දේශපාලනය යනු අපුර්ව වෘත්තියකි. දැළි පිහියෙන් කිරි කෑ හැකි වුවත් - අතුරේ අනතුරකින් තොරව යා හැකි වුවත් , වෘත්තීමය දේශපාලනය ඊටත් වඩා අනතුරු දායක කාර්ය භාරයකි. දැන කලයුත්තේ වෙළදාම පමනක්ම නොවේ දේශපාලනය ද දැන කලයුත්තකි.
සරත් පොන්සේකා මහතා ඉත්තෙකු කර ගත් ශූර දේශපාලකයින් අද ඒ මහතාට යන එන මන් අවහිර කර තිබේ. එතුමා දේශපාලකයෙකු වූවා නම් කිසි විටෙක තවකෙකුගේ නූල් සුත්තරයට නැටවෙන්නත් , කට අරින්නත් දෙවරක් නොව දහස් වරක් සිතනු ඇත. එහෙත් සීනු හඩට කට අරින්නත් නටන්නත් ගොස් වැඩ වරද්දා ගත්තා දැයි සිතිවිල්ලක් මීදුමට පහල විය.
එතුමාගේ හමුදා පන්නයේ පන්නරය ලැබු ජවිපෙ පන්නයේ කතාව ජනාධිපතිවරණය අවසන් වු පසු නතර කර ජාතියට අභියෝග නොකලා නම් කොයි තරම් යහපත්ද යන්න සිතිය යුතුව ඇත.වෛරය ද්වේෂය සහ ක්‍රෝධය මහින්ද ගෝඨාභය ඉලක්ක කර ගෙන වැපිරී මෙන් ජාතියට හාණියක් වන බව එතුමා දුටුවේ නැත. මුං වැපුරු සමයේ අස්වැන්න ලෙස මුං නෙලා ගත්තත් තල වපුරා මුං නෙලා ගැණිම කල නොහැකිවිය.
ජනාධිපතිවරණ ප්‍රතිපල අභියෝගයට ලක් කිරීම විහිළුවක් ලෙස මීදුම දකින්නකි.වැඩි ජන්දයෙන් පත්වු පුද්ගලයාට රට කරවන්නට ඉඩ කඩ සැලසීම රටට ආදරේ ඇති අයගේ යුතුකම විය යුතුය. ඔහු මහින්ද ද රනිල් ද නැත්නම් සරත්ද යන්න වැදගත් සාධකයක් ලෙස සැලකිය යුතු නැත.ඒ පුද්ගලයාද හිතකර අන්දමින් ජනතාව පැවරු කාර්ය භාරය රටට නිසි ලෙස ඉටු කල යුතුය.
ජනාධිපතිවරණ ප්‍රතිපලයෙන් පසුව සරත් ෆොන්සේකා ඇතුළු හවුල අපට ඉදිරිපත් කලේ ඔවුන්ගේ සිහින රාජ්‍යය බිද වැටීමෙන් ඇතුවු වේදනාවේ විලාපය මිස අන් කවරක්ද ?. වැඩි ඡන්ද 18 ලක්ෂයක් දුෂිත චන්ද ලෙස භාවිතා කල හැකි නොවන්නේය. බහුතරයක් මහින්දට විශ්වාශ පල කර ඇත්නම් අපි සියල්ලෝගේම නායකත්වය ඔහුට පවරා ඇති බවට අප පිළිගත යුතුව ඇත. සරත් පොන්සේකාට විකල්ප ජනාධිපතිවරයා ලෙස සිටීමට ව්‍යවස්තාව පුතිපාදන සලස්වා නැති බව ඔහු තේරුම් නොගත් බවක් පසුගිය දින කිහිපයේ අප ලත් පුවත් තහවුරු කලේය.
පාලක පක්ෂ යද මෙය තාවකාලිකව හෝ පාලනය කලයුතුය. අද ඇති වී ඇත්තේ ඒ තත්වය ද?.
කාලය .
-
කාලය මට ඉගැන්වූ දේවල්
=======================
මගේ ජීවිතයේ වැඩිපුර කාලයක් දිව්වේ කිසිම පලක් නැති අරමුණු සහ පුද්ගලයන්
පිටුපස බව .
හැම කෙනෙකුම සතුටු කරන්...
1 day ago
2 comments:
අවධියෙන් සිටින නිදහස් මනසක් ඇතිව සිටින්නෙක් වීම ගැන සතුටුයි. මේ වෙලාවේදී අප කළ යුත්තේ පක්ෂයකට ගැති වීම නොව මේ ක්‍රියාදාමයේ සැබෑව තේරුම් ගනිමින් කටයුතු කිරීමයි.
මෙය මුලු රටේම සැබෑ ජයග්‍රහණයක් වන්නේ එවිට බව සිතමි.
තේජාන්
http://lankanthoughts.blogspot.com
P.s : remove this word verification
මම දකින විදිහට නම් සරත් ෙපාන්ෙස්කා ට වැරදුන තැන ඹහු ෙද්ශපාලනය පිළිබදව ෙනාදැන සිටිම නිසා ඔහුට ෙමම තත්වය සිදුවුවාය යන්නයි. ඔහු න්‍යායාත්මක ෙද්ශපානය තබා පූාෙයා්ගික ෙද්ශපානයවත් ෙනාදැන කටයුතු කිරිම නිසා ඔහු ඔහුට තිබු සමාජ පිළිගැනීම ෙමන්ම ෙගරවයද නැතිකරගත්ෙකි .
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.
මෙහි පලවන වියමන් බොහොමයක් වෙනත් පලකරන්නන්ගේ වියමන්ය. ඒ අතරට මීදුමද වියමන් එකතු කර ලබයි. වෙනත් වියමන් කරුවන්ගෙන් උපුටා ගත් බව සදහන් කරමින් කරන එකතු කිරීම් සදහාද ප්‍රතිචාර යොමු කල හොත් ඒවා වියමන් කරුවන්ට අගතියක් නොවන්නේ නම් පලකරනු ලැබේ.
මීදුම පල කරන වියමන් සදහා කරන ප්‍රතිචාර සාධාරණ හේතු ඉදිරිපත් නොකරමින් කරන අවලාද සුදුසු යයි හැගේ නම් පමනක් පල කරනු ලැබේ.