පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2026-04-18

උඩරට පරිපාලනය - 01.



1818 ඉංග්‍රීසි පාලන සමයේ පාලනය  ඉහල ශ්‍රේණියේ ප්‍රභුවරුන්ගේ තනතුරු නාමයන් 

අධිකාරම් ,දිසාව රටේ මහත්මයා ,දියවඩන නිළමේ ,ලේකම් ,මුහන්දිරම් සහ ආගමික කටයුතු පිලිබද රාජකාරි භාරව බස්නායක නිළමේ. වෙනත් ප්‍රධානීන් ලෙස බෙදී ගොස් ඇත.

ඒ ඒ පලාත් අනුවත් ඒ ඒ රාජකාරි අනුවත් මෙම නාමයන්ට පලාත් සහ රාජකාරී ස්වභාවය මෙම නම් සමග අරෝපනය විය. උදාහරණයක් ලෙස ඌව පලාත භාර දිසාව ඌවේ දිශාව ලෙසත් ,හාරිස්පත්තුව භාර රටේ මහත්තයා හාරිස්පත්තුවේ රටේ මහත්මයා ලෙස හැදින්වීය.


අදිකාරම්

මහ අදිකාරම්

දෙවන අදිකාරම්

දිසාව

හතර කෝරලේ දිසාව

හත් කෝරලේ දිසාව

මාතලේ දිසාව

තුන් කොරළේ දිසාව

සපරගමුවේ අටකලන් කෝරළේ ,කෙලොන්න සහ කඩවත දිසාව

ඌවේ දිසාවවරු.

 උඩ පලාතේ දිසාව

වැල්ලපානේ දිසාව 

බින්තැන්නේ දිසාව

වෙල්ලස්සේ දිසාව

නුවර කලාවිය දිසාව

තමන්කඩුව දිසාව


රටේ මහත්මයා

උඩුනුවර රටේ මහත්මයා

යටිනුවර රටේ මහත්මයා

හාරිස්පත්තුවේ රටේ මහත්මයා

දුම්බර රටේ මහත්මයා

හේවාහැට රටේ මහත්මයා

කොත්මලේ රටේ මහත්මයා

උඩ බුලත්ගම රටේ මහත්මයා

යටි බුලත්ගම මී මුරේ රටේ මහත්මයා


* ,දියවඩන නිළමේ ,ලේකම් ,මුහන්දිරම් තනතුරු බෙදී ගිය අයුරුත් තනතුරුවල ස්වභාවයත් පළකරමු.










A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-04-15

අගුරු වු සත්‍යය - 3



ගල් අගුරු හෝදපු මගේ රත්තරං යාලුවනේ අන්න වාර්තාවක් ඇවිල්ලා. උඹලගේ ආණ්ඩුවට දත්ත නෑ නේ. වාර්තාවේ දත්ත මම කියන්නම්.
මුලින්ම කිව්වේ ගල් අගුරු බාලයි, හැබැයි ටෙන්ඩර් එක හරියට දැම්මා කියලා. 
මම දෙකම වෙන වෙනමම කියන්නම්.

ගල් අගුරු බාලයි.
ප්‍රධාන නිරීක්ෂණය
01. ගල් අගුරු බාලයි
02. අලු ප්‍රමාණය ( ඈශ් කන්ටෙන්ට් එක වැඩියි.)

උදාහරණයක්
Gross Calorific Value (GCV) - 4805 Kcal/Kg
Rejection limit - 5900 Kcal/Kg
Ash content 22%+ (limit 16%)

තේරෙනවද කෙලපු තරම.
මේක නිසා බලාගාරයේ අඩුමිල විදුලි නිශ්පාදනය නැවතිලා වැඩිමිලට ඩීසල් බලාගාරයෙන් ගන්න වෙනවා.
post test Vs Plant Test
මේකට වාර්තා දෙකක් ගන්නවා. එකක් පටවද්දී අදාළ රටෙන්, අනික බාද්දී ලංකාවේ බලාගාරයේ පරීක්ෂණ වාර්තාව.
පටවද්දී කොලිටි පාස්. හැබැයි බලපත්‍ර සහිත එහෙම කිසිම පරීක්ෂණාගාරයක් ලෝකේ කොහේවත් නෑ. ලොවෙත් බලපත්‍රයක් නැති තැනක වාර්තාව පිලිගන්න අමාත්‍යාංශයේ ඉන්නේ හාවෝද  ?

මේ වාර්තාවේ මේකෙන් අඩු වෙන විදුලි නිශ්පාදනය කරන්න යන පිරිවැය පාඩුව විදියට නෑ. ඒක තමයි වැඩිම පාඩුව. ඒ පුච්චන ඉන්ධන නිසා රටට වෙන පාඩුව, විදුලි බිලට වෙන පාඩුව නෑ.
බලාගරයට වගේම පරිසරයට වෙන පාඩුව ගනන් හදලා නෑ.
මැශින් කැඩෙන්න පුලුවන් බාල අමුද්‍රව්‍ය නිසා
නඩත්තු වියදම් වැඩි වෙන්න පුලුවන්
පරිසරයට සතාසීපාවට ජීවිත හානි වෙන්න පුළුවන්
මේ අලු පරිසරයට ගිහිල්ලා මිනිස්සුන්ට එක එක රෝග හැදෙන්න පුළුවන්.
ඔය බාල බඩු වල කතාව. 

එන්න බාල දේශපාලනයේ කතාව බලන්න දැන්.

ටෙන්ඩරය හරි කිව්වට ඒක තනිකරම බුලක්.

1. ලියාපදිංචි නොවූ සමාගමකට ටෙන්ඩරය දීම

ටෙන්ඩර් ජයගත් Trident company ටෙන්ඩර් දැන්වීම වෙද්දී
registration complete කරලා තිබුණේ නැහැ.
එහෙම ආයතනයකට ටෙන්ඩර්යට දාන්න දෙන්නෙත් නෑ. 
දුන්නත් ඉවැලුවේශන් එකේදී ගහලා පන්නවා. 
හැබැයි මේකේ ඒ අයට බඩු ගේන්න දීලා.
හරිම පුදුම වැඩක්.

2. Tender procurement guidelines අනුගමනය නොකිරීම
ලෝක සම්මතය ටෙන්ඩරයක equal opportunity . හැමෝටම සාධාරණ වෙන්න ඕන. මේක එහෙම නෑ කියලා වාර්තාව කියනවා.
Fair Competition කියන්නේ ව්‍යාපාර ලෝකයම පිලිගන්න දෙයක්. හැබැයි අපේ ආණ්ඩුව එව්වා දන්නේ නෑ.

3. Tender submission time අඩු කිරීම
International standard Duration- සති 6ක්.
මේක මුලින්ම සති 5කට දාලා , පස්සේ සති 3කට අඩු කරනවා.
මෙහෙම කරන්නේම තරගය අඩු කරලා වැඩි පිරිසක් ඉදිරිපත් වෙන එක නවත්වන්න කියලා සාමාන්‍ය දැනීමක් තියෙන ඕන එකෙක් දන්නවා.

4. Tender documents / eligibility conditions වෙනස් කිරීම
ටෙන්ඩරයේ සුදුසුකම් ඇමෙන්ඩ්මට් දාලා , පස්සේ ආපහු අඩු කරල තියෙනවා. එහෙම කරන්නේ තමන්ට ටෙන්ඩර්ය දෙන්න ඕන ආයතනයට අදාළ සුදුසුකම් නැති නිසා කියලා කෙනෙක්ට හිතන්න පුළුවන්.
තව දිගට මේක තියෙනවා. මට ලියන්න කම්මැලියි. වෙන වැඩ තියෙනවා.
උඹලටත් මේ ලියපු ගාන ඇතිනේ තොරණේ විස්තරය තේරුම් ගන්න.
මේ තනිකරම සල්ලී හදිස්සියකට කරපු වැඩක් කියලා එලියෙන් ඉදලා බලන කෙනෙක්ට හිතන්න පුළුවන්.
සමහර විට ඇමැති මණ්ඩලය ඇතුලේ අලුත් අවුරුද්දට හොදම ගේ තෝරන තරගයක් තියෙනවා ද දන්නේ නෑ .

අපිට කෙල උනේ යුද්දේ නිසා නෙවෙයි 
සුද්දේ නිසා.
බාල ගල් අගුරු විතරක් නෙවෙයි 
මේ අයගේ ආණ්ඩුවම බාලයි.
ඉතුරු ටික සිකුරාදා විවාදයේදී අහගන්න..








A day in the life 
ජීවිතයෙන් දවසක් .