පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2026-03-21

අධිකරණ ඇමති






නිදහසෙන් පසු 1948 සිට සිට ශ්‍රී ලංකාවේ අධිකරණ/නීති (Justice / Law) අමාත්‍ය ධූරය දරපු මහත්වරුන් ගැන සොයන්න මීදුමට හිතුනා.

විශේෂ හේතුවක් තියෙන්නත් එපාය.

අපේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර අභිරූප රංගණ ශිල්පියෙක් වෙලා.

ලිංගිකත්වය මේ පාර්ලිමේන්තු  කාලයේ ජනප්‍රිය මාතෘකාවක්.

ඒ වගේම සරල ව්‍යවහාරයක්.

සාමන්‍යයෙන් මුඩුක්කු ව්‍යවහාරයේදී සුලබ එමෙන්ම නොසලකා හරින මේ වාග් විලාශයන් වර්තමානයෙත් නිතර අහන්න දකින දේවල්.

ඒකත් සිස්ටම් චේන්ජ් එකක්.


1947 සිට 1956 දක්වා එච්.ජේ.සී පෙරේරා මහතා අධිකරණ අමාත්‍ය ධුරයේ කටයුතු කරලා තියෙනවා.

ඊ.බී .වික්‍රමනායක 1956 දී අධිකරණ අමාත්‍ය ධුරයේ කටයුතු කරනවා.මේ කාල වකවානුව අපේ වයසේ අයට සිහිපත් කරන්න පුළුවන් කාලයක්.

අපරාධ යුක්ති විනිශ්චය සභාව වැනි විනිශ්චය සභා නිර්මානය වුනේ මේ කාලේ.

1956 - 1977 සෑම් පී.සී ප්‍රනාන්දු ,සී.පී ද සිල්වා,ෆීලික්ස් ඩයස් බණ්ඩාරණයක යන මහත්වරු අමාත්‍ය ධුරයේ වගකීම් දරුවා.

ජනරජ පනත වැනි සුවිශේෂි අණ පනත් පාර්ලිමේන්තුවට ආවේත් ජාතික රාජ්‍ය සභාව ඇතිවුනේත් මේ  කාලයේ.

1977 ජේ.අර්  -  ප්‍රේමදාස ගේ යුගය 1977 -1994 දක්වා නිශ්ශංක විජේරත්න , ලලත් ඇතුලත්මුදලි,එච් ඩබ්ලිව් ජයවර්ධණ රංජන් විජේරත්න,

චන්ද්‍රීකා යුගය 1994 -2005 ජී.එල් පීරිස්  බී.ජී.පී.එස්.ඩී ඒකනායක ඩබ්ලිව්. ජේ .එම් ලොකුබණ්ඩාර ,ඩිලාන් පෙරේරා ,මිලින්ද මොරගොඩ රාවුෆ් හකීම් 

2015 -2026 විජේදාස රාජපක්ෂ , තලතා අතුකෝරළ අලි සබ්ර් 

අධිකරණ අමාත්‍ය ධුර දැරු අමාත්‍යවරුන්.

මෙතුමන්ලාගේ චරිත ලක්ෂණ හදාරණ ගමන් වර්තමාන රජයේ හර්ෂණ නානායක්කර අමාත්‍යවරයා සසදන එක ඔබට භාරයි.


මේ වියමන මුණු පොතෙන් උපුටා ගත්තක්.

වියමන කරලා තිබුනේ ප්‍රියන්ත ප්‍රනාන්දු .


අධිකරණ ඇමති මට මැද ඇගිල්ල පෙන්නලා,දිව දික් කරා – මන්ත්‍රී අජිත් පී පෙරේරා කියයි

March 20, 2026  iri news

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා තමන් වෙත මැද ඇඟිල්ල පෙන්වමින් සහ දිව දික් කරමින් අතිශය අසභ්‍ය හා නින්දිත ආකාරයෙන් පාර්ලිමේන්තුව තුළ හැසිරුණු බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා අද (20) සජීවී වීඩියෝවක් මගින් බරපතල චෝදනාවක් එල්ල කළා.

පාර්ලිමේන්තු සම්ප්‍රදායන් උඩුයටිකුරු කරමින් කැබිනට් අමාත්‍යවරයෙකු මෙලෙස හැසිරීම සමස්ත උත්තරීතර සභාවටම සිදුකළ අපහාසයක් බව මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළා.

නීතිපති දෙපාර්තමේන්තුවේ බලය විමධ්‍යගත කරමින් ප්‍රාදේශීය නීතිපති කාර්යාල ආරම්භ කිරීමේ ප්‍රගතිය පිළිබඳව අජිත් පී. පෙරේරා මහතා මීට වසරකට පමණ පෙර යොමුකර තිබූ ප්‍රශ්නයකට අද දින අමාත්‍යවරයා පිළිතුරු දීමට නියමිතව තිබුණු නමුත් අමාත්‍යවරයා එම ප්‍රශ්නයට පිළිතුරු දීම මගහැරි බවත්, ඒ පිළිබඳව මන්ත්‍රීවරයා කතානායකවරයාට කරුණු ඉදිරිපත් කරන අවස්ථාවේදී අමාත්‍යවරයා මෙම අශෝභන හැසිරීම සිදුකර ඇති බවත් අජිත් පී පෙරේරා මහතා පවසනවා.

අධිකරණ අමාත්‍යවරයෙකු ලෙස පත් කරන්නේ ඉතාමත් සංයමයකින් සහ වගකීමකින් කටයුතු කරන අයෙක් වුණ නමුත් මෙලෙස  උගත් යැයි කියාගන්නා, පාර්ලිමේන්තු සම්ප්‍රදාය වෙනස් කිරීමට පැමිණි අයගේ හැසිරීම අතිශය කනගාටුදායක බවයි.

එමෙන්ම මේ මට්ටමට පල්ලෙහාට වැටිච්ච අවස්ථාවක් මගේ තුන්වෙනි පාර්ලිමේන්තු වාරය තුළ මම දැකලා නැහැ,” යනුවෙන් අජිත් පී. පෙරේරා මහතා ප්‍රකාශ කළා.

කෙසේවෙතත් විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ද මෙම සිදුවීම දුටු බවත්, මේ පිළිබඳව වරප්‍රසාද කඩකිරීමේ යෝජනාවක් ඉදිරිපත් කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.

වැඩක් කරගත නොහැකි, කේන්තිය සහ අපහාසය පමණක් සිතේ ඇති මෙවැනි අසභ්‍ය ලෙස හැසිරෙන අමාත්‍යවරුන් සමග ආණ්ඩුවක් පවත්වාගෙන යා හැකිද යන්න පිළිබඳව ජනාධිපතිවරයා නැවත සිතා බැලිය යුතු බව මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළා.

එමෙන්ම කතානායකවරයා මේ සම්බන්ධයෙන් වහාම විනයානුකූල පියවරක් ගත යුතු බව ද අජිත් පී පෙරේරා මහතා එහිදී වැඩිදුරටත්  ඉල්ලා සිටියා.











A day in the life

2026-03-20

රේල් පීලි දෙකක් අතරේ කුඩා ඉඩක්




රේල් පීලි දෙකක් අතරේ කුඩා ඉඩක් තබන්නේ අව්වට ප්‍රසාරනය වීම සඳහා යයි පැවසීම තවත් දුම්රියට සම්බන්ධ ප්‍රචලිත මිත්‍යාවකි.
රේල් පීලි දෙකක් අතර පෙනෙන හිඩැස පිළිබඳ පැහැදිලි කිරීම.
රේල් පීලි දෙකක් එකිනෙක සම්බන්ධ කිරීම සඳහා පත්තු (Fish Plates) දෙකක් දෙපසින් තබා අඟලක් පමණ විශ්කම්භයක් ඇති වානේ ඇන (Bolts & Nuts) 4 කින් (සමහර විට 6 කින්) දැඩි ලෙස සම්බන්ධ කරනු ලබයි. මේ ඇන හොඳින් තදවී ඇත්නම් එම පීලි දෙක එකම දෘඩ පීල්ලක් ලෙස ක්රිියා කරයි.
මෙවන් සම්බන්ධකිරීමකදී පීලි දෙක එකිනෙක හේත්තුවන ලෙස තබන්නේ නම් පීලිවල හා පත්තුවල සිදුරු එකිනෙක නිවැරදිව සම්පාතවීම සඳහා විශාල නිරවද්යහතාවකින් යුතුව සිදුරු ස්ථානගත විය යුතුය. උදාහරණයක් ලෙස අවසන් සිදුරේ කේන්ද්රහයේ සිට පීල්ලේ කෙලවරව දුර මිමී 100ක් නම් හා පත්තුවේ මැද සිදුරු 2 අතර දුර මිමී 200ක් නම් පීලි අතර හිඩැසක් නොවන පරිදි පීලි දෙක සම්බන්ධ කල හැකිය. එහෙත් යම්කිසි හේතුවක් නිසා පීල්ල කැපීමේදී එහි අවසන් සිදුරේ සිට කෙලවරට දුර මිමී 1 කින් වැඩිවුනා යයි සිතමු. එවිට එවන් පීලි දෙකක් හේත්තු කලවිට සිදුරු අතර දුර මිමී 202කි. නමුත් පත්තුවේ අදාල සිදුරු අතර පරතරය මිමී 200ක් පමණි. පීලි තවත් මිමී දෙකකින් ලං කල යුතු ය. කොටින්ම කිවහොත් සවිකල නොහැකිය. මේ සඳහා අවශ්ය නිරවද්යයතාවට විශාල රේල් පීලි කැපීම හා විදීම ක්ෂේත්රමයේදී අපහසුය.
එබැවින් ප්රා‍යෝගිකව සිදු කරන්නේ මිමී 5ක් පමණ කොටට පීල්ල කැපීමයි. මුල් උදාහරණයම සලකමු. දැන් සිදුරේ සිට පීල්ල කෙලවරට දුර මිමී 95 යි. පීලි දෙක එකට තැබූ විට සිදුරු අතර අවම දුර මිමී 190. පත්තුවේ සිදුරු අතර දුර මිමී 200. දැන්පීලි අතර මිමී 10ක හිඩැසක් තබා පත්තුව සවි කල හැකිය. වැරදීමකින් පීල්ලේ දිග මිමී 1ක් 2ක් අඩු වැඩි වුවද පත්තුව සවිකල හැකිය. පීලි අතර හිඩස ඇතිවන්නේ මේ හේතුව නිසාය.
පීලි ශක්තිමත්ව සිල්පර හා සම්බන්ධ කර ඇති විට රත්වීමේදී හා සිසිල් වීමේදී සිදුවියයුතු දිගවැඩිවීම හා අඩුවීම එසේ නොවී සංපීඩනයක් (Compression) හෝ ආතතියක් (Tension) ලෙස පීල්ල විසින් විඳගනු ලබයි. (මේ සඳහා බකල් වීමට හෝ Crack වීමට අවකාශ නොලැබෙන සේ මාර්ගය ශක්තිමත්ව තිබියයුතුය.)
පත්තුවේ ඇන හොඳින් තදවී ඇත්නම් රත්වීමේදී හෝ සිසිල් වීමේදී මෙම හිඩැස වෙනස් නොවේ. එහෙත් ඇන බුරුල්වී ඇත්නම් යම් ප්රීමාණයක අදීමක් හෝ හැකිලීමක් නිරීක්ෂණය කල හැකිය.
මෙසේ පීලි අතර හිඩසක් තිබීමෙන් ඒවා මාර්ග නඩත්තුවේදී මාරු කිරීම පහසු වන අතර අවාසිය වන්නේ රෝද මේ හිඩැස් මතින් යාමේදී ඇතිවන ශබ්දය හා කම්පනයයි. වර්තමානයේ අධිවේගී දුම්රිය මාර්ග සැදීමේදී රේල් පීලි කිහිපයත් එකට පාස්සා සම්බන්ධක ප්ර මාණය අවම කර ඇත. සම්බන්ධක (Joints) නැතිවම හදන රේල් පාරවල් ද ඇත (Continuously welded rails). තවද Expansion Joints යනුවෙන් අතරමැදි ක්‍රමයක් ද වේ.
ඒ අනුව රේල් පීලි දෙකක් අතර හිඩැසක් තබන්නේ රත්වීමේදී වන ප්රිසාරණයට ඉඩ දීම සඳහායයි පැවති මතය බැහැර කල යුතු ය.
© former gmr mr. Punnavijitha Wijesekera

A day in the life