පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-09-21

මහබඹා කෝලම









මහබඹා කෝලම සමන් දේවාල පෙරහැරේ එන සුවිශේෂී ම අංගයකි. මිනිසුන් එය "මහබඹා, මහබබා, මහබඹා කෝලම, මහ පඹයා" යනුවෙන් ද හදුන්වයි.
මහබඹා කෝලමට මුහුණු දෙකකි. එක් පැත්තක පියකරු, පැහැපත් මුහුණකි. එය දෙවිකෙනෙක් බදු ය. අනෙක් පැත්ත බියකරු පෙනුමැති යක්ෂ මුහුණකි. එහි නයි පෙන ද ඇත. දකුණතින් අමෝරා ගත් කඩුවකි. වමතින් ඉණට තබාගත් මල් කළඹකි.
මහබඹා කෝලම අඩි අටක් පමණ උස ය. මේ රූපය පෙරහැරෙහි ගෙන යන්නේ උණ ලී සැකිල්ල ඇතුළට රිංගා ගන්නා පුද්ගලයෙක් විසිනි. හේ යක්ෂ මුහුණ සහ පියකරු මුහුණ සැමට ම පෙනෙනා සේ කැරකි කැරකී ගමන් කරයි.
1852 වර්ෂයේ පළකර ඇති Illustrated London News සගරාවේ පළ වූ චිත්‍රයක දැක්වෙන්නේ එකල සමන් දේවාලය පෙරහැරේ මහබඹාගේ මූර්තීන් දෙකක් රැගෙන ගොස් ඇති බවයි. එමෙන්ම රාජසිංහ රජ දවස ද පෙරහැරේ මහබඹුන් දෙදෙනෙකු ගමන් කළ බව සදහන් වේ.
සමන් දෙවොල ආශ්‍රිත කතාපුවත්වලට අනුව, මහබඹා කෝලම පෙරහැරට එක් වී ඇත්තේ පෙරහැර ආරම්භ වූ සීතාවක රාජසිංහ රජ සමයේදී ම ය. රජතුමා පෙරහැරට සහභාගි නොවන අවස්ථාවල රජු සංකේතවත් කිරීම සදහා මහබඹා කෝලම ගෙනගිය බව එක් මතයකින් කියැවේ.
එහෙත් රජතුමා නියෝජනය කරමින් පෙරහැරේ ගමන් කරන්නේ බස්නායක නිලමේ වරයා ය. මහබඹාගෙන් නිරූපණය වන්නේ සීතාවක රාජසිංහ රජුගේ පාලන තන්ත්‍රයේ ගති ස්වභාවය හෙවත් හොඳ නරක බව සහ රාජ්‍ය පාලන ප්‍රතිපත්තිය වර්ෂයක් පාසා මහජනයාට මතක් කරදීම බව ද ප්‍රකට මතයකි.
සමන් දේවාලයේ දිය කැපීමෙන් අනතුරුව පැවැත්වෙන දිවා පෙරහැරේ ද මහබඹා රුව පෙරහැරේ ඉදිරියෙන් ම ගෙනයයි. මෙසේ මහබඹා කෝලම ඉදිරියෙන් ම ගෙනයාම තුළින් පෙරහැරේ සිත් ඇදගන්නා නිර්මාණ, නර්තන කෙරෙහි ඇති විය හැකි වස්දොස් මග හැරීමට අදහස් කළා විය හැකිය.
මූලාශ්රය - සබරගමු මහ සමන් දේවාලය සහ රත්නපුර සෙසු දේවාල, එච්.එම්. ජයන්ත විජේරත්න
A day in the life

2024-09-20

හෙළ ගැමියා ඩී. ආර්.


මෙරට සිනමාවේ එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම චරිතාංග නළු ඩී. ආර්. නානායක්කාර මහතාගේ මතකාවර්ජනයක් අදට යෙදෙන ඹහුගේ ජන්ම දිනයේදී ඹහු සිහිකිරීම වෙනුවෙන් මෙසේ ලියා තබමි.
(15 March 1915 – 4 January 1989)
දේශීය සිනමාව ආරම්භයේ පටන් සිංහල සිනමා වංශකථාවේ රන් අකුරින් ලියවුන නළු නිළි පිරිස බොහෝය. එවැනි නළු නිළියන් එදා විශේෂයෙන් හඳුන්වාදුන්නේ “තරු” යන අනර්ථ නාමයෙනි. මෙවන් තරු නාමයෙන් හඳුන්වා නොදුන්නත් සිංහල සිනමාවේ අතීතය ගැන කථා කිරීමේදී අමතක කළ නොහැකි ප්‍රවීණ සම්මානනීය නළුවෙකි ඩී. ආර්. නානායක්කාර යන නාමය. මෙරට සිනමාවේ එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම චරිතාංග නළුවන් අතලොස්ස අතරින් ඩී. ආර්. කැපීපෙනෙන්නෙ ගැමි ආරයේ සංකේතයක් වශයෙනි.
කලක් දක්ෂ සහ ජනප්‍රිය වේදිකා නාට්‍ය නළුවෙක් වූ ඩී ආර් නානායක්කාර මහතා පසුව වේදිකා නාට්‍ය අභිභවා සිංහල චිත්‍රපටය කලඑළිබැස තිබූ නිසා විමලවීරයන් ද චිත්‍රපටයක් නිර්මාණය කිරීමට පෙලඹිණ. මෙහිදී ඔහු විසින් ප්‍රථමයෙන් තෝරාගත්තේ ඔහු විසින්ම වේදිකාගත කරන ලද “අම්මා” කථාපුවත රැගත් වේදිකා නාට්‍යයි. සිංහල සිනමාවේ අම්මා චිත්‍රපටය මුලින්ම තිරගතවන්නේ 1949.08.19 වන දිනය. ඩී. ආර්. නානායක්කාර නම් තරුණ නළුවා රිදී තිරයට පැමිණෙන්නේ එදිනය. ඒ සරණපාල ලෙස රඟපාමිනි. මුලදිම සංගීතය ගැන තිබූ අවබෝධය නිසා ඔහුට රඟපාමින් ගීත දෙකක් ගායනය කිරීමට ද අවස්ථාව උදාවිය. මුල්ම රඟපෑමෙන් ගායකුවීමේ වාසනාව ද ඔහුට ලැබිණි.





ඩී. ආර්. ගේ කථා විලාසය හා වචන උච්චාරණයෙදී බොහෝදුරට ගැමිහුරුව ඇති බැව් පෙනීයයි. ඔහුට ලැබෙන සෑම චරිතයකම එම ලක්ෂණ මතුවන අවස්ථා විරල නොවේ. සෑම භූමිකාවකම අව්‍යාජත්වයත් ගැමිකමත් ඩී. ආර්. ගේ රංගනවේදයෙන් වෙන්කළ නොහැකි වනසේ බද්ධ වී තිබිණි. ඩී. ආර්. නානායක්කාර වූ කලී තමාට ආවේනිකවූ රංගන ශෛලියකින් හෙබි ජාත්‍යන්තර මට්ටම දක්වා විහිදුන කුසලතාවයෙන් පිරි නළුවෙකු වූයේය. ඩී. ආර්.ගේ රංගන ශෛලිය පිළිබඳව විමසා බැලීමේදී ඔහුගේ අඩුව වෙනත් කෙනකුට පිරවිය හැකි අඩුවක් නොවේ.

ඩී. ආර්. හට බොහෝමයක් සිය රංගනයට අවස්ථාව ලැබුණේ ගමේ ආරච්චිල, ගමේ බේබදු පියා, අනුන්ට උගුල් අටවන සටකපට චරිත, එසේ නැත්නම් ගමේ දුෂ්ටයා, එසේ නැත්නම් මුළු චිත්‍රපටය පුරාවටම ප්‍රේක්ෂකයා තරයේ ඇදබැඳ ගන්නා හාස්‍ය චරිත රංගනයන් ය. මේ සෑම චරිතයක්ම ඩී. ආර්. නානායක්කාර රඟපාන්නේ ඔහුට ආවේනික වූ යම් අනන්‍යතාවක් පවත්වාගෙනය.
ඩී. ආර්ගේ සිනමා දශක කිහිපය පුරාම සිංහල සිනමාවට ආලෝක ධාරාවක් වන බව ඔහුගේ හැකියාවන්ගෙන් උපරිම ලෙස ප්‍රයෝජනය ගත් අධ්‍යක්ෂවරුන් දෙස බැලීමේදී පෙනීයයි. විශේෂයෙන්ම ඔහුව චිත්‍රපට සඳහා දායකකරගත් කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා සිනමාවේදියා ගැන සඳහන් කළ හැක. ඔහු නිර්මාණය කළ චිත්‍රපට රාශියක රඟපෑමට ඩී. ආර්. හට අවස්ථාව ලැබීම ඔහුගේ රංගන දිවියට වරෙක සම්මානයට පවා පාත්‍රවීමට අවස්ථාව උදාකරගත්හ.

ඔහු රඟපෑ දිගු සිංහල සිනමා වංශකථාවේ චිත්‍රපට අතරින් ඩී. ආර්. ගේ දක්ෂතාවන් දුටු චිත්‍රපට අතරට, රේඛාව (කපටි සූටියා), චණ්ඩියා (බේබදු පියා), පරසතුමල් (අමාරිස්), බිනරමලී ඇතුළු චිත්‍රපට රැසකට රංගනයෙන් දායක විය. ඔහුගේ දක්ෂ හැකියාව ගැන එම චිත්‍රපටවලට ලබාදුන් සාධාරණය ගැන පමණක් කථා කළ හැක. ඒ ඔහුගේ රංගන දිවියේ මං සලකුණු බැවිනි. ඩී. ආර්. ගේ රංගන දිවියේ ස්වර්ණමය අවස්ථාව වන්නේ 1963.09.27 තිරගතවූ එල්. එස්. රාමචන්ද්‍රන් අධ්‍යක්ෂණය කළ ‘සිකුරු තරුව’ චිත්‍රපටයේ ගම්මුලාදෑනියාගේ චරිතය වෙනුවෙන් ප්‍රථම සරසවි සම්මාන උළෙලේදී හොඳම නළුවා ලෙස ප්‍රථම සරසවි සම්මානය ලබාගැනීමය. මීට අමතරව දීපශිකා සම්මානයෙන් ද, පිදුම් ලැබීය. සිය රංගන ජීවිතයේදී ශ්‍රී ලාංකික සිනමාව පමණක් නොව විදෙස් සිනමාවේද නිර්මාණකරුවන් අතට ඔහු පත්වීම ශ්‍රී ලාංකික කාගෙත් කථාබහට ලක්වූ කරුණක් විය. ශ්‍රේෂ්ඨ චිත්‍රපට අධ්‍යක්ෂ ස්ටීවන් ස්පිල්බර්ගේ “ඉන්ඩියානා ජෝන්ස් ඇන්ඩ් ද ටෙම්පල් ඔෆ්ඩුම්” චිත්‍රපටයට දායකවීම ඔහු ලැබූ ජයග්‍රහණයකි. චිත්‍රපටයේ රංගනය දුටු අධ්‍යක්ෂ පසුව ප්‍රකාශ කර ඇත්තේ “හොලිවුඩ් නළුවන්ට සමානකර තම රටේ සිටියුතු රංගන වේදියෙකු ලෙසය” එය ඔහුට ලද ‍ලොකු ගෞරවයකි.ඩී. ආර්. නානායක්කාර යනු යුගයක් සතුටු කර රංගනය ගැන වර්තමානයේ කථිකාවක් කළ යුතු චරිතයක් බව කියාදීමය. ඔහුගේ රංගනය දෙස අදත් අප බලාසිටින්නේ ගැමිකම සිය රංගනය වෙනුවෙන් එක්කළ එකම චරිතය ඔහු නිසාය. ඩී. ආර්. ගේ නාමය සිංහල සිනමා වංශකථාවේ පරිච්ඡේද කිහිපයක් නියෝජනය වන බව අවසන් වශයෙන් සටහන් කළ යුතුය.

තොරතුරැ සම්පාදනය දිණමින පුවත්පතින්
(මෙසේ පලවී තිබුණි )
Wasantha udaya kumara'
A day in the life