රබීන්ද්‍රනාත් ඨාගූර්.

වළාකුලක් වූවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතයි. වළාකුල සිතන්නේ “ මා කුරුල්ලෙක් වුවානම් කොතරම් හොදද කියායි.




















ලියෝ තොල්ස්තෝයි

හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම දිනන්නේ හොදය ජීවිතයේ විශ්ව සාධාරණ නීතිය එය බැවිනි.























පුංචි තාරකාවෝ.

දෙවියන් වහන්සේ විසින් මැව් ලොකු තාරකාවන්ට වඩා උන්වහන්සේ මිනිසා විසින් දැල්වු පුංචි පහන් දකින්නට කැමතිය - රබීන්ද්‍රනාත් තාගෝර්.
























- බුදුරජානන් වහන්සේ.

වීර්යත් ප්‍රඥාවත් නැත්තහු හට ධ්‍යානයක් නැත . භාවනා නොකරන්නාට ප්‍රඥාව නැත. යමෙක්හු කෙරෙහි ධ්‍යානයත් ප්‍රඥාවත් ඇත්නම් හෙතෙමේ ඒකාන්තයෙන්ම නිවනට සමීපව සිටින්නේය.
























බුදුරජානන් වහන්සේ .

අනුන්ගේ මරණ උපමා කර ගනිමින් සුළං හමන තැනක දැල්වූ පහනක් මෙන් තමාගේ ආයුෂද කවර මොහොතක හෝ කෙලවර විය හැකි ය .

2024-03-16

හිලව්ව

Trash on white background 293769 Vector Art at Vecteezy
ගේ ඉදිරිපිට පාරෙන් නිරතුරු ඇසෙනා
සුපුරුදු හඬක් විය පීකරයෙන් කියනා
පොල්කටු පොල්මැඬිද අප ඉවතට දමනා
මිලකට ගන්නවලු නොම අදහන වටිනා
පත්තර පරණ පොත් හා යකඩද තිබෙන
වත්තට පැමිණ බැලුවේ කොලුවෙකි තරුණ
තිස්සෙම නැතත් ඉඳහිට දවසක රැගෙන
දුන්නා අතට මුදලක් බිරිඳට ඔබින
මේ ලෙස ගෙවෙන විට කාලය නොදැනීම
බිරිඳගෙ සිරිත විය උදයෙහි අතුගෑම
පොල්කටු ලොරිය දැක මිදුලෙහි ගැවසීම
මගෙ ඇසගැටුනෙ නැහැ කරුමය පලදීම
මෙච්චර ඉවතලන දේ නිතරම පිරුනේ
කොයිලෙසකින්ද නිකමටවත් නෑ හිතුනේ
ළංවන විටදි රිය ඒ දෙසටම ඇදුනේ
ලස්සන මලක් මෙනි ඇගෙ මුහුණම පිපුනේ
දිනකදි පුරුදු ලෙස පැමිණෙන කල ලොරිය
එළියට ඇවිත් වටපිට බැලුවා බිරිය
මහලොකු මල්ලකුත් පටවා ගෙන දිරිය
අසුනට ගොඩවුනා අයියෝ වුන හරිය
ඇදිලා යන ගමන් ලොරියෙන් හිස පෙව්වා
මා දෙස බලබලා ඈ මා වෙත රැව්වා
"අහපන් මචං" මම උන් පස්සෙන් දිව්වා
"ප්ලාස්ටික් බේසමක්වත් දීපන්" කිව්වා
පී. ජී. ආරියපාල


A day in the life