පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-07-12

සර් දෙන්නම නිවුන් දරුවෝ















 

වියපත් වු දෙදෙනෙක් බීම හලක එක මේසෙක වාඩි වෙලා , බැස යන හිරු සමරනවා .දැන් ටිකින් ටික අදුරත් ගලනවා.
ගලන අදුරත් එක්ක දෙන්නගේ කහ ‍ඉරේ සීමාව ඉක්මවෙලා රතු ඉරට එමින් තියෙනවා.
දැන් මේසෙට වාඩි වුන දෙන්නා නෙමෙයි ඉන්නේ.
එක්කෙනෙක් අනිත් කෙනාට ඇගිල්ල දික්කරලා.............ඔයා මම අදුරනවා වගෙයි. !. හ්ම් .......කොහේ ඉදන්ද ආවේ ?.
අහනවා . මේක බලා ඉන්න අයට පුංච් කතුහලයක්.
හ්ම්......මම අයර්ලන්තයේ !!
ප්‍රශ්නේ යොමු කරපු කෙනා.
වෙන්න බැහැ . ඔබ අයර්ලන්තයේ වෙන්න බැහැ. ........ලෝකේ මෙච්චර පුංචි වෙන්න පුළුවන් ද ?
අවිශ්වාශය පලකරනවා
අයර්ලන්තයේ නම් මොන නගරයේ ද ? සෑහීමකට පත් නොවුන ඔහුු නැවත අහනවා
ඕ .........මම ඩබ්ලින් වල.
දෙවැන්නාට හරි පුදුුමයි.
කෙහොමවත් ඩබ්ලින් වෙන්න බැහැ. මේක මේ තරම් පුංචි ලෝකයක්ද ?
පලමුවැන්නා දෙවැන්නාගෙන් මෙහෙම අහනවා.
ඔබගේ පාසල ?
මම ශාන්ත මරියා විද්‍යාලයේ 55 කන්ඩායමේ. එතකොට ඔබ ?
මමත් ඒ පාසලේ 55 කණ්‍ඩයමේ නේ !!.
මේක වෙන්න පුළුවන් ද ? දෙන්නාටම පුදුමයි. අම්මපා ලෝකය මේච්චර පුංචි වෙලාද ?
මාරයිනේ ........දෙන්නම පුුදුමයෙන් කෑ ගහනවා.
එහා මේසේ ඉදන් මේ කතාවට ඇහුම් දි දී හිටපු මට කුතුහලයක් වුනා මේ කතාව .
මම බාර්මන් ගාවට කිට්ටු කරලා ඇහුවා ......ජෝ මහත්තයා මොකක්ද මේ දෙන්නගේ සාකච්ඡාව කියලා ?
බාරමන් කියනවා රතු ඉරට ආවම හැමදාම ඔය දෙන්න ඔය වගෙමයි. වාද වෙන්නේ ඔය මාතෘකාවෙමයි.කියලා හිනා වෙලා කියනවා
සර් දෙන්නම නිවුන් දරුවෝ ...............


A day in the life

2024-07-11

එහෙනම් ජීවිතයත් මාර්කට් යනවා වගේද සීයේ ?.













 

ජීවිතය මොන වගේද?

දැන් කාලේ පුංචි එවවුවන්ගෙන් බේරෙන්න හරි අමාරුයි. එයාලට නොයෙක් ප්‍රශ්න. උත්තර දීලා සෑහීමට පත් කර ගන්නත් බැහැ.
මම දවසක් වෙලද පොලට යන්න සූදානම් වෙනවා. අට වසරේ ඉගන ගන්න මුණපුරා මගෙන් අහනවා ජීවිතය මොනවගේද කියලා ?
මම උත්තර දෙන්නේ කොහොමද ......මට ප්‍රශ්නයක්
පුතා මම පුංචි පුංචි බඩු ටිකක් ගන්න මාර්කට් එකට යනවා. යමු මාත් එක්ක .අපි කතා කර කර යමු. මටත් තනියි නේ මම කිව්වා. මුණුපුරාත් එකගවුනා.
අපි දෙන්නා මාර්කට් එකේ එහා මොහා ඇවිදිමින් අවශ්‍ය භාණ්ඩ මිළදී ගත්තා. සබන් , දන්තාලේප,එළවළු , පලතුරු. කිරි බිත්තර ඔය වගේ දෙවල් රැස්ර ගන්න කොට කාලය ගොඩාක් ගෙවී ගියා.
අපි කතා බස් කරමින් විනෝද වෙමින් විහිළු කතා කරමින් සිටි නිසා හවස් වෙනවා දැනුනේම නැහැ.
අපි ආපහු එන්න පිටත් වුනා. ඒ එන ගමන් මුණුපුරා උදේ ප්‍රශ්නේ ආයේ මතුකලා.
සීයා තාමත් මට කිව්වේ් නෑ නේ ජීවිතේ මොනවගේද කියලා ?.
"ඉතින් මට කියන්න සීයේ... ජීවිතේ මොන වගේද?"
මම මුණුපුරාගෙන් ප්‍රශ්නයක් ඇහුවා.
අපි මාකට් බඩු අරන් ඉවර උනාට පස්සේ මොකද වුනේ?
මුණුපුරා කියනවා.
මේ අපි ගෙදර යනවානේ සීයේ .
මම මුණුපුරාට හිනා වුනා
ජීවිතේ හැටි එහෙමයි!
ජීවිතේ හරියට මාර්කට් යනවා වගේ.
බඩු අරගෙන ඉවර වුණාට පස්සේ ආපහු ගෙදර යනවා!
අහන්න පුතේ, ජීවිතේ හරියට මාර්කට් එක වගේ.
හැමෝම මාර්කට් එකටට එන්නේ බඩු ගන්න හෝ විකුණන්න.
ඒ වගේම මාර්කට්එ එකේ එහෙ මෙහෙ ඇවිදින කොට. කාලය ඉවරයි.
සමහර අය ඇවිත් තමන්ට ගන්න ඕන දේ අමතක කරනවා,
සමහරු ඇවිත් තමන්ට අවශ්‍ය දේ මිල දී ගෙන යනවා,
සමහරු දුකෙන් සහ පසුතැවිලි වෙනවා .
සමහරු කලින් පිටව යනවා,
සමහරු පරක්කු වෙලාා යනවා,
නමුත් සමහර අය කඩිමුඩියේ යනවා.
අපි සදාකාලික ඉන්නේ නැහැ. මාර්කට් ගිහින් ආවා වගේ .
අපි ඉපදෙනවා. ජීවත්ව ඉන්න කාලේ නොයෙක් නොයෙක් දේ එකතු කරනවා. නොයෙක් නොයෙක් දේ අතහරිනවා
ජීවිතයත් ඒ වගෙයි.
එහෙනම් ජීවිතයත් මාර්කට් යනවා වගේද සීයේ ?.


 day in the life