පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-04-13

සිංහල අවුරුද්ද අප්‍රේල් 13 14 තමයි

අවුරූද්දක ම වගේ මතුවෙන ප්‍රශ්නයක්. මේ ගැනත් මා ලිපි රාශියක් ලියා තියෙනවා. මා තාරකා විද්‍යාව ගැන හරි ජ්‍යොතිෂය ගැන හරි දන්නෙ නැති නිසාත් ජනශ්‍රැතවේදියකු නොවන නිසාත් උගතකු බුද්ධිමතකු නොවන නිසාත් හිතලූ කියන්නකු පමණක් නිසාත් ජනමාධ්‍ය ඒ් ලිපි ගැන අවධානය යොමු කරන්නේ නැහැ. ඒ කොහොම වුණත් මා නැවතත් ඒ සමහර අදහස් නැවත කියනවා.

සිංහල අවුරුද්ද සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් මත තුනක් තියෙනවා. ඒ සූර්යයා මීන රාශයෙන් මේෂ රාශියට යෑම ගැන. ඇතැමුන්ට අනුව ඒ සිදුවන්නේ මාර්තු 21. සමහරුන්ට අනුව අප්‍රේල් 18 19 දිනවල. තවත් පිරිසකට අනුව අප්‍රේල් 13 14 දිනවල. කවුද හරි. හැමෝම හරි. එහෙම වෙන්නෙ කොහොමද කියල අහන්න පුළුවන්. එක් එක් අය මීන මේෂ දේශසීමාව (රාශි සීමාව) ලකුණූ කරන විධිය අනුව. මට තවත් මතයක් තියෙනවා. අප්‍රේල් 13 14 15 දිනවල සුර්යයා රේවති නැකතෙන් අස්විද නැකතට යනවා. අපේ අවුරුද්ද එ නිමිත්තෙන්.
මේ අවුරුද්දෙ නැකත් දෙක තුනක් තියෙනවා. සිංහල සංස්කෘතියෙ එක නැකත් සීට්ටුවක් එක බෙහෙත් සිට්ටුවක් තිබිල නැහැ. ගමෙන් ගමට ගෙදරින් ගෙදරට නැකැත් සීට්ටු වෙනස් වුණා. වෙද මහතාගෙන් වෙද මහතාට බෙහෙත් සීට්ටු වෙනස් වුණා. එ තමයි විවිධත්වය. සිංහල සංස්කෘතිය චීන සංස්කෘතිය හරි බටහිර සංස්කෘතිය හරි වගේ නො වෙයි. විවිධ අදහස් තියෙනවා. එක වෙලාවට කැව කියල ජාතියක් සමගි වෙන්නෙ නැහැ. එක වෙලාවට කන එක 1993න් පස්සෙ වි ජ මු හොඳ හිතින් එහෙත් වැරදියට කරපු වැඩක්. සිංහල සංස්කෘතියට පටහෑණි ව කරපු එකක්. ඔය විධියට තර්ක කළොත් ලෝකෙ හැම ගෙදර ම එක ම පැනඩෝල් පෙත්ත දෙනවා වගේ අට පත එකට හින්දවන්න එක ම ප්‍රමාණයේ කෝප්ප තියා ගන්න වේවි. ඒක බොරුපන වෙදමහත්තය මට කී කතාවක්. බටහිරයට හරි ඉන්දියානුවට හරි චීනට හරි ඕන විධියට සිංහල සංස්කෘතිය සකස් කරන්න උත්සාහ ගන්න අය ඉන්නවා. ඔවුන්ට පඩි නඩිත් ලැබෙනවා.
මේ සමග රුප සටහනක් ඇති. එයින් පෙන්නන්නෙ ඛගෝලය. (හිස් ගෝලය celestial sphere ) ඒ ඛගෝලයෙ පෘථිවි සමකය ප්‍රක්‍ෂෙපණය කරල තියෙනවා. ඒ වගේ ම සූර්යයාගේ ගමන් මාර්ගයත් (ක්‍රාන්ති වලයය ecliptic) ප්‍රක්‍ෂෙපණය කරල තියෙනවා.ඇඳලා තියෙනවා කිවුවත් කමක් නැහැ. පෘථිවිය තම අක්‍ෂය වටේ පැය විසිහතරකට සැරයක් කැරකෙනවා. ඒ අතර එහි අක්‍ෂයත් බමරයක වගේ අවකාශයෙ අචල අක්‍ෂයක් වටේ කැරකෙනවා. එ නිසා අර සමකයේ ප්‍රක්‍ෂෙපණය වෙනස් වෙනවා. මේ බමර සෙල්ලමට පූූර්වායනය (precession) කියා කියනවා
සමකයේ ප්‍රක්‍ෂෙපණයත් ක්‍රාන්ති වලයයෙ ප්‍රක්‍ෂෙපණයත් ඡෙදනය වන ලක්‍ෂ්‍යයට මේෂ රාශියේ ප්‍රථම ලක්‍ෂ්‍යය කියනවා. එය ග්‍රීක හෝඩියෙ ගැමා අක්‍ෂරයෙන් හැඳින්වෙනවා. සූර්යයා තම වාර්ෂික ගමනේ දක්‍ෂිණාර්ධ ගෝලයේ සිට උත්තරාර්ධගෝලයට යන එක සනිටුහන් වෙන්නෙ ගැමා ලක්‍ෂ්‍යයෙන්. ඒ ක්‍රාන්තිවලයයේත් සමකයේත් ඡෙදන ලක්‍ෂ්‍යය. සූර්යයා සමකය හමුවෙන ලක්‍ෂ්‍යය. අර පූර්වායනය නිසා ගැමා ලක්‍ෂ්‍යය අවුරුදු හැත්තෑදෙකකට දවසක් පමණ ඉදිරියට යනවා. අවුරුදු දෙදදහකට පමණ පෙර ශක වර්ෂ ක්‍රමය ආරම්භ වෙන කාලෙ සූූර්යයා ඔය ගැමා ලක්‍ෂ්‍යය පසු කෙළෙ මාර්තු 21 වෙන්න ඕන. අවුරුදු දෙදහකට විතර පස්සෙ අද එය සිිද්ධ වෙන්නෙ අප්‍රේල් 18 19 දිනවල. ඒ අනුව සමහරු සූර්යයා මීනයෙන් මේෂයට යන්නෙ මාර්තු 21 හරි අප්‍රේල් 18 19 හරි කියල ගන්නවා. මාර්තු 21 වැනි දා බටහිර ලෝකයෙ වසන්ත කාලය නිල වශයෙන් ආරම්භ වෙනවා. මේ තමයි සකුරා මල් පිපෙන කාලය. ලංකාවෙ සකුරා මල් පිපෙන්නෙ නැති වුණත් ඒ ගැන ගීත තියෙනවා. ඇපල් මල් ගැනත් තියෙනවා. කෙහෙල් මල් ගැන ගීත තියෙනවා ද දන්නෙ නැහැ.
සමහරුන්ට අනුව අප්‍රේල් 13 14 අවුරුද්ද ගන්නෙ රාශි සීමා ගැන ඇති වුණු පොඩි අවුලක් නිසා. රාශී සීමා බටහිර හා ඉන්දියවෙ වෙනස් වෙලා. ඒක එහෙම වෙන්න පුළුවන්. මට තවත් කතාවක් තියෙනවා. නකත් කියන්නෙ ලංකාවෙ නාගයන්ගෙ (නක) නිර්මාණයක්. ග්‍රහයන් යන වළල්ල නකත් 27කට බෙදල තියෙනවා. අස්විද ආදී වශයෙන්. අවසන් නකත රේවති. මා හිතන්නෙ අපි අවුරුද්ද සමරන්නෙ සූර්යයා රේවති නැකතෙන් අස්විද නැකතට සංක්‍රමණය වෙන වෙලාවෙ කියල. අශ්වින් කියන්නෙ අස්විද සංස්කෘතයට හරවා ගත්ත ම එන වචනය. චිත්‍ර නක්‍ෂත්‍රය කියන්නෙ සිත නකත සංස්කෘතයට හරවා ගත්ත ම එන වචනය. නක්‍ෂත්‍ර කියන්නෙ නකත් සතර සංස්කෘතයට හරවා ගත්ත ම එන වචනය. නක්‍ෂත්‍ර කියන එකට සංස්කෘතෙන් නිරුක්ති නැහැ.
අපි අහසෙ ග්‍රහයන් යන වළල්ල හඳ අනුව නකත් 27කට බෙදුවට බැබිලෝනියන්වරු රාශි දොළහකට බෙදුවෙ. වෛදිකයන් මේ පද්ධති දෙක එකතු කරා කියල හිතන්න පුළුවන්. ඔය තුලා ලග්නය සිත නකත හා සම්බන්ධයි. තුලා ලග්නයෙ ප්‍රධාන ආරම්භක තාරකාව ස්පිකා කියල හඳුන්වනවා. එයට චිත්‍ර නක්‍ෂත්‍ර කියල වෛදිකයන් කිවුව. චිත්‍ර නක්‍ෂත්‍රට හරියට ම අනෙක් පැත්තෙ තියෙන මාසය වෛදිකයන් චිත්‍ර මාසය කියා හැඳින්නුවා. අර චිත්‍ර (ස්පිකා) තරුවට හරියට ම අනෙක් පැත්තට සූර්යයා එන දිනය සූර්යයා අලුත් අවුරුද්ද ආරම්භ වෙන දිනය ලෙස ගන්නවා.
මට හිතෙන්නෙ එය රේවති අස්විද නකත් සීමාව මීන මේෂ රාශි සීමාවට එක් කරන්න ගිහින් වෙච්ච දෙයක්. සූර්යයා රේවති නකතෙන් අස්විදයට යන්නෙ අප්‍රේල් 13 14 15 දිනවල. මේෂ රාශියෙ මුල තියෙන්නෙ අස්විද නකතෙ මුල නොවෙයි. එය තියෙන්නෙ අස්විද නකතෙ දෙවැනි පාදයෙ විතර. නකතක් පාද හතරකට බෙදල තියෙනවා. ඒ කියන්නෙ අර වළල්ල පාද 108කට. පාද 108ක් යන්න දින 365ක් යනවා නම් පාද එකකට ටිකක් වැඩියෙන් විතර යන්න දින තුන හතරක් යනවා. අපේ අවුරුද්ද අප්‍රේල් 18 19 නැතුව අප්‍රේල් 13 14 වෙන්නෙ එ නිසා කියයි මා හිතන්නෙ. අපි භාරතීය පද්ධතියට යටවෙල සූර්යයා මීනයෙන් මේෂයට යෑමක් ගැන කිවුවට අප සමරන්නෙ සූර්යයා රේවති නකතින් අස්විද නකතට යෑම කියලයි මට හිතෙන්නෙ.
අපි නකත් අනුව ජීවිත සකස් කරගත් අය. අස්විද නකතින් අපි අවුරුද්ද අරඹනවා. මුවසිරිස නකතින් දේවානම්පිය තිස්ස රජු දඩයමේ ගියා. අස්ලිස නකතින් ඇසළ උත්සවය පවත්වනවා. ඒ හැම තැනම ස්නානය දිය කැපීම වගේ කතා තියෙනවා. ඒ හඳ එක්ක සම්බන්ධය නිසා ද?

-නලින් ද සිල්වා.
A day in the life

2024-04-12

නිවන් සැප ලැබේවා!


 


නිවන් සැප ලැබේවා!
ලෙස සුභ පැතිය නොහැකිද?
මේ ලෝකයේ විවිධාකාර සැප තිබේ. සියලුම සත්වයෝ ඒ සැප සම්පත් විඳින්නට දැඩි සේ කැමැත්ත දක්වයි. ඒ සියලුම සැප දෙයාකාරයකට බෙදිය හැකි ය. ඒ කාම සැපය සහ විමුක්ති සැපය ලෙසයි. කාම සැපය ලෞකික සැප වන අතර, විමුක්ති සැපය ලෝකෝත්තර සැපය වේ. ඉන් ඉහළම සැපය වන්නේ උතුම් ලෝකෝත්තර විමුක්ති සැපය යි. ඒ තරම් සැපයක් කොහේවත් නැත. ඒ සැපයට "නිවන" යැයි කියනු ලැබේ.
මේ සියළුම සැප විවිධාකාරයෙන් විස්තර කළ හැකි ය. - ධම්මපදයේ නාග වර්ගයේ මෙසේ සඳහන් වේ.
"අත්ථම්හි ජාතම්හි සුඛා සහායා,
තුට්ඨී සුඛා යා ඉතරීතරෙන;
පුඤ්ඤං සුඛං ජීවිතසඞ්ඛයම්හි,
සබ්බස්ස දුක්ඛස්ස සුඛං පහානං."
"කිසියම් කටයුත්තක් ඇති විට යහළුවෝ සැපගෙන දේ, තමන් සන්තක සුළු දෙයින් හෝ සතුටුවීම සැපය යි, මරණාසන්නයේ දී පින සැපය යි. රහත් බව ඒකාන්ත සැපය යි."
සියලු සත්වයන් ගේ ඒකායන අරමුණ විය යුත්තේ සියලු සසර දුක් නසා නිවන් දැකීමයි. ඒ සුන්දර නිර්වාණ සුවය දකින්නට නුවණැති පින්වතුන් කටයුතු කර ගත යුතුමයි. එහෙත් වර්තමානයේ දී මිනිසුන් සිතන පතන දෘෂ්ඨියේ තිබෙන බොහෝ වැරදි අදහස් නිසා, නිවන් දැකීම පිළිබඳවද ඇති කරගෙන ඇත්තේ මිත්යා මත වේ.
ඔබ ඉදිරියට ඔබේ හිතවතෙකු පැමිණෙන විට, ඔබේ හිතවතාට ඔබ 'නිවන් සුව ලැබේවා!' යැයි කිව හොත් කුමක් වේදැයි සිතන්න. වර්තමානයේ මේ කාල සීමාවේදී නම්, ඔහු ඔබත් සමග ජීවිත කාලයටම අමනාප වනවා නො අනුමානයි. එයට හේතුව ඔහු 'නිවන් සැප ලැබේවා!' යැයි සිතා සිටින්නේ මිය යෑම නිසා ලැබෙන කාරණාවක් හෝ, මිය යෑමට අදාළ කුමන ආකාරයක ආශිර්වාදයක් හෝ, සුභ පැතීමක් හෝ, මරණයට අදාළ යම්කිසි කාාරණාවක් ලෙස සිතීමයි.
මෙය සම්පූර්ණයෙන්ම වැරදි මිථ්යා අදහසකි. මෙවැනි මිත්යා දෘෂ්ටියක් නිර්මාණය කරගෙන ඇත්තේ බෞද්ධ සමාජය තුළින්මයි. මේ මිථ්යා දෘෂ්ටිය වෙනස් කරගන්නට නුවණැති බෞද්ධ පින්වතුන් කටයුතු කරගත යුතුමයි. එය මහනීය පින්කමක් ද වේ.
මේ ලෝකයේ යම්කිසි කෙනෙක් තවත් කෙනෙකුට සුබ පතනවා නම් "ඔබට නිවන් සැප ලැබේවා!" ලෙස සුබ පතන සුබ පැතීම හා සමාන උතුම් සුභ පැතීමක් තවත් නැත.
මේ ලෝකයේ කවුරුහරි මනුස්ස, දිව්ය, බ්රහ්ම සතර අපා ආදී සත්වයෙක් උතුම් සැපයක් ලබන්නට කටයුතු කරනවානම් ඒ උතුම් සැපය නිවන් සැපයම වේ. ඒ හා සමාන සැපයක් තුන් ලෝකයේ කිසිම තැනක නැත. නමුත් අවාසනාවකට නිවන් දැකීම ගැන බහුතරයක් දෙනා දන්නේ නැත. නමුත් ඔවුන් තමන් සිව්වනක් පිරිසට අයත් "බෞද්ධයෝ" යැයි හඬනගා කියයි. නමුත් ඔවුන් විසින්ම උතුම් වටිනා වචන අවභාවිතා කර ඇත.
නිවන් සුව ලබන්නේ ජීවත්ව සිටින මනුස්සයෙක්, දෙවියෙක්, බ්රහ්මයෙක්, ආදී ජීවත්ව ඉන්න කෙනෙක් හැර මිය ගිය කෙනෙකුට නොවේ. මිය ගිය පසුව එසේ කීමෙන්, පැතීමෙන් ලැබෙන නිවනක් නැත. නිවන ප්රාර්ථනාවකින් ලැබෙන දෙයක් නොවේ.
"නිවන් සුව ලැබේවා!" යන්න පමණක් නොව, උතුම් බුදු දහමේ තවත් එවැනි උතුම් වචන රාශියක්ම බෞද්ධයින් විසින් ම අවභාවිතා කර ඇත.
උතුම් "අරහං" බුදු ගුණය ද එවැනි වචනයකි. බොහෝ දෙනා අද එය භාවිතා කරන්නේ "මට ඔය මනුස්සයා අරහං" ආදී ලෙස කෙනෙක් පෙන්වන්නට නොහැකි බව ඇඟවීමට යි.
"හයහතර නොදත් අය" ලෙස අද බොහෝ දෙනා හඳුන්වන්නේ දරුවන් සම්බන්ධව කතා කිරීමට ය. නමුත් එයින් කියවෙන්නේ දිව්යලෝක හය සහ සතර අපාය ගැනයි.
"උපාසක මහතා, උපාසක අම්මා" යන මේ වචන අද භාවිතා කරන්නේ සිල් ගත් අය සඳහා පමණයි. නමුත් සිල් ගත් විටදී ද වැඩි වශයෙන් බොහෝ දෙනා කැමති, මැතිතුමා මැතිණිය කියන එකටයි. සිව්වනක් පිරිසට අයත් භික්ෂූන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා හැර ඉතිරි සියලු දෙනාම අයත් වන්නේ උපාසක උපාසිකාවන් ටයි. වර්තමානයේ දී බෞද්ධ පින් පින්වතෙකු ට “උපාසක මහතා, උපාසක අම්මා” යැයි කීවිට ඇතමුන්ට ඉතා තදබල ලෙස කේන්ති යයි. සමහර විට එසේ කී ස්වාමින්වහන්සේ සමඟ ජීවිත කාලයටම කතා කරන්නේ ද නැත.
තවත් මේ ආකාරයට බෞද්ධයින් විසින් ම උතුම් ධර්මයේ අවභාවිතා කරන වචන රාශියක් පෙන්විය හැකි ය. ඒ සියලු අවභාවිතාවන් අතර ඉහළින්ම තිබෙන්නේ "නිවන් සුව ලැබේවා!" යන්නයි. සසර සැරි සරනා සත්වයින්, සසරින් එතෙර වන්නට "නිවන් සුව" දැකිය යුතුම ය.
රහතන් වහන්සේලා හැර අන් සියලු දෙනා මිය යාමේදී වෙන්නේ මරණයත් සමගම නැවත පුනර්භවයට පැමිණීමයි. ඉපදීමයි. සෝවාන් ආදී අනෙක් උතුමන්ද රහත් නොවී සිටියහොත් මාර්ගඵලයට අනුරූප තැනක උපදී. රහත් වූ පසු එහි ආයු අනුව ආයුෂ විඳ අනුපාදිසේස පරිනිර්වාණයත් සමගම පිරිනිවන් පායි.
"නිවන"
"නිවන" යැයි කියන්නේ මේ ලොව ඇති උසස්ම ප්රණීතම සැපය යි.
නිවන් දකින්නට කටයුතු කරන උත්තමයන් වහන්සේලා හඳුන්වන්නේ බෝධි බෝධිසත්වත්වයෝ කියා යි. "බෝධි" යන වචනයෙන් කියවෙන්නේ ලෝකෝත්තර වූ ආර්ය මාර්ගයත්, සර්වඥතා ඥානයත් වේ. බෝධි තුනක් තිබේ.
1. සම්මා සම්බෝධිය
2. පච්චේක සම්බෝධිය
3. ශ්රාවක බෝධිය
මේවාට තුන්තරා බෝධිය යැයි කියනු ලැබේ.
මේ තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පැමිනෙන්නට, පිරිය යුතු ධර්ම වන්නේ පාරමිතා යි. පාරමිතා පිරූ බෝධිසත්වයන් වහන්සේලා, ලෝකෝත්තර ආර්ය මාර්ගය ඥානයෙන් කෙලෙසුන් නසා නිවන් දකී.
නිවන කියන්නේ.... මේ ලෝකයේ ඇති අති ප්ණීතම, වටිනාකම කිව නොහැකි, කවර කලෙකවත් නැති නොවන හැම කල්හි පවත්නා සැපයටයි. මේ නිවන දුක මිශ් නැති ශුද්ධ වූ සුඛය වේ.
නිවන පඤ්චේන්ද්රියයන්ට හා මන්දබුද්ධිකයින්ගේ මනින්ද්රියට ද විෂය නොවන පරම සූක්ෂ්ම ධර්මයක් වේ.
නිවන් දැකීම නිසා නැතිව යන දුක් ලෙස සලකන විට අති විශාල ධර්මයක් වේ. ලෝකෝත්තර ධර්මයක් වේ. මහානුභාව සම්පන්න ධර්මයක් වේ. පිහිටි තැනක් නැතිව ඇති ධර්මයක් වේ. එක ද සත්ත්වයකුත් එහි නැත, එහෙත් සත්ත්වයින්ට පරම පිහිටක් වූ ධර්මයක් වේ.
නිවනට පැමිණීම අවස්ථා පහකින් ද, ඉතිරි වී ඇති ස්කන්ධ සහ ඉතිරි ස්කන්ධ කිසිවක් නැති බව දැක්වීම් ලෙස අවස්ථා දෙකකින් ද නිවන ගැන කිව හැකි වේ.
නිවනෙහි ස්කන්ධයන්ට අයත් දේවලින් කිසිවකුත් නැත. ඒ නිවනෙහි ඇති උතුම් ගුණය යි.
ලෝකයෙහි සැප වර්ග දෙකක් තිබේ.
ඒ කාම සුඛය සහ විමුක්ති සුඛය යි. මෙයින් කාමනීය වූ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්ඵර්ෂ, ධර්ම නිසා උපදින සුඛය “කාම සුඛ” වේ.
පැමිණ තිබෙන්නා වූ හෝ මතු පැමිණෙන්නට තිබෙන්නා වූ හෝ විපතකින් දුකකින් බේරීම වූ නිදහස “විමුක්ති සුඛ” වේ.
මේ සැප දෙකින් කාම සුඛය විඳින සැපයකි. එම නිසා එයට “වේදයිත සුඛය” කියා කියනු ලැබේ. විමුක්ති සුඛය නො විඳින සැපයකි. එයට “අවේදයිත සුඛය” කියා කියානු ලැබේ.
"නිවනට පැමිණෙන ආකාරය
එක් පුද්ගලයකුට නිවනට පැමිණිය හැකි වනුයේ එක් වරක දී නො ව පස්වරක දී ය. නිවන් සොයා ක්රියා කරන්නා වූ යෝගාවචරයා සෝවාන් වන විට ඔහුට මතු සතර උපායෙහි උපදින්නට තිබෙන ස්කන්ධයන් හා ජාති සතකින් මතු සුගතියෙහි ද, උපදින්නට තිබෙන ස්කන්ධයෝ ද නිරුද්ධ වේ. ඉන් පසු ඔහු අපායෙහි නූපදී. සුගතියෙහි ද සත් වරකින් මතු නූපදී. සෝවාන් පුද්ගලයාට වන්නා වූ මේ දුඃඛ නිරෝධය පළමු වරට නිවනට පැමිණීම වේ.
සෝවාන් ඵලයට පැමිණ සිටින ආර්ය්ය ශ්රාවකයා සකෘදාගාමි වන විට ඔහුට ඉතිරිව තුබූ ජාති සතකට අයත් ස්කන්ධයන්ගෙන් ජාති සයකට අයත් ස්කන්ධයෝ නිරුද්ධ වේ. ඉන් පසු ඔහු සසර උපදිතත් උපදින්නේ එක් වරක් පමණී. සකෘදාගාමි පුද්ගලයාගේ මේ ජාති සයකට අයත් දුඃඛයෙන් මිදීම දෙවෙනි වර නිවන් ලැබීම වේ.
සකෘදාගාමි පුද්ගලයා අනාගාමි වන විට ඔහුට කාම භවයෙහි එක් වරක් ලබන්නට තුබූ ස්කන්ධ දුඃඛය ද නිරුද්ධ වේ. ඉන්පසු ඔහු කාම භවයෙහි නූපදී. අනාගාමි පුද්ගලයා ලබන මේ දුඃඛ නිරෝධය තුන්වෙනි වර නිවන් ලැබීම වේ.
අනාගාමි පුද්ගලයා රහත් වන විට රූපාරූප භවයන්හි උපදින්නට තුබූ ස්කන්ධයෝ ද නිරුද්ධ වේ. ඉන්පසු ඒ රහතන් වහන්සේ කිසි කලෙක කොතැනක වත් නූපදී. රහතන් වහන්සේ ගේ ඒ දුඃඛ නිරෝධය සතරවැනි වරට නිවනට පැමිණීම වේ.
සතර වැනි වරටත් නිවනට පැමිණීමෙන් පසු රහතන් වහන්සේට ශේෂව ඇත්තේ අතීත හේතුවෙන් හටගන්නා වූ වර්තමාන ස්කන්ධ දුඃඛය පමණකි. පිරිනිවීමෙන් එය කෙළවර වන්නේ ය. එය පස්වෙනි වරට නිවනට පැමිණීම වේ.
සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අර්හත් පුද්ගලයන් හැම ආකාරයකින්ම දුකින් මිදී නැති නිසා, පිරිනිවීම තෙක් ස්කන්ධ පවතින නිසා ඔවුන්ගේ නිවනට ඉතිරිව තිබෙන ස්කන්ධයන් නිමිත්ත කොට "සෝපාදීශේෂ නිර්වාණය" කියා කියනු ලැබේ. පරිනිර්වාණයෙන් පසු ලබන නිවනට ඉතිරි ස්කන්ධ කිසිවක් නැති බව නිමිත්ත කොට "අනුපාදිශේෂ නිර්වාණය" යි ද කියනු ලැබේ."
ප්රාර්ථනා කළාට, ආශිර්වාද කළාට නිවන් දැකිය නොහැක. එසේ කිරීමෙන් කළ හැකි වන්නේ කල්යාණ මිතුරකු වී නිවන් දකින්නට අනිත් අයව උනන්දු කරවීම කි. එය මහනීය පිංකමකි.
නිවන් දකින්නට නම්, දුක්ඛ සත්යය යි, සමුදය සත්යය යයි යන දෙක නැති කළ යුතු ය. ඒ සඳහා ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිපැදිය යුතු ය.
කරුණු මෙසේ හෙයින් නුවණැති පිංවතුන් දැන්වත් මේ සිදු කරන වරද නිවැරැදි කරගත යුතු ය. මියගිය පසු කියන වචනයක් ලෙස "නිවන් සුව ලැබේවා!" යැයි සමාජගත වී තිබෙන මතය වෙනස් කර, ඒ සඳහා සුදුසු ලෙස කටයුතු කිරීමට පෙළ ගැසිය යුතුය.
එය ඔබටද කළ හැකිය. "නිවන් සැප ලැබේවා"කියන වචනයම කිව නොහැකි නම්, පෙරළා ලැබෙන ප්රතිචාරයට ඔබ බය නම්, එය සමාජයට හුරුවන තෙක් ඔබට මෙසේ කිව හැකි ය.
"මේ පින සසර දුක් නසා නිවන් දකින්නට හේතු වේවා! "
"ඔබට චතුරාර්ය සත්ය සත්යාවබෝධ ඤාණයෙන් නිවන් දකින්නට හැකි වේවා!"
ආදී ලෙස කැමති ආකාරයකට ඔබගේ හිතවතාට සුදුසු ලෙස සුබ පැතිය හැකිය. ඒ කල්යාණ මිත්රත්වයෙන් ලැබෙන මගපෙන්වීම, ඔබටද මහානීය පුණ්යකර්මයක් වේ.
ඉතින් ඔබත් මේ පවතින මිථ්යා මතය වෙනස්කර, නුවණැත්තන්ට නිවන් දකින්නට මග පෙන්වන කල්යාණ මිත්රයෙක් වෙන්න. එන්න අපි හැමෝම එකම අරමුණකට යන කල්යාණි මිතුරන් ලෙස ආශිර්වාද කරමු හැමෝටම
"ඔබ සැමට නිවන් සුව ලැබේවා!
අතිපූජනීය තපෝවනයේ රතන ස්වාමීන්වහන්සේ
මිණිපුර අමා ශාන්ති තපෝවන ආරණ්ය සේනාසනය,
පැල්වාඩිය ,
රත්නපුරය. Copied .


day in the life