පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2023-09-15

බා බා බා කිකිළී



රෑන කිතුල් නිල් වරළී පුළුන් රොදක පැහැ ඉසිලී

අඩසඳවන් පටු නළලී පුරහඳටම අතවැනිලී

පිරුණු රෝස මල් කොපුලී වත මත මැලවී පැතලී

නීල උපුල් නෙත් සඟලී හී සර අද නැත විදිලී

නාදළු පැරයූ දෙතොලී මෝරා වියැලී හැකිලී
දසන් එදා කොඳ කැකුළී හිනැහේ මුවගේ නොදිලී
පෙර දින සක් සේම දිලී ගෙලවට වතළවු සරැළී
බිළිඳු ළමා දෙතොලෙ වෙලී තිසර පැටවු ඇත ඉගිලී

රියසක අගලෙහිම ගිලී සැඟවගියා පුළුලුකුලී
දඟයුග දිසි තැඹිලි මලී පෙනුනේ දඬු සේ වියැලී
කාලය ගිය හැටි පෙරලී අද නෑ පෙර දුටු කැකුළී
එකම යමක් වේ නොසැලී නුඹට බැඳුණු පෙම කොමළී
-- පී. ජී. ආරියපාල




notes of imaginary

2023-09-14

සත්කුළු පව් විලාශයෙන් නුඹ සිටියා අම්මේ .




අත පා මුදු පය පා මුදු නැත දිලුණේ
සිත දහිරිය සත්කුළු පව් මෙනි රැඳුණේ
වත බබළන මඳහස මයි මට වටනේ
අත හැරියේ හුස්මද අපවද මවුනේ .
නෑරා අතින් අත ගම් දොර ළඟ හිටියා
දීලා සෙවන සළුවෙන් වට කොට සිටියා
පාලා ළතෙත් ගුණ කඳුළැලි පිස සිටියා
මෝරා තලමලක් සේ සෙනෙහෙන් සිටියා .
විලේ නෙළුම් පිපුණේ හිරු රැස් හින්දා
මලේ බමරු රොන් ගත්තේ මධු හින්දා
සිලේ පහන් රැකුණේ දුන් තෙල් හින්දා
අපේ ඔටුණු පැළඳුවෙ අපි නුඹ හින්දා .
සුවඳ බොජුන් නැතුවත් නුඹගේ කුසට
නිබඳ දරු සෙනේ දැනුණ යි හද ගැබට
ළමැද කිරි පොවා සා පැටවුන් හයට
සුවඳ සමන් වැලකි ය නුඹ අප හැමට.
නුඹ අප නැවත කිසිදින නෙත නො ගැටෙන්නේ
කළ පව් සමා අයදින්නම් පා වඳිනේ
දළ රළ පෙළ මැදින් එතෙරට යා ගන්නේ
බව ගිම් නිවා සසරට තිත තියපන්නේ .!
(යවහන් දොස් නො සලකා ලියැවුණි .)
රෝ.සි.



notes of imaginary