පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2026-03-28

ගෝතමාලාවේ කෙසෙල් යුද්ධය.





ග්වාතමාලාව,  
නිල වශයෙන් ගෝතමාල ජනරජය,  උතුරු මධ්‍යම ඇමරිකාවේ රටකි. 
එය උතුරින් සහ බටහිරින් මෙක්සිකෝවෙන්, ඊසාන දෙසින් (යාබද කලාපයේ) බෙලීස්, නැගෙනහිරින් හොන්ඩුරාස් සහ ගිනිකොන දෙසින් එල් සැල්වදෝරයෙන් මායිම් වී ඇත. එය දකුණින් පැසිෆික් සාගරයෙන් සහ ඊසාන දෙසින් හොන්ඩුරාස් බොක්කෙන් මායිම් වී ඇත.

නූතන ග්වාතමාලාවේ භූමිය මායිම් වූ මායා ශිෂ්ටාචාරයේ හරය වූ අතර එය මෙසෝඇමරිකාව පුරා විහිදී ගියේය. 
වන සියවසේදී, මෙයින් වැඩි කොටසක් ස්පාඤ්ඤ ජාතිකයන් විසින් යටත් කර ගන්නා ලද අතර නව ස්පාඤ්ඤයේ උපරාජිකත්වයේ කොටසක් ලෙස ප්‍රකාශ කරන ලදී. ග්වාතමාලාව 1821 දී ස්පාඤ්ඤයෙන් සහ මෙක්සිකෝවෙන් නිදහස ලබා ගත්තේය. 

1823 සිට 1841 දක්වා එය මධ්‍යම ඇමරිකානු ෆෙඩරල් ජනරජයේ කොටසක් විය. 19 වන සියවසේ අග භාගයේදී, ග්වාතමාලාව අස්ථාවරත්වයට සහ සිවිල් ආරවුල් වලට ගොදුරු විය. 
20 වන සියවසේ මුල් භාගයේ සිට, එය එක්සත් ජනපදයේ සහාය ලබන ඒකාධිපතියන් මාලාවක් විසින් පාලනය කරන ලදී. 
1944 දී, ඒකාධිපති නායක ජෝර්ජ් උබිකෝ ප්‍රජාතන්ත්‍රවාදී හිතවාදී හමුදා කුමන්ත්‍රණයකින් බලයෙන් පහ කරන ලද අතර, එය සමාජ හා ආර්ථික ප්‍රතිසංස්කරණවලට තුඩු දුන් දශකයක් පුරා පැවති විප්ලවයක් ආරම්භ කළේය. 1954 දී, එක්සත් ජනපදයේ සහාය ලත් හමුදා කුමන්ත්‍රණයකින් විප්ලවය අවසන් වී ඒකාධිපතිත්වයක් ස්ථාපිත කරන ලදී. 
 1960 සිට 1996 දක්වා, ග්වාතමාලාව එක්සත් ජනපදයේ සහාය ලත් රජය සහ වාමාංශික කැරලිකරුවන් අතර ලේ වැකි සිවිල් යුද්ධයක් විඳදරාගත් අතර, ග්වාතමාලාවේ හමුදාව විසින් සිදු කරන ලද මායා ජනගහනය සමූලඝාතන ද ඇතුළුව.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සාම ගිවිසුමක් සාකච්ඡා කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ආර්ථික වර්ධනයක් සහ අනුප්‍රාප්තික ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ඇති විය.

ග්වාතමාලාවේ ජීව විද්‍යාත්මකව වැදගත් සහ අද්විතීය පරිසර පද්ධති බහුල වීම තුළ ආවේණික විශේෂ රාශියක් ඇතුළත් වන අතර මෙසෝඇමරිකාව ජෛව විවිධත්ව උණුසුම් ස්ථානයක් ලෙස නම් කිරීමට දායක වේ. 
අපනයන භාණ්ඩ වලින් පොහොසත් වුවද, ජනගහනයෙන් හතරෙන් එකක් පමණ (මිලියන 4.6) ආහාර අනාරක්ෂිතභාවයට මුහුණ දෙයි. අනෙකුත් ප්‍රධාන ගැටළු අතර දරිද්‍රතාවය, අපරාධ, දූෂණය, මත්ද්‍රව්‍ය ජාවාරම සහ සිවිල් අස්ථාවරත්වය ඇතුළත් වේ.

ඇස්තමේන්තුගත ජනගහනය මිලියන 17.6 ක් පමණ වන අතර,  ග්වාතමාලාව මධ්‍යම ඇමරිකාවේ වඩාත්ම ජනාකීර්ණ රට වන අතර, උතුරු ඇමරිකාවේ සිව්වන වැඩිම ජනාකීර්ණ රට වන අතර ඇමරිකාවේ 11 වන වැඩිම ජනාකීර්ණ රට වේ. එහි අගනුවර සහ විශාලතම නගරය වන ග්වාතමාලා නගරය මධ්‍යම ඇමරිකාවේ වඩාත්ම ජනාකීර්ණ නගරය වේ.

- විකීපීඩියා.

ගෝතමාලාවේ කෙසෙල් යුද්ධය.
ඇමරිකාව එක සමාගමක ලාභය වෙනුවෙන් රටක්ම විනාශ කරපු "කෙසෙල් යුද්ධ" ගැන අහලා නෑ නේද?. හිතලා බලන්න, උදේ කෑමට කන ලස්සන, කහ පාට කෙසෙල් ගෙඩියක් නිසා සම්පූර්ණ රටක ප්රජාතන්ත්රවාදය විනාශ වෙලා, අවුරුදු 36 ක් තිස්සේ ඇදුණු සිවිල් යුද්ධයකින් මිනිස්සු ලක්ෂ දෙකකට වඩා මිය ගියා කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? මේක ඇමරිකානු බුද්ධි අංශය (CIA) මැදිහත් වෙලා, එකම එක ඇමරිකානු සමාගමක ලාභය වෙනුවෙන් සම්පූර්ණ රටක්ම බිලිගත්ත අමානුෂික ව්යාපාරික කොල්ලයක්.
ගෝතමාලාව කියන්නේ කාලයක් තිස්සේ ඒකාධිපතියන් යටතේ පාලනය වුණු, දුප්පත් ගොවි ජනතාවක් හිටපු රටක්. හැබැයි 1950 දී මේ රටේ ඉතිහාසය වෙනස් වුණා. ඉතාමත් සාධාරණ මැතිවරණයකින් Jacobo Árbenz (ජාකෝබෝ ආර්බෙන්ස්) කියන නායකයා ජනාධිපති විදිහට පත් වුණා. ඔහුගේ එකම හීනය වුණේ ගෝතමාලාව නවීන ධනවාදී ප්රජාතන්ත්රවාදී රටක් බවට පත් කරන එක.
මේ හීනය හැබෑ කරන්න ඔහු අපූරු නීතියක් ගෙනාවා. ඒ තමයි Decree 900 (ඉඩම් ප්රතිසංස්කරණ නීතිය). මේ නීතියෙන් කළේ, රටේ තියෙන විශාල ඉඩම් හිමියන් පාවිච්චි කරන්නේ නැතුව පුරන් වෙන්න ඇරලා තියෙන ඉඩම් රජයට පවරාගෙන, ඒවා ඉඩම් නැති දුප්පත් ගොවියන් ලක්ෂ 5 කට බෙදලා දෙන එක. ආර්බෙන්ස් හිතුවේ මේකෙන් රටේ කෘෂිකර්මාන්තය දියුණු වෙලා ආර්ථිකය හැදෙයි කියලයි. හැබැයි ඔහු දැනගෙන හිටියේ නැහැ මේ නීතිය නිසා ඔහු ලෝකයේ ප්රබලම සමාගමක් එක්ක හැප්පෙන්න යනවා කියලා.
ගෝතමාලාවේ ලොකුම ඉඩම් හිමියා වුණේ ගෝතමාලානු රජයවත්, මිනිස්සුන්වත් නෙවෙයි. ඒ තමයි ඇමරිකාවට අයිති "The United Fruit Company" (UFC) කියන දැවැන්ත කෙසෙල් වවන සමාගම. මේ සමාගම ගෝතමාලාව ඇතුළේ කොච්චර බලවත්ද කිව්වොත්, මිනිස්සු ඔවුන්ට කිව්වේ "El Pulpo" (බූවල්ලා) කියලා. මොකද රටේ තියෙන එකම දුම්රිය මාර්ගය, එකම වරාය සහ විදුලි පණිවුඩ ජාලය ඔක්කොම අයිති වුණේ මේ ඇමරිකානු සමාගමට.
මේ සමාගමට ගෝතමාලාව ඇතුළේ අක්කර ලක්ෂ ගාණක ඉඩම් තිබුණා. හැබැයි ඔවුන් අවුරුදු ගාණක් තිස්සේ රජයට බදු ගෙවන්න හොර වැඩක් කරලා තිබුණේ. ඒ තමයි තමන්ගේ ඉඩම් වල වටිනාකම ඉතාමත් අඩුවෙන් රජයට පෙන්නපු එක.
ජනාධිපති ආර්බෙන්ස් මේ හොරේ අල්ලගත්තා. ඔහු Decree 900 නීතිය යටතේ UFC සමාගමේ පාවිච්චි කරන්නේ නැති ඉඩම් රජයට පවරාගන්න තීරණය කළා. ඒ ඉඩම් වලට වන්දි ගෙවන්න ආර්බෙන්ස් පාවිච්චි කළේ අර සමාගම බදු ගෙවන්න වංචාවෙන් ඉදිරිපත් කරපු "අඩු වටිනාකමමයි"! තමන්ගේම හොරේ තමන්ටම ආයෙම කැරකුණ හින්දා UFC සමාගමට හොඳටම කේන්ති ගියා.
UFC සමාගම නිකන්ම නිකන් කෙසෙල් විකුණන කඩයක් නෙවෙයි. ඔවුන්ට ඇමරිකානු රජයේ ඉහළම තැන් වල සම්බන්ධකම් තිබුණා. මේ කතාවේ කම්පනයට පත් කරනම හරිය තියෙන්නේ එතන. ඒ කා​ලේ ඇමරිකාවේ විදේශ ප්රතිපත්ති තීරණය කරන Dulles සහෝදරයින් දෙන්නා මේ සමාගමට කෙලින්ම සම්බන්ධයි.
John Foster Dulles: ඇමරිකාවේ රාජ්ය ලේකම්. ඔහු කලින් UFC සමාගමේ නීතිඥයෙක්.
Allen Dulles: ඇමරිකානු බුද්ධි අංශයේ (CIA) අධ්යක්ෂක. ඔහු කලින් UFC සමාගමේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙක්.
මේ දෙන්නා එකතුවෙලා UFC සමාගමේ කෙසෙල් ඉඩම් බේරගන්න ලොකු ප්ලෑන් එකක් ගැහුවා. ඔවුන් Edward Bernays කියන පුද්ගලයාව කුලියට ගත්තා. බර්නේස් කළේ ඇමරිකානු පත්තර සහ රේඩියෝ පාවිච්චි කරලා "ගෝතමාලාවේ ආර්බෙන්ස් කියන්නේ රුසියානු කොමියුනිස්ට්වාදීන්ගේ රූකඩයක්" කියලා ඇමරිකානු ජනතාවගේ ඔළුවට බොරුවක් කාවද්දපු එක. ඒත් ඇත්තටම ආර්බෙන්ස්ට රුසියාව එක්ක කිසිම සම්බන්ධයක්වත් තිබුණේ නැහැ.
ජනතාවගේ ඔළු හැදුවාට පස්සේ CIA එක තමන්ගේ මෙහෙයුම පටන් ගත්තා. මේකට ඔවුන් දුන්න නම තමයි "Operation PBSUCCESS".
ඔවුන් කෙලින්ම ඇමරිකානු හමුදාව ගෝතමාලාවට යැව්වේ නැහැ. ඒ වෙනුවට ඔවුන් මානසික යුද්ධයක් දියත් කළා. "Voice of Liberation" කියලා හොර රේඩියෝ ස්ටේෂන් එකක් හදලා, "දැවැන්ත කැරලිකාර හමුදාවක් ගෝතමාලාව ආක්රමණය කරන්න එනවා" කියලා බොරු ප්රවෘත්ති ප්රචාරය කළා.
ඒ අස්සේ CIA එකෙන් හොර රහසේම කුලී හේවායන් කණ්ඩායමක් පුහුණු කරලා, Castillo Armas (කස්ටිලෝ ආර්මාස්) කියන හිටපු ගෝතමාලානු හමුදා නිලධාරියාගේ නායකත්වයෙන් ගෝතමාලාවට යැව්වා. මේ බොරු ප්රචාර සහ ඇමරිකානු තර්ජන නිසා බයවුණු ගෝතමාලානු හමුදාව ජනාධිපති ආර්බෙන්ස්ට පිටුපෑවා. අන්තිමේදී 1954 දී ආර්බෙන්ස්ට තමන්ගේ ජනාධිපති පුටුව අතහැරලා රටින් පැනලා යන්න සිද්ධ වුණා. කෙසෙල් සමාගම දිනුවා!
ඇමරිකාවේ උදව්වෙන් බලයට ආපු කස්ටිලෝ ආර්මාස් මුලින්ම කරපු දේ තමයි, ආර්බෙන්ස් ගෙනාපු ඉඩම් ප්රතිසංස්කරණ නීතිය (Decree 900) සම්පූර්ණයෙන්ම අවලංගු කරලා, අර දුප්පත් ගොවියන්ට දීපු ඉඩම් ඔක්කොම ආපහු United Fruit Company එකටම ලබා දීපු එක.
ඒ විතරක් නෙවෙයි, ඔහු කම්කරු සමිති තහනම් කළා. අකුරු ලියන්න කියවන්න බැරි අයට ඡන්ද අයිතිය නැති කළා. මේකෙන් වැඩියෙන්ම බැටකෑවේ ගෝතමාලාවේ හිටපු ආදිවාසී මායා ජනතාව.
තමන්ගේ ප්රජාතන්ත්රවාදී අයිතිය මේ විදිහට ඇමරිකාව මැදිහත් වෙලා බලහත්කාරයෙන් උදුරගත්තාම, ගෝතමාලාවේ තරුණයින්ට වෙන කරන්න දෙයක් ඉතුරු වුණේ නැහැ. ඔවුන් සාධාරණත්වය වෙනුවෙන් ආයුධ අතට ගත්තා. මේක තමයි ගෝතමාලාවේ භයානක ගරිල්ලා කණ්ඩායම් හැදෙන්න සහ අවුරුදු 36 ක් ඇදුණ සිවිල් යුද්ධයකට පාර කැපුවේ.
CIA එකේ මේ කෙසෙල් කුමන්ත්රණයේ ප්රතිඵලය කොච්චර දරුණුද කිව්වොත්, 1960 ඉඳන් 1996 වෙනකන් ගෝතමාලාව ඇතුළේ දරුණු සිවිල් යුද්ධයක් ඇතිවුණා. මේ යුද්ධයෙන් අහිංසක මිනිස්සු 200,000 ක් මැරුණා. තවත් 45,000 ක් අතුරුදහන් වුනා.
මේකේ දරුණුතම කාලය ආවේ 1980 ගණන් වල Efraín Ríos Montt (එෆ්රාන් රියොස් මොන්ට්) කියන ඒකාධිපතියාගේ පාලන කාලයේදී. ඇමරිකාවේ සම්පූර්ණ සහයෝගය ලබපු ගෝතමාලානු හමුදාව, කැරලිකරුවන්ට උදව් කරනවා කියලා චෝදනා කරලා ආදිවාසී මායා ජනතාව හිටපු ගම්මාන 600 ක් සම්පූර්ණයෙන්ම ගිනි තියලා විනාශ කළා. මේක තනිකරම ජන සංහාරයක්.
1999 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ (UN) මැදිහත්වීමෙන් පත්කරපු සත්ය සෙවීමේ කොමිසම පැහැදිලිවම නිගමනය කළා, මේ "ජන සංහාරක ක්රියාවන්" පිටිපස්සේ ඇමරිකානු රජයේ සහයෝගය සහ අනුග්රහය සම්පූර්ණයෙන්ම තිබුණා කියලා.
United Fruit Company එක ගෝතමාලාවේ කරපු මේ විනාශය නිසා තමයි ලෝක දේශපාලනයට "Banana Republic" (කෙසෙල් සමූහාණ්ඩුව) කියන වචනය ආවේ. ඒ න​ම කියන්නේ එකම එක අපනයන බෝගයක් (කෙසෙල් වගේ) මත යැපෙන, විදේශීය සමාගම් වලට ඕන විදිහට නටන දූෂිත සහ අස්ථාවර රටවල් වලට.
ගෝතමාලාවේ මේ සිදුවීම CIA එකට හොඳ අත්දැකීමක් වුණා. ඔවුන් මේ "Template" එක​ම පාවිච්චි කරලා පස්සේ කාලෙක චිලී (Chile), නිකරගුවාව (Nicaragua) වගේ ලතින් ඇමරිකානු රටවල් වලත් තමන්ට අකමැති ආණ්ඩු පෙරළලා දැම්මා.
අදටත් ගෝතමාලාව කියන්නේ ලෝකයේ දුප්පත්ම සහ දූෂිතම රටවල් වලින් එකක්. අද ඇමරිකාවට පැනලා යන සංක්රමණිකයින්ගෙන් ගොඩක් අය ගෝතමාලානු ජාතිකයින්. ඔවුන් එහෙම යන්නේ එදා ඇමරිකාවම විනාශ කරපු ඒ රටේ අදටත් ජීවත් වෙන්න බැරි නිසයි. 1999 දී ඇමරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් ගෝතමාලාවට ගිහින් නිල වශයෙන් සමාව ගත්තා. ඔහු පිළිගත්තා "ගෝතමාලානු හමුදාවට ඇමරිකාව සහයෝගය දුන් එක සම්පූර්ණයෙන්ම වැරදියි" කියලා. හැබැයි ඒ වෙද්දීත් ලක්ෂ දෙකකට ජීවිත අහිමි වෙලා ඉවරයි.
අවසාන වශයෙන් ගත්තොත්, මේ සම්පූර්ණ ඛේදවාචකයම සිද්ධ වුණේ එකම එක ඇමරිකානු කෙසෙල් සමාගමකට තමන්ගේ ලාභය වැඩිකරගන්න සහ තමන්ගේ ඉඩම් වලට බදු නොගෙවා (Land taxes) ඉන්න ඕන වුණු නිසයි. මිනිස්සු 200,000 ක් මියගියේ ඒ වෙනුවෙනුයි.
ලෝකයේ සුපිරි බලවතෙක්ගේ විදේශ ප්රතිපත්තිය, ධනවත් බහුජාතික සමාගම් විසින් පාලනය කළාම වෙන්න පුළුවන් දරුණුම විනාශය තමයි ගෝතමාලාව. මේක ඉතිහාසයට වගේම අනාගතයටත් ලොකු අනතුරු ඇඟවීමක්.
ඊළඟ වතාවේ උදේ කෑමට ලස්සන, කහ පාට කෙසෙල් ගෙඩියක් අතට ගනිද්දී, පොඩ්ඩක් මතක් කරගන්න... 1954 දී ඒ කෙසෙල් ගෙඩි පිටිපස්සේ හැංගිලා, අහිංසක රටක "වසන්තය" සදහටම කුඩුපට්ටම් කරලා දාපු ඉතිහාසය ගැන..

✍️ Sulochana Dissanayake
A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-03-27

බස් කථා බස්. පම්පෝරි




මෙරටට බස්රථ ආයනයේදී ඒ සඳහා ලැබෙන කොමිස් මුදල වෙනුවෙන් තවත් බස් රථ දහයක් ලබාගෙන ඒවාද ධාවනයට එක් කරන ලැබූ පුවතක් දිනවල විශාල ප්‍රසිද්ධියක් සමඟින් සමහරු ප්‍රචාරය කරනවා..
එය හොඳ වැඩක් අගය කළ යුතුයි..
හැබැයි සමහරුන් එම සිදුවීම ලංකා ඉතිහාසයේ එවැන්නක් සිදුවූ ප්‍රථම අවස්ථාව මෙන් එය සමහරු න් විස්තර කරනවා.
අතීතයේ විශිෂ්ට සේවාවක් කළ මිනිසුන්ට එයින් සිදුවන්නේ අසාධාරණයක්..
දරුණු ලෙස අසත්‍ය සමාජගත කරමින් හැත්තෑ පස් වසරක ශාපයක් ගැන උදේ සවස රෑ කෑමට පෙර කෑමට පසු සමාජගත කළ ඒ අසත්‍ය කතාව නිසා ,අලුත් පරම්පරාවේ බොහෝ දෙනෙක් අතීතය කෙරෙහි වෛරයකින් සිටිනවා..
හැබැයි මේ පොළොවේ ඉතිහාසයේ සත්‍ය ඊට වඩා වෙනස්..
මම සිදුවීම් තුනක් පමණක් කියන්නම්.
අනිල් මුණසිංහ මෙරට දේශපාලනයේ ඉතිහාසයේ සිටි විශිෂ්ට නායකයෙක්..
ලංකා සම සමාජ පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනයේ ඔහු යෙදී සිටියා.
ඔහු මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රය පිළිබඳ ව ඉහළම වගකීම් දැරූ කෙනෙක්.
ඒ ලංගම සභාපතිවරයා වශයෙන් සහ ප්‍රවාහන ඇමතිවරයා වශයෙන්..
ඔහු එම තනතුරු දරන කාලයේද ලංගම සඳහා බස් ආනයනය කරනු ලැබුවා..
එවකට මෙරට ප්‍රවාහන පද්ධතියේ වැඩි වගකීම් කොටසක් දැරුවේ ලංගමය..
එලෙස බස් රථ විශාල ප්‍රමාණයක් ආනයනය කර ලැබූ අවස්ථාවක ඒ වෙනුවෙන් දෙනු ලබන කොමිස් මුදලක් අදාළ සමාගම විසින් ප්‍රධානය කිරීමට සූදානම් වූ විට,
අනිල් මුණසිංහ මැතිතුමා සිදු කළේ එම මුදලට සරිලන ෆියට් වර්ගයේ මෝටර් රථ විශාල සංඛ්‍යාවක් ඒ වෙනුවෙන් අදාළ සමාගම හරහා ලබාගෙන,
ඒවා ලංකාව පුරා ලංගම ඩිපෝවල නිලධාරීන්ගේ රාජකාරියමය කටයුතු සඳහා බෙදාහැරීමට කටයුතු කළා..
එකල ලංගම ටිකට් පරීක්ෂකවරුන් එම වාහන තම රාජකාරි කටයුතුවලදී යොදාගත් බව මට මතකයි..
එදා අනිල් මුණසිංහලා ඒවායින් පෞද්ගලික ප්‍රසිද්ධ ලබා ගැනීමට හෝ දේශපාලන වාසි ලබාගැනීමට කටයුතු කළේ නෑ ..
මම තවත් සිද්ධියක් කියන්නම්.
එය එම මේ කියන අදාල සිද්ධියෙන් බොහෝ කලකට පසුව ,
එක්සත් රාජධානියේ පැවති තුන්වැනි ලෝකයේ දේශපාලනය සම්බන්ධයෙන් පැවති සම්මන්ත්‍රණයකදී යුරෝපීය රටක දේශකයෙක් විසින් සඳහන් කරනු ලැබූ දෙයක්..
ඔහු ලෝකයේ ප්‍රසිද්ධ රක්ෂණ සමාගමක ඉහළ නිලධාරියෙක් ලෙස අතීතයේ කටයුතු කර තිබෙනවා..
ඔහු සේවය කළ සමාගමට අදාළ අනු සමාගමක් එකල ලංකාවේ ක්‍රායාත්මක වී තිබෙනවා..
ඒ 1960 දශකයේ මුල් භාගය.
රක්ෂණ ව්‍යාපාරය තනිකරම පෞද්ගලික සමාගම් විදෙස් පෞද්ගලික සමාගම් සතුව මෙරට ක්‍රියාත්මක වූ කාලය ..
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රථම පාලන කාලය තුළදී රක්ෂණ ෂේත්‍රය ජනසතු කර ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පිහිටවීම සඳහා කටයුතු කරමින් සිටි කාලය..
එම කටයුත්ත භාරව කටයුතු කළේ එවකට ක්ෂේත්‍රය භාර අමාත්‍යවරයා වූ ටී.බී.ඉලංගරත්න මැතිතුමා...
එතුමා එම ව්‍යාපාරයෙන් විදෙස් රටවලට ඇදී යන විශාල මුදල් ප්‍රමාණය නවතා එය ශ්‍රී ලංකාරක්ෂණ සංස්ථාව මගින් රාජ්‍ය සංස්ථාවක් වෙත ලබා ගැනීමේ කටයුත්ත සඳහා යුහුසුළුව ඉක්මනින් ක්‍රියාත්මක වෙමින් සිටියා..
එම අවස්ථාවේදී අදාළ සමාගමේ නියෝජිතයන් අමාත්‍යවරයා හමුවී තිබෙනවා..
අමාත්‍යවරයාට විශාල මුදලක් විදෙස් රටක හෝ තැන්පත් කරන්නට ඔවුන් සූදානම් වී තිබෙන්නේ එම කටයුත්ත එක වසරකින් ප්‍රමාද කර දෙන ලෙසට ඉල්ලීමක් කරමින්....
ඒ මාස කීපයක් තුළදී ඔවුන්ට සිදුවන අහිමිවීම් වළක්වා ගැනීමටයි..
ටී.බී .ඉලංගරත්න අමාත්‍යවරයාගේ පිළිතුර වී තිබෙන්නේ,
" මට ඔබට එක උදව්වක් කරන්න පුළුවන්..
ඔබ මෙවැනි ඉල්ලීමක් මගෙන් කළ බව මා කිසිවෙකුටත් කියන්නේ නෑ..
ඒ ඔබ ඒ අපහසුවට පත්වන නිසා.
නමුත් මට එක දිනයකින් වත් මේ ක්‍රියාවලිය ප්‍රමාද කරන්න බැහැ..
මගේ වගකීම මගේ රටට යහපතක් වන දෙයක් ඉක්මනින්ම ඉටු කර දී එහි ප්‍රතිලාභ මගේ ජනතාවට ලබාදීමයි. "
එම නිලධාරියා බොහෝ කලකට පසුව වෙනත් රටකදී එම ප්‍රකාශය කරන තෙක් ඉලංගරත්න මහතා එවැනි දෙයක් කරා යැයි කියමින් දේශපාලන ජනප්‍රියත්වයක් ලබාගැනීමට කටයුතු කළේ නෑ..
එමෙන්ම බණ්ඩාරනායක මැතිණිය ගේ දෙවන ධුර කාලයේ අග්‍රාමාත්‍ය ධුරය දරමින් සිටින කාලයේ ,
ඉඩම් අක්කර පනහේ සීමාවේ නීතිය,
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පනත යටතේ ගෙන එනු ලැබුවා..
එහිදී අක්කර පනහට වැඩි ඉඩම් ප්‍රමාණයක් හිමි අයගේ, වයස අවුරුදු 18 වැඩි එක් අයෙකුගේ අක්කර පනහට වැඩි ඉඩම් විශ්වාස ඉඩම් රජයට පවරා ගනු ලැබුවා..
තමාගේ නායකත්වය යටතේ තම රජය විසින් හෙක්ටරූ කොබ්බෑකඩුව ඉඩම් අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් සිදුකරනු ලැබූ මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය නිසා ,
බණ්ඩාරනායක මැතිණියට සහ
බණ්ඩාරනායක මැතිතුමාට සිය පරම්පරාවලින් හිමිව තිබූ අක්කර දහස් ගණනක් රජයට පැවරීමට සිදුවුණා..
එමෙන්ම එම පනත පාර්ලිමේන්තුව ගෙන ඒමට සහ ඒ ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ ඉඩම් ඇමැති හෙක්ටර් කොබ්බෑකඩුව මැතිතුමාද තමාට සහ තම පවුලට හිමි ඉඩම් අක්කර විශාල ප්‍රමාණයක් තමා විසින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පණත යටතේ රජයට පවරා දෙනු ලැබුවා..
දැන් සමහරු හිතන් ඉන්නේ අතීතයේ සිටි නායකයන් මේ රටට කිසිම දෙයක් නොකළ මිනිසුන් කොටසක් කියා..
නමුත් ඉතිහාසයේ මේ රටට වැඩක් කළ මේ රටට ආදරය කළ පරිත්‍යාගශීලී නායකයන් මේ මහ පොළොවේ ජීවත් වී මේ මහ පොළොවට මිහිදන් වී ඇති බව අතීතයට ශාප කරන මිනිසුන් දැනගත යුතුයි..
සමහර අය සර්වතෝභද්‍ර යැයි සිතා සිටින නායකයන්ට වඩා මේ මිනිසුන් නිහඬව මහ මෙහෙයක් කළ මිනිසුන්..
අනාගතයේ කවදා හෝ දිනෙක ගල් පිළිම සහ බොල් පිළිම වෙන් කරගත හැකි වනු ඇති.


- ලාල් ද අල්විස්...
A day in the life