පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2026-02-18

ජීවිතය - මුදල් පසුම්බියක.



අපි දැන් වයසයි.

නිවසෙත් පිටතදිත් රගපාන්නේ බකමූණාගේ චරිතය.

හයිය හත්තිය තියෙන උදවිය ඔලොක්කුවට අහන්නේ “ දැන් ගොක් කොළ පේනවා නේද ? කියලා.

දවසක් දුම්රියේ ටිකට් පරීක්‍ෂක මහත්තෙකුට පරණ වෙලා හම්පඩ ගැහිච්ච මුදල් පසුම්බියක් දුම්රිය මැදිරියක බිම තියලා හම්බු වෙනවා.කාගෙද මේ පසුම්බිය ? කියන ප්‍රශනෙත් එක්ක අයිතිකරු සොයා ගන්න පසුම්බිය විවෘත කරනවා.

නමක් ගමක් නැහැ. හදිසියක් වුනොත් දැනුම් දෙන්න ලිපිනයක් වත් නැහැ !.

එහි තිබුනේ බුදුහාමුදුරුවන්ගේ පින්තූරයක් සහ මුදල් නෝට්ටු කිහිපයක් විතරයි.

ඔහු මැදිරියෙන් මැදිරියට පසුම්බිය ඔසවා ගෙන යන ගමන් අහනවා“ කාගෙද මේ පසුම්බිය ?“කියලා.

එක් සීයා කෙනෙක් “ අනේ ඒක මගේ කරුනාකරල මට දෙන්න - ඔබතුමාට පිංසිද්ධ වෙයි “ කියලා ආයාචනය කරනවා.

ටිකට් පරීක්‍ෂක කියනවා - “ ඒක සීයාගේ නම් ඔප්පු කරන්න හෝඩුවාවක් එහෙම තියෙනවා නම් කියන්න 

මේකේ නමක් ගමක් ලිපිනයක් පින්තූරක් නැහැනේ “ කියලා.

සීයා හිනාවෙනවා. දත් නැති ලොඹු කට.

වියපත් අහිංසක මුහුනේ පෙනුම 

හිනාවෙමින් කියනවා“ බුදුහාමුදුරුවන්ගේ පින්තූරයක් තියෙනවා “ කියලා.

“ඒක සාක්‍ෂියක් වෙන්නේ කොහොම ද ?

ඕනෑම කෙනෙකුට බුදුහාමුදුරුවන්ගේ පින්තූරයක් තියෙන්න පුළුවන්.

ඒ වගේ පින්තූරයක් මුදල් පසුම්බියක දාගෙන ඉන්නත් පුළුවන් නේ “ 

කියලා ටිකට් පරීක්‍ෂක වරයා අනුමානය පලකරනවා.

ඇයි ? ..ඔබේ පින්තූරයක් නැත්තේ 

සීයාට ලොකු කතාන්දරයක් කියන්න සිද්ධ වුනා.

ඔබතුමා මගේ කතාව අහන්න ලෑස්ති ද ? සීයා ඇහුවා.

ටිකට් පරීක්‍ෂක වරයා කාර්ය බහුලවුනත් සීයාට අවනත වුනා.

සීයා ගැඹුරු හුස්මක් ඉහලට ගෙන මුදා හැරියා.

මගේ පින්තූරෙට මොකදවුනේ කියලා …මමවත් දන්නේ නෑ.

මට ඔය පසුම්බිය දුන්නේ මගේ තාත්තා. 

මම පාසල් යන කාලේ. ඒ කාලේ මට තාත්තා වියදමට පුංචි මුදලක් දුන්නා.ඒ මුදල් දාගන්න ඔය පසුම්බිය පාවිච්චි කලා.

මම මගේ අම්මගෙයි තාත්තගෙයි පින්තූරයක් පසුම්බියේ දාගෙන හිටියා !.

මම යෞවනයෙක් වුනා. මම හරි කඩවසම්.මම මගේ පෙනුමට ආඩම්බර වුනා. 

මගේ දෙමව්පියන්ගේ පින්තූරය වෙනුවට මගේ පින්තූරයක් දා ගත්තා.

කාලය ගෙවී ගියා.

ප්‍රෙමවන්තියන් ආදරවන්තියන් හමුවුනා….කලින් කලට පසුම්බියේ පින්තූර මාරුවුනා.

විවාහ වුනා. ලස්සන මගේ බිරිදගේ පින්තූරයක් පසුම්බියේ පදිංචි වුනා.

මටත් බිරිදටත් දරුවෙක් ලැබුනා.

ජීවිතයට තවත් අළුත් පිටුවක් එකතු වුනා.

දරු සෙනෙහස විසින් බිරිදගේ සේයාරුව පසුම්බියෙන් සමුගැන්වූවා බිරිදත් ඒ ගැන සතුටු වුනා.පසුම්බියට සිගිත්තියගේ පින්තූරයක එකතු වුනා.


ටිකට් පරීක්‍ෂකට කාලය ගෙවී යනවා දැනුනේ නැහැ. ඊලගට මොනවද වෙන්නේ කියලා කුතුහලයෙන් සීයා ගේ මූණ දිහා බලා ඉන්නවා.

වියකුන රැලි වැටුන මුහුනේ ඇස් මලානික වෙලා පුංචි කදුළු බිංදු දෙකෙපොල දීගේ ගලා ගෙනයනවා. ටිකට් පරීක්‍ෂකත් හැගීම් බර වෙලා. එහුගේ ඇස් කෙවෙනි නටනවා.

සීයා යලිත් හඩ අවදිකරනවා.

“ මගේ අම්මයි තාත්තයි වසර ගනනාවකට පෙර මගෙන් සමුගත්තා

මගෛ් බිරිදත් පසුගිය වසරේ මාව තනි කලා.

මගේ දරුවා දැන් ඇගේ පවුලත් සමග කාර්ය බහුලයි.

මම හැමදාමත් මගේ හදවතට සමීපව තියාගෙන හිටපු හැමදෙනාම දැන් මට ලගාවෙන්න බැරි දුරක ඉන්නේ !.


ඉතින් මම බුදුහාමුදුරුවන්ගේ පින්තූරේ මගේ මුදල් පසුම්බියට දැම්මා .උන් වහන්සේ කවදාවත් මම දාලා යන්නේ නැහැ.

මට මීට කලින් මේ හැගීම තේරුම් ගන්න බැරිවුනා.

මම දැඩිලෙස මගේ පවුලට තරම්ව බුදුන්වහන්සේට ආදරය කලා නම් ඇළුම් කරා නම් මට මේ තරම් තනිකමක් දැනෙන එකක් නැහැ.

සීයා සුසුමක් හෙළුවා.

ටිකට් පරීක්‍ෂකවරයා නිහඩවම මුදල් පසුම්බිය සීයාට දුන්නා.


දුම්රිය ඊළඟ ස්ථානයේ නතර වූවා.  

ටිකට් පරීක්‍ෂක  වේදිකාවේ පොත් සාප්පුව වෙත ගොස්   “ඔබ ලග බුදුන්වහන්සේගේ  පින්තූර තියෙනවද අසා.

මුදල් පසුම්බියට දැමීමට තරම්  කුඩා එකක් තේරුවා.














A day in the life

2026-02-17

මොකද වෙන්නේ ?.



පුංචි එකා කතා කියනවා.

සීයා අහගෙන ඉන්නවා. 

නැත්නම් අහගෙන ඉන්න ඕන.

සමාජයම කාර්ය බහුලයි. තව කෙනෙක් ගැන හිතන්න කාලයක් නැහැ.

හිතන්න ඉඩක් තියෙන්නේ තමන් ගැනම විතරයි.

අපි පුංචි කාලේ එහෙම නැහැ.පරිභොජන රටාව සරලයි.

අද වගේ සන්නිවේදනය දියුණු නැහැ.

තාක්‍ෂණය දියුණු නැහැ.

ගෙදර වංගෙඩිය , මෝල් ගහ , මිරිස් ගල 

අවශ්‍ය කර්මාන්ත ඉටු කරලා දෙන ගමන් ශාරීරික ස්වතා වැඩ සටහන්ද ක්‍රියාත්මක කරනවා.

ලෙඩ රෝග හෘදයාබාද  අධික රුධිර පීඩනය , වගේ රෝග නැහැ.

අද පාරේ දුවනවා. ජිම් එකට යන්න ඕනි , යෝගා ඕනි.

සමාජයේම සිතුම් පැතුම් වෙනස්.

පාරේ ලොකු ගලක් තිබුනා කියලා හිතමු.

ඒක වටේ යනවා.

යන්න බැරි තරම් අවහිරයක් නම් අරන් දානකම් බලා ගෙන ඉන්නවා.

මාර්ග සංවර්ධන අධිකාරියෙන් එනකම්……

තනියෙන් බැරිනම් පිරිසක් එකතු වෙලා තාවකාලිකව වත් අවහිරය ඉවත් කරන්න හිතන්නේ නැහැ.

පුංචි එකාගේ කතාව අතරේ හිතුන දේවල්.

අවධානය නැතිව ගිහින් පුංචි එකා යුද්ධ ප්‍රකාශ කරනවා.

ඔන්න සීයේ ඉස්සර කාලේ රජ කෙනෙක් හිටියා.

මේ රජ්ජුරුවෝ හරි ඥානවන්තයි.

දවසක හිතුවා රජ්ජුරුවන්ගේ අඩුපාඩුවක් ඇදක් කුදක්ම හොයන තම රට වැසියන් තම රටට තියෙන ආදරය , රට ගැන තියෙන හැගීම පරීක්ෂා කරන්න.

රජ්ජුරුවෝ තම හේවා ඇණියෙන් පිරිසක් එක්කර ගෙන ගිහින් යන එන පාර මැදට ගලක් පෙරළුවා.

මේ ගල හතර පස් දෙනෙක් එකතු වුනොත් පාර අයිනට පෙරලා ගන්න පුළුවන් තරමේ ගලක්.

ඊට පස්සේ පිරිස ආපහු ඇරලා රජ්ජුරුවෝ අසල වන ලැහැබේ හැංගිලා බලා හිටියා.

මොකද වෙන්නේ කියලා ?.......

ඔන්න සීයේ……

හොද සල්ලිකාර වෙලෙන්දෝ කිහිප දෙනෙක් තම පිරිවර සමග ආවා.

පාර මැද ගලක් !.

අයින් කරන්න හිතුවේ නැහැ.

රජතුමාටයි රජතුමාගේ භාණ්ඩාගාරයටයි සේවක පිරිසටයි ආඩපාලි කියමින් ගල මග හරිමින් ගියා.

ඔන්න ඊට පස්සේ රාජපුරුෂයන් කිහිප දෙනෙක් ආවා.

රජ්ජුරුවෝ හිතුවා මේ ගොල්ලවත් ගල පෙරලා පාරේ අවහිරය ඉවත් කරලා යයි.කියලා.

ඒ ගොල්ලන් කථා බස් කරන දේවල් වලට ඇහුම් කන් දුන්නා.

එයාලගේ අදහස වුනේ එය තමන්ගේ විෂයය පථයට  අයත් රාජකාරියක් නොවන බවයි. 

රජතුමා තවත් බලා හිටියා.

එළවළු කදක් කර තියාගත් ගොවියෙක් එනවා.

කද හින්දත් උදේ ඉදන් ගොවිපලේ වැඩකරමින් හිටිය නිසාත් ගොවියා හිටියේ හරිම මහන්සියෙන්.

ගොවියා කද පසෙකින් තිබ්බා.

“ සීයා නිදි ද ?. මුණුපුරා අහනවා.

“නෑ මම අහගෙන ඉන්නවා“ . 

කතාව අතරේ අපේ සමාජයට ගලපන්න උත්සහාකරමින් හිටපු මම ආයෙත් ෙමුණුපුරාගේ අවධානයට පත්වුනා.

ඔන්න සීයේ ගොවියා බොහෝම මහන්සියෙන් යන්න එන්න ප්‍රමානවත් වන පරිද්දෙන් ගල පාර අයිනට පෙරළුවා.

පෙරලලා බලන කොට ගල යට පොදියක් තියෙනවා.

දිග ඇරලා බලපු ගොවියා ගේ ඉහේ මලක් පිපුනා වගෙයි.

පොදියේ රණ මසුරන් පිරිලා !!.

ඒත් එක්ක තිබුන තල් පතේ 

“ගල ඉවත් කිරීමට රජතුමාගෙන් තෑග්ගක් “

සටහන් කරලා තිබුනා .

ඔන්න සීයේ කථාව………..පුංචි එකා මා නිදහස් කලා.




A day in the life