පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-06-26

පොඩ්ඩිගේ කතාව - එකලොස්වෙනි දිගහැරුම


අපි හැගීම් බරවුනාම මනස තුල ඇති වන්නේ කුණාටුවක් .මේ කුනාටුව අපේ මනස කලම්බනවා. අපේ හිතේ තියන නිහඩ බව සන්සුන් බව අපෙන් ඈත්වෙනවා. කුනාටුව ටිකින් ටික සන්සිදෙන විට මනස නිහඩ වෙනවා .සනසුන් වෙනවා.උපේක්ෂා සහගත වෙනවා. මනස සන්සුන් වුනාම තමයි සැබෑ තත්වය අවබෝධ වෙන්නේ. මනස නිහඩ වුනේ නැත්නම් හැගීම් බර විනිශ්චයන් කරා අපි යොමු වෙනවා.හැගීම් බර විනිශ්චයන් නිසා අපි කරදරයට පත් වෙනවා.
අපි හරි ආශයි හිතේ මවා ගත්ත දේවල් සැබෑ ලෝකයේ ඒ අයුරින්ම දකින්න.ඒවා පෞද්ගලික අයිතියක් ලෙසින් අත්පත් කරගන්න.හරි වැරද්ද තීරණය කරන්නේ ඒක පාර්ශීයව , ලස්සන , හොද නරක හැම දේකම මගේ අදහස් වල එල්ලී ගෙන ඉන්න උත්සහා කලාම හිත දර දඩු වෙනවා.
මටත් සමීරටත් උනේ ඒ්ක ද ?
අපි උපේක්ෂා සහගත වුනේම නැහැ. හැම අරගලයක්ම විසදන්න ගියේ කැත්තට පොල්ල න්‍යායෙන්.කතා සංවාද අවසන් වන්නේ හිත බිදවාගෙන......
කාලය ඉකුත් වෙලා . මේවා හිතන්න තිබුුුුනේ කලින්.
මමත් කම්පනය ජීවිතයෙන් ඈත් වෙන්න ඈත් වෙන්න සන්සුන් වෙන්න සන්සුන් වෙන්න......සැබෑව ගැන හිතන්න පටන් අරන්.
මගේ හිතට එන්නේ ලජ්ජාවක් .සේපාලී එක්කවත් මේවා මේ විදියට දිග අරින්න බැහැ. හිතේම ඉපදී හිතේම සාකච්චා කර මියයදෙන්නට ඉඩ හරිනවා මිස ගිය හකුරට නාඩා තියෙන හකුර රැකගන්න ඕනි කියන න්‍යායට හුරුවෙන්න ඕනි.
අම්මා වත්ත පිලිවෙලකට එලි පෙහෙලි කරගෙන ඇවිත් මට මිදුල සකස් කර ගන්න ඉඩ දුන්නා. මම උදේට කලයුතු දේවලට උපදෙස් දී මගේ දවස පටන් ගන්න යනවා.සතියක් විතර යන කොට ඒකලස් වුන මිදුල ,මල් පාත්ති . කප්පාදු කර සකස්කල පැරණි මල් ගස් හරියට අළුතෙන් ඉපදුනා වගෙයි.විවේක කාලය වතුර , පොහොර යොදලා සාත්තු සප්පායම් කරන්න කාලය යෙදුවාම හිතටත් සහනයක්
අපේ හිරවෙලා ඉන්න සංකල්පමය රාමුවෙන් ඒලියට එන්න ඒන්න ලෝකය ගොඩාක් පුළුල්ව පේන්න පටන් ගන්නවා. බැමි බැදලා හිර කරලා තිබුන දේවල් බැමි පුපුරවලා නිදහස් කරපුවම ගලාගෙන යන්නේ ආදරය , කරුනාව ,උපේක්ෂාව වගේ සංකල්පයන් ඔස්සේ .....
කොයිතරම් නිදහසක් හිතට එනවද ? මට මිදුලට බැහැලා උඩ පැනලා නටන්න තරම සැහැල්ලුවක්........
අම්මා අහයි උඹට පිස්සුද ?.......කියලා මතක් වෙන කොට ආයෙත් ම පොලවට සිතිවිලි පහත් වෙනවා.
සමීරත් සමග ජීවත්වු අතීතය ගැටුම් බලාපොරොත්තු කඩවීම් නොසලකා හැරීම් නිතරම වගේ කේන්තියෙන් සිටීම නිසා සිරුරටත් දැනුනේ මහත් වෙහෙසක්.
දැන් මේ අසීරුතාවන්ගෙන් මිදිලා. මනසට වගේම ගතටත් දැනෙන්නේ සැහැල්ලුවක් සතුටක්.
පන්සල නිවසින් බැහැරව සමාජයක් මගේ ජීවිතයට ඇතුල් කලා. ඒ තුලත් මට ලැබුනේ සහනයක්. ගැටුමින් තොරවු නිදහස්වු මනස ඵලදායි සමාජ සම්බන්ධතා ,අර්ථ සම්පන්න ජීවිත ගත කරන්නන් මුණගැස්සුවා.මේ අයත් සමග ඇතිවු සම්බන්ධතා නව දෘෂ්ඨියකින් බලන්නත් ඔවුන් හා සුසංයෝග වෙන්නත් මගේ ජීවිතය ටිකින් ටික හුරුකලා.A day in the life

2024-06-25

එක ළග චෛත්‍යය දෙකක්?..




ඇයි මේ එක ළග චෛත්‍යය දෙකක්?..
කෙනෙකුට මෙහෙම හිතෙන්න පුළුවන්
මේ පින්තුරයේ තියෙන ඔය චෛත්‍ය දෙකම තියෙන්නේ අනුරාධපුර මිහින්තලා පුදබිමේ..
එතකොට ඇයි මෙහෙම චෛත්‍ය දෙකක් එකතැන හදලා තියෙන්නේ ?..
එකට හේතුව දන්නවද?
ඔය තරමක් උඩින් තියෙන මහ සෑ රජාණන් වහන්සේ තනවා තිබෙන්නේ බුදු රජාණන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතූන් වහන්සේ( බුදු රඡාණන් වහන්සේගේ දෙබැම මැද දකුණට කරකැවී ඉතා සුදු පැහැයෙන් ඇති මෘදු රෝමය)තැනපත් කර තනවා ඇති මහින්තලා මහ සෑයයි.
නමුත් ඊට පහලින් ඇති සෑය තමයි මිහිදු මහ සෑය..එය තනවා තිබෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේගේ භෂ්මාවශේෂ වලින් කොටසක් නිදන් කොට දේවානම්පියතිස්ස රජතුමාගේ බාල සොයුරු උත්තිය රජතුමා (ක්‍රි. පූ. 210-200) විසිනි. මිහින්තලා කඳු මුදුනත ඉදිකරන ලද බවට මහාවංශයේ සඳහන් සෑය මෙය වේ. මෙහි නටඹුන් අතර තිබූ ගඩොල් වල ඇති බ්‍රාහ්මී අක්ෂර ක්‍රි.පූ. සියවස් වලට අයත් වේ. මේ අනූව මෙම සෑය මෙරට ඇති පැරණිතම සෑ අතුරින් එකක් වේ.
මිහිදු මහරහතන් වහන්සේගේ අස්ථි ධාතූන් වහන්සේලා සහ අංගාර(මිහිදු මහරහතන් වහන්සේගේ දේහය ආදාහනයෙන් පසු ඉතිරි වූ අගුරැ)තැන්පත් කර තනවා තිබු සෑයයි..එහෙනම් මේ අලුතින්ම කල සෑයක් නොවෙයි..පැරණි තිබූ සෑයක්..
නමුත් නොයෙකුත් හේතුන් මත මෙම සෑය ගරාවැටෙන්නට විය.මෙය කෘතගුණ දත් සිංහල බෞද්ධයන් හට නොඉවසිය යුතු දෙයක් බව මම ඔබට අමුවෙන් කිව යුතු නොවේ..මොකද ලංකාවේ අපට බුදු දහම ගෙන ආ අපේ මිහිදු මහරහතන් වහසේ සිහි කර උන්වහන්සේගේ ධාතූන් වහන්සේලා තැනපත් කර තනවා තිබෙන සෑය මෙසේ ගරා වැටි විනාස විය යුතුද?
අද ලංකාවේ සෑම පන්සලකම පාහේ සෑයක් තිබෙනවා...ඒ හැම සෑයක්ම තනවන්නට අපට කීවේ කවුද?මග පෙන්නුවේ කවුද?..
ඔයාලා අද ආඩම්බරයෙන් කතා කරන අපේ සිංහල බෞද්ධ ඉතිහාසය ගොඩ නැගුවේ කවුද?
ලාංකේය ජාතියේ කොදුනාරටිය වන් අරහත් ධජය අපට හදුන්වා දුන්නේ කවුද?
සිල් ගන්න දාන මාන දෙන්න ඉගැන්නුවේ කවුද?
ඔයාලා හොය හොයා යන දන්සැල් අපට දෙන්න ඉගැන්නුවේ කවුද?
ලේ ඇස් ශරීරයේ කො⁣ටස් දන් දෙන්න ඉගැන්වූයේ කවුද?
කොටින්ම කිව්වොත් පින් පව් හොද නරක ඉගැන්වූයේ කවුද?
අද ලෝකයේ බුද්ධිමතුන් අතර වේගයෙන් පැතිර යන බුදු දහමේ දායාදය අපි ලෝකයට දෙන්න කලින් අපිට දුන්නේ කවුද?
ඒ තමයි මිහිදු මහරහතන් වහන්සේ..
උන්වහන්සේ අපට දෙවෙනි වෙන්නේ බුදුරජාණන් වහන්සේට පමණයි උන් වහන්සේ බුදු කෙනෙකු විසින් කල යුතු වූ සේවය බුදු රජාණන් වහන්සේ වෙනුවෙන් මේ ලංකාද්වීපයට කල සේක.ඒ නිසයි අපි උන් වහන්සේට අනු බුදු කියලා කියන්නේ..
ඉතිං එසේ උන්වහන්සේ සිදු කල සේවය අපට මිල කරන්න පුළුවන් ද ඒ ණය ගෙවන්න පුළුවන් ද?බෑ නේද..
2019 දි මහමෙව්නාව අසපුවේ පින්වත් කිරිබත්ගොඩ ඥානානන්ද ලොකු ස්වාමීන් වහන්සේ මේ ගැන සංවේදී වී උන්වහන්සේ සහ වර්තමානයේ මිහින්තලා විහාරාධිපති පින්වත් පුජ්‍ය ධම්මරතන නායක ස්වාමීන් වහන්සේ සමග එකතුවී සුවහසක් වූ සිව්දෙසින් ආ පින්වතුන්ගේත් මුදලින් සේම ශ්‍රමයෙන් නොයෙකුත් දෘෂ්‍ය අදෘෂ්‍ය බාදක මත කොතරම් ආවත් මේ මිහිදු මහ සෑය නැවත ප්‍රතිසංස්කරණ කිරීමට යෙදුනා..ඉතං ඊයෙ දින එහි නැවත මිහිදු මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලා තැන්පත් කර මිහිදු මහ සෑය නැවතත් බුද්ධ සාසනයට පුජා කෙරැනා..
මෙය අපුරැ පින්කමක්..
මිහිදු මහරහතන් වහන්සේ ලක්දිවට දායාද කල
භික්ෂු
භික්ෂූණී
උපාසක
උපාසිකා
යන සිව්වනප්පිරිසම සිහිකරමින් මෙම උපහාරයට එකතු උනා...
උපසම්පදා භික්ෂූන් වහන්සේලාද 108 නමක්.
අනගාරිකා මෑණිවරැ 108ක්..
දස සිල් ගත් උපාසකවරැ 108ක්.
දස සිල් ගත් උපාසිකාවන් 108ක්.
ලංකාවේ සිව් දිගින් එකට එක්වී මිහිදු මහරහතන් වහන්සේට ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ගෙන් උපහාර පුදජූජා පැවැත්වූවා...
ඉතිං මේ මහ සෑයවල් දෙකම මේ ලක්දිවට එකවිට පෑයු හිරැසදු සේ මේ ලක්දිව ඒකාලෝක කල
භාග්‍යයවතුන් වහන්සේ සහ අනුබුදු මිහිදු මහරහතන් වහන්සේ සිහිපත් කර තැනූ මහ සෑ රජුන් වහන්සේලයි...
මට නම් එතනට ගියාම දැනු⁣නේම මගේ බුදු රජාණන් වහන්සේත් මිහිදු මහරහතන් වහන්සේත් අසලම උන්වහන්සේලාගේ සිව්රැවල වැදිආ සුළං පහස විදිමින්ම සිටියාක් මෙනි..
ඔබත් මෙම මහ සෑ රජාණන් වහන්සේලා වන්දනා කර උන්වහන්සේලාගේ ගූණ සිහිකර කෘතගුණ දක්වා අපමණ පින් සිදු කර ගන්න..
උන්වහන්සේලා නිවීසැනසුන ඒ නිවනටම ඒ පින් හේතු වනවා නිසැකයි
තෙරැවන් සරණයි

සටහන
Rumesh Dissanayake

උපුටා ගැනීමකි.

A day in the life