පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-11-03

"හිටි පියරෙ" ආවෙ කොහොමෙයි ?





"විතාරන්දෙනියට" ලැබුනුදා මාරුවක් 
හිත් කොනේ තාමත් ලැගුම් ගත් ඇත්තටම වුනු සිද්ධියක්...
සකල සිරින් පිරි දකුණු පලාතේ ගොවිපලකට මාරුව යනවා
හතර රියන් වැලි පාරක ඇවිදින් කුඹුරු මැදින් පා ගාටනවා
බකල ගහන් මා එනහැටි දැකලද නුහුරු හඬක් මට අමතනවා

"හත්වලාමෙ මේ හිටිපියරේ සර් ආවේ කොහොමෙයි" විමසනවා.
නතර වෙලා මට නුහුරුම වචනේ ගැන කුහුලෙන්මයි පසුවන්නේ
මමනම් ආවේ වේලුනු නියරෙයි වෙන එකකයි මඩ තවරන්නේ
හතුරුකමක් නැහැ මුහුණේ පෙනුමෙන් සැකය එහෙත් හිත දළුලන්නේ

මිතුරු ලෙසින් "ඇයි නියර පෑගුනද..." කියලයි ඔහුගෙන් විමසන්නේ...
"මහත්තයා පිට පලාතක අයෙක් ඒබව මට මුලදිම දැනුනා
හවස් වෙලා ආවා නම් ගිනියම් අවුවෙන් බෙරෙන්නට තිබුනා"
මගත් අසාගන යන තැන පවසා "යන්නම්.." උන්දැට සමුදුන්නා

පහත් වෙලා මගෙ බෑගෙත් උස්සන් ගොයියා මට ඉස්සර වෙන්නා...
ටිකක් දුර ගිහින්, "මාත් එහෙයි වැඩ - නිවාඩුවක් අද අර ගත්තේ
හුඟක් පමාවූ නිසයි කුඹුර මගෙ ටිකයි නියර තව බැඳ ගත්තේ
හවස් වෙලා ලැබුනොත් මම එන්නම්, මඳක් දුරයි ඔබ යායුත්තේ

ඔෆිස්එකේ දොර ඇරල පේනවා..."
කියලයි මිතුරා සමුගත්තේ...


බස් වහරෙ "හිටි පියර" හිටි පියවර කියන එකයි.
ඉර මුදුන් සමයමේ හෙවනැල්ල පවතින්නෙ
හිටි පියවරේ විතරයි.
මද්දහනෙ සැඩ අව්වෙ ආවෙ කොහොමද කියලයි, ඔහු මගෙන් ඇහුවේ.
"දවසක් පැල නැති හේනේ අකාල මහ වැහි වැස්සා තුරුලේ හංගාගන මා නුඹ තෙමුනා අම්මේ...
පායන තුරු "හිටි පියවර" හිටියා නුඹ අම්මේ.

* නියරෙ පෑගුනැයි, වලිගෙ පාගගත් එකා
මමයි... ඒකනංයකා~



A day in the life

2024-11-02

සෙනෙහසින් දකින ඇය.






සුළඟින් බිත්ති තැනූ සුවඳින් පිරියම් වූ මාලිගයකි මගෙ හද දොරගුලු නැති පිරී තියේ තදබද වී ආදරේ.. අහසකි... මගෙ හිස සියොතුන් හැසිරෙන සැමරුම් මේ කුළු අතර නිරන්තර... නිදහස ඇත කාටත් පිවිසෙන්නට ඉන්න එපා පිලිපත්තේ ආදරේ.. මුව ... තෙක් හද ඔබෙන් පිරී ඇත එනමුත් සැමදින පුංචි ඉඩක් ඇත... තව එක් අයෙකුට පිවිසිය හැකි ලෙස දොරක් වැසී දොරක් ඇරේ ආදරේ සුළඟින් බිත්ති තැනූ.. - අනුලා බුලත්සිංහල
- ලූෂන් බුලත්සිංහල
- තාරාවෝ ඉගිලෙති

බේ දෑස දැකගත්තෙමි සැඳෑ කලෙක ළඳුනේ.. දෙනෝදහක් අතගත්තද සැමියකු නැති ළඳුනේ..... නෑයෙක් නෑකම නොකියන වීදි සරණ ළඳුනේ තෙල් මල් ගෙන දෝතපුරා මුනිකුටියට පියමං වන ඔබේ දෑස දැක ගත්තෙමි සඳෑ කලෙක ළඳුනේ.. බුදුන් දැක නිවන් දකිමැයි දෙව්-රම යන පාර අහන ඔබද පටාචාරවකි ඔබද කිසා ගෝතමියකි... පිරිමින්ගේ පාප කන්දට දෝස විඳින ළඳුනේ අඳුරේ පව් කරන දනා එළියේ රවන ළඳුනේ ළැම පමනක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ළඳුනේ...

ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - රණ්බණ්ඩා සෙනවිරත්න සංගීතය - ප්‍රේමසිරි කේමදාස.

සෙනවිරත්නයන් දකින ළදුන්ම වෙනත් රටකදී බුලත්සිංහලයන් දුටුුවේ හාත්පින්ම වෙනස් ආකාරයකින්. 

බුුලත්සිංහලයන්ගේ ළද බොහෝම සැහැල්ළුවෙන් ජීවිතය ගෙවනවා. ඈ හට ඇත්තේ සුුලගින් බිත්ති තනා සුවදින් පිරියම් කල හදවතක්. එහි බරක් පතලක් නැහැ. ඇගේ හිස  අහසක්…..සියොතුන් හැසිරෙන…ඉන්න එපා එලිපත්තේ කාටත් පිවිසෙන්න දොරගුළු ඇර තියෙනවා. එක්කෙනෙක් විත් යන විට තව කෙනෙකුට පිවිසෙන්න —“දොරක් ඇරී දොරක් වැසී තියෙනවා.ආදරය සැහැල්ලුයි .

ඒත් සෙනවිරත්නයන්ගේ ළදුන්………… මහත් බරක් හිතේ දරා ගෙන. පිරිමින්ගේ පාප කදට ……..ඈ සමාජයෙන් දෝෂ දකිනවා. නින්දා විදිනවා. ඈ අදුරේ පාපයට යොමු කරන ජනයාම එළියේදී පිළිකෙව් කරනවා.

බරපතල ලෙස පිඩනයට පත් කරනවා.

ඇගේ ළැම පමනක් ලොවට පෙනෙනවා

ඇගේ ළය පෙනෙන්නේ නැහැ.

කිනම් පාර්ශවයයකද වරද තියෙන්නේ සාධාරණව හිතන්න සමාජයට බැහැ.   

ඈ  කුහුඹුවකුට වරදක් නැති වුනත් සමාජයට වැරදිකාර ළඳක්


මුව ... තෙක් හද ඔබෙන් පිරී ඇත

එනමුත් සැමදින පුංචි ඉඩක් ඇත...

තව එක් අයෙකුට පිවිසිය හැකි ලෙස

දොරක් වැසී දොරක් ඇරේ ආදරේ

බුලත්සිංහලයන් කියන ළදම

සෙනවිරත්නයන් 

තෙල් මල් ගෙන දෝතපුරා

මුනිකුටියට පියමං වන

ඔබේ දෑස දැක ගත්තෙමි

සඳෑ කලෙක ළඳුනේ.. 


බුදුන් දැක නිවන් දකිමැයි

දෙව්-රම යන පාර අහන

ඔබද පටාචාරවකි 

ඔබද කිසා ගෝතමියකි…

අනුකම්පාවෙන් මුණිකුටියට එක්කරගෙන යනවා.

වෙනස තියෙන්නේ 

සුළගින් නොව කොන්ක්‍රීට් වලින් බිත්ති හදා ගෙන ඉන්න නිසාවෙන් කියලා මට හිතෙනවා.




A day in the life