පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2015-10-27

මටත් හැට අටයි.




උපන්දා සිට අවුරුද්දකට දවසක් උපන් දිනයක් සමරන්න පුළුවන් දවසක් එනවා.
අපි උපන්දිනයක් සමරනවා කියලා දැන ගන්න කොටත් ඉපදිලා අවුරුදු පහලො වක් දහසයක් උපන් දින පහුවෙලා. ඒත් අපේ දරු මුණුබුරෝ නම් අවුරුද්දෙන් අවුරුද්ද උපන් දිනය සමරනවා.
අපේ අම්මලා තාත්තලට ඒ මතකය තියෙන්න නැතිව ඇති. මොන්ටිසෝරියක් වගේ ගේ පිරිලා හිටිය අපිට උපන් දින සැමරුම් තියන්න ගියා නම් අවුරුද්දේ හැම මාසෙමත් මාසෙට දෙක තුනත් උපන් දින උත්සව ගෙවල් වල තියන්න වෙනවා.

හැත්තෑවේ දශකය වෙන කොට “ පුංචි පවුල රත්තරන් “ කියන සංකල්පය ආවට පස්සේ පවුල් පුංචි පුංචි වෙලා ගිහින් දැන් පවුල පුංචිම වෙලා.
ඉතින් උපන් දින සැමරුම් තියන්න ඉඩකඩ නිර්මානය වෙලා.

අද මගේ හැට අටවෙනි උපන් දිනය.

මම ලංකාවට එන කොට සුද්දෝ ලංකාව අත්හැරලා ගිහින් මාස හයයි දවස් විසිතුනයි. සුද්දන්ගේ වැඩ දන්නේ නැතිවුනත් 1956 බණ්ඩාරනායක ආණ්ඩුව පිහිටවනකම් අවුරුදු අටක් විතර මම කළු සුද්දන්ගේ වැඩ කිඩ ගැන අහ ගෙන ඉන්න ඇති. මේ රටේ දේශපාලන පෙරලියක් පලමු වරට උනානම් බණ්ඩාරනායක ආණ්ඩුව ඒකට මුල පිරුවා කියලයි මම පසු කාලෙක හිතුවේ.මට අවුරුදු හැට අටක් වන විට මේ පෙරළිය රටටම අප්‍රසන්න ව, රට පෙලන තැන දක්වා ගමන් කරලා තියෙනවා.

කේක් එකක් හදලා ඉටිපන්දම් හැට අටක් පත්තු කරන්න බැරිව , කේක් එකේ 82 අයිසින් වලින් ඇදලා ඉටිපන්දම් හතරක් පත්තු කරපුවම ඇති කියලා ගණිත සුත්‍රයක් දාපු පොඩි එකාගේ අම්මා ඇස්බැන්දුමක් කරලා විනෝද වෙනවා. ඒකත් ඇත්තනේ කියලා මමත් ඉවසුව හින්දා මට කපන්න ලැබුනේ ඉටිපන්දම් හතරක් ගහපු අටේ වර්ගය අයිසින් වලින් ඇන්ද කේක් එකක්. පුංචි එකා උදේ පාන්දරම සීයගේ කේක් එක අයිසින් කරන්න එපා කියලා. “ සීයට සුගර් - ඒක හින්දා සීනී කන්න හොද නැහැ “ කියලා අම්මට ඇඩ්වයිස් පාරක් දීලා. අයිසින් කරපු කේක් එක කපාපු කෑල්ල පැත්තක තියලා පොඩි එකාගෙන් සීයට ලැබුනේ “නන් අයසින්“ කේක් කෑල්ලක්.




අවුරුදු හැට අටක් වෙන කොට ජීවිතේ ඇති වෙන වෙනස් කම් තේරුම් ගන්න පොඩි එකා අත්වැලක්. කාලෙන් කාලෙට එක එක දශක වල එක එක භුමිකා රගපාන ලද ජීවිතය අද “ බකමූණා“ ගේ චරිතය රගපාන්න පටන් අරන්.දැන් ඔක්කොටම් “හ්ම් ........හ්ම් “ කියන තැනට ජීවිතය ගමන් කරලා මුණුපුරාටත් - මුණුපුරාගේ ආත්තම්මා දක්වා සනුහරේටම හ්ම් ....හ්ම් කියන්න හැරෙන්නට වෙන දෙයක් දවසට ඉතිරිවෙලා නැහැ. මේ ධර්මතාවය දවසක මුණුපුරාටත් උදාවේවි. එත් තවම ඒක තේරුම් ගන්න පොඩි එකාට බැහැ. ඒකගේ වයස අවුරුදු හතරයි. ගණිත සාශ්ත්‍ර එහෙන් මෙහෙන් දැම්මත් තාම මොන්ටිසෝරියේ !.

පහුගිය අවුරුද්ද ගැන හිතන්න ගියාමත් සතියකට හතරක් විතර ලියාපු බ්ලොග් ප්‍රමානයත් බිංදුවට බැහැලා. ඒකටත් බකමුන් දිශ්ඨිය වැටිලා. මේ අවුරුද්දෙවත් දවසේ කාලසටහන වෙනස් කරගන්න බලන්න ඔනී. ඔය හිතට එන මොනවා හරි ලියාපුවමත් බණක් භාවනාවක් කලා වගෙයි. අද දවස ගැන ලිවුවා වෙන්න පුළුවන්. ආයෙත් හෙට දවසේ ඉදන් බ්ලොග් එකෙන් හමුවෙමු. --විශාරද ගුණදාස කපුගේ ගායනා කරන මේ ගීතය අහන්න නිහඩ විප්ලවයත් භාවනාවක් වගෙයි කියලා මම හිතනවා.



සබද අපි කදු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගගකට වැටෙන
වියරු ගිණි දැල් නොවෙමු
වනය අවුලා තබන -
සිහිල දෙන වැස්ස වෙමු
දැවෙන කැලයට වසින

සබද අපි කදු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගගකට වැටෙන

නපුරු හීනය නෙවෙමු
ලමුන් නිදි සුව බිදින
සොදුරු අඩ හැරය වෙමු
දනන් නින්දෙන් මුදන

සබද අපි කදු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු එකම ගගකට වැටෙන

            
notes of imaginary

2015-09-25

නසරුදීන් -ලෙඩා මලත් බඩ සුද්ධ වෙලා




අපේ දේශපාලන බෙහෙත් වට්ටෝරුව දූෂණය භීෂණය වංචාව හොරකම අට එකට හින්දෝලා ගත්ත එකක්. කාල වකවානුවක් සිමාවක් කියන්න බැරි කාලෙක ඉදන් වෙද මහත්තුරු ලියලා දෙන මේ සීට්ටුව හිදවලා බොන්න මැතිවරණයෙන් මැතිවරණයට ඡණ්දදායක අපි මැලි වෙන්නේ නැහැ. අන්තිමේදී ලැබෙන ප්‍රතිඵලය තිබුන ලෙඩට වඩා අළුත්ලෙඩක් වැළදීමයි.

මට නස්රුදීන්ගේ කතාවක් මතකයට ආවා.

නස්රුදීන්ගේ බුද්ධියේ විෂයය පථයන් බොහෝම පුළුල් එකක් .විටක වෛද්‍යවරයෙකු, තවත් විටක ඉජිනේරුවෙකු,ව්‍යාපාරයෙකු දේශපාලන උපදේශක වරයෙකු වගේ විවිධ මට්ටමේ බුද්ධියක් නස්රුදීන්ට තිබුනේ.මේ හැම විෂයයකටම ගැටළුවක් ඇතිවුනාම උපදෙස් ගන්න නස්රුදින් සොයා ගෙන මිනිස්සු ආවා. එක දවසක නස්රුදීන් මිදුලේ එහාට මෙහාට සක්මන් කරමින් කල්පනාවේ නිරත වෙමින් ඉන්න අතර දැක්කා පුටුවක් මත ඉන්දවගෙන දෙපැත්තෙන් උස්සගෙන රෝගියෙක් තමන් වෙත කැදවා ගෙන එනවා.
 
නස්රුදීන්ට හිතුනා මේක නම් මම අමාරුවේ වැටෙන වැඩක් කියලා. නම්බුව බේරා ගෙන වැඩෙන් ගොඩ යන්නත් එපාය නස්රුදින් හිතුවා.
 
කෝකටත් කියලා ගේ ආලින්දයට කැදවලා රෝගියා ගේ පිරිසගෙන් ඇහුවා මොකක්ද ලෙඩේ කියලා. මෙයාට මළ සහ මුත්‍රා පිටවෙන්නේ නෑ දෙපැත්තම අඩස්සිවෙලා. පිරිසගේ පිළිතුර වුනා.
නස්රුදීන් ප්‍රතිකාර ගැන හිතන්න කළබල වෙන්නේ නැතිවම මේ ලෙඩේට හරියන්නේ නගරයේ ඉන්න අහවල් වෙද මහත්තයා කියලා නිර්දේශයක් දුන්නා. ඉක්මනට එයා ගාවට එක්කර ගෙන යන්න කියලා.
 
රෝගියා වෙද මහත්තයා ගාවට එක්කර ගෙන ගියා. නස්රුදීන් ආයෙත් කල්පනාවට වැටුනා.
කාලය ගෙවිලා ගියා හෝරාවකින් පමණ රෝගිය සමග ගිය පිරිස කළබලයෙන් නස්රුදීන් සොයා ගෙන එනවා. රෝගියා නම් නෑ නස්රුදීන් ඇතින්ම දැක්කා.මේ මොන ජංජාලයක්ද වෙන්න යන්නේ ?. ඊලග පිලිතුරට නස්රුදීන් සුදානම් වුනා.
මොකක්ද අප්පේ උනේ ?.නස්රුදීන් පිරිසගෙන් ඇහුවා.
මළ මුත්‍ර හොදින් පිටවුනා බලන්නකෝ අපේ ඇගෙත් විසි වෙලා.
ඒකනේ මම කිව්වේ ඔය වෙද මහත්තයා ලෙඩේ සනීප කරයි කියලා !. නස්රුදීන් උත්තර බැන්දා.
 
ඒත් ...ඒත්...
ඔව් මොකද ? කියන්න.නස්රුදීන් පිරිස උනන්දු කෙරෙව්වා.
ලෙඩා මලා නේ ..
ඔය ලෙඩේට නම් වෙන වෙද මහත්තයෙක් හොයා ගන්න වෙයි. මට මුලින් කියාපු ලෙඩේට තමයි ඒ වෙද මහත්තයා හොද !.

අපි හැමදාමත් අළුත් වෙද මහත්තුරු හොයනවා.
බඩ සුද්ද වෙවි ලෙඩා මැරෙනවා.

notes of imaginary