ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

පොසොන් පෝය 29 වෙනිදා.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2010-10-29

මීන ලග්න අය මේ වගේද ?.


2009 ‍අගෝස්තු මාසේ ලග්නෙට කොහොමෙද කියලා අහලා මීදුම ලියාපු වියමනක මිදුම මාධ්‍ය වලින් විසුරුවා හරින ලග්න පලාපල දරන පිලිබදව මතවාදයක් පලකලා.
ඉන් පස්සේ මිදුම ‍ජ්‍යොතිෂයට සම්බන්‍ධ පොත් පත් කිහිපයක් කියවන්න පටන් ගත්තා. වැඩේ තාම ඉවර නෑ. අද වියමන වෙන් කරන්නේ ලග්නයක් හිමි තැනැත්තන්ගේ ගති ස්වරූපය පිළිබදව ලේඛණ දෙක තුනකින් අහුලා ගෙන එක් කර ගත්ත දත්ත වලින්.
මීදුම මුල්ම ලග්ණය හැටියට තෝරා ගත්තේ මීන ලග්නය.

මීන ලග්නය ලග්න දොළහ අනුපිළිවෙලට ලියා ගෙන යන කොට සදහන් ව න්නේ අන්තිම ලග්නය හැටියට. ඒත් මීදුම මේ මීන ලග්න කාරයින් කිහිප දෙනෙකුට මේ දත්තයන් ආදේශ කරලා පුංචි පර්යේෂණයක නිරත උනා . ඒ ලැබුන අව‍බෝධය මත හිතුනා මීදුම කියවන ඇත්තන් අතර ඉන්න මීන ලග්න කාරයින් ඉන්නවා නම් ඒ අතරත්
මේ දත්ත විසුරුවා හැරලා ප්‍රතිචාර ලබා ගන්න.

මීන ලග්න හිමියෝ පුංචි කාලයේ බොහෝම කඩිසරව වැඩ කටයුතු කරන අයළු. වයසින් මෝරන්න මෝරන්න තැන්පත් ගති ක්‍රමයෙන් වැඩි දියුණු වෙලා වැඩ කටයුතු වලදී පවා මන්දගාමී ස්වරූපයෙන් කටයුතු කරනවා කියලයි කියන්නේ. අදහස් උදහස් බොහෝම යාවත්කාලීනයි. අළුත් අළුත් දේවල් අත්හදා බලන්න කැමතියි. නැවුම් නිර්මාණ වලට කැමැත්තක් දක්වන උදවිය මීන ලග්න කාරයෝ අතර වැඩියි කියලා කියනවා.හැම තිස්සේම සතුටෙන් ඉන්න උත්සහා කරන අසීරු අවස්ථා වල පවා උපේක්‍ෂාවෙන් හිතන්න දක්‍ෂයි කියලත් කියනවා.
තමන් සතු දෑ අනුන් වෙනුවෙන් පරිත්‍යාග කරන්නේ නිර්ලෝභිව කියලා කියනවා. යමක් ඉල්ලා ගෙන ආ කෙනෙකුට එය දිය යුතුද නොදිය යුතුද කියලා හිතන්නේ නැතිව දෙන ගතියක් මේ මීන ලග්න කාරයින්ට තියෙනවා කියලා සටහන් තිබුනා.ගරු නම්බු මහජන සේවයට කැමති වුනත් තෑගි බෝග ලබා ගන්න කැමති වෙන්නේ නෑ. තමන්ගේ යහපත් ගතිගුන සමාජයට දැනෙනවාට අකමැතියි. චිත්ත ප්‍රීතිය පිණිස සේවයට කැමතියි. ඒ නිසා සල්ලි බාගේ අතමිට ගැවසෙනවා අඩුයි.

මීන ලග්න කාරයින් අතර වර්තමාන දේශපාලකයෝ නම් එක්කෙනෙක් වත් නැතිව ඇති කියලයි මීදුම හිතන්නේ.

තවත් දවසක වෙන ලග්නයක් ගැන වියමන් කරන්නම්.

2010-10-25

සද තරු නිහඩයි-

ඔක්තෝම්බර් 10දා පස්වරු 6.22

ඔක්තෝම්බර් 10දා පස්වරු 6.22




සද තරු නිහඩයි-
ගහ කොළ නිසලයි
මුළු ලොව සැතපෙයි
සිතිවිලි විතරක් අවදි වෙලා
පියා නුවන් යුග
නිවා තැවුන සිත
සැතපෙන්නට වෙර දරන පැයේ
පාළුව තනිකම කුටියට අවුදින්
හදවත අවදිකලා


සද තරු නිහඩයි-
ගහ කොළ නිසලයි
මුළු ලොව සැතපෙයි
සිතිවිලි විතරක් අවදි වෙලා


මවා නුවන් ඔබ
ඔ‍‍බේ තෙපුල් සර
සිහිනයකින් මෙන් ගලා හැලේ
සෙනෙහස හඩවා මතකය ඉකි බිද
හදවත අවදි කලා.


සද තරු නිහඩයි-
ගහ කොළ නිසලයි
මුළු ලොව සැතපෙයි
සිතිවිලි විතරක් අවදි වෙලා

--අචාර්ය අමරදේව.




ඔක්තෝම්බර් 24 දා පෙරවරු 5.22
ඔක්තෝම්බර් 24 දා පෙරවරු 5.22
ඔක්තෝම්බර් 24 දා පෙරවරු 5.22

මේ සුන්දර සිතිවිල්ලත් සමග චන්ද්‍රයා තම කක්‍ෂය තුල ගමන් කරන අයුරු පිළිබදවත් මේ පින්තූර කිහිපයෙන් නිරීක්‍ෂණය කරන්න.
ඉහල පින්තුර දෙක ඔක්තෝම්බර් 10දා පස්වරු 6.22ට ඡායාරුප ගත කරන ලද අතර පහල ඇති ඡායාරූප තුන ඔක්තෝම්බර් 24දින පෙරවරු 5.53ට ඡායාරුප ගත කරනු ලැබීය.




2010-10-04

අපි නැවත හමුවෙමු




බොහෝ කලකට පසු මීදුම යලිත් යාවත්කාලීන කරන අදහසින් කරන මේ උත්සහායට අනුග්‍රහයක් ලැබේ යයි මීදුම විශ්වාසය පල කරයි.

2010-03-23

අහම්බයක මතක වත.



මතකයේ සිතිවිලි අතර පාවෙමින් සිටිනා විටක මට අහම්බයෙන් හමුවු රංජිත් නම් වු සහෘදයෙකුගේ සුවද මා අසලට විත් නතරවිනි. දින කිහිපයක මා අසල දැවටී ඉන් පසු කිසිදාක හමු නොවුන මේ මිනිසා ගේ නිසල දේහයට බුහුමන් කරන්නට මට පින් ලැබු නේද අහම්බයකිනි.

1978 වසරේ එක් සිහිවටනයක් ව පවතින දිනක සිට මා බස්රියකින් හෝ පෞද්ගලික රියකින් රත්නපුර නගරය පසු කරන විට පුංචි කදු ගැටයක් මත ඉදි කර තිබු හැටේ දශකයේ ගෘහ නිර්මානයන් උරුම කර ගත් නිවසක් දෙස බැලිමට නිතැතින්ම පුරුදුවි සිටියෙමි. මින් වසර පහකට පමණ පෙර එක් දිනක කොළඹ බලා යන අතර එම නිවස දෙස පුරුද්දට බලන විට සුදු බැනරයක් මත රංජිත්ගේ සම්පුර්න නම සමග ඔහුගේ අභාවය සටහන් කර තිබු බැනරයත් සුදුවට සැරසු අවට පරිසරයත් මගේ ගමන එතනින් නතර කර බස්රියෙන් මා බැස්සවීමට සමත් විය.

මම එතන සිට කතාව කියමි.

හොන්ඩා වාට්ටු රට පුරා ඇතිවුන, විවෘත ආර්ථිකේ කවුළු තුලින් රටට ගලා බසින ලද මෝටර් බයිසිකලයක් නිසා අප පලමු දවසේ මුණ ගැසිණි. මගේ සහෝදරයා බයිසිකල් අනතුරකින් ඉතාමත් බරපතල තත්වයකට පත්ව සිටියේය. ඔහු රත්නපුර මහ රෝහලේ ගිලන් ඇදක් මත තීරණාත්මක සටනක යෙදෙමින් අප අසරන තත්වයකට පත් කලේය. රත්නපුර මහ රෝහලේ අද මෙන් සෞඛ්‍ය පහසුකම් නොතිබු එම අවධියේ රෝගියා කොළඹ මහ රෝහලට මාරු කර යවීම සිදු කල යුතුව තිබුනත් කිසියම් අවාසනාවකට එම කාර්ය කඩිනම් නොවීය.

මට රංජිත් මුණ ගැසෙන්නේ මේ අසීරු අවස්ථාවේදීය. මම රෝගියා සමගම රෝහලට පැමිණ ඔහුගේ උපස්ථායකයා බවටත් නිසි බලධාරියා බවටත් පත්ව සිටිනා විටක පලමු පැයේ සිටම නන්නාදුනන රංජිත් මගේ දේවතාවා විය. මට වන මුදල් හැර සියළු අඩු පාඩු වහා හදුනා ගන්නා ඔහු ඒ සියල්ල ඉටු කර දුන්නේය. කොට්ට ඇද ඇතිරිලි උනුසුම් බෝතල් පවා ඔහුගේ නිවසින්ම වහා සපයන්න විය. දෙවන දිනයේ දහවල වන විට රෝගියා පිළිබදව අනියත බියකින් පිලියම් සොයමින් සිටිනා විටක ඔහුගේ බිරිද සහ තරුන දියණියද අප සනසන්නට හා පිහිටට රෝහල් වාට්ටුවට ආවා මතකය. මේ අතර රෝගීයා කොළඹ මහ රෝහලට රැගෙන යාමේ වැඩ පිලිවෙලක් පිටත සිටින අනෙක් සහෝදරයින් සකස් කර ගත්තත් ඔහු සෙලවීමටවත් සුදුසු තත්වයක නො සිටි බැවින් ගිලන් රථයක අවශ්‍යතාවය ඇතිවිය. ඔහු වහා කාර්යට මැදිහත් විය. රෝහලේ පරිපාලන නිළධාරියා සම්බන්ධ කර ගත් ඔහු රජයේ ගාස්තු ගෙවා ගිලන් රථයක් ලබා ගැණීමට අවස්ථාව සකස් කර දීමට කටයුතු කලේය.

රංජිත් ගිලන් රථය පසු පසින් ගිය අනෙක් වාහනයේ ඔහුගේ සියළු කාර්ය භාරයන් අමතක කර ද මා අපත් සමග කොළඹ මහ රෝහලටත් ගියේය. අසරන බවට පත්ව තිබු අපේ සිතිවිලි රංජිත්ගේ මනුෂ්‍යත්වය පිටි පසින් ගලා ගෙන ගිය ඔහුගේ වෘත්තිය හදුනා ගැණීමට තැත් නො කලේය. නුපුරුදු රොහල් පරිසරයේ අපට හදුනා ගත හැකි වුයේ ඔහු අප වෙත දැක්වු දයාව පමණය.

අපට බලාපොරොත්තු රහිතව දින හතරක් පමණ ගෙවී බලාපොරොත්තු බිහි කල පස්වන දවසේ රංජිත්ට රත්නපුරයේ ඔහුගේ නිවස සිහිවී තිබිණි.

ඔහු හිස් අතින් එවීමට මට කොහොමවත් සිදුකල නොහැකි කටයුත්තකි . රත්නපුර රෝහලේදී අප හට කරන ලද මෙහෙය කිසිදා මුදලින් තක්සේරු කර ගත නොහැකි තරම් අධික වටිනාකමකින්ද යුක්ත විනි. එහෙත් කිසියම් වටිනාකමට නොතරම්වු සුළු වු මුදලක් අතමිට මෙලවු මම රෝගියා බැලීමට ආ පිරිසකගේ වාහනයකින්ම ඔහුගේ නිවස කරා යොමු කර ඔහු වෙනුවෙන් කෘතවේදී වීමට හිත හදා ගත්තෙමි.

අද මෙන් සන්නිවේදන මං සහ සුලබ ගමනාගමන පහසුකම් නොතිබු එම අවධීයත් , අපේ ජීවන අරගලයන් හී ඇතිවු පීඩනයත් රංජිත් හා මා අතර ඇතිවුන සම්බන්ධතාවය දිය කිරීමට හැකිවිය. මා කාලයත් සමග රත්නපුර ඔහුගේ නිවස පසු කරන විට පමනක් ඒ දෙස විපරමින් බලා ගෙන යන නරඹන්නෙක් බවට පත්ව සිටියාය.

පසු කලක ඔහුගේ ජීවන වෘත්තිය මට හෙලි වුවත් මේ මානව හිතවාදියා ගැන මගේ සිත තුල ඉදිවු ස්මාරකය කඩා දැමීමට කිසිදා කිසිදු උවමනාවක් මට ඇති නොවීය.ඒ එදා දැක්වු දයාව ඔහුගේ වෘත්තිය අභිබවා ගොස් මතුව තිබු මිනිස් කම නිසාවෙන් විය යුතුය.

2010-03-10

මතකයේ සිරගත වෙමි.


කාලය ගෙවී යයි. පැරණි මතකයත් සමග අතීත සිද්ධීන් එකින් එක ගළපන විට ඇති වන පරස් පරයන් විසඳා ගත නො හැකි අන්තයන් හී සිරගත වේ. LTTE ක්‍රියාකාරකම් සිදුවු කාලයේ ප්‍රධාන දේශපාලන පක්ෂව හා සම්බන්ධ වු ප්‍රධාන පෙලේ පුද්ගලයින් කලින් කලට හැසුරුන ආකාරය වෙන් වෙන්ව සලකා බලන විට ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිලිබදව ඇතිවෙන පරස්පරතා අප පුදුම කරවන ඒවා බවට පත්වේ.

මෑතක ආන්දෝලනයට ලක්වු කෙටි කලකින් හැසිරීම් රටා වෙනස් වු සිද්ධියක් ලෙස සරත් ෆොන්සේකා සිද්ධ මාලාව මතකයත් සමග ගලපා බලන්නට මීදුම යෝජනා කරයි. මෙම වියමනේ යම් යම් මතක සිද්ධීන් සටහන් කරනුයේ අත්වැලක් වශයෙනි.

සරත් ෆොන්සේකා මාණ්ඩලික ප්‍රධානි වශයෙන් ඇමරිකාවට යයි. ඇමරිකා රජයේ ප්‍රශ්න කිරීම් වලට ලක්වන බව ප්‍රකාශ වේ. ඔහු ලක් රජය මැදිහත් වී ආපසු මෙරටට ගෙන්වා ගනි. ඉන් සති දෙක තුනක් ඉක්ම වන්නටත් පෙර මාණ්ඩලික ප්‍රධානි තනතුරෙන් විශ්‍රාම ගනී. ජනාධිපතිවරණයට ඉදිරිපත් වේ. මේ අතරට එක්වන අපේ දේශපාලන පක්ෂ නායක කරකාදීන් ඔහු ඔසවා තැබු අන්දම අපට සිහිපත් වේ.ඒ පිම්බීමේ ස්වරූපය යථා පරිදි හදුනා ගැනීමට සරත් ෆොන්සේකාට අපහසුවේ. ඔහු ඒකාන්තයෙන්ම ජනාධිපතිවරණයෙන් දිනනු ඇතැයි විශ්වාසයෙන් සිටි බවක් පැහැදිලිව දකින්න ලැබිණි.

ජනාධිපතිවරණය අවසන් අදියරට පැමිනෙන විට ජයග්‍රාහී ගමනක යෙදෙන ඔහු බව වටහා ගනී. නාම යෝජනා දී මුල් සති දෙකෙහි සිටි සරත් ෆොන්සේකා පසුව වේදිකාව තුල හැසුරුන අන්දම මෙනෙහි කරමු . ඔහු දේශපාලනයේ ඔසවා තැබු රනිල් වික්‍රමසිංහ මහතා වැනි ප්‍රබල චරිත හෑල්ලුවට පත් කරමින් ඒක පුද්ගල ගමනක යෙදෙමින් සිටි බව සිහිපත් වනු ඇති.

ජනාධිපතිවරණය අවසන්වේ. ඉන් පසු සරත් ෆොන්සේකා හමුදා භාරයට පත්වේ. පාර්ලිමේන්තු මැතිවරණය පකාශයට පත්වේ. රනිල් වික්‍රමසිංහ මහතා මහත් උද්යෝගයකින් යුතුව සරත් ෆොන්සේකා නිදහස් කිරීමේ ව්‍යාපාරයට දායකවේ. එතුමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හමුවන තෙක් ඒ පිලිබදව දැක්වු උනන්දුව අද වෙන විට හුලං බැස ඇති බවක් පෙනෙන්ට තිබේ. ඒ අතරට කොළඹ දිස්ත්‍රික්කයෙන් සරත් ෆොන්සේකා ද රනිල් වික්‍රමසිංහ මහතාගේ මනාපයට එරෙහිව තරග කරයි.

සරත් ෆොන්සේකා හමුදාපතිවු LTTE ක්‍රියාකාරකම් අවසන් අදියරේ පවත්නා වකවානුවේ සන්ඩේ ලීඩර් ඇතුළු මාධ්‍ය ප්‍රධානීන්ට සිදුවු අනතුරු සියල්ල සමාජය තුල අමතක කර දමන්නට කටයුතු කෙරිනි. ඒවා පිළිබදව නොයෙක් අත ඇගිල්ල දික්වුවත් නොවිසදුනු ක්‍රියා කාරකම් බවට පත්විනි. සන්ඩේ ලීඩර් කතුවරයා වු ලසන්ත වික්‍රමතුංග මහ මගදි මරා දැමිනි. එම මරණය පිළිබදව ද යම් යම් අංශ වෙත ඇගිල්ල දික්විනි. එහෙත් ජනාධිපතිවරණය නිවේදනය කරත්ම සන්ඩේ ලීඩර් පත්‍රය  සරත් ෆොන්සේකාට සහයට ඉදිරිපත්ව ගෝඨාභය වෘත්තාන්තය එලි දක්වක ලදී. ඉන් හටගත් කම්පනය ජනතාව ඡන්ද හතලිස් ලක්ෂත යේ සීමාවේ සරත් ෆොන්සේකා නතර කරන්නට එක් හේතුවක් විනි. ඔහු වර්තමාන තත්වයට පත් කිරීමටද පාදක විනි. එම ප්‍රකාශය පිලිබදව සන්ඩේ ලීඩර් මාධ්‍ය වේදිනිය පසුව අනුගමනය කල පිළිවෙත සිහිපත් කර බලමු.

LTTE ක්‍රියාකාරකම් හා රජය තදින්ම ගැටෙමින් සිටින විට රජය ආරක්ෂා කර ගත යුතු න්‍යායෙන් සිටි ජවිපෙය අයවැයේදී රජය අතහැර යයි. ජවිපෙය LTTE ක්‍රි යාකාරකම් පිලිබදව දැක්වු ස්ථාවරය පිළිබදව බෙදීමක් තිබුන බවක් පැහැදිලි කරමින් දෙකඩ වේ. රජයත් යුද්ධයත් සමග සිටි සරත් ෆොන්සේකා පසුව රජයට එරෙහිව යුද්ධයත් සමග නොසිටි කන්ඩායම හා පෑහි ජවිපෙයේ වෙන් නොවුන කන්ඩායම ජනාධිපතිවරණය දී එක්ව කටයුතු කරයි. වේදිකාවේ ඔවුන්ගේ නියෝජනය තිබුනේ කාගේ අරමුදල් සමගද යන්න ඩොලර් නෝට්ටුවලින් හෙලි දරව් වේ. මේ සිහිපත් වන හේතු කාරනා කිහිපයකි.

අප අනතුරක සිටින බව පැහැදිලිවේ . අප අනතුරකට ලක් කිරීමට අපේ නායක යන් මිළදි ගැනීමට කාට හෝ උවමනාවක් ඇති බව පැහැදිලි වේ . අපේ නායක යන් අලවි වන බවත් පැහැදිලිවේ. ඉතින් සැකයෙන් තොරව අප කාට සහයෝගය දැක්විය යුතු ද යන්න සිතීම මංමුළාව අතරමං වන කාරණයකි. කවුරු තෝරා ගෙන ඔවුන් අනුගමනය කලත් සියල්ලෝ ම අපට ප්‍රශ්න ඉතිරි කර පලා යන බව නම් පෙනෙනා එක් දෙයකි.

2010-03-05

උත්තරයක් නැති ප්‍රශ්නයක්



දිනය මාර්තු 04 වෙලාව පෙරවරු 9 පසුවෙලා මිදුම ට සිරස ගුවන් විදුලියේ ප්‍රචාරයවු වැඩ සටහනක් අසන්නට ලැබුනා.
පාසල් දැරියක ගැබ් ගෙන ඇතැයි සැක කර පාසලෙන් අස් කරලා. ඒ දරුවා , දරුවා ගේ මව, පංති භාර ගුරුතුමිය, විදුහල්පතිනිය, කලාප අධයාපන අධ්‍යක්‍ෂිකා , පලාත් අධ‍්‍යාපන අධ්‍යකෂක සිරස ප්‍රශ්න කිරීම් වලට ලක් කරමින් වැඩ සටහන ඇදෙනවා.

කතාව මට තේරුණ විදියට මෙහෙමයි. දරුවා අපොස සා.පෙ. සිසුවියක් ඈ හට වමනය ,පපුවේ දැවිල්ල සහ බඩේ දැවිල්ල , යන රෝග ලක්ෂකණ නිසා රෝහල් ගතව ප්‍රතිකාර ලබා ගැණිමට සිද්ධ වෙනවා. මේ දරුවාගේ පියා ජීවතුන් අතර නැහැ. මවත් සහෝදරයාත් සමග ජීවත් වන්නේ.
ප්‍රතිකාර ලබා පාසලට ආ පසු ටික දිනකින් පංති භාර ගුරුතුමිය ඇගේ නිවසට දුරකතන පණිවිඩයක් දෙනවා පසු දින මව ට පාසලට පැමිණෙන ලෙස දන්වමින්. මව පාසලට ගිය පසු පංති භාර ගුරුතුමිය විමසා සිටිනවා දියණිය ගැබ් ගෙන ඇති බව මව දන්නවා ද කියලා. ඈ ඒ බව ප්‍රතික්ෂෙ ප කරමින් තොරතුරු ඉදිරිපත් කලත් විද්යාල පරිපාලනය දරුවා පාසලෙන් අස් කරනවා.

පසුව ඈ එම දරුවා රෝහල් ගතවූයේ ඉහත රෝග ලක්ෂන නිසා බවත් ඈ ගැස්ට්රික් රෝගයෙන් පෙළුණ බව වෛද්‍ය වාර්තා රෝහලෙන් ලබා ගෙන ඉදිරිපත් කලත් විද්‍යාල පරිපාලනය ඒවා පිලිගන්නේ නෑ. ඉන් අනතුරුව දරුවා පුශව හා නාරී වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා ලක් කරනවා. එම වෛද්‍යවරයාත් වාර්තා කරන්නේ දරුවා ගැබිනියක නොවන බවයි. ඒ වාර්තාව නිසා දරුවාට නැවත පාසලට එන්න කියනවා .

ඒත් එම දරුවාට පාසල තුල නිර්මාණය වී ඇති තත්වය තුල පාසලට යන්න බැහැ. වෙනත් පාසලක් ලබා දීලත් නැහැ. ප්‍රශ්නය ඒකයි.
සිරස මාධ්‍ය මේ ප්‍රශ්නය තළු මරමින් ප්‍රචාරය කල නිසා අළුත් තත්වයක් ඇතිවනවා. වෙනත් පාසලක් ලබා දුන්නත් දරුවාට ඒ පාසලෙත් නිර්මාණය වෙන්නේ පෙර පාසලේ තත්වයමයි.

දැරියකට නෙමෙයි වැඩිහිටි කාන්තාවක උනත් අවිවාහක ව ගැබ් ගැණීම අපේ සමාජය දකින්නේ මහත් අපරාධයක් ලෙසයි. කාන්තාවක අගරු බවට පත් කරන්න වෙනත් මාතෘකාවක් අවශ්‍යම නැහැ. මෙවන් චෝදනාවක් හොදටම ඇති. එවන් සමාජයක මේ දැරිය පත් වෙන්න ඇති පීඩනය ගැන අපට හිතා ගන්න පුළුවන්.

මීදුම අවධානය යොමු වන්නේ අපේ රටේ අධ්‍යාපන ක්‍ෂෙත්‍රය හැසිරෙන ආකාරය ගැන. මේ දරුවා අසීරුවට පත් වෙන්නේ ඉතාමත් සංවේදි එමෙන්ම රහස්‍යගතව සාකච්ඡා කල යුතු පාසල් දරුවෙකුගේ විනය පිළි බද ප්‍රශ්නයක් ප්‍රසිද්ධියේ විසඳීමට පාසලේ විදුහල්පතිනියත් පංති භාර ගුරුතුමියත් කටයුතු කිරීමෙන්. ජීවිත කාලයට ම අසරණ වන දරුවා ගැන පූර්ව නිගමනයකට පත්වෙන්න තරම් පුරුදු පුහුණු වී නොතිබීම ගැන.ණා පුහුණුවී තිබුනා නම් මේ වගේ තත්වයක් පාලනය කර ගන්න ඔවුන්ට හැකි වෙනවා.

අපේ අධ්‍යාපන ක්ෂෙත්‍රයට වැඩි ප්‍රතිශතයක් බදවා ගන්නේ උපාධිධාරීන් . අධ්‍යපන ක්‍ෂෙත්‍රය උපාධිධාරීන් හට රැකියා සපයන ආයතනයක් බවට පමණක් පත්වෙලා. රජය උපාධිධාරීන්ගේ විරැකියාව පියවන්න යොදා ගන්නේ අද්‍යාපන ක්‍ෂේත්‍රය. එසේ නම් විශ්ව විද්යා‍ල විෂය නිර්දේශයන් ඒ අනුව සකස් කර ගන්න උනන්දු නොවන්නේ ඇයි කියලා හිතා ගන්න බැහැ. බදවා ගත් පසුව වත් වෘත්තියට සුදුසු පුහුණු වීම් වල ඔවුන් යොදවන්නේ නැහැ.

උත්තරයක් නැති ප්‍රශ්නයක මේ දැරිවිය විතරක් නෙමෙයි සමාජයම අතරමං කරලා !.

2010-03-03

ඇදුම් ඇන්දවීම


ඇන්දවීම මේ දවස් වල ගජරාමෙට කරන දෙයක් . මීදුම යොමුවන්නේ ඒ ඇන්දවීමට නෙමෙයි. ඇදුම් ඇන්දවීම ගැන කියන්න. මේ මාර්තු මාසේ. රජයේ සේවකයින්ට නම් මාර්තු අන්තිම වැටුප සමග හම්බුවෙන උත්සව අත්තිකාරමටයි - අපි වගේ යල මහ දෙක වැඩ කරන ඇත්තෝ යල කන්නේ අස්වැන්නටයි අන්දන්න දැන් පටන්ම සාප්පු කාරයෝ සේල් පටන් අරන්.

අපේ මුල්ම නෑදෑයාට නම් මේ ඇදුම් ප්‍රශ්නේ නෑ. මිනිසා හැර සියළුම වානර වර්ගයාට ලෝම ඇදුමක් දෙන ගමන් මැවුම් කාර දෙවියෝ මිනිසා කියන වානරයා නිරුවත්ව තැබුවා. ඒක හින්දා සත්ව විද්‍යාඥයෙක් වන ඩෙස්මන් මොරිස් මිනිසා හැදින්ව යේ ‘‘ නිරුවත් වානරයා “කියලා. මිනිසාට ලෝම පිරුණ හමක් නැති හින්දා ද කොහෙද ඇදුම් අදින්න පටන් ගත්තා.

අපි බොහොමයක් ෆැෂන් එකට ෆැෂන් කරනවා. විලාසිතා ගැන පරීක්ෂණය කරන අයට නම් මේක ෆැෂන් එකක් නෙමෙයි. අද අපි අදින පලදින ඇදුම් වල පරිනාම ඉතිහාසය අවුරුදු 7000 ක් විතර ඈත අතීතයට දිව යන්නක් කියලයි ඒ ගොල්ල කියන්නේ.

සරල සමාජයක නම් ඇදුම පැලඳුම දේශය හැටියට බැදෙනවා. අපේ රටේ නම් සරම කමිසයක් දා ගත්ත ම , කාන්තාවක් සාරියක් ඔසරියක් ඇන්දම ඒක කොයිබටත් ගැල පෙන විලාසිතාවක් . ඒත් අපේ රටේම සංකීර්ණ සමාජ පැලන්තිය ට කාලයෙන් කාලයට රටාව වෙනස් වන ඇදුම් විලාසිතා මැවෙනවා.1844 – 1919 කාලයේ ඇදුම් මෝස්තර පිලිබදව අධයනයක යෙදුණ ක්‍රීබර් නම් මානව විද්‍යඥයා මේ මෝස්තර වෙනස් වෙන්නේ යම් න්‍යායකට අනුව කියලා පැහැදිලි කරලා තියෙනවා අපි අදින ඇදුම් මෝස්තර අවුරුදු තිහෙන් තිහට ගළපලා බැලුවොත් කාලානුරූපව එක් ගමනක යෙදෙන මෝස්තර අපට හඳුනා ගන්න පුළුවන් වේවි.

අපේ රටේ ඇදුම් පැලදුම් විලාසිතා මහත් වෙනසකට පත්වෙන්න පටන් ගත්තේ 1977 පස්සේ කෝකටත් තියෙන දේශපාලනය ඒකටත් බලපාන්න ඇති. විවෘත ආර්ථිකය නිසා දූපතක් ව තිබූ ශ්‍රී ලංකාව අන්තර්ජාතික යට විවෘත වුනා. ඒ පාර දිගේ ගලා ගෙන පෙර සතියේ ප්‍රශයේ , ලන්ඩන් ,නිව්යෝරක් වල එලි බැස්ස මෝස්තර ඇගලා ගෙන මේ සතියේ අපේ තරුණ ළමයින් හැඩ වැඩ වෙනවා. ඒ ‍ගොල්ලන්‍ගේ ‍මෝස්තර මැ‍වෙන්‍නෙත් අ‍පේ ශ්‍රම බකා‍යෙන් කියලා අමතක කරන්නත් ‍හොද නැහැ.

ගාන වැඩි ඇදුම් පැළදුම් වලින් සැරසුනාට මිනිසුන්ගේ වටිනා කම වැඩිවෙන්නේ නෑ. කරන කියන දේවලුත් ඒවට බල පානවා. එත් අපේ ඇත්තෝ දහස් ගනන් දීලා සැරසෙනවා. බොහෝම විට තමන්ගේ සිරුරට ගැලපෙන තාලයේ ලාබ ඇදුමකින් තමන්ගේ වටිනා කම කැපිලා පේනවා. හිතේ මදි කම වහගන්න සාප්පු කාරයා පොහොසත් කරනවා.

පාරට බැස්සම එන හැම බස් එකටම අත උස්සලා නැග්ගොත් තමන්ට ගමනක් නෑ වගේ වෙලද පොළට එන හැම මෝස්තර ම ඇගේ දවට ගත්තොත් තමුන් විලාසිතා වල හිරකාරයෙක් වෙයි. ඒ හින්දා සාප්පු වල ප්ලාස්ටික් ඩමියක් නෙමෙයි අපේ සිරුර කියලා හිතා ගෙන ඇදුම් පැලදුම් තෝරා ගන්න ඕනි. සාප්පු කාරයින්ට අන්දන්න දෙන්නේ නැතිව අපි සාප්පු කාරයෝ අන්දමු.

2010-02-24

කතා දෙකක්.



පසුගිය දිනක ඌව පලාත් සභාවේ පලාත් සෞඛ්‍ය අධිකාරිතුමියගේ කාර්යාලයට මීදුම ට යන්න සිද්ධ වුනා. මිදුම ගේ ව්‍යාපාරික ශෛලියෙන් නම් විනාඩි දහයක වැඩක් කර ගන්න තිබුනේ. ඒත් එතුමියගේ කාර්යාලය රජයේ කාර්යාලයක් නේ. පස්වරු එකේ සිට පස්වරු පහ වෙන කම් කාරනවා ඉටු කර ගන්න බැරි උනා කියමු කෝ.


අන්තිමේ දි පස්වරු පහට ලිපියට අත්සන් කරන්න හිටපු පලාත් සෞඛ්‍ය  අධිකාරි තුමියට ගෙදර යන්නත් බැහැ. මගේ ලිපිය එදිනටම නිකුත් කල යුතුවු අත්‍යාවශ්‍ය රාජකාරි ලිපියක් නිසා . එතුමිය ඇවිත් පරිපාලන නිලධාරියාටයි . සී සී ට යි පරිගණක දත්ත සැකසුම්කාරිණියටයි හතර හමාරට නො ගිය අතිකාල කාරයින්ටයි හොඳට ම දොස් කිව්වා.
ඊට විනාඩි දහයක් යන කොට යාන්තම් ලියුම අතට හමු වුනා.


මම මේ එකම ලියුමේ සටහන් දෙකක් යොදා අත්සන් කර ගන්න පලාත් ඌව රජ්‍ය සේවා කොමිසමටයි - ඌව පලාත් සෞඛ්‍ය අධිකාරිතුමියගේ කාර්යාලයටයි එදා දවස පාන්දර අටයි තිහේ ඉදන් හවස පහයි විස්ස වෙනකම් පැය පැය අටකුත් විනාඩි පනහක් කාර්යාල දෙකේ ගත කරලා බදුල්ලෙන් බස් නැග්ගා.


ඔන්න අපේ කාර්යක්ෂමතාවය.

මේ අතර මාත් එක්ක මේ ආයතන දෙකේ දීම මට වෙච්ච දුක හා සමාන දුකක් බෙදා ගත්ත තවත් මහත්තයෙක් හමු වුනා. මෙතුමා රජයේ නිලධාරියෙක් .මම ඇහුවා ඔබතුමාගේ කාර්යාලයත් මේ වගේද කියලා . මේ එතුමා කියපු කතාවක්.


අපට දවස ගෙවා ගන්න අනෙක විවිධ මාතෘකා මතු වුනා. ඉන් එකක් සටහන් කරන් නම්.


අපේ රටේ අපනයන බෝගයකට සම්බන්ධ වැවිලි සංස්ථාවක සභාපති තුමෙක් ගැන. මේ වැවිලි සංස්ථාව රාජපක්ෂ සහෝදර සමාගමට අයිති සහෝදර ඇමතිවරයෙකු යටතේ තිබියදී සභාපතිවරයෙක් පත් කලා. ජනාධිපතිතුමාගේ දෑත් ශක්තිමත් කරන්න කියලා එක එක දිශාවෙන් මංත්‍රී ඇත්තෝ බල්ටි ගැහුවා නේද. ඒ කාලේ බල්ටි ගහපු මංත්‍රී උත්තමයෙකුට මේ සංස්ථාව අයත් අමාත්‍යයං ශය බාර දීලා රාජපක සහෝදර සමාගමේ ඇමතිවරයා යන්න ගියා.
දැන් සභාපතිවරයා අළුත් ඇමති තුමාට පෑහෙන්නේ නෑ. ඇමතිතුමා නියෝජ්‍ය සභාපතිවරයෙකු පත් කලා. මේ දෙන්නා අහසට පොළව වගේ පැවතුම් තියෙන දෙන්නෙක්. නියෝජ්‍ය සභාපතිවරයා අධිකරණයෙන් ලබපු උපාධි මට්ටමේ සහතික එහෙම තියෙන ඇත්තෙක්. සභාපති තුමා බුද්ධ ශාසන අමාත්‍ය තනතුරක් තිබුණා නම් ඒකට ගැළපෙන දේශපාලනඥයෙක්.


මේ දෙන්නා පරිපාලන ගනුදෙනු වල දි ගැටෙමින් ඉන්න කොට ඇමතිතුමාට ඉඩ දීලා සභාපති තුමා නියෝජ්‍ය සභාපතිවරයා ට රාජකාරි නිල වශයෙන් පවරලා ගෙදරට වුනා. සභාපතිවරයාගේ පරිපාලන සමයේ ලාභ ලබාපු ආයතනය ඉන් පස්සේ පාඩු ලබන්නට පටන් ගත්තා. මේවා ජනාධිපතිතුමාගේ අවධානය පිණිස ඉදිරිපත් කරලා පසුගිය කාලේ ජනාධිපති විමර්ශණ ඒකකය විමර්ශනයක් පටන් අරන් තිබෙනවා කියලත් ආරංචි තියෙනවා.


මේ කතාව කියපු මාත් එක්ක දවස ගත කරපු මහත්තයා ඒ සභාපතිවරයා, සංස්ථාවේ නිෂ්පාදන ගෙදර ගෙනිච්චත් ඒවටත් සල්ලි දෙන්න තරම් ලජ්ජා බයට කටයුතු කල කෙනෙක් කියලා කිව්වා.


ඔන්න ඔහොමයි අපේ රටේ හැටි.

2010-02-20

නිවැරදි පූර්වාදර්ශ ඇති කරමු.




දේශපාලනය විසින් මුලින්ම ජානක පෙරේරාව ජීවිතයෙන් ම සමු ගන්වා රටට අහිමි කලා . පසුව සරත් ෆොන්සේකා දේශපාලනයට ගෙන විත් එතුමා ලවා වේදිකාවේ දිග හරින ලද රට පාවාදීමේ කතා නිසා ඔහුත් යම් සමාජ කොටසක අපකීර්තියට පත්ව සිටිනවා. වර්තමානය වන විට චූදිතයෙක් ව තමා නායකත්වය දුන් හමුදාවේ ම භාරයට පත් වුන පුද්ගලයෙක් බවට පත් වෙන්නත් සිද්ධ වෙලා. අපේ ස්වාමීන් වහන්සේලා මේ දිනවල ජනතා කතා බහට ලක් වෙලා. පසු ගිය කාලේ සරත් ෆොන්සේකාට එරෙහිව සංඝාඥාවක් නිකුත් කරන්න සූදානම් වුනා. අද ස්වාමීන් වහන්සේලා සරත් ෆොන්සේකා ට පක්ෂ ව සිවිල් නීතිය , හමුදා නීතිය යන දෙකට ම ඉහළින් සමාජ බලපෑමක් නිර්මාණය කරන්නට පරිසරය සකස් කරමින් සිටිනවා. දේශපාලනඥයන් විසින් මෙහෙයවනු ලබන මේ මැදිහත් වීම් නිසා එතුමන් ලාත් අපකීර්තියට පත්වේයැයි සමාජය සිතෙනවා.

සරත් ෆොන්සේකා සහ ඔහු දේශපාලන වේදිකාවට කැඳවා ගෙන එන්න පෙරමුණ ගත් කණ්ඩායම් වේදිකාව තුල සරත් ෆොන්සේකා ලවා දිග අරින ලද්දේ දූෂිතයන් හිරේ යැවීම, යම් යම් නීතිමය අපහසුතා වයන්ට පත් කිරීමත් වැනි කෝප සහගත අනාගත සිතිවිලි වලින් පිරි තේමාවක් . බහුතර ජනතාවක් මේ තේමාවට ඇහුම් කන් දුන්නේ නැති බව ප්‍රතිපල දෙස බලන විට පෙනෙනවා. ඔවුන් වැඩි පිරිසක් යළිත් දූෂිතයන් යයි පෙන්වා දුන් මහින්ද කෙරෙහිම විශ්වාසය පල කලා. මහින්දට එරෙහිව එදා නගන ලද චෝදනා අද අධිකරණයට ගෙන එන්න කාලය පැමිණිලා තියෙනවා. ඒත් එම සිද්ධින් පසෙකට ලා මැතිවරණ ප්‍රතිඵල අභියෝගයට ලක් කර ජනතා අවධාණය ලබා ගන්න උත්සහා කරනවා. හැමදාමත් මේ දේශපාලනඥයන් සිදු කරන්නේ එදා වේල සොයා ගැණීමේ ක්‍රමයක් සෙවීම මිසක් ජනතා හිතවාදී කටයුත්තක නියලීම නෙමෙයි.

පාරම්පරික වම නො වෙනස් වන එජාප ඡන්දදායකයෝ දූෂණයට එරෙහිව ඡන්දය දුන්නා යයි සිතන්නට බැහැ. ඔවුන් තම නො වෙනස් ප්‍රතිපත්තියට ගරු කරමින් එජාප නියෝජිතයා යයි සලකා හංසයාට කතිරය ගැසුවා. මෙම කතිර ප්‍රමානය අඩු තරමින් ලක්ෂ තිහක් වත් වන්නට ඇති. මෙම ඡන්දදායකයන් අතෘප්තියට පවත්ව සිටී නම් ඒ තම චන්දය පරාජයට පත්වීම පිළිබඳ ව මිස - දූෂණය පරාජය කර ගත නො හැකි වීම නිසා නොවන බව පැහැදිලි කරුණක් . මොවුන් මේ වන විට තම ඡන්දය දී පක්ෂ යට තම යුතුකම ඉටු කර අවසන් කර දෛනික කටයුතු වලට අවතීර්ණ ව සිටිනවා .

සරත් ෆොන්සේකාට ඡන්දය දුන් සියල්ලෝ ම දූෂණයට එරෙහිව ඡන්දය දී අතෘප්තියට පත් ව හා කලකිරීමට පත්ව වීදි බසිනා මානසිකත්වයකට පත් වී නැති බව තේරුම් ගන්න බැරි කොටසක් ඉන්නා බව පෙනෙන්නට තිබෙනවා . ඡන්ද 40 ලක්ෂයකින් 0.1% ක් වත් වීදි බස්සන මානසිකත්වයකට කොටු කර ගැණිමට නම් වර්තමාන පාලක පක්ෂය ජනතා පීඩක ස්ථාවරයක් කරා තල්ලු වී යා යුතුයි. එය මේ රජයෙන් තවමත් ඉටු වී නැහැ.

වීදි බැස යම් දේශපාලන ප්‍රතික්‍රියාවක නිරත වීමට සටන්කාමීත්වයක් ඇත්තේ ජවිපෙ සහෝදර -විරුවන්ටයි. ඔවුන් තම සාමාජිකයන් ද බිල්ලට ගත හැකිවන ප්‍රභුවරුන් සහ අපේ ස්වාමීන් වහන්සේලා මෙහෙයවමින් , යම් යම් දේශපාලන ක්‍රම වේදයන් අනුගමනය කරමින් සිටින බවක් අවධානයෙන් සිටින කෙනෙකුට පැහැදිලිව නිරුපනය වෙනවා.

හංසයා සමග සිටි කණ්ඩායම් ජනාධිපතිවරණයෙන් තම අපේක්ෂකයා ජයග්‍රහණය ලබනවාමයයි අධි තක්සේරුවකින් සිටි බව එකල පෙනෙන්නට තිබුණා . ඒ අනුව යමින් ඔවුන් තම අනාගත අපේක්ෂාවන් ගොඩ නගා ගත්තා. ප්‍රතිපලත් සමග එම අපේක්ෂාවන් ක‍්ෂණිකව කඩා හැලීමෙන් ඇතිවූ කම්පනයෙන් සහ පරාජය දරා ගත නො හැකි ව කරනා මේ විකාරයෙන් රට තවත් අනතුරකට රැගෙන යන බවක් නම් පෙනෙන්නට තියෙනවා. මේ කන්ඩායම් තම අනුගාමිකයන් රඳවා ගැණීමට වෙනත් විකල්පයක් නැතැයි සිතනවා විය හැකියි.

සෑම මැතිවරණයක් අවසානයේ දීම මැතිවරණය දූෂිතයි කීම පරාජය වන පාර්ශවයේ පුරුද්දක්. ඉන් පසුව වීදි බැස නන් වැදෑරුම් ආකාරයේ විරෝධතා කරමින් රට කරවන පාර්ශවයේ ගමන් මග අහුරන ක්‍රියා දාමයකට යාම පරාජය වන පාර්ශවය අපි දන්නා කාලයේ සිට කරන්නක්. එසේ නැතිව වැඩි ජනතා කැමැත්තෙන් පත් වන පාර්ශවයත් සමග රටේ දියුණුවට කටයුතු කිරීම අපේ දේශපාලකයන්ට පුරුද්දක් නැහැ. මේ බවක් අපේ ස්වාමීන් වහන්සේලාවත් පිලිගත් බවක් අතීතයට යොමු වන විට අපට දක්න ට ලැබෙන්නේ නෑ. එතුමන්ලාටත් මේ පිල් වලට බෙදී රටට කරන හානිය ගැන හැගීමක් ඇතිවෙන්නේ නැති වීම ස්වාමීන් වහන්සේලාට නොතිබිය යුතු පෘථග්ජන මානසික ස්වභාවයක්.

දේශපාලකයෝ නම් මහ විස කුරු සර්පයන්ගේත් අතිශයින්ම කපටි සිවු පා සත්ව විශේෂයේ සංකලනයක් ලෙස හදුන්වා දිය යුතුයි. ඔවුන් ද්විත්ව ක්‍රියාකාරීව තම අභිමතාර්ථය උදෙසා බිල්ලට ගත හැකි සැම දෙනා ම බිල්ලට ගන්නවා. නීති පද්ධතියේ ස්වරූපය පසක තබා සාකච්ඡා කිරීම සහ අනුශාසනය කිරීම යාම නිසා ස්වාමීන් වහන්සේලා ද මේ දේශපාලන උගුල් වලට අසු ව ඇති බවක් පෙනෙනවා .

සරත් ෆොන්සේකා විෂයයෙන් වුවද ඔහු නිවැරදි නම් අධිකරණයෙන් නිදහස් වනු ඇති. වරදක් කර නැත්නම් කිසිවෙක් නීතියට බිය විය යුතු නැහැ. තම නිරවද්‍යතාවය පැහැදිලි කර ගන්න මෙය හොද අවස්ථාවක් කර ගන්නත් පුළුවන්.

සුපිරි සිදු අත් ඇති කෑ මොර දෙන ඇත්තෝ කල යුතු ව ඇත්තේ චෝදනා ඇති අනෙක් පාර්ශවයටද මේ අභියෝගයම එල්ල කිරීමයි. ඔවුන්ට එරෙහිව කටයුතු කිරීමට අධිකරණය මෙහෙය වීමයි. ඒ සදහා රජය කියා බාධාවක් තබා ගත යුතු නැහැ. සිවිල් ආයාතන පෙල ගැසී මැතිවරණයට පෙර වේදිකාවේ දිග හරින ලද දූෂණ චෝදනා අධිකරණයට ඉදිරිපත් කිරීම කල යුතුයි . මේ කටයුත්ත පුර්වාදර්ශයක් ලෙස ආරම්භ කලොත් කිසි දා බලය අනිසි ලෙස යොදා බඩ වඩා ගැණිමට සියල්ලෝම බිය වනු ඇති.

සරත් ෆොන්සේකා බලයට පත් වුයේ නම් විරුද්ධ මතධාරීනුත් ජනතාවත් ඔහුට විපක්ෂ වු දේශපාලඥනයනුත් නලවමින් කිරි පොවමින් සිටීමට උත්සහායක් දරන එකක් නැහැ. පරාජයට පත් ව කී දෑ පමනක් සිතා බලන විට ජයග්‍රහණය කලා නම් කෙසේ වනු ඇත් දැයි සිතා ගත හැකියි .ඔහු ද අනිවාර්යයෙන් සිදු කරනු ඇත්තේ ඔහු කී දේ ඉටු කර පෙන්වීමයි. කාගේත් යහ පාලනයේ ඇගිල්ල මෙතෙක් දිගුව ඇත්තේ තමන් දෙසට නොව පුතිවිරුද්ධ දෙසට බැවින් ඔහු මේ විදින අපහසුතාවය එවිට විදින්නේ ඔහුගේ විරුද්ධ මතධාරීන් විය යුතුයි.

ස්වාමීන් වහන්සේලා කල යුත්තේ ජනතාවට නිවැරදි පූර්වාදර්ශ ඇති කිරීමටත් , ඉතිරි කිරීමටත් ස්වාධීනව සිට අනුශාසනා කිරීමයි. එසේ නො වුන හොත් එතුමන් ලාද ජනතාවගේ අවලංගු කාසි බවට පත්වීම නො වැලක් විය හැකියි. එතුමන් ලාට ලනු දෙන්න පැමිණෙන පක්ෂව විපක්ෂ සියල්ලටම ජනතාවගේ පාර්ශවයෙන් සිට අනුශාසනා කිරීමයි.

2010-02-14

ජනතා සේවය පිණිසයි ! .


පලාත් සභා ඡන්දේ තිබුනා. යාන්තම් යුද්ධෙට පිහිට වෙන්න ජනාධිපතිතුමාගේ ප්‍රතිරූපයත් විකුණලා ගොඩ ගියා. ජනාධිපතිවරණය ආවා. ජනතා විනිශ්චයට පත් වුනේ ජනාධිපතිතුමා යි. එතුමා නිසි ජනතා ඇගයීමක් ලැබුවා.

දැන් විනිශ්චයට පත් වන්නේ හිටපු පාර්ලිමේන්තුව. මේ පාර්ලිමේන්තු ගොල්ලන්ට නම් ජනාධිපතිතුමාගේ ප්‍රතිරූපය මේ පාර විකුණ ගන්න බැරි වෙයි.

අපේ පාර්ලිමේන්තුවේ ඉන්නේ 1970න් පස්සෙ වරින් වර මේ දක්වා ඒ ඒ දේශපාලන පක්ෂ වලින්  එකතු වුන මුහුණු රැසක්. මේ මුහුණු දැන් බොහොම පරණ වෙලා. ඒ වගේ ම ජනතා සේවයෙන් විශ්‍රාම යවන්න තරම් සුදුසු තරමට ජනතාව රවටලා  මුලා කරලා දූෂිත වෙලා. අප්‍රසාදයට පත් වෙලා . ඒ මදිවට වයසටත් පත් වෙලා.

2010 කියන්නේ 1970 ඉඳන් අවුරුදු තිහක්. වයස අවුරුදු 30 දී දේශපාලනයට එකතු වුන කෙනෙක් ගේ දැන් වයස අවුරුදු 60ක් . අවිවාදයෙන් ම මේ අය විශ්‍රාම යවන්න ඕන වයස ඇවිල්ලා. කාර්යක්‍සමතාවයක් නැති මේ අය තියා ගත්තොත් අපට සුබ අනාගතයක් ඇතිවෙන්නේ ඉබි ගමනින්ම තමයි. මේ ගොල්ලත් එක්ක අපි ගත කල පහුගිය අවුරුදු 30 ගෙවුණේ කොහොමද කියලා දන්නවා නේ !.

මේ ඉන්න කට්ටිය ජේ. ආර් ගේ ව‍්‍යවස්ථාවෙන් බිහි වුන මනාප සෙල්ලමෙන් දිනලා පාර්ලිමේන්තු ආ උදවිය. චන්දයකදී වියදම් කරන මුදල් ප්‍රමානය මත තමයි මේ ගොල්ලන්ගේ ජයග්‍රහණය රැඳිලා තියෙන්නේ. චන්දෙකදී මේ ඉන්න අය වියදම් කරන තාලේට වියදම් කරන්න උගතෙකුට වියතෙකුට කවදාවත් ප්‍රමානවත් මුදලක් ජීවිත කාලයක් රැස් කලත් ඉතිරි කර ගන්න බැහැ.  තමන් කරන වෘත්තීන්ගෙන්. අනිත් අතට වයාපාරයක් කරලා සල්ලි ගොඩවල් ගහ ගන්න කීයෙන් කී දෙනෙක් උගතෙක් වියතෙක් වෙන වද ?. මේ න්‍යාය ආදේශ කරපු වහම රට කරවන අණ පණත් හදන උත්තරීතර තැන ඉන්න මැටි ගොඩවල් ගැන හිතා ගන්න පුළුවන් නේ ?.

පසුගිය පාර්ලිමේන්තු ඡන්දයෙදි රුපියල් ලක් ෂ හැත්තෑවක් වියදම් කරලා මනාප 70,000කට ආසන්න ගානක් අර ගෙන දිස්ත්‍රික් ලැයිස්තුවේ පලවෙනියාට එන්න උත්සහා ගත්ත කෙනෙක් මේ මැතිවරණ මුව විට දී මීදුමට මුණ ගැහුණා. එතුමාගේ එක් මනාපයක එදා වටිනාකම රුපියල් 1000/= යි. පසුගිය පාර්ලිමේන්තු ඡන්දෙට සති දෙකක් විතර ඉස්සර හමුවෙ ලා උදව් ඉල්ලපු මේ උත්තමයා ආයේ හමුවන්නේ ඊයේ පෙරේදා දවසක. මේ ඡන්දයටත් උදව් කරන්න ලෙන්ගතු ආරාධනයක් එතුමගේ ඇමති කම රැක ගන්න.
ඇමති කාලේ මීදුම එතුමා හමු වෙන්න ගියා ම ජනතා පෝලිමේ පේලියට ඉදලා එතුමගේ අවධානය ලබා ගන්න “සර් “ කියන්නත් එකත් පස්ව ඉන්නත් සිදු වෙලත් එතුමාට ඔළුව උස්සලා මීදුම දිහා බලන්නවත් විවේකයක් තිබුනේ නෑ. දැන් මීදුම ගේ පිටට තට්ටුවක් දාලා දුක සැප අහන්න තරම් එතුමා නිහතමානි වෙලා.

අනුකම්පාවට මනාපය ලකුණු කරන්න එපා ය එතුමාගේ රැකියාව බේර ගන්න. මීදුමට අනුකම්පාත් හිතුනා මාසෙට රුපියල් ලක්ෂේ ගානේ ඉතිරි කලත් මාස හැටට ලක්ෂග 60 නේ හම් බු වෙලා තියෙන්නේ ! අපරාදේ පසු ගිය පාර්ලිමේන්තු කාලේ ඉතිරි ලක්ෂ 10 පාඩුවට ඉදලා තියෙන්නේ කියලා.

මේ ඡන්දයටත් වියදමට ලක්ෂ 100 ක් විතර වෙන් කරයී. අපට වගේ එතුමාලාට උද්ධමනය නැති නිසා.

මේ උත්තමයෝ පාඩුවට නේ ජනතා සේවය කරන්නේ !.

2010-02-11

තල වපුරා මුං නෙලා ගත හැකිද ?


දේශපාලනය යනු අපුර්ව වෘත්තියකි. දැළි පිහියෙන් කිරි කෑ හැකි වුවත් - අතුරේ අනතුරකින් තොරව යා හැකි වුවත් , 
වෘත්තීමය දේශපාලනය ඊටත් වඩා අනතුරු දායක කාර්ය භාරයකි. 
දැන කලයුත්තේ වෙළදාම පමනක්ම නොවේ දේශපාලනය ද දැන කලයුත්තකි.

සරත් පොන්සේකා මහතා ඉත්තෙකු කර ගත් ශූර දේශපාලකයින් අද ඒ මහතාට යන එන මන් අවහිර කර තිබේ. එතුමා දේශපාලකයෙකු වූවා නම් කිසි විටෙක තවකෙකුගේ නූල් සුත්තරයට නැටවෙන්නත් , කට අරින්නත් දෙවරක් නොව දහස් වරක් සිතනු ඇත. එහෙත් සීනු හඩට කට අරින්නත් නටන්නත් ගොස් වැඩ වරද්දා ගත්තා දැයි සිතිවිල්ලක් මීදුමට පහල විය.

එතුමාගේ හමුදා පන්නයේ පන්නරය ලැබු ජවිපෙ පන්නයේ කතාව ජනාධිපතිවරණය අවසන් වු පසු නතර කර ජාතියට අභියෝග නොකලා නම් කොයි තරම් යහපත්ද යන්න සිතිය යුතුව ඇත.වෛරය ද්වේෂය සහ ක්‍රෝධය මහින්ද ගෝඨාභය ඉලක්ක කර ගෙන වැපිරී මෙන් ජාතියට හාණියක් වන බව එතුමා දුටුවේ නැත. මුං වැපුරු සමයේ අස්වැන්න ලෙස මුං නෙලා ගත්තත් තල වපුරා මුං නෙලා ගැණිම කල නොහැකිවිය.

ජනාධිපතිවරණ ප්‍රතිපල අභියෝගයට ලක් කිරීම විහිළුවක් ලෙස මීදුම දකින්නකි.
වැඩි ජන්දයෙන් පත්වු පුද්ගලයාට රට කරවන්නට ඉඩ කඩ සැලසීම රටට ආදරේ ඇති අයගේ යුතුකම විය යුතුය. 
ඔහු මහින්ද ද රනිල් ද නැත්නම් සරත්ද යන්න වැදගත් සාධකයක් ලෙස සැලකිය යුතු නැත.
ඒ පුද්ගලයාද හිතකර අන්දමින් ජනතාව පැවරු කාර්ය භාරය රටට නිසි ලෙස ඉටු කල යුතුය.

ජනාධිපතිවරණ ප්‍රතිපලයෙන් පසුව සරත් ෆොන්සේකා ඇතුළු හවුල අපට ඉදිරිපත් කලේ ඔවුන්ගේ සිහින රාජ්‍යය බිද වැටීමෙන් ඇතුවු වේදනාවේ විලාපය මිස අන් කවරක්ද ?. වැඩි ඡන්ද 18 ලක්ෂයක් දුෂිත චන්ද ලෙස භාවිතා කල හැකි නොවන්නේය. බහුතරයක් මහින්දට විශ්වාශ පල කර ඇත්නම් අපි සියල්ලෝගේම නායකත්වය ඔහුට පවරා ඇති බවට අප පිළිගත යුතුව ඇත. සරත් පොන්සේකාට විකල්ප ජනාධිපතිවරයා ලෙස සිටීමට ව්‍යවස්තාව පුතිපාදන සලස්වා නැති බව ඔහු තේරුම් නොගත් බවක් පසුගිය දින කිහිපයේ අප ලත් පුවත් තහවුරු කලේය.

පාලක පක්ෂ යද මෙය තාවකාලිකව හෝ පාලනය කලයුතුය. 
අද ඇති වී ඇත්තේ ඒ තත්වය ද?.

2010-01-29

ජනාධිපතිවරණය පෙන්වන දිශාව.



මීදුම ජනාධිපතිවරණය ප්‍රතිපල තුලින් දකින සත්‍ය පිලිබදව සටහනක් කරන්නට අදහස් කරයි. මෙය මීදුම මතවාදයන් හා ගැළපුනත් විවිධ වෙනත් මතවාදයන් ඇතිවිය හැකි බැවින් ඒ සදහා “සිතුවිලි “ ඉඩක් කර ගන්නා මෙන් සහෘදයනට මීදුම ආරධනය කරයි.

ජනාධිපතිවරණය ආරම්භ වන්නේ මහින්දගේ නිලකාලය අවුරුදු දෙකක් ඉදිරියට තිබිය දී ඔහුගේ බලය තහවුරු කර ගැණුමේ ව්‍යාපෘතියක් ලෙසටයි. රනිල්‍ වික්‍රමසිංහ මහතා ප්‍රතිවාදී අපේක්ෂකයා ලෙස සලකා මහින්දට අභියෝගයක් නො තිබිණි. මේ අතර කතා බහට පැමිණි “ නිර්පාක්ෂ අපේක්ෂකයා “ අප දුටුවේ සැබැවින්ම නිර්පාක්ෂියකයෙක් ලෙස තරග බිමට විත් ඕනෑ කෙනෙක් මට චන්දය දී මා ජනාධිපති කරවන්න කියා පවසන්නෙකි. ඔහු හදවතින්ම නිර්පාක්ෂිතකයෙක් යයි සිහිනයක් අපට ඇතිවිනි. නමුත් සිදු වුයේ එජාපයේ ,ජවිපෙ සහ මනෝ ගනේෂන් , හකීම් , දුවිඩ සංධාණයේ සහ මංගල සමරවීර නියෝජිතයෙකු ජනාධිපති තරගයට පිවිසීමයි.

මහින්ද සිංහල ජන සමාජය හදුනා ගන්නේ දේශීය චින්තනයක් සහිත වු දේශ හිතෛෂී නායකයෙකු වශයෙනි. ඔහු ඒ බව තහවුරු කරනා ක්‍රියා දාමයන් රැසක් පසුගිය පාලන සමයේ ඉටු කරන ලදී. ඔහු ජනාධිපතිවරණ වේදිකාව තුලද දිග හැර දැම්මේ එම සිතුවිලි මිස ආර්ථිකය වැනි අනාගත අවශ්‍යතාවයන් නොවේ. ජයග්‍රහණයේ එක් සාධකයක් ලෙස ජනතාව අද පලමුව රට - දෙවනුව බඩ යන චින්තනයට පත්ව ඇත්දැයි විමසීම මේ ජනාධිපතිවරණ ප්‍රතිපල අපට ඉගිකරයි.

නිර්පාක්ෂිමක අපේකකයා වු සරත් ෆොන්සේකා මහතා කීර්තිමත් සෙනවියෙකි. ඒ කීර්තිය අත දරා පැමිණි ඔහු දේශපාලකයෙකු වීමේදී ලබා ගත යුතු පන්නරය නොමැතිව තම ජයග්‍රහණය උදෙසා උපාය මාර්ග සකස් කර ගත්තේ යුද බිමක අත් දැකීම් තුලින් යයි මීදුම සිතයි. මැතිවරණ වේදිකාව ද්වේෂයෙන් සහ වෛරයෙන් උද්යෝගයෙන් නැගුණ හඩ ඔහු ජනතාවගෙන් දිනෙන් දින ඈතට රැගෙන යන ලදී. රුපියල් දසදහසක පඩි වැඩි වීම වැනි රනිල්ගේ “ චුවිංගම් “ පන්නයේ පොරොන්දු ජනතාව සිනහවට ගත් අතර රාජ්‍ය සේවකයෝ චන්දය දීමේ දී ඒ බවක් ගනන් ගත් බවක් වත් පල නොවේ.

යුද්ධ ජයග්‍රහණයේ අයිතිය දේශපාලනඥයාගේ උරුමයක් බව ජනතාව තේරුම් ගත් බවක් 2005ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතා ලබා ගත් ජන්ද හා සසදන විට ත් පරාජයට පත්වු නුවරඑළිය වැනි දිස්ත්‍රික්කවල දී මහින්ද ලබාගත් චන්ද ප්‍රමාණය වැඩි කර ගැණීමෙනුත් නිවේදනය වෙන්නේ යයි මීදුමට සිතේ. බහුතරයක් වු සිංහල ජන පදනමට ආමන්ත්‍රණය කරන්නට තිබු ඉඩ මනෝ ගනේෂන් , හකීම් , දුවිඩ සංධාණය හා බැදීමෙන් අහිමි කර ගත් සරත් ෆොන්සේකා මහතා මඩකලපුව , වන්නි, යාපනය සහ දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වැනි මැතිවරණ ආසන ජයග්‍රහණය කිරීමෙන් සුළු ජාතින්ගේ උවමනා වන් ඉටු කර දීමට ගිවිසුම් ගතවු බව තහවුරු කරන ලදී. මේ සැකය නිසාම බොහෝ දෙනා එතුමා හැර මහින්දට නැඹුරු වු බව සටහන් කල යුතුවේ.

ජාතිවාදය සහ මව් බිමේ උරුමය යන්න දෙකකි. සියලු ජාතීන්ගේ මව් බිම මේ මහ පොලොව ලෙස තවමත් බදා ගන්නා අය විරල වේ. අප එසේ සිතන්නට වඩා නැඹුරු වුවත් බහුතර ද්‍රවිඩ ජාතිකයන් තවමත් එසේ සිතන්නට පටන් ගෙන නැති බව මීදුම අදහස් කරයි. මේ අදහස් දරන කණ්ඩායමට අතීතයේ චන්ද ලබා ගැණිමේ අරමුණින් ඉල්ලන දෙයක් දී ඡන්දය පමනක් ලබා ගැණීමට කටයුතු කිරීම නිසා ප්‍රභාකරන් බලවත්වු බව රහසක් නොවේ. ඒ අත්දැකීම නිසා දකුනේ බහුතරය , ද්‍රවිඩ සංධාණය සමග ගිවිසුම් ගැසීමේ භයානකත්වය හඳුනා ගෙන කටයුතු කල බව දකුනේ ප්‍රතිපල පෙන්වා දෙයි.

මහින්ද ජයග්‍රහණය කරන්නේ නාගරික ජනගහනයෙන් බැහැර ග්‍රාමීය ජන පදනම තුලිනි. සරත් ෆොන්සේකා වටා සිටි එජාපයේ මුල් වඩා පිහිටන්නේ නාගරික සමාජය තුලයි. ඒ බව මහනුවර , ගාල්ල සහ කොළඹ මැතිවරණ කොට්ඨාස සරත් ෆොන්සේකා ජයග්‍රහණය කිරීමෙන් අපට පෙන්වයි. කාර්මික සහ කාර්යාලිය ආදායමෙන් යැපෙන සහ සුපර් මාකට් වලින් පරිභොජන දුව්‍ය මිලට ගන්නා පැලැන්තිය ජීවන බර වැඩීවිම තදින්ම ගනන් ගත් බවකි. ඉන් අමතරව සුපර් මාකට් වලින් පරිභොජන දුව්‍ය මිලට ගන්නා පැලැන්තිය ට වියදම් කිරීමට ප්‍රමානවත් ධනය උපයා ගැණීමේ ඉඩකඩ වඩා නිර්මාණය වන්නේ එජාපය තුලින් බව මුල් බැස ගත් මතවාදයක් ඔවුන් තුල අතීතයේ සිට පැවත එන්නෙකි.

හම්බන්තොට වරාය සහ ජාත්යසන්තර ගුවන් තොටුපල ඉදිවීම කොළඹ සුපිරි වෙළද පන්තිය ආදරයෙන් පිළිගන්නා සංවර්ධන කටයුතු නොවේ. සදාකාලික වම කොළඹ වාණිජ මධස්ථානය බවට පත්ව තිබිය යුතු බවට සිතනා අයද අපට හමුවේ.

මේ සියල්ල පසෙක තබා අද ජනාධිපතිවරණයක දී නියෝජනය කරන දේශපාලන පක්ෂය වැදගත්ම සාධකය නොවී තනතුර සදහා ඉදිරිපත් වන පුද්ගලයා දෙස නෙත් හැර බැලීමට තරම් ඡන්දදායකයා බුද්ධිමත් ව සිටින බව මහින්ද ට ලැබු චන්ද 60,15,934 සනාථ කරයි.

මව් බිමට සුබ අනාගතයක් උදා වේවා යි මිදුම ප්‍රාර්ථනය කරයි.

2010-01-28

ප්‍රජාතන්ත්‍රවාදයට ලංසුවක්‌!




……….. මේ පලවන්නේ  දිවයින ජාතික පුවත් පත මැතිවරණයට කලින් පල කල කතුවැකියකි. මේ කතාන්දර සියල්ල අමතක ව යලිත් ඒවා සිහියට ගන්නේ ඊළඟ මැතිවරණය ලංවු විටය. මෙවැනි ක්‍රියාදාමයන් නිහඩ වීමට නම් අදාළ වු නීති ශක්තිමත් විය යුතු බව මීදුම සිතයි. එහෙත් කිසි දා එම සිතිවිල්ල ක්‍රියාත්මක තලයට නො පැමිණෙන්නෙකි. යහ සමාජයක් නිර්මාණය වන්නට මුලින් ම උපුටා දැමිය යුත්තේ වරප්‍රසාද ලත් පන්තියේ මැර අවීනීතකම්ය. මේ මැතිවරණ ප්‍රතිපල  මහින්දට පෙන්නා දෙන්නේ ද වරප්‍රසාද ලත් පන්තියේ අභිප්‍රාය සහ වරප්‍රසාද නො ලත් පන්තියේ අභිප්‍රාය බව මීදුම අවධාරණය කරයි.
“..................හැම දෙයකට ම තිබෙන්නේ මිලක්‌ හෙවත් වෙළෙඳ වටිනාකමක්‌ බව ධනවාදී පාරිභෝගික සමාජයක එන මූලික සිද්ධාන්තයකි. ඒ අනුව නිශ්චල හා චංචල දේපොළ පමණක්‌ නොව සාහිත්‍ය කලාව, සාරධර්ම හා පුද්ගලයෝද විකිණෙති. සාහිත්‍ය කලාව, සාරධර්ම යනාදිය විකිණීම යනු ඒ සමාජය කුණු වී ඕජස්‌ ගලන වණයක්‌ බවට පත්වීමක්‌ සේ සමහරු හඳුන්වති. එහෙත් එය වැළැක්‌විය හැකි ද?

ඡේ. ආර්. ජයවර්ධන උතුමාණන්ගේ විවෘත ආර්ථික සොරොව්ව ඔස්‌සේ මේ රටට ගලා ආ සංස්‌කෘතික හා සදාචාර පරිහානිය තුළින් අප තවමත් පාඩම් ඉගෙන ගෙන ඇති බවක්‌ ද කිව නොහැක. මේ උතුමාණන්ගේ දේශපාලන භාවිතයේ බරපතල මෙන්ම දුෂ්ටතම ප්‍රතිඵලයක්‌ වූයේ ප්‍රජාතන්ත්‍රවාදයටත් මිලක්‌ නියම වීමය. ඒ අනුව දේශපාලනඥයාටද අගයක්‌ නියම වීමය.

1948
දී අප ලද නාමික නිදහස යටතේ වුවද අපේ දේශපාලනය ගරු ගාම්භීර ජනතා සේවයක්‌ ලෙස ඇරැඹී ගලා ආ බව අප පිළිගත යුතුය. තට්‌ටුමාරු ක්‍රමය යටතේ ප්‍රධාන පක්‍ෂ ලෙස එජාපයත් ශ්‍රී. ල. නිපයත් ප්‍රමුඛ පක්‌ෂද ඒවා සමඟ සන්ධානගත වූ පක්‌ෂද මේ රට පාලනය කළහ.

1977
න් ඇරඹුණු නව දේශපාලනය විසින් රටට අත්පත් කර දුන් යහපතට වඩා අයහපත වැඩි බව විවිධ ක්‍ෂේත්‍රයන්හි විද්වතුන්ගේ නිගමනය වී තිබේ. අප කතා කරන්නේ එහි එක්‌ අංශයක්‌ වන දේශපාලනය ගැන පමණි. එතෙක්‌ ගරු සේවයක්‌ ලෙස තිබුණු මන්ත්‍රීකම විශ්‍රාම වැටුප් සහිත රැකියාවක්‌ බවට පත්වීම ඇරඹීමත් සමඟ මේ රටට සිදු වූ සන්තෑසිය කවුරුත් දනිති. එහි බරපතලම විපාකය වූයේ බුද්ධිමත් හා උගත් බහුශ්‍රැතයන් විසින් නියෝජනය කරන ලද දේශපාලනයේ දොරටු පාතාල මැරයන්ට දූෂිතයන්ට හා නූගත් කළු සල්ලිකාරයන්ටද විවෘත වීමය.

අද කාටත් එපා වී තිබෙන විධායක ජනාධිපති ක්‍රමය සමඟ හඳුන්වා දුන් ජාතික ලැයිස්‌තුවද වැඩිපුරම ඉඩ සලසා ඇත්තේ නන්නත්තාර දේශපාලනයකට බව අපගේ විශ්වාසයයි. විධායක ජනාධිපති ලෙස මන්ත්‍රීවරුන්ගේ ඉල්ලා අස්‌වීමේ ලියුම් ලබාගෙන සාක්‌කුවේ දමාගෙන සිටි ඡේ. ආර්. ට හෝ ව්‍යවස්‌ථාව බහුබූත එකක්‌ යෑයි හඬ තැලූ චන්ද්‍රිකා කුමාරතුංගට හෝ එම ක්‍රමයෙන් රටට වැඩක්‌ කළ නොහැකි විය.

මේ දෙදෙනාම විධායක ක්‍රමය නමැති කුණ්‌ඩලාභරණය පැළඳ ගාම්භීරව සිට නිකම්ම විශ්‍රාම ගියෝය. එහෙත් එය ආභරණයක්‌ නොව රටට වැඩක්‌ කළ හැකි බලයක්‌ බව වටහාගත් මහින්ද රාජපක්‍ෂ එය උපයෝගී කර ගනිමින් තිස්‌ අවුරුදු ත්‍රස්‌තවාදී ශාපය අවසන් කිරීමට සමත් විය. අද බොහෝ දෙනකුට අමතක වුවද එය විශිෂ්ට ඓතිහාසික වාර්තාවකි.

කෙසේ හෝ අද එම දේශපාලනය විසින් නිර්මාණය කරන ලද මන්ත්‍රීකම, නැතහොත් ගරු මන්ත්‍රීකමට සිදුවී තිබෙන අභාග්‍යය අපට පමණක්‌ නොව රටටම මහා විනාශයක්‌ බව කනගාටුවෙන් වුවද කීමට සිදු වී තිබේ. ඒ එකී ගරු මන්ත්‍රීවරුන් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස වෙන්දේසි වීමය.

අද ගරු මන්ත්‍රීවරයකුගේ මිල රුපියල් කෝටි ගණන්වලින් තීරණය වන්නකි. ජනතාවගේ මනාපයෙන් තේරී පත් වී දේශපාලන මණ්‌ඩුකයන් හෙවත් මැඬියන් බවට ස්‌ව කැමැත්තෙන්ම පත්වන්නෝද සිටිති. ඔවුන්ට ගෙවන ලදැයි කියන කෝටි ගණන් මුදල් ගැන අදත් ඇසෙයි. පක්‍ෂයත් ප්‍රතිපත්තිත් මුදලට පාවා දෙන්නන් ලෙස අවමානයට ලක්‌ වුවද ඔවුහු වගේ වගක්‌ නොමැතිව සිටිති.

අද මන්ත්‍රීවරයකුගේ අගය කෝටි ගණනින් මනිනු ලබන්නක්‌ වුවද කලකට පෙර පනස්‌දහසක්‌ වැනි මිලකට ආණ්‌ඩු පෙරලන්නට හවුල් වූ ගරු මන්ත්‍රීවරුන් ගැන ද දේශපාලන ඉතිහාසයේ එයි. එහෙත් මේ කිසිවක්‌ තහවුරු වී නැති වාර්තා බව ද අප කිව යුතුය. තහවුරු නොවූ නිසාම ඒවා කටකතා ලෙස බැහැර කළ හැකි ද? ඒ කුමක්‌ වුවත් දැන් යළිත් එම වර්ගයේ තුච්ඡ දේශපාලන ගනුදෙනුවක්‌ පිළිබඳ බරපතල චෝදනා පත්‍රයක්‌ ඉදිරිපත් වී තිබේ.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මන්ත්‍රීවරයකු වන එම්. මුසම්මිල් මහතාට ලක්‍ෂ 300 ක අල්ලසක්‌ ලබා දීමට තැත් කළ බවට දැන් ජ. නි. පෙ. සභාපති විමල් වීරවංශ මන්ත්‍රීවරයා එකී බරපතල චෝදනාව නගා තිබේ. හේ ඒ පිළිබඳ සාක්‍ෂි ඇතුළු වෙනත් හඬපටවල් පවා මාධ්‍යවලට ලබා දී ඇත.

මෙම සිදුවීම පිළිබඳ අල්ලස්‌ කොමිසමට පැමිණිලි කර එහි සියලු තතු රටට හෙළි කරන බව ද විමල් වීරවංශ මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුණි. ජ. වි. පෙ. අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා එයට අභියෝගයක්‌ද කර තිබුණි. ඉතිරි හරිය අපට පසුව බලාගත හැකිය. එහෙත් අපට තිබෙන වේදනාව ගරු මන්ත්‍රීකම මේ ලෙස මුදලට විකිණෙන මෙවලමක්‌ බවට පත්ව තිබීමය.

මන්ත්‍රීවරුන් මිලට ගැනීම මෙන්ම විකිණීමද ඉතා පහත් හා බාල ක්‍රියාවක්‌ බව අපි ඉඳුරා කියමු. ආණ්‌ඩු පෙරළා දැමීමට මෙන්ම බලය ලබා ගැනීම සඳහා කෙරෙන මේ වර්ගයේ තුච්ඡ ගනුදෙනුවලට සම්බන්ධ අය නීතියේ රැහැනට හසු කර දීමද අවශ්‍යම දෙයකි. මේ වර්ගයේ මෙහෙයුම් පසුපස විවිධ දූෂිත චරිත මෙන්ම මේ රට වනසන දුෂ්ට බලවේගද තිබෙන බව අප තේරුම් ගත යුතුය.

මෙම සර්ප මෙහෙයුමේ සැලසුම්කරුවා හෝ සැලැසුම්කරුවන් රටට අනාවරණය කිරීම යනු ප්‍රජාතන්ත්‍රවාදය පවිත්‍ර කිරීමක්‌ ද වේ. ප්‍රජාතන්ත්‍රවාදයට ලංසුවක්‌ තබන අමනයන්ගෙන් රටකට සිදුවිය හැකි යහපත කුමක්‌ද?
 ප්‍රජාතන්ත්‍රවාදය බාල්දු කරන මේ වර්ගයේ තක්‌කඩි දේශපාලුවන්ගෙන් රට බේරා ගැනීමේ වගකීම ජනතාවට බාරය.......................“


මහින්දගෙන් ජනතාව බලාපොරොත්තුවන්නේ බඩ නොව රටයග රට හදාගෙන බඩ පුරවා ගැණීමයග

2010-01-24

සසලවුවත් මේ බිම - ඔබ නිසලයි.


කළුතර චෛත්‍යය
kalutara.

2010-01-19

සරත්ද ? මහින්දද ?





ජනාධිපතිවරණ ප්‍රතිපල පිළිබදව නොයෙක් අනාවැකි පලවේ. සරත්ද ? මහින්දද ? යන්න අද දවසේ මාතෘකාවයි. මැතිවරණ වේදිකාව නම් ඌරන් ලගින මඩ වලකි. දුගද මිස සුවඳක් නැති වේදිකාව ඡන්දය කාටවත් නොදෙන්න තරම් ම අප්‍රසන්න කරයි.

එහෙත් රටට නායකයෙකු අවශ්‍ය නිසාවෙන් වඩා සුදුසු කෙනාට චන්දය පාවිච්චි කිරීම ජනතාව රටට කරන යුතුකමකි.

මීදුම පසු ගිය පලාත් සභා මැතිවරණය පාදක කර ගෙන මේ කරනු ලබන සංඛ්‍යාත්මක හරඹය කඩේ යාමක් නොවේ. ප්‍රතිපල පිලිබදව කරනු ලබන සංඛ්‍යාත්මක විමසා බැල්මකි.

පලාත් සභා මැතිවරණය වලදී උතුර පලාත් සභාව හැර අනෙක් පලාත් සභා මැතිවරණ  වලදි පාවිච්චි වු ඡන්ද පුමාණය මෙසේ  විය.

1.      එක්සත් නිදහස් සංධානය                         51,37,170   -62.23%

2.      එක්සත් ජාතික පක්‍ෂය                              26,09,386 - 33.04%

3.      ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය සහ DEMOCRATIC  UNITY ALLIANCE      යන පක්‍ෂ  329535  -  4.37%කි.


වර්තමානය වන විට සරත් ෆොන්සේකා මහතා සමග එජාපය සහ අනෙක් පක‍්ෂ එකතුව ඇති බැවින් මේ ඡන්ද වල අයිතිය ඔහුට යොමු කරමු.  එවිට ඔහු ඡන්ද  29,38, 921ක් වු  ප්‍රතිශතයක 37.41% ආරම්භයක් මුලින්ම වාර්තා කරනු ඇතැයි උපකල්පනය කර  ,  මේ අනුව ම සිතා මහින්ද රාජපක්‍ෂ මහතා ඡන්ද 51, 37,170    වු  62.23% ප්‍රතිශතයක  හිමිකාරයෙක් වේ.

අද වන විට එක්සත් ජාතික පක්‍ෂ   සාමාජිකයන් යම් පිබිදීමක සිටී. ඒ රනිල්ට වඩා ඉදිරියට යාමක් ලෙස දේශපාලන කරලියේ පෙනෙන්ට ඇති දෙයකි. සියලු වාසි සහගත තත්වයෙන්     සරත් ෆොන්සේකා මහතාට යොමු කරමින්  2009 පලාත් සභා මැතිවරණ පුතිපල වල සිට ඉදිරියට සිතීම මීදුම අරමුණයි.                       

2008 මැතිවරණ ලියා පදිංචි කිරීමේ ලේඛනයන්ට අනුව 1, 40, 88,500 කට මෙවර මැතිවරනයේදී ඡන්දය පාවිච්චි කිරීමේ වරම් ලැබේ. මින් 70% ක් පමණ ඡන්දය භාවිතා කරනු ඇතයි මීදුම උපකල්පනය කරයි. පලාත් සභා මැතිවරණයක දීට  වඩා ජනාධිපතිවරණයක දී තම ඡන්දය භාවිතා කිරීමේ උනන්දුවක් කලින් පැවත්වු මැතිවරණ පුතිපල විමසන විට පැහැදිලි වන්නකි. 70% ක්වු  එම ඡන්ද ප්‍රමානය 98, 61, 950කි. 

මෙය බෙදා ගන්නට සටන ඇත්තේ අපේක‍්ෂකයෝ 20 කින් මේ දෙදෙනා අතර පමනි.ඉතිරි විසිදෙනාටම ඡන්ද ලක්‍ෂ දෙකක් අඩු කල විට ලියා පදිංචි ඡන්ද 96,61,950ක ඉතිරියකි. අපේ ඡන්දදායකයෝ  ඡන්ද අවලංගු කරවන ලෙසද භාවිතා කරයි.එය 3% සිට 6.5% ක පමණ අනුපාතයක පිහිටන බැවින්  4.5% ක ප්‍රතිශතයක් වලංගු ඡන්ද ප්‍රමාණයෙන් ඉවත් කරමු. එවිට  92,27162ක් පමණ අපේක්‍ෂකයන් අතර බෙදී යන බව උපකල්පනයට ගනු ලැබේ.

යාපනය සහ වන්නි  යන දිස්ත්‍රික දෙකේ 2008 මැතිවරණ ලියා පදිංචි කිරීමේ ලේඛනයන්ට අනුව
යාපනය දිස්ත්‍රික්කයේ  721,359  ඡන්ද ප්‍රමාණයකුත් වන්නි දිස්ත්‍රික්කයේ 266,975 කුත් ලියා පදිංචිව ඇත.   මින්  70% ක් වලංගු ඡන්ද ලෙස ගණනය කල විට ( මෙම පුතිශතය මීට වැඩිවිය හැක .)  එම ඡන්ද ප්‍රමාණය                 6 , 91833කි . මෙම ඡන්ද ගොඩේ අයිති  55% ක්ම හංසයාට පිරිනමා 25% ක් මහින්ද ගේ ගොඩට යොමු කරමු. එය පිළිවෙලින්   300508ක් සහ 172958කි.  20%ක් අනෙක් ද්‍රවිඩ අපේක්‍ෂත්වයට හිමි කරමු.

මහින්ද රාජපක්‍ෂ මහතාට    එරෙහිව විශාල ජනමතයක් ගොඩ නැගීමට මෙම මැතිවරණයේදී විපක්‍ෂයට නොහැකිවිනි. ප්‍රබල චෝදනාව වු  දුෂණය  සහෝදර සමාගමේ ව්‍යාප්තිය වේදිකාවේ බෙරිහන් දුන් තරමට ජනතාව ග්‍රහණය කර ගැණීමට උනන්දුවක් දැක්වුයේ නැත. මැතිවරණ කොට්ඨාශ මට්ටමෙන් ඔහුගේ ඡන්ද පදනම නාය ගිය බවක් පෙනෙන්නට තිබුනේ නැත. එක් මැතිවරණ කොට්ඨාශයකින් ඡන්ද දායකයෝ 2000ක් ඔහු අතහැර සරත් ෆොන්සේකාට ඡන්දය දුන්නා යයි පදනමේ පිහිටා ගනණය කලත් ඔහුට අහිමි වන ඡන්ද ප්‍රමාණය 2000*160කි එනම් 3,20000කි.  එහෙත් එසේ සිදුවු බවක් දක්නට නැත.

මෙම ජනාධිපතිවරණයේදී  පලාත් සභා මැතිවරණයට වඩා 6,50000 ක පමණ ඡන්ද ප්‍රමාණයක් භාවිත වේයයි උපකල්පන ය කරමු. මෙම ඡන්ද පලාත් සභා මැතිවරණය නොසලකා හැරිය ඡන්දදායකයන්ගේ ඡන්දවේ. මින් වැඩි කොටස වු 4,00000ක් සරත් ෆොන්සේකාටත් 2,50000ක්වු අඩු කොටස මහින්ද රාජපක්‍ෂටත් යොමු කරනු ලැබේ.

මහින්ද රාජපක්‍ෂ ඡන්ද                             51, 37,170 – 3,20000+ 172958+2,50000   = 52, 40128
සරත් ෆොන්සේකා  ඡන්ද                        29,38, 921 +3,20000+300508+400000      =39, 59429

මෙම ගණිත හරඹය මීදුම හිතළුවක් විය හැකි වුවද මහින්ද රාජපක්‍ෂ මහතාට ජනාධිපති තනතුර අහිමි වීමට තරම්          ජන මතයක් රට තුල ඇති බවක්  නම් විද්‍යමාන නොවේ.                                                                                                                                                                            

2010-01-18

කිරින්ද Kirinda


කිරින්ද වෙරල  තීරය

කිරින්ද රජ මහා විහාරය
වෙරළ තීරය
 

2010-01-15

මව් බිම දිනවමු.



මව් බිම දිනවමු කී විට මහින්ද රාජපක්‍ෂයන්ගේ නම මේ දිනවල සිහිපත් වේ .  එහෙත් මෙම උදාන පාඨයේ නියම හිමිකරුවා වන ජනතා විමුක්ති පෙරමුණ එම උදාන පාඨය අත්හැර  රාජපක්‍ෂ රාජ වියරුවෙන් රට බේරා ගෙන ඒ උරුමය ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමාට බාර දීමට මග පෙන්වමින් සිටී .
‘මව් බිම නැත්නම් මරණය  මෙන් ම    මව් බිම පාවා දෙන්නන්ටත් මරණය  හිමි කර දුන් ජනතා විමුක්ති පෙරමුණ අද මව් බිම නෝර්වේ පිඹුරු පතට  ප්‍රභාකරන්ට  ලියා දුන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමග එකම ‍වේදිකාවේ - සොයා සොයා ආවා සෙවුව මැණික හමු වුනා කියමින් ගීතවත් වන අතර, සුදු නෙළුම රැගෙන ගිය මංගල , ප්‍රභාකරන්  මිත්‍ර සමාගම වන මනෝ ගනේෂන්  රාවුප් හකීම්  සමග ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමා ගේ ජයග්‍රහණය පතා ජනතාවට ආමන්ත්‍රණය කරනු ලබන්නේ ලෙන්ගතුව ය. අරමුණ නූතන මහරජානන් පලවා හැර ජෙනරාල් මහරජානන් කරවීමටය.
ජනතා විමුක්ති පෙරමුණට ලැජ්ජාවක් තිබිය නො හැක. දැන් ජවිපෙය දෙපතුලේ සිට සරම උස්සොගෙන  මූණ වසා සිටින බවක් පල කරනවා යැයි මගේ මිත්‍රයෙකු උදාහරණයක් ලෙස දැක්වීය.. වාමාංශික නැඹුරුවක් ඇති පක‍්ෂයකට මේ ඇත්තන් සමග දීගයෙක යා හැකි ද යන්න මීදුම ද  සිතනා කරුණකි.
1989 දී මගේ නිවසට යාබද නිවසේ විසුව එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා දරුවනුත් බලා සිටිය දී දණ ගස්වා වෙඩි තබා මරා දැමීය. එයට පුතිචාර දැක්වුව එක්සත් ජාතික පක්‍ෂය ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයෙකු ලෙස හඳුන්වමින් අසල්වාසී ගුරුවරයෙකු තම පාසලේ   වැසිකිළියකට ‍ ගෙන ගොස් වෙඩි තබා මරා දැමිය. අපට අසල්වාසීන් දෙදෙනෙකු අහිමි විය. පවුල් දෙකක පියවරු න් අහිමි කරමින් දු දරුවන් අසරණ කරවීය.   මෙවැනි ම සිද්ධින්  උතුරේ හැර  අනෙක් පලාත්වලින් කොයි තරම් වාර්තා ව ඇති ද. කාලය ගෙවී 2010 වන විට  මේ දෙගොල්ල ම  එක ම වේදිකාවේ රාජපක්‍ෂ රාජ වියරුවෙන් අපේ මව් බිම බේරා දෙන අභිමාන සටනේ පෙර ගමන් කරුවන් බවට පත් ව ඇත.
අපට නම්  ජනතා විමුක්ති පෙරමුණට ඇහුම් කන් දෙන්න කිසි සේත් නොහැකිය. පසු ගිය ජනාධිපතිවරණයේදී මහින්ද ජනාධිපති කරවීමෙන් පසු අයවැයෙන් මහින්දගේ ආණ්ඩුව හොල්ලා ඊට මහින්ද පුතිචාර දැක්වු අන්දම දිරවා ගත නොහැකිව  මහින්දට පාඩමක් උගන්වන්න මේ පාවා දෙන්නේ මව් බිම නොවන්නේද ?.මහින්දත් සමග ආණ්ඩුවේ සිට රටට සේවයක් කර හැකි ව තිබිය දී  කරන ලද අල කලංචියෙන් මහින්දගේ ආණ්ඩුව වැටුනේ නැතත් රටට සිදුවුයේ විශාල හානියක් බව අප පිළිගත යුතු ව ඇත. මහින්ද ‍ගේ ආණ්ඩුවේ මංත්‍රීවරුන් විශාල පිරිසක් සමග සිටත් ජනතා විමුක්ති පෙරමුණට ආණ්ඩුව පාලනය කර ගත නො හැකි විය. ඉදිරි පාර්ලිමේන්තුවක ජාතික ලැයිස්තුවෙන් පමනක් මංත්‍රී ආසන තුනක් හිමි වෙන ජනතා විමුක්ති පෙරමුණට  ජනාධිපති ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමා ගේ ආණ්ඩුව පාලනය කර ගත හැකි වේද ? මෙය නම් අපූරු සිහිනයකි.
ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමා  වේදිකාවේ ඇති වන  ප්‍රශ්න සදහා ප්‍රතිචාර දක්වන අන්දමට ම එතුමා අනාගතයේ රටේ පුශ්ණ වලටත් පුතිචාර දක්වනු ඇත. අපට ජනතා විමුක්ති පෙරමු නේද පිහිට නැතිව දෙවියන් ගේම පිහිට     ප්‍රාර්ථනා කිරීමට අනාගතයේ දී සිදු වනු ඇත !.
 පසුගිය ජනාධිපතිවරණයේ දී මව් බිමේ ම වාසනාව විසින් ඒ අවස්ථාවේ රනිල්ගේ ජයගුහණය සදහා ඇතිව තිබු  සියලු ජයග්‍රහණ සාධක පරද්දවා  මහින්ද ජයග්‍රහණය කරවීය. මෙදා ද  මව් බිම වාසනාවන්ත නම්  මව් බිම පිළිබදව තීන්දු තීරණ ගන්නා නායකත්වයට පුද්ගලයෙකු පත් කරන ජනාධිපතිවරණයේ දී සුදුසුම පුද්ගලයාට ඡන්දය දීමට මව් බිම විසින් අපට ප්‍රඥාව ලබා දෙනු ඇත.
අනාගතය පීඩනයට පත් නොකර ගෙන සුදුස්සන් අතරින් වඩාත් ම සුදුස්සාට ඡන්දය දීමට 
අපට  ප්‍රඥාව ලැබේවා යි ! මීදුම ප්‍රාර්ථනා කරයි .
අපි අපේ මව් බිම දිනවමු .

2010-01-11

කඩේ යාමට හිතක් පහල කර ගත යුතුද?.


මීදුම ආණ්ඩුවට හෝ විපක්ෂයට කඩේ යාමට උත්සහා නොකරයි. එහෙත් සැම විටම තම මව් බිමට කඩේ යාමට උත්සාහ කරයි.මීදුම පලකරන අදහස් පාදක කරගන්නා තේමාවන් විග්‍රහ වෙන්නේ ස්වාධීන අදහසින් මිස ආණ්ඩුවට හෝ විපක්‍ෂයට කඩේ යාමේ අදහසින් නොවේ. මීදුම වෘත්තිකයෙකු වශයෙන් ද ස්වාධින පරාසයක ජීවත් වන්නෙකි. අප විසින් මහන්සියෙන් උපයා ගන්නා ආදායම පවා 10% ක ආසන්නව විවිධ පෞද්ගලික බදු වශයෙන් ගෙවමින් ඊට අමතරව ජනතාව සමග පරිභෝජනයට ගන්නා සෑම දේකටම බදු ගෙවමින් රට පවත්වා ගෙන යාමට මීදුම දායකවේ.
එවන් අපට නාමිකව දේශපාලනඥනයට මෙන් නොව අනෙක් පුරවැසියන්ට මෙන්ම රට ගැන නිරායාශයෙන්ම විශාල කැක්කුමක් ඇති වෙන බව පහන්වු සංවේගයෙන් සටහන් කරමි.
 වර්තමානයේදේශපාලකයන් ද කරනු ලබන්නේ ව්‍යාපාරයකි. ඔවුන් බලය සමග අපට වඩා ඉදිරියෙන් මුදල් රැස් කිරීමේ ව්‍යාපාරයක යෙදී සිටි. විපක්ෂයට ඇත්තේ සිල්ලර කඩ වන අතර , ආණ්ඩු පක්‍ෂය තොග කඩ පවත්වා ගෙන යති. අද මීදුම විවරණය කරන්නේ ඒ ව්‍යාපාර ගැනයි.

අපි පහළ මට්ටමෙන් ම පටන් ගනිමු. ප්‍රාදේශීය සභාව සහ සුළු නගර සභා ප්‍රථමික දේශපාලන ආයතනයයි. මෙම ආයතන වලට තරග කරන අපේක්‍ෂකයෝ  මැතිවරණයක් සදහා වියදම් කරන මුදල කොයි තරම් අස්වාභාවික ද යන්න අප හිතා බලමු. වියදම් කරන එම මුදල තම නිල කාලය තුලදී ලැබෙන දිමනාවෙන් පියවා ගන්නට තබා හිතන්න වත් බැරි තරම් වේ. එහෙත් මේ සා මුදල් කන්දරාවක් ආයෝජනය කර බලය සදහා වලි කන්නේ බලය ලැබුනොත් එය ලාභ සමග උපයා ගන්නට නොවේ යයි තර්ක කරන්නේ කවුරුන් විසින්ද ?.
ප්‍රාදේශීය සභා සහ සුළු නගර සභා සිල්ලර කඩ වලට වර්ග කරමු. පලාත් සභාවත් පාර්ලිමේන්තු විමධ්‍යගත මුදල් සහ උඩරට ගැමි පුනරුත්තාපන කොමිසම වැනි ආයතනය න් සංවර්ධන උදෙසා වැය කරන කුඩා පරිමාණ ව්‍යාපෘති සියල්ලම සිදුකරන්නේ මෙම ආයතනයෙනි. මෙම ආයතන දෙකේ ම පූර්ණ බලධාරියා බවට පත් වන්නේ සභාපති වරයාය. සුළු නගර සභාවක නම් නගරාධිපතිවරයාය. මේ ආයතන වලට ලැබෙන සංවර්ධන අරමුදල් , සම්පත් ඉතාමත් විනිවිද භාවයෙන් යුතු ව ටෙන්ඩර මගින් බෙදා ගෙන සංවර්ධන කාර්යයත් ඉටු කරනු ලබන්නේ සභාවේ මංත්‍රීවරුන්ගේ සහ ප්‍රධානියාගේ නියෝජිතයෝ විසිනි . මින් කිසිම ආයෝජනයකින් තොරව 5% සිට 10% දක්වා නොනිල මුදල් සාක්කුවට ගලා එන බව නොරහසකි.

පලාත් සභාවේ අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් ද මීට අනුරූප ක්‍රීයා දාමයක කටයුතු නො කරන බව තහවුරු කල හැකි ද ?.ජාතික තලයේ අමාත්‍යවරු කොයි තරමක් මහජන මුදලක භාර කාරවරුන් වන්නේද?. එතරමින් එම මුදල් හුවමාරු වීමේදී අතරමැදි වන්නේද ?.

පසුගිය පලාත් සභාවට තරග කල අපේක්ෂකයෙකු මැතිවරණය සදහා ලක්ෂත හැත්තෑවක් වියදම් කල බව පෙර සටහනක මීදුම පවසා ඇත. මාසික දීමනා වෙන් මෙම මුදල උපයා ගන්න බැරි නිසා මෙම මැතිතුමා වෙනත් අන්දමකින් එම මුදල උපයා ගන්නට තැත් නො කරන බවට සහතිකයක් ඇතිවිය නො හැක.ඒ සැම්පලයක් පමනි. මෙවරනි උත්තමයෝ ලංකාවේ දේශපාලනයේ තව බොහෝ දෙනෙක් ඇත.

විද්යාර්ථියෙක් , රජයේ මාණ්ඩලික නිලධාරියෙක් අඩුම තරමේ තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලබා ගැණීමට අවුරුදු කීයක් ගිණි තැපිය යුතු ද ?. සාමාන්‍ය සේවකයෙක් වැටුප් වර්ධකයක් උදෙසා කෙතරම් කැඹිරිය යුතුද ?. එහෙත් ‍දේශපාලන උත්තමයන් හට අවුරුදු හතරක් පහක් කෙටි නිල කාලය තුල විවෘත වෙළද පොලේ අලවි කර රුපියල් ලක්ස පනහක් පමණ උපයා ගත හැකි තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලබා දෙන්නේ අර මුලින් කී නොනිල උපයා ගැණීම් වලට අමතරව ය. මේ තීරු බදු සහනය පලාත් පාලන ආයතන වල ප්‍රධානීන්ට සහ පලාත් සභාවේ සියළුම සාමාජිකයන්ට.ත් පාර්ලිමේන්තුවේ සියළුම සාමාජිකයන්ටත්  ඛේදයකින් තොර ව හිමි වන්නේ ය.

මීදුම වැනි ස්වාධීනව උපයා බදු ගෙවන්නන්ට මෙම කිසිදු වරපු සාදයක් ජීවිත කාලයේම හිමි නොවන අතර වැර වෑයමින් උපයා ගෙන නියමිත වෙලාවට බදු නොගෙව්වොත් දඩ ගෙවන්නත් අධිකරණ ක්‍රියා මාර්ගයනට යටත්ව හිරේ විලංගුවේ ලගින්නත් සිදුවීම අනිවාර්යය. එහෙත් ඒ බදු මුදල් වලින් කරන නාස්තිය ඉවසා ගෙන සිටිය යුතු ය.
කොයි කවුරුත් විවිධාකාර පුචාරක කටයුතු කරමින් ඉහල නගින්නට උත්සාහ කරන්නේ අපි හදන්න මද ? . මේ මැතිවරණ සමයේ දෙපාර්ශවයෙම වැය කරන මුදල් සම්භාරය තක්සේරු කරමු. මුලින් කී අන්දමින් ආදේශ කරමු.
ඉතින් අපි කා වෙනුවෙන් වත් කඩේ යාමට හිතක් පහල කර ගත යුතුද?.