පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2025-11-27

සුවසේ නිවන් මග වඩන්නට මේ පිං හේතුවේවා!’




මීට අවුරුදු හය හතකට උඩදි කළුබෝවිල ඉස්පිරිතාලෙට අලුත් දොස්තර නෝනා කෙනෙක් ආවා. හැම අවුරුද්දකම ඒ විදියට ඉස්පිරිතාලෙට අලුතින් දොස්තර මහත්තුරු නෝනාලා එනවා යනවා තමයි. ඒත් මේ දොස්තර නෝනා විශේෂයි. පිට මැදට වැටුණු රැළි කොණ්ඩෙයි, දුඹුරු පාට ඇස් දෙකයි, හිනා වෙනකොට වළ ගැහෙන කම්මුලයි නිසා එයාට තිබුණේ අමුතුම ලස්සනක්. රැස් විහිදෙන මේ ලස්සන නිසා මෙඩිකල් ෆැකල්ටියෙ ඉගෙනගන්න කාලෙත් එයාට වැටිච්ච කාඩ් එකක් තිබුණා. ඒ තමයි තම්මැන්නා. අර සුරූපී දකුණු ඉන්දියානු නිළියක් ඉන්නවා නේද තමන්නා කියලා. අන්න එයා වගේ කියලා තමයි ඉන්දියාවට තමන්නා නම් අපිට තම්මැන්නා කියලා පේරාදෙණිය ආට් ෆැකල්ටියෙ ඈයො කෙල්ලට ඔය නම පටබැන්දේ. මමත් හිටියේ ආර්ට් ෆැකල්ටි එකේ. ෆැකල්ටි දෙකක වුණාට අපි දෙන්නම හිටියේ හොස්ටල් එකේ එක කාමරේ. අන්තිමට එයා හෘද රෝග විශේෂඥ වෛද්යවරියක් වෙලා කළුබෝවිල ඉස්පිරිතාලෙට ගියා. එයා දොස්තර රස්සාවට යද්දී මම පත්තර රස්සාවේ නතර වුණා. හැබැයි අපේ යාළුකම එතැනින් නතර වුණේ නෑ.
ඉතින් මේ දොස්තර නෝනාට හරි හරි වැඩ තමයි ඒ කාලෙ සිද්ධ වුණේ. ඒ කාලෙ එයාට හදවත පෙන්නගන්න ඕනකමට බලෙන් හදවත් ලෙඩ කරගත්තු ඉලන්දාරි එකා දෙන්නා කළුබෝවිල ඉස්පිරිතාලෙට ගාටන්න පටන්ගත්තා. ඒ අතරේ හදවත ලෙඩවුණු දොස්තර මහත්තුරු එහෙමත් නොහිටියම නෙවෙයි. සමහර දවසට මේ නෝනා වෝඩ් රවුන්ඩ් එකේ ගිහින් එනකොට එයාගේ කාමරේ මේසෙ උඩ හීනියට නවලා දාලා ගියපු චිට් කෑලි එහෙමත් තිබුණා. ඒවා ඔක්කොම ඉතින් ආවේ මගේ අතට.
ඉස්පාසුවක් ලැබුණු ගමන් ගංගාරාම පන්සල වැඳලා, පෙරහර මාවතේ බේරේ වැවට මූණ දාලා තිබුණු පුංචි කොෆි ෂොප් එකට වෙලා කෝපි එකක් බොන ගමන්, අපි දෙන්නා කිචි කිචි ගගා හිනාවෙවී ඕවයේ තියෙන ඒව කියවනවා. මට අද වගේ මතකයි එහෙම එක චිට් එකක ලියලා තිබුණු පේළි දෙකක්.
‘දකින්නට මේ සඳවත
ඉතින් නතර වෙනු මැන හදවත’
ඇත්තටම එයා හඳක් වගේ හැඩයි. ඒක මේ දැන් කාලෙ ඉන්න බහුතරයක් කෙල්ලන්ගෙ තියෙන සංකර පෙනුමට සමාන එකක් නෙවෙයි. අරලියා මලක් වගේ හරි පිවිතුරු, අහිංසක ලස්සනක්. ඇත්තමයි. එහෙම ලස්සනක් මං කාගෙන්වත් දැකලා නෑ. ඔය ලස්සන ළඟ ඇස් නතර වුණු කී දෙනෙක් නම් මේ දොස්තර නෝනගේ හදවත පතාගෙන එන්න ඇතිද? ඒ වුණාට පුංචි සන්ධියේ ඉඳලම එයාගෙ හදවත අත්පත් කරගනිපු පෙම්වතෙක් හිටියා... ඒ තමයි එයාගෙ මස්සිනා.
ඔය මස්සිනාකාරයා එයාට ගැළපෙන්නේ නැති විත්තිය මමනම් කට කැඩෙනකල් කියලා ඇති. කොහෙද ඉතින්... මං කියන එකක් ඇහුවද... ඒ මිනිහා කොයිවෙලෙත් කුරා කූඹියෙකුටවත් වරදක් නොකරන මේ අහිංසකීව සැක කළා. ඒ සැකයෙන් හිත පිච්චෙන වාරයක් ගානේ ඌ මේ කෙල්ලව පිච්චුවා. දවසක් කකුල් දෙක සිගරට් කොටවලින් පුච්චලා තියෙනවා බලන් ඉන්න බැරි තැන මං ලෑස්ති වුණේ ගිහින් අතට අහුවෙන එකකින් ඌට දමලා ගහන්න. ඒත් මෙයා නෙවෙයි ඒකට ඉඩ දුන්නේ.
තව දවසක අර වගේ කවුරුහරි දාලා ගියපු චිට් එකක් මට පෙන්නන්න පර්ස් එකේ දාගෙන ඉද්දී ඔන්න ඒක මේ මනුස්සයාට අහුවෙලා. එදා ගහපු පාරට ඔලුව පැලුණා විතරක් නෙවෙයි සිහිය නැතුව ICU එකෙත් ඉන්න වුණා. මේ වගේ නරුමයෙක්, කරුමෙ මිසක් උරුමේ නෙවෙයි කියලා පැහැදිලි කරලා දීලා මං එදත් හැදුවේ පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාන්න. හැබැයි ඒකටත් මට ඉඩ ලැබුණේ නෑ.
පස්සෙ පස්සෙ එයාගේ මූණේ නිතර ඇඳිලා තිබුණු අර ලස්සන හිනාව ටික ටික අතුරුදන් වුණා. මේ ගෝරි නිසා දේවකාරියක් වගේ කරපු රාජකාරිය එපාවුණා. අන්තිමට හදවත ලෙඩ වුණු මේ හදවත් රෝග විශේෂඥවරිය රාජකාරියට සමුදීලා ඉස්පිරිතාලෙන් එළියට බැස්සා. එයිනුත් පස්සේ අර පෝරිසාදයාගෙන් වහන් වෙලා අවුරුද්දක් දෙකක් කවුරුත් නොදන්නා පැත්තකට වෙලා ඔත්පල වුණු හදවතට පැලැස්තර අලවාගත්තා. දැන් එයාගේ සියලු අසනීප සනීපයි. ඒත් එච්චර වද දීපු මනුස්සයෙක්ට අඩුම තරමේ ද්වේෂයෙන් වචනයක්වත් නොකියා සමාව දුන්නේ කොහොමද කියන එක මට අදටත් ප්රශ්නයක්. වළදාපු අතීත කතා ආයෙ ගොඩගන්න ඕන නෑ තමයි. ඒත් අද මට ඒ ප්රශ්නේ එයාගෙන් නාහා ඉන්න බැරි වුණා. ඉතින් මම ඇහුවා.
විනාඩියක් දෙකක් ගතවෙන්න ඇති. ඈත පේන කඳු පන්තිය දිහා බලාගෙන ඉන්නවා මිසක් එයාගෙන් උත්තරයක් ලැබෙන පාටක් නෑ. මං වැරදි ප්රශ්නයක්වත් ඇහුවද කියලත් මට දැන් සැකයි.
“මං ඇහුවේ වැරදි ප්රශ්නයක් නම් මට සමාවෙන්න අපේ මෑණියෝ...”
සාමා මෑණියෝ ඈතට පා කරලා ඇරපු ඇස් දෙක ගෙනල්ලා මගේ ඇස් මත්තේ රැඳෙව්වා. ඊටපස්සේ හරිම සැහැල්ලුවෙන් හිනාවුණා. ඒ මං වැරද්දක් කළේ නෑ කියලා කියන්න වගේ.
ඔව්... ඒ යාළුවා වෙන කවුරුත් නෙවෙයි. ඒ තමයි සමාඛ්යා. වර්තමාන කාලෙන් කිව්වොත් සාමා මෑණියෝ. වෙද නලාව නැති වුණාට මොකද අදත් මගේ හදවතේ ඇතිවෙන වේදනා එක සැනින් නිවන්න එතුමියට පුළුවන්.
ආපහු ඇස් ඈතට පා කරන ගමන් දිග නිහඬතාවයකට පස්සේ සාමා මෑණියෝ කතා කරන්න පටන්ගත්තා.
“සකී අහලා තියෙනවද අපේ බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා මේ ලෝකෙ අතිශයින් දුර්ලභ දේවල් හයක් තියනවා කියලා...”
ඇත්තටම මං එහෙම එකක් අහලා නෑ. ඒ නිසා මෑණියන්ගේ කතාවට බාධා නොකර, මැණියන්ට දිගටම කතා කරගෙන යන්න ඉඩ දීලා මං හිස දෙපසට කළා.
“මං වෙන වෙලාවක විස්තර සහිතව ඒ ගැන කියන්නම්. ඊට කලින් සකීගේ ප්රශ්නෙට උත්තර දීලා ඉන්නම්. උන්වහන්සේ ඔය කියපු දුර්ලභම දේවල් හයෙන් එකක් තමයි සකී පැවිද්ද කියලා කියන්නේ.”
ආරණ්යය වැඳ පුදාගන්න ආපු මන්දගාමී හුළඟක් ඇවිල්ලා මගේ ඇගේ දැවටෙනවා. ආරණ්යය භූමිය පුරා අතුපතර විහිදගෙන ඉන්න ගස් කොලන් වැඩි නිසාද කොහෙද ඒ මඳ හුළඟ පවා හරි සීතලයි. හැබැයි චීවරයෙන් ආවරණය වුණු මෑණියන්ට ඒ සීතල පීඩාවක් විදියට දැනෙන්නේ නැති විත්තිය මං දන්නවා. හරියට පැවිද්දත් ඒ වගේ. ගිහි අපිට බාල්දි පෙරළන බොහෝමයක් දේවල් පැවිද්ද ළඟදි බාල්දු වෙලා හැරිලා යනවා. එහෙම බලද්දී පැවිද්ද බොහොම දුර්ලභ දෙයක් තමයි.
“සමහරු හිතනවා මම පැවිද්දට ආවේ අතීතයේ සිද්ධ වුණු ඔය සිදුවීම් නිසා කියලා. හැබැයි හිතලා බලන්න සකී... ආදර සම්බන්ධතා කැඩිලා බිඳිලා වෙන් වෙන කී දෙනෙක් අද සියදිවි හානි කරගන්නවාද... කීදෙනෙක් තැබෑරුම්වලට වෙලා මත්වතුරවල ජීවිත දිය කරලා දානවද... සම්බන්ධතා බිඳුණු පමණින් හිත රිදුනු පමණින් හැමෝම පැවිද්දට එන්නේ නෑනේ. ඒකට පින තියෙන්න ඕන.”
සාමා මෑණියෝ මේ දේවල් දකින විදිය ගැන මට පුදුම නෑ. අද විතරක් නෙවෙයි, ඉස්සරත් එයා ප්රශ්න දිහා බැලුවේ අපි බලන විදියට නෙවෙයි.
“දැන් බලන්න සකී... සමහරු කියනවා පැවිදි වුණාම සිව්පසය සම්පූර්ණ වෙන නිසා යන එනමං නැති මිනිස්සු තමයි පැවිදි වෙන්නේ කියලා. හැබැයි සිව්පසය ලැබෙනවා කියලා කන්න, අඳින්න, ඉන්න හිටින්න තැනක් නැති හැමෝම ඇවිල්ලා පැවිදි වුණා නම්, මේ රටේ මෙච්චර හිඟමන් යදින මිනිස්සු ඉන්න පුළුවන්ද? ඒ නිසා මිනිස්සු තේරුම්ගන්න ඕන දේ තමයි පැවිදි වෙන්න කෙනෙකුට ප්රශ්න තිබිලා හරි යන්නේ නෑ, ඒකට පින තියෙන්න ඕන. මටත් ඔය ගිහි ජීවිතේ වෙච්ච සිදුවීම් නිසා එක්කෝ සියදිවි හානිකරගන්න තිබුණා. නැත්නම් මේ හැමදේම අතෑරලා දාලා විදේශගත වෙන්න තිබුණා. එහෙමත් නැත්නම් ගොඩක් මිනිස්සු වගේ නන්නත්තාර වෙන්න තිබුණා. හැබැයි මං ඒ එකකටවත් නොගිහින් සාසනේට ආවා. ඒ මට පින තිබුණු නිසා. ඉතින් ඒ පින මතු කරලා දීපු මනුස්සයාට මං මොන එකකට වෛර කරන්නද සකී... මට ඒ අතීතය ගැන හෝ පුද්ගලයින් ගැන කිසිම බැඳීමක්වත් ගැටීමක්වත් නෑ.”
ඒ කියන්නේ මෑණියෝ හිතන්නේ මේ හැමදේම වුණේ හොඳට කියලද? මට එහෙම අහන්න ඕන වුණත් මම ඇහුවෙ නෑ.
“මම සංසාරෙ කොහේ හෝ තැනක කාටහරි ඒ විදියට හිංසා කරලා ඇති සකී. ඒ විපාකය තමයි ඒ විදියට ගෙවන්න වුණේ. ඒක කාගේවත් වරදක් නෙවෙයි. ඒ පුද්ගලයා මට මේ ජීවිතෙන් ඒ පව ගෙවලා ඉවර කරන්න උපකාර කළා. මගේ කර්ම විපාකය ගෙවලා ඉවර කරගන්න ඒ පුද්ගලයාට මැදිහත්කරුවෙක් වෙන්න වුණා.”
ඒ අමතන විදියෙන් සහ මෑණියන්ගේ ස්වරයෙන් මට තේරෙන්නේ මම තවමත් ඒ අතීතයේ හිරවෙලා උන්නට මෑණියෝ ඒ අතීතයෙන් නික්මිලා ගොඩක් දුර ඇවිත් කියලයි.
“අපි හැමතිස්සෙම මේක මතක තියාගන්න ඕන සකී. පැවිදි ජීවිත ගතකළත් ගිහි ජීවිතය ගතකළත් මේ ධර්මතාවය දැනගෙන ජීවත්වෙන එක වටිනවා.”
“මොකක්ද අපේ මෑණියෝ...”
“ජීවිතේ යම් යම් අවස්ථාවල අපිට අනේකවිධ වද හිංසා පමුණුවන මිනිස්සු මුණගැහෙනවානේ. සමහරුන්ට අපි කිසිම වරදක් කරලා නෑ. හැබැයි පන්න පන්නා හිරිහැර කරනවා. ඒක කායිකව සහ මානසිකව දෙවිදියටම වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට පිට මිනිස්සුම නෙවෙයි. එහෙම වද දෙන අය අම්මා, තාත්තා, සහෝදරයෝ, ස්වාමියා, බිරිඳ විදියටත් එන්න පුළුවන්. එතකොට මතක් කරගන්න ඕන මේක මම සංසාරෙ කරපු පවක විපාකයක්. ඒ විපාකය ගෙවන්න අනේ මේ මනුස්සයා මැදිහත් වෙලා. බණ භාවනාවලින් හිත නොවඩපු මිනිස්සු, මේ විදියට අනුන්ගේ කර්ම ගෙවන්න ඉත්තෝ බවට පත්වෙලා අකුසල් රැස් කරගන්නවා. එහෙව් මිනිස්සුන්ට මම අනුකම්පා කරනවා මිසක් වෛර කරලා තේරුමක් නෑ. වෛර කළොත්, එකට එක කළොත් මට ඊළඟ ආත්මෙත් මේ පව ගෙවන්න වෙනවා. අන්න ඒ විදියට සිහි කරලා තමන්ට වැරදි කරන මිනිස්සුන්ට සමාව දෙන්න පුරුදු වෙන්න ඕන සකී. එතකොට ඒ ගනුදෙනුව මේ ආත්මෙන් ඉවරයිනේ...”
ඇත්ත... සමහර මිනිස්සු වෙනුවෙන් අපි කොච්චර උදව් උපකාර කළත්, කොච්චර කැපකිරීම් කළත් පෙරළා අපිට ලැබෙන්නෙ අනපේක්ෂිත හිත් වේදනා විතරයි. තවත් සමහර මිනිස්සුන්ට අපි අංශුමාත්රයක වරදක් කරලා නෑ. ඒ වුණාට මොකක්දෝ හේතුවකට ඒගොල්ලන් පන්න පන්නා අපිට හිරිහැරම කරනවා. හැබැයි ඒ වෙලාවට ද්වේශය ඇති කරගෙන එකට එක කරන්න ගියොත් සංසාරෙ තව සෑහෙන දුරක් අපිට මේ ගනුදෙනුව කර කර යන්න වෙනවා. සාමා මෑණියෝ කියන්නේ ඇත්ත. හේතුවක් ඇතුව හෝ නැතුව මිනිස්සු අපිව රිද්දන වෙලාවට හිතන්න පුරුදු වෙන්න ඕනෙ, ‘මේක මේ පුද්ගලයාගේ දෝෂයක් නෙවෙයි. මේ දෝෂය මගේ එකක්. ඒක මම සංසාරෙන් ගෙනාපු එකක්. ඒක ගෙවන්න මේ මනුස්සයා නොදැනුවත්වම මැදිහත්කරුවෙක් වෙලා. ඔහු හෝ ඇය සුවපත් වේවා’ කියලා. ඒත් එක්කම මට මතක්වුණා මම කොච්චර වාසනාවන්ත ද කියලා. භාග්යවතුන්වහන්සේ දේශනා කරලා තියෙනවා “මහණෙනි මේ ලෝකෙ ජීවත්වෙන කෙනෙක් ප්රාර්ථනා කළ යුතු යම්දෙයක් වේද කල්යාණ මිත්ර සම්පත්තිය තරම් දෙයක් ඇති කියලා මම දකින්නේ නෑ” කියලා. ඇත්තටම මේ වගේ කල්යාණ මිත්ර සම්පත්තියක් ලබන්න තරම් මම මේ සංසාරෙ කොච්චර පිං කරලා ඇතිද...
‘සාමා මෑණියන්ට ඒ අමා මහ නිවන බොහෝ දුර නොවේවා...! එතුමියට සුවසේ මේ නිවන් මග වඩන්නට මා කළ සියලු පිං හේතුවේවා!’ කියලා මම පිං අනුමෝදන් කළා.
සංසාර අරණ්යයේදී නැවත දවසක මුණගැහෙමු. තෙරුවන් සරණයි!
මම ඔබේ කල්යාණ මිතුරිය
ශාක්යා ඉද්දමල්ගොඩ (සකී)
A day in the life

2025-11-26

හමාස් සංවිධානය සහ පලස්තීනය .






ජෙරුසෙලම් පෝස්ට් පුවත් පත 2025/11/21 දින ලංකාව ගැන සදහන් ලිපියක් පලකරනවා.
ඒ වගේම 2013 මැයි 18 දින යුධ ජයග්‍රහණ සැමරැමේදී ගත් මේ ජායාරෑපයද ඔවුන් පළකරනවා.
+++++
ජෙරුසෙලම් පෝස්ට් පුවත් පත එරට යුධ විශේෂඤයකු වන කර්නල් ආචාර්ය මෝෂේ එලාද් සමග.කල සාකච්චාවක් ඇසුරින් මේ ලිපිය පලකරනවා.

එහි මෙහෙම කියනවා.හමාස් සංවිධානය පලස්තීනයේ ගාසා තීරයේ පාලනයෙන් පලවා හැරීමටත් හමාස් මුලිනුපුටා දැමීමටත් නොහැකිව ඊශ්‍රායලය අරගලයක් කරමින් සිටී.
ඊශ්‍රායලය යනු ලොව 14 වන යුධ බලවතා.
ලංකාව රටවල් 145 ක් අතරින් ලොව 69 වන යුධ බලවතා.
ලොව අංක එකේ බුද්ධි අංශය ලෙස සැලකෙන මොෂාද් ඔත්තු සේවය හිමි රට ඊශ්‍රායලය.
න්‍යෂ්ටික අවි , F 35 යානා , පේට්‍රියට් මිසයිල නාශක පද්ධති , සබ්මැරීන , යුධ ටැංකි මේ සියල්ලෙන් ඊශ්‍රායලය පොහොසත්.

බටහිර සහ ඇමරිකාව ඊශ්‍රායලය කරන ඕන අපරාධයක් සාධාරණය කරනවා.
එහෙම වෙලත් ඊශ්‍රායලයට බැහැ 35 km දිග 10km පළල කුඩා බිම් තීරැවක සිටින හමාස් පරාජය කිරීමට.
ගාසා තීරයට ආහාර විදුලිය ඉන්ධන ජලය සම්පූර්ණ සපයන්නේ ඊශ්‍රායලය විසින්.නමුත් ඊශ්‍රායලය අසමත් හමාස් මුලිනුපුටා දැමීමට.

මෝෂේ එලාද් මෙහෙම කියනවා.
ලෝකය අපට කියනවා ගරිල්ලා කණ්ඩායමක් මුලිනුපූටා දමන්න බැහැ කියලා.
නමුත් ලංකාවේ රජය ලොව දරැණුම ත්‍රස්ත සංවිධානය සම්පූර්ණ ලෙස පරාජය කලා.
ඔවුන් ලෝකය බැහැ කියන දේ කරලා පෙන්නුවා.
(ඇත්තටම LTTE සංවිධානය කොටියෙක් නම් සාපේක්ෂව හමාස් සංවිධානය පූසෙක් තරම් ඇති)

එලාද් කියන කතාව
2005 මහින්ද රාජපක්ෂ ලංකාවේ ජනාධිපති වෙනවා.
ඔහු සාම සාකච්චාව හරහා විසදුමක් සෙවීමේ උපායෙන් ඉවත් වී යුද්ධ කර කොටි සංවිධානය පරාජය කිරීමේ අපායට මාරැවෙනවා.
ඒ සමග රජය
විශාල ලෙස යුධ අවි මිලට ගැනීම ආරම්භ කළා.
හමුදාවට ලක්ෂ ගණනක් අලුතින් බදවා ගත්තා.
බුද්ධි අංශ තර කලා.
යුධ පෙරමුණු ගණනාවක් නිර්මාණය කර කොටියට පහර දුන්නා.

ලක් රජය ජාත්‍යන්තරය සමග සාකච්චා කර කොටි ආයුධ සැපයුම් වැහුවා.ඒ සදහා ඇමරිකාවේ ලෝක වෙළද මධ්‍යස්ථානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ බලපෑම ලංකාව උපක්‍රමිකව පාවිච්චි කලා.
කොටි සංවිධානය ජාත්‍යන්තරව තහනම් කරගැනීමට රජය සමත් උනා.

එලාද් මෙහෙමත් කියනවා.
කොටි සංවිධානය ඉතාම බලවත්.ඔවුන්ට සංකීර්ණ යුධ යාන්ත්‍රණයක් තිබුනා.
වෙනම පාලන කලාපයක් තිබුනා.
මරාගෙන මැරෙන ප්‍රහාර කලාව සොයාගත්තේ එම සංවිධානය.
ඔවුන් ඒ සදහා කාන්තාවන් සහ දරුවන් පවා යොදාගත්තා.

කොටි සංවිධානය සහ දෙමළ ජනතාව අතර බැදීම කඩා දැමීමට රාජපක්ෂ රජය සංවිධානාත්මක ප්‍රචාරක යාන්ත්‍රණයක් දියත් කලා.
ලංකාව තියෙන්නේ උපක්‍රමිකව සුවිශේෂී ස්ථානයක.ඒ වටිනාකම් පාවිච්චි කර ලංකාව බටහිර බලයට එරහිව චීන බලය ලබාගත්තා.
මහින්ද රජය යුද්ධය අවසන් වන තෙක් උතුරු නැගෙන හිරට මානව හිමිකම් සංවිධාන වලට එන්න දුන්නේ නැහැ.ජාත්‍යන්තර මාධ්‍ය වලට යුධ පෙරමුනට යන්න දුන්නේ නැහැ.ඔවුන් සියල්ල සංවිධානාත්මකව පාලනය කලා.
ඒ සියල්ල කර ඔවුන් ත්‍රස්තවාදය මුලිනුපුටා දැම්මා.

ඇමරිකාව.චෝදනා කරනවා යුද්ධය අවසාන සමයේ උතුරේ 40000 සහ 70000 අතර ගාතන සිදු වූ බවට.නමුත් සාක්ෂි නැහැ.ලක් රජය ඒ සියල්ල සූක්ෂමව කලමණාකරණය තලා. පුවත් පත එහෙම කියනවා.

මෝෂේ එලාද් කියනවා රැසියාව , චීලී රාජ්‍ය සහ ජර්මනිය විසින් ත්‍රස්තවාදී සංවිධාන පරාජය කල අවස්ථා වාර්ථා වන නමුත් ලංකාව තමයි වීස්තීරණ සටනක් සහමුලින් අවසන් කලේ . ඒ නිසා ලක් රජය කල යුද්ධයේ තීක්ෂණ බව අපි උකහා ගත යුතු බව.
ලෝකයම ඊශ්‍රායලයේ යුධ හැකියාව වර්ණනා කරද්දී ඊශ්‍රායලයේ යුධ උපදේශක වරු මහින්ද කල යුද්ධය වර්ණනා කරනවා සහ එය මොඩ්ල් එකක් විදියට අධ්‍යනය කරනවා.

ලංකාවේ සියලු වැසියන් මහින්ද රාජපක්ෂට සහ හමුදාවට දින පතා වැද නමස්කාර කල යුතු උනත් බහුතරය කරන්නේ අදටත් ගරහන එක.
ඊට හේතුව අපි අමුතු ජාතියක්.

https://www.jpost.com/international/article-854833...
මනෝජ් විජේසේකර

A day in the life