තිබුන පඩි වැඩිවිම 2010 දී ලබන්න එකගවු බව. ආණ්ඩුව 18% -22% අතර පඩි වැඩිවීමක් නොවැම්බර් සිට ගෙවන බවත් එය 2010 ජනවාරි මස සිට ලැබෙන්න සලස්වන බවත් පවසනවා.
ජනාධිපති තුමා “අපි කියන්නේ කරන දේවල් - කිවුවොත් කරනවා “ කියලා කියන කොට රනිල් වික්‍රමසිංහ මහතා “ ආණ්ඩුව කියන්නේ බොරු - ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුමකට බැදිලා ඉන්නවා රජයේ සේවකයින්ගේ පඩි වැඩි නොකරන බවට ” කියලා අනිත් පැත්තට හැරිලා කියනවා.

ජවිපෙය වර්තමානයේ සිදුකරන්නේත් සහ අතීතයේදි සමසමාජ කොමිනියුස්ට් පක්ෂය සිදුකලේත් එකම රගපෑම.බණ්ඩාරණායක අගමැති තුමා තරම් වර්ජන වලින් පීඩාවට පත්කල ‍රාජ්යාපාලකයෙක් නැති තරම්. බණ්ඩාරණායක මහතාට කීවේ “ සෙවල බංඩාට පිට කොන්දක් නෑ” කියලා. ජේ.ආර්.ජයවර්ධණ මහතා සමග සෙල්ලම පටන් ගත්තේ ඒ කාලෙට අනූරූපව රුපියල් දහයක වැටුප් වැඩිවීමක් ඉල්ලලා.ලත් තැනම වැඩේ ලොප් කරපු උන්නැහේ මී කතුරට තියන ඇම වගේ ඇමට තිබ්බ අසරන රාජ්‍ය සේවකයෝ සහ පවුල් කී දාහක් ජීවිත කාලයම බඩගින්නේ තියන්නත් සියදිවි නසා ගන්වන්න තරම් සහාසික වුනා අපිට මතකයි.

අපේ රටේ ජනගහනයෙන් රාජ්‍ය සේවකයින්ගේ සහ යැපෙන්නන්ගේ ප්‍රතිසතය 5% කටත් අඩුවෙන්න ඇති. ( රාජ්‍ය පාලකයන්ගේ ප්‍රතිසතය නම් කොයිතරම්ද කියලා හිතා ගන්න බැහැ.) 95%ක්ම යැපෙන්නේ පෞද්ගලික ආයාතන ස්වයං රැකියා සහ හෙට වැඩක් ලැබෙයිද කියන අවිනිස්චිත රැකියා වලින්.මුළු ජනගහනයම උපයන සෑම සතයෙන්ම රජය නොයෙක් ආකාරයෙන් අයකරන බදු වලින් තමයි රට සමබර වෙන්නේත් මේ ඇත්තන්ට පඩි ගෙවන්නෙත්.

රාජ්‍යසේවකයින් ඉන්නේ පුරවැසියාට සේවය කරන්න වුනත් අපි වගේ හුදී ජනයාට සේවය කිරීමේ මානසිකත්ව යක් එතුමාලට නැහැ.රාජ්‍ය සේවය තුල කාර්යක්ෂමතාවය බිංදුව බවයිමීදුම අදහස් කරන්නේ.
කවදාවත් ජනතාවට හිතකාමි කියාගන්නා වාමාංසික ව්‍යාපාර ජනතාවට ලෙන්ගතුව රාජ්‍ය සේවයේ කාර්යක්ෂාමතාවය වැඩි කරන්න කියලා උද්ඝෝෂනයක් කල බවක් ජීවිත කාලයටම අහල නැහැ. මේ ඇත්තෝ කරන්නේ පිදුරු ගොඩේ ඉන්න බල්ලගේ රාජකාරිය විතරයි.
මහින්ද නායකත්ව ය පහුගිය අවුරුදු හතරේ හැසුරුන ආකාරය උතුරේ - දකුණේ සංහිදියාව සහ රාජ්‍ය අංසය වර්ධණය කිරීම වගේම රාජ්‍ය සේවකයින්ගේ දුක් ගැණවිලි වලට ඇහුම් දිම වගේ දේවල් වලදි පසුගිය පාලනවලට වඩා හිතකාමී බවක් දැක්වුවා කියලයි මීදුම හිතන්නේ. ( සුද්දේ අතින්........... යම් මත වාද තියෙන්න පුළුවන්.) ජනාධිපති තුමා “අපි කියන්නේ කරන දේවල් - කිවුවොත් කරනවා “ කියලා කියන කොට අපිට විස්වාස කරන්න වෙනවා “මේ මනුස්සයා කියනවා වගේ ජනවාරි වල සිට එරියස් එකත් එක්ක වැඩි පඩි දෙයි කියලා ”. ඉතින් එහෙම තියෙද්දිත් මොකටද ජනතා හිතකාමී රනිල් වික්‍රමසිංහ මහතා සහ ජවිපෙ මේ වර්ජනයක් පවත්වා ගෙන යන්නේ. ජනතාව පීඩාවට පත් කරමින්.

පාලන බලය ලබා ගැණිමට මේ වගේ සිල්ප ක්‍රම යෙදවීම වර්තමානය වන විට යල් පැණගිය උපක්‍රම කියලයි මීදුම හිතන්නේ.ජනපීඩකයෙක් ලෙස ජනතාව හදුනාගත් විට පිරිබාහරන්ට විමුක්තිකාමියෙක් ලෙස මීට දසක දෙකකට ඉහතදී තිබු පිලිගැණිම තිබුනේ නැහැ.බලය මිසක වෙනත් කිසිවක් අරමුණු කර ගත් චින්තනයක් රනිල්ට හෝ ජවිපෙයට නැහැ කියලා ජන විඤානය තේරුම් අරගත්දාට ජනතාව තුල ඹවුන් පිරිහිමට පත්වෙනවා හැරෙන්න වෙනත් දෙයක් වෙන්නේ නැහැ. සමසමාජ කොමිනියුස්ට් පක්ෂ අද යුනියන් පෙදෙසෙත්,බොරැල්ල කොටා රෝඩ් එකෙත් බෝර්ඩ් ලෑලි විතරයි.ජනතා හදවත් තුලින් මැකිලා ගිහින්. එහෙත් එම පක්ෂ1956 -1977 යුග වල මේ රටේ ප්‍රබල දේසපාලන පක්ෂ. වෙලා තිබුනා.

ජවිපෙයට ඒ වින්නැහිය වෙනවා දකින්න අපි කැමති නැහැ.චන්දදායකයින්ට එජාපයත් ග්‍රීලනිපයත් එපාවුනාම යන්න තැනක් හැටියට ජවිපෙය තුන්වන බලවේගයක් ලෙස පිබිදෙමින් තිබුනා. “මහින්ද ගෙදර යවා මිස නොනවතිමි ”යි පාරම්බාන්නේ නැතිව මහින්දත් සමග සංහිදියාවෙන් කටයුතු කලා නම් ඒ බලවේගය ග්‍රීලනිපයත් දියකරමින් වර්ධණය වෙන්න ඉඩ තිබුනා. රටට පේන්න හරි අද මහින්ද ජවිපෙ කොඩියේ බාගයක් අරගෙන යනවා. ජවිපෙය මහින්දට බැන බැන වෛරය වපුරනවා. ජවිපෙයත් රනිල් වික්‍රමසිංහ මහතාත් තේරුම් අරගෙන ජනතාව කටයුතු කරනවා.

අනාගතය උදෙසා පැහැදිලි දැක්මක් මිසක වෛරය ද්වේසය වැපිරීමෙන් අද දේසපාලන වේදිකාව සැරසුවට පලක් නැහැ.ඒ සැරසිලිවල තියෙන අවලක්ෂණ ජනතාව වහාම තේරුම් ගන්නවා. බලය නෙමෙයි තිබෙන ඉඩකඩ තුල සේවය කරලා පෙන්නුවොත් බලය නිකම්ම අතට ඒවී කියලා මිදුම හිතනවා.