පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2025-04-06

රෝහන විජේවීරයන්ගේ දැක්ම




කමල් පී අලහකෝන්  සහෝදරයා 2021 අප්රේල් 06 වෙනිදා මුණු පොතට එක් කල මේ ලිපිය කියවමු. - ඔහුට ස්තුතියි.
ඇරඹී අඩ සිය වසක් ගෙවුනද
එම කාලාවකාශය.තුළ වඩා වැඩි බලපෑමක් සමාජයට එල්ල කළ
දේශපාලන ව්‍යාපාරය ජවිපෙය බව සැකයක් නැත.
ඒ කෙසේ වෙතත් කුමන විග්‍රහ කෙරුනත්
ලාංකීය දේශපාලනය තුළ
වඩාලාත්ම දුර දක්නා ණුවනකින් හා
දැක්මකින් යුක්තව දේශපාලනයට පිවිසි දේශපාලනඥයා
"රෝහණ විජේවීර බව මගේ අදහසයි.
ඉංග්‍රීසීන්ගෙන් අනතුරුව
මෙරට දේශපලෙනයට පිවිසි චරිත විග්‍රහ කොට බැලීමේදී
ඒ බොහෝ චරිත දේශපාලනයට පුවිශ්ඨ වන සාධක
සළකා බලන කල ඒවා "අහඹු"බව හෝ
"ඥාතීත්වය" නැතහොත් "පවුල් පසුබිම" අනුව කෙරැනු බව සනාථ වෙි.
ඇන්,ඇමි,කොල්වින්,කෙනමන් ආදී පැරණි වමේ නායකයන්
දේශපාලනයට පිවිසෙන්නේ අහඹු ලෙසය.
ඩි ඇස් ගේ පටන් ධනපති දේශපාලනයේ නියුක්ත වූවන්
පවුල් පසුබිම මත එළඹුනාහ ය.
විජේවීරයන්ගේ දේශපාලන සම්ප්‍රාප්තිය වූ කලී
පැවති වාස්තවික දේශපාලන වුවමනාවන් පදනම් කරගෙන සිදුකෙරුනකි.
මෙරට බිහිවන පළමු දේශපාලන ව්‍යාපාරය වමේ බලවේගයක් බව ඇත්තකි.
ඉන් කියවෙන්නේ නිදහස ලැබූ ඉංග්‍රීසි යටත් විජිතයන් අතරින්
ලාංකීය දේශපාලනය ඉහළ තලයක නැතහොත්
දියුණු මට්ටමක පැවති බවයි.
එනමුත් එම වාම ව්‍යාපාරයට නිසි එල්ලයක් නොතිබූ බව
53 හර්තාලයේ දී රට අරාජිකවූ අවස්ථාවෙි කැපී පෙනිණ.
නිසි දැක්මක් වැඩ පිළිවෙළක් වූයේ නම්
රජය අත්පත් කර ගැනීමේ අවස්ථාව එදා වමට ලැබිණ.
එදා රජයට පාර්ලිමෙින්තු රැස්වීම පවත්වන්නට සිදු වූයේ නැවක් තුළය.
"බලය"අත්පත් කරගැනීමේ අවස්ථාව එළඹුනද
එදා වමට එවන් හැකියාවක් හෝ දැක්මක් නොතිබිණ.
එවන් පසුබිමක රෝහණ විජේවීරයන් දේශපාලනයට පිවිසෙනුයේ
තාර්කික පදනමක් මත ය.
රැසියාවේ අධ්‍යාපනය ලබමින් සිට
රැසියානු මතවාදයට එරෙහි වීමම මෙහිදී කැපී පෙනේ.
සුමට දේශපාලන ගමණකට ඔහුට රැසියානු පිළ තෝරා ගත හැකිව තිබිණ.
නමුත් හේ තම මතවාදය වෙනුවෙන් එම වරප්‍රසාදය කැප කළේ ය.
ඒ තමා වගා කරගත් දේශපාලන මතවාදය වෙනුවෙනි.
මෙ බව සනාථ කෙරෙන අවස්ථා කිහිපයකි.
හැමන්හිල් බන්ධනාගාරයේ සිටියදී ඔහු විසින් ලබා දුන්
පුවත්පත් සාකච්ඡාවකදී දැක්වූ අදහස්
සේම ජවිපෙ ය පිහිටුවා හයිඩ් පිටියෙහිදී පැවැත්වූ රැස්වීමේ දී
ඔහු විසින් කරන ලද කථාව ඊට නිදසුන් ය.
හැමන්හිල් සාකච්ඡාවේදී ලාංකීය ආර්ථිකය ගැන
ඔහු විසින් ප්‍රකට කළ දැක්ම වර්තමානයේ සැබෑවක්ව ඇත.
සමිප්‍රදායික කෘෂි ආර්ථික භෝගයන් මත අනාගත ආර්ථිකය
පවත්වාගෙන යාමේ අනතුර එදා ඔහු දැක තිබිණ.
තේ,රබර්,පොල් ආර්ථිකය මත යැපීමේ අනතුර ඔහු කළින් දුටුවේ ය.
අද දවසේ අත් විදින පොල් තෙල් අර්බුදය ආදියත් එදා ඔහුගේ
දැක්මට හසුව තිබින
විශේෂයෙන් හයිඩ් පිටියේ දී කළ කථාව තවත් එවන් අවස්ථාවකි.
එහිදී ඔහු දැක්වූයේ
"ඉංග්රසීන් විසින් මෙරට මධ්‍යය කඳුකරය වනසන ලද බවත්
ඔවුනගෙන් පසුව කළු සුද්දන් විසින්
එම කාර්ය දිගින් දිගටම පවත්වා ගෙන ගිය බවත්
මෙරට දේශපාලනයේදී ඉටු කළ යුතු ප්‍රධාන කාර්ය භාරයක් වන්නේ
මධ්‍ය කඳුකරය නැවත වන ගහනයක් කිරීම," බවත් ය.
එසේ නොකළ හොත් තව දශක දෙක,තුනකට පසු
මේ රටේ මිනිසුන් පවුල් පිටින්,ගම් පිටින් වැළලෙන බවත්
එසා ඔහු කීය.
ඒ නාය යාම් වාර්තා නොවන කාලයකදී ය.
විවිධාකාර විවේචන තිබුණත් ලාංකීය දේශපාලනයේ
රොහණ විජේවීර යනු වඩා නිවැරදි දේශපාලන දැක්මක් ප්‍රකට කළ
ලාංකීය දේශපාලනඥයා වෙතියි සිතමි.

කමල් පී අලහකෝන්.

A day in the life

2025-04-05

තාක්ෂණය ජීවිතය නොවේ..





තාත්තාට බැංකුවෙන් මුදල් ගන්න ඕන වුනා . මම ඔහුත් සමග බැංකුවට ගියා. බැංකු කටයුතු අවසන් කර ගන්න ඔහුට පැයක් පමණ ගතවුනා.
මට තාත්තා සමග විරුද්ධ වෙන්න බැරිව ඇහුවා...
''තාත්තේ, ඇයි අපි ඔබේ අන්තර්ජාල බැංකුකරණය සක්‍රීය නොකරන්නේ..?''
''ඇයි මම එහෙම කරන්නේ..?'' ඔහු ඇසුවේය.

''හොඳයි, එවිට ඔබට මුදල් මාරුව වැනි දේවල් සඳහා මෙහි පැයක් ගත කිරීමට සිදු නොවනු ඇති.
ඔබට අන්තර්ජාලය හරහා සාප්පු සවාරි පවා කළ හැකියි. සෑම දෙයක්ම ඉතා පහසු වනු ඇති !''
ඔහුව Net banking ලෝකයට ගෙන ඒමට හැකිනම් මම ගොඩක් සතුටු වෙනවා.

ඔහු ඇසුවේ “මම එහෙම කළොත් මට ගෙදරින් එළියට බහින්න වෙන්නේ නැද්ද...?
''ඔව්, ඔව්''! මම කිව්වා.
මම ඔහුට කිව්වා දැන් සිල්ලර බඩු පවා ගෙදරටම ගෙනත් දෙන්න පුළුවන් කොහොමද සහ amazon හැම දෙයක්ම දෙන්නේ කොහොමද කියලා!
ඔහුගේ පිළිතුර මාව අවුල් කළා.

ඔහු පැවසුවේ ‘‘අද මම මේ බැංකුවට ඇතුළු වූ දා සිට මට මගේ මිතුරන් හතර දෙනෙක් මුණගැසුණා, මේ වන විට මාව හොඳින් හඳුනන කාර්ය මණ්ඩලය සමඟ මම ටිකක් කතා කළා.
ඔයා දන්නවනේ මම තනියම ඉන්නේ...මේක තමයි මට අවශ්‍ය සමාගම.
මම කැමතියි ලෑස්ති ​​වෙලා බැංකුවට එන්න.

මට ප්‍රමාණවත් කාලයක් තිබේ, එය මා ආශා කරන භෞතික ස්පර්ශයයි.
අවුරුදු දෙකකට කලින් මම අසනීප වුණා, මම පලතුරු මිලදී ගන්නා ගබඩා හිමියා මාව බලන්න ඇවිත් මගේ ඇඳ ළඟ ඉඳගෙන ඇඬුවා.
ඔබේ අම්මා දින කිහිපයකට පෙර උදේ ඇවිදින විට බිම වැටුණු විට. අපේ ප්‍රදේශයේ සිල්ලර වෙළෙන්දා ඇයව දුටු අතර මා ජීවත් වන ස්ථානය ඔහු දන්නා බැවින් වහාම ඇගේ නිවසට යාමට ඔහුගේ මෝටර් රථය ලබා දුන්නා.
හැම දෙයක්ම ඔන්ලයින් වුණොත් මට ඒ 'මිනිස්' ස්පර්ශය ලැබේවිද...?
මට සියල්ල ලබා දීමට අවශ්‍ය සහ මගේ පරිගණකය සමඟ පමණක් අන්තර් ක්‍රියා කිරීමට මට බල කරන්නේ ඇයි...?

මම 'විකුණුම්කරු' පමණක් නොව මා ගනුදෙනු කරන පුද්ගලයා දැන ගැනීමට කැමතියි.
එය සබඳතාවල බැඳීම් ඇති කරනව.
ඔන්ලයින් කම්පැනි මේ ඔක්කොම දෙනවද..?''
තාක්ෂණය ජීවිතය නොවේ..

මිනිසුන් සමඟ කාලය ගත කරන්න .. 
උපාංග සමඟ නොවේ.

------රුවන් නිශ්ශංක

A day in the life