නැගණහිර පලාතේ පොතුවිල් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පොතුවිල් මුහුදු තීරය මායිම් කර ගෙන වැල්ල ආසන්නයේම පොතුවිල් මුහුදු මහා විහාරය පිහිටා තිබේ . පොතුවිල් නගරයේ සිට ආරුගම්බොක්ක දෙසට කිලෝමීටරයක් පමණ දුර පැමිණ වමට හැරී කුඩා පාර දිගේ ගමන් කිරීමෙන් මෙම පූජනීය ස්ථානයට පැමිණිය හැකි ය.
මේ පුද බිමේ ඉතිහාසය දුටුගැමුණු රාජ්‍ය යුගයෙන් ඇරඹේ.
අතීත කතාව ඇරඹෙන්නේ එකල සුනාමි තත්වයක් ඇතිව මුහුද ගොඩ ගැළු අවස්ථාවේ දෙවියන් කෝපව එසේ සිදුවු යයි මතයක් ඇතිවීම නිසා දේව කෝපය පහ කරගැණිමට විහාර මහා දේවිය නැවක් සකස් කර එයට නන්වා මුහුදේ පා කිරීමෙන් දෙවියන්ට කැප කිරීමෙනි. මුහුදට බිලිවන්නට ගිය විහාර මහා දේවිය කිරින්දට පාවී ආවත් ගොඩ බසින්ට සුදුසු මුහුදු තීරයක් නොවු හෙයින් යලි මුහුදට පාවී ගිය ඇය සහිත නැව යලි වෙරළ තීරයට පාවී ඇවිත් ඇත්තේ පොතුවිල් ප්‍රදේශයේ අරුගම්බොක්කට (අරුගම්බේ ) යයි කියවේ.










