කරවිල රෑට ආහාරයට ගත්ත ද... ඉන්පසු සර්පයින් දෂ්ට කරාම වෙන දේ...
කරවිල රෑට කෑවොත් වෙන දේ මෙන්න
ගොඩාක් දෙනෙක් කරවිලවලට අකමැති මේ ‘තිත්තයි’ කියලා කියන කතාවම නිසා වෙන්න ඇති.
ඇත්තටම ‘තිත්තයි’ කියලා හිතාගෙන අපි කරවිල කනකොට කොහොමත් තියෙන තිත්ත රසට වැඩිය තිත්තක් දැනෙනවා තමයි.
Wednesday, July 09, 2025
කරවිල
Tuesday, July 08, 2025
සංඝික දානයක් .
තරගකාරී දාන නොව තමන්ට හැකි උපරිම අයුරින් සැකසීම ප්‍රමාණවත් වේ. දුන් දානයේ විපාක දනිමු යන පිරිසුදු වූ සිතින් පූජා බුද්ධියෙන් යුතුව දානය හා ඒ හා බැඳී හැම කටයුත්තක් ම අනුන්ලවා නොව තමන් ම මැදිහත් ව පිළියෙළකොට කරන්නේ නම් එය සකසා දන්දීම“ යනුවෙන් ද කියැවේ.
Monday, July 07, 2025
අද ජුලි හතයි.
අද ජුලි හතයි........
1976 වෙන්න ඕන.
ජුලි හත්වෙනිදා මම හිටියේ බොරැල්ල රිමාන්ඩ් බණ්ධනාගාරයේ.......
බාන්ඩාගාරයේ ඒහෙම නෙමෙයි.
අදට අවුරුදු හතලිස් අටකට ඉස්සෙල්ලා මගේ වයස අවුරුදූ විසි අටයි.
තරුන ජවය ..............
වටේම හිටියා දහයක් පහලොවක් තරුන පිරිසක්. ඕන ඒහෙකට ලෑස්තියි. ඒකාවන්ව. මේ ඔක්කොම අද නෑ. ඉන්න අයත් වගකීම් සහිත රහිත විශ්‍රාමිකයෝ.
අනෙක් අය භව ගමනේ යෙදිලා.
ඒ කාලේ ග්රාමවාසී වැඩිහිටියන්ට
අපි නාහෙට අහන්නේ නැති කොල්ලෝ ටිකක් !
වැඩිහිටියන් නොහදුන ඒකමුතූවක් අපිට තිබුනා.
අපි දෙසැම්බර් 31 වෙනිදාට කාලා බීලා සිංදු කියලා ජනවාරි පලවෙනිදා පිලිගත්තා කතෝලික සහෝදරයොත් ඒක්ක.
සිංහල අවුරුද්ද අති උත්කර්සව සැමරවා . බයිසිකල් රේස් අවුරුද්දේ දවස පුරාම ගම් මැද්දේ උත්සවයක් මේවට ගමේ ඔක්කොම ඒකතු වුනා.වෙසක් ඒකට ගමම සැරසිලි කලා පොසොන් ඒකට කැරොල් පන්නයේ භක්ති ගීත කිව්වා.මේවාට වියදම් කරන්න දානපතියොත් හිටියා. අපි කරන්නේ පොතත් අරන් පාරට බහින ඒක.
සල්ලි එකතුවුනා. අවුරුද්දට එකතු කරපු සල්ලි පොසොන් ඒකටත් වියදම් කරන්න සමහර අවුරුදු වල ඉතිරි වුනා. පන්සලේ චෛත්‍යය හුණු පිරියම් කරලා සුදු පාට කලා පොසොන් පෝයට කලින්.
පුංචි පුංචි නාට්‍යය ගෙන්වාගෙන ගමේ පෙන්නුවා.
අදත් ඒ් ගම තියෙනවා. තරුන ජවය නැහැ. කීයක් හරි හම්බකරගෙන හවසට වයින් ස්ටෝර්ස් ඒකට දියකරලා., දවස කෙලවර කරගන්න තනිවූන පිරිසකූයි මම දකින්නේ.
හොදට නරකට දෙකටම හිටිය මේකොළු නඩේ මුහුන දුන්න නරක යයි කියාපු වැඩක් නිසා මම ගිය ටුවර් ඒකක් තමයි අද සමරන්නේ !!.
අපේ පදිංචියේ ඉදන් ග්‍රාමීය රෝහලට යන්න බස් ගාස්තුව ශත තිහයි. එදා මගේ නංගියෙකුට බෙහෙත් ගන්න මේ රෝහලට ගිහින් ආපහු එනවා. බස් ගාස්තුව ශත හැට කොන්දොස්තර මහත්තයාට දීලා බස් එකට නැග්ගා. ටිකට් දෙක ඉල්ලපුවම මම මුදල් ගෙව්වේ නෑ කියලා කොන්දොස්තර මහහත්තයා කියනවා. ඔන්න ඕකයි අරගලේට මුල.
මටත් හරි ලැජ්ජයි. මට වඩා අපේ තාත්තට සමාජ තත්වයක් ගෞරවයක්තිබුනා. ඒ තාත්තගේ පුතා බස් එකේ හොරට යයි ද ? බස් එකේ හිටපු මගීන් සියල්ලම පාහේ දන්න අදුුරන අය.
ඉතින් ඔය ලජ්ජාව ගින්නක් බවට පත්වුනා.
බස් එක නයිට් පාක් කරන්නේ අපේ අඩවියේ .
අපිට පුරුද්දක් තිබුනා අපේ ව්‍යාපාරික ගොඩනැගිල්ලක් ඉස්සරහ පේව්න්මන්ට් එකේ කල්ලි දාගෙන පේලියට වාඩි දා ගෙන ඕපා දූප කතා කර කර හවස ගෙවා දාන.
එදා මාතෘකාව උනේ බස් එකේදී මට වුන සිද්ධිය
මේ ගොඩනැගිල්ල ඉස්සරහ බස් හෝල්ට් එකක් තිබුනා.
උදේ වීරවරයා බස් එක නයිට් පාක් කරලා , එදාට වැඩ වරලා ගදර යන්න බස් හොල්ට් එකට ආවා.
අපේ පේව්මන්ට් සාමාජිකයෝ දහයක් දොළහක් ඉන්න ඇති. සිද්ධියේ ප්‍රවෘත්තිය නිසා රබානත් හොදට රත් වෙලා.
මූද චන්ඩියා ........?
ගහමුද ......?
ගැහුවා.
මාර කාලගෝට්ටියයි. කොන්දොස්තර මහත්තයා තුවාලත් කරගෙන ජීවිත ආරක්ෂාවට පසු බැස්සා.
එවෙලේ ආවේගෙට වැඩට බැස්සට ටිකක් වෙලා යන කොට මාර බයක් දැනෙන්න පටන් ගත්තා.
එන ආරංච් හොද නෑ. පොලිසිය මැර පිරිසක් හොයනවා. කොන්දොස්තර මහත්තෙකුට පහර දීලා ටිකට් පොතයි, මුදලුයි පැහැරගෙන , තුවාල සිදුකරලා. කොන්දොස්තර මහත්තයා රෝහලේ.........
තාමත් මැර පිරිස අඩංගුවට අරගෙන නැහැ.....
ලංගම ඩිපෝව වැඩ වර්ජනයක් පටන් අරගෙන......
තුන්වෙනි දවස ........දිස්ත්‍රික් ප්‍රධාන ඩිපෝවත් වැඩ වර්ජණයට එකතු වෙනවා....
මාව පොලිසියේ ටාගට් එක..........
අන්තිමට මම පොලිසියට බාර වුනා. වැඩ වර්ජණය නිමා වුනා. ඒ දවස සිකුරාදාවක් ඇප ගන්න බැහැ.එදා පොලිස් කූඩුවේ පහුවදා බන්ධනාගාර රැදවුමක, ඉරිදා බොරැල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ . ඒ රවුම ආපහු ඇවිත් අගහරුවාදා අධිකරණයට.
අධිකරණයෙන් ඇප..........!.
1976 ජුලි කියන්නේ, රට මැතිවරණයක් මුව විට තිබු කාලයක්. මම අත පය දික්කරලා තිබුනේ එවකට රජයට අයත් වෘත්තීය සමිතියක ලේකම් කෙනකුට. කොච්චර බරපතල පීඩනයක් එන්න ඇද්ද ?.
මාව පොලිස් භාරයේ ඉන්න කොට ප්‍රදේශයේ මංත්‍රීතුමිය ආවා “‘මැරයා“ බලන්න. මට රවලා සැර දාලා “මෙයාද මිනිහා“ කියලා ඇහුවා. වටේ හිටපුු අනුගාමිකයින්ට ජොලි.
වයසක පහේ එක්කෙනෙක් කාරලා මුණට කෙල ගහන්න බැරිකමට එලියට ගිහින් කෙල ගහලා ආවා.
සිද්ධිය වුන තැන හෝටලේ අයිතිකාර මහත්තයා ටිකට් පොතයි සල්ලියි පොලිසියට බාර දීලා තිබුනා.
මාස කිහිපයකට පස්සේ අධිකරණ චෝදනා වලින් මාව නිදහස් කලා
ජුලි හතයි නේද ?
1977 මැතිවරණයෙන් මංත්‍රීතුමිය පරාජය වුනා. කොන්දොස්තර මහත්තයා ඈත පලාතකට ස්ථාන මාරුවක් ලැබුනා.මම ධාර්මිස්ඨ සමාජය පිහිටුුවන්න ගිහින් අතරමංවුුනා.
1989 වන විට මගේ පාට වෙනස් වෙලා.
1989 දවසක එකම වේදිකාවක මමයි මංත්රීතුමියයි හමුවෙනවා. මංත්‍රීතුමිය මගෙන් අහනවා “කවුද මේ ළමයා “කියලා. ?. මම මැරයා ගැන පැහැදිලි කලාම එතුමියට ඩිංගක් වෙන්න ලැජ්ජා හිතතෙන්න ඇති. මම සංවිධානය කල මැතිවරණ ව්‍යාපාරයේ ජයග්‍රහණය කරලා පැවත්වුු රැලියකදී කොන්දොස්තර මහත්තයා මාව ඔසවා ගෙන ජයග්‍රහණය සැමරුවම මම කලේ ඇස් දෙකට කදුළු පුරවගන්න එක.
ජීවිතයේ හැටි එහෙමයි.
එදායින් පස්සේ මට එරෙහි වුන කිසිවෙක් සමග අද වනතුරුත් මම එරෙහි වෙලා නැහැ.
කිසිම විරෝධතාවයකට එරෙහිව ගිහිල්ලාත් නෑ පරුෂ වචචනයක් වත් භාවිතා කරලා නැහැ. මම අහගෙන ඉන්න පුරුදුවුනා. මම බලාගෙන ඉන්න පුරුදුවුනා. මට එය කරන්න පුළුවන් වුනා. දැන් 77 යි.
ජූලි හතෙන් මට හිමිවුන දායාදය තමයි “හික්මීම“
නැවත පලකිරීමක්.
කතාවට එකතු කරන්න තව කතාවක් තියෙනවා.
ලංගම වැඩ වර්ජනයක කියලා කිව්වා නේ.
වැඩ වර්ජනය පටන් අරන් තිබුනේ හවස් වරුවේ ඉදන්.
උදේ වරුවේ ටීචර්ස්ලා දෙන්නෙක් ස්කෝලේ ඉදන් ගෙදර යන්න එනවා.
උදේ තිබුන බස් හවස නැහැ.
දැන් ගෙදර යන්න වෙලා තියෙන්නේ පයින්.
පයින් යන ගමන් නොසන්ඩාල කොල්ලන්ට පලු යනකම් බැන බැන ගෙදර යනවා.
කාලයක් ගිහිල්ලා .....
එක ටීචර්කෙනෙක් නොසන්ඩාලයාගේ රුකවරණයට ඇවිත්.
ඔන්න ජීවිතේ හැටි.
A day in the life
Saturday, July 05, 2025
නානුමි නීනුම් එක්වෙන සැටි කෝමා .
කමල් පී අලහකෝන්
විටින් විට මුණු පොතේ පල කරන ලද කවි පන්ති කිහිපයක්.
කමල් පී අලහකෝන්
ඔහු රසගුලාවක්.
පද්‍යයෙන් පල කලත්, ගද්‍යයෙන් පල කලත් ස්වතන්ත්‍ර නිර්මාණයක් වුවත් නැවුම් බවක් ඔහුගේ වියමන් තුල පලවේ.
කලක් මතකයේ රැදෙන සුවදක් ඒවා තුල තිබේ.
ස්තුතියි නිහඩව මීදුමේ පලකරන්නට ඉඩදුන්නාට.
ඔහු පලකල හැටියෙන්ම ඔහුගේ ප්රස්ථනාවත් සමගම
ඒ හැටියෙන්ම.
Friday, July 04, 2025
ප්‍රංශයේ වැලරි බැකෝට් ගේ නඩු විභාගය
ඇය එකම එක උන්ඩයකින් සිය සැමියා සදහටම නිහඩ කළාය ! දැන් ඔහු තම දියණියච කිසි දාක, කිසිම දාක දූෂණය නොකරනු ඇත
Thursday, July 03, 2025
අපේ කඳුලුත් චෙම්මිනි මිනී වලේ දරුවා වෙනුවෙන් බාර ගන්න..
“චෙම්මිනී සමුහ මිනී වලේ දරුවාට වැටෙන කඳුලු..”ගෝනගලදී,බක්මිටියාවේදී,බක්කිඇල්ලේදී,මහකෝන්ගස්කඩදී,ගෝමරන්කඩවලදී,මහරඹේකුලමදී,බෝගමුයායේදි,දෙටුවැවදී,සිංහපුරදී,බොරවැවදී,දම්මින්නදී,වාන්ඇලදී,බණ්ඩාරදූවේදී,පේරවැල්තලාවේදී,හලඹවැවදී,ඇතිමලේදී,නියදැල්ලේදී,වැලිගහකණ්ඩියේදී,ලාහුගලදී,අරන්තලාවේදී,කෝන්වැවදී,ජනකපුරදී,කල්ලරාවේදී,මංගලගමදී,පානමදී,ඉඟිනියාගලදී,වැලිකන්දේදී,කැබිතිගොල්ලෑවේදී,කිරිමැටියේදී,මහගොඩයායේදී,ඔක්කම්පිටියේදී,ඩොලර්ෆාම්වලදී,කෙන්ට්ෆාම්වලදී,කෝකිලායිවලදී,විල්පත්තු සිංහල ගම්මානයේදී,දෙහිවත්තේදී,නාමල්වත්තේදී,සේරුනුවරදී,මහදිවුල්වැවදී,අඬන්කුලමේදී,විල්ගම්වෙහෙරේදී,මොල්ලිපොතානේදී,වඩිගවැවදී,දමන ගම්මානයේදී,කඩවත්මාඩුවේදී,ගොඩපොත්තේදී,තරාවී ගම්මානයේදී,සාගරපුරදී,ගන්තලාවේදී,ඇල්ල කන්තලේ සිංහල ගම්මානයේදී,දේවාලගොඩැල්ලේදී,මොරවැවදී,ගල්මිටියාවේදී,කිවුල්කඩේදී,දීඝවාපියේදී,පාඩුකුලමේදී,වේවැල්කැටියේදී,මීගස්වැවදී,එදාවැටුනුවැවදී,අම්පාර 16 කොලනියේදී,තව බොහෝ තැන්වලදී,කපාකොටා,වෙඩි තබා,කැබලි කර, චප්ප කර,පොලොවේ ගසා මරා දැමූ සිය ගනන් සිංහල දරුපැටවුන් වෙනුවෙන් වැටෙන්න උවමනා නෑ..එහෙම කඳුලක් කවදාකවත් වැටිලත් නෑ..මින් මතු වැටෙන්න උවමනාවකුත් නෑ..සිංහලයන් වෙනුවෙන් එහෙම අනුකම්පාවක් ඉතිහාසයෙන් ලැබිලා නෑ..අපි නිහඬවම ඒ සිංහල දරු පැටවුන් සහ මවුවරුන් පෝලිමට වලදැමුවා..දැන් උන් නිහඬවම මහපොලොවට පස් වෙලා ඇති..උන් වලදාපු තැන් කාටවත් මතක නැතිවත් ඇති..කිසිම අවශේෂයක් ඉතිරි නොකර මැකිලාම ගිහින් ඇති..අපේ කඳුලුත් චෙම්මිනි මිනී වලේ දරුවා වෙනුවෙන් බාර ගන්න..
-මාලින්ද ඩයස්-
A day in the life
Wednesday, July 02, 2025
සෙම්මිනි අවාසනාව
මෙම වියමන උතුරේ දරුවෙකු විසින් මට “ අංකල් බලන්නකෝ” යන ඇමුනුමත් සමග යොමු කර තිබිනි.“ දකුනෙත් 88 - 89 සිදුවුනේ මෙයමයි.” මම පැවසුවෙමි.යුද්ධය මට නම් අර්ථ ගන්වන්නේ මුහුණට මුහුණ ලා සටන් කරන්නකි.දැන් යුද්ධය වෙනස් වෙලාය.සතුරා කවුදෑයි හදුනා ගන්නේ විවිධ නිර්නායකයන් මතය.මේ පරීක්ෂණ අසරණ මිනිසුන්ගේ ජීවිත අවසන් කරන්නේ අවාසනාත්මක අයුරින්ය.උතුරේ දකුණට ඇති විරසක බව කෙසේ සමනය වන්නේ දැයි පහත උදෘතයත් සමග හිතන්න.මට නම් ඇත්තේ මහත් කල කිරීමක්ය.දෙපාර්ශයම විනාශ කර ඇත්තේ ජීවිතයන්ය…………..
Tuesday, July 01, 2025
හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ.
ඔය පිස්තෝල දීපු කතා, ගිනි තියපු කතා සිදුවෙනකොට එක්කෝ අපි පොඩි ළමයි, එක්කෝ අපි නූපන් අය.ශ්‍රී ලංකාවේ නූතන ඉතිහාසය ගැන (1948-2022) කියවගන්න තියෙන මූලාශ්‍ර ගොඩක් එක එක්කෙනාගේ දෘෂ්ටිකෝණ වලින් බලලා ලියපු ඒවා මිසක්, මධ්‍යස්ථ ඒවාම නෙමෙයි. ඒ නිසා අලුත් පරපුර බොහෝ අය දිහා බලන්නේ වෛරයෙන්. ඒක ඉතා නරක තත්වයක්.ඒත් 2001දී පත්වුණු පාර්ලිමේන්තුවෙන් පස්සේ එවකට උග්‍ර එක්සත් ජාතික පාක්ෂිකයෙකු (දැන් ඉන්න බයි/ජෙබයි වගේ) වුණු එක්තරා පුද්ගලයෙකුගේ වීර කතා වලින් තමයි මම ගාමිණී ලොකුගේ ගැන අහගත්තේ. එතකොට පොඩි ළමයෙකු වුණත් මම තේරුම් ගත්තා ඒ මනුස්සයා නම් ඒ තරම් හොඳ මිනිහෙකු වෙන්න බැරි බව. ඒත් පාක්ෂිකයාට ඔහු වීරයෙක්.එවකට නිදහස් පක්ෂය මූලික සන්ධානයේ හිතවාදීන් මේ මනුස්සයාට ඇඟිල්ල දිගුකරමින් කිව්වේ, "අහවලා මැරුවේ මූ ය, අහවල් මැර වැඩේ කළේ මූ ය", වගේ කතා. 2007 වර්ෂය ආවා. එතකොට මම යෞවනයෙක්.ඔන්න ගාමිණී ලොකුගේ බල්ටියක් ගහලා මහින්ද රාජපක්ෂ ළඟට පැන්නා. ඊටපස්සෙ මොකද වුණේ? අර නිදහස් පක්ෂය ප්රමුඛ සන්ධානයේ (බැන බැන හිටපු) අයට ගාමිණී ලොකුගේ ආණ්ඩුවට ආපු එක මාර හයියක් වුණා. "මෙහෙම උනුත් ඉන්න ඕන, නැත්නම් ගම කන්ට්‍රෝල් නෑ", කියපු අයත් හිටියා. පිළියන්දල, කැස්බෑව, හොරණ පාතාලේ තද වුණා. කට්ටිය රස්සා ඉල්ලන්න ලියුම් අරගෙන ලොකුගේලගෙ ඔෆිස් ඉස්සරහ කැඹිරුවා. අපි එහෙම කළේ නෑ. අපේ ආඩම්බරය ඒක.ඒත් එහෙම හිටපු නිසා අපි බැනුම් ඇහුවා. පොඩි පුතාලගේ අරගල වලට කලින්, 2007/08 ඉඳලා දූෂණයට භීෂණයට විරුද්ධව හිටගත්තු මම වගේ පොඩි කොල්ලන්ට නිදහස් සන්ධානේ පාක්ෂිකයන්ගෙන් "දේශද්‍රෝහීන්" කියලා අහගන්න වුණා.ඊළඟට එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවො ටිකෙන් ටික ගාමිණී ලොකුගේ කරපු වැරදි හෙළිකරන්න පටන් ගත්තා. වීරයා කරපු අයම ලොකුගේව ද්‍රෝහියා කළා. ඒත් ලොකුගේ වැටුණේ නෑ. ආණ්ඩුවේ ප්‍රබල ඇමතිකම් දරන ගමන්ම ඔහුගේ දේශපාලන ගමන ඉස්සරහට ගියා. සන්ධානය ඔහුව රැක්කා. අපි දිගටම බැනුම් ඇහුවා.අද 2025 ජුනි. ගාමිණී ලොකුගේ අන්තරා වෙලා. ඉස්සර ලොකුගේව රැකපු දෙපාර්ශවයටම දැන් ගාමිණී ලොකුගේව පේන්න බැරිවෙලා. ඔහුගේ දූෂණ, වැරදි ගැන බරටම කතාවෙනවා. ඔහුගේ මරණයට විහිළු කරනවා. සතුටු වෙනවා.මරණයක් අයිති වෙන්නේ සොබාදහමට. මම කිසිම මරණයකදී කිරිබත් කෑවේ නෑ. මම කිසිවෙකුගේ මරණයට හිනාවෙන්නේ නෑ. ඒක ලෝක සාරධර්ම වලට පටහැනියි. ඒත් ලොකුගේගේ කාර්යාලය ඉස්සරහ ලියුම් අරගෙන හිටගෙන හිටපු දෙමව්පියන්ගේ දරුවන් මියගිය ලොකුගේට හිනාවෙනවා.මේක ඇතුළේ ලොකු පණිවිඩයක් තියෙනවා.
දේශපාලකයන් ගැන නෙමෙයි, අපේ රටේ මිනිස්සු ගැන.
- අසංක හදිරම්පෑල.
A day in the life
Subscribe to:
Posts (Atom)