![]() |
එළ හරකයි - මී හරකයි. |
ලෙව්කේ මැතිදුත් වෙල
මැද්දේ තනිවුනා . ඒ වගේ අපේ සෞඛ්‍ය ඇමතිතුමා ත් අමාත්‍යාංශයේ තනි වෙලා කියලා එතුමාම
කියනවා. පහුගිය දවස් වල මේ කතාව අහන්න
ඇති. මතක් වෙන්න මම ආයේ ලියන්නම්.
සෞඛ්‍ය ඇමැතිතුමා පසුගිය සතියේ (22 වැනිදා) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පැවැති උත්සවයකට ගිහිල්ලා.
ඇමතිතුමා යන කොට සහ පිරිවරත් එතුමන්ලා
පටිපස්සෙන් යන්න එපාය. වතුර........... කියනකොට වීදුරුව අතට දෙන්නත් සර්ව්යට් පේපරය අතට
වඩම්ම්මන්නත්. ටොයිලට් පේපරය දික්කරන්නත් පිරිවර ඉන්න එපාය .නැත්නම් පුළුවන්ද රාජකාරි
කරන්න ?. ඒත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේදී ඒ පිලිවෙල බිදවැටිලා. එතුමාගේ අදෝනාව
පිටවුනේ මේ විදියටයි - සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජෙනරාල්ලා
අට
දෙනෙක්
ඉන්නවා.
නියෝජ්‍ය ජෙනරාල්ලා පඳුරු
ගාණක්
ඉන්නවා.
නමුත්
අද
මේ
උත්සවයට
ජෙනරාල්ලා, නියෝජ්‍ය ජෙනරාල්ලා පඳුරු
නෙමෙයි, සෝල්ජර්
කෙනෙක්වත්
ඇවිත්
නැහැ.
එහෙම
අයත්
එක්‌ක
තමයි, අපට වැඩ
කිරීමට
වෙලා
තියෙන්නේ.
"ඇත්තටම
මට
තියෙන්නේ
කනගාටුවක්.
මම
තනිවෙලා
වගේ
කියලා
තමයි
හිතෙන්නේ.
මම
ඇළේ, දොළේ, කුඹුරේ
හැදුණු
වැඩුණු
මිනිහෙක්.
මේ
රෝහලේ
විශේෂඥ
වෛද්‍යවරු මගෙන්
සාකච්ඡාවක්
ඉල්ලුවා.
මට
සාකච්ඡාවක්
දෙන්න
පුළුවන්.
නමුත්
අද
සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්
කවුද
ඇවිත්
ඉන්නේ.
මම
දන්න
දේවල්වලට
උත්තර
දෙන්න
පුළුවන්.
නමුත්
මම
සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයෙක්
නෙවෙයි
නේ.
මේ
වගේ
අයත්
එක්‌ක
තමයි
වැඩ
කරන්න
වෙලා
තියෙන්නේ.
ඇමතිතුමා කනගාටුවෙන් වුනත් තමන්ගේ නොදන්න කමත් පිලිගත්තා. මොන දේශපාලනඥයාද තමන් දන්නා විෂයය පථයක ඇමති තනතුරක්
දරන්නේ. අපිට වැරදිලා තියෙන තවත් තැනක් එලියට පැන්නට මට නම් හිතේ ඇතිවුනේ සතුටක්. විදුලිය
ගැන දන්න කෙනා ට යන්න කියලා නීතිය ගැන දන්න කෙනෙකුට විදුලිය භාර දුන්න රටක් මේක.
මේ ඇළේ,
දොළේ, කුඹුරේ
හැදුණු වැඩුණු මිනිහාට
දොස්තර වැඩේ භාරදීලා පාලනය කරගන්න බැහැ කියලයි මේ මැසවිල්ල.ඉතින් ලෙඩ්ඩුන්ට ලඩ්ඩු
හමුවුනාට පුදුම වෙන්න දෙයක් නැහැ.
අමාත්‍යාංශයේ
ඉන්න ජනරාල්ලා අටදෙනා වගේම නියෝජ්‍ය
ජනරාල්ලා පඳුරම කියන්නේ මේ වගේ කතාවක්.
සෞඛ්‍ය ඇමැතිතුමා - ඇමැති තනතුර ගත් දා පටන් අමාත්‍යාංශ නිලධාරීන්ට
එරෙහිව කරන ප්‍රකාශ නිසා තමන්ට පාරේ බැස යැමට නොහැකි තත්ත්වයක් ඇතිවෙලා. අප කලින් යොදාගත් වැඩසටහන් තිබුණා.
අනෙක එදා ගාල්ල කරාපිටිය රෝහලේ තිබුණේ මුල්ගල් තැබීමේ උත්සවයක් .
අපිට
දේශපාලකයන්ගේ පසුපස යන්න වුවමනාවක් නෑ.
අපි වෛද්‍යවරු. වෘත්තියෙන් හොරකම් කරන පිං
බතාලා ලෙසයි ඇමැතිවරයා අපව හඳුන්වන්නේ. ඇමැතිවරයා සෞඛ්‍ය විෂය භාර අරගෙන වසර
හතරයි. මේ අවුරුදු හතර තිස්‌සෙම නිලධාරීන් හොරු කියමින් ඇමැතිවරයා චෝදනා කරනවා.
ඒත් කාටද දඬුවම් දුන්නේ? වෛද්‍ය
සැපයීම් අංශයේ ලිපිකරුවකු විතරක් ගෙදර යෑව්වා. මේ අවුරුදු හතරටම කළේ එපමණයි වෛද්‍යවරු
කියන හැටියට සද්දේ විතරයි තිබිලා තියෙන්නේ . වැඩක් වෙලා නෑ මේ අවුරුදු හතරටම.
වැරද්ද
කොතනද කියලා හිතා ගන්න පුළුවන්නේ. හුණුවටයේ කතාවේ මෙහෙම තියෙනවා. “ දෙයක් වේ නම්
හිමිවිය යුත්තේ සුදුස්සාටමැයි “ කියලා. දැන් කාලේ සුදුස්සනට හිමි වෙන්න දෙයක්
ඉතිරි වෙලා නැහැ. පුස්සෝ සියල්ලම ඩැහැගෙන.වෛද්‍යවරුත් දේශපාලනඥ යනට එරෙහිව මෙහෙම කතා කරන එක ආදර්ශයට අරගෙන අනෙක් ක්‍ෂේත්‍රවල අයත් කෙලින් කතා කලොත් දේශපාලකඤයෝ නොදන්නා දෙමලෙට ගිහින් වරිගේ නසා නොගන්න කටයුතු කරාවි.
notes of imaginary
0 comments:
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.
මෙහි පලවන වියමන් බොහොමයක් වෙනත් පලකරන්නන්ගේ වියමන්ය. ඒ අතරට මීදුමද වියමන් එකතු කර ලබයි. වෙනත් වියමන් කරුවන්ගෙන් උපුටා ගත් බව සදහන් කරමින් කරන එකතු කිරීම් සදහාද ප්‍රතිචාර යොමු කල හොත් ඒවා වියමන් කරුවන්ට අගතියක් නොවන්නේ නම් පලකරනු ලැබේ.
මීදුම පල කරන වියමන් සදහා කරන ප්‍රතිචාර සාධාරණ හේතු ඉදිරිපත් නොකරමින් කරන අවලාද සුදුසු යයි හැගේ නම් පමනක් පල කරනු ලැබේ.