පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-10-13

වැස්ස.




ගැබිනියකගේ තනපුඩුවල පැහැය උරා
පාවෙන වළාකුළු පවතියි, අහස පුරා
මිටියාවතේ මීදුමු ගොබ දෙපළු ඉරා
ඉගිලෙති කුරුළු හමුදාවෝ කැදලි කරා

අහසේ වලාකුළු හා තරගයක යෙදී
තොටියා ඔරුව ආපසු තොටුපලට පදී
දියවැල බිදී දෙන රාවය දෙකට බෙදී
හබලේ ගැඹුරු හඩ සමග ම ගොඩට වදී

පදමට වෙරළු මිණිකැට සුනු විසුළ හැඩ
ජෝතිය ලැගුම් ගත් ළා තණපිටිය උඩ
නැහැ පුඩු මහත් කොට මී ගොන් මුළුව නැඩ
කිමිදෙති නැවුම් පුස්බෙහි වෙල් කුඹුරු බඩ

ඇළ දොළ ගලා බස්වන්නට ඉවුරු කඩා
ගොඩබිම නිවා සනහන්නට සියලු විඩා
ගන වැහි වළා ඉගිළි එන විට දී අඩා
මට මහා සොම්නසක් ඇත මොනරෙකුට වඩා

වැහි බිඳු ඇද වැටී කුර ගැටෙන හඬ දිදී
මිදුලේ රළ බැඳෙයි පෙන බුබුළු බිඳී බිඳී
සුළගින් ගසා ගෙන එන මිහිරි බව රැදී
සිතුවිලිවලට මුළු හදවත ම ඉඩ මදි

වෙහෙසට පත්ව වට වැහි බිඳු පොකුරු ගිල
දිය වල වමාරන්නා මෙනි, පියසි තල
මිදුලේ පුංචි ගංගාවල් ගලන කල
පාසල් ළමුන් පාවෙති සිය සිහින වල

නැති වල ගොඩැලි මතුකොට ගල් කැට බේරා
පටු මාවතේ දුහුවිලි, කොළ රොඩු සුරා
දෙපසෙහි සැදි අගල් සුළි නැගී නැගී හාරා
පිබුරන් සේ ඇදෙයි ගුරු පැහැ දිය දාරා

ගස් වැල් තිගැස්සෙයි මේ කුළු ගැටෙන හඬින්
කඳු ගැට වසා විහිදෙයි වැහිගිලිය ගොඩින්
නිකලෙස් හැගීමක් ඩැහැගත් වන ම ගොඩින්
හදවත පියඹා යයි, වෙල් කුඹුරු උඩින්

පොළොවට වැටෙන හැම වැහි බිඳුවක ම පහේ
ගැබ්වුණ සිසිල එයි, ඊතල පරිදි මෙහේ
ළා අතු රිකිලි, රුක්ගොමු, ලියමඩුලු ඉහේ
දැඩි වේදනාවෙන් මිරිකී හඬනු ඇහේ

හැම වැහි වලාව ම ඉගිලිගෙන එද්දී
මට එයි ජීවමය ගී රසයක් ඇද්දී
මුළු ජීවිතය සතු සිහිකටයුතු සිද්දී
සිදු වුන සේ හැගෙයි මහා වැසි පවතිද්දී

සුළගට විදුලියට ගිගිරුම් හැඩ ගගා
ගැඹුරු ම නිසල බව පිටුතලය කොට නගා
රැය සීතලත් අඳුරත් සමගම කුර ගගා
සැන්දෑවට කලින් මේ ගමට විය ළගා

ගී දේවියට කැප කල දෙවොලකට සම
කුටියක සුවඳ දෙයි කළුවැල් කපුරු දුම
අද නම් නුවර එලියකි මා වෙසෙන ගම
මෙ පමණ අලස දවසක් නොදුටුවෙමි මම

- එච්.එම්.කුඩලිගම -

A day in the life

2024-10-12

බණ්ඩාර මාමගේ රැහැන් කැපුවේ කවුරු ?.




දළ ඇතෙක් වගෙ බරට අඩිය තියලා ගියපු
කිතුල් ගහ මුදුනටම අසුරු සැණෙකින් නැගපු
ගංගොඩේ ඇවිදලා කිතුල් මල්වර කරපු
බණ්ඩාර මාමගේ රැහැන් කැපුවේ කවුරු .

කොහාටත් කලින් නෑ ගමන් ඇවිදින් පුරුදු
හකුරු පැණි ගෙනැත් දී අවුරුද්ද සරු කරපු
මගුලටත් මරණෙටත් එකවාගෙ දුව පැනපු
බණ්ඩාර මාමාට කවුද හිටියේ සතුරු .

නගින්නට පෙර කිතුල් ගහට තෙවරක් වැඳපු
පෙණ දමන රා මුට්ටියේ කුහුඹුවන් හැරපු
කමලාගෙ දර මඩුව අඩු නැතුව පුරවාපු
හීලෑ කරන් ඇය ඉඟ නෙරියෙ රැළි බිඳපු .

වාරු නැති කොඳු ඇටය මැදින් පුපුරා ගියපු
ගෙදර අය නාඳුනන “සද්දන්තයා” හිටපු
“මළා නම් හොඳයි” උන් දුක දරාගෙන කියපු
කිතුල බාගෙට කැපූ හෙළයි කඳුළක් උණපු .

රෝ.සි.
2024.09 .02.


මීදුම.
බණ්ඩාර මාමා පොදු චරිතයක් කියලා මට හිතෙනවා. මෙහේ හිටියා හීන්මුදියන්සේ කියලා වැඩිහිටියෙක්. එයත් කිතුල් මල් කපනවා. බණ්ඩාර මාමාගේ චරිතයමයි. එයා ලගට යන ඔක්කොට රහමෙර නෑ නොකියා දෙනවා. ඒ හින්දා නමක් පට බැදිලා තිබුනා පච්ච තන්නි කියලා. දෙමළ බසින් සිංහලට ඇල් වතුර.කමලාගේ නම මෙහේදී වෙනස්. දරු පවුල් දෙකක් හිටියා. වරපට බිදී මෙතුමත් කිතුලෙන් බිමට වැටිලා කොදු ඇට පෙලට හාණි වෙලා එක්තැන් වුනා ඔහු දිවියෙන් සමුුුගන්නා තුරු සැලකුම් ලැබුුවේ ඉග නෙරිය බිදු කුලවමිය.
ඒ පද වැල මට සම්පාත වුුන හැටි . 
කිතුල් පැණිවගේ මිහිරක් තියෙන පද රචනයක් රහයි.


A day in the life