පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2026-03-11

" කුලය " කියන්නෙ සංවේදී මාතෘකාවක්.




" කුලය " කියන්නෙ සංවේදී මාතෘකාවක්. ලංකාවෙ උග්‍ර කුල භේදයක් නැතත්, අදටත් කුලය ආවාහ විවාහ වලදි බහුතරයක් හොයන බලන දෙයක් වෙලා තියෙනව. කුල භේදය දරුණු විදිහට දකින්න ලැබෙන්නෙ ඉන්දියාවෙ.

ඉන්දියානු ආභාෂය එක්ක යම් විදිහක කුල භේදයක් ලංකාවෙ ගොඩ නැගෙනව. හැබැයි ඒක වෘත්තීය මත පදනම් වුණ කුල ක්‍රමයක්. මේ ලිපියෙදි ලංකාවෙ කුල පිළිබඳ කතා කරන්න යන්නෙ නැහැ. නමුත් වැදි ජනතාවට මේ කුල ක්‍රමයෙ ලැබෙන තැන සුවිශේෂී වෙන නිසාම ඒ ගැන හැඳින්වීමක් කරන්න උත්සාහ දරනවා.

කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් සිංහල ජනතාවත්, වැදි ජනතාවත් ජන වර්ග දෙකක් නිසා, ඔවුන් කුල වශයෙන් සැසදීම සාර්ථක නැහැයි කියල. ඒත් සිංහලයන්ගේ වගේම වැද්දන්ගේ සමාජ අතර අන්‍යොන්‍ය ගැටීමක් අවුලක් දහස් ගණනක් පුරාවට සිද්ද වුණා.

වැදි ජනතාව විශ්වාස කරන විදිහට ඔවුන් පැවතෙන්නෙ, මහියංගනයට බුදුන් වැඩි අවස්ථාවේ ධර්මය නොඅසා පළාගිය යක්ෂ ගෝත්‍රික ප්‍රජාවගෙන්. විජයාවතරණයට පෙර ලංකාවෙ යක්ෂ ගෝත්‍රික පාලනයක් තිබුණ. කුවේණිය එහි පාලිකාවක්. ඇගේ දරුවන් වූ ජීවහත්ත දිසාලාගෙන් වැදි පරපුර පැවතෙන බවත් කියවෙනව.

මෑතක් වන තුරු වැදි ජනතාව ජීවත් වුණේ බාහිර සමාජෙන් බැහැරව මහ කැලෑවෙ සංචාරක ජීවිතයක් ගත කරමින්. මේ වැදි රැහැට එක් වුණ පළමු රාජකීයයන් විජය රජුගේ දරුවන් වුණත්, අවසන් රාජකීයයන් ඔවුන් වුණේ නැහැ.

වසර දහස් ගණනක් පුරාවට සිදු වූ විවිධ කුමන්ත්‍රණ වලදී ජීවිත ආරක්ෂාව පතා, විවිධ අවස්ථා වලදී රාජකීයන් වංශවතුන් වන වදින්න වුණා. ඔවුන්ට රැකවරණය වැදි ජන සමාජය තුල ලැබුණ.

මේ නිසාම වැදි ජනතාවට ලාංකික කුල ධූරාවලියෙ ඉහළම තලයක් හිමි වුණා. දුණු හී මානා කොළ අතු, නැත්නම් ගස් පට්ටා වලින් නිරුවත වසාගත් ජන සමාජයකට රටක කුල ධූරාවලියෙ ඉහළම මට්ටමක් හිමිවීම තරමක් පුදුම සහගතයි.

ලංකාවෙ රාජ්‍යත්වයේ සංකේතය විදිහට සැලකුම් ලබන්නෙ දන්ත ධාතූන් වහන්සේ, උන්වහන්සේ වැඩ වෙසෙන දළදා මාලිගයේ ආරක්ෂාව වෙනුවෙන් වැදි කණ්ඩායමක් සිටි බව ජනශ්‍රැතියෙ සඳහන්. එය බැහැර කල නොහැක්කෙ අදටත් දළදා මාලිගයේ සිදුවන සෑම වැදගත් මංගල්‍යයකදීම පාහේ මී පැණි රැගෙන වැදි ජනතාව සහභාගි වීම නිසා. වැදි ජනතාව කුලයෙන් පහත් කොට සැලකුවේ නම් එවැනි අවස්ථාවක් හිමි නොවන්නට තිබුණා.

හියු නෙවිල් මහතා 1885 පළකල ලිපියක මෙසේ සඳහන් වෙනවා " සිංහලයන් විසින් වැද්දන් උසස් තත්වයක ලා සලකමින් තම දූවරුන් වැද්දන්ට දීග දීමට අකමැති නොවන මුත්, එබඳු දීගයකින් උපන් දරුවෝ වැද්දන් විසින් පහත් කොට සලකනු ලබති "

1935 වසරෙදි ලංකාවේ වැදි ජනතාව ගැන ගවේෂණයක් කල විලියම් ගයිගර් ඔහුගේ, "The Language of Veddas" ලිපියේ " වැද්දෝ අභිමානවත් ජනතාවක් වෙති. ඔවුහු දේශයේ මුල් අයිතිකරුවන් ලෙස සිංහලයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වන්නෝය" යනුවෙන් සඳහන් කරයි.

වැද්දන් සාමය සහ නිදහස ප්‍රිය කල ජන සමාජයක්. ඔවුන්ගෙ නිදහසට බාධා වුණ සෑම විටම ඔවුන් අවි අතට ගත්තා. ලංකාව ඉංග්‍රීසි යටත්විජිතවාදී න්ට යටත් වූ පසු නැඟුණු පළවෙනි කැරැල්ලෙදිම ඔවුන් තම දායකත්වය ලබා දුන්නා. කොහුකුඹුරෙ රටේ රාල, කිවුලේගෙදර මොහොට්ටාල වැනි නායකයන් සමඟ වැදි ජනතාවද සටනට පිවිසුණා.

සටන පරාජය වෙද්දි වැද්දන් නැවත වන වදින්නෙ අවුරුදු දහස් ගණනක් සිදු කලා සේම පැරදුණු සටන්කාමීන්ගෙ දරු පවුල් වැදි රටට රැගෙන යමින් ඔවුන්ට එහි ආරක්ෂාව සපයමින්.

මේ විදිහට පසු බැහැපු වැදි ජනතාව වස 1820 දි ආයෙත් ඉංග්‍රීසීන්ට එරෙහිව අවි ඔසවන්නෙ, විමලධර්ම නරේන්ද්‍රසිංහ නමින් සිංහල කුමාරයෙක් රාජ්‍යත්වයට පත් කරවීම උදෙසා. වැද්දන් විසින් මෙහෙය වූ මේ කැරැල්ල ඉතිහාස රචකයා විසින් අමතක කොට තිබීම කණගාටුවට කාරණයක්.

වැදි ජන සමාජය ඇතුලත වරිග කිහිපයකට බෙදී පවතිනවා. ඌරු වරිගෙ, තලා වරිගෙ, උනාපාන වරිගෙ, මොරාන වරිගෙ, තබුඩන් වරිගෙ වගේ වරිගෙ වශයෙන් වර්ග 13 කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන තියෙනව. නමුත් අද වෙද්දි දකින්න ලැබෙන්නෙ ඉන් කිහිපයක් පමණයි.

විශේෂත්වය මේ වරිග වල උස් පහත් භේදයක් වැදිජන සමාජයෙ දකින්න නොලැබීම.

මීට පෙර ලිපියෙ සඳහන් කරපු මුහුදු වැද්දන්ට ඔවුන් සම්බන්ධ වන ද්‍රවිඩ සමාජයේ හිමි වන්නෙ නම් ඉතා පහත් ස්ථානයක්. බලහත්කාරයෙන් එල්ටීටීඊ සංවිධානයට බඳවාගත් මුහුදු වැදි තරුණයන්ට එහිදී පවා පහත් කොට සැලකූ බව කියවෙනව.

කුල ක්‍රමය පරිහානියට පත් වෙනව වගේම වැදි ජන සමාජයත් කාලයත් සමඟ පරිහානියට පත් වෙනව. ඒ සියල්ල නොවැළැක්විය හැකි කාලයට උරුම දේවල්. ඒ කොහොම වුණත් කාලයක් සමාජයෙ ඉහළින් වැජඹුණු වැදි ජනතාව අද සමාජයෙ යහපත් තත්වයක නැහැ.

© කෝකිල ගිහාන් විතානතන්ත්‍රී.

A day in the life

2026-03-10

දෙවියෝ ඉන්නේ මොන පැත්තෙ ද ? - මානිගේ තීරුව



මේ යුද්දෙදි දෙවියො ඉන්නෙ කාගෙ පැත්තෙද?
යුද්දයට පැටලී සිටින ඇමරිකන්,ඊශ්‍රායල් හා ඉරාන යන ජාතීන් තුනම දෙවියන් අදහන්නෝය.ඒ නිසා මේ තුන්ගොල්ලම සිතනවා ඇත්තේ දෙවියන් සිටින්නේ තමන්ගේ පැත්තේ යැයි කියාය.එහෙත් ඇත්තටම දෙවියන් සිටින්නේ කාගෙ පැත්තේද?
ඒ ප්‍රශ්නය ඇසීමේ අදහසින් මම දෙවියන් හමුවීමට ගියෙමි .
මා පැමි⁣ණ සිටි බව දැනගත් දෙවියෝ නිදිගැට කඩමින් එළියට ආහ.
"රෑ එළිවෙනතුරු ටෙලිවිෂන්නෙකේ යුද්දෙ බල බල ඉඳල මාර නිදිමතයි ඕයි "දෙවියෝ ඈනුමක් හරිමින් කියා සිටියහ."ඒක නෙවෙයි තමුසෙ හිතන්නෙ කවුරැ දිනයි කියලද මේකෙන්?"
ඒ කතාවෙන් මට පුදුම හිතුණේය .
"දෙයියොත් කියන්නෙ යකාගෙ කතාවක්නෙ.මේක ක්‍රිකට් මැච්⁣චෙකක්වත්, දෙයියො කමෙන්ටේටර් කෙනෙක්වත් නෙවෙයිනෙ දිනන්නෙ කවුද පරදින්නෙ කවුද කිය කිය ඉන්න"මම වහාම කියා සිටියෙමි."ඇයි දෙයියො වහාම මේක නවත්තන්න මැදිහත් වෙන්නෙ නැත්තෙ?"
"මේකයි බං වැඩේ.මුන් හැම එකාම යාඥා කරන්නෙ යුද්දෙ දිනවල දෙන්න කියලනෙ .ඒ වුණාට එකෙක්වත් යාඥා කරන්නෙ නෑනෙ සාමය ඉල්ලල"දෙවියෝ කළකිරැණු හඬින් කියා සිටියහ."දෙයියොන්ට වුණත් පුළුවන්කමක් නෑ කවුරැවත් ඕඩර් කරපු නැති බඩුවක් සප්ලයි කරන්න"
"ඒ වුණාට දෙයියන්ට තියෙනවනෙ දේව බලේ"මම දෙවියන්ට මතක් කර දුනිමි ."ඒ බලෙන් බැරිද අපි ත්‍රස්තවාදී ආරක්ෂක පනතෙන් කරනව වගේ සාමාන්‍ය තත්ත්වයන් යටතේ කරන්න බැරි දේවල් කරන්න.ඒ කියන්නෙ ඉල්ලීමක් නැතුවත් ලෝක සාමය ඇති කරන්න"
"තමුසෙට මැන්ටල්ද ඕයි ? ලෝක සාමය ඇතිවෙනව කියන්නෙ යුද්ද, හමුදා,බෝම්බ,තුවක්කු ඔක්කොම නැතුව ගිහින් ලෝකෙ පට්ට බෝරිං වෙනවටනෙ" දෙවියෝ පුදුම වෙමින් කියා සිටියහ. "අනික බං ලෝකෙට වීරයො කොහෙන්ද යුද්දයක්වත් නැත්නම් "
මට දැනගන්නට තවත් දේවල් තිබුණේය .
"එතකොට දැන් මිලියන ගානක් යුද්දෙ දිනවල දෙන්න කියල දවස ගානෙ දෙයියන්ට යාඥා කරනව ඇතිනෙ" මම විමසුවෙමි ."දෙයියො කියලත් කොහොමද එච්චර යාඥා තොගයක් කළමනාකරණය කරගන්නෙ?"
ඒ අසා දෙයියන්ට හිනා ගියේය .
"ඒකටනෙ බං දිව්‍ය ඥානය කියල දෙයක් තියෙන්නෙ" දෙයියෝ කියා සිටියහ."මැදපෙරදිග දේව කන්නලව් අහන්න මම චැනල් දෙකක් දාල තියෙනව.සාමෙ ඉල්ලන චැනල්ලෙක නම් මම අහනව.යුද්දෙ දිනවල දෙන්න කියන චැනල්ලෙකේ සවුන්ඩ් මියුට් කරලයි තියෙන්නෙ"
"පත්තර රස්සාවෙදි අපිට කවුරැහරි කියන්න එපා කියල රහසක් කිව්වොත් අපි ඒක උසාවියකටවත් කියන්නෙ නෑ"මම දෙවියන්ට කීවෙමි."ඒක නිසා මට විතරක් කියනවද දෙයියො කාටද යුද්දෙදි සපෝට් කියල"
"දැන් ඔය තුන්ගොල්ලම මට යාඥා කරල මිසයිල යවන එවුන්නෙ "දෙවියෝ අසරණ ලෙසින් කියන්නට වූහ."ඒක නිසා මටත් උඹලගෙ ආණ්ඩුව වගේ ඉන්න වෙලා තියෙන්නෙ බං"
අන්තිමේදී මම යන්නට නැගිට්ටෙමි.
"දෙයියන්ට මතකද ට්‍රම්ප්⁣ කමෙයිනිව මරපු දවසෙ කිව්ව මම ලෝකෙ නපුරුම මිනිහව මැරැව කියල" මම අවසාන වශයෙන් කියා සිටියෙමි."ඒ වගේ දෙයියොන්ට දිවැසින් බලල කියන්න පුළුවන්ද ලෝකෙ ඉන්න පිස්සුම මිනිහ කවුද කියල"
දෙවියෝ මට රවා දිව්‍ය භවන ඇතුළට ගොස් මහ හඬින් දොර වසා ගත්හ.



සුන්දර නිහතමානි ද මැල්
A day in the life