බේකර්ස් බෙන්ඩ් - බෙලිහුල්ඔය

නොන්පෙරියල්

හුණු ගල් පොකුණ - කල්තොට

හුණුගල් යනු අවසාධිත පාෂාණයකි. මේවා ප්‍රධාන වශයෙන් ජලය යට නිර්මාණය වේ. එලෙස නිර්මාණයවීම සඳහා වසර ලක්ෂ ගණනක් පමණ ගතවන අතර තට්ටු අඩි දහස් ගණනක ඝනකමින් යුක්ත වේ.



යාපහුව

දඹදෙනිය රාජධානිය බිදවැටීමෙන් පසු ආරම්භවූ රාජධානිය යාපහුව රාජධානියයි. මේ දළදා මැදුරට යන පියගැට පෙළයි.


සමනලවැව

වලවෙිි ගඟ, දෙනගම ඔය, බෙලිහුල්ඔය සහ හිරිකටු ඔයේ ජලයෙන් පෝෂිත වන සමනල වැව.



කළුදිය පොකුණ

මිහින්තලේ.

2014-09-08

බිල්ලට දුන් ගිණි හුලෙහි ඔය. ( බෙලිහුල්ඔය)

අර්නස්ට් හෙකල් Ernest Haeckel (1880-81 )


අපි ගැන අපි කතා කරනවා අඩුයි.
රට වටේ ගිහින් තොරතුරු එකතු කරගෙන ඇවිත් ලියුවත් හැමදාමත් ජීවත් වෙන පරිසරය වට පිටාව ගැන ලි‍යවෙනවා අඩුයි කියලා මීදුම හිතුවා. අද යොමුවන්නේ අපේ පරිසරය හා වටාපිටාව ගැන කතා කරන්න.
බෙලිහුල්ඔය කියාපුවම මතක් වෙන්නේ බෙලිහුල්ඔය තානායම.පන්සල (කරගස්තලාව ශෛලගංගාරාමය) කතොලික පල්ලිය හැරුනාම බෙලිහුල්ඔය තියෙන ඓතිහාසික ස්ථානයක් වන්නේ ‍බෙලිහුල්ඔය තානායමයි. වර්තමානය වන විට දේශිය සංචාරකයන් අතරට බෙලිහුල්ඔය තානායමට අමතරව තවත් සංචාරක නවාතැන් කිහිපයක්ම එකතු වෙලා.

”පර්ල් “ සහ “සැවින්රා” මේ අතර ජනප්‍රිය සහ පහසුකම් සපිරි සංචාරක නවාතැන් දෙකක්.

දර්ශනවාදියෙක් විද්‍යාඥයෙක් වන අර්නස්ට් හෙකල් Ernest Haeckel (1880-81 ) දී සංචාරකයෙක් විදියට ලංකාවට එනවා. ඒ ඇවිත් සංචාරක සටහන් ඇතුලත් කර A VISIT TO CEYLON කියලා ලියන පොත “ ලංකාවට ගමනක් “ කියලා චානක සේනානයක විසින් සිංහලට පරිවර්තනය වෙනවා.

මේ පොතේ බෙලිහුල්ඔය ගැන සදහන් වෙනවා.

අර්නස්ට් හේකල්(Ernst Heinrich Philipp August Haeckel ) ගැනත් කියන්න ඕනී. ඔහු ජර්මන් ජාතිකයෙක්. 1834 පෙබරවාරි මාසේ 16 වෙනිදා උපත ලබා 1919 අගෝස්තු මාසේ 9 වෙනිදා මියයනවා ඔහු ගත් කතුවරයෙකු වෛද්‍යවරයෙක්,ජීව විද්‍යඥයෙක්, පරිසරවේදියෙක්,දාර්ශණීකයෙක්,මහාචාර්යවරයෙක් සහ චිත්‍රශිල්පියෙක් ලෙස ප්‍රසිද්ධියට පත්වෙනවා.

මේ කියන කාලවකවානුව වර්ෂ 1880 – 81. ක

අර්නස්ට් හෙකල් ශ්‍රී ලංකාවේ ගත කරන කාලය අවසන් වෙන්නේ නුවරඑලියෙන් පිටත්ව හෝර්ටන් තැන්න හරහා වැටී ඇති මාර්ගයෙන් බෙලිහුල්ඔටත්, එතැනින් රත්නපුරයට පැමිණ පාරුවකින් කළුගග දිගේ කළුතරට පැමිණීමෙන්. කළුතර සිට ගොඩබිමෙන් කොළඹට පැමිනෙන අර්නස්ට් හෙකල් නැවි ගත වෙනවා.

නුවරඑලියේ සිට බෙලිහුල්ඔයට අදත් ලෝකාන්තය හරහා පැමිණිය හැකියි. ලෝකාන්තයත් බෙලිහුල්ඔයත් අතර දුර කි.මි 14 පමණ තිබෙනවා. මේ දුර ගෙවා පැමිණි අර්නස්ට් හෙකල් නවාතැන් අරන් තියෙන්නේ බෙලිහුල්ඔය තානායමේ.

අර්නස්ට් හෙකල් එදා දුටුව බෙලිහුල්ඔය අද නැහැ. ජනගහනයේ පිපිරීමත් එක්ක පරිසරය දේශගුණය විනාශවෙලා. අවුරුදු 134 ක් තිස්සේ පරිනාමයවු සමාජය නවීකරණය වෙලා.

“ අර්නස්ට් හෙකල් හෝර්ටන්තැන්න සංචාරය අවසන් කරලා බෙලිහුල්ඔයට එන්නේ නොන්පෙරියල් වත්ත හරහා. ඔහුට නොන්පෙරියල් වත්තට එන්න පැය පහක් විතර ගතවෙලා තිබුනා එදා නොන්පෙරියල් වත්ත සරුසාර කෝපි වගාවක්.කෝපි වගාව විනාශ වීමෙන් පසුව තේ වගා කරනු ලදුව සරුසාර තේවත්තක් ලෙස අපි කුඩා අවදියේ දුටු (1955)නොන්පෙරියල් වත්ත අද නිසරු තේ වගාවක් දක්වා වෙනස් වෙලා. එදා වගාභුමිය අක්කර 1200ක් විතරවු මේ වගා බිම අද වන විට අක්කර 200ක් තරමට කුඩා වෙලා.

1881පෙබරවාරි 25 දා බදුල්ලෙන් ඇරඹි බටහිර දෙසට විහිදෙමින් රත්නපුරය දෙසට ලගා වෙන සුප්‍රකට මාර්ගයේ වඩාත්ම උසින් පිහිටි නවාතැනවු යේ බෙලිහුල්ඔය යි,
නුවරඑලියේ සිට හෝර්ටන් තැන්න හරහා හේකල් බෙලිහුල්ඔයේ නවාතැන් ගන්නවා. පසුව බදුල්ල- රත්නපුර මග ඔස්සේ රත්නපුරයට යනවා.

එදා බදුල්ල - රත්නපුර මාර්ගය බදුල්ලේ සිට කෝපි පලදාව කොළඹට ගෙන යාමටත් වැවිලිකරුවන්ගේ වෙනත් අවශ්‍යතා සදහාත් වැඩියෙන් භාවිතා වී තිබෙනවා. මේ මාර්ගයේ එකම ප්‍රවාහණ පහසුකම වී ඇත්තේ කරත්තයයි. කරත්තකරුවන් උදෙසා නවාතැන් පහසුකම් සැලසු “ගාලේ කඩේ” නම් ගත් ස්ථාන මේ මාර්ගයේ පලින් පල හමුවෙනවා. මේ මගෙහි “ගාලේ කඩේ “ යයි පැරණි නම භාවිතා වන නිවෙස් තවමත් ඇති බව සටහන් කල යුතුයි.
රත්නපුරේ සිට පාරුවෙන් ‍කළුතරට ප්‍රවාහණය වන බඩු බාහිරාදිය කළුතර සිට යලිත් කරත්ත කරුවන් විසින් කොළඹ දක්වා ගෙන ගිය බවයි අර්නස්ට් හෙකල් සටහන් කරන්නේ.

හේකල් සදහන් කරනා ආකාරයට බෙලිහුල්ඔය ට නම ලැබී ඇත්තේ “බිල්ලට දුන් ගිණි හුලෙහි ඔය” කියනා අර්ථයෙනුයි. ඒත් වෙනත් අර්ථකථනයන් බෙලිහුල්ඔය කියන නමට තියෙනවා. (කියවන්න මේ ලිපියත් කියවන්න.

බෙලිහුල්ඔය ගමට මේ නම ලැබී ඇත්තේ සානුවේ දොරුවක් මැදින් ගලා බසින කදුකර දොල පහර නිසාවෙනි . අතු ගංගා කිහිපයක් ඇරුන විට මෙම දොළ පහරේ මුලාශ්‍රයන් හෝර්ටන් තැන්නෙන් ඇරඹෙනවා. මේ මුලාශ්‍රයන් එකතුවී පසුව සැඩ පහරක් ලෙස ගලා බසින මෙම දිය පහර පටු ඕඩ සරුවට වැඩුන පලාවන් වියනාන් වැසී ඇති බිම ඔස්සේ . බටහිර දෙසට මුහුණ ලන ප්‍රපාතාකාර ගල් බිත්ති අතරින් රිංගා ගලා බසිනවා. මෙම ඇල දොළ නිසා මේ අවට භුමි ලක්‍ෂණ වඩ වඩාත් උදාර හා සිත් ගන්නා සුළු බවට පත්වෙන බව හේකල් ලියනවා.

“නන්පෙරියල් වත්තේ සිට පැමිණි විට මෙම ප්‍රදේශයයේ ස්වභාව සෞන්දර්යෙන් කෙතෙක් වසග වුවාද යයි කිවහොත් මේ ගමේ දින කිහිපයක් නතරවීමට අප තීරණය කලෙමු. කියන හේකල් අද බෙලිහුල්ඔයට පැමිණියෝත් ස්වභාව පරිසරයට ඇතිවී ඇති විනාශය දැක කම්පාවට පත් වෙනවා ඇති.

notes of imaginary

2014-09-02

ප්‍රේමය.


යොවුන් ආදරය වැඩිහිටි දෑසින් දකින්නේ විවිධාකාර කෝන තුලින් බොහෝ වැඩිහිටියන් තමන් ජීවිතයේ පසුකර ආ තරුන ගැටවර වියේ දුර තමන් ලද අත්දැකීම් දූ දරුවන්ගේ ආදර සම්බන්‍ධතා දකින විට ඒවාට ආදේශ කරගන්නේ විරෝධාත්මක හැගීම් මතු කරමින්. එක් වරම තම දූ දරුවන් කෙරෙහි තද බල විරෝධතාවයන් වාරනයන් වලට එළබීම බොහෝ දෙනා තුලින් මීදුම දකිනවා. තම අත්දෑකීම් ඇසුරු කරගෙන වාරණයන්ට වි‍රෝ ධතාවයන් දක්වනවාට වඩා දූ දරුවන් සමග සාකච්ඡා කරන තැනකට යනවා නම් අපූරු බවයි මීදුම හිතන්නේ.
අප තරුන විය පසුකල හැත්තෑව දශකයට වඩා ගෙවී ගිය දශක හතරක අතීත කාලය - වර්තමානය වන විට කාලය විසින් අපේ ජීවන වට පිටාව වෙනස් කරලා. ලිහිල් වෙලා. ඉතින් අපිට ඒ අතීතයේ ජීවත් වෙන්න බැහැ. අපි එදා බැද දමා තිබු තහංචි අද විහිළුවක් කෝළමක් ලෙස දකින දූදරුවන් සමගයි අද අපි ජීවත් වෙන්නේ. වැඩිහිටියන් අතර දියණියකට තියෙන වැට කඩොළු ඒ වැඩිහිටියන් අතර පුතනුවකට ඇත්තේ නැහැ. මේ වෙනස දෙමව්පියන්ගේ ආත්මාර්ථකාමී හැගීමක් වගෙයි කියලයි මීදුම දකින්නේ.
අද තරුන වියේ දරුවන්ගෙන් වැඩි පිරිසක් ආදරය ප්‍රේමය විවාහයම ඉලක්ක කරගත්ත ඉමක් සදහා තෝරා ගත් මාවතක ගමන් කරනවා කියලා නිශ්චිත කරන්න අපහසුයි. විවාහ වන විට ඔවුන් ප්‍රථම ප්‍රේමයන් ගණනාවක් පසුකර විවාහය ප්‍රථම ප්‍රේමය බවට පත් කරගන්නවා යයි මීදුම හිතනවා. අහිමිවු ප්‍රේමය ගැන සිත සිතා හඩා වැලපෙනවාට වඩා තමන්ට ප්‍රේමකරන ආදරය කරන කෙනෙක් සොයා යාම වැදගත් බව බොහෝ දෙනා තේරුම් අරන් ඇති බවයි මීදුම සිතන්නේ. මේ දියුණු මානසික තත්වයක්ද විය හැකියි. මීදුම අනුමානය කරනවා.
මීදුම තම අත්දැකීම් වර්තමානය වන විට විග්‍රහ කරන්නේ අහිමිවු ආදරයට හඩා වැලපීම නිශ්පල ප්‍රයත්නයක් ලෙසටයි. ඒ අත්දැකීම් මත සිට ගෙන අතීත කතා දකින්නේ
වියෝ වූ පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අබිමන්
හැඞූ දා කඳුළයි දකින්නේ
සිනාවේ සරදම්....
ඉවුරු දෑලේ හිඳ බැලූ විට
ගඟ හැඩයි කදිමයි
දියට වන් විට එවන් ගඟුලම
බිහිසුණුයි චන්ඩයි....
හඳක් නැතිදා අහස් තලයට
තරුව දෙයි සැනසුම්
පුන් පොහෝදා එවන් තරුවම
ලබන්නේ ගැරහුම්....

මේ ගී පද වැල අයිති
ගී පද - බන්දුල නානායක්කාරවසම්
ගී තනු - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ

මේ තුන්දෙනා ආදරය ප්‍රේමය දිහා බලපු ආකාරයටයි. පනින්න පෙර සිතා බලන්න කියනවානේ. ප්‍රෙමයත් ඒ වගෙයි පටන් ගන්න පෙරත් ඒ වගේ හිතා බලන්න ඕනි. තම තමන්ගේ වැඩිහිටියන් අනුමත කරයිද ? යන ප්‍රශ්නයට කලින්ම විසදුම් සොයා ගත්තොත් වැඩිහිටියන් හා කතා බහ කර ඇතිවිය හැකි බාධක ප්‍රශ්න සමනය කරගතහොත් ආදරයෙන් වියෝවීමක් ඇතිවිය හැකිවෙන්නේ නෑ.

notes of imaginary

2014-08-29

ජීවිතය




ඉද හිට හෝ ජීවිතය   බ්ලොග් පිටුවේ දියකරන්න සිද්ධවෙනවනම් හොදයි කියලා හිතුනත් ටයිප් කරපු පිටුව ආපහු කියවලා බැළුවම මේ වල් පල් කියවන්නෙකුට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද කියලා නැවත හිතන කොට සිද්ධ වෙන්නේ වමාරපු මතක - මතක පිටුවේම  Delete කරලා දාන එක.

හිස් පිටුවක් කොහොම පලකරන්නද ?. ඉතින් කවරදාවකවත් කියවන්නත් පලකරන්නත් නොලැබෙන මේ කතාව අද නැවත කියවන්නේ නැතිව පලකරනවා  කියලා හිත හදාගත්තා.

සංස්කරණය නොවු මේ ලියවිල්ල පිස්සු මරගාතයක් වේවි.
ලයනල් මහත්තයා...... ඒ පිය බිරිද මා අමතන හැටියි. මට මේක ටිකක් අමුතු උනත් කාලයක් යන විට මේ ඇමතීමට මම පුරුදු වුනා. ඇමතීම රාජකාරී ස්වරූපයක් ,රිද්මයක් තිබුනත් ඒ හඩට මම ආදරේ කරන්න පටන් ගත්තේ මීට අවුරුදු තිස් අටකටත් ඉස්සර ඉදන්.

ඈ ගුරුවරියක්ව අවුරුදු තිහක් වගේ කාලයක් එකම ස්කෝලේ  ඉගැන්වුවා. ලමයි ආවා ගියා. ඒ ලමයින්ගේ දූ දරුවොත් පාසලට ආවා ගියා. ඒ දරුවන්ගේ දූ දරුවෝ එක දෙක වසර පන්තිවලට එනකනුත් ස්කොලේ හාමිනේ පරම්පරා තුනකට සමාජ අධ්‍යයනය සහ ඉතිහාසය පරිසරය කියන විෂයයන් උගන්වමින් ඉදලා විශ්‍රාම යන්න පස් වසරක් තියෙද්දී අධ්‍යාපන පරිපාලනයට එකතු වුනා.

තිස් වසරක් තිස්සේ වෙනස් නොවුනේ ස්කෝලේ හාමිනේ  විතරයි. අවුරුද්දෙන් අවුරුද්ද ලමයි ගුරුවරු .විදුහල්පතිවරු , පාසල් ගොඩනැගිලි , පාසලේ  පරිසරය පාසල් වත්තේ ගහ කොල වෙනස් වුනා.  දෙමව්පියෝ දරුවෝ කලින් කලට හිටි විදුහල්පතිවරු , ගුරුවරු ඈ හට කොයිතරම් කැමතිද අකමැතිද කියන එක කිසිම විරෝධයක් නැතිව දශක තුනක් එකම පාසලේ සිටිය නිසා මැන ගන්න පුළුවන්.

ඈ පන්ති කාමරේට ගියේ “ ආයුබෝවන්   කියලා ලමයින්ට අත් දෙක එකතු කරලා ආශිර්වාද කරගෙන . “ගන්න බලන්න පොත් ටික“  පලමු විධාණය. දෙවනි ප්‍රශ්ණය “අපි ඊයේ නතර කලේ...................... ?.“  පංතියට ප්‍රශ්නයක්. ඒ ටික අවුරුදු තිහක් තිස්සේ හැමදාමත් මේ වාක්‍ය පේලි දෙක පන්ති කාමරේට අහන්න  සිද්ධවුනා. දශක තුනක් තිස්සේ  ඈ ඇසුරු කල සිසු දරුවෝ අදත් වැඩිහිටියන්ව  හමුවු  විටක් සිහිපත් කරන්නේ  “ඊයේ අපි නතර කලේ........... “ ටීචර් කියාගෙන.

අවුරුද්දටම ගනන නිවාඩු ගාන වසර තිහක් තිස්සේ දහයට පහතයි.මම මෙවට උදව් උනාද නැද්ද කියන එකත් තීරණය කරන්න ඔබටම බාරයි. මම උදව් උනා නම් හිටපු එකම දරුවා බලා ගෙන තමයි.

එක දවසක කට  කාර සිසුවෙක් - අපි ඊයේ නතර කලේ...................... ? කියන ප්‍රශ්නයට දීලා තිබුන උත්තරේ “ බණ්ඩාරනායක මහත්තයට වෙඩි තියලා“ ................ කියලයි . “ ඔව්“ ඊට පස්සේ විජයානන්ද දහනායක මහත්තයා අගමැති වුනා කියලා ඈ සිසුවාගෙන් ෂේප් වෙලා එතැන් සිට පාඩම පටන් ගත්තා කියලා ගෙදර ඇවිත් වමාරන්නේ බොහොම සැහැල්ලළුවෙන්. සහ විනෝදයෙන්.

ගෙදර ජීවිතය නම් මට හරි කරදරයක්.

ඈ ගෙදර ඇවිදින් කලෙත් උගන්නන එක. ගෙදර පංතියේ එකම සිසුවා මම. මට තාමත් ඈ උගන්නනවා. මම තාමත් ඉගණ ගන්නවා. “ ලයනල් මහත්තයා ........ “ කී පමණනින් මම උත්තර දෙන්න ඔනී. නැත්නම් ඒ කටත් සද්දේ දානවා. මම “ඉන්නවා .............. . කියලා උත්තර දෙන්න මුලින්ම පුරුදු වුනේ ඔලොක්කුවට. 
ඒත් දැන් ඒක පුරුද්දක් සාමාන්‍ය දෙයක් වෙලා. ටීචර් නම් අඩ ගහනවා - පංති කාමරෙන් ඇහෙන්නේ ඉන්නවා හඩ විතරයි.
ජීවිතයේ හොදයයි සම්මත පුරුදු සියල්ලට මා පුහුණු  කලේ ටීචර්. ඇගේ හොදම ශිෂ්‍යා මම කියලා ඈ හිතනවා ඇති. 
දැන් අපේ පංතියේ මුණුපුරෙකුත් එක්ක හතර දෙනයි. අපි හතර දෙනාගේම ටීචර් වෙලා ඈ  සතුටු වෙනවා.

අදට මේ ලියවිල්ල නතර කරනවා. මේවගේ සංස්කරණය නොකරන ලද ලියවිලි පලකරන්න “ ජීවිතය “ කියලා ලේබලයක් අළුතින් අලවා  ගත්තා ලිපි එකතුව කොහොම වෙයිද කියලා බලමු.


notes of imaginary

2014-08-27

නොදන්නා දෙමලේ .


එළ හරකයි - මී හරකයි.

ලෙව්කේ මැතිදුත් වෙල මැද්දේ තනිවුනා . ඒ වගේ අපේ සෞඛ්‍ය ඇමතිතුමා ත් අමාත්‍යාංශයේ තනි වෙලා කියලා එතුමාම කියනවා. පහුගිය දවස් වල මේ කතාව අහන්න ඇති. මතක් වෙන්න මම ආයේ ලියන්නම්.
සෞඛ්‍ය ඇමැතිතුමා පසුගිය සතියේ (22 වැනිදා) ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ පැවැති උත්සවයකට ගිහිල්ලා.

ඇමතිතුමා යන කොට සහ පිරිවරත් එතුමන්ලා පටිපස්සෙන් යන්න එපාය. වතුර........... කියනකොට වීදුරුව අතට දෙන්නත් සර්ව්යට් පේපරය අතට වඩම්ම්මන්නත්. ටොයිලට් පේපරය දික්කරන්නත් පිරිවර ඉන්න එපාය .නැත්නම් පුළුවන්ද රාජකාරි කරන්න ?. ඒත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේදී ඒ පිලිවෙල බිදවැටිලා. එතුමාගේ අදෝනාව පිටවුනේ මේ විදියටයි - සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජෙනරාල්ලා අට දෙනෙක්‌ ඉන්නවා. නියෝජ්‍ය ජෙනරාල්ලා පඳුරු ගාණක්‌ ඉන්නවා. නමුත් අද මේ උත්සවයට ජෙනරාල්ලා, නියෝජ්‍ය ජෙනරාල්ලා පඳුරු නෙමෙයි, සෝල්ජර් කෙනෙක්‌වත් ඇවිත් නැහැ. එහෙම අයත් එක්‌ක තමයි, අපට වැඩ කිරීමට වෙලා තියෙන්නේ.

"ඇත්තටම මට තියෙන්නේ කනගාටුවක්‌. මම තනිවෙලා වගේ කියලා තමයි හිතෙන්නේ. මම ඇළේ, දොළේ, කුඹුරේ හැදුණු වැඩුණු මිනිහෙක්‌. මේ රෝහලේ විශේෂඥ වෛද්‍යවරු මගෙන් සාකච්ඡාවක්‌ ඉල්ලුවා. මට සාකච්ඡාවක්‌ දෙන්න පුළුවන්. නමුත් අද සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කවුද ඇවිත් ඉන්නේ. මම දන්න දේවල්වලට උත්තර දෙන්න පුළුවන්. නමුත් මම සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයෙක්‌ නෙවෙයි නේ. මේ වගේ අයත් එක්‌ක තමයි වැඩ කරන්න වෙලා තියෙන්නේ.

ඇමතිතුමා කනගාටුවෙන් වුනත් තමන්ගේ නොදන්න කමත් පිලිගත්තා. මොන දේශපාලනඥයාද තමන් දන්නා විෂයය පථයක ඇමති තනතුරක් දරන්නේ. අපිට වැරදිලා තියෙන තවත් තැනක් එලියට පැන්නට මට නම් හිතේ ඇතිවුනේ සතුටක්. විදුලිය ගැන දන්න කෙනා ට යන්න කියලා නීතිය ගැන දන්න කෙනෙකුට විදුලිය භාර දුන්න රටක් මේක.

මේ ඇළේ, දොළේ, කුඹුරේ හැදුණු වැඩුණු මිනිහාට දොස්තර වැඩේ භාරදීලා පාලනය කරගන්න බැහැ කියලයි මේ මැසවිල්ල.ඉතින් ලෙඩ්ඩුන්ට ලඩ්ඩු හමුවුනාට පුදුම වෙන්න දෙයක් නැහැ.

අමාත්‍යාංශයේ ඉන්න ජනරාල්ලා අටදෙනා වගේම ‌ නියෝජ්‍ය ජනරාල්ලා පඳුරම කියන්නේ මේ වගේ කතාවක්.

සෞඛ්‍ය ඇමැතිතුමා - ඇමැති තනතුර ගත් දා පටන් අමාත්‍යාංශ නිලධාරීන්ට එරෙහිව කරන ප්‍රකාශ නිසා තමන්ට පාරේ බැස යැමට නොහැකි තත්ත්වයක්‌ ඇතිවෙලා. අප කලින් යොදාගත් වැඩසටහන් තිබුණා. අනෙක එදා ගාල්ල කරාපිටිය රෝහලේ තිබුණේ මුල්ගල් තැබීමේ උත්සවයක් .
අපිට දේශපාලකයන්ගේ පසුපස යන්න වුවමනාවක්‌ නෑ.

අපි වෛද්‍යවරු. වෘත්තියෙන් හොරකම් කරන පිං බතාලා ලෙසයි ඇමැතිවරයා අපව හඳුන්වන්නේ. ඇමැතිවරයා සෞඛ්‍ය විෂය භාර අරගෙන වසර හතරයි. මේ අවුරුදු හතර තිස්‌සෙම නිලධාරීන් හොරු කියමින් ඇමැතිවරයා චෝදනා කරනවා. ඒත් කාටද දඬුවම් දුන්නේ? වෛද්‍ය සැපයීම් අංශයේ ලිපිකරුවකු විතරක්‌ ගෙදර යෑව්වා. මේ අවුරුදු හතරටම කළේ එපමණයි වෛද්‍යවරු කියන හැටියට සද්දේ විතරයි තිබිලා තියෙන්නේ . වැඩක් වෙලා නෑ මේ අවුරුදු හතරටම.

වැරද්ද කොතනද කියලා හිතා ගන්න පුළුවන්නේ. හුණුවටයේ කතාවේ මෙහෙම තියෙනවා. “ දෙයක් වේ නම් හිමිවිය යුත්තේ සුදුස්සාටමැයි “ කියලා. දැන් කාලේ සුදුස්සනට හිමි වෙන්න දෙයක් ඉතිරි වෙලා නැහැ. පුස්සෝ සියල්ලම ඩැහැගෙන.වෛද්‍යවරුත් දේශපාලනඥ යනට එරෙහිව මෙහෙම කතා කරන එක ආදර්ශයට අරගෙන අනෙක් ක්‍ෂේත්‍රවල අයත් කෙලින් කතා කලොත් දේශපාලකඤයෝ නොදන්නා දෙමලෙට ගිහින් වරිගේ නසා නොගන්න කටයුතු කරාවි.

notes of imaginary

2014-08-26

ඉවසන්න බැරිම තැන



පෙරදා ලියු වියමනේ මත්පැන් වලට ඇබ්බැහිවුවන් වියපැහැදම් කරනා අකාරය පිලිබද සටහනක් කලෙමි. දවසේ අදායමෙන් දෙකෙන් කොටසකටත් වඩා වියදම් කරන සැමියන් බිරිදටත් දරුවන්ටත් යැපෙන්න නිවසට ගෙන යන්නේ තම ආදායමෙන් අඩකටත් වඩා අඩුවෙනි. බිරිදත් උපයන්නියක නම් යම් තරමකින් නිවසේ කටයුතු පිරිමසා ගන්නට හැකිවන අතර එසේ නොවුන විට නිවසේ නිර්මාණය වන්නේ අපායකි.

පසුගියදාක බිරිදක විසින් බීමත්ව නිදා ගත් තම සැමියා සමග නිදා සිට් ඇඳටත් ගිනි තබන ලද ප්‍රවෘත්තියක් පලවිය. මත්පැන් නොබොන යහ සිහියෙන් සිටින බිරිදකට දිනපතාම බීමත්ව නිවසට එන සැමියෙකු ඉවසිය නොහැක. ඒ පීඩනය හැමදාමත් දරාගත නොහැකිවු විට මේ බිරිද සැමියාත් සිරි යහනත් ගිණි තැබීය.

ඈ මේ බිහිසුණු කටයුත්තට ක්‍ෂණිකව පෙලබුනා විය නොහැක. මෙැවැනි කටයුත්තකදී අවසානයේ අත්වන ප්‍රතිපලය වන මිනීමැරුම් චෝදනාවට වරදකාරිය වී හිරේ තැපීමට සිදුවන බව දැන දැනත් “ ඉවසන්න බැරිම තැන ඈ සැමියා ගිණි තැබීය.“ යන්න සාධාණියකරනය කරන්නට අපට හැකිය.
ඈ මේ අවධානමට ලක් වන්නේ විද දරා ගත නොහැකි ආතතියකින් පෙළුන නිසාවෙන් විය හැක.

පසුගියදාක බඩල්කුඹුර අලුපොත බලකොටුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු හයක්‌ වයසැති දැරියක ඇයගේ එකොළොස්‌ හැවිරිදි සහෝදරිය විසින් පිහියෙන් ඇනීම නිසා මියගියාය. මෙයත් පසුගිය සතියේ අසන්න ලැබුන “ඉවසන්න බැරිම තැන“ ප්‍රවෘත්තියක් විය.
මියගිය දැරියගේ පියාත් මවත් දෙදෙනාම දෙවන වරට විවාහ කර ගත් අය වුහ. පළමු විවාහයෙන් දෙදෙනාටම දරුවෝ සිටියේය. දෙවැනි විවාහයෙන්ද ඔවුන්ට දියණියන් දෙදෙනකු සිටින අතර දහතුන් හැවිරිදි හා සය හැවිරිදි එම දියණියෝ දෙදෙනා ගේ මව මැදපෙරදිග ගෘහ සේවිකාවක ලෙස සේවය කොට මීට මාස තුනකට පමණ ඉහතදී මෙරටට පැමිණ ඇත.

ලබන සතියේ නැවත වරක්‌ ඇය මැදපෙරදිග සේවයට යැමට සූදානම්ව සිට ඇත.වැඩිමහල් දැරියගේ පාසල් ගමන ද ඇනහිට ඇත්තේ මව විදේශගත වීම නිසාවෙනි. තම නැඟනිය කුඩා කාලයේ සිටම රැකබලාගෙන ඇත්තේ අක්‌කා විසිනි. එපමණක්‌ ද නොව ඉවුම් පිහුම් ඇතුළු නිවසේ සියලු කටයුතු කර ඇත්තේ ද ඇය විසිනි. ඇය අම්මා නැවත විදේශගතවීම පිළිබඳව කැමැත්තක්‌ දක්‌වා ද නැත.ඇය නංගීව නිවස පිටුපසට කැඳවාගෙන ගොස්‌ පිහියෙන් යටි බඩට ඇන්නේ මේ දුක් කන්දරාව උහුලා ගෙන තවත් දවස ගෙවන්නට බැරි නිසා වෙන් විය යුතුය.

අවුරුදු එකොළහ යනු තුන් වේලට උයමින්, ළමයින් බලා ගනිමින් ගෙදරක වැඩිහිටි භූමිකාවක් රගපාන වයසක්‌ නොව සෙල්ලම් වයසකි. ඇය නංගිට පිහියෙන් අනින්නට ඇත්තේ අම්මා නැවත පිටරට යැමට එරෙහිව ඇය තුළ හටගත් විරෝධාකල්පය හෙළිදරව් කිරීම සඳහා විය යුතුය.

ඈ පීඩනයට පත් කල ආතතිය අසරණ නංගී හරහා මුදා හැරියේය. ඒ සිගිත්තිය අකාලයේ මියගියාය. මෙහි වැරද්ද කර ඇත්තේ දෙමාපියන් මිස නංගී ට පිහියෙන් ඇන්න අක්කා නොවන බව ඇත්ත වුවත් නීතිය හමුවේ දඩුකදේ වැටෙන්නේ අසරන අක්කාය.

සමාජයේ පැවත්ම ඉතා සංකීර්ණය. සියලුම දෙනාගේම හිත් පීඩනයට පත්ව දූෂණයවී ඇත. පීඩාවට පත්ව ඇත. අප රටේ අතලොස්සකට හැරෙන්න බහුතරයකගේ ආර්ථිකය දිළිදුය. මේ දිළදු බව තිබෙන තුරු අපට මෙවැනි සිද්ධීන දිනෙන් දින වැඩියෙන් අසන්නට සිදුවනු ඇත. මෙයට පිළියම් සොයන්නට නම් අපි පලමුව අපේ ආර්ථික විමුක්තිය සොයා යායුතුය. ඒ ගමන් අපේ අතීතයේ අපේ පැවතුම් රටා සොයා යා යුතුය.

ආර්ථික විමුක්තිය සොයා වැලි කතරක සිට දැලි වලං සෝදන “ රට විරුවන් “ නොවී මේ රටේ ජීවත් වෙමින් මේ රටේ නිෂ්පාදනය තර කරමින් නැගී සිටින විරුවන් බිහි විය යුතුය.




notes of imaginary

2014-08-25

සිත් පාලනය කරගත නොහැකිද ?


හිරු නැගෙන පැය ගෙවී පෑ දෙක තුනක  සිට  අදුර තුල ගිලි  ඝණ අදුර ගලා එන පැය තෙක් ප්‍රශ්න හා ගැටළු වලින් පිරී ඇති  පරිසරයක මා කල් ගෙවන බව මට සිතෙන්නට විය.  
මට  දිනපතා හමුවන මේ මිනිසුන් කෙනෙක් බේබද්දන් යයි හැදුන්වුවත් , සියල්ලෝම බේබද්දන් යයි මට එකගවිය නොහැකිවේ.

 Bed tea එකද  නොගෙන දිව ගෙන එන නිමල් රුපියල් හැටක අති විශේෂ මිලි 50කින් පටන් ගන්නා  Game  එක පැය භාගයෙන් පැය භාගයට හිරු අවරට ගිය හත අට වන විට  මිලි ලීටර් 600කට වඩා ගිල දමමින් අවසන් කරන්නේය.

මෝටර් කාර්මිකයෙකුවු නිමල් ගේ ආදායම අති විශේෂ සමාගමේ බැරට යොමු වී දරුවන් හාමතේ නිදන්නේය.බිරිද මැද පෙරදිගය. දරු දෙදෙනා ට පාසලේ නිතරම පැමිණිලිය. ගම්මුන් මේ දරු දෙදෙනාට අනුකම්පා කිරීමට නොහැකිව කම්පා වෙන්නේය.

තවත් කෙනෙක්  දිනපතා මිලි ලිටර් 475ක් ගනිමින් අහස පොලොව ගැටලමින් සිට  අදුර ගලන්නට ඔන්න මෙන්න කියා තිබියදී නිවස මතක් වී දෝ දඩි බිඩියේ දුවන්නේය. දිනපතාම සිදුවන මේ සිදුවීම නිරීක්‍ෂණය කරමින් සිට විවේකයක් ලද සෙනසුරාදාවක මිලි ලිටර් 475 හේ මේසයයේ පුටුවක් ඇද  ගනිමින් මමද වාඩිවී කතාවක ගිලෙන්න උත්සහා කලේය. ඔහුට ගැටළුවක් ඇතිවී ඇත.නිවසේ හුදකලාවී හිතන්නට ගියොත් ආතතිය ඉහල ගොස් නිවස අවුල් වී යන නිසා කාලය මුදල් සමග ගෙවා කා නිදන්නට නිවසට ගොඩ වෙන්න ඔහු කැමතිය. ඔහුගේ ආතතියේ මාසික වටිනාකම රුපියල් 620 * 30 ක් විට රුපියල් 18600/= කි.

තවත් කෙනෙක් සිටී හිටගෙනම මිලි ලීටර් දෙසීයක් ගිල දා ගනී.  ඔහු මට විශේෂ වුයේ වීදුරුව එක අතකින් අල්ලා ගත නොහී වෙවුලන දෑතින් බදා ගෙන එක හුස්මට වීදුරුව හිස් කරන නිසාවෙනි. පුංචි සිරුරුක් ඇති ඔහු මට සමාන කරන විට බෝතලයක උසවත් නැත්තෙකි. ඔහු මසකට වරක් ගෙදර යන  අනේවාසික රාජ්‍ය සේවකයෙකි. නේවාසිකයේ සිට ට්‍රයිසෝවකට එකසිය පනහක් ගෙවමින්  දිනකට රුපියල් 260/= බැගින් වියදම් කරන මේ වීර පුරුෂයාට දිනක ගානක් හදන්න දුනිමි. 

410/+ තිහෙන් වැඩි කර  12300/= * 12 වු විට වාර්ෂික වියදම රුපියල් ලක්‍ෂ 1. 5ට ආසන්න බව පෙන්වා දුනිමි. එදින මට සිනහවකින් සංග්‍රහ කර ආ ට්‍රයිෂෝවේම නැගී ඔහු අතුරුදහන් වුනි. 
නැවතත් පසුදා පස්වරුවේ ඔහුට නියමිත පැයේදී සිරිත් පරිදි  මට හමුවුනි.


මිනිස්සුන්ගේ හිත් පාලනය කර ගත නොහැකිද ?. 

notes of imaginary

2014-08-16

රැකගන්න ජීවිතය.


ලස්සනට ඉන්න කවුරුත් කැමතියි.මේ දවස් වල ලස්සන ගැන ගොඩක් කතාවෙන්නේ තම සුරූපිත්වය රැක ගන්න රූපලාවණ්‍යාගාරයකට ගිය වෛද්‍යවරියක් මල්ශාලාවකින් හැඩවැඩවී මිණී පෙට්ටියකින් ගෙදර යන්න සිද්ධවීමක් වාර්තා වීමෙන් මැවෙන ප්‍රවෘත්ති තුලින්.

මේ මරණය නොයෙක් රූපලාවන්‍ය පිලිබදව මතවාදයන් ගොඩනැගෙන්න පරිසරයක් ඇතිවී ඇත. කෙනෙක් රෑපලාවන්‍ය කිරීම හොදයි කියති. තවත් කෙනෙකුට නම් නොකටයුත්තකි.

බුදුන් වහන්සේට අනුව සියළු සංස්කාරයෝ අනිත්‍යයය.

උන්වහන්සේට අනුව “ මේ ශරීරය ජරාවත් මරණයත් මානයත් ගුණමකු බවත් ඔබ්බා (තුන්සියයක් ඇටකටු පිහිටුවා නවසීයයක් නහර මැදින් වෙළා) මස් හා ලේ ගල්වා කරන ලද නගරයකි“.

අට්ඨිනං නගරං කතං - මංසලෝහිත ලෙපනං
යත්ථ ජරා ච මච්චු ච - මානො මක්ඛො ච ඔහිතො
ධම්ම පදය ජරා වග්ගය.

සදාකාලික නොවු පංචස්කන්ධය දිරා යන විට මළකඩ කනවිට රූපලාවන්‍යාගාර වලට දිව යන අපේ ඇත්තෝ රසායණිකයන් උලා ගෙන එන්නත් කරගෙන දිරාපත් වෙන කොටස් මළ කෑ කොටස් පිලියම් කරන්නට වෙර දරති.
තරුණකලට දිලිසී දිලිසී ඇති පිටත ස්වරූපය මහළු වන්නට වන්නට හැකිලෙන්නටත් වියකෙන්නටත් පටන්ගනී. එය ස්‌වභාවධර්මයයි.

සිදුහත් කුමරා සතර පෙර නිමිති දැක ස්වභාව ධර්මය අවබෝධ කර ගැණීමෙන් ජීවිතය ජය ගත්තේ ය. එහෙත් එමග අවබෝධකර නොගැනිමෙන් අපි තවමත් සංසාරෙ අතරමංව සැරිසරමින් තවමත් දුක් විදින්නෝය.

අපි ස්වභාවධර්මයා ජය ගන්නට උත්සහා දරමින් සිටිමු . අපි අපේ මනස රවටා ගනිමින් සිටිමු. අප මේ කරන්නේ විගඩමයක් යයි අවබෝධ කරගැන්මට අකමැත්තෙන් සිටිමු. ජීවිතයේ දශක හතර පහ වන විට කොණ්ඩය සුදුවේ. එයට එරෙහිව කොණ්‌ඩය ඩයි කරන්නට පටන් ගනී. පොඩ්ඩ බැරිවුවහොත් අසාත්මිකතා ඇති වී මරණයට පත්වීමට සිදු වෙයි. දීර්ඝකාලීන ව පිලිකාකාරක හිසේ ගලවා ගනිමින් සිටි.

හමේ රැලි හැකිලෙන්නට රැලි වැටෙන්නට පටන් ගනී දිරන්නට පටන් ගනී එවිට, විවිධාකාර ආලේපන යොදයි. ප්ලාස්ටික් සැත්කම්වලට යොමුවෙයි. ඩිංග එහාමෙහා වන විට 'ඇන්ටිබයිටික්‌' විස වී මිය යන්නට සිදු වෙයි. බඩ මහත්වී නෙරා එනවිට උදරය වටා තිබෙන තෙල් තට්‌ටුව ඉවත් කරන Lipo Suction වැනි සැත්කම් කර ගැණිමට යොමුවෙයි.තම පරම්පරාවේ පසුබිමේ මෙවැනි ස්වරූපයේ අය සිටියේදැයි නොවිමසයි. එවැනි සැත්කමක් කරනවිට දරන්නට සිදුවන වේදනාව කොයිතරම් අමිහිරිදැයි දන්නේ කරගත්තෝ පමනි.
ජීවිතයත් වානිජ කරණය වී තිබේ. මරණයද තීරණය කරනුයේ වෙළදපලින් ගලා එන ප්‍රචාරණයෙනි. ප්‍රචාරණය අපේ ජීවණරටාවම ගිලගෙන ඇත්තේ මකරෙකු පරිද්දෙනි. අප ගිල ගෙන ගිණිදැල් පිට කරමින් මකරා ඉදිරියට ඇදේ.



ඉඩ දෙන්න ස්‌වභාව ධර්මයට - රැකගන්න ජීවිතය.




notes of imaginary

2014-07-23

සදාකාලික නොවු ලෝකයේ...........




තක්කාලි ගෙඩිය මොකද කරන්නේ ?
මම රාබු අලෙත් එක්ක අද  ඉන්නම්.
තක්කාලි ගෙඩිය යන්න.
මට විරෝධයක්  නොදක්වාම  උදෙන්ම අර්තාපල් අලේ ගමන් බලපත්‍රය  නිකුත් කලේය.
වෙනදා මාත් සමගම පෙර ගමන් යන්න සුදානම් වන  අර්තාපල් අලයට  අද ආත්තම්මාත් එක්ක  ප්ලාස්ටික් කෑලි ටිකක්  ඒකතුකරමින්  කෝච්චියක් හදන්න  අදහසක් පහල වී ඇත..
තවත් දවසක අර්තාපල් අලයක් නොවන සීයා කන්ටේනර් එකක් බවට පත්වන්නේය. එදාට   පුතා නිල් පාට ට්‍රේන් එකක් බවට පත්වන්නේය.
මමත් පුංචි එකාගෙන් මිදී සුපුරුදු කටයුතු  සදහා යොමු වුවත්  අපි දෙදෙනා අතර තහවුරු වී ඇති සෙනෙහසේ බැදීමෙන්  ඇතිවන සිතිවිල්ලෙන් නම් නිදහස් වන්නට නොහැකිය.

වැඩිහිටියන් ගේ ලෝකය වෙනස්ය. රළුය .
පුංචි එකාගේ ලෝකය සුන්දරය .සියුමැලිය.

සෙනහස කාලෙයන් කාලයට අප බැද ගන්නේ  විවිධ ස්වරූපෙයන් යයි මගේ සිත කියන්නට විය.  ජීවිතයට හමුවු  විවිධාකාර  අදුරු  මෙන්ම සොදුරු සෙවනැලි  වලින් මිදී  ජීවිතය ගීතවත් කල කුඩුම්භයේ  සෙනෙහස තුල පැල පදියම් විය.  වර්තමානයට වන විට පුංචි මුණුපුරා  සීයාගේ සෙනෙහසේ    ප්‍රමුඛත්වය  දිනා ගෙන ඇත. 
අතීතයත් වර්තමානයත් යා කරමින් ගලපන සිතට එක් තැනක සිරවු සෙනෙහසේ එක් කතාන්දරයක්  සුනිල් එදිරිසිංහගේ හඩින්  අවදිවී ගලා යන්නට විය.

සදාකාලික ලෝකයේ - සදාකාලික ප්‍රේමයක්
සොයා  නෙක ගම් දනව් පීරා ගෙවු කාලය සිහිනයක්

මගේ දුක දැක - ඔබේ දෙනයන  - උපන් කදුලින් සේදිලා //
ඔබේ වත නොව - ඔබේ හදවත - පුරා සදසේ පෑදිලා.

සදාකාලික ලෝකයේ - සදාකාලික ප්‍රේමයක්
සොයා  නෙක ගම් දනව් පීරා ගෙවු කාලය සිහිනයක්

එදා ලග සිට - දුටුව ඔබ නොව
මෙදා දුර සිට -මා දකින්නේ

සදාකාලික නොවු ලෝකයේ
සදා කෙලෙසද පෙම් බදින්නේ ?

වයසින් මුහුකුරා යන විට බාල තරුන වියේදී කල කී දෑ තක්සේරු වන්නේ සුනිලුන් ගයනා ලෙසින්
යයි මම තේරුම් ගනිමි.
එදා ලග සිට - දුටුව ඔබ නොව - මෙදා දුර සිට -මා දකින්නේ
මම මගේ බාලයින්ට අතීතය  කියමි.

එහෙත් මගේ බාලයන්
සදාකාලික ලෝකයේ - සදාකාලික ප්‍රේමයක් සොයා  නෙක ගම් දනව් පීරමින් කාලය  ගෙවීමින් සිටිති.

මෙය නිස්සාර කටයුත්තක්යයි මම පහදා දුන්නද ඔවුන් ඒ බව පිලි නොගනී. 
කාලය ගතවී ඔවුන්ද මා තරමට මුහුකුරා යන තෙක්
සදාකාලික නොවු ලෝකයේ -සදා කෙලෙසද පෙම් බදින්නේ ?
යන්න තේරුම් නොගන්නවා ඇත.

මම සිතිවිලි දැහැණින් මිදී ජීවිතයේ ස්වරූපය මෙයයි සුසුමකින් සහැල්ලුවට පත්විය.





notes of imaginary

2014-07-16

මාතෘකාවක් නැත.


පසුගිය සති අන්තය අප ප්‍රදේශය හරහා හමාගිය  හුලග තදබල ලෙස  අපට  පීඩා කලේය. ඌව සබරගමුව මායිමේ පිහිටි සබරගමුවේ ගම් දෙක තුනකට තද බල හාණි සිදුවී ගම්වාසීන් පාසල් සහ පන්සල් වල සරනාගතයන් බවට පත්විය. මේ අතර ඌව පලාත් සභාව  පසුගිය සති අන්තයේ  විසුරුවා හැරියේය. සුලග නිසා පීඩාවට පත්වු ජනතාව “ අනේ අපි ඌව පලාත් සභාවට අයිති වුනේ නෑහැනේ ” කියමින්  කම්පාවට පත් වෙමින් සිටින්නීය.
මේ ගම්වාසීන් ඌව පලාත් සභාවට අයිතිවූවානම් අදවන විට තම ගෙවල් දොරවල් පිලිසකර කර ගණිමින් සුලගට කලින් සිටියාටත් වඩා යහපත් ජීවිතයක් අරම්භ කර සිටිනවාට සැක නැත. ඒ අපේ රටේ හැටිය.

මීදුමගේ දවස වෙනස් වුවාට පසු චරිත කිහිපයක් හදුන්වා දුන්නා මතක ඇත. සාජ් සහ විශ්‍රාමික සංගමය සමග ගිය පසුගිය සතිය ගතකර මේ  සති අන්තයේ දේශපාලන සුලි හුලගට පහත්වු කණ්ඩායමක කතා බහකට වරින් වර ඇහුම් කම්දී සිටිමට මීදුමට හැකිවිය. 

මොවුන් වේදිකාවේ විවිධ දේශපාලන කණ්ඩායම් වලට “ චු බර හැදෙන තුරු බෙරිහන් දුන්නත් “ එකම මේසේ ගල් බෝතලය අන්තිම බිංදුව දක්වා සකසුරුවමින් සහ සහෝගයෙන් බෙදා ගැණිමට රුසියෝය.

සර්, මේ මිනිස්සුන්ට වැඩි වුනාම මොනවයින් මොනවා වෙයිද ?. ඊයේ පෙරේදා සේවයට එක්වු සිරිපාලගේ විමතිය මා වෙත විසි කර බලාසිටින්නේය. මම “කලබලයක් නොකර බිල ගැන විතරක් බලමු “ යයි නිහඩ වීය.

සිරිපාලට මේ කණ්ඩායම අමුත්තක් වුනත් මේ කණ්ඩායමට මෙය පුරුද්දක්ය. 

එක දෙක වදින විට දේශපාලන විග්‍රහයකට  මුල පුරන හඩ කරන කතා බහින් මම ඇහිද ගත්තේය. “ විමලවංශ මහත්තයා” ගේ කඩහඩ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය වෙනුවෙන් බව මම තේරුම් ගත්‍තාය. 

2009 වන විට අපේ ලොක්කාට පක්‍ෂයක්‌ වත් තිබුණේ නැහැනේ . ලොක්කගේ වාහනේ රෝද හතර එකක් එ.ජා.ප., අනික ජ.වි.පෙ.,  ඉතිරි දෙක දෙමළ සන්ධානයයි , මුස්‌ලිම් කොංග්‍රසයයි. ඒත් ජනාධිපතිවරණයේදී ලස්සනට වැඩේ ගියානේ ?.

අතුකෝරල පලා බබෙකුගේ ලේකම් වරයෙකි. වයස අවුරුදු හැටට ආසන්න ඔහු ජීවිත කාලයටම කර ඇති රැකියාව දේශපාලන අම්බරුවන්ට කඩේ යාමය. වාසනාවට එජාපය කාලෙකින් බලයට පත් නොවු නිසා අතමිට සරුය. ඇස් රතු ලොවි ගෙඩි දෙකක් තරමට නෙරා පොලොවේ කෙලින් හිට ගන්න බැරිවුනත් නිවසට යාමට  දක්‍ෂය.

ඒ වුනත් විමලේ ,   මහ ඡණ්දෙට එනකොට රෝද හතරෙන් තුනක්ම ගැලවිලා සීනුව මාක් එක විතරයි නේ ඉතිරිවුනේ ?. ඒකත් ඡන්දෙන් පස්සේ ගැලවිලා ගියානේ ?
විමලේ පසු බාන්නේ නැත “ ඩ්‍රයිවර් විතරක් ඉතිරි වෙලා රටේ තුන්වෙනි බලවේගය වුනා. ඔය සෙල්ලම කාටද කරන්න පුළුවන් ?”

ජ.වි.පෙ. යට රට පුරා පැතුරුන සංවිධාණ ජාලයක් ඇත . අදත් එක් රැයකින් එකම ෆෝස්ටරය  රට පුරා ඇලවෙන්නේය. මේ තරම් වන සංවිධාන ජාලයක්‌ සහ  අතීතයක්‌  ජවිපෙය සතුය.

එහෙත්  ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයට  එවැනි අතීතයක් හෝ රට පුරා විසිරී සිටින පාක්‍ෂික පිරිසක් නැත.   රටේ තුන්වන බලවේගය බවට පත්ව සිටි ජවිපෙය අභිබවා ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය  ඉදිරියට යාම වෙනදා ජවිපෙට තිබෙන වටිනාකම  ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය සතුවීම මෙහිදී වැදගත් දේශපාලන රික්තයක් ඇතිවී ඇති බවට මගේ මනසේ තක්සේරු විය. 

notes of imaginary

2014-07-10

ජාත්‍යන්තර පාසල් .




ගුරුවරයෙක් විදුහල් පතිවරයෙක් සහ අධ්‍යාපන මාණ්ඩලික නිලධාරියෙක්ව සේවය කල දිසානායක මහත්තයා මට හමුවෙන්නේ මාසෙකට වරකි. අද එතුමාගේ විශ්‍රාම වැටුප් දවස. ලගම තියෙන තැපල් කන්තෝරුවෙන් විශ්‍රාම වැටුප ගන්න පුළුවන් උනත් ,කිලෝ මීටර් 15ක් විතර දුර ගෙවලා නගරයේ බැංකුවකින් තමයි එතුමා තම විශ්‍රාම වැටුප ගන්නේ.

එදාට එකට එකතු වෙන දහයක දොලහක සෙට් එකක් ඉන්නවා. මේ කට්ටිය රජයේ විවිධ තනතුරු දරාපු උදවිය. එයාලටත් ලගපාතින් විශ්‍රාම වැටුප ගන්න පුළුවන් උනත් නගරයට එක් දිනකදී එකතුවන්න සම්මුතියක් අරගෙන තියෙනවා.

විශ්‍රාම වැටුප අරගෙන දරු මුණුපුරන්ට අඩුම කුඩුම පොදි ගහගෙන මේ සෙට් එක දවසේ අවසාන ප්‍රෝග්‍රෑම් එකට විවේක තැනක් තෝරා ගෙන තියෙනවා. පස්වරු එකට විතර සෙට් වෙන මේ කන්ඩායම හතරට පහට ගන්න ලන්ච් එකෙන් දවස එවර කරලා විසිර යනවා.
මේ වැදගත් තලතුනා මහත්තුරු කණ්ඩායම මේ මාසේ මුල් අගහරුවාදා මට මුණගැහුනා.

මෙයාලා නිත්‍යවම මාසිකව එක් රැස්වන සංගමයක සාමාජිකයෝ පිරිසක් නිසා බිස්නස් ප්‍රොමෝෂන් එකක් විදියට දීමනාවක් දීලා තියෙනවා !.. මෙතුමන්ලා vat එකෙන් සහ service charge එකෙන් නිදහස් කරලා ආහාර පාන සදහා පමනක් බිල් පත ගණනය කරගන්න විශේෂ පහසුකම් ඇති කරලා තියෙන්නේ වෙනත් තැනකට සෙට් වෙන එක වලක්වා ගන්න .

දිසානායක මහත්තයාගේ බුද්ධි මණ්ඩලයේ අද සාකච්ඡාවට යොමු වෙලා තියෙන්නේ ජාත්‍යාන්තර පාසල් .

දිසානායක මහත්තයා වාමාංශික අදහස් තදින්ම වැලදගත් දේශපාලන පක්‍ෂයක් බදා නොගත් චරිතයක්. දිසානායක මහත්තයාගේ කෝණයෙන් වාමාංශික පක්‍ෂවුනත් තදින්ම විවේචණය කරනවා. 1970 -1977 සංවෟත ආර්ථිකය කුඩු පට්ටම් කරලා 1977 විවෘත ආර්ථිකය උපදිනවා. 1977 විවෘත ආර්ථිකයෙන් හැම රෙද්දම විවෘත වෙනවා. දිසානායක මහත්තයාගේ උස් හඩ දේශපාලන වේදිකාවක වගේ නැගිලා ඇහෙනවා.

මම එහාට මෙහාට දුවන තිලකසිරිගෙන් “පටන් ගත්ත ගමන්ම වැදිලාද කියලා අහනවා” . “නෑ සර් ගැම්ම ගන්නවා “ වේටර් තිලකසිරි හිනහා වෙනවා.
“ඔව් ! ඔව් !! අධ්‍යාපනයත් විවෘත වුනා. ජාත්‍යන්තර පාසල් ඇරිලා.” කන්ඩායමේ කෙනෙක් විවෘත ආර්ථික මාතෘකාව - මාතෘකාවේ එක් කොටසක්වන අධ්‍යාපනය පැත්තට හැරෙව්වා.
බලන්න මාතුපාල මහත්තයා, අපේ කාලේ ඉදන් රජයේ පාසල්, පෞද්ගලික පාසල්, ක්‍රිස්‌තියානි පාසල්, ඉස්‌ලාමීය පාසල්, හින්දු පාසල් කියලා පාසල් තිබුනා. මේවා ව්‍යාපාර නෙමෙයි.
ජාත්‍යන්තර පාසල් කියන්නේ කඩනේ !. සිරිපාල මහත්තයාගේ හඩට
“මේවයේ කිසිම කිසිම ප්‍රමිතියක් නැහැ සිරිපාල මහත්තයෝ “පිලිතුර මාතුපාල මහත්තයාගෙන්ය.
මේ පාසල්වලට ප්‍රමිතියක්‌ හඳුන්වා දීමට කාටවත් උනන්දුවක්‌ නැහැනේ . තවත් හඩකි.

ප්‍රාදේශීය ලේකම් කාර්යලයෙන් විශ්‍රාමික එදිරිසිංහ මහත්තයා කියන්නේ ‘ පුංචි වැඩක්නේ ජාත්‍යන්තර පාසලක් ලියාපදිංචි කරන එක කඩ කාමරයක්‌ කුලියට ගන්නවා. ඒකට ඩෙස්‌ බංකු විසිපහක් තිහක් දානවා සමාගම ලියාපදිංචි කිරීමේ නීතිය යටතේ "අධ්‍යාපන සේවාවක්‌" ලෙස ලියාපදිංචි කරනවා ඔන්න ජාත්‍යන්තර පාසලක් !.

මේ නීතිය යටතේ අපේ රටේ පවතින සියළුම ලොකු කුඩා ව්‍යාපාර පවත්වා ගෙන යන බව මගේ මතකයට එයි.

ජාත්‍යන්තර පාසල් වැඩි හරියක සුදුසුකම් ලත් ගුරුවරුන් නැත. රජයේ පාසල්වල මෙන් ගුරුවරුන් පුහුණුකිරීමේ ක්‍රමවේදයක් නැත . ජාත්‍යන්තර පාසල් මේ රටේ විවෘත කර දශක හතරකට ආසන්න වුවත් රජයේ අවධානය අධ්‍යාපන කෝනයකින් ජාත්‍යන්තර පාසල් දෙස යොමු වී නැත .ඒ
වා ව්‍යාපාරය.
මේ කතාබහට අහමින් සිටින විට මට සිහිපත් විය.

මේ වියපත් සංගමය ලබන මාසේත් විශ්‍රාම දිනයට එක්වනු ඇත පුංචි සාදයක් සමග කාලීන ප්‍රශ්නයක් විසදන්න උත්සහා කර සතුටින් විසිර යනු ඇත . ඒකාකාරී ජීවිතයට විශ්‍රාම වැටුප් දා සිසිලක් පවනක් වෙන්න සෙවනක් වීම මටද සතුටක් වනු ඇත.

notes of imaginary

ආදරයට දේශ සීමා , ජාති බේද නෑ



මොකද මහත්තයා අව්වට වෙලා? පාන්දර අව්ව තපින මගෙන් අහගෙන සාජ් පාන්දරින්ම ගොඩවුනේ උගුර තෙමා ගෙන යන්න නෙමෙයි කියලා මට හිතුනා.

සාජන්ට් මහත්තයා කුකුලත් කිහිල්ලේ ගහගෙනම ..............?. මම පාන්දරින්ම ආපු කාරනේ ගොඩ ගන්න ප්‍රශ්නයක් ඇහුවා
මහත්තයා...................................... අපේ ලොකු මහත්තෙක් එනවා. අපි ඔබතුමා ගෙන් එතුමාට නවාතැන් බලාපොරොත්තු වෙනවා. මේවා ඉතින් පොලිස් පොඩ්ඩන්ට අයිති රාජකාරිනේ .
රාජකාරි දුක්ගැනවිල්ලකුත් අමුනන ගමන් මාතෘකාවට බහින සාජ් අපිට බිලක් දානවා.

ව්‍යාපාරික සිතිවිල්ල දිය කර අරින මම අන්‍යනෝන්‍ය සහයෝගය සිහිපත් කරලා නවාතැන් පහසුකම් වෙන් කරන්න එකග වෙනවා.

සාජ්ට ආපහු රාජකාරියට යන්න ඒ තරම් හදිස්සියක් නැහැ වගේ . ලොකු මහත්තෙකුගේ පහසුකම් සපයන්න නේ ඇවිත් තියෙන්නේ . පාන්දර නිසා මම තේ එකක් බොන්න ආරධනා කරනවා. දෙන්නාත් එක්ක තේ බොන අතර අවුරුදු දෙක තුනකට ඉස්සර පරණ සිද්ධියක්. සාජ්ට මතක් වෙනවා
මහත්තයට මතකද අර බදුල්ලේ ‍ජෝඩුවකට කාමරයක් දීලා ඔළුවට කඩාගත්ත මරාලේ ?. අපොයි ඔව්.
සර්වන්ට් ගර්ල් කෙනෙක් ගෙදර එක්කර ගෙන යන කොට ....................
ආන්න හරි.
සාජන්ට් මහත්තයා අතීත සිදුවීම තහවුරු කරනවා.
මතක තිබුනට විතරක් බැහැනේ සාජන්ට් මහත්තයාට මතක තියෙන විදියට කතාව අළුත් කරමුකෝ මම යෝජනා කරනවා.
කාරයක් වාහන අංගනයේ නතර කරලා පිලිගැණිමේ කවුන්ටරයට ජෝඩුවක් එනවා. නවාතැන් පහසුකම් ඉල්ලා ගෙන .
පිලිගැණිමේ කවුන්ටරයේ හිටියේ ගුණපාල හැදුනුම් පත් දෙක ඉල්ලා ගෙන, අමුත්තන්ගේ පොතේ අත්සන අරගෙන නවාතැන් පහසුකම් සලස්සනවා. එයා අවධාණය යොමු කරලා තිබුනේ ජෝඩුවගේ වයස ගැන විතරයි.
මහත්තයා සිංහල - නෝනා වතු ද්‍රවිඩ !.
කිසියම් සැකයක් මේ විශේෂත්‍වය ගැන ඇතිවන ගුණපාල හැදුනුම් පත් දෙක මට යොමු කරනවා.
ආදරයට දේශ සීමා , ජාති බේද නෑනේ ගුනේ ............................මේකත් ජනවාර්ගික ප්‍රශ්ණයට හොද විසදුමක් ..........සැහැල්ලු උත්තරයකින් සනසලා හැදුනුම් පත් දෙක යලිත් ගුණපාල අතට දෙනවා.
පැයක්විතර ගතවෙන්න ඇති කාමරේ බාර අසේල දුවගෙන එනවා.
හරි වැඩේ නේ මහත්තයා ....... අර කාමරේ ඉන්න නෝනා දොර ගාවට වෙලා විලාප දෙනවා මොන ලෙඩක්ද දන්නේ නෑ...............මහත්තයා පොඩ්ඩක් බලන්නකෝ . අසේල කියනවා.
කාමරේ ලගට ගිය මම මහත්තයා ගැන විපරම් කරනවා. මහත්තයා කාමරයෙන් බැහැර වෙලා උද්‍යානයේ ටිකක් ඈතට ගිහින් එහාට මෙහාට සක්මන් කරනවා. එකක් හැරෙන්න තව එකක් සිගරට් දල්වනවා.
අසේල මේක ගෙදර ප්‍රශ්නයක් වෙන්න ඇති . ඒ ගොල්ල විසදා ගනියි. අපි මොනාවටද ඇගිලි ගහන්නේ ?
නෑ නෑ මහත්තයා මේක එහෙම එකක් නම් නෙවෙයි . මට නම් ෂුවර් මේක නම් එහෙම එකක් නම් නෙවෙයි අසේලගේ ඉව වචනයට නගනවා.
හරි අපි එහෙනම් කතා කරලා බලමු.
මම කාමරය දොර ලග ඉකි බිදින නෝනා හා කතා කරන්න එකග වෙනවා.
නෝනා ගේ කතාව මේ වගේ එකක්.
ඈ මේ මහත්තයාගේ ගෙදර අත් උදව්වට කොළඹ එක්කර ගෙන යනවා ඒ යන ගමන් තේ එකක් බොන්න හෝටලයට යමු කියලා ගොඩ වෙනවා.
ඉන් පස්සේ මහත්තයා යෝජනා කරලා හවස් වුන නිසා වාහනේ දුර පදවන්න අකමැතියි අපි මෙහෙ නතර වෙලා උදේ යමු කියලා.

වෙලාව පස්වරු අටට ඇති.
මම තීරණයක් ගත යුතුයි අසරන‍ වෙලා ඉන්න මේ යුවතිය ගැන.
කාර්යාලයට ගිය මම සාජ් කැදවලා පණිවිඩයක් දෙනවා. හරි මහත්තයා විනාඩි දහයෙන් මම එනවා. මට හිතට අස්වැසිල්ලක් සපයනවා. කාන්තා පොලිස් නිළදාරිණියක් එක්ක එන සාජ්ට ප්‍රශ්නේ බාර දීලා මම අහගෙන ඉන්නවා.
මගේ වාසනාවට සාජ් එනතුරුත් මහත්තයා උද්‍යාන කෙලවරක එහාට මෙහාට සක්මන් කරනවා.
සාජ් මහත්තයා කැදවාගෙන විත් ප්‍රශ්න කරනවා. මහත්තයා එකග වෙනවා වැරද්දක් කරන්න සැලසුම් කලා කියලා . යුවතිය සියල්ල වමාරා තමන්ට හිරිහැරයක් නොවු බව තහවුරු කරනවා. ඈ රැකවරණයක් ඇති බව දැනී සැනසුම් සුසුමක් හෙලනවා.

දැන් සාජ්ගේ නීතිය හා මනුෂ්‍යත්‍වය දෙපැත්තට දෝලනය වනවා.

මහත්තයා අත් අත්අඩංගුවට පත්කර අධිකරණයට ඉදිරිපත් කලොත් දෙදරු මවක් සහ පියෙකුගේ අනාගතය ? විමසිල්ලට ලක්වෙනවා.
යුවතිය තම ආරක්‍ෂාව සැලසුන බැවින් මේ සිද්ධිය අමතක කිරීමට එකග වෙනවා.

දැන් වෙලාව පස්වරු දහයට ඇති.
අපේ දෛණික සේවා අවසන් කරන සේවක මහත්වරු විදුලි පහන් විසංදි කරගෙන ඇවිත් අපි රැදී ඉන්නා කොටස පමනක් ඉතිරි කරගෙන බලා ඉන්නවා. උදේ ඉදන් බැදි බැමි වලින් නිදහස් වෙලා දවසේ විඩාව නිමා ලන්න.
සාජ් මට ප්‍රශ්ණයක් ඉතිරි කරලා ?
මේ යුවතියගේ නවාතැන් පහසුකම් හෙට උදේ වනතුරු සැපයීම පිලිබදව. දැනටමත් ඇගේ පියා හා ඈ සම්බන්‍ධ වෙලා පසුදා උදේ කැදවා ගෙන යාමට පැමිණෙන බවට.
අපේ බිල්පත් පියවා දැමු හදිසියේ ප්‍රේමයක් හට ගත් මහත්මයාව සාජ් පොලිසියට කැදවා ගෙන ගියේ එතුමගේම වාහනයෙන්.පොලිස් වාහනය ආරක්‍ෂාව ට වගේ පිටුපසින් යනවා. මම ආලින්දයේ ඉදන් බලා හිටියා.
නීතියත් මනුෂ්‍යත්‍වයත් දෙකම බේරා ගන්න සාජ් උනන්දු වෙන්න ඇති.

notes of imaginary

2014-07-01

ලන්ච් ටයිම් කතාවක්.



විශ්‍රාමිකයෙක් වගේ මුණුපුරත් එක්ක ගත කල දවසේ කාල සටහන වෙනස් වුනා. අවුරුදු තුනකට විතර පස්සේ කරමින් සිටි සේවා කටයුතු සදහා නැවතත් එකතු වුනා .ඒ නිසා දැන් මම විශ්‍රාමිකයෙක් නෙමෙයි. දැන් මගේ පැරණි සේවාදායකයෝ එක්කෙනා දෙන්නා නැවත මුණ ගැහෙන්න පටන් අරන් . පලමු දිනදීම හමුවුන සේවාදායකයෙක් මට දීලා තියෙන්නේ බාල්දියක්. ඒකෙන් මට වුනේ හොදට නාගන්න. සාජන්ට් මහත්තය (සාජ් ) දැන් මට නිතර නිතර හමුවෙන එක්කෙනෙක්.

සමහර විවේක කාලයේදී එයාගේ කතාවලට ඇහුම්කන් දෙන එකත් පුරුද්දක් වෙලා. ඒකට එක් හේතුවක් වෙන්නේ සාජ් පැමිනෙන “ ලන්ච් ටයිම් “ එක බොහෝ වෙලාවල් ම‍ටත් ටිකක් විවේක වෙලාවක්. සාජ් එක එක කතා කියනවා.
ඊයෙත් අදත් කතා දෙක ගම්මිරිස් හොරු තුන්දෙනෙක් අල්ලා ගත්ත හැටිත්. අනවසර මත්පැන් වැටලීමක් ගැනත් ඒ ගමන් කීවා.

අනවසර මත්පැන් වැටලීම් සුරා බදු දෙපාර්තමේන්තුවත් කරනවා. පොලිසියත් කරනවා. ආයාතන කාර්ය මණ්ඩල වෙනස් වීමත් සමගම කරන මේ වැටලීම් මාසයක් දෙකක් යන කොට අධිකරණ දඩ වෙනුවට මාස්පතා බදු මුදල් ගෙවීමක් බවට පත්වෙලා සාමාන්‍යකයකරණය වෙනවා. දෙපාර්ශවය හදුනා ගත්තම වැටලීම් ඕන වෙන්නේ නෑ. අනවසර මත්පැන් ස්කාගාර වලටත් තම නිෂ්පාදන අවහිරයකින් තොරව නිෂ්පාදනය කරගෙන යා හැකි තත්වයක් ඇතිවනවා. මේ දෙගොල්ල ගැනම මට අවබෝධයක් තිබෙන නිසා අමුත්තක් ඇති වික්‍රමයක් නැහැ.

මේ දිනවල ගම්මිරිස් වෙළදපලේ කිලොව රු 1180/= විතරත් අමු ගම්මිරිස් කිලෝව රු. 360/= විතර තොග වෙළද පලේ අලවි වෙනවා. ඉතින් අමු ගම්මිරිස් වතුවලින් හොරෙන් නෙලා ගැණීමත් පලදායි කාර්යයක්. සාජ්ගේ පොලිස් පොතේ සටහන් වෙනවා හොරෙන් ගම්මිරිස් නෙලා ගෙන ගියා කියන පැමිණිලි කිහිපයක්. කතාව ආරම්භ වන්නේ එහෙමයි.

අද කෑම විවේකයට පොඩ්ඩක් රත්වෙලා යන්න හුටු හුටු දඩුකජ්ජට නගින සාජ්ට මෙට්ට විකුණන්න යන බට්ටෙක් ( කුඩා ලොරියක් ) මුණ ගැහෙනවා . අහම්බෙන් මුණ ගැහෙන බට්ට ලොරිය පරීක්ෂා කරන්න ඕනි කියලා සාජ්ජට අදහසක් පහලවෙනවා. සාජ් කෑමට පෙර එන කාරෙනටත් පොඩි වියදමක් යනවනේ.

සාජ්ට අමු ගම්මිරිස් ගෝණි කිහිපයක් මෙට්ට ලොරිය තුලදී හමුවෙනවා. පොලිස් පොතේ තියෙන පැමිණිලි කිහිපයත් මතකයට එනවා. ‍ලොරියේ හිටපු තුන් දෙනා පොලිස් භාරයට අරගෙන සාජ් බට්ටා ලොරිය පොලිසියට ගෙනියනවා. සාජ්ගේ අරමුන කෑමට පෙර රාජකාරිය නිම කරන්න. දෙපැත්තෙන් කොයිපැත්තකින් හරි සාජ් ගොඩ යනවා කියලා දන්නවා.
පැමිණිලි දාලා හිටපු ‍කිහිපදෙනා කැන්දා ගෙන එන්න වහාම රාජකාරි ගමනක් පිටත් වුන සාජ් මුණ ගැහෙන්නේ පැමිණිලි කාරයනුත් සමග පොලිසියට යන අතරමගදී පැමිණිලිකාරයෝ කෑමට ගන්න ගමන්.

නිවසියන් හට මෙට්ට විකුනන්න කතා කරලා අලවි කරගන්න කැමැත්ත ගන්න බැරිවුනාට වත්ත පිටිය ගැන ඔත්තු බලලා දෙන්නෙක් එක්ක ගම්මිරිස් වත්තට බැහැලා ගම්මිරිස් නෙලා ගෙන ලොරියේ බෑග් පුරවගෙන .මේ විධියට වතු කිහිපයක හොරට ගම්මිරිස් නෙලලා. අන්තිමට පොලිසියේදී පැමිණිලිකාරයෝ හොරු අදුනා ගෙන. මේ මේට්ට විකුනන්න තමන්ගේ ගෙවල් වලට ගිය තුන් දෙනානේ ! ගම්මිරිස් නෙලා ගෙනත් තියෙන්නෙත් කියලා .

අන්තිමේදී ගම්මිරිස් බට්ටයි අර තුන්දෙනාටයි අධිකරනයට යන්න වුනා කියලා.සාජ් වාර්තා කලා.


 notes of imaginary

2014-06-28

හේරත්හාමිට බණක් .



සාජන්ට් මහත්තයා. අපේ පොලිසියට ඇවිත් අවුරුදු දහයක් විතර වෙනවා. මොකක්දෝ හේතුවකට එතුමා පොලිසියෙන් වෙනත් පොලිස් ස්ථානයකට මාරු කරන්නෙත් නැහැ. සාජන්ට් මහත්තයා වැයික්කියේ ඉන්න හැම දෙනාගෙම පැටිකිරිය දන්නවා. වාසගමත් එක්ක නමත් කියලා පවුලේ ඉන්න සාමාජිකයෝ ගානත් කියයි මතකයෙන්. එතුමා මට පසුගිය දවස් ටිකේ කෑම විවේකයේදී නැත්නම් ඕෆ් වෙලා යන ගමන් දිනපතාම වගේ මුණ ගැහුනා.මේ හැම දවසේම එතුමාට කියන්න කතාවක් තිබුනා.
මටත් හූ මිටිතිත තිය අහගෙන ඉන්න විවේකයකුත් තිබුනා.
බියර් බෝතලෙකුත් අති විශේෂ මිමි 200කුත් හිස්කර.න ගමන් කතාවට වැටෙන සාජන්ට් මහත්තයා ඒ ටික හිස්කරගත්ත ගමන්ම හුටු හුටු දඩු කජ්ජට නැගලා යන්නම් .............මහත්තයා කියලා වාෂ්ප වෙනවා.
ඊට පස්සේ මම සාජන්ට් මහත්තයාගේ කතා අවර්ජනය කරන්න පටන් ගන්නවා.


මේ දවස් වල හාමුදුරු හුට පට. මාදුළුවාවේ ලොකු හාමුදුරුවෝ පොදු අපේක්‍ෂකයා වෙලා ජනාධිපතිවරණයට එනවා. හාමුදුරුවෝ හිතන්නේ සිංහල බෞද්ධ ඡණ්ද එයාට ලැබෙයි කියපා වෙන්න ඇති. සේනා වල හාමුදුරුවරු පාරම්බානවා. තමන්ටම ගහ ගන්නවා. කරු මහත්තයාත් ඒ ගොල්ල කරන වැඩ සංඝාධිකරනයකින් මිසක් ඔය ගිහි අධිකරණ වලට යොමු කරන්න එපා කියනවා.
මට මතක් වෙනවා බණ්ඩාරණායක නඩුව නම් විසදුවේ ගිහි අධිකරණයක. සෝමාරාමට මරණ දඩුවම ලැබුනෙත් බුද්ධරක්ඛිත හිර ගෙට ගියෙත් සංඝාධිකරණයකින් නෙමෙයි කියලා සිහිපත් වුනාම වයසට යන කොට කියන කතා ගැන අපි කලබල වෙන්නේ නෑ කියලා කරු මහත්තයට කියන්න හිතෙනවා.
මේ පුර්විකාව මතක් වුනේ සාජන්ට් මහත්තයාගේ බණ කතාවක් අහලා.
හේරත්හාමි උපාසක මහත්තයා කට්ට කෛරාටි‍කයෙක්. පන්සල පැත්තේ යන්නේ කලාතුරකින්. දවසක් බණක් දවසේ පන්සලට ගිය හේරත්හාමිව “ අද කාලෙකට පස්සේ උපාසක මහත්තය බණ අහන්න ඇවිල්ල තියෙන්නේ වාඩි වෙමුකො මං ලගින්ම ” බණ පටන් ගන්න කොට හාමුදුරුවෝ ලගට කතා කර ගෙන වාඩි කර ගන්නවා.
හාමුදුරුවෝ බණ පටන් ගන්නවා .
හේරත්හාමි උපාසක මහත්තයා එහෙයි කියනවා. හාමුදුරුවෝ කැමති ඒකටනේ !.
හාමුදුරුවෝ - පින්වතුනි යට ගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් දශරාජ ධර්මයෙන් යුතුව රාජ්‍ය කළා.
එහෙමයි හාමුදුරුවනේ ! එහෙමයි හාමුදුරුවනේ !!!, යටගිය දවස කියන්නේ මොකක්ද හාමුදුරුවනේ ?
හාමුදුරුවෝ - යට ගිය දවස කියන්නේ - හුගාක් ඈත අතීතයේ
ඒ කියන්නේ හාමුදුරුවනේ කීවෙනි ශත වර්ෂයේ තරමද ?
හාමුදුරුවෝ - කීවෙනි ශත වර්ෂයේද කියල හරියටම කියන්න බෑ.
හේරත්හාමි උපාසක මහත්තයාගේ ප්‍රශ්න වලට හාමුදුරුවන්ගේ රතු කට්ට පනින්න ඔන්න මෙන්න වෙනවා. ඒත් මොනවා කරන්නද ? දැළි පිහිය දුන්නේ හාමුදුරුවෝමයිනේ.
හාමුදුරුවෝ - බුද්ධ වර්ෂ ආරම්භයට කල්ප ගානකට ඉස්සර වෙච්ච දෙයක් ගැන මන් මේ කියන්නේ.
හාමුදුරුවනේ කල්පයකට අවුරදු කොච්චර තියෙනෙවද ?
හාමුදුරුවෝ - මේ උපාසක මහත්තයට තියෙන්නේ "එහෙයි" කියන එකයි. මම කියනදේ අහන එකයි.
ඔච්චර විස්තර දැන ගන්න ඕන නෑ. මේ බණට
මං අහල තියෙනවා හාමුදුරුවනේ හැම ජාතක කතාවකම වගේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියල තමයි පටන් ගන්නේ . මං අහන්නේ දැන් කියපු බ්‍රහ්මදත්ත කී වැනි බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝද? කියලයි.
මොකද කියනවනම් ඔය හැම බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝම ධර්මිෂ්ටයි කියල විශ්වාස කරන්න බෑ නේ .
හාමුදුරුවෝ හේරත්හාමි ගැන අවධානය යොමු කරන්නේ නැතිව දේශනාව කරනවා. මං මේ කියන බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ට හිටියා එක් ලක්ෂ සයානු දහසක් බිසෝවරු.
මගේ බුදු අම්මෝ !
හාමුදුරුවෝ - මොකද උපාසක මහත්තයෝ ගොනුස්සෙක් පත්තෑයෙක්වත් කැවද ?
නෑ හාමුදුරුවනේ මං උඩගියේ රජ්ජුරුවන්ට ඔච්චර බිසෝවරු ?හාමුදුරුවෝ - ඒ කාලේ එහෙම තමයි රජවරුන්ට .
හරි හොදයි එක බිසෝ කෙනෙක් හරි පැනලා ගියා කියමුකෝ
හාමුදුරුවෝ - එහෙම නරක බිසෝවරු හිටියේ නෑ.
මොකෝ නැත්තේ හාමුදුරුවනේ අර චුල්ල පදුම ජාතකයේද කොහේද තියෙන්නේ ?
එතකොට අර කෝසල රජ්ජුරුවන්න්ගේ මල්ලිකා බිසව කියල හොඳ ගැනියෙක්ද ?
හාමුදුරුවෝ - මේ උපාසක උන්නැහේ ...
දැන් එක ගෑනියෙක් පරිස්සම් කරගන්න බෑ අපේ මිනිස්සුන්ට . මං අහන්නේ බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ එක්ලක්ෂ අනුදාහක් පරිස්සම් කරගත්තද ?
වෙන වැඩ තිබුනේ නැතිවටද ?.
ඇයි හාමුදුරුවනේ උන් සන්තෝෂ කරනවා තියා මුණවත් බලන්න වෙලාවක් රජ්ජුරුවන්ට වෙලාව තිබුනද?
හාමුදුරුවනේ ! .
ඔච්චර බිසෝවරු ගොඩක් ඉන්න කොට බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ට තවත් වේලා තිබුනද රට පාලනය කරන්න? හේරත්හාමිට ප්‍රශ්න වැලයි.
හාමුදුරුවෝ රජ මාලිගයේ සැප සම්පත් වලින් අඩුවක් නෑ නේ උපාසක මහත්තයෝ.
කොච්චර සැප සම්පත් තිබුනත් තමන්ගේ මනුස්සයාගේ ඇගිල්ලක් වත් ස්පර්ශ කරන්න නැත්නම් මොකටද ඒ මගුල ?
හාමුදුරුවෝ - හා හා දැන් අපි බණට බහිමු.
අනිත් එක කොහොමද ඔය රජ්ජුරුවෝ ඔච්චර බිසෝවරු ගොඩක් හොයාගත්තේ?
හාමුදුරුවෝ - ලස්සන කාන්තාවක් දැක්කම රජ්ජුරුවෝ එයාව සරණ පවා ගන්නවා .
එතකොට රටේ අනිත් පිරිමින්ට හම්බුවෙන්නේ තේරිලා ඉතිරි වෙච්ච ගෑනු. හාමුදුරුවනේ - එතකොට ඔබ වහන්න්සේ කිව්වේ බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ දශරාජ ධර්මයෙන් රජ කළා කියල. ? ඒක සාධාරනද ?
හාමුදුරුවෝ - දැන් අපි බණ....................................
හාමුදුරුවනේ ඔය ඔක්කොම බිසෝවරු මාලිගාවේද හිටියේ ?
හාමුදුරුවෝ - මම වතාවක් කිව්වනේ අපි දැන් බණ කතාව අහමු කියලා
හාමුදුරුවෝ - මේ උපාසක උන්නැහේට තියෙන්නේ එහෙයි කියල උත්තර දෙන්න විතරයි. නැතිව මගෙත් එක්ක වාද කරන එක නෙමේ. මොකක්ද මේ කරන විකාරය ?
එක්ලක්ෂ අනුහය දාහක් බිසෝවරු හිටපු බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ දස රාජ ධර්මයෙන් තිය කොයි විදිහටවත් රජකම් කරන්න වෙලාවක් තිබුන කියල මං කොහොමද එකඟ වෙන්නේ.
හාමුදුරුවෝ - එතකොට මේ උපාසක උන්නැහේ එහෙයි කියන්නේ නෑ?
අපේ හාමුදුරුවනේ ඔය බිසෝවරු හරියටම එක්ලක්ෂ අනුහය දාහක්හිටියද ? කාලෙන් කාලෙට අඩු වැඩි වුනේ එහෙම නැද්ද ?.
හාමුදුරුවෝ රතු කට්ටටත් එහාට වැඩමෙව්වා...............
හාමුදුරුවෝ - මේ උපාසක උන්නැහේ මීට පස්සේ පන්සල් වත්තේ හතර මායිමට අඩිය තියන්නේ නෑ. ඇහුණද ?
එහෙයි හාමුදුරුවනේ. මම යන්නම්. මට ඔය බොරු වලින් වැඩක් නෑ..............
දැන් කාලේත් ඔය වේදිකා වල බණ කියන හාමුදුරුවෝ ඔක්කොම හිතන්නේ එහෙයි කිය කියා ඉන්න ඔනී කියලා. එත් කියන ඔක්කෝටම එහෙයි කියන අය නෑනේ මහත්තයෝ.
සාජන්ට් මහත්තයා යන්න පිටත් වෙන ගමන් මට කියනවා.

notes of imaginary

2014-06-27

සදකඩපහන THE HALF MOON STONE

අර්ධ වෘත්තාකාර ශෛලමය නිර්මාණයක් වූ සදකඩපහන පූජනීය ස්ථානයන්ට පිවිසෙන දොරටුවේ පියගැට පාමුල කර ඇති නිර්මාණයකි. වර්තමානයේ අප යොදන පාපිස්නක් ආකාරයට පිහිටුවා තිබෙන කලාත්මක නිර්මානය කර ඇත.
පුරාන ප්‍රභූ මාලිගාවන්ට පිවිසෙන ප්‍රධාන දොරටුවේ පාමුලද සදකඩ පහනක් සකස් කර තිබු බව සමහරක් මාලිගා නටබුන් අතර නිරීක්ෂණය කලහැකිය. සදකඩපහනක දෙපසින් මුරගල් දෙකක් සමග ආරක්‍ෂක බැම්මක්ද ඉදිකර ඇත.
සදකඩපහනක වැදගත් කම ඇත්තේ එහි නිර්මානත්මක තේමාව තුලය. අර්ධ වෘත්තය කොටස් පහකට වෘත්තාකාරව බෙදා ඇත.




1. පිටත සිට පලමු කවාකාරයේ පලා පෙති / ගිණිදැල් නෙලා ඇත.
2. දෙවෙනි කවාකාරයේ ඇත්,ගව,සිංහ,සහ අශ්ව යන සතුන් එකිනෙකා පරයමින් දිවයන ආකාරයක් නිරූපනය කරයි.
3. තුන්වන කවාකාරයේ ලිය වැලකි.
4. හතරවන කවාකාරයේ නෙළුම් කැකුලක් හොටින් ගත් හංසයින් පේලියකි.
5. අවසාන කුඩා අර්ධ වෘත්තාකාර කොටස පද්මයකින් ( නෙළුම් මලකින්) සම්පූර්නවේ.
මෙ අකාරයෙන් වෙන් වන කොටස් පහ නිරූපනය කරන අරුත ආචාර්ය සෙනරත් පරණවිතානයෝ දකින්නේ පහත ආකාරයටය.
1. ගිණිදැල් – තෘෂ්නාවෙන් දැල්වෙන බව .
2. සත්ව රූප – ජාති ජරා වයාධි ,මරණ .
3. ලිය වැල – තෘෂ්නාවෙන් වෙලි සිටීම.
4. හංස කැටයම – ඉහත කරුනු වලින් මිදී ශාන්තිය සොයා යාම.
5. පද්මය – පාරිශුද්ධවූ නිර්වාණය.
අනුරාධපුරයේ ථුපාරාමය,මහසෙන්මාලිගය,දළදාමැදුර,බිසෝමාළිගයසහ පොලොන්නරුවේ වටදාගෙය,වටදා ගෙය උතුරු දොරටුවේ ඇති සදකඩපහන අපට ඉතාමත් පැහැදිලිව දක්නට ලැබෙන නිර්මානයෝ වෙති.




පොලොන්නරුවේ සදකඩපහන තුල හින්දු ආභාසය දක්නට ලැබෙන අතර ගොන් රූපය ඉවත් කර ඇත.ගවයා හින්දූන් ගේ පුජණිය සත්වයෙකු වු නිසා මෙසේ සිදුවන්නට ඇත.



notes of imaginary

2014-06-06

2014-06-03

මේවත් ඉතින් අලකලංචි තමයි.




මේ සතියේ පලාමල්ල දිග අරින්න මාධ්‍ය  හෙඩිම් දෙකක් හොල්මන් කලා . එකක් පොදු අපේක්‍ෂකයා ගෙන් මාරු වුන  මෝදී සහ ශ්‍රී ලංකාව. අනික පොලිසිය.
මාසයක් විතර පොදු අපේක්‍ෂකයා කර ගහගෙන නටාපු මාධ්‍ය පසුගිය  සති අන්තය වන විට පොදු අපේක්‍ෂකයා බිම තියලා මෝදිත් සමග 13 වන ව්‍යවස්ථා සංශෝධනය කරට අරගෙන. මෝඩි..................මෝඩි කියලා ලියාපු පෑන දැන් ලියවෙන්නේ මෝදී කියලා ?. කවුරුන් හරි නියෝගයක්වත් දුන්නද ?  මෝඩි නෙමෙයි ඕයි............ මෝදි කියලා.
ආණ්ඩුක්‍රම සංශොධනයක් කරන්න ඔනී කියන කතා බහකුත් තියෙනවා. විංශ්ෂයෙන් පාර්ලිමේන්තුවට වගකියන ජනාධිපති ධුරයක් ඇති කලයුතුයි කියන මතවාදය දැන් ආයෙත් කරළියට ඇවිත්. ඔය තනතුර නැති කරන්න අපි ජනාධිපතිවරු කී දෙනෙක් පත් කලාද ?. ධාර්මිෂ්ථ සමාජයක් බිහි කල ජේ.ආර් මහත්තයාගේ වත්තෙන් කපා ගත් උක් ගහ තාම හපනවා. ඒකේ රසේ දන්නේ හපන කෙනා විතරයි. අනිත් අයට පේන්නේ උක් දණ්ඩේ වට ප්‍රමාණයයි. දිගයි. ඕක කවදාවත් විසිකරන්නේ නෑ. මම ඇවිත් විසිකරනවා කියන උදවියත් හපන්න ගත්තම අත හරින්නේ නෑත.
අපි හීල්ළුවට වැඩක් නැහැ. උක් දඩු හපන අයට ඕන විදියට වැඩ කෙරෙයි.
පොලිසිය ගැන ලියන්න ගන්න කොටම මතක් වෙන්නේ අපේ පොලිස්පති තුමා. උන්නැහේ අපේගම් පලාතේ කෙනෙක්. කාලෙකින් හිතට හරියන පොලිස්පති කෙනෙක් දැක්කේ එතුමාගෙන්. හොද හොදටම වැඩි හින්දද කොහෙද එතුමාගේ පොලිසියට නින්දා අපහාස කරන අය නම් බොහෝම වැඩියි. ‍
මාර්ග නීතී සත පහකට ගනන් නොගෙන ගමන් බිමන් යන සත්‍ව කොට්ඨාශයක් ශ්‍රී ලංකාව නිජ බිම් කොට ඉන්නවා කියලා අපේ පොලිස්පතිතුමා එයාගේ පුංචි එවුන්ට කියලා දීලා නැහැ. මේ සත්‍ව කොට්ශය ඉන්නේ දඹානේ නෙමෙයි. දඹානේ ඇත්තො විනය ගරුකයි . ඒත් මේ සත්‍ව කොට්ඨාශයට විනයක් නැහැ. මේ ලගදී ( 01 දා වෙන්න ඔනී )  අධිවේගී මාර්ගයේ කොට්ටාව රථවාහන පොලිස් ඒකකයේ සේවය කරන රාළහාමි කෙනෙක් මේ සතෙකුට මාර්ග නීතී කියා දෙන්න ගිහින් දහ දුක් විදලා ගත්ත තමන්ගේ පුංචි නැනෝවත් ගිණි තියාගෙන රෝහ‍ලෙත් ලගින්න සිද්ධ වෙලා !.මේ අපරාධය කලේ කවුරුද කියලා  සටහන ලියන මේ මොහොත දක්වා හෙලි කරගන්න පොලිසියට බැරි වෙලා. සමහර විට හෙලි නොවන්නත් ඉඩ තියෙනවා.
වැරදුන දේ වැරදුනාවේ.
මීදුම පොලිස්පති තුමන්ට පොඩි පහේ යෝජනාවක් කරනවා. එතුමාත් දන්නේ නැත්නම් මේ සත්‍ව කොට්ඨාශය ගැන හදුනා ගන්න පුංචි හොඩුවවල් කීපයක් කියන්නම්. මේ ඇත්තෝ අපි වෙනුවෙන් බොහෝම දුක් මහන්සිවෙලා වැඩ රාජකාරි කරනවා. වෙලාවට කෑමක් බීමක් ගන්න තරම් ඉඩක් නැහැ.
 දිනපොතේ පිටු පෙරලලා බැළුවොත් විනාඩි දහයෙන් දහයට එපොයිමන්ට් . ( ඒත් ඒවා දිනපොතට විතරයි .) එක එපොයිමන්ට එකක් දොම්පේ තියෙන කොට අනික තියෙන්නේ ඒරොප්පේ. ඉතින් වාත වේගෙන් පස්ස ගිණිගත්ත බල්ලෝ වගේ එහාට මෙහාට දුවන්න සිද්ධ වෙනවා.  එතකොට කොහොමද අනිත් ගමනා ගමනයන්ට අවහිර නොවන විදියට හරියට නීතියට ගමනා ගමනය කරන්නේ ?.
මේ වගේ වෙලාවට අර පිස්තෝලයක් මානා ගෙන පාරදිගේ තමන්ගේ වරිගේ ( වංශෙ වෙනස් ) අයටම වෙඩි තියන්න දුවපු සත්‍වයා දිහා බලා හිටියා වගේ කටයුතු කරන්න පොලිස් පොඩ්ඩන්ට උපදෙස් දීම වැදගත් වෙනවා.


notes of imaginary

2014-05-27

ඕන කුදයක් ගහගත්තම අපිට මොකද ?

මේ දවස්වල දේශපාලන කතිතාව “ පොදු අපේක්‍ෂකයා ,ජනාධිපතිවරණය, සහ ඌව පලාත් සභා මැතිවරණය.
ඌවෙන් පස්සේ ජාතික මැතිවරණයක් තියෙනවා කියලා කාගෙත් කතා බහට ලක්වෙනවා. මොනවා කරන්නත් කේන්දර කාරයෝ නිවරදි මතයක් රාජ්‍ය පාලකයනට නිවේදනය කරන්න ඕණිනේ. අපේ රටේ පාලක නායක කාරකාදින් වගේම විපක්‍ෂයයි කියාගන්නා උදවියත් මහජනයාට වඩා විශ්වාශකරන්නේ කේන්දර කාරයෝනේ !.

 කේන්දර කාරයෝ තමයි මේ හැම එකටම තීරකයෝ වෙන්නේ.  ඡණ්දදායකයින්ගේ බඩගින්න නෙමෙයි.ඉහට වහලක් නැති එක නෙමෙයි. වතට ඇදුමක් නැති එක නෙමෙයි. 
දේශපාලන විචාරකයෝ කියලා කොටසක් ඉන්නවා . සති අන්ත සහ බදාදා වගේ දවස් වලට ජාතිකයයි කියාගන්න පත්‍රවල පිටු පුරවන.ඒයාලට තියෙන්නේ එක එක දේශපාලන පක්‍ෂවලට කඩේ යන එක. කිරල මැනලා විචාරකයක් කරනවාට වඩා අවිචාරයෙන් ලියන එක මෙයාලගේ කාර්යය. ඒවා කියවලා තීන්දු තීරන වලට එලඹෙන කොටස් ඔක්කොටම අංගොඩ ,මුල්ලේලේරියාව පැත්තටත්   ,පලාත් මහා රෝහල් වල විශේෂිත වාට්ටුවලටත් ගාල් වෙන්න සිද්ධ වෙනවා.
මේ ඊයේ පෙරේදා අපේ අසල් වාසියෙක් මගෙත් එක්ක මහත් තර්කයක. ඉන්දියාවේ මෝදි ජයග්‍රහණය කරලා කොන්ග්‍රස් එක  බැරි ගැහුනා වගේ ලංකාවෙත් මහින්ද මැදමූලනට පසුබස්සලා ‍රනිල් එනවා කියලා.

මම ඇහුවා ඉන්දියාවේ වගේ වාතාවරණයක් ලංකාවේ ඇතිවෙලා තියෙනවද ? කියලා. තාමත් එච්චරම දරුණුම නැහැ. කියලා උන්නැහේ කියනවා. එයාගේ කතාවට පදනම් වෙලා තිබුනේ “ උපුල් ජෝශප් ප්‍රනාන්දු” ගේ දේශපාලන විග්‍රහයක් . ආණ්ඩුවට කඩේ යන ඔය එක එක නම් වලින් ලියන උදවියගේ විග්‍රහත් ඒ වගේම තමයි. තාමත් ඒ ගොල්ල සිහින ලෝකවල පාවෙනවා.

මැතිවරණයක් තිබුනදාට ඒගොල්ල  මහපොලොවට කඩා වැටෙයි. අපි අහුලා ගන්න බලාගෙන ඉමු.
වෙඩි හඩ බෝම්බ පුපුරන නැතිවුනත් බඩ ගින්නට විසදුමක් නැහැ. රජයේ රැකියා නිවෙස්වලට ලැබුනත් ලැබෙන සොච්චම මාසේ විසි පස් වෙනිදා  ඉදන් ඊළග මාසේ දහවෙනිදා දක්වා  ගැණ ගන්න බැහැ.

අපේ අසල්වාසී සමාජවාදී සහෝදරයෙක් ඔච්චමට කියන්නේමේක සමාජවාදී රජයක්!.  ආදායම සම සමව  ජන සමාජයට බෙදා දීලා තියෙන්නේ ඔන්න ඔහොමතමයි කියලා !.දෙබීඩී ( එජාප + ශ්‍රීලනිප) ඡණ්දදායකයෙක්  කියන්නේ 2500 /= තියරි එකට යන්න කියලා. එතකොට බැලන්ස් වෙනවා විතරක් නෙමෙයි  ලැබෙන සොච්චම ඉතිරිත් වෙනවා කියලා.
2500 /= ප්‍රතිකාරයක් හැටියටත් භාවිතා කරණ වෛද්‍ය විශේෂඥයෙක් මටත් හමුවුනා අතුරු කතාවක් වුනත් මම ඒකත් කියන්නම්. මෙතෙක් කල් නොතිබුන මගේ එන්ජින් එක මාස දෙකකට ඉස්සෙල්ලා ෆුල් ඔප්ෂන් වෙලා. හෘද වස්තුවේ පුංචි වේදනාවක් ඇතිවෙලා හෘද රෝග විශේෂඥයෙක් හමුවුනා. එතුමා මට ඔෘෂධ නියම කරන ගමන් කිව්වේ බන්දුල ගුණවර්ධන ඇමතිතුමා හමුවෙලා 2500 /= ආහාර ලේඛණය ඉල්ලගෙන භාවිතා කරන්න ඒ  ගමන් අනුපානෙට “ හුලං බොන්න “ කියලා. අත්දුටුවයි සත්තයි ලෙඩ ඔක්කොම සනීප වෙනවා කියලා.

ආයෙත් ජනාධිපතිවරණය ගැන විචාරයට යොමුවෙමු. කවුරු දිනයිද කියලා. කවුරු දිනුවත් රටටත් රටවැසියාටත් යහපතක් නැත්නම් අනාගතේ ගැන හිත හිතා ඉන්නේ නැතිව ඕන දෙයක් වෙච්චාවේ කියලා ඇස් දෙක පියාගෙන කන් දෙක වහගෙන කට පියාගෙන ඉන්න එක තමා හොදම විචාරය කියලා සටහන් කරන ගමන් “ ඕන කුදයක් ගහගත්තම අපිට මොකද ? “ කියලා  සටහන හමාර කරනවා.




notes of imaginary

2014-05-14

මම කම්පා වෙමි !.


අද වෙසක් පුන් පොහෝ දිනයයි. බුදුරජානන් වහන්සේගේ උපත, බුද්ධත්‍වයට පත්වීම, සහ පිරිනිවන් පෑම සිහිපත් කර බෞද්ධයෝ වන අපි - අපේ පූජණියවු චින්තකයානන් ගුරුවරයානන් සිහිපත් කරන දිනය අදයි.වෙසක් සද සිසිලස බෙදමින් මෝදු වන විටම බක් මාසයේ කලබලකාරී අහස නිහඩ වෙයි. සාමකාමිවෙයි . ගහ කොල නලවන මද සුලගක් අපේ ගත නිවා දමයි. වෙසක් සද අපේ සිත පහන් කරයි. මේ අසිරිය මැද බුදුරජානන් වහන්සේගේ තෙමගුල සිහිපත් කර අප සිත් උන් වහන්සේ වෙත බැති සිතින් නමස්කාර කරයි.

බුදුරජනන් වහන්සේ ජීවිතය විවරනය කරයි . මම දෙනෙත පියාගත් වනම ජීවිතය සිහිපත් කරමි.
“ සබ්බේ සංඛාරා අනිච්චාති
යදා පඤ්ඤාය ඵස්සතී
අථ නිබ්බින්දතී දුක්ඛේ
ඒසමග්ගෝ විසුද්ධියා “
සියළු සංස්කාරයෝ අනිත්‍යයය
ලොව පවතින සෑම දෙයක්ම වෙනස් වීමේ දහමට අනුව වැනසෙන බවත් - ධර්මය සදාකාලික බවත් පහදා දෙයි
සබ්බේ ධම්මා අනත්ථාතී
යදා පඤ්ඤාය ඵස්සතී
අථ නිබ්බින්දතී දුක්ඛේ
ඒසමග්ගෝ විසුද්ධියා

තවදුරටත් බුදුන් වහන්සේ වදාළේ තමන්ට වැඳිය යුත්තේ හුදෙක් මලින්, සුවඳින්, පහනෙන් පමණක් නොවන බව සිහිපත් කරයි.
තමන්ගේ ධර්මය අනුව ජීවත්වන්නේ නම් එය තමනට කරන වැඳීමක් වන බව සිහිපත් කරයි.

මගේ දෙනෙත තවමත් පියා ගෙනය. පෙරහැරින් කුඩ කොඩි සේසත් වටිටි පුරා මල් සුවද පැන් සුවද කූරූ රැගත් දරු දැරියෝ පෙරටු කර ගත් වැඩිහිටියෝ පන්සල් බිම පුරා පිරෙයි. සුදුවතින් වසා ගත් සේලයන් නිසා වෙන් පන්සල් බිම හිම වලාකුලක් මෙනි.
පුදසුන මත පිදෙන මල් මොහොතින් මලාණික වෙයි. සුවද කූරූ දැවී අළු වි යයි.
“ සබ්බේ සංඛාරා අනිච්චාති ..................................................”
වැසී ගිය සුදු සේලයන්ගේ මනසින් එවැනි හඩක් නොනැගේ . මම සෙමින් මුමනමි
“සබ්බේ ධම්මා අනත්ථාතී .................................................. ඒ හඩ ඔවුනට නොඇසේ.

මම මනසින්ම අවාස ගෙට දිව යමි. බුදුරජානන් වහන්සේ ආනන්ද හිමියන්ට මහා කාශ්‍යප හිමියන්ට අවසන් වරට දුන් උපදෙස සිහිපත් කරනට .

අනේ ! අවාස ගෙය හිස්ව ඇති බව දකිමි.

සිංච භික්‍ඛු ඉමං නාච - සිත්තා තෙ ලහුමෙස්සති
ජෙත්වා රාග ච දොසංච - තතෝ නිබ්බානමෙහිසි.

මහනෙනි,
මේ ශරීර නැවේ පිරි තිබෙන මිථ්‍යා විතර්ක නමැති ජලය ඉසලන්න.
එසේ ඉසීමෙන් නැව සැහැල්ලු වී ඔබ නිවන් පුරට යන ගමන ලෙහෙසිවේ.
එහෙයින් ඔබගේ නැව බැද නවතා
රාග ද්වේෂ නැමති බැමිද කඩා දමා
නිවන් පුරට යන්න.
- - ධම්ම පදය.




අපේ හාමුදුරුවෝ අවාස ගෙයින් නික්ම ගොසිනි. උන්වහන්සේ නැව දියෙන් පුරවා ගෙන ආපසු ආවාස ගෙට නොවවිඩිනා අරමුනින් ඈතට ඈතට යන අයුරු පියා ගත් අඩවන් දෑසට කාන්දුවන වෙසක් පුන් පෝදා සද එලියෙන් මම දකිමි.

මම කම්පා වෙමි!.

notes of imaginary