පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2023-10-05

ලෝක සත්ව දිනය'












මම මේ අලි ඇතුන් ඉතා කෘාර විදිහට මරා දැමීමට තදින්ම විරුද්ධ වෙමි. මේ මිනිස් අලි ගැටුමට විසඳුම අලි මරා දැමීම හෝ අලි නිසා මිනිසුන් විනාශ කිරීම නොව ඊට විසදුමක් සෙවීමය. එවැනි ගැටලු බොහෝ තිබියදී සමාජ මාධ්ය භාවිතාව වෙනුවෙන් නීති ගෙන ඒමට තරම් පවතින රජය බොළඳ වීම ලැජ්ජාවට කාරණයකි.
අද ලෝක සත්ව දිනයයි..පාරිසරික සමතුලිතතාවය වෙනුවෙන් සියලුම සතුන් වෙත අවධානය යොමු කරමු.

ඒ වෘක්ෂ ගීතය
ඇනෙයි පපුවක ඇතුළටම
ඉසියුම්ම ඒ වේදනාවන්
දරාගන්නට හැකිවෙද
හස්තිරජෙකුට
මනුසතා ඇයි මේ තරම්
අපට දුන්නේ වේදනාබර ඒ රිදුම්
උස් කඳු මුදුන්වල
නිම්නයක කෙළවර
විසල් ඒ පා ලකුණු කොයිවෙද
සද්ධන්ත මිතුරනි කෝ කොතැනවෙද
කුංචනාදය ගෙනා අභිමන
ඉතින් එය දැන් නාය ගිය කන්දකි
නිම්නයම ඉරිතැලුණු හැටි පුදුමෙකි
මහ යුද්ධෙකට පසුව නිති
දුකම එයි ලුහුබැඳ
වෙඩි බෙහෙත් ගඳ පපු කැවුතු කැඩුවද
වියරු රළ නවතනු කෙලෙසකද
ඇරඹුමයි එය නොවේ අවසන
හස්ති රජු මම රැලක් රකිනට පේවුණු
දන්නවද නුඹ නුඹට මා වළකනු බැරී
ඉසියුම්ම ඒ වේදනාවන්
දරාගන්නට හැකිවෙද
හස්ති රජෙකුට
මනුසතා ඇයි මේ තරම්
අපට දුන්නේ වේදනාබර ඒ රිදුම්

සෝමලතා හේරත් මැණිකේ

notes of imaginary

2023-10-03

අඹන්වෙල නිළමේගේ හිටිවන කවි



"ඔහෝයියා!ඔහෝයියා!!අවුල්නාද සපිරිවර්දනේ
දින දින සපිරි වර්දනේ
කළුත්,සපුත්,සවුන්දිරිස්-
ලමිත්,කුමිත්,සුමිත්තරිත්
කිරිත්,ගිරිත්,පවුත්තරිත්-
ඇවිත් කලරොසේ
පසුත්,පෙරත්,දෙයත් වරත්-
රකිත්,සිටිත්,අණිත්,බනිත්
ගලුත්,මුළුත්,ගසත් වසත්,-
මහත් බැණ රොසේ
ඇඹුල්දෙණියෙ කිරාගෙ අඹු-
දිඹුල්මලිට ඇන්න ටොක්ක
බිබිල් නැගුනි ඉස හැමතැන
ඇඹුල් දෙහි ලෙසේ
නැඹුල් යකුට නිති පුදකොට
එකල් දියඟු දිවගෙන ගොස්
දිඹුල් දියට කඩා පැනපි
කිඹුල් මොටෙකු සේ
නල්ලුරැවේ සෙල්ලගෙ අඹු
එතනම සිට ගුගුල් නොවිඳ
ඉන්නක් ගෙන බැල්ලි කියා
ගසනා කල අල්ලගෙන සිඹා
ඉල්ලකකා ආඬින් මෙන
කොල්ල සේම ගොසින් දියඟු
බැල්ල සේම පැනපිය ගොස්
වල්ල කැළයටා
නිත්ත නොහැර ඉන්නා බඹ
බක්ක කියන හකුරගෙ දුව
අක්කෙ නුඹත් යන්නෙද දැන්
නක්ක නෙළුමටා
කෙක්ක ඇරන් ඇන්න කලට
හක්ක දෙපිට දත් එළියට
ටොක්ක නොකා පැන ගති
ලිප් බොක්ක ඇතුළටා
වත්තල කළුවාගෙ අඹුව
තිත්ත කතාවෙන් බැණගෙන
වත්ත මැදෙහි තිබුන කිතුලෙ
පිත්ත අරගෙනා
පැත්ත පිටට දුන්න කලට
පොත්ත ගිලී හඬක් නගා
අත්තන කැළයට පැන ගති
චිත්ත බිය ගෙනා

notes of imaginary