2026-07-27

වතුකරයේ අවමගුල් සිරිත්.



අද හිණ්දු ආගමික ද්‍රවිඩ ජනතාව සෙයා ගිය ගමනක්.

මට වඩාත්ම සමීප වතුකරයේ ද්‍රවිඩ ජනතාව. ඔවුන් අසල්වාසීන් සහ නිතර නිතර කාර්ය කටයුතු සදහා සම්බන්‍ධවන්නන්. මේ නිසා අසල්වාසීන් ලෙස සලකා විවිධ අවස්ථාවල සම්බන්ධ වී අත්දැකීම් තියෙනවා.

.උතුරේ ද්‍රවිඩ ජනතාව සහ වතුකරයේ ද්‍රවිඩ ජනතාව අතර අවමගුල් චාරිත්‍රවල පොදු හා හිණ්දු ආගමික ලක්ෂණ තියෙනවා.ඒත් ප්‍රාෙද්ශීය සංස්කෘතිය ,ජීවන රටාව සහ කුල ක්‍රමයේ බලපෑම් මත අවමගුල් සිරිත් විරිත් වල නොයෙක් වෙනස් කමුත් තියෙනවා. 

නිවසේදී මරණයක් සිදුවු පසු මෘතදේහය ද දකුණට හිස දමා නිවයේ තැන්පත් කරනවා. රෝහලකදී නම් සිදුවන්නේ මරණය නිවසට ගෙන  ආපසු එසේ සිදුකිරීමයි. දේහය තැන්පත් කිරීමට පෙර  දේහය නාවා පිරිසිදු කිරීමට  කහ සහ සුවඳ ද්‍රව්‍ය මිශ්‍ර ජලය බහුලව භාවිත කෙරේ.  නළලේ තිරුනීරු තැබීම සිදු කරන අතර, ඉන්පසු සිරුරේ හිස දකුණු දිශාවට හැරෙනසේ නිවසේ තැන්පත් කෙරේ.

ඉන්පසු අවමඟුල් පෙරහැර ආරම්භ වන තෙක් මියගිය අය වෙනුවෙන් විශේෂ ධාන්‍ය වර්ග හෝ කාසි පඬුරු ලෙස වෙන් කිරීමේ සිරිතක් පවතී. දේහය නිවසින් පිටතට ගන්නා විට වතුකරයේ "කොල්ලි වයිත්තල්" චාරිත්‍රය සඳහා ගිනි කූඩයක් (ගිනි අඟුරු සහිත මැටි බඳුනක්) රැගෙන යාම පවුලේ ප්‍රධානියා විසින් සිදු කරයි. අවමඟුල් පෙරහැර යන අතරතුර පාර දිගේ "පොරි" (බැදපු වී/ඉරිඟු) සහ කාසි ඉසීම වතුකරයේ ඉතා ජනප්‍රිය සිරිතකි.

වතුකරයේ ආර්ථික අපහසුතා සහ දර හිඟකම නිසා බහුලවම සිදු කරන්නේ භූමදානය කිරීමයි. බොහෝ වතුවල  වෙන් කර ඇති පොදු සුසාන භූමියක මෙය සිදු කෙරේ. වළ දැමීමට පෙර මියගිය අයගේ මුඛයට නෑදෑයින් විසින් අවසන් වරට සහල් ඇට දැමීමේ (වායිකිරිසි) චාරිත්‍රය මෙහිදී ඉතා භක්තිමත්ව සිදු කරති.

වතුකරයේ මරණයෙන් පසු "කරුමාදි" (Karumathi) නමැති ප්‍රධාන චාරිත්‍රය සාමාන්‍යයෙන් සිදු කරන්නේ 8 වන හෝ 16 වන දිනයේදීය. මෙහිදී මියගිය අය වෙනුවෙන් "පිණ්ඩම්" (බත් පිඬු) සාදා ගඟකට හෝ ගලායන ජලයකට දැමීම සිදු කරයි. එදින රාත්‍රියේ මියගිය අය වෙනුවෙන් ඔවුන් ප්‍රිය කළ ආහාර වර්ග (සමහර විට මාංශමය ආහාරද ඇතුළුව) පිළියෙල කර පූජා කිරීමේ සිරිතක් වතුකරයේ පවතී.



A day in the life 
ජීවිතයෙන් දවසක් .

1 comment:

Pra Jay said...

++++++++++++++++++++++++