රබීන්ද්‍රනාත් ඨාගූර්.

වළාකුලක් වූවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතයි. වළාකුල සිතන්නේ “ මා කුරුල්ලෙක් වුවානම් කොතරම් හොදද කියායි.




















ලියෝ තොල්ස්තෝයි

හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම දිනන්නේ හොදය ජීවිතයේ විශ්ව සාධාරණ නීතිය එය බැවිනි.























පුංචි තාරකාවෝ.

දෙවියන් වහන්සේ විසින් මැව් ලොකු තාරකාවන්ට වඩා උන්වහන්සේ මිනිසා විසින් දැල්වු පුංචි පහන් දකින්නට කැමතිය - රබීන්ද්‍රනාත් තාගෝර්.
























- බුදුරජානන් වහන්සේ.

වීර්යත් ප්‍රඥාවත් නැත්තහු හට ධ්‍යානයක් නැත . භාවනා නොකරන්නාට ප්‍රඥාව නැත. යමෙක්හු කෙරෙහි ධ්‍යානයත් ප්‍රඥාවත් ඇත්නම් හෙතෙමේ ඒකාන්තයෙන්ම නිවනට සමීපව සිටින්නේය.
























බුදුරජානන් වහන්සේ .

අනුන්ගේ මරණ උපමා කර ගනිමින් සුළං හමන තැනක දැල්වූ පහනක් මෙන් තමාගේ ආයුෂද කවර මොහොතක හෝ කෙලවර විය හැකි ය .

2024-11-16

උණු කඳුළු වැගිරුන මතකද - ඒ නොවැම්බරය








ඒ නොවැම්බරය
රක්ත වර්ණයෙන් උදම් වුණ
උණු කඳුළු වැගිරුන
මතකද ඒ නොවැම්බරය

අවජාතක වෙඩි උණ්ඩයක්
මරා දැමුවේ ප්‍රේමයෙන් පිරුණු පපු කුහර
ඊට පස්සේ
ඉර ගිනිගත්තේ කිසිත් නොකියම
සඳත් ගිනිගත්තා එදා අලුයම
විසල් නැවකට මඟ කියූ
ඒ මහා රුවල
බිඳී දියවී ගියා මුහුදු පතුලට
මඟක් නොදැනම මුහුදු දිය මත
ඉතින් ඒ නැව ඔහේ පාවිය..
ඒ නොවැම්බරය

මල් පෙති ඉරී වෙන්වුන
විහඟුන් මරා හැංගුව
අමතකද ඒ හීතල නොවැම්බරය
උණ්ඩයට උණ්ඩයක්
මිනිසෙකුට මිනිසෙක්
ඒ සිහින කණිසම
දෝංකාරයකි තවමත්
හිතේ ඉරුණු තැන්වල
රක්ත වර්ණයෙන් උදම් වුණ
මතකද ඒ නොවැම්බරය

සෝමලතා හේරත් මැණිකේ

A day in the life