wwwwwwww wwwwwwww wwwwwwwwww
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

සුබ අළුත් අවුරුද්දක් වේවා !.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

2015-12-28

මාටිං අයියාගේ අවුරුද්ද.


අපේ මාටිං අයියාට මේ තරම් තරහ ගිය දවසක් මම දැක නැත. උන්නැහේ මහින්ද මහත්තයාගේ වැඩ ගැන තිබුන කලකිරීමට මෛත්‍රී මහත්තයාට ඡණ්දය දුන්නේය. මෛත්‍රි මහත්තයාට සහයට රණිල් මහත්තයා අගමැති කරවුයේය.
කේන්ති මීටරය දවසින් දවස නැග්ග හැටි මෙනෙහි කරන විට මට යහපාලනයේ අතුරු අයවැය ගැන කරන ලද ප්‍රශංසාද අමතක කල නොහැක. 
ඒ මතින් පාර්ලිමේන්තු ඡණ්දයේදී හොදටම වයින් වී සිටි මාටිං අයියා කුඹුක් මුලක කොක්ක පැටලී ගමක් එක්කම තරහවු මසුන් මරන්නා මෙන් දෙන්නං බැටේ අර්ථයෙන් කරන ලද පාරම් බෑම්ද මතක් විය. අන්තිමේදී හයිබ්‍රිඩ් ආණ්ඩුවක් හැදුන තැන මාටිං අයියා කූල් ඩවුන් විය.නැත්නම් ගමම සුන්නත්දූලි කරන තරම් පවර් එකක් මාටිං අයියාගේ හිතට කාණ්දුවී තිබුනේය.

මාටිං අයියා ගේ නිවසට අසල්වාසී නිවසේ සිටියේ මහින්ද මතවාදී තද පොරකි. පොරක් වුවාට ඔහුගේ දෙනෙත අබාධිතව ප්‍රතිකාර ගනිමින් සිටියේය. නිහඩ ජීවිතයක් ගත කල ඔහුගේ දරුවන් උසස් යයි සම්මත අධ්‍යාපනයක් ලද හෙයින් සහ දරුවන් ඔහු රැක බලා ගෙන සිටින බැවින් නිසංසල ජීවිතයක් ගත කලේය. මාටිං අයියාට මේ අසල්වාසියා දේශපාලනය නිසා පෙන්නනම බැරිය.මාටිං අයියාගේ මතවාදයට හරවා ගැණිමට නොහැකිවු තැන අසල්වාසියා බත් කන පොට්ට හරකෙක් බවට නම් කලේය. මේ අතුරු කතාවට පැමිණියේ මාටි අයියා එදා හිටි මානසික අභිමානය දක්වන්නටය.

තොල කට තෙමා ගන්න ගොඩ වෙන බාර් එකේ කොල්ලා දකින කොටත් මාටිං අයියාට දැන් දැන් ඌරු ජුවල් නගින්නේය. කොල්ලා නක්කලයට වගේ ලයිසමට වැඩි කරන ලද ලක්‍ෂ පහේ මුදල සහ රජයෙන් වැඩිකරන ලද ලීටරයට එකසිය පනහත් එකතු කර කාලට ගනන් කී විට අම්මා මෝ මතක් නොකරන දවසක් නැත. බජට් එක බැලන්ස් කරගන්න බැරිම තැන සංස්ථා කාලෙන් 30.5% හේ අනම් මනම් බ්‍රැන්ඩ් වලට මාටිං අයියා පල්ලම් බැස්සේය.

බාර් එකේ කොල්ලාගේ කට හොද නැත. මාටිං අයියාව අවුස්සන එක උගේ විනෝදාංශයක් වී ඇත. මායිමේ තිබුන විශ්ව විද්‍යාලයේ සිකුරිටියේ වැඩ කල කෙල්ල දැන් ගෙදරය.කලින් රත්නා ලංකා සමාගම මෙහෙයවන ලද ආරක්‍ෂක අංශය දැන් පෞද්ගලික ආයතනයක බූදලයක් වී ඇත. පඩි පාලක සභාවේ වැටුප් පටිපාටියට යටත්ව මාසිකව රුපියල් තිස්දහසක් පමණ වැටුපක් ලද කෙල්ලට රුපියල් හයසියයක පැය දොළහක වැඩ මුරයකට යාමට වීමෙන් සිකුරිටි ජොබ් එක එපාවී ගෙදරට වීම නිසා මාටිං අයියාගේ බජට් එකේ බැලන්ස් නැත්තටම නැතිවී ඇත.
පහුගිය ආණ්ඩුවෙන් දුන් බයිසිකලේ නැගී හෙල්මටයට උඩින් කොන්ඩය හුලගට පා කරමින් යන ආර්ථික සංවර්ධන නිලධාරිය දකින මාටිං අයියා ඒකිගේ සනුහරේටම හෙන සිහිපත් කරන්නේය.
මාටිං අයියාගේ කොල්ලෝ දෙන්නටත් වී තිබෙන්නේ මේ සංගදියමය.ඒ දවස්වල පාරවල් කන්නද ? අහපු මාටිං අයියා කොන්ත්‍රාත් සමාගම් වල පාරවල් බෝක්කු පාළම් හදපු කොල්ලෝ දෙන්නා ගෙදරටවී මාටිං අයියාට බරක්වී ඇත. අපි කාටත් කන්නත් පාරවල් හොදයි කියන්න තරම් හිත වෙනස්ව ඇත. 
ඒත් පලාතේ ඇමතිතුමා ලාබ ගන්න පුළුවන් ප්ලැට් ලෑන්ඩ් වල විතරක් පාරවල් හදන එක නතරව ඇති නිසා මාටිං අයියාට ඒ පිලිබදව පුංචි ‍ජොලියක් ඇතිවී ඇත.

ජනහිතකාමිවු බජට් එක පිලිබදව බලාපොරොත්තු ඇතිව සිටින මාටිං අයියා අණ්ඩ දමන ලද අතුරු බජට් එක පිළිබදව සුන්දර සුබ සිහින දකිමින් 2015 වසරට සාප කරමින් කාර් එකක් මිළදී ගැණිමේ බලාපොරොත්තුවෙන් පරණ යකඩ එකතු කරන පෙරුමාල්ට පුෂ් බයිසිකලය විකුණා දමන ලද ආරංචිය ගොසිප් වලට හොද ආරංචියක් විය.

notes of imaginary

2015-12-24

2015 වසර ගෙවී ගෙන යනවා.



තව වසරකින් ජීවිතය කෙටි කරගත්තා කියලයි මට හිතෙන්නේ. කවුරු මොන වගේ හිතුවත් මට නම් එහෙම හිතන එක සැනසීමක්. එහෙම හිතෙන කොට ජීවිතය පටන් ගත්ත වසරක් කියලයි මම 2105 සටහන් කරගන්නේ.

පහුගිය මාසේ නොවැම්බර් මාසේ 29 වෙනිදා මගේ පොඩි මල්ලී අවුරුදු 49 ක්ව හෘදාබාධයක් නිසාවෙන් අප අතහැර ගියා . ලොකු අයියා තවමත් නිසරු ජීවිතය ගැන පසුතැවෙමින් බලා සිටිනවා.අපි දුවනවා...... දුවනවා කෙලවරක් නැහැ. නතරවුන දවසට දිවිල්ලෙන් තේරුමක් නැහැ කියලා හිතෙන්නේ ප්‍රේක්‍ෂකයන්ට මිසක් නිමක් නැතිව දුවන අයට නෙමෙයි මේ ගමන ගැන අවබෝධයක් ලබන්න පුළුවන් .මට මතක හැටියට අංගුලිමාල ට බුදුහාමුදුරුවෝ කිව්වේ ....මමනම් නතර වෙලා . ඔබ තවමත් දුවනවා කියලා මේ හැගීමෙන් වෙන්න ඇති.

සුන්දර රූපය කාය ගිණි ගොඩකට ( වර්තමානයේ නම් ගෑස් උදුනකට )මැදි වෙලා පුංචි මැටි මුට්ටියකට ලඝු වෙලා පස් අතරේ සැගවුනාම “රූපං ජීරති මච්චානං - නාම ගොත්තං නජීරති............කියන බුදු වදන මතක් වෙනවා. අදවන විට “ නාම ගොත්තං නජීරති“ යයි කියන කොටස යථාර්තයක් නෙමෙයි.
නොදිරන නාමය වාහනයක් කර ගෙන අනෙක් අය ජීවත් වෙන්න නොදිරන නම විකුනන හැටි හැම වෘත්තියේම දකින්න තියෙනවා.
අවුරුද්දක් දෙකක් ඇවෑමෙන් නාමගොත්තං නජීරති යන වදන යථාර්තයක් නෙමෙයි කියලා අපි කාටත් හිතෙනවා. 
ඒ තරමට සමාජය කාර්ය බහුල වෙලා.ආත්මාර්ථකාමි වෙලා.

මේ කෙටි සටහනින් අද වියමන අවසන් කරනවා.
“රූපං ජීරති මච්චානං - නාම ගොත්තං නජීරති... 






notes of imaginary

2015-12-22

අවදිවූ මතකය.


මේ සරස වසන්තයේ - සද උතුලන මිහිර වැගිරෙයි
මල් සුවද පවා සුසුමින් වැලපෙයි.
මේ සරස වසන්තයේ........................
ඇල් සුළග ඇවිත් කොදුරයි රහසින්
ආදරෙයි කියා ඔබ කීව ලෙසින්
ජීවිතය වුනත් මලක් වගෙමයි
හෙට හිනා වෙලා පෙති ලිහා දමයි.....................
මේ වසන්තයම හෙට මලකට නම්
ආදරය දකිනා හීනයක් වගෙයි
සිප ගන්න හිතයි සැගවේද බයයි.
ආදරය වුනත් මල් සුවද වගෙයි........................
මේ සරස වසන්තයේ - සද උතුරන මිහිර වැගිරෙයි
මල් සුවද පවා සුසුමින් වැලපෙයි.
මේ සරස වසන්තයේ


notes of imaginary

2015-11-09

මාදුළුවාවේ සෝභිත නා හිමියෝ


කෝට්‌ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නා හිමියෝ යයි කී පමනින් කුඩා දරුවෙකු වුවද උන්වහන්සේ හදුනා ගන්නේය. උන්වහන්සේ 08දා අලුයම 4.30ට පමණ සිංගප්පූරුවේ මවුන්ට්‌ එළිසබෙත් රෝහලේ දී අපවත්වීය. මේ පුවත සමාජ වෙබ් අඩවි හරහා මුලින්ම පළවු අතර උන්වහන්සෙගේ අපවත් වීම ගැන ශෝක වන්නෝ මෙන්ම අපවත් වීමක් අසමින් දක්වන ප්‍රතිචාරයන්ට එහා ගිය අප්‍රසාදජනක ප්‍රතිචාරද පළවිය.තුන්තිස් පැයේ බණ දහම් අසන ලාංකීය සමාජය මේ තරමට කුණුවි ගණ්ධස්කාර හමන්නට පත්ව තිබීම අතිශය ශෝක ජනකය.


මාදුළුවාවේ සෝභිත නා හිමියෝ පතිරගේ දොන් අප්පුහාමි හා කරලිනාහාමි යුවලට දාව 1942 මැයි නව වැනි දා මාදුළුවාව ගමේ දී පී. ඩී. රත්නසේකර නමින් උපත ලැබු උන්වහන්සේ 1955 දී සසුන් ගතව 1962 දී උපසම්පදාව ලැබූහ. උන් වහන්සේටම අනන්‍යවූ ගැඹුරු කටහඬ, දේශනා ශෛලිය, උච්චාරණ විලාසය අතිශය විචිත්‍ර උපමා උපමේය, ක්‌ෂණිකව මතුවන කවීත්වයෙන් පිරි කියුම්, හාස්‍යය උපහාසය මෙන්ම අර්ථවත් අදහස්‌ වලින් යුක්‌ත දේශන ශෛලිය ජනතා හදවත් තුල ලැගුම් ගත්තේය.

මාදුළුවාවේ සෝභිත හිමියන් එජාප ආණ්‌ඩුව - ඉන්දු ලංකා ගිවිසුම ඉන්දියානු අගමැති රජිව් ගාන්ධිගේද සහභාගිත්වයෙන් අත්සන් කිරීමට එරෙහිව වීදී බැස්සාය. 1987 ජුලි 28 වැනිදා කොටුව බෝගහ අසළ 20,000කට ආසන්න ජනතාවගේ සහභාගිත්වයෙන් පැවති විරෝධතා ව්‍යාපාරයට නායකත්වය දුන්නේ සෝභිත හාමුදුරුවන්ය.


ඡේ. ආර්. ජයවර්ධන පාලන සමයේ ඉන්දියානු හමුදා ආක්‍රමණය සිදුවූ මොහොතේ ඊට එරෙහිව දිවි නොතකා සටන් වැදුණු උන්වහන්සේ මව්බිම සුරැකීමේ ව්‍යාපාරයේ සිටිමින් පුරෝගාමී මෙහෙවරක්‌ ඉටු කළෝය.


යුද්ධය අවසන් කිරීමෙන් පසු විධායක ජනාධිපති ක්‍රමය හා ඡන්ද ක්‍රමය වෙනස්‌ කරන ලෙස මහින්ද රාජපක්‌ෂ රජයෙන් කළ ඉල්ලීම් ඉටුනොවුනු කල පසුගිය ජනාධිපතිවරණ සමයේ එම ඉල්ලීම් ඉටු කරගනු වස් පොදු අපේක්‌ෂකයකු ඉදිරිපත් කිරීම සඳහා වෙහෙසුණහ.
වර්තමානයේ උන්වහන්සේ විවේචනයට සහ විවාදයට හේතුව ඇති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්කිරීමේ ක්‍රියාවලිය, මෙන්ම වර්තමාන යහපාලන රජය පිහිටුවීම සඳහාවූ ක්‍රියාවලියට, උන්වහන්සේ මුල් විය.

පොදු අපේක්‌ෂකයාගේ ජයග්‍රහණයෙන් පසුව දින සියයේ ආණ්‌ඩුව පිහිටුවා ස්‌වාධීන කොමිෂන් සභා හැකි ඉක්‌මණින් ස්‌ථාපිත කරන ලෙස හා ඡන්ද ක්‍රමය වෙනස්‌ කරන ලෙස උන්වහන්සේ එම ආණ්‌ඩුවට බල කළහ.තමන්ද මූලික වී ඇති කර ගත් වර්තමාන ආණ්‌ඩුවේ කැබිනට්‌ මණ්‌ඩලය ඇමැතිවරුන් 30 කට සීමානොකර ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවන බව පවසමින් විශාල ඇමැති මණ්‌ඩලයක්‌ පත්කිරීම පිළිබඳව තමන් බලවත් කම්පාවට හා කලකිරීමට පත් වන බව උන්වහන්සේ ප්‍රකාශ කලේය. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ඇතිවූ තත්ත්වයන්හිදී එය විවේචනය කළ උන්වහන්සේ ජනතාව විසින් ප්‍රතික්‌ෂේප කළ අය පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්‌තුවෙන් පත්කර ඔවුන්ට ඇමැති තනතුරු දීම ඉතාමත් අශෝභන, විලිලැඡ්ජා නැති වැඩක්‌' යෑයි පැවසූහ.
උන්වහන්සේගේ දේශපාලනය විවාද සම්පන්නය. අපහාස උපහාස කරන්නවුන් මෙන්ම පැසසුම් කටයුතු කරන අයද උන්වහන්සේ‍‍ගේ දේශපාලනය තේරුම් ගත යුතුය.එවිටපැසසුම් කටයුතු කරන්නවුන් ගැරහීමටත්- ගැරහීමට ලක් කරනවුන් උන්වහන්සේට පැසසුම් කරන්නටත් පටන් ගනු ඇත.උන්වහන්සේ කවදත් සිටියේ කාගේ පිලේදැයි පැහැදිලිව තේරුම් ගත හැක.

උන්වහන්සේට අජරා මර නිවන් සුව !
notes of imaginary

2015-11-01

පාතාල කළුවර.



“ සුදු පැහැති පොහොර උරවලින් සැකසූ ඇඳුම්වලින් සැරසී නින්ජාවරුන් මෙන් කළු පැහැති රෙදිවලින් මුහුණු ආවරණය කරගෙන කළු පැහැති අත් ආවරණ පැළඳ, තියුණු ආයුධ සහිතව අනුරාධපුර කඩ 50 මුදිතා මාවතේ පිහිටි පැනොරාමා සමාජශාලාව වෙත කඩා වැදුණු 25 කට ආසන්න පුද්ගලයන් පිරිසක්‌ අමානුෂික අන්දමින් කඩුවලින් කපා කොටා කරාටේ වසන්ත හෙවත් වසන්ත සොයිසා ඝාතනය කර පලා ගොස්‌ තිබේ.” - ප්‍රවෘත්තියකි.

සිවිල් මිනිසුන් නීතිය අතට ගෙන තිබේ.

සංවරවු සමාජයක තමන්ට අකටයුත්තක් වු කල නීතියේ පිලිසරණ පැතුවත් අසංවරවු සමාජයක තමන්ම නීතිය අතට ගෙන කටයුතු කරනු අපට දක්නට ලැබෙන්නකි.වසන්ත සොයිසා මහතාටද මුහුණ පාන්නට සිදුව ඇත්තේ එවැනි ඛෙදවාචයකටයයි මම සිතමි. 
ඒ මහතාගේ ව්‍යාපාරය අනුරාධපුරයට සංස්කෘතිකමය ප්‍රශ්නයකි. කොළඹට එසේ නොවේ.එහෙත් මේ ගැටුම සංස්කෘතිමය ප්‍රශ්නයක් නිසා සිදුවක් යයි
සිතිය නොහේ.

තමන්ට කරන්න බැරි ව්‍යාපාර තවෙකෙක් කරනු බලා ඉන්නට බැරිව හිතේ ඇතිවන හැගීම්ද සමහර උදවියට ආරෝවක් ඇති කර ගැණිමට හේතු විය හැකියයි මට සිතේ.තවත් සමහරු අනුන් සතු සම්පත් තමන්ගේ ප්‍රයෝජනයට බලහත්කාරයෙන් ලබා ගැණීමට යාමෙන්ද ආරවුල් ඇති කර ගනී. තවත් විවිධ හේතු කාරනා තිබෙන්නට ඇතත්, සමාජ ශාලා , බීම හල් ආශ්‍රීතව ඇති කරගන්නා සුළු සුළු සිද්ධීන් දුර දිග ගොස් වසන්ත සොයිසාට මෙන් එවැනි ස්ථාන අයිතිකරුවන්ට , භාරකරුවන්ට ද අනතුරු උපදින අවස්ථා ඇතිවේ.

බීමහල් ආශ්‍රිතව පවත්වා ගෙන යන ආපන ශාලා සහ සමාජ ශාලා වලට එන ගණු දෙනු කරුවා නොව ටික වේලාවකින් දක්නට ලැබෙන්නේ ඊට හාත්පසින්ම වෙනස්වු ගණුදෙනු කරුවෙකි.
එක් එක් අයගේ බුද්ධිය සමාජ පදනම හා වෙනත් මානසික හේතුන් මත පුද්ගලයෝ හැසිරෙන්නේ විවිධාකාරයටය.මේ අයත් සමග ගනුදෙනු ඉතාමත් අසීරු කටයුත්තක් වන අතර ඉවසීම භාවනාවක් මෙන් ප්‍රගුණ කල යුතුය. සමාජයේ අඩු අධ්‍යාපනයක්‌ ඇති පහළ ස්‌ථරවල මෙන්ම ඉහළ ස්‌ථරවලද මෙවැනි ගැටුම් නිර්මාණය කර ගන්නෝ සිටිති. 
 එහෙත් පහළ ස්‌ථරවල සිදුවනවා සේ මෙවැනි සිද්ධිවලදී ප්‍රචණ්‌ඩත්වයෙන් ඒවා කෙළවර නොවේ. ඔවුහු ඒවා තමන්ගේ තරාතිරම, අධ්‍යාපන මට්‌ටම, සමාජ තත්ත්වය මත එම ප්‍රචණ්‌ඩත්වය පාලනය කරගනී.

මා මෙවැනි අත්දැකීම් ලබා ඇත්තේ තානායම් පලක් ඇසුරෙනි. 
විවිධාකාර පුද්ගලයින් සමග ගණු දෙනු කරන්නට සිදුවන අතර සමහරක් අය තමන්ගේ දේපලකට පැමිණීයාක් මෙන් රිසිසේ තානායමේ දේපල පරිහරණය කරන්නට යාමෙන් අනන්තවත් ගැටුම් වලට කළමනාකරණය මුහුණ පා තිබේ. 
ඒවා නොසලකා හැරීමෙන් පාලනය කරගන්නා ස්ථාවරයකට පත් වීමෙන් ගැටුම් ඇති නොකර ගන්නට පුරුදු පුහුණුවීමෙන් අනතුරු ආන්තරා වලින් මිදිය හැකියයි අත් දෑකීම් ලබා ඇත්තෙමි.


of imaginary

2015-10-27

මටත් හැට අටයි.




උපන්දා සිට අවුරුද්දකට දවසක් උපන් දිනයක් සමරන්න පුළුවන් දවසක් එනවා.
අපි උපන්දිනයක් සමරනවා කියලා දැන ගන්න කොටත් ඉපදිලා අවුරුදු පහලො වක් දහසයක් උපන් දින පහුවෙලා. ඒත් අපේ දරු මුණුබුරෝ නම් අවුරුද්දෙන් අවුරුද්ද උපන් දිනය සමරනවා.
අපේ අම්මලා තාත්තලට ඒ මතකය තියෙන්න නැතිව ඇති. මොන්ටිසෝරියක් වගේ ගේ පිරිලා හිටිය අපිට උපන් දින සැමරුම් තියන්න ගියා නම් අවුරුද්දේ හැම මාසෙමත් මාසෙට දෙක තුනත් උපන් දින උත්සව ගෙවල් වල තියන්න වෙනවා.

හැත්තෑවේ දශකය වෙන කොට “ පුංචි පවුල රත්තරන් “ කියන සංකල්පය ආවට පස්සේ පවුල් පුංචි පුංචි වෙලා ගිහින් දැන් පවුල පුංචිම වෙලා.
ඉතින් උපන් දින සැමරුම් තියන්න ඉඩකඩ නිර්මානය වෙලා.

අද මගේ හැට අටවෙනි උපන් දිනය.

මම ලංකාවට එන කොට සුද්දෝ ලංකාව අත්හැරලා ගිහින් මාස හයයි දවස් විසිතුනයි. සුද්දන්ගේ වැඩ දන්නේ නැතිවුනත් 1956 බණ්ඩාරනායක ආණ්ඩුව පිහිටවනකම් අවුරුදු අටක් විතර මම කළු සුද්දන්ගේ වැඩ කිඩ ගැන අහ ගෙන ඉන්න ඇති. මේ රටේ දේශපාලන පෙරලියක් පලමු වරට උනානම් බණ්ඩාරනායක ආණ්ඩුව ඒකට මුල පිරුවා කියලයි මම පසු කාලෙක හිතුවේ.මට අවුරුදු හැට අටක් වන විට මේ පෙරළිය රටටම අප්‍රසන්න ව, රට පෙලන තැන දක්වා ගමන් කරලා තියෙනවා.

කේක් එකක් හදලා ඉටිපන්දම් හැට අටක් පත්තු කරන්න බැරිව , කේක් එකේ 82 අයිසින් වලින් ඇදලා ඉටිපන්දම් හතරක් පත්තු කරපුවම ඇති කියලා ගණිත සුත්‍රයක් දාපු පොඩි එකාගේ අම්මා ඇස්බැන්දුමක් කරලා විනෝද වෙනවා. ඒකත් ඇත්තනේ කියලා මමත් ඉවසුව හින්දා මට කපන්න ලැබුනේ ඉටිපන්දම් හතරක් ගහපු අටේ වර්ගය අයිසින් වලින් ඇන්ද කේක් එකක්. පුංචි එකා උදේ පාන්දරම සීයගේ කේක් එක අයිසින් කරන්න එපා කියලා. “ සීයට සුගර් - ඒක හින්දා සීනී කන්න හොද නැහැ “ කියලා අම්මට ඇඩ්වයිස් පාරක් දීලා. අයිසින් කරපු කේක් එක කපාපු කෑල්ල පැත්තක තියලා පොඩි එකාගෙන් සීයට ලැබුනේ “නන් අයසින්“ කේක් කෑල්ලක්.




අවුරුදු හැට අටක් වෙන කොට ජීවිතේ ඇති වෙන වෙනස් කම් තේරුම් ගන්න පොඩි එකා අත්වැලක්. කාලෙන් කාලෙට එක එක දශක වල එක එක භුමිකා රගපාන ලද ජීවිතය අද “ බකමූණා“ ගේ චරිතය රගපාන්න පටන් අරන්.දැන් ඔක්කොටම් “හ්ම් ........හ්ම් “ කියන තැනට ජීවිතය ගමන් කරලා මුණුපුරාටත් - මුණුපුරාගේ ආත්තම්මා දක්වා සනුහරේටම හ්ම් ....හ්ම් කියන්න හැරෙන්නට වෙන දෙයක් දවසට ඉතිරිවෙලා නැහැ. මේ ධර්මතාවය දවසක මුණුපුරාටත් උදාවේවි. එත් තවම ඒක තේරුම් ගන්න පොඩි එකාට බැහැ. ඒකගේ වයස අවුරුදු හතරයි. ගණිත සාශ්ත්‍ර එහෙන් මෙහෙන් දැම්මත් තාම මොන්ටිසෝරියේ !.

පහුගිය අවුරුද්ද ගැන හිතන්න ගියාමත් සතියකට හතරක් විතර ලියාපු බ්ලොග් ප්‍රමානයත් බිංදුවට බැහැලා. ඒකටත් බකමුන් දිශ්ඨිය වැටිලා. මේ අවුරුද්දෙවත් දවසේ කාලසටහන වෙනස් කරගන්න බලන්න ඔනී. ඔය හිතට එන මොනවා හරි ලියාපුවමත් බණක් භාවනාවක් කලා වගෙයි. අද දවස ගැන ලිවුවා වෙන්න පුළුවන්. ආයෙත් හෙට දවසේ ඉදන් බ්ලොග් එකෙන් හමුවෙමු. --විශාරද ගුණදාස කපුගේ ගායනා කරන මේ ගීතය අහන්න නිහඩ විප්ලවයත් භාවනාවක් වගෙයි කියලා මම හිතනවා.



සබද අපි කදු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගගකට වැටෙන
වියරු ගිණි දැල් නොවෙමු
වනය අවුලා තබන -
සිහිල දෙන වැස්ස වෙමු
දැවෙන කැලයට වසින

සබද අපි කදු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගගකට වැටෙන

නපුරු හීනය නෙවෙමු
ලමුන් නිදි සුව බිදින
සොදුරු අඩ හැරය වෙමු
දනන් නින්දෙන් මුදන

සබද අපි කදු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු එකම ගගකට වැටෙන

            
notes of imaginary

2015-09-25

නසරුදීන් -ලෙඩා මලත් බඩ සුද්ධ වෙලා




අපේ දේශපාලන බෙහෙත් වට්ටෝරුව දූෂණය භීෂණය වංචාව හොරකම අට එකට හින්දෝලා ගත්ත එකක්. කාල වකවානුවක් සිමාවක් කියන්න බැරි කාලෙක ඉදන් වෙද මහත්තුරු ලියලා දෙන මේ සීට්ටුව හිදවලා බොන්න මැතිවරණයෙන් මැතිවරණයට ඡණ්දදායක අපි මැලි වෙන්නේ නැහැ. අන්තිමේදී ලැබෙන ප්‍රතිඵලය තිබුන ලෙඩට වඩා අළුත්ලෙඩක් වැළදීමයි.

මට නස්රුදීන්ගේ කතාවක් මතකයට ආවා.

නස්රුදීන්ගේ බුද්ධියේ විෂයය පථයන් බොහෝම පුළුල් එකක් .විටක වෛද්‍යවරයෙකු, තවත් විටක ඉජිනේරුවෙකු,ව්‍යාපාරයෙකු දේශපාලන උපදේශක වරයෙකු වගේ විවිධ මට්ටමේ බුද්ධියක් නස්රුදීන්ට තිබුනේ.මේ හැම විෂයයකටම ගැටළුවක් ඇතිවුනාම උපදෙස් ගන්න නස්රුදින් සොයා ගෙන මිනිස්සු ආවා. එක දවසක නස්රුදීන් මිදුලේ එහාට මෙහාට සක්මන් කරමින් කල්පනාවේ නිරත වෙමින් ඉන්න අතර දැක්කා පුටුවක් මත ඉන්දවගෙන දෙපැත්තෙන් උස්සගෙන රෝගියෙක් තමන් වෙත කැදවා ගෙන එනවා.
 
නස්රුදීන්ට හිතුනා මේක නම් මම අමාරුවේ වැටෙන වැඩක් කියලා. නම්බුව බේරා ගෙන වැඩෙන් ගොඩ යන්නත් එපාය නස්රුදින් හිතුවා.
 
කෝකටත් කියලා ගේ ආලින්දයට කැදවලා රෝගියා ගේ පිරිසගෙන් ඇහුවා මොකක්ද ලෙඩේ කියලා. මෙයාට මළ සහ මුත්‍රා පිටවෙන්නේ නෑ දෙපැත්තම අඩස්සිවෙලා. පිරිසගේ පිළිතුර වුනා.
නස්රුදීන් ප්‍රතිකාර ගැන හිතන්න කළබල වෙන්නේ නැතිවම මේ ලෙඩේට හරියන්නේ නගරයේ ඉන්න අහවල් වෙද මහත්තයා කියලා නිර්දේශයක් දුන්නා. ඉක්මනට එයා ගාවට එක්කර ගෙන යන්න කියලා.
 
රෝගියා වෙද මහත්තයා ගාවට එක්කර ගෙන ගියා. නස්රුදීන් ආයෙත් කල්පනාවට වැටුනා.
කාලය ගෙවිලා ගියා හෝරාවකින් පමණ රෝගිය සමග ගිය පිරිස කළබලයෙන් නස්රුදීන් සොයා ගෙන එනවා. රෝගියා නම් නෑ නස්රුදීන් ඇතින්ම දැක්කා.මේ මොන ජංජාලයක්ද වෙන්න යන්නේ ?. ඊලග පිලිතුරට නස්රුදීන් සුදානම් වුනා.
මොකක්ද අප්පේ උනේ ?.නස්රුදීන් පිරිසගෙන් ඇහුවා.
මළ මුත්‍ර හොදින් පිටවුනා බලන්නකෝ අපේ ඇගෙත් විසි වෙලා.
ඒකනේ මම කිව්වේ ඔය වෙද මහත්තයා ලෙඩේ සනීප කරයි කියලා !. නස්රුදීන් උත්තර බැන්දා.
 
ඒත් ...ඒත්...
ඔව් මොකද ? කියන්න.නස්රුදීන් පිරිස උනන්දු කෙරෙව්වා.
ලෙඩා මලා නේ ..
ඔය ලෙඩේට නම් වෙන වෙද මහත්තයෙක් හොයා ගන්න වෙයි. මට මුලින් කියාපු ලෙඩේට තමයි ඒ වෙද මහත්තයා හොද !.

අපි හැමදාමත් අළුත් වෙද මහත්තුරු හොයනවා.
බඩ සුද්ද වෙවි ලෙඩා මැරෙනවා.

notes of imaginary

2015-09-12

මූණ අපේය.



එතුමිය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ හිටපු නායිකාව මෙන්ම වර්තමාන අනුශාසකවරිය සහ මධ්‍යමකාරක සභිකයෙකි.
මීට දින කිහිපයකට පෙර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ඉන්දියාවේ "ද හින්දු" පුවත්පතට කර තිබූ ප්‍රකාශයත් එතුමියගේ fbඅඩවිය හරහා කරනා ලද ප්‍රකාශය මසුරන් වටී.
එතුමිය තම පාලන කාලයේදී නිවරදි ආකල්ප සහිතව සිදුකරන ලද සියළු දෑ අපි තවමත් අමතක කර නොමැත. ඒවා මතක් කර දීම සුදුසුද නොවේ.මළ ගෙවල් වලදී තවමත් අපි තළු මරමින් ගායනා කරනුයේ ජීවිත කාලයේදීම කරන ලද දුගද හමන දේවල් නොව කරන ලද යහගුණයන් එකක් ඇත්නම් ඒ යහගුණය පමනකි. එබැවින් අපි තවමත් එතුමියගේ යහගුණය ගායනා කරමින් සිටිමු. ජනාධිපති තනතුර අහිමිවී හොරගොල්ලට පසු බසින ලද අපේ වීරවරිය හොරගොල්ලේ සිට යළිත් දේශපාලන වේදිකාවට කැදවා ගෙන ඒමට තරම් සුළගක් තබා සෙලවිල්ලක් වත් නොවුයේ එබැවිනි.
සාමාන්‍ය මිනිසුන් වන අපි උඩ බලා ගෙන කෙළ ගැසු විට තම මුහුණටම වැටෙන බව දැන ගෙන කටයුතු කරමු. එහෙත් අසමාන්‍ය හේතුන් ඇතුවු විට පෘතග්ජන නොවන අපි නොකරනා වැඩ උවද කරනු ලබයි.ඒ නිසාවෙන්දෝ කුමාරතුංග මැතිනිය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ තනතුරු දරමින්ම සහ හිටපු නායිකාවක්‌ ලෙස මහින්ද රාජපක්‍ෂ තම ඇමති මණ්ඩලයේ තබා ගත් බව අමතක කරමින් තමන්ම අපකීර්තියට පත්වෙයි.
තමන්ගේ ගෙදර ආරාවුලක් ඇතිවු වුවිට එය විද දරා ගන්නවා මිස අන් අය සමග තළු මරමින් විග්‍රහ කිරීම නුගත් සමාජය තුල පවා පිළිකුලෙන් බැහැර කරන්නකි. එහෙත් අපේ රටේ දේශපාලන කුණු තළු මරමින් විදේශ මාධ්‍ය තුලත් සමාජය තුලත් වපුරා සතුටක් ලබන්නට තරම් පහත් මානසිකත්‍වයක් අපි අගේ කරන නායක නායිකාවන්ට ඇති බව දකින විට එතුමන් කෙරෙහි පිළිකුලක් ඇතිවීම වැලක්විය හැකි නොවේ.
මහින්දට එරෙහිව තරග කිරීමට අපේක්‍ෂකයෙකු සොයන විට ශ්‍රීලනිපය තුල හොරෙක් මිණිමරුවෙක් නොවු කෙනෙක් සොයා ගත නොහැකිවු බවත් සියල්ලම සිටියේ එකම තත්වයේ අය බවත් එතුමිය ප්‍රකාශ කර ඇත.එතුමියගේ ශ්‍රීලනිපය ආණ්ඩුවේ සිටි අය මහින්ද ගේ ශ්‍රීලනිපය ආණ්ඩුවේද සිටියේය. එතුමිය මහින්ද රාජපක්‍ෂ එලවා දමා පිහිටුවා ගත් සම්මුතික ආණ්ඩුවේද ඒ හොරුද මිණීමරුවෝද කියනා කොටස සිටින්නේය. හොරුන්ගෙන් හා මීනිමරුවන්ගෙන් පිරුණු පක්‌ෂයක සභාපතිනියක්‌ව සිටි මැතිණිය අලි බබා පමණක් එලවා දමා ගෝල බාල පිරිස රැක ගෙන ඇත.
කුමාරතුංග මැතිනිය 1980 දී ශ්‍රීලනිපයෙන් වෙන් වී ගොස්‌ තමාගේම මවටත් එරෙහි විය. 2005, 2010, 2015 ජනාධිපතිවරණ වලදී ද ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ප්‍රමුඛ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට විරුද්ධව කටයුතු කලාය. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ප්‍රමුඛ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට ඡන්දය නොදී අලියාට ඡන්දය දෙන්නැයි ඉල්ලා සිටියාය. එතුමිය නහයේ වැරද්දට මූණම කපා ගන්නේය.

මේ මූණ ඔබතුමියගේ නොව අපේය.
 

notes of imaginary

2015-09-03

අදින් ඇරඹුන හෙට.



ජනාධිපති පොරයෙන් සහ අගමැති පොරයෙන්ද පරාදවී නිකම්ම නිකම් මන්ත්‍රීතුමෙකු වී සිටින මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සම්මේලනට ගොඩ වදින අයුරු ප්‍රවෘත්ති රාමු පෙලකින් දුටිමි. තවමත් ඔහුගේ ජනප්‍රියතාවය නම් සිදී නැති සෙයකි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට නැති පිලිගැණිමක් තවමත් මහින්ද රාජපක්‍ෂයන් හට ශ්‍රීලනිප පාක්‍ෂියන් තුල ඇති බව ඒ රාමු පෙල කියනා සාක්‍ෂියකි.
චන්ද්‍රිකා මැතිණිය පක්‍ෂ සම්මේලනය ට සහභාගි නොවී විදේශගතව ඇත්තේ පාක්‍ෂිකයනට මුහුණ දෙන්නට ඇති අකමැත්ත නිසාද ? නැත්නම් දේශය වෙනුවෙන් සිදුවිය යුතු ඇගේ කාර්ය භාරය අවසන්ව ඇති නිසාද ? අපට ඉතිරි කර ඇති ප්‍රශ්නයකි.

පසුගිය 1 වෙනිදා ලංකාදීපය විමල් වීරවංශගෙන් අසන ලද ප්‍රශ්නයකට

ප්‍රශ්නය - මහින්ද රාජපක්‌ෂ කියන්නේ තිබුණ හොඳම හා අවසන් තුරුම්පුව. ඒ තුරුම්පුව ගහලා ඉවරයි. මෙතැනින් එහාට තියෙන තුරුම්පු මොනවාද?

පිළිතුර - තිබිච්ච හොඳම තුරුම්පුව වගේම අනාගතයටත් තියෙන හොදම තුරුම්පුව මහින්ද රාජපක්‌ෂයි. කවුරුහරි හිතනවා නම් ඒක එහෙම නොවෙයි කියලා මේ රටේ ඉදිරි වසරක පමණ කාලයක්‌ ඇවෑමෙන් තේරුම් ගනීවි මොකක්‌ද ඇත්ත තත්ත්වය කියලා ප්‍රකාශ කර තිබිනි.

එමෙන්ම මහින්දයන් ගැන බොහෝ මත පලකරන සගයෝ මට සිටිති. සමහර අයට අනුව මංත්‍රියෙක් වී හිටපු ජනාධිපතිවරයෙකු පාර්ලිමේන්තුවට වී සිටිම නින්දිත ක්‍රියාවකි. තවත් සමහරු මේ මනුස්සයාගේ අරමුන මොකක්ද ? යන්න ගැන සැක පලකරයි.

කෙසේ වෙතත් මහින්දයන්ට ගරු කරන මෙන්ම නිගරු කරන සියල්ලටම මහින්ද චරිතය කියවීම නම් හොද ආදර්ශයකි.
මහින්දයන් 1994 සිට 2004 දක්‌වා චන්ද්‍රිකාගේ ආණ්‌ඩුවට වී තමන්ට අවස්‌ථාව එනතුරු බලාසිටියාය. 2015 ජනාධිපතිවරණයේදී ඔහු පරාජිත දේශපාලනඥයෙකු බවට පත්විය. එහෙත් 2015 මහමැතිවරණය පැවත්වු අගෝස්තු මාසය වන විට පාර්ලිමේන්තු ආසනයකට තරග කර නැවත මංත්‍රීවරයෙක් වශයෙන් පාර්ලිමේන්තුවට පැමිණ අසුන් ගැණිමට තරම් මානසිකයක් ගොඩ නගා ගත හැකි පුද්ගලයෙක් බවට පත්වී සිටියාය.
මහින්දයන් නොවන්නට පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී තම පක්‍ෂ නායකයාවු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයන් පුළුවන් තරම් කකුලෙන් අදිද්දී එජනිස යට ආසන 96ක්‌ ලැබෙන්නේ නැත. මැතිවරණයෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයන් එම ආසන 96 කොල්ල කා අද එජාපය සමග ඇමතිකම් අරගන බිහි කරන සම්මුතික වාදි ආණ්ඩුව හදන විට උපේක්‍ෂාවෙන් බලා සිටින්නට මහින්දට හැකිය.

මේ සීතල නිහඩතාවය යටින් උණුසුම් දිය දහරාවක් ගලා යයිද යන්න හිතන්ට කල්වැඩි වුවත්, අද මහ බැංකුවේ අධිපති, අගවිනිසුරු, විපක්‍ෂ නායක පත්කල අත්තනෝමිකත්‍වය සහ හෙටින් පසු සිදුවන සුළු තරයට කරන ලබන වැඩි සැලකිලි හමුවේ මහජාතිය දක්වන ප්‍රතිචාර කළමනාකරණය කරන්නට වර්තමාන ආණ්ඩුවට හැකිවේදැයි අනාවැකි පලකල නොහැක.

මේ බොර දිය තුලින් අනාගතයේදී ශ්‍රිලනිපය දියවී වෙනත් දේශපාලන විකල්පයක් කරලිය තුල ඉපදීම අනිවාර්ය විය හැකිය. එහි නායකත්‍වයට මහින්දයන් පත් නොවේයයි අපට සිතිය නොහැකිද ?.




notes of imaginary

2015-09-02

මගේ රටට දළදා හිමි සරනයි.




ශාස්ත්‍රකාරයෝ දැන් දේශපාලන අනාවැකි කීම අත්හැර වෙනත් ශාස්ත්‍රීය කතා බහට එක්ව ඇති බව සති අන්ත පත්‍ර බලන මට සිතිනි. බොහෝ පත්‍රවලට ලිපි සපයන ශාස්ත්‍ර වේදීන් මේ දිනවල ලියන්නේ ග්‍රහ තරු ගැනවීම විශේෂයකි. පසුගිය කාලයේ නැතිවම බැරීවු සාස්ත්‍රකරුවන් රණිල්ගේ ආගමනයත් සමග නින්දට වැටී ඇති බව දකිනට හැකිවේ.


දැන් රට අළුත්වෙමින් ඉදිරියට යන බවක් මගේ අසල්වාසී යහපාලනයට කඩේ ගිය සහ යන ඇත්තන්ගේ මතයයි. මගේ දේශපාලන දැක්ම කුමක් වුවත් මට අවස්ථාව එනතෙක් අසල්වාසියා සමග වාද විවාද නොකර ගනිමි යයි හෟද සාක්‍ෂිය සමග ගිවිසුමකට එළඹුනෙමි.පාර්ලිමේන්තුව රැස්වී කථානායකවරයකු , නියෝජ්‍ය කථානායකවරයෙකුද පත්කර ගෙන සිටින ආණ්ඩුව තවමත් ඇමැති මණ්‌ඩලය පත්කර ගෙන නැත්තේ අපේ වාසනාවටයයි මම උපකල්පනය කරමින් සිටිමි. පත් කරගත් දා සිට ගෙවිය යුතු බර පැන ගැන සිතන විට මේ කල්යාම රටට තාවකාලික හෝ සම්පතකි.


මේ දේශපාලන මිනිස්සුන්ගේ සිතුම් පැතුම් හදුරන අපට ඔවුන් කේවල් කරනා අන්දම ගැන හිතා ගත හැකිවේ. කේවල් කිරීම කිසිසේත් ජනතාවට වාසිදායක ලෙස කෙලවර නොවෙන බවට නොවරදිනා අනාවැකියක් කිව හැකි බව සටහන් කරනුයේ මැතිවරණ ප්‍රතිඵල හදහනක් කොට සැලකීමෙනි.


ජනාධිපතිතුමාට අනුව මේ ප්‍රාතිහාර්ය පාමින් බිහිවන්නේ "සම්මුතිවාදී සන්ධානයකි.‌" සම්මුතියක්‌ ඇති තැනක බොහෝ කරුණු කාරණා විසදා ගැණීමට තටම තටමා සිටිය යුතු නොවේ. ඇමැති තනතුරු බෙදාගැනීමටත් මේ "සම්මුතිවාදී සන්ධාන ගත ජාතික ආණ්‌ඩුව තවමත් තටමයි. එයත් ප්‍රශ්නයක්‌ කරගන්නේ නම් සම්මුතිවාදි සන්ධානයක් එවැනි තත්ත්වයක්‌ තුළ බිහිවන්නේද යන්නත් ප්‍රශ්නයකි. ජනතාවට මේ තැටමීම නිදහසට කාරනාවක් නොවේ. කියන්නාවු සම්මුතිවාදී සන්ධාන ගත ජාතික ආණ්ඩුවක් බිහිවී රටට ලැබෙන සේවය ජනතාවගේ බලාපොරොත්තුවයි . එහෙත් තවමත් තමන්ට ලැබෙන්නට නියමිත ගොඩ ගැන සම්මුතියක් නොමැතිව කල්මරයි.

දිවුරුම් දීමට නියමිත යෑයි කියන ඇමැති මණ්‌ඩලය ගැන මේ ලියන මොහොත වනතෙක් ද නිවැරැදි තොරතුරක්‌ නැත. ජාතික ආණ්‌ඩුවේ ඇමැති මණ්‌ඩලය 19 වැනි ව්‍යවස්‌ථාවෙන් ප්‍රකාශිත ප්‍රමාණයට වඩා වැඩි වන බව පවසයි. ඒ සඳහා පාර්ලිමේන්තුව කැඳවා අනුමැතිය ලබාගත් පසුව ඇමැති මණ්‌ඩලය දිවුරුම් දීමට නියමිත බවද පවසයි. "සම්මුතිවාදී සන්ධානගතවීමක් මුලින්ම අවශ්‍ය වන්නේ එයටයි. රටේ අවශ්‍යතාවයට නොවේ. මේ අපි ඡණ්දය දුන් එකගතාවයන් ට අයත් නොවී වෙනස්වු එකකි.
දෙගොල්ලෝම සීතල යුද්ධයක නිරත වෙමින් ඇමති තනතුරු ලබා ගැණිමට කේවල් කරයි. එජාපය කියන පරිදි අවශ්‍ය නම් තමන්ට තනිව ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට හැකියාව තිබෙන බව පවසයි . තවත් පිරිසකගේ සහාය ලබාගෙන ආණ්‌ඩුවක්‌ පිහිටුවිය හැකි බව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය ද කියයි. මේ පාරම්බෑමේ අරමුන ජනතාව වෙනුවෙන්ද ?.
"සම්මුතිවාදී සන්ධානයක්‌" පිහිටුවීමට කරන කතා බහ අතර තම තමන්ගේ පාර්ශ්වයනට හිමිවිය යුතු බලය පිළිබඳව කඹ ඇදීමක නිරත වෙමින් සිටී. "සම්මුතිවාදී සන්ධාන ආණ්‌ඩු කතා බහ කෙරෙන්නේ මෙවැනි ගොන් කතා මැද සිටගෙන වීම ජනතාවගේ සැකයට බීජවී තිබේ. මේ සියල්ල ජනතාවු අපට ලැබෙන්නේ විනෝදයක්‌ නොව සමස්‌ත දේශපාලනය ගැන කලකිරීමකි.

සත්භාවයක් නැති මේ හවුල් ගැන කතා කිරීමෙන් යහපාලනයට කඩේ ගිය අසල්වාසීයා උරණ කර ගත යුතු නොවේයයි මම මුලින්ම සිතුවෙමි. ඔහුට ඔහුගේ සුවදායක නින්ද තුල සිහින දකින්නට ඉඩ හසර තිබිය යුතුවේ.



notes of imaginary

2015-08-24

අන්දා - මන්දා .


මායි - මගේ දේශපාලන දර්ශණයයි දෙකක් වුනා .අල්ලපු ගෙදර කොල්ලා පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරනවා කිවාම.
උගේ මූණ නිතර දෙවේලේ මුඩිච්චි වෙනවා. ඒ නිසා මටත් කර කියා ගන්න දෙයක් නැතිව ගියා.මගේ දේශපාලන දර්ශණය පැත්තක තියලා සන්ධාණයෙන් පාර්ලිමේන්තු යන්න වලි කාපු කොල්ලාට සහයෝගය දුන්නා.මේ මහා පාවා දීම ගැන නොයෙක් විවේන ආවත් කවුරුත් කරන්නා වාගේ මාත් ආර්මාර්ථකාමී වුනා.මට දර්ශණයට වඩා කොල්ලා ලොකු වුනා.
ඉස්සර ගෙදර අක්කා අවුරුදු ගානක් නිදා ගෙන ඉදලා ජනවාරි අටවෙනිදා විප්ලවයෙන් පස්සේ එළියට බැහැලා යහ පාලන තහවුරු කරන්න බරටම කඩේ යනවා. සහයෝගයට නැගණහිර මායිමේ ඉන්න නිහාල් අයියත් එකතු වෙලා. අක්කගේ දුවට රස්සාවක් නිහාල්ගේ පුතාලට රස්සා වගේම ඉඩමක් පරමාර්ථ කරගෙන ජයටම වැඩ.
බලන කොට අපි තුන්දෙනාගෙම පරමාර්ථ එකයි.

දේශයේ හෘද සාක්‍ෂියට අත තියාගෙන මහින්දට පළු යන්න බනින අජිත් සහෝදරයා පහුගිය කාලේ තමන්ගේ කොල්ලෝ කෙල්ලන් ට රස්සා වල් අරන් දුන්නේ සන්ධානයෙන්. හිතවත් ඇමතිතුමෙක් අජීත් සහෝදරයට උදව් කලේ. ඉතින් අජිත් සහෝදරයා දේශයේ හෘද සාක්‍ෂිය සුරකින ගමන් ඇමතිතුමාට ඡණ්දය දෙනවා කියලා කියනවා. විද්‍යාත්මක දේශපාලනයයි - ප්‍රාෙයා්ගික දේශපාලනයයි ගැටෙනවා තමයි. ඒත් මම ඇමතිතුමාට යුතුකම් ඉටු කරන්න එපායැ. අජිත් සහෝදරයාගේ මත වාදය වෙලා.

මේ ඔක්කොමත් ඔළුවේ තියාගෙන ඡණ්දෙන් පස්සේ වෙන්නේ මොනවද කියලා බැළුවා.හත්වලාමේ ...... ඡණ්දෙන් පරාද කරලා ගෙදර යවපු කට්ටිය , ජාතක ලයිස්තුවෙන් පාර්ලිමේන්තු යනවා.එතකොට එතන ජන මතය නියෝජනය වෙන්නේ නෑ කියලා කවුරු හරි හිතනවා නම් ඒක වැරදි සංකල්පනාවක්.
අපි කරලා තියෙන දේමයි මහ කට්ටිය කරලා තියෙන්නේ ......කොටින්ම ආත්මාරථකාමී ලෙස එතුමන්ලා හැසිරෙනවා .ජනමතය බල්ලට දාලා.
මගේ කොල්ලටයි මටයි වෙච්ච දේ කියලා මේ සටහන අවසන් කරන්නයි බලා පොරොත්තුව.

අර ගොරක මුලක බිලී කොක්ක පැටලිලා ගමත් එක්කම තරහ වුන මසුන් මරන්නා වගේ ජයග්‍රහණය ඇස් පනාපිට දැක්ක නිහාල් සහෝදරයයි - අක්කයි අසල්වාසී මාත් එක්ක කතාව අත්හැරියා. චණ්දේ ගනන් කරලා බලාපුවම යහ පාලනේ දිනලා. මැතිවරණ කොට්ඨාසෙත් දිනලා. ඒත් නියෝජනය කරපු අපේක්‍ෂකයෝ තුන්දෙනාම පරාද වෙලා !.
දැන් මූණ පුළුටු කරගෙන ගලේ පහරපු බලල්ළු ගානට වැටිලා.

මටත් උනේ ඒ සන්තාසියමයි.කොල්ලා ප්‍රතිපල කියන කොට නතරවුනේ බවුන්ඩ්‍රියේ . දැන් ඉතින් පේන බල බලා ඉන්නවා.................

දේශපාලනයේ නිර්දූෂිතයෙක් නොවන කොල්ලා ජාතික ලයිස්තුවට යන්න තරම් දේශපාලනයේ මස්තබාල්දු වෙලා නැහැ. ඒ නිසා නායක කාරකාදීන්ට පේන චරිතයක් නොවෙයි. දැන් බවුන්ඩ්‍රිෙය් ඉදන් ජයවර්ධන පුරය පැත්තෙන් හමන හුලං බොන්න සිද්ධ වෙලා.............ජන මතයයේ වටිනාකමක් නැති රටක හිටපු ඒකාට වඩා මේකා හොදයි කියන්න බැහැනේ !.

notes of imaginary

2015-08-05

මැකෝට ස්තුතියක් !


අද අගෝස්තු මාසේ පස් වෙනිදා මැතිවරණයට තියෙන්නේ තව දින කිහිපයයි. මැතිවරණ සමයක නැති නිහඩ තාවයක් මේ දවස් වල තියෙනවා. තැන තැන පාට පාට පොලිතීන් වලින් පිරිලා නානාප්‍රකාර අනවරථනාම ඉස්සරහට දා ගත්ත පාප්ප කුමාරයන්ගේ පින්තූර ලයිට් කනුවල මහපාරේ තැනින් තැන දකින්න නැහැ.ලයිට් කනු බෙදා ගන්න බැරිව යුද්ධ කරන පාප්ප කුමාරවරුන්ගේ අම්බැට්ටයින්ට යම් තරමක් නිවාඩු ලැබිලා.

ඉස්‌මුරුත්තාවට 'ජන්ද උණ' වැළඳුණු උදවිය කෝල වෙලා ඡණ්දේ ප්‍රකාශ කරන්නේ අතින් පයින්..............., ගලෙන් මුගුරෙන්.............., කිනිස්‌සෙන් කඩුවෙන්............., උණ්‌ඩයෙන් බෝම්බයෙන්. ජන්ද අපේක්‍ෂකයන්ගේ මනාප අංකයි සත්ගුණවත් බවයි ජය සක්‌හඩක් වගේ රැ දෙගොඩයාමේ පාර තො‌ටේ යකඩ කටවල් වලින් මුදා හරිනව. කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි මේවා අපි අහගෙන ඉන්න එපාය. මෙවර ඒකත් සෑහෙන්න දුරට පාලනය වෙලා. ‌

මැතිවරණ නීතී පොතේ තිබුන නීතී මෙතෙක් කල් නිදා ගෙන ඉදලා මෙවර මැතිවරණයේදී අවදි වෙලා.ඒ නිසා මෙවර මැතිවරණයේදී සුවසේ අවදිවීමටද, සුවසේ නින්දටයැමටත් පුළුවන් .මේ වගේ නින්ද යාමට බැරිවුන 1989 මැතිවරණයේදීත් ඡණ්ද ගාය අඩුවෙලා තිබුනා මතකයි. ඒ මැතිවරණ කොමසාරිස්‌තුමාගේ නීති පොතේ තිබුන නීතී නිසා නෙමෙයි.අනුර කුමාර මහත්තයලාගේ නීති පොතේ තිබුන නීතී නිසයි.‌

මෙ මැතිවරණය හා සමාන නිහඩ ජන්ද සමයක්‌ ඉතිහාසයේ නොතිබූන තරම්. මේ තත්වය මට නම් ජනතා ජයග්‍රහනයක් .ඉතින් මේ අප අත්විඳින මේ නිස්‌කලංකය අපට අත් කර දුන් මහින්ද දේශප්‍රිය මහතාට ප්‍රනාමය පුදන්න ඕනී.

එක් එක් පක‍්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශණ ජනතාව අතට පත් කරලා. මේ වයේ තියෙන දේවල් අපේ රටේ කරන්න පුළුවන්ද ?. කියන එක මට නම් ප්‍රශ්නයක්. 1948 ඉදන් බැළුවම අද ජනගහනය දෙගුණ වෙලා. අපේ සම්පත් ප්‍රමාණය දෙගුණ වෙලා නැහැ. භූමිය , සම්පත් උපදවන්නේ නෑහැ.අපිට දියුණු රටවල් වල වගේ ඛනිජ සම්පත් නැහැ. අපිට තියෙන්නේ එකම සම්පතයි ශ්‍රමය පමණයි. මේ හැම ප්‍රතිපත්ති ප්‍රකාශණයක්ම කියවලා බලලා පැත්තකින් තිවුහම ඉතිරි වෙන්නේ එකම පාඨයයි. “අපි ණයට අරන් කන්න දෙනවා “ කියන එකයි. ණයට අරන් ඒ ණය මුහුදේ පීනලා සාක්කු පුරවා ගන්නා දේශපාලකයෝ පිරිසක් අපට ඉන්නේ. දශක තුනක් බඩ පුරවා ගත්ත කොටසට එරෙහිව තවස් කොටස් දෙක තුනක් දැන් අපිටත් අවස්ථාවක් දෙන්න කියලා කියනවා.

අපි කා ගැනත් අනුකම්පා වෙන් බලන්න එපාය.




notes of imaginary

2015-08-02

තරහට කියන කතා.



කලින් කලට අළුත් අළුත් වචන භාවිතයට එක් වෙනවා . ඩයස්පෝරාවත් අපේ වහරට යුද්ධයත් සමග එක්වු වචනයක් .

තමන් උපන් බිමෙන් පන්නා දමන ලද වෙනත් රටක ජීවත් වෙන ජන කොටසක් ඩයස්පෝරාව ලෙස හදුන්වනවා. බයිබලයේ පරණ තෙස්තමේන්තුවේ තම නිජබිමෙන් පිට කෙරී ඊජිප්තුවේ ජීවත්වන යුදෙව්වන් මේ නමින් හදුන්වලා තියෙනවා. මේ අරුතින් ගත් කල නම් දෙමළ ඩයස්පෝරාව කියලා එකක් තියෙන්න බැහැ.

මට හිතෙන්නේ දෙමළ ජනතාව තම මව් බිමෙන් පිට කරලා නැහැ. පිට වෙලා ගිහින් තියෙනවා. ඔවුන්ගේ සුඛ විහරණය උදෙසා. රැකියාවන්ට අධ්‍යපන අවශ්‍යතාවයටවගේ පෞද්ගලික උවමනාවන්ට. මෙ විධියට පිට වෙලා ගිය ප්‍රමාණය ලක්‍ෂ සංඛ්‍යාතයි. මේ කොටසට දේශපාලනය විසින් හදුන්වන අන්වර්ථ නාමයක් තමයි ඩයස්පෝරාව.

ඕනම එකට දේශපාලනය ගෑවුනහම ඒක විනාශ වෙනවා.ගුණ යහපත් මිනිස්සුන්ට වගේම රටටත් වෙලා තියෙන්නේ ඒ සංගදියමයි.

මේ ආඩපාලි නෙමෙයි. යහපාලනයේ දවස් සීයය ගැන හිතමු.කරන ලද හොද වැඩ අස්සේ සාක්කු පිරෙන මහ බැංකු සෙල්ලම,කැපී පෙනෙන දෙයක් වුනා. පොදුවේ කවුරුත් දේශපාලකයෝ රටට , රටේ ජනතාවට ආදරේ ඇති අය නෙමෙයි.රණිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු නඩය තම දේශනා තුල කියන්නේ පහුගිය කාලේ රාජපක්‍ෂලා තර වුනා දැන් අපිට තර වෙන්න අවස්ථාව දෙන්න කියලා.බඩ පිරිලා ඉන්න එකා කන ප්‍රමානයට වඩා බඩ ගින්නේ ඉන්න එකා කන ප්‍රමාණය වැඩියි.

එක අතකට බඩ ගින්නේ ඉන්න එකාට බඩපුරවාගන්න දෙන එකත් ලොකු පිනක්.
පහුගිය කාලෙම කතා කලේ එතනෝල් ගැන. සුරා බදු දෙපාර්තමේන්තු කියන විධියට එතනෝල් සම්බන්‍ධ වෙන්නේ දේශපාලකයන් එක්ක. සත්ගුනවත් බලවත් ව්‍යාපාරික දේශපාලකයන්ට මුදල් ගලන ව්‍යාපාරයක් සහ කළු සල්ලි උල්පතක් වෙන්නේ එතනෝල්. 2014 අවුරුද්දටම එතනෝල් ලීටර් ලක්‍ෂ 14.7 ක් බීපු අපිට2015 වසරේ මුල් මාස හයට ජනවාරි ඉදන් මැයි වෙන කොට බොන්න දෙන්න ලීටර් 13.9ක් රටට ගෙනවිල්ලා.තව මාස හයක් තියෙනවා.පසුගිය මාස හයට බාර් ලයිසන් 28 ක් දීලා. චන්ද්‍රිකාගේ පටන් මහින්ද දක්වා සලකන්න බැරිව හිටිය රණිල් ආව හැටියෙම තමන්ගේ ඇත්තන්ට සලකන්න පටන් අරන් තියෙන හැටි ඔහොමයි.

මේ හවු අස්සේ ජනාධිපතිවරයා කියනවා මම 20යි 20 දී ජාතික අයවැය හදන්නේ සුරා බදු දෙපාර්තමේන්තුවේ ආදායම නැතිව කියලා. දකුණු අත කරන දේ වම් අත දන්නේ නැතිවද ? නැත්නම් අපි රවටනවද ? කියලා හිතා ගන්න බැහැ.

notes of imaginary

2015-07-18

සබද අපි කදු නොවෙමු .


















දිනපොත ලියවෙන්නේ කාලෙකට පස්සේ. හැමදාමත් මේ පදවැලෙන් තමයි ලියන්න පටන් අරන් තියෙන්නේ. හෙටත් ලියන්ම් කියලා සමුගන්න මම ඒ හෙට උදා කරගන්න ලොකු කාලයක් ගන්නවා.


ජීවිතය ගෙවෙන්නේ එදාට වැඩිය වේගයෙන්. මම ඉස්සර කාලේ දිනපොතක සටහන් තිබ්බා වයසත් සමග මෝරන ජීවිතයට ඒ දිනපොත් අතර තියෙන සටහන් නැවත කියවන විට මළවිකාර කියලා මටම හිතුනා. මේ සටහනුත් දිනපතාම ලියවිලා තිබුන සටහන් නෙමෙයි.


පසුකාලෙක මගේ මාමන්ඩියගේ දිනපොත් කිහිපයක් කියවන්න ලැබුනා ඒ එතුමාගේ මරණින් පසුව. එතුමා ගිය ගමන් බිමන් වන්දනා ගමන් දවසේ දේශපාලන තොරතුරු සමග කාලගුනය.දවසේ වැඩකටයුතු හමුවු පුද්ගලයින් පිලිබද දීර්ඝ දවසේ සටහන් ඒ දිනපොත් වල සටහන්ව තිබුනා.


මම 1989 ප්‍රේමදාස කාලේ ඒ තාලෙට පැවත්වුන මැතිවරණයෙදී මගේ සහෝදරයෙකුගේ (ශ්‍රීලනිප) මැතිවරණ ජයග්‍රහණයට උරදීලා හිටියා. මම නිතර ගැවසුන ගම්මාන එකල සහෝදරවරු දෙස හැදුන්වුන සහෝදර පිරිසගේ අර්ධ පාලනයට යටත්ව තිබුනේ. මගේ දෛවය මේ කාලේ දෙපැත්තට දෝලනය වුනා. මට මැතිවරණ ප්‍රචාරක කටයුතු පවත්වා ගෙන යන්න අවකාශ ලබා දුන් සහෝදරයෝ මහ මග මගෙන් සමු අරන් තිබුන වාර අනන්තයි. මට තිබුන ප්‍රජාතාන්ත්‍රික අරමුණ විරුද්ධ දේශපාලනිකයන් හදුනා ගෙන තිබුන නිසාදෝ මම නිරුපද්‍රිතව රැකුනා. ඒ දේව වරප්‍රසාදයකින් දෝ මගේ අදහස් ප්‍රකාශ කිරිම සහ මා හදුනාගෙන තිබීම නිසා කියලා අවුරුදු විසිහයකට පස්සේ මම හිතනවා.
දවසක දවස ගැන හිත හිතා ඉන්න මට කොල කෑල්ලක සටහන් වෙලා තියෙන මේ පදවැල හමුවෙනවා. අවුරුදු හතලිහක් විතර වෙන ඒ කාලේ මගේ වයස මේ ගීතය හදුනාගන්නේ අපි පසු බසිමු , අපි හෙමින් කතාකරමු, එකිනෙකා පරදා අපි ඉහල යා යුතු නැහැ කියන්නා වගේ. හැපෙන්න බැරි තැන පසු බහින්න මගේ හිත මේ ගීතය නිසා ඒ කාලේ පුහුණු වුනා. පරිසරයේ ගොඩනැගෙමින් තිබුන මූසල නිහඩතාවය මැදින් මට විශාල වැඩිහිටියෝ පිරිසක් ඇතිවුනා.


මේ විවරණිකාවත් එක්ක අද දිනපොතේ ලියවෙන්නේ විශාරද ගුණදාස කපුගේ යන් ගැයු ගීතයක් ගැන සටහනක්.


සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන.....//.


වියරු ගිනි දැල් නොවෙමු වනය අවුලා තබන
සිහිල දෙන වැස්ස වෙමු දැවෙන කැළයට වසින......


සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන......


නපුරු හීනය නොවෙමු ළමුන් නිදි සුව බිඳින
සොඳුරු අඬහැරය වෙමු දනන් නින්දෙන් මුදන....


සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන....//


1971 තරුනයන්ගේ අවදි වීම මම දැක්කේ සතුටු සිතකින්. ඒ කාලේ මගේ වයස අවුරුදු 23යි. 1989 දි මගේ වයස අවුරුදු හතලිස් එකයි.උදාසීන සිතිවිල්ලක් ඇති වෙලා තිබුනා වගේම කොහේදෝ බලපෑමකට අපේ රට විනාශය කරා ගෙන යනවා කියන හැගීමක් ඒ කාලේ ඇති වෙලා තිබුනා. පෞද්ගලීකරනය කරන්නට නොහැකිවූ රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් සහෝදරවරුනුගේ ගිනුමට ලා ගිණිබත් කලා. ඒ තැන්වල සහෝදරයොත් වැටී ගිණි බත්වුනා.
පසුකාලයක මේ ආයතන පෞද්ගලිකරණය වුනා. නැත්නම් අර්ධ රාජ්‍ය සමාගම් බවට පත්වුනා.
අද මම 67 වියේ.
අද දේශපාලන විකාර දැකලා මගේ හිත කම්පා වෙනවා. සියල්ලෝම උත්සහා කරන්නේ “ කදු වෙන්න !.“දේශපාලන කදු වෙන්න.
කිසිවෙකුට සොදුරු අඩහැරයක් , සිහිල දෙන වැස්සක් වන්න ඕන කමක් නැහැ. -අපේ දරුවෝ දකින්නේ නපුරු හීනයක් !.ඒ නපුරු හීනය එක් එක් දේශපාලන කෝන වලින් කැමරා ගත වෙලා අපේ දරුවන්ගේ අනාගතය පේනවා.ඒ හීනය තුලින් ගීණි දැල් මැවෙනවා
1989 දරුවන් 2015 වන විට අවුරුදු විසි හයක තරුන තරුණියන් බවට පත්වෙලා.මේ අයට සුනිල දිය දහරක් ,සිහිල දෙන වැස්සක සොදුරු අඩහැරයක් වෙන්න ඔන මේ මකබාස්ලාට ඕන කමක් නැහැ.
රාජ්‍ය නායකයා පටන් සියල්ලෝම විකාර දොඩවනවා.පිස්සන්ගේ දේශයක අපිත් පිස්සෝ බවට පත්වෙනවා. අපි බෙලහීන වන විට බාහිර බලවේග අපිව බිලි ගන්නවා.


notes of imaginary

2015-07-07

මීදුම ස්වයං විවේචනයක.


අවිවේකී බව වියමන් කරන්න අවහිර වෙලා මාස ගනනාවක් කිසිදු වැදගත් කමක් ඇති  සිතුවිල්ලක් සටහන් වුනේ නැහැ.
බොහෝ දවසක පටන් ගත්ත වියමන එවර කරන්න බැරිවෙලා හිරවෙනවා. මේ අතර වාරයේ මීදුමගේ පරිගණක යන්ත්‍රාලයටත් නොයෙක් කාර්මික ආපදා අක්‍රමිකතා වලට මුහුණ දෙන්න සිද්ධවුනා .
ඒ අතරෙ  වියමන් මේසෙට පංගු කාරයෙකුත් එකතු වුනා. ‘ අම්මේ .  මේ කම්පියුටරේ සීයාගෙයි මගෙයි නේ “ කියාගෙන එන මුනුපුරා මාව කම්පියුටරය ලගින් පලවා හැරියා. ගොනුවෙන සිතිවිලි   ඊට පස්සේ හිරවෙලා ,  ආයෙත් මුලින් පටන් ගන්න ගියාම  රසවත් බවින් තොරවුනා . වැඩක් නැහැ කියලා DELETE වුනා.එය අතරේ DESK TOP එක මටත් හොරා විශ්‍රාම ගියා. පැරණි වර්ගයේ DESK TOP එක පැරණි නිසාම විශ්‍රාම ගන්වන්න වුනා. - එයයි මමයි එක වයසේ.

ඒ  අඩුව පුරවන්න ගෙනා laptop එක දවසින් දෙකින් මුණුපුරා අයිති කරගත්තා. සීයේ මේක මට දෙන්න කියලා. දැන් ‘අම්මේ මේක මගෙනේ “කියන  මුණුපුරා paint වට ගිහින් චිත්‍ර අදිනවා. laptop laptop කේ පුරවා තියෙන අධ්‍යාපනික වැඩ සටහන් වලින් අකුරු කරනවා. සීයට සීයගේ පුංචි කාලේ මතක් වෙනවා.සීයා ගල්ලෑල්ලේ- ගල්කූරෙන් ඉරි ඇන්ද හැටි. මිදුලේ වැලි මාලිගාවේ සක්විති වුන හැටි. මුණුපුරා ඒ සියල්ල කම්පියුටරේ මවා ගන්න හැටි බලා ගන්න එකත් සීයට ලොකු කමක්.

මාස දෙක තුනක් මුණුපුරාත් එක්ක laptop එක බෙදා ගන්න කරපු අරගලය නිමාවට පත්කරලා සීයත් laptop එකක් ගෙනාවා. එකෙන්  සීයගේ පරිගණක යන්ත්‍රාලය නවීකරණය වුනා. මුණුපුරා මේසේ එක කෙරවලක වැඩ කරන අතරේ සීයට අවහිරයක් නැතිව ජීවිතය දිය කරන්න පුළුවන් පරිසරයක් ඇති කර ගන්න පුළුවන් වුනා.කොහොමද ? ජීවිතය. කියලා අහන ප්‍රශ්නෙට සීයගේ උත්තරය “ නිදහසේ හිරවෙලා “ කියන්න සීයා පුරුදු වුනේ ඔහොමයි.

මාස ගාණක් පැත්තකට දාලා තිබුණ නිර්මාණ සිතිවිලි අවදි කර ගන්න එක මහ අසීරු වැඩක්.මේ අතරේ දින සීයයට සහයෝගය දෙන්න කියවීම ඇසීම බැලීම අත්හැරලා දාලා තිබුනා. තාමත් එහෙමයි. මහ මූදේ මැද ගිල්වලා දාන්න ඕන කුනු කන්දල් අපේ කනේ පුපුරවනවා. ඇස් ඉදිරියේ දිගාහරිනවා. හුස්ම ගන්න බැහැ ගන්ධස්කාරේ.මේ නිසා රට තොට ගැන ලියන එකත් අත්හැරුනා. නිර්මාණ සිත අවධිකරගෙන ලාම්පු තෙලේ ගිල්වලා මලකඩ සෝදා ගෙන අවදි කරගන්න මහත් පරිශ්‍රමයක් දරන්න වෙනවා.  ඒ ව්‍යායාමය තමයි මේ කරන්නේ.

අද මම පුංචි සිද්ධියක් කියලා  මේ වියමන නතර කරනවා.නැත්නම් මගේ පුරාජේරුව විතරක් මේ වියමනේ තියෙන්නේ කියලා ප්‍රතිචාර පලවෙයි මට සවුත්තුව දාලා.විශ්‍රාමිකයා ගේ දවල් කාලයේ ගතවෙන්නේ නිර්මාණ උල්පතක.  වනපොත් කරගෙන විත්  වියමන් කලොත් දවසට එක වියමනක් නෙමෙයි වියමන් දහයක් කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට මතකද දිවයින ඉරිදා සංග්‍රහයට  ලියන ‘තානායම් පල්ලාගේ සටහන “  තානායම්පල්ලා සිටින පරිසරයක වගේ කාලය ගෙවන මීදුම ට දකින්න අසන්න ලැබෙන දේවල් තුලින් මනා සමාජ විග්‍රහක් ගොඩ නගා ගන්න පුළුවන්.

මේ එක චරිතයක් . නමින් “සේකර“ කියමු.
සේකර ගේ වයස අවුරුදු පනහක් විතර වෙන්න ඇති. සතියේ දින දෙක තුනක් මනාව හැද පැළදගෙන නවයට දහයට බීමහලට ගොඩවෙන සේකර බීම හලින් පිටවෙන කොට හවස් යාමය වෙනවා.ඒත් කාගේ හෝ ඇනවුමකින් ගෙන එන ත්‍රි රොද රථයකින්.මේ අතර කාලය ඔහු පදමට මත් වෙනවා. බීම හලේදී මුණ ගැහෙන කවුරුන් හෝ සමග නැත්නම් මේසෙක ඉස්සරහ තියෙන පුටුවත් එක්ක බරපතල සංවාදයක්.මාතෘකාව විවාහය, තනිකම, පාළුව සෙනසුරාදා දිනක නම් ලංකාදීප සිළුමිණ පත්‍රදෙකේ  තියෙන වයස අවුරුදු හතලිහට වැඩි විවාහයෙන් වෙන්වුන මංගල යෝජනා සමග සංවාදයක්.

මට මතක් වෙන්නේ කරුනාසේන ජයලත් ලියු පසුකාලයක ලෙස්ටර් ජේම්ස් පිරිස් අධ්‍යක්ෂණය කල ගොළු හදවතේ  සුගත්. සුගත් දම්මි ආදර කතාවට සමාන නොවුනත් සේකර ඉන්නේ බලවත්ම පාළුවකින්.ආදරයට  සෙනෙහස ට කොයිතරම් දේවල් කරන්න පුළුවන්ද ?  

.තනියෙන් මේ ප්‍රශ්නය විසදා ගන්න ශක්තිමත් නොවු ඔහු “ අප්පුච්චා මට සලකන්නේ නැහෑ “ කියලා පියාට චෝදනා 
පත්‍රයක් දමනවා.මේ ගැටළු ප්‍රශ්න පත්‍ර විසදා ගන්න අනුගමනය කරන ක්‍රියා පිලිවෙත සුදුසු ම නැතිවුනත් මානසික රොහලක රොගියෙක්ව නේවාසික වනවාට වඩා මේක අපුරු විසදුමක්.

   



notes of imaginary

2015-06-09

ඌරු බුරු සහ කුකුල් කොටු.



කාලය ගෙවී යනවා. පසුගිය දවස් වල ........ මාස කිහිපයකින් අළුතින් යමක් ලියවුනේ නැහැ.
බුරු පිටිය සහ ඌරු කොටුව දිහා බලා ගෙන හිටියට පිටියේ සෙල්ලම් කරන බූරුවෝ සහ මඩ කාගෙන දගලන ඌරන් ගැන කිසිවක්  ලියන්න හිතෙන්නේ නැහැ. ඒත් කා එක්ක කතා කලත් මේ බූරුවන්ගේ සහ ඌරන්ගේ කතාව අවසානයට මාතෘකා වෙනවා.
මගේ කරුමයටද  කොහේද මේ බුරු පිටිය සහ ඌරුකොටුව මාතෘකා කර ගත් කොළමක් ලියු මහත්තයෙක් ( මහත්මයෙක්  අර්ථකතනය වෙන්නේ වෙන විදියකට ) අද වන කොට ඌරු කොටුව තරනය කරලා බූරුපිටිය හරහා අමාත්‍යංශයක ලේකම් කෙනෙක් වෙලා ඉන්නවා  දකින මට හිතෙනවා මටත් රටට බණ දේශනා කරමින් ලෞකික සැප සම්පත් ප්‍රාර්ථනා කරන්න අපේ අම්මා ඉගන්නුවේ නැත්තේ ඇයි කියලා.
මේ ඌරන්ගෙන් සහ බුරුවන්ගෙන් ගැලවෙන්න සති අන්ත පත්‍ර කියවන එකයි රූපවාහිණි චැනල් බැලිල්ලයි ඔය දේශපාලන වෙබ් අඩවි වලට හොට දාන එකයි ජනාධිපතිවරණයටත් බොහෝම කාලෙකට ඉස්සර ඉදන් අත්හැරලා දැම්මා . ඌරු කොටුවට බුරුවෝ පැනලා කරන විගඩම් බලා ඉන්න බැරිව.. නොකියවා නොබලා ඉන්න ගියාම හිතන්න දෙයක් නැති නිසා දැනුනේ අපමන සහනයක්. වියමනක් කරන්න උත්තේජනයක් ලැබෙන්න හිත ඇවිස්සෙන්නේ නැහැ. ඒත් එක්කම වාගේ මගේ වියමනත් කල් බල බලා විඩා අරින්න වුනා
දැන් ආයෙත් සතියක් දෙකක ඉදන් තෝරා ගත්ත සති අන්ත පත්‍රයක දැන්වීම් බලන්න පටන් ගත්තා. ඌරන්ටයි බූරුවන්ටයි අතිරේක පන්ති පවත්වන්න පුළුවන් මාස්ටර්ලා ඉන්නවද බලන්න. ඒත එක්කම අපිට මොකද වෙන්නේ කියලා කියන්න පුළුවන් රාජකීය වන නොවන ශාස්ත්‍රාචාර්යොත් හොයනවා.
මේ ලියන්නේ වෙනමම කතාවක්.
මගේ ටෙලිපෝනය එහා කොනේ සක්විති ගනයේ ටියුෂන් මාස්ටර් කෙනෙක් !.කතා කරනවා.
 ටියුෂන් කියපුවම  එක එක  ජාතියේ මාස්ටර්ලා මතක් වෙනවා.රටටම සිංහල උගන්නන වගේම රටටම ඉංග්‍රීසි උගන්නන්න ඇවිත් “ රටටම උගන්නපු මාස්ටර්ලත් මතක් වෙනවා. මේ මාස්ටර් කතා කලේ තම ගෝල බාලයින්ට කටට රහට කෑම වේලක් දෙන්න තැනක් හොයන අරමුනින්. මාත් මෙනුව කියෝලා ඇස්තමේන්තුව ඉදිරිපත් කලා වැඩේ අඩමානයට තියලා. මාස්ටර්ට මගේ ගාන දිරවයිද නැද්ද සැකයෙන්, පෝන් එක ක‍නේ තියාගෙන ඉන්න මට ඇහෙනවා “ චීප් ප්‍රයිස් එකක්නේ. ඒත් ඔන්න ඔහේ දීලා දාමු “ කියලා.
මට මතක් වුනේ 1968 - 1970 අවුරුදු  වල අපේ ස්කෝලේ කාලේ. උසස් පෙල කරද්දී අපිට organic chemistry කරන්න ගුරුවරයෙක් හිටියේ නැහැ. පලවෙනි අවුරුද්දේ කොටසකුත්  ගෙවි යද්දී මේකට මැදිහත් වුනේ පංති භාර applied science  උගන්වපු ගුරුතුමා. එතුමා නාලන්දේ organic chemistryකරපු ගුරුතුමාව හවස් වරුවේ උගන්වන්න  ගෙන්වලා දුන්නා. දැන් සතියේ දින තුනක් හවස 3.00ට organic chemistry පංතිය පටන් අරන් 4.45ට විතර  පංතිය එවර වෙනවා.දෙවෙනි අවුරුද්දත් මෙහෙම ගෙවිලා ගිහින් විෂයය නිර්දේශය සම්පුර්න කරපු එතුමා වෙනුවෙන් අපිට වැය වුනේ මාසෙටම රුපියල් විස්සයි. කොළඹ ඉදන් හොරණට ගමන් ගාස්තු ගෙවා ගෙන අපිව එතෙර කරන්න ගත්ත වෑයමට අදනම් කීයක් ගනීද ?.
මට කතා කරපු මාස්ටර් සති අන්තයේ  එක් සෙනසුරාදාවක 9.00 පටන් ගන්න ටියුෂන් පංතිය එවර වෙන්නේ හවස 4.00ට. විෂයයන් තුනක වානිජ විෂයය ධාරා පැකේජය සදහා මසක අයකිරීම රු6 000/=යි!.සිසුන් දෙතුන් සියයක් එක් පංතියක ඉන්නවා. මේ ආදායමට ඉද හිටලා  මේ වගේ වෙනසකට සිසුන් යොමු කරපුවම පාඩු වෙන්නේ නැහැනේ !. ඒත් එක්කම එන අවුරුද්දට නිකම්ම පබ්ලිසිටි එකක් ලැබෙනවා. නරකම නැහැ ප්‍ර මෝෂන් එක.

දේශපාලන ඌරු කොටුවයි  -බුරු පිටියයි - අධ්‍යාපන කුකුල් කොටුවයි  1977 න් පස්සේ සීග්‍ර යෙන් වෙනස් වෙන්න පටන් ගත්තා. අවුරුදු  38 කට පස්සේ මේ ඔක්කොම නරා වලක් වෙලා තවත් නරකම පැත්තට වෙනස් වෙනවා.ඒත් මේක වෙනස් කරන්න කතාතරනවා මිසක වෙනස් කරන්නේ නැහැ.වෙනස් කලොත් ඌරන්ටයි බුරුවන්ටයි වස වැරද්දක් වෙන්නේ .
notes of imaginary

2015-04-15

වර්තමානය නැවත කියවීමක්.



දේශපාලනය කියවීම මගේ අතින් ගිලිහී ගියේ පසුගිය වසරේදීය. ඉතා තදින්ම එමෙන්ම පිලිකුල් සහගත ලෙස හුවමාරුවු මඩ දේශපාලන මති මතාන්තර විසින් දේශපාලන විශ්වාශය බිදී විසිරී ගිය බැවින් අවදියෙන් සිටි දේශපාලන සිත නිද්‍රාවට පත්වු බව සටහන් කල යුතුය. ගෙවී යන්නේ සංක්‍රාන්ති සමයක් වුවද , මේ පුණ්‍ය කාලයක් නම් නොවන බව මම සිතමි.
ජාතික ප්‍රශ්නය පිළිබද වර්තමාන කියවීම සමබර නැත. මහින්දගේ කියවීමද සමබරවූයේ නැත. රණිල්ගේ  චණ්‍ද්‍රිකාගේ කියවීම  සුළු ජන කොටස්වල අභිප්‍රායවූ බැවින් මෛත්‍රී ජනාධිපතිවූයේය.ජනාධිපතිවී දින සීයය තුල මුලින්ම පෞද්ගලික න්‍යාය පත්‍ර ජයග්‍රහණය කරවීමටත්, උතුර නැගණහිර ජන්දදායකයන්ට කෘතගුණ සැලකීම කැපී පෙනෙන්නක් විය. සිංහල අවුරුද්ද වන විට පෞද්ගලික අංශයෙන්  මුදා හැර  විරැකියාවට  පත් නිවසට වී අහස බලා සිටින විශාල පිරිසක් මෛත්‍රී පාලනයට දෙස් දෙවොල් කියමින් සිටින්නට පටන් ගත්තේය. භාණ්ඩාගාර බිල් පත් පිළිබදව ඇතිවී ඇති කතා බහද අවුරුදු දහයක වංචා දූෂණ එක් රැයකින් ලොප් කරන තැනට ප්‍රබල මාතෘකාවක් බවට පත්වී ඇත.
මගේ අද මාතෘකාව ඉහත පුර්විකාවට සමාන  නොවූවත් , ශ්‍රිලනිපයේ ඡණ්දදායයකයාට  මේ සියල්ල මාතෘකා වී ඇති බැවින් ඔවුන්ගේ හැසිරීම කියවන විට මේවාද මාතෘකා වන්නේය.
අද ශ්‍රිලනිපය අර්බූදයකට ලක් වී ඇත. ඒ තරමටම  ශ්‍රිලනිපයේ ඡණ්දදායකයා අර්බූදයකට පත්ව   නැත.ජනාධිපතිවරණයේදී ශ්‍රිලනිපය දෙකඩ වී යයි ය‍මෙක් නිරීක්‍ෂණය කරන්නේ නම් එය නිවරදි නිරීක්‍ෂණයක් වන්නේ නැත. මෛත්‍රිපාල සිරිසේන මහතා  පොදු අපේක්‍ෂකයා ලෙස ශ්‍රිලනිපය හැර දමා එජාප හවුල සමග ඉදිරිපත් වීමෙන් ශ්‍රිලනිපය දෙකඩ කරවීමේ චෝදනාව තමන් සතු කර ගත්තේය. ශ්‍රිලනිප ඡණ්දදායකයා මේ නික්මයාම නොසලකා තම පක්‍ෂ යේ  නායකයා ජයග්‍රහණය කරවීම පිණිස ඡණ්දය පාවිච්චි කලේය.  ජනාධිපතිවීම සදහා මෛත්‍රිපාල සිරිසේන මහතා  ලැබු ඡණ්ද වටිනාකම ලැබුනේ ශ්‍රිලනිපයෙන් නොවන බව සටහන් කළ යුතුය.
ජණාධිපතිවරණයෙන් පසුව පළමු පැයෙන්ම මහින්ද තම තනතුරු අත්හැර මැදමූලනට පසු බැස්සේය.සියළු තනතුරු කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අත්හැර දැමීය. මෛත්‍රිපාල සිරිසේන මහතා  එජාප හවුලෙන් ජනාධිපතිවී පක්‍ෂ ව්‍යවස්ථාවට මහින්දම ඇති කර තිබූ ප්‍රතිපාදන යොදා ගනිමින් මම නායකයා යයි කීවේය.පාර්ලිමේන්තුව සිටි ශ්‍රිලනිප මන්ත්‍රීවරු සහ තනතුරු. ලාබ ප්‍ර යෝජන අපේක්‍ෂාවෙන් සිටින කොටස් ( ඡණ්දදායකයින්ගෙන්  දශම ප්‍රමාණයක්) මෙම නායකත්වය පිලිගත්තත්  ඡණ්දදායකයා එම නායකත්වය  තවම පිලි අරගෙන ඇති බවක් පෙනෙන් නට නැත. නායකත්වය මතුවී ආ යුත්තේ චන්දදායකයා තුලින් වුවද නායකත්වය හයිජැක් කිරීම  මෛත්‍රිපාල සිරිසේන මහතා  විසින් සිදුකර ඇති බැවින් ශ්‍රිලනිපය නායකයා ලෙස ශ්‍රිලනිපයේ ඡණ්දදායකයා පිලිගන්නේ නැත.
ශ්‍රීලනිප ඉතිහාසය  බණ්ඩාරනායකවරුන්ගේ ආධිපත්‍ය තුලින් සහ උරුමයතුලින් පැවත ගෙන විත් රාජපක්‍ෂලාට මාරුවිය. රාජපක්‍ෂලා නායකත්වය සහ උරුමය පසුපෙලට නොපවරවා දිගින් දිගටම රදවා ගන්න උත්සහා කලත් එය පසු ගිය ජනාධිපතිවරයෙන් පසුව ව්‍යාවර්ථ විය.එහෙත් මහින්ද රාජපක්‍ෂ චරිතය පසු ගිය තම පාලන අවුරුදු දහයේත් - චණ්ද්‍රිකා කුමාරණතුංග බණ්ඩාරානායක මැතිණිය බලයට පත්කිරීමටත් ශ්‍රීලනිපයට  කරන ලද සේවය කවරෙකුවත් අවතක්සේරු කල නොහැක. මහින්ද රාජපක්‍ෂ පාලන සමයේ ශ්‍රී ලනිප ඉතිහාසයේ  වැඩිම පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවත්‌, වැඩිම පළාත් පාලන ආයතන සංඛ්‍යාවත්   පළාත් සභා නවයෙන් අටක බලයත් තබා ගනිමින් වාර්තාවක් තබා ගත්තේය මීට අමතරව . . එජාපය හැර දමා, බණ්‌ඩාරනායක මහතා විසින් පාර්ලිමේන්තුවේ පිල් මාරු කරන විට ඔහුගේ සෙවනැල්ල සේ පසුපසින් පැමිණියේ ඩී. ඒ. රාජපක්‌ෂ මහතාය . රාජපක්‌ෂලාට ශ්‍රීලනිපය සමග  තිබෙන එම  උරුමය ආරක්‌ෂා කර ගනිමින් මහින්ද රාජපක්‍ෂ මහතා   කටයුතු කළේය. සිරිමා බණ්ඩාරනායක මැතිණියගෙන් පසු සිය දරුවෝ මේ අනන්‍යතාවය රැක නොගත්තේය.
තම පරාජයෙන් පසු   කිසිදු ආරවුලක්‌ ඇති නොකර  පක්‌ෂ නායකත්වය මෛත්‍රීට පවරා නික්ම ගියේ   පක්‌ෂය දෙකඩ වීම වළක්‌වා ගන්නටවිය හැක. එහෙත් අද වන විට  මහින්ද රාජපක්‍ෂට   පක්‌ෂය දෙකඩ කරනවායයි මෛත්‍රීවාදීන් සහ චන්ද්‍රිකාවාදීන් චෝදනා කරන්නේය. නිතර මුණු පොතේ හුවමාරු වන ග්‍රාම්‍ය අපවාද මඩ ප්‍රාහාර කියවන විට මහින්ද රාජපක්‍ෂ කෙරෙහි ඇති වෛරය ප්‍රකට වන අතර “ මහින්ද යලි ගෙන එන්න “ පවත්වන රැලි වලට අරක්කු බෝතලයටත් බත් පාර්සලයටත් එකතු වන බව කියන ජන පවුරත් ගලපන විට මහින්ද රාජපක්‍ෂ කෙරෙහි ඇති ජනතා වෛරය හිතා ගත හැක.
ශ්‍රීලනිපට හා මහින්දට  චණ්දය පාවිචිචි කල ජනතාවඑජාපයෙන් බලයට පැමිණ , ශ්‍රීලනිපය මිළට ගෙන රටකරවන  මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මෙහෙවන ශ්‍රීලනිපයට ඡණ්දය දෙයිද යන්න විග්‍රහ විය යුතුය. දැනට ශ්‍රීලනිප නියෝජනය කරන මැති ඇමතිවරු කෙවිටක් ගෙන ඡණ්දදායකයා ඡණ්ද පොලට දක්වා ගෙන විත්  කතිරය ගස්වා ගත හැකි නම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ශ්‍රීලනිපය නැවත ජයග්‍රහනය කරවා ගත හැක. තවදුරටත් ශ්‍රීලනිප ඡණ්දදායකයා මීහරක් චරිතය චණ්දයකදී රගපාද්දැයි ආපසු හැරී ගමට විත් විමසීම කාලෝචිතය. (මීහරකා යන්න උපුටා දක්වන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ හෝ රනිල් වික්‍රමසිංගේ ප්‍රචාරක නඩය නිතර නිතර ඒ බව උපුටා දක්වන නිසා වෙනි.)




notes of imaginary

2015-04-14

සුබ නවවසරක් වේවා !.




මීදුම, මීදුම අමතක කර ගිහින්.වෙනදා සතියකට වරක් වත් මොනවා හෝ අදහසක් පල කරන මීදුම දැන් දැන් උදාසීන වෙලා. අපි කාලෙකින් හමුවුනාම අහනවා , කොහොමද ? වාසේ දේසේ කියලා. “ඔන්න ඔහේ ඉන්නවා “ කාගෙනුත් ලැබෙන උත්තරය.
මීදුමටත් දෙන්න තියෙන උත්තරය “ඔන්න ඔහේ ඉන්නවා “ කියලා.

හෙට අළුත් අවුරුද්ද ලබනවා. සූර්යා මේෂ රාශියේ ඉදන් රාශියෙන් රාශියට ගමන් කරලා මීන රාශයට ඇවිත් යලිත් මේෂ රාශියට සම්ප්‍රාප්ත වීම මුල් කර ගෙන ඇති කරගත් නැකැත් අනුව අළුත් අවුරුද්දකට මුල පුරනවා.රටේ සිංහල බෞද්ධ කියන කොටස එකම වෙලාවකට වැඩ නතර කරලා එකම වෙලාවකට ලිප ගිණි මොළවලා ආහාර අනුභව කරලා නැවත එකම වෙලාවකට වැඩ පටන් අරන් ගණු දෙනු කරලා අවුරුද්ද සැමරීමත් අපුරු සංකල්පයක්.

මේ සිරිත් විරිත් දැන් ටිකින් ටික අභාවයට යනවා. නොයෙක් අදහස් උදහස් ඔළුවලට කාන්දු වෙන කොට අපේ පැරැන්නේ සිට පැවත ගෙන එන සම්ප්‍රධායන් අභියෝගයට ලක්වෙනවා. විහිළුවට පත්වෙනවා.
කාලෙන් කාලෙට හැදින්වීමත් වෙනස් වෙනවා. සිංහල අවුරුද්ද - සිංහල දෙමළ අවුරුද්ද - සිංහල හිණ්දු අවුරුද්ද ඔය වගේ වෙලා අද වෙන කොට මේ හැදින්වීමත් වර්ගවාදී හැදින්වීමක් කියලා වියතුන් සහ එවැනිම දේශපාලකයෝ ප්‍රකාශ කරනවා. අපිත් ඒවට අවධානය යොමු කරන්න එපාය.එයාලා දන්න කියන මිනිස්සු නේ. අවධානය යොමු කරලා මේ නාස්තිකාර අවුරුදු සැමරීම අත්හිටවන්න එපාය. මොකද?. 
 කෘෂිකාර්මික ආර්ථික ජීවිතයෙන් අපි දැන් මාරුවෙලා ඉන්නේ. දැන් පවතින ආර්ථික රටාව තුල සිංහල අළුත් අවුරුද්දක් තියෙන්න බැහැනේ. මාසේ පඩි දවසට විතරක්නේ අවුරුදු දවස වගේ වෙන්නේ .
පහුවෙනිදා ඉදන් ආයෙත් කොඩේ ගහන ආර්ථිකයක උත්සව කියන දේවල් කරදර හිරිහැර වෙනවා. බක පණ්ඩිත මතවාදීන් මේවට ගැලපෙන මතවාදත් දියකරපුවම අතීතයේ සිට පැවත එන සිරිත් විරිත් සංස්කෘතික ගුණාංග නටබුන් බවට පත්වෙනවා.
සිංහල අවුරුද්ද සමරන අපි සිංහල සංස්‌කෘතියේ හරය තම අධ්‍යාත්මය තුළ ඇති බව රටට පෙන්න සලස්වනවා. අපේ රට අද වන විට සංස්‌කෘතිය යන සංකල්ප නිසා දෙපැත්තට වෙලා. මෝඩ දේශපාලන - ඥයෝත් ඊට ගැලපෙන එන්.ජී.ඕ නඩත් මේ බෙදීම තර කරනවා . ඒ උන්ගේ වාසියට. කවර ජාතියකට වුවද අනන්‍ය වූ සංස්‌කෘතියක්‌ තිබෙනව. ඒ අනන්‍යවු සංස්කෘතිය රැකගෙන අපි එකම ජාතියක් හැටියට සහජීවනයෙන් ඉන්න ඕනි කියන මතවාදය තහවුරුකරන්න බඩ පමනක් හිතන පිරිස උනන්දු වෙන්නේ නැහැ.

අපේ කාලයේ අළුත් අවුරුද්ද දානය, ප්‍රියවචනය, අර්ථචර්යාව, සමානාත්මතාව වැනි බෞද්ධ සංකල්ප වටා ගෙතිලා තිබුනා.පරණ අවුරුද්දත් අළුත් අවුරුද්ද ලබන කාලයත් අතර ඇති සංක්‍රන්ති සමය පුණ්‍ය කාලය ලෙස වෙන් කරල තිබුනා. පුන්‍ය කාලය තුල අපි පන්සලට එක් රොක්වුනා. අලුත් අවුරුදු ඇරඹෙන්නේ ලිප ගිණි මොලවා අහාර පිසීමෙන් අනතුරුව ආහාර අනුබවය සහ ගණුදෙනු සදහා කාලය වෙන් වුනා. තම දෙමව්පිය නෑයින්ට, අසල්වාසී හිතවතුන් අතර ආහාර, වස්‌ත්‍ර, මුදල් හෝ වෙනත් ප්‍රදාන කිරීම සිදුවුනා . මේ සිරිත් විරිත් දානයක් කියලා මීදුම හිතනවා. අවුරුද්දක් පුරා ඇතිවුන විරසකකම් දුරලා පරණ අසල්වාසීන් නෑ හිතමිතුරන් අතර යලිත් සුපුරුදු ජීවිතය ගොඩනගා ගන්න සියල්ල එක්ව සතුටු සිනා ආදර ඇමතුම් හුවමාරු කර ගන්නවා. මෙයින් ප්‍රිය වචනය අර්ථ ගැන්වෙනවා. ගමේ වැඩිහිටියන් සංවිධානය කරනු ලබන හිසතෙල් ගල්වීමේ චාරිත්‍රයට ගමම එක් තැනකට එක්වෙනවා.කිසිු බේදයකින් තොරව එකම පියසකදී හිසතෙල් ගෑවෙනවා. කාටත් සමව සැලකීම සමානත්මතාව මෙහිදී දකින්නට පුළුවන්. මේ සියල්ල ගොනුවීමෙන් යහපත් ලෙස හැසිරීම අර්ථ චර්යාව නිර්මාණය වෙනවා.
අද මේ සිරිත් විරිත් දකින්නට නැහැ. ඒ සිරිත් විරිත් විකෘති වෙලා ගම -ගෙදරට තනිවෙලා.නිලය, බලය, වංශය, කුලය, ජාතිය යන මානයන්ගෙන් උදම්වු සමාජයක් ඇතිවෙලා.ඒ සමාජය තුල උද්දච්චකම රජ වෙලා !.
 

සමාජයක අන්තර් සබඳතා වර්ධනයට ඉවහල් වුන සිංහල අවුරුද්ද සමරන්න වර්තමාන සංස්කෘතික නිරයෙන් ගොඩ වෙන්නට හැකිවේවායි පතන ගමන් ඔබ සැමට ප්‍රීතිමත් නව වසරක් වේවායි මීදුම ප්‍රාර්ථනා කරනවා !.






notes of imaginary

2015-03-05

මොකක්ද ? සීමාව .( මත්පැන් )


මෙවර අයවැයෙන් මධ්‍යසාර  ( අරක්කු බීර ) යන පාන වර්ග මිළ සෘජුවම ඉහල දැමීමක් කලේ නැහැ. එහෙත් මධ්‍යසාර නිෂ්පාදන සමාගම් සහ අළවි සැල් සදහා අතිරේක බදු මුදල් පැටවීමක් සිදුකලා. මේ නිසා නිෂ්පාදන වියදම ඉහල යාමත් සමග මිළ වැඩීවීමක් බලාපොරොත්තු විය හැකි මුත් බදු අදාල ආයාතන විසින් දරා ගත යුතු බැවින් මෙතෙක් වෙනදා මෙන් මෙදා පාරිභොගිකයා ට හිරිහැරයක් වී නොමැති  බවයි දක්නට ලැබෙන්නේ.බීර වැනි නිෂ්පාදන වල කුඩා ඇසුරුම්වල මිල රුපියල් දහයකින් මෑතදී ඉහල ගියා නිෂ්පාදන සමාගගම් බදු මුල් පියවා ගැනීමට පියවර ගන්නවා වගේම රට බීමහල් හැරෙන්නට ඇති රෙස්ටුරන්ට් බලපත්‍රලාභින් තම සේවාදායිකයින්ගේ සාක්කුවට බැස ඇති අවස්ථා දක්නට ලැබෙනවා.
මත්පැන් පරිභෝජනය අධෛර්යමත් කරන අරමුණට වඩා බහුතර නිෂ්පාදකයන්  සහ අළවිකරුවන් පිරිසක් ඉලක්ක කරගෙන එල්ල කර ගත්  දේශපාලන ප්‍රාහාරයක් ලෙසයි මේ බදු මුදල් වැඩි කිරීම විග්‍රහ වන්නේ.

1992 වර්ෂයේදී සැර මත්පැන් ( අරක්කු නිෂ්පාදකයෝ හත්දෙනෙක් වු අතර 2015 වන විට මේ පිරිස විසි දෙනෙක් දක්වා ඉහල ගොස් තිබෙනවා . මත්පැන් අලවි බලපත්‍රලාභීන්ගේ ප්‍රමාණය මේ වනවිට 3332 ක් දක්වා වර්ධණය  ඇති බවද සදහන් වෙනවා. අපි කවුරුත් දන්නා පරිදි මෙම සුපිරි බලපත්‍රයන් ලබා ගැණීමට සුපිරි බලවෙතෙකුම  විය යුතුය. 1992- -  2015 කාලයේ ද  වැඩිවු  බලපත්‍රලාභින් දහතුන්දෙනාම මේ  කාලයන් අතර  පැවති රජයන්ගේ සුපිරි හිතවතුන්. මේ පිරිසට රිදවන්න වර්තමාන මුදල් අමාත්‍යවරයාට සුපිරිම අදහසක් ඇතිවුවා විය හැකිය.මේ බිල්ලට අසු පසුගිය රජයේ අමත්‍යවරුනුත් ඉන්නවා.

මත්පැන් පිලිබදව මහාචාර්ය සෙනරත් පරනවිතානයන්ගේ අහසක් වන්නේ  12 වන සියවසේ විසු පරාක්‍රම බාහු රජතුමාගේ පාලන සමයේ “ අරක් “නම් දේශයකින් ලංකාවට මුහුදු මාර්ගයෙන් මධ්‍යසාර ගෙන්වු බවයි. එකලත් මධ්‍යසාර වෙළදාම රජය සතු ව්‍යාපාරයක් බවයි ඉන් හැගෙන්නේ.මාලදිවයින වැනි රටවල මත්පැන් අළවිය සහ පරිභෝජනය තහනම් කර තිබුනත් අපේ රටේ එවැනි තහංචියක් නැහැ.අපේ රටේ මත්පැන් වාර්ෂික අයවැය පරතෙරය විශාල ප්‍රතිශතයකින් පියවා දමන බදු ආදායම් මාර්ගයක්. ඒක පුද්ගල මත්පැන් භාවිතය අතින් අප  සිටින්නේ හතරවෙනි ස්ථානයේය. අපිට ඉහලින්  චෙක් ජනරජයත් , ප්‍රංශය සහ රුසියාව සිටී. අපේ එක් පුද්ගල මධ්‍යසාර භාවිතය ලීටර් 9.39 ක් බව සුරා බදු කොමසාරිස් වාර්තාව පෙන්වා දෙයි. මෙයට බලපත්‍ර නොලත් බදු වැටට උඩින් වෙළද පොළට එන මත්පැන් සහ අසම්මත නිෂ්පාදිත මත්පැන්ද එක් කල විට ඒක පුද්ගල භාවිතය ලීටර් විස්සක් පමණ විය හැකිවේ.

 මත්පැන් නිෂ්පාදනය සහ අලවිය පාලනය කරනු ලබන්නේ සුරා බදු දෙපාර්තමේන්තුව මගිනි. පොලිසියට අනුරුප නිලතලවලින් හෙබි නිලධාරීන් පිරිසක් සහ සුරා බදු ස්ථාන ජාලයක් මෙම දෙපාර්තමේන්තුව සතුවේ. මෙම නිළදාරීන් විසින් බලපත්‍ර ලාභීන් නියමිත නිෂ්පාදන අළවිකරන්නේද , නිෂ්පාදනය කරන්නේද , ඔවුන් නියමිත පරිදි බදු ගෙවීමට කටයුතු කරන්නේදයි විලණණය කිරීමට බලයලත් නිළධාරීන් පිරිසක්වේ. ඔවුන්ට අනවසර නිෂ්පාදනකරුවන් මැඩලීමේ වගකීම සහ බලය තිබේ.මේ දෙපාර්තමේන්තුව පිළිබදව රජයේ අවධානය නොමැතිවීමෙන් බිහිවී ඇති අරාජික ස්වභාවය පිලිකුල් සහගතවේ.

මට නිරීක්‍ෂණය කරගත හැක්කේ පෙරට වඩා ( හැත්තෑවේ දශකයට)  අද තරුණ පරපුර මත්පැන් භාවිතයට යොමුවී ඇති බවයි.ශ්‍රී ලංකාවේ දෙබිඩි මත්පැන් ප්‍රතිපත්තිය මත්පැන් අළවිය ප්‍රචලිත කරන අතරම “මතට තිත“ කියනා ප්‍රතිපත්තියක් ප්‍රචාරය කරයි. පෙරද සදහන් කල පරිදි රජය බිලියන හැත්තෑවක් පමණ් වාර්ෂික ආදායමක් මත්පැන් වලින් උපයා ගනී. මෙය දළ දේශීය නිෂ්පාදන ආදායමෙන් 1% පමණ ආදායමකි. මෙම කුට්ටිය නැති කර ගැණීමට කුමන රජයක් වුවද කැමති වන්නේ නැති බව පසුගිය වසර හැට හතක් තිස්සේ කියවන අයවැය තුලින් නිරීක්‍ෂනයවේ.


ආසියතිකයන් බොහොමයක් කියවන කෞටිල්‍ය සහ චණක්‍ය මත්පැන් බොන්නා සහ මස් කන්නා සලකන ලද්දේ පහත් චර්යා රටා දරන්නන් ලෙසය.ඔවුන්ගේ නිර්දේශයන් තුල මත්පැන් රාජ්‍ය පාලන ව්‍යාපාරයක් වු අතර ප්‍රසිද්ධ ස්ථාන වල මත්පැන් පානය  තහනම් විය. අපේ රාජ්‍ය පාලකයන් මේ නම් ඉහලතැන් ලා ගරු කරන අතර පාසල් සහ ආගමික ස්ථාන වලට මීටර් 500ක් ඈතින් මත්පැන්එලක් ස්ථාපනය කිරීමට සුදුසු බව පමනක් පවසා සැනසී සිටින්නේය.මධ්‍යසාර පිළිබදව විවිධ කතා ඇති අතර ඉන් බිදක් මේ සටහනතුල ඇති බව සිහිපත් කරමින් අදට නතර වන්නේය.

notes of imaginary