පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-09-07

අම්මා






මීදුමට සිහිපත්වෙන්නේ මීට තෙවසරකට පෙර තම දු දරුවන්ට මුණුපුරු මිණිපිරියන්ට මී මුණුපුරු මිණිපිරියන්ට සහ මට සමුදුන්න මගේ අම්මව.
ඈ අද අපත් සමග හිටියානම් අවුරුදු සීයයක් ......…
අපේ අම්මයි මේ අම්මයි සමකාලීනයෝ වෙන්න ඇති.
ඈ නමින් සෝමාවතී පොඩිහාමිනේ නම් විය.

Minimalist Living වෙත Ruvi Samaraajeea කල වියමනක්.

උපුටා පළකරනවා. මීදුම කියවන්නන්හට.
“මීට අවුරුදු විසි පහකට කලින් කතාවක් ...............”
මේ .අත්තම්මා කෙනෙක් හිටියා අපි ට
මැනික්හාමි තමයි නම .අත්තම්මා අපි ට තේ දෙන්නෙ වීදුරු වල .ඒවා හෝදලා උනු වතුර ට දානවා .ඉගුරු කෑල්ලක් තලලා තේ කොල තම්බලා රස ට තේ හදලා අර වීදුරු වලට දාලා දෙනවා .උනුම උනු තේ එක ට එක හේතුවක් තමයි කෝප්ප උනුවතුරෙ දාලා ගත්ත එක .ඒ කාලෙ මට ඕක තේරුම් ගන්න බැරි වුනා .අද උනු තේකක් බොන හැම මොහොතකම මට ඒක මතක් වෙනවා .
අත්තම්මා හීනියට අමුමිරිස් ලොකු ලූනු නැත්නම් රතුලූනු ලියලා ලුනු ගම්මිරිස් දාලා එවෙලෙම ගහෙන් කඩලා ගන්න දෙහි
ගෙඩ්යක් හිල් කරලා මේස හැන්දෙ මිටදෙහි ගෙඩ්ය ඇතුලට දාලා කරකවලා දෙහි ඉස්ම දාගන්නවා .ඊට පස්සෙ දර ලිපේ දාලාපුච්චලා ගත්ත කරවල කෑල්ලක් මේ සම්බෝලෙට දාලා හොදට කලවම් කරලා පොල් ටිකක් දාලා ගන්නවා .උනුම උනු පාන් කන්න තමයි මේ විදියට සම්බෝල හැදුවෙ .
කටට කෙල උනනවා වගේම ඇහැට කදුලු උනනවා අද අතීතය මතක් වෙලා .
පොල් සම්බෝල හදනවා නම් දර ලිපේ අලු යට දාලා තක්කාලි ගෙඩ්යක් අරන් පොඩි කරලා සම්බෝලෙට දානවා .දෙහි ඇඹුල් දාලා දෙහි ලෙල්ලත් පොල් සම්බෝලෙට දාලා හොදට කලවම් කරනවා .
පොල් පුච්චලා අරගෙන මිරිස් බැදලා අරන් හදන පොල් සම්බෝලෙත් අමුතුම රසක් .
අත්තම්මා ගේ වටේටම නොයෙකුත් දේවල් හිටවලා සාත්තු කරා .එක එක වර්ගයේ කොච්චි තිබුනා .
කොච්චි සම්බෝල එක්ක තම්බපු කොස් පිගානක් කන්න පුලුවන් .
අත්තම්මා ගෙදර කුරහන් ගලේ කුරක්කන් ඇට පිටි කරලා කුරහන් තලප හැදුවා .උනු වතුර ට කුරක්කන් පිටි ටික ටික දාලා පිටි තැම්බීගෙන එද්දී හැදි මිට උදව් කරගෙන ලස්සන ට බෝල කරන හැටි බලාගෙන ඉන්න ආසයි .
තලප ගිලින්න ආනමක් හැදුවා .මුං ඇට ආනමක් කොරළි හොද්දක් එක්ක ලොකු තලප ගුලියක් ගිලින එක ගමේ මිනිස්සුන්ට නම් මහ කජ්ජක් නෙමෙයි .ඒත් ....මට නම් තාමත් තලප ගිලින්න බැහැ .මම තලප කනවා .

අත්තම්මා කලවම් පලා මැල්ලුමක් හදන වෙලාවට පොල් එක්කම පොල් කිරි ටිකක් දානවා .හරිම රසයි .
මාලු හොද්දක් හදනවා නම් හාල් ඇට ටිකක් පොල් පොඩ්ඩක් එක්ක අඹරලා හොද්දට දානවා .ඒ හොද්ද උකු වෙන්න ත් රස වෙන්නත් කියලා අත්තම්මා කිව්වෙ නැහැ ඒත් මට හිතෙන්නෙ ඒක තමයි රහස .

කැකිරි ,පුහුල් ,පිපිඤ්ඤා වගේ දේවල් උයද්දි ත් හාල් පොල් අබ ගම්මිරිස් අඹරලා මිටිකිරි එක්ක දානවා .හරි ම රසයි 
උෂ්ණ දේවල් උයද්දි ( ඉස්සො / කකුළුවන් ) මුරුංගා කොල දැම්මා උෂ්ණ නැති වෙන්න .
අද ජීවතුන් අතර හිටියා නම් අත්තම්මා ගෙන් කොයිතරම් රස රහස් අහගන්න තිබුනා ද ? අදටත් අත්තම්මා මගේ හිතේ ගැඹුරුම තැනක ජීවත් වෙනවා 
අත්තම්මා ගේ රෙදි පෙට්ටියෙ අලුත් චීත්තතියෙනවා .ලස්සනට නවලා කපුරු දාලා තියෙනවා .ඒත් නිතරම අදින්නෙ එකම චීත්ත  .
.ලෝභකම කියලා හිතන්න ත් බැහැ .දූලා ට දරුවෝ ලැබෙන්න ඉස්පිරිතාලෙ යද්දි අලුත් චීත්ත දෙනවා මට මතකයි .
මගේ බුදු ගෙයි මම පුන්චි බුදු පිලිමයක් තියා තිබුනෙ .අත්තම්මා ගෙදර තිබුන ලොකු බුදු පිළිම ය මට ගෙනැත් දුන්නා .
වත්තෙ වැටෙන පොල් අතු වල ඉරටු සුද්ධ කරලා ඉරටු මිටි බැන්දා .කෝපි ටික ගම්මිරිස් ටික වෙලාවට කඩලා විකුණන අත්තම්මා අඹ ,පේර ,දෙහි කඩලා පොලට අරන් ගිහින් විකුන්නා .කොයි වෙලාවකවත් නිකම් හිටියෙ ම නැහැ .
ලස්සන ට මිදුල උදලුගානවා .වැහි වතුර ටික පවා ටැංකිය කට එකතු කරා .අත පය හයිය තියෙන තාක් කිසිම දරුවෙක් ට කරදර කරන්න කැමති වුනේ නැහැ . 
අත්තම්මා ගෙන් ඉගෙන ගත්ත කඩිසරකම අරපිරිමැස්ම ඉවසීම වගේ දේවල් මගේ ජීවිතය ට හුගක් වටිනවා .සමහර මිනිස්සු මැරුනත් ජීවත් වෙනවා වගේ .මහ පොළොව ට බරක් නැතුව ජීවත් වුන ඒ වටිනා මිනිස්සු කියලා තමයි මට හිතෙන්නෙ .
යාලුවන්ටත් මේ වගේ අය ඇති නේද ?

A day in the life

2024-09-06

ඡායාරූපකරණය - ජූලියා මාග්‍රට් කැමරන්



ජූලියා මාග්‍රට් කැමරන්, ඔබ සමහර විට මේ නම අහලා ඇති. උපතින් ඉන්දියානු සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය කාන්තාවක් වුණු ජූලියා තමන්ගේ කුඩා කාලය ගත කරන්නේ බෙංගාලයේ. ඇය බෙංගාලයේ ඉහළ ධනපති පන්තියේ කාන්තාවක් විදියට ඉපදිලා පසුකාලයක බ්‍රිතාන්‍යයට යනවා. ඒ ඇගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු වෙනුවෙන්. එහිදී තමයි ඇය මුල්වරට ඡායාරූපකරණය පිළිබඳව ඉගෙන ගන්නේ.

19 වන සියවසේ සිටි, වඩාත් සිත් ඇදගන්නා සුළු ඡායාරූප සිය කැමරා කාචයේ සටහන් කරගන්නියක් ලෙස එකල ඇය එංගල්නතයේ නම් දරා සිටියා. ජූලියා ගේ ප්‍රධානම විශේෂත්වය වුණේ අගේ සියලුම ඡායාරූප ඉතා සමීප ඡායාරූප එහෙමත් නැත්නම් Close up වීම හා ඒවා ඉතාම සුන්දර ඡායාරූප වීමයි.
ඒ වගේම ඡායාරූපකරණය ඉගෙන ගැනීමෙන් පසු ඇය වසර 12 ක් තුළ ඡායාරූප 900 ක් පමණ සිය කැමරා කාචයට හසුකරගෙනා තිබුණා. එයින් බොහොමයක් එකල බ්‍රිතාන්‍යයේ ප්‍රෞඪත්වය විදහාපාන ඡායාරූප වුණු අතර බහුතරයක් වික්ටෝරියා රැජිනගේ ඡායාරූප වීම ද විශේෂත්වයක් වනවා.
ජූලියා හොදින් සිය අධ්‍යාපනය අවසන් කළ කාන්තාවක් වුණු අතර ඇය ක්‍රිස්තියානි ආගම කෙරෙහි ඉතාම භක්තිමත් කාන්තාවක්. ඒ නිසාම ජූලියා ඡායාරූපයට නැගී බොහෝ සිදුවීම් සිය ආගමික නැඹුරුව පෙන්වාදෙන ඒවා බවට පත්වුණා.
වර්ෂ 1838 දී ජූලියා චාර්ල්ස් හේයි කැමරන් සමග විවාහ වනවා. දරුවන් 11 දෙනෙකුට ආදරණීය මවක් වන ඇයගේ දරුවන් 6 දෙනෙක්ම හදාගැනීමට ගත් දරුවන් වීම විශේෂත්වයක්.
කෙසේ වෙතත් ජූලියා අපට විශේෂ වන්නේ ඇය මෙරට පළමු කාන්තා ජායාරූප ශිල්පිනිය වීම නිසයි. බ්‍රිතාන්‍ය යුගයේ මෙරටට පැමිණෙන ජූලියා සිය ජීවිතයේ අවසන් කාල සීමාවා ගෙවා දමන්නේ ශ්‍රී ලංකාවේ කළුතර ප්‍රදේශයේ යි. වර්ෂ 1879 දී එනම් 65 වන වියේ දී කළුතර දී මියයන ඇය මෙරට බොහෝ පැරණි ඡායාරූප වල උරුමකාරිය ද වනවා.
- චාපා -

Tharunie


A day in the life