පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2025-04-10

ආනයන සදහා තීරු බදු 0% කළ යුතුයි



ඇමරිකානු ආනයන සදහා තීරු බදු 0% කළ යුතුයි - රවී කරුණානායක.
මේ මොහොතේ අපි කළ යුතු හොඳ ම දේ ඇමරිකාව සමග සාකච්ඡා කර, ඇමරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා තීරු බදු 0% කිරීමට
නිර්මාණශීලී වීම යැයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසී ය.
ඉන්දියාව සමග ගනුදෙනු කිරීම ඉතා හොද දෙයක් බවත් , අනාගතයේ ඉන්දියාව ලෝකයේ විශාලම ආර්ථිකයක් හිමි රටක් බවට පත් වන බවත්, ඔහු කියා සිටියේය.
ඔහු මෙම අදහස් පළ කළේ බත්තරමුල්ලෙහි පිහිටි ඔහුගේ නිවසේ අද (06) පැවති මාධ්‍ය හමුවේ දී ය.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් පළ කළ රවී කරුණානායක...
අනිල් ජයන්තගේ පිළිතුර මොකක් ද...?
ඉන්දියාව සමග ගනුදෙනු කිරීම ඉතා හොද දෙයක්. මගේ අදහස ඉන්දියාව සමග ගනුදෙනු කිරීම නිසා ලංකාවට හොඳක් වෙනවා කියන එකයි. අනාගතයේ ඉන්දියාව ලෝකයේ විශාලම ආර්ථිකයක් හිමි රටක් බවට පත් වෙනවා.
ඇමරිකාව සමග පවතින වෙළඳාම සම්බන්ධයෙන් ගැටලුවක් ඇවිත් තිබෙනවා. මෙතෙක් කාලයක් අපිට ගැටලුවක් තිබුනේ නෑ. ඒ සම්බන්ධයෙන් ඇමරිකාවට ස්තූතියිවන්ත වෙනවා. නමුත් දැන් ඩොලන්ඩ් ට්‍රම්ප් ප්‍රතිගෝලීකරණයට තල්ලු වී තිබෙනවා. ඇමරිකාව සහ අපි අතර අපනයනය සහ ආනයනය අතර පරතරය වැඩි උනා. අපි ඇමරිකා භාණ්ඩ ගෙන්වනකොට ඇමරිකාවෙන් ම ගේන්න ඕන නෑ. වෙනත් රටවල් හරහා ගෙන්වන්න පුළුවන්.
මේ වෙලාවේ කළ යුතු හොදම දේ අපි ඇමරිකාව එක්ක සාකච්චා කළ යුතුයි; අපි ඇමරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා තීරු බදු 0% කළ යුතුයි. එහෙම අපි නිර්මාණශීලී විය යුතුයි. මේක වෙන්න කලින් මම මාර්තු මාසයේ දී පාර්ලිමේන්තුවේදී ඇහුවා. එතකොට අනිල් ජයන්ත කිව්වේ මාස දෙකකින් උත්තර දෙන්නම් කියලයි.
මෝදි ඇවිත් පන්ති පහ ඉගෙන ගත්තා ද...?
අපි විශාල බඩු ප්‍රමාණයක් ඇමරිකාවට අපනයනය කරනව. මේ ආකාරයටයි සිංගප්පූරුව ජපානය දියුණු උනේ. ඉස්සර ලෝකයට ම ගැහුවේ එක බද්ධක්. දැන් ඒක වෙනස් කර තිබෙනවා. එක එක රටවලට එක එක බදු ප්‍රමාණයන් අය කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වගේම අපි කියන්නේ මේ ණය ගෙවන්න පුලුවන් වන්නේ අපනයනය හරහායි. හැබැයි හැම එකමටම පිළිතුර IMF එක ම නෙවෙයි.
ඉන්දියාවෙ අගමැති තුමා ආවා, ඒ ගැන අපි සතුටු වෙනවා, නමුත් මෝදි ඇවිත් පන්ති පහ ඉගෙන ගත්තා ද නැත්නම් එහේ දේවල් අපේ ආණ්ඩුවට ඉගැන්වුවාද කියලා ගැටලුවක් තිබෙනවා. කෙසේ හෝ ඉන්දියාව එක්ක සමීපව වැඩ කරන්න ඕන. දැන් අදානිගේ ප්‍රශ්නය යට ගහන්න හොද නෑ . නමුත් මේ රටේ බලශක්තිය ගැන හිතන්න ඕන. මොනවා කිව්වත් අදානි ගේ ක්‍රමය තුළ පවර් ලයින් එකක් ගේන්න හදනවා. එදා සාම්පූර් වලට විරුද්ධ වෙච්ච අයම මෝදි ගෙන්වා මේ දේවල් කිරීම ගැන අපි සතුටු වෙනවා.. අපි අලුතින් හිතන්න ඕන. මේ රජයේ නිලධාරීන්ට පමණක් ආර්ථිකය හසුරවන්න නොදිය යුතුයි.
සයිබර් ආරක්ෂණය පිළිබඳ සිතිය යුතුයි
ඩිජිටයිල්ශේෂන් ගැන ගැටලුවක් තිබෙනවා. අපේ රටට සයිබර් ආරක්ෂණ ක්‍රමවේද අවශ්‍යයි. සයිබර් සිකුරිටි එක ගැන මේ ආණ්ඩුව හිතන්න ඕන.
එදා හැමදේට ම විරුද්ධ වෙච්ච අය අද ආණ්ඩු කරනවා. දැන් මේ දේවල් ඉදිරියට ගෙන යන එක හොඳයි. දැන් දූෂණයත් නෑ; පෙළපාලිත් නෑ. දැන් රටට ආයෝජන ගෙන්වන්න පුළුවන්. 
මේ රටේ නිෂ්පාදනය ඇතිකර අපි අපනයන ආර්ථිකයක් ඇති කළ යුතුයි.’’
උපුටා ගැනිම The Leader.
A day in the life

2025-04-09

ආචාර්‍ය නෙවිල් හේවගේ



මෙයාව දන්නවද? 
නෑ මම හිතන්නේ නෑ...
මේ ආචාර්‍ය නෙවිල් හේවගේ මැතිතුමා.
මේ ජාතිකවීරයෙක්.
ඈ..කොහොමද එහෙම වුනේ?
අපේ හමුදාව අවුරුදු 30 යුද්ධ කරල කොටි ත්‍රස්ථවාදීන් පැරැද්දුවට. ලෝකේ විවිධ රටවල කොටි ඉන්නවා. උන් සෑහෙන උත්සාහයක යෙදෙනවා ලංකාවේ දෙමළ ජන සංහාරයක් වුනා කියන එක "ඇත්ත" කියල ලෝකෙට කියන්න.
උන් උත්සාහ අරන් තියනව කැනඩාවේ පාසැල් පෙළපොත්වලට මේ දෙමළ සංහාර කතාව දාන්න.
අන්න එතනදි තමයි අපේ වීරයා එලියට එන්නේ.. තමන්ගේ අතින් කයිට් කරන්..මුදල් වියදම් කරල.. ලෝයර්ස්ලා හොයාගෙන එක දිගට නඩු කියල.. තමන්ගේ අසයිලම් එක බේරගන්න දගලන වෙඩි හඩක් නාහපු..අපේ රටේ තල් හකුරු කෑල්ලක් කාපු නැති, යාපනේ කිලිනොච්චිය හැබැහින් නොදැකපු කොටි එක්ක සහ 80 ගනන් වල කැනඩා පැනපු ජාතිවාදී උන් එක්ක නඩු කියල දිනනවා..
කැනඩාවේ උපරිමාධිකරණයෙන් සහ තවත් ඔන්ටාරියෝ වල අධිකරන දෙකකින් තීන්දු කරනව මේ දෙමළ සංහාර කතාව දේශපාලනික හේතූන් මත ගොතනලද අමූලික බොරුවක් බවත් එය කිසිසේත් කැනඩාවේ පාසැල් පෙළ පොත්වලට ඇතුල් නොකළ යුතුබවත්.
දැන් කොටින්ට ඇඩෙනව ඇති
මේ නෙවිල් මහත්මයට තිබ්බානේ " අනේ මට මොකෝ...පෙළ පොතේ බැරිනම් ඕවා කොහේ දාගත්තම " කියල කරබාගෙන ඉන්න?
එතුමා එහෙම කරේ නෑ... කඩුවෙන් තුවක්කුවෙන් විතරක් නෙවෙයි පෑනෙන්, කටින් , නීතියෙන් සහ සාධාරණත්වයෙනුත් යුධ කරතෑකි කියන එක එතුමා පහුගිය දවසක ලෝකෙටම පෙන්නුවා.
ලංකාවේ කිසි එකෙක් දන්නේ නෑ.. ලංකාවෙ තියන වැටමාර ඉනි වගේ ගවර්මන්ට් එක.. උන් දන්නෙත් නෑ.. උන් දැනගත්තත් ජන්ද කැඩෙන නිසා ඕවා එලියට දාන්නෙත් නෑ.. හරිනම් ලංකාවට ගෙන්නල මල් තියල වදින්න ඕන..
අපේ රට මහ නරක රටක් කියල පරම්පරා ගානක් යනකන් අන්තර්ජාතිකව නෝන්ඩි කරන්න කොටි අවතාර ගහපු ගේම සුනේ සුන් කරපු එතුමා කාට නැතත් මට නම් ජාතික වීරයෙක්..
මුණුු පොතට ලියුුවේ  ධම්ස කරුනාරත්න

A day in the life