පහුගිය මාසේ නොවැම්බර් මාසේ 29 වෙනිදා මගේ පොඩි මල්ලී අවුරුදු 49 ක්ව හෘදාබාධයක් නිසාවෙන් අප අතහැර ගියා . ලොකු අයියා තවමත් නිසරු ජීවිතය ගැන පසුතැවෙමින් බලා සිටිනවා.අපි දුවනවා...... දුවනවා කෙලවරක් නැහැ. නතරවුන දවසට දිවිල්ලෙන් තේරුමක් නැහැ කියලා හිතෙන්නේ ප්‍රේක්‍ෂකයන්ට මිසක් නිමක් නැතිව දුවන අයට නෙමෙයි මේ ගමන ගැන අවබෝධයක් ලබන්න පුළුවන් .මට මතක හැටියට අංගුලිමාල ට බුදුහාමුදුරුවෝ කිව්වේ ....මමනම් නතර වෙලා . ඔබ තවමත් දුවනවා කියලා මේ හැගීමෙන් වෙන්න ඇති.
සුන්දර රූපය කාය ගිණි ගොඩකට ( වර්තමානයේ නම් ගෑස් උදුනකට )මැදි වෙලා පුංචි මැටි මුට්ටියකට ලඝු වෙලා පස් අතරේ සැගවුනාම “රූපං ජීරති මච්චානං - නාම ගොත්තං නජීරති............කියන බුදු වදන මතක් වෙනවා. අදවන විට “ නාම ගොත්තං නජීරති“ යයි කියන කොටස යථාර්තයක් නෙමෙයි.
නොදිරන නාමය වාහනයක් කර ගෙන අනෙක් අය ජීවත් වෙන්න නොදිරන නම විකුනන හැටි හැම වෘත්තියේම දකින්න තියෙනවා.
අවුරුද්දක් දෙකක් ඇවෑමෙන් නාමගොත්තං නජීරති යන වදන යථාර්තයක් නෙමෙයි කියලා අපි කාටත් හිතෙනවා.
ඒ තරමට සමාජය කාර්ය බහුල වෙලා.ආත්මාර්ථකාමි වෙලා.
මේ කෙටි සටහනින් අද වියමන අවසන් කරනවා.
“රූපං ජීරති මච්චානං - නාම ගොත්තං නජීරති...


1 ප්‍රතිචාර:
අපි මැරෙනවා කියල හිතල වැඩක් නෑ...අපි ලගතියෙන දේවල් බෙදාගන්න හුරු වෙන්න ඕනි..මැරෙනවා කියල හිතන අය ගොඩක් කරන්නෙ බොරුව..බොරුවට භාවනා කරනවා විතරයි..
Post a Comment