පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2026-03-20

රේල් පීලි දෙකක් අතරේ කුඩා ඉඩක්




රේල් පීලි දෙකක් අතරේ කුඩා ඉඩක් තබන්නේ අව්වට ප්‍රසාරනය වීම සඳහා යයි පැවසීම තවත් දුම්රියට සම්බන්ධ ප්‍රචලිත මිත්‍යාවකි.
රේල් පීලි දෙකක් අතර පෙනෙන හිඩැස පිළිබඳ පැහැදිලි කිරීම.
රේල් පීලි දෙකක් එකිනෙක සම්බන්ධ කිරීම සඳහා පත්තු (Fish Plates) දෙකක් දෙපසින් තබා අඟලක් පමණ විශ්කම්භයක් ඇති වානේ ඇන (Bolts & Nuts) 4 කින් (සමහර විට 6 කින්) දැඩි ලෙස සම්බන්ධ කරනු ලබයි. මේ ඇන හොඳින් තදවී ඇත්නම් එම පීලි දෙක එකම දෘඩ පීල්ලක් ලෙස ක්රිියා කරයි.
මෙවන් සම්බන්ධකිරීමකදී පීලි දෙක එකිනෙක හේත්තුවන ලෙස තබන්නේ නම් පීලිවල හා පත්තුවල සිදුරු එකිනෙක නිවැරදිව සම්පාතවීම සඳහා විශාල නිරවද්යහතාවකින් යුතුව සිදුරු ස්ථානගත විය යුතුය. උදාහරණයක් ලෙස අවසන් සිදුරේ කේන්ද්රහයේ සිට පීල්ලේ කෙලවරව දුර මිමී 100ක් නම් හා පත්තුවේ මැද සිදුරු 2 අතර දුර මිමී 200ක් නම් පීලි අතර හිඩැසක් නොවන පරිදි පීලි දෙක සම්බන්ධ කල හැකිය. එහෙත් යම්කිසි හේතුවක් නිසා පීල්ල කැපීමේදී එහි අවසන් සිදුරේ සිට කෙලවරට දුර මිමී 1 කින් වැඩිවුනා යයි සිතමු. එවිට එවන් පීලි දෙකක් හේත්තු කලවිට සිදුරු අතර දුර මිමී 202කි. නමුත් පත්තුවේ අදාල සිදුරු අතර පරතරය මිමී 200ක් පමණි. පීලි තවත් මිමී දෙකකින් ලං කල යුතු ය. කොටින්ම කිවහොත් සවිකල නොහැකිය. මේ සඳහා අවශ්ය නිරවද්යයතාවට විශාල රේල් පීලි කැපීම හා විදීම ක්ෂේත්රමයේදී අපහසුය.
එබැවින් ප්රා‍යෝගිකව සිදු කරන්නේ මිමී 5ක් පමණ කොටට පීල්ල කැපීමයි. මුල් උදාහරණයම සලකමු. දැන් සිදුරේ සිට පීල්ල කෙලවරට දුර මිමී 95 යි. පීලි දෙක එකට තැබූ විට සිදුරු අතර අවම දුර මිමී 190. පත්තුවේ සිදුරු අතර දුර මිමී 200. දැන්පීලි අතර මිමී 10ක හිඩැසක් තබා පත්තුව සවි කල හැකිය. වැරදීමකින් පීල්ලේ දිග මිමී 1ක් 2ක් අඩු වැඩි වුවද පත්තුව සවිකල හැකිය. පීලි අතර හිඩස ඇතිවන්නේ මේ හේතුව නිසාය.
පීලි ශක්තිමත්ව සිල්පර හා සම්බන්ධ කර ඇති විට රත්වීමේදී හා සිසිල් වීමේදී සිදුවියයුතු දිගවැඩිවීම හා අඩුවීම එසේ නොවී සංපීඩනයක් (Compression) හෝ ආතතියක් (Tension) ලෙස පීල්ල විසින් විඳගනු ලබයි. (මේ සඳහා බකල් වීමට හෝ Crack වීමට අවකාශ නොලැබෙන සේ මාර්ගය ශක්තිමත්ව තිබියයුතුය.)
පත්තුවේ ඇන හොඳින් තදවී ඇත්නම් රත්වීමේදී හෝ සිසිල් වීමේදී මෙම හිඩැස වෙනස් නොවේ. එහෙත් ඇන බුරුල්වී ඇත්නම් යම් ප්රීමාණයක අදීමක් හෝ හැකිලීමක් නිරීක්ෂණය කල හැකිය.
මෙසේ පීලි අතර හිඩසක් තිබීමෙන් ඒවා මාර්ග නඩත්තුවේදී මාරු කිරීම පහසු වන අතර අවාසිය වන්නේ රෝද මේ හිඩැස් මතින් යාමේදී ඇතිවන ශබ්දය හා කම්පනයයි. වර්තමානයේ අධිවේගී දුම්රිය මාර්ග සැදීමේදී රේල් පීලි කිහිපයත් එකට පාස්සා සම්බන්ධක ප්ර මාණය අවම කර ඇත. සම්බන්ධක (Joints) නැතිවම හදන රේල් පාරවල් ද ඇත (Continuously welded rails). තවද Expansion Joints යනුවෙන් අතරමැදි ක්‍රමයක් ද වේ.
ඒ අනුව රේල් පීලි දෙකක් අතර හිඩැසක් තබන්නේ රත්වීමේදී වන ප්රිසාරණයට ඉඩ දීම සඳහායයි පැවති මතය බැහැර කල යුතු ය.
© former gmr mr. Punnavijitha Wijesekera

A day in the life

2026-03-19

ජල්බරියක් !.




දවස - මාර්තු 17
වෙලාව 1.30 ට - පාසල් අවසන් වන වෙලාව.
ප්‍රාථමික විද්‍යාලයක්.
නම කියන්න හොද නැහැනේ . විද්‍යාලයේ කීර්තිනාමයට හොද නැහැනේ
ප්‍රාථමික විද්‍යාලයක ලොකු ළමයි නේ හතර වසරේ ඉන්නේ.
මේ අයියලා පාසල අවසන් වෙලා බෑග් එල්ලගෙන පාරට බහින කොට ගුරුභවතෙක් මිදුලේ තිබුන පයිප්ප බට ටිකකුයි සිමෙන්ති බෑග් භාගෙකුයි ශාලාවක් ඇතුලට දාන්න කියලා.
මේ පුංචි අයියලට ගුරු නියෝගය පිටු දකින්න බැරිවෙලා.
ඒ වැඩේ නිම කරලා පාරට එන කොට පාසල් බස් රථය පිටත් වෙලා.
බස් රථයේ රියදුරු මාමා හිතුවළු හවස පන්ති කියලා.
බස් රථය එනකම් පාරේ බලා ගෙන හිටපු සීයට පණිවිඩය තියලා රියදුරු මාමා ඉගිළුනා.
පන්ති තියෙන බවක් ගෙදරින් පිටත් වෙන කොට නොකිවු නිසා සීයාට ගින්දර පත්තු වෙලා.
මුණුපුරා ගෙදර ආවේ නෑ නේ.
මේ මනුස්සයා මොනවා කර ගන්නවා ඇද්ද ? . පාරේ හරහා පැනලා අණතුරක් කරගනීද ? දහාක් දේවල් සීයට හිතෙනවා.
වාහනයක් අරගෙන කලබලෙන් මුණුපුරා හොයා ගෙන පාසල ගාවට යන කොට මුණුපුරා එයාගේ තවත් යාළු අයියා කෙනෙක් එක්ක අයිස් ක්‍රී්ම් එකක් කකා පාරේ අනිත් පැත්තේ වෙළද සැලක ඉන්නවා.
යාන්තම් දහඩිය නිමලා ගිඩි ගිඩිය පාලනය කර ගත්තා.
තව පොඩ්ඩෙන් සීයත් 1919 නලාව හඩවා ගෙන යනවා.

කතාව ඕක වුනත් පාසලට ගියාම පාසල් කාලේ දරුවන්ගේ වගකීම තියෙන්න ඕන ගුරුවරු අතේ .
විශේෂයෙන් වගකිව යුත්තා විදුහල්පති තුමා හරි තුමිය .
ඒ වගකීම බැහැර වෙලා.
දරුවෝ පසල් යන්නේ එන්නේ පාසල් බස්රථවල වුනාම ඒවා යන්නේ එන්නේ කිසියම් කාල සටහනකට.
හිතපු හැටියේ දරුවෙක් නතර කරගත්තම ඒ දරුවා ගෙදර යන්නේ කොහොමද ? කියලා ප්‍රාථමික ගුරු මොළ වලට අවබෝධයක් නැත්නම් ඒ මොළත් ප්‍රාථමිකයි.
ටිකක් හොයලා බැළුවා මොකක්ද මේ අයියලාගේ ශ්‍රමදානේ කියලා !.

ඒ ගැන නොලියා ඉන්නම්.
පෞද්ගලිකයි රහසිගතයි කියලා හිතාගෙන.









A day in the life