පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2026-02-07

බුද්ධි මෙහෙයුමක් .






දුපතක් අල්ල ගන්න ඕන නිසා, සතුරු හමුදාව නොමග යවන්න.. මල සිරුරක් යොදාගෙන කරපු ලෝකයේ අංක එකේ බුද්දි මෙහෙයුම..
යුද්ධයක් දිනන්න නම් අනිවාර්යයෙන්ම වෙඩි උණ්ඩ පත්තුවෙන්න ඕනෙද? නැත්නම් ලොකු ලොකු බෝම්බ දාන්නම ඕනෙද? අද අමුතු අපි කියන්න යන්නේ මළ සිරුරක් පාවිච්චි කරලා, එක වෙඩි උණ්ඩයක්වත් පත්තු නොකර, මුළු ලෝක යුද්ධයක ඉරණම වෙනස් කරපු ලෝකයේ දරුණුම බොරු මෙහෙයුම ගැන මේකේ නම Operation Mincemeat.
ඔබ හිතනවා ඇති මේක හොලිවුඩ් ෆිල්ම් එකක කතාවක් කියලා හැබැයි මේක 100% ක් ඇත්තටම වුණු දෙයක්..
📍අපි යමු 1943 අවුරුද්දට... දෙවැනි ලෝක යුද්ධය තියෙන්නේ උපරිම අවධියක... එක පැත්තක ඇඩොල්ෆ් හිට්ලර් ඇතුළු නාසි හමුදාව අනිත් පැත්තේ බ්රිතාන්යය, ඇමරිකාව ඇතුළු මිත්ර පක්ෂය ඒ වෙද්දී හිට්ලර් යුරෝපයෙන් භාගයකට වඩා අල්ලගෙන ඉවරයි මිත්ර පක්ෂයට ඕන වුණා යුරෝපයට ඇතුළු වෙන්න දොරටුවක් හදාගන්න.
ඒකට තිබුණු හොඳම තැන තමයි ඉතාලියේ සිසිලිය කියන දූපත මේක අල්ලගත්තොත් මුළු ඉතාලියම අල්ලගන්න එක ලේසියි හැබැයි ප්රශ්නයක් තිබුණා හිට්ලර් මෝඩයෙක් නෙවෙයි එයා දැනගෙන හිටියා මිත්ර පක්ෂය ඊළඟට එන්නේ සිසිලියට කියලා ඒ නිසා හිට්ලර් සිසිලිය වටේට ලක්ෂ ගාණක හමුදාවක්, ටැංකි, බෝම්බ දාලා බලකොටුවක් වගේ ආරක්ෂා කළා.
බ්රිතාන්යයේ අගමැති වින්ස්ටන් චර්චිල්ට තේරුණා නිකන් ගිහින් ගැහුවොත් තමන්ගේ සොල්දාදුවන් දහස් ගණනක් මැරෙනවා කියලා මෙන්න මෙතනදී තමයි බ්රිතාන්ය බුද්ධි අංශය MI5 පට්ට ප්ලෑන් එකක් ගහන්නේ ඔවුන්ට ඕන වුණා හිට්ලර්ට හිතන්න සලස්වන්න අපි එන්නේ සිසිලියට නෙවෙයි ග්රීසියට කියලා.
🕵️‍♂️මේ අමුතු ප්ලෑන් එක පිටුපස හිටියේ සුපිරි මොලකාරයෝ දෙන්නෙක් එක්කෙනෙක් යුද හමුදා බුද්ධි නිලධාරී චාල්ස් චොල්මොන්ඩෙලි අනෙක් කෙනා අද ලෝකයේ ජනප්රියම චරිතයක් වන ජේම්ස් බොන්ඩ් සිනමාපටය නිර්මාණය කරපු ඉයන් ෆ්ලෙමින් ඔව්, ජේම්ස් බොන්ඩ් ලියපු කෙනා තමයි මේ මෙහෙයුමේ ප්රධාන මොළකරු...
ඔවුන්ගේ ප්ලෑන් එක වුණේ සතුරාට වැරදි තොරතුරු සහිත ලිපි වගයක් අහු වෙන්න සලස්වන එක හැබැයි ඒක ලේසි නෑ හිට්ලර්ගේ ඔත්තුකරුවන් හරිම දක්ෂයි ඒ නිසා මේ බොරුව ඇත්තම එකක් වගේ පේන්න ඕනේ ඉතින් ඔවුන් තීරණය කළා ඒ රහසිගත ලිපි ටික මළ සිරුරක් අතේ සතුරාට යවන්න
💼 මුලින්ම ඔවුන්ට ඕන වුණා මළ සිරුරක් ඔවුන් ලන්ඩනයේ මෘත ශරීරාගාරයක තිබුණු ග්ලින්ඩ්වර් මයිකල් කියන අසරණ මනුස්සයෙක්ගේ සිරුරක් හොයාගන්නවා ඔහු මී පාසානම් කාලා සියදිවි නසාගත් කෙනෙක් එයාට නෑදෑයෝ කවුරුත් හිටියේ නැහැ බුද්ධි අංශය මේ මළ සිරුර අරගෙන ඒකට අලුත් ජීවිතයක් දෙනවා...
දැන් මේ මළ සිරුර තමයි මේජර් විලියම් මාටින් ඔවුන් මේ මළ සිරුරට නියම හමුදා නිල ඇඳුමක් අන්දවනවා හැබැයි නිකන්ම අන්දවලා මදි ජර්මානු බුද්ධි අංශ මේ මළ සිරුර පරීක්ෂා කරද්දී ඒකේ එක වැරැද්දක්වත් තියෙන්න බැහැ ඒ නිසා බ්රිතාන්ය බුද්ධි අංශය මේ මළ සිරුර වෙනුවෙන් මුළු ජීවිත කතාවක්ම නිර්මාණය කරනවා.
පෑම් කියලා බොරු පෙම්වතියක් නිර්මාණය කරලා ඇයගේ ඡායාරූපයක් සහ ඇය ලියපු ආදර අකුරු පිරුණු ලියුම් දෙකක් මේජර් මාටින්ගේ සාක්කුවේ දානවා, ඔහුගේ පියා ඔහුට ලියපු ලිපියක් දානවා
සිනමා ටිකට් පත් දෙකක්, බැංකුවෙන් ආපු ණය මතක් කිරීමේ ලිපියක්, පාවිච්චි කරපු බස් ටිකට් වගේ පොඩි පොඩි දේවල් පවා සාක්කුවට දානවා.
අන්තිමට, ඔහුගේ අතේ තිබුණු බ්රීෆ්කේස් එකට අර "රහසිගත ලිපි" ටික දාලා, ඒක අතින් ගිලිහෙන්නේ නැති වෙන්න දම්වැලකින් ඔහුගේ අතටම සවි කරනවා මේ ලිපිවල තිබුණේ බ්රිතාන්යය ඊළඟට පහර දෙන්නේ ග්රීසියට සහ සර්ඩීනියාවට කියලා
🌊1943 අප්රේල් 30 වෙනිදා අලුයම. බ්රිතාන්යයේ HMS Seraph කියන සබ්මැරීනය ස්පාඤ්ඤයේ හුවෙල්වා වෙරළට රහසින්ම ළඟා වෙනවා මේ ස්පාඤ්ඤය යුද්ධයේදී මධ්යස්ථව හිටියත්, ඔවුන්ගේ වෙරළේ නාසි ඔත්තුකරුවන් පිරිලා හිටියා.
සබ්මැරීනයේ කපිතාන්වරයා සහ පිරිස මේ මළ සිරුරට ජීවිතාරක්ෂක කබායක් අන්දවලා මුහුදට මුදා හරිනවා. ඔවුන් දෙවියන්ගෙන් ඉල්ලුවේ එකම දෙයයි දෙයියනේ මේක සතුරාගේ අතටම පත් වෙන්න ඕනේ...
පැය කිහිපයකට පස්සේ ස්පාඤ්ඤ ධීවරයෙක්ට මේ මළ සිරුර හමුවෙනවා ඔහු ඒක වෙරළට අරන් එනවා ස්පාඤ්ඤ බලධාරීන් මේ සිරුර පරීක්ෂා කරනවා ඔවුන්ට අර බ්රීෆ්කේස් එක හමුවෙනවා බ්රිතාන්යය වහාම රඟපෑමක් පටන් ගන්නවා. ඔවුන් ස්පාඤ්ඤයට පණිවිඩ යවනවා අපේ නිලධාරියෙක් අතුරුදන්, ඔහු ගාව වැදගත් ලිපි වගයක් තිබුණා, කරුණාකරලා ඒක අපිට දෙන්න කියලා
මේ පණිවිඩය නාසි ඔත්තුකරුවන්ට අහු වෙනවා. ඔවුන් හිතනවා අම්මෝ... මේක තමයි චාන්ස් එක කියලා. ඔවුන් ස්පාඤ්ඤ නිලධාරීන්ට බල කරලා අර ලිපි ටික ෆොටෝ කොපි ජර්මනියට යවනවා.
🔥 මේ ලිපි ටික කෙලින්ම යන්නේ හිට්ලර්ගේ අතට හිට්ලර් මේ ලිපි කියවලා අන්දුන් කුන්දුන් වෙනවා ඔහුගේ ඔත්තුකරුවන් කියනවා මේ ලිපි 100% ක්ම ඇත්ත ඒ නිලධාරියාගේ සාක්කුවේ තිබුණු පෙම්වතියගේ පින්තූර පවා අපි පරීක්ෂා කළා කියලා
දැන් හිට්ලර්ගේ ඔළුවේ තියෙන්නේ එකම දෙයයි මිත්ර පක්ෂය එන්නේ ග්රීසියට සිසිලිය කියන්නේ නිකන්ම ඇන්දවීමක් විතරයි...
හිට්ලර් වහාම තීරණයක් ගන්නවා ඔහු සිසිලියේ තිබුණු තමන්ගේ ප්රබලම Panzer ටැංකි සේනාංක සහ ලක්ෂ ගාණක හමුදාව ග්රීසියට යවනවා ඒ විතරක් නෙවෙයි, ඉතාලියේ මුළු ආරක්ෂාවම අඩාල කරලා හමුදාව වෙනත් තැන්වලට විසුරුවනවා.
⚔️ 1943 ජූලි 10 වෙනිදා ලෝකයම හෙල්ලෙන මොහොත උදා වෙනවා මිත්ර පක්ෂය තමන්ගේ සම්පූර්ණ හමුදා ශක්තිය අරගෙන සිසිලියට කඩා වදිනවා ඒ වෙද්දී සිසිලියේ ආරක්ෂාවට හිටියේ ඉතාම සුළු පිරිසක් විතරයි
ජර්මානු හමුදාව ග්රීසියේ ඉඳන් බලන් ඉන්නවා කෝ තාම ආවේ නෑනේ කියලා හැබැයි සිසිලියේ ඉන්න ජර්මන් සොල්දාදුවන් පණිවිඩ යවනවා දෙයියනේ... මුළු මුහුදම වැහෙන්න නැව් ඇවිත්... අපිට ගහනවා කියලා...
හිට්ලර් අන්තිම මොහොත වෙනකම්ම හිතුවේනෑ... ඒක සුපිරි ගනයේ රැවටීමක්... ඇත්ත ප්රහාරය ග්රීසියට එයි කියලා හැබැයි ඔහුට වැරදුණා මාසයක් යන්න කලින් මිත්ර පක්ෂය සිසිලිය සම්පූර්ණයෙන්ම අල්ලගන්නවා මේක නිසා ඉතාලියේ පාලක මුසෝලිනීගේ බලය බිඳ වැටෙනවා දෙවැනි ලෝක යුද්ධයේ ජයග්රහණය මිත්ර පක්ෂය පැත්තට හැරෙන්න ගන්නේ මෙන්න මෙතනදී...
🕊️ යුද්ධය අවසාන වුණාට පස්සේ තමයි මේ රහස එළියට එන්නේ ඇත්තටම මේජර් විලියම් මාටින් කියලා කෙනෙක් හිටියේ නැහැ ඒ හිටියේ ග්ලින්ඩ්වර් මයිකල් කියන අසරණ මනුස්සයා ඔහු ජීවතුන් අතර ඉද්දී කාගෙවත් අවධානයක් නොලැබුණු අන්ත අසරණව මියගිය කෙනෙක් හැබැයි ඔහුගේ මළ සිරුර නිසා ලෝකයේ දහස් ගණනක් සොල්දාදුවන්ගේ ජීවිත බේරුණා...
අදටත් ස්පාඤ්ඤයේ ඒ සොහොන් ගැබේ ලියලා තියෙන්නේ මෙහෙමයි
"විලියම් මාටින් (ග්ලින්ඩ්වර් මයිකල්)... ඔහු කිසිදාක නොසිටි සොල්දාදුවෙකි, නමුත් ඔහු ලෝකය වෙනුවෙන් සටන් කළේය."
🧐 Operation Mincemeat අපිට කියලා දෙන්නේ යුද්ධයකදී වගේම ජීවිතේදීත් බලයට වඩා උපායමාර්ග වැදගත් කියන එක
හිට්ලර්ටට ලොකු හමුදාවක් තිබුණත්, ඔහු එකම එක බොරුවකට මුළු යුද්ධයම පරාජය වුණා....
ඉතින් මේ වගේ කතා ගැන ඔබ මොකද හිතන්නේ? ඉතිහාසයේ සැඟවුණු මෙවැනි තවත් අමුතු මෙහෙයුම් ගැන දැනගන්න කැමතිද? 🚀
A day in the life

2026-02-06

පාසල් කප්පාදුව .



ශිෂ්‍ය සංඛ්‍යාව 50 ට අඩු පාසල් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මෙය කඩිමුඩියේ ගත් තීරණයක් නොවේ . කාලාන්තරයක් අමාත්‍යාංශය විසින් කරන ලද නිරීක්ෂණයන්හි ප්‍රතිපලයකි.

ශිෂ්‍යයන්  50 ට අඩු පාසල් වසා දැමීම සඳහා ආණ්ඩුව විසින් ඉකුත් වසරේ ගත් තීන්දුවට අනුව නිකුත් කළ 34/2025 චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස 2026 වසරේදී දිවයින පුරා පාසල් 1,506ක් වසා දැමීමට නියමිත බව වාර්තා වෙයි.

ළමයින් අඩු පාසල් වසා දැමීම පිළිබඳ කතාබහ පසුගිය වසර ගණනාවක් පුරා පැවතියද, මෙවර නිකුත් කළ චක්‍රලේඛය මඟින් එය විධිමත් රාජ්‍ය ප්‍රතිපත්තියක් බවට පත් කර ඇතැයි අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරීක්ෂකයින් පවසති.

අධ්‍යාපන අමාත්‍යාංශයේ වාර්ෂික පාසල් සංගණන වාර්තා අනුව, 2015 වසරේදී සමස්ත පාසල් සංඛ්‍යාව 10,144ක් වූ අතර 2020 වන විට එය 10,155ක් දක්වා ඉහළ ගොස් තිබුණි. එම කාලය තුළ ළමයින් 50 ට අඩු පාසල් සංඛ්‍යාව 1,515 සිට 1,439 දක්වා අඩුවී ඇති අතර, ගුරුවරුන් 10 ට අඩු පාසල් සංඛ්‍යාවද 3,113 සිට 3,044 දක්වා අඩුවී තිබුණි.

කෙසේවෙතත්, 2020 න් පසු තත්ත්වය වෙනස් වී ඇති බව 2024 වසරේ සංගණන වාර්තා මඟින් හෙළි වේ. ඒ අනුව, 2024 අවසන් වන විට පාසල් සංඛ්‍යාව 10,047 දක්වා අඩුවී ඇති අතර ළමයින් 50 ට අඩු පාසල් සංඛ්‍යාව 1,645 දක්වා ඉහළ ගොස් ඇත. එමෙන්ම ගුරුවරුන් 10 ට අඩු පාසල් සංඛ්‍යාවද 3,065 දක්වා වැඩි වී ඇත. මෙම සංඛ්‍යාත්මක වෙනස්කම් පිළිබඳ නිල අධ්‍යයනයක් හෝ විග්‍රහයක් සිදුකර තිබේද යන්න පිළිබඳ ප්‍රශ්න රැසක් මතුව තිබේ.

මෙම තත්වයන්හී වෙනස් වීමට එක් හේතුවක් ලෙස මාර්ග සංවර්ධණය හා ප්‍රවාහන පහසුකම් දියුණුවීමද එක් හේතුවකි. ගම්බද මාර්ග පද්ධතිය දියුණුවීම නිසා ආසන්න ජනප්‍රිය පාසල් කරා ශීෂ්‍යයින් යොමුවී ඇති බව පැහැදිලි වන්නකි.

ග්‍රාමීය ප්‍රදේශවලට දැඩි බලපෑමක්

34/2025 චක්‍රලේඛයට අනුව වසා දැමීමට නියමිත පාසල් බහුතරයක් නාගරික ප්‍රදේශවලින් බැහැර ග්‍රාමීය හා දුෂ්කර ප්‍රදේශවල පිහිටි පාසල් බව දත්ත මඟින් පෙන්වයි. 

ඒ අනුව ඌව පළාතේ පාසල් 892 න් 172ක්, මන්නාරම දිස්ත්‍රික්කයේ පාසල් 132 න් 40ක්, මුලතිව් දිස්ත්‍රික්කයේ තුනුක්කායි කලාපයේ පාසල් 58 න් 25ක්, කෑගල්ල දිස්ත්‍රික්කයේ පාසල් 498 න් 120ක් වසා දැමීමට නියමිත බව වාර්තා වේ. මෙම ප්‍රදේශවල සමහර කලාපවල පාසල්වලින් 20%ත් 25%ත් අතර ප්‍රමාණයක් වසා දැමීමට නියමිතය.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ විචාරකයින් පෙන්වා දෙන්නේ, පාසල් වසා දැමීමට පෙර අදාළ ප්‍රදේශවල ගුරුවරුන්, මවුපියන්, පළාත් පාලන ආයතන සහ ප්‍රජාව සමඟ සාකච්ඡා කිරීම අත්‍යවශ්‍ය බවයි.

විශේෂයෙන්ම, ළමයින් වෙනත් පාසල්වලට නොයන හේතු, ප්‍රදේශයේ පාසල සංවර්ධනය කළහොත් ළමයින් එයට ආපසු හැරෙන්නේද, පාසල් වසා දැමීමෙන් දරුවන්ගේ අධ්‍යාපන අයිතියට සිදුවන බලපෑම යන කරුණු සම්බන්ධයෙන් ගැඹුරු විග්‍රහයක් නොමැතිව ගත් තීරණයක් ලෙස මෙය විවේචනයට ලක්ව ඇත.



A day in the life