අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
Monday, May 09, 2011

5/09/2011 03:09:00 pm
1


වක්කඩ ලග දිය වැටෙනා තාලෙට 
තිත්තපැටව් උඩ පැන නැටුවා
වැස්ස වහින්න ඉස්සර අහසේ
වලාකුලෙන් විදුලිය කෙටුවා
කිව්වට වස් නැත දේදුනු පාටින්
කටරොඩුමල්  වැට වටකෙරුවා
තුන් දවසක් අමනාපෙන් සිටි කළු
නෝක්කාඩු බැල්මෙන් හැළුනා

ගල මතුපිට මල් පිපෙන්න
මල වට ඹබරිදු නටන්න
ගල මතුපිට මල් පිපෙන්න
මල වට ඹබරිදු නටන්න
වැහි වැහලා ගග පිරෙන්න
ගග උතුරා හිත පිරෙන්න
වැහි වැහලා ගග පිරෙන්න
ගග උතුරා හිත පිරෙන්න

ගලා හැලෙන වැහි වතුර නුඹ
හිනා‍වෙයන් කළු හිනාවෙයන්
 වෙලා මගේ හිත හිනාවකින් තව
හිනා‍වෙයන් කළු හිනාවෙයන්
ගලා හැලෙන වැහි වතුර නුඹ
හිනා‍වෙයන් කළු හිනාවෙයන්
හිනා‍වෙයන් කළු හිනාවෙයන්
හිනා‍වෙයන් කළු හිනාවෙයන්

1 ප්‍රතිචාර:

Thushara said...

one of the greatest song ever produced. Thanks for the sharing, :)