පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2008-10-16

විශ්ව ශක්තිය - පසු විපරමක්



“විශ්ව ශක්තිය” යන මැයෙන් 02.08.2008 දින මා පල කල තොරතුරු අවසන් කලේ නිගමනයකින් තොරව.
I. අප යොදා ගත් රෝගීන් දස දෙනෙක්ගෙන් එක් අයෙකු තමන්ට සුවය ලැබූ බව පැවසුවා. ඈ විශ්‍රාමික විදුහල්පතිනියක්. ඇගේ රෝග ස්වභාවය හන්දි පත් වේදනාව,මස් පිඩුවල වේදනාව . අධික රුධිර පීඩනයට බටහිර ප්‍රතිකාර නොකඩවා තවමත් ලබාගන්නවා. ඈ පවසන්නේ සිරුරේ පැවති වේදනා තුරන් වූ බවයි. අධික රුධිර පීඩනය පාලනයවී ඇති බවයි.
II. දෙවැන්නා හත වසර පාසල් සිසුවෙක්. ඔහු දගකාරයි. දෙමව්පියන්ට ඇහුම්කන් දෙන්නේ නෑ.නිතරම පාසල් ගමන අත්හිටවනවා.වැඩිටියන්හට කිසිදු ගරුත්වයක් නැහැ. පරුෂ වචන භාවිතා කරනවා. මේ සිසුවාගේ දෙමව්පියන් රජයේ ඉහල රැකියා කරන අය. නිවසේ මෙහෙකරුවන් නැහැ. දෙමව්පිය සෙනෙහස ඕනෑවටත් වඩා ලැබෙනවා. ඔහුටද ප්‍රතිකාරවලින් ප්‍රයෝජනයක් වුනේ නැහැ.
III. තුන්වැන්නා ආතරයිටිස් රෝගියෙක්. අධ්‍යායපන මාණ්ඩලික නිලධාරිණියක්. ඈ හටත් ප්‍රතිකාර වලින් පලක් වී නැහැ.
IV. සිව්වැන්නා. විශ්‍රාමික අධ්‍යාපන මාණ්ඩලික නිලධාරි ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ රුධිර සීනි අඩුවීම හා මෑතකදී ඒ සදහා යොදා ගත් බටහිර ඹෟෂධ වර්ගයක් අසාත්මික වීමෙන් චර්ම රෝගයක් වැලදී පීඩා විදිනවා.ප්‍රතිකාරවලින් ප්‍රයෝජනයක් උන්වහන්සේටද නැහැ.ඒත් උන්වහන්සේ පැවසුවේ යම් යම් අවස්ථාවලදී බෝධි පූජා ආදියෙන් අපට මානසික සහනයක් ලැබෙන්නාක් මෙන් මෙවැනි ප්‍රතිකාරවලින් රෝග සුවවන අවස්ථාද ඇතිවිය හැකි බවයි.
V. පස්වැන්නා අවුරුදු විස්සක් පමන කාලයක සිට මානසික ආබාධයකින් පෙලෙන්නෙක්. ආබාධිතවුයේ අධ්‍යාපනය ලබමින් සිටියදී. දැනට බටහිර ප්‍රතිකාර ලබමින් සිටින්නෙක්. ඔහුටද ප්‍රතිකාරවලින් ප්‍රයෝජනයක් වුනේ නැහැ.
VI. හයවැන්නා ගුරුතුමියක්. ඇගේ දෙනෙත හිරු එලියට ආවරනය වූ විට හිසේ රුදාව සහ වමනය ඇතිවනවා බටහිර ප්‍රතිකාර ලබමින් අදුරු කල උපැස් භාවිතා කරන්නියක්. ඇයටද ප්‍රතිකාරවලින් ප්‍රයෝජනයක් වුනේ නැහැ.
VII. අනෙක් හතර දෙනා මේ ප්‍රතිකාර පලදායි නොවන බව සහ විශ්වාසයක් නොමැති බව පලකලා.
VIII. රෝගීන්ගේ ජීව දත්තයන් දැක්වූයේ විශ්ව ශක්තියෙන් පල ලබන්නන් බොහෝ දෙනා ඒ සම්බන්ධයෙන් විචාරාත්මකව නොසිතන අය බව මට සිතෙන නිසයි.
IX. බොහෝ පිලිකා වැනි අසාධ්‍ය රෝගීන් ආසන්න දිසා රෝහල මගින් මෙම සායනයට යොමුවු බව මට දැනගන්න ලැබුනා. ඔවුන් සුවපත්වු බවත් නැවත සායනයට යොමු නොවු බවත් පැවසුනා. මම හිතන්නේ ඔවුන්ට නැවත ප්‍රතිකාර සදහා දෛවය ඉඩ නොදුන් බවයි.

මම මෙවැනි ප්‍රතිකාර මගින්ම ලෙඩ රෝග සුව කල හැකියි යන්න විස්වාස කරන්නේ නෑ. ඹෟෂධත් අත්‍යාවශ්‍යමයි. කායික හෝ මානසික රෝගවූ ඕනෑම රෝගයක් රෝගියා තුල රෝගය සුවවන බවට විස්වාස කරවීමට පොලඔවා ගැනීමට හැකිවනවානම් හරි අඩක් ඖෂධ නොමැතිව ්‍රතිකාර සාර්ථක වනවා යන්න මා හිතනවා. වෛද්‍යවරුන් අතරින් සමහරුන් ගෙන් ‘ඇල්වතුර බීවත්’ රෝග සුවවෙන්නේ ඹෟෂධ සමගම එම වෛද්‍යවරුන් කෙරෙහි විස්වාසයත් ඇති නිසයි.
තමන් කෙරේ විස්වාස ඇතිකරවා ගැණීම මෙම මනෝ ප්‍රතිකාර කරන අයගේ මුලිකම කටයුත්ත ලෙසයි මා දකින්නේ. ඉන් ඹෟෂධ නොමැතිව සුව කල හැකි කායිකව බැදී ඇති මානසික රෝග සුව වනවා.

2008-10-13

වෝටර් ඒජ් -වතුරේ ගියා


ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් විශිෂ්ඨ ගනයේ නඩු තීන්දු දෙකකටත් නියෝග කිහිපයකටත් පසු ගිය සතියේ අප අවධාණයට යොමු විනි. එකක් මහ භාණ්ඩගාරයේ ආචාර්ය පී.බි.ජයසුන්දර මහතාටත් අනෙක ජනාධිපතිනි චන්ද්‍රකා බණ්ඩාරනායක මහත්මියටත් වීම අවධාණය යොමුවීමට ප්‍රධාන හේතුව විය.මෙම නඩු තීන්දු දෙකම තම බලය ඉක්මවා කටයුතු කිරීම හේතුවෙන් වරදක් සිදුව ඇතැයි පදනම මත ප්‍රකාශයට පත් වූ නඩු තීන්දුය.

මට මහින්දයන් ජනාධිපති තනතුරේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රථම කතාව සිහිපත් වේ. ‘‘මම මේ රටේ භාරකරුවා මිස අයිතිකරුවා නොවෙමි. මම පවතින නීතිය ක්‍රියාත්මක වීමට ඉඩ හරිමි’’. යන්නයි ඒ. එතුමා මිහිදු හිමියන් සහ මැකියාවෙලි දෙදෙනාම උපුටා දක්වන ලදී. අනාගතයේදීත් මෙරට පහල වන රාජ්‍ය නායකයින්ද මෙම ආදර්ශයම ගන්නේ නම් වර්ථමානයේ සිටින්නාවූ දේශපාලකයෝද යම් තරමකට අපේ දුප්පත් මවු බිම සූරාකෑමෙන් වලකිනු ඇත. මහින්දයන් ද තම ප්‍රකාශයේ පිහිටා සිටියාද නැද්ද යන්න අනාගතය විසින් තීරණ‍ කරනු ඇත.

ධාර්මිෂ්ඨ සමාජයකට අප රැගෙන ගිය ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන උතුමාණ මැති ඇමති වරුන් වංචනිකයන් වීම වැලක්වීමේ අරමුනින් නෛතික වරප්‍රසාද ඉහළ මට්ටමකට නැන්වූවා මතකය.එහෙත් පෘතග්ජන මිනිසුන් වන මේ සත්ව වර්ගයාද කොතෙක් ලැබූවත් සෑහීමකට පත්නොවන්නේමය. මේ මිනිස්සු ඡන්දදායකයාගේ දහඩිය සුවද අදුරන්නේත් ඉවසන්නේත් මැතිවරනය අවසන් වන පස්වරු හතරවන පැය දක්වා පමනකි.කොයිතරම් ප්‍රසන්න මුහුණක් පෙන්නුවත් ඉන්පසු නම් ඡන්දදායකයා මහත් කරදරයක් ලෙස මේ මිනිසුන් සලකන බව පැය ගනනක් පෝලිම සිට මුණගැසෙන විට අපට සිතෙනු ඇත.

පාර්ලිමේන්තුවේ කෙරෙන විවාදයකදී මේ උත්තමයින් දෙසා බාන්නේ මොනවාද කියා විමසා බලන්න. බාල දුවිඩ චිත්‍රපටියකත් පාර්ලිමේන්තුවේ කරන කතාවකත් වෙනසක් තිබේනම් ඒ භාෂාවේ පමනය. ධාර්මිෂ්ඨ සමාජය ඇරඹීමට පෙර පාර්ලිමේන්තුවේ හැන්සාර්ඩ් වාර්තා සහ වර්තමාන හැන්සාර්ඩ් වාර්තාත් කියවා බලනවිට මේ අහසත් පොලවත් අපට හමුවනවා ඇත.

වර්තමානයේ මුදල් නොමැති නම් මැතිවරනයකට තරග කල නොහැක.උසස් අධ්‍යාපනයට යොමුවු අය වෙත ඒ සදහා යොදවන්න තරම් මුදලක් උපයාගන්නට විශ්‍රාම යන තුරුවත් නොහැක. වර්තමානයේ දේශපාලනට එක්ව ඇති බොහෝ දෙනා ව්‍යපාරිකයෝය. මුදල් සමග තමන්ට නොමැති සමාජ පිලිගැනීම ලබා ගැනීමට දේශපාලනට පිවිසෙන මොවුන්ට ඇත්තේ ව්‍යාපාරික ඥාණය පමනකි. එයත් අධ්යාගපනයත් සමග ලැබෙන ව්‍යෘපාරික ඥාණයක් නොව වාසනාවට පහලවන ව්‍යාපාරික ඥාණයකි. මොවුන් පාර්ලිමේන්තුව තුල මෙන්ම පලාත් සභාව තුලද පාවිච්චි වන්නේ සිග්නල් කනු වශයෙන්ය.
මේ සිග්නල් කනු සියල්ලටම අත උස්සමින් කටයුතු කරන්නේ නොදැනුවත් කමත්, තම පැවත්මත් උදෙසා මිස රට ජාතිය ගැන හිතමින් නොවන බව පැහැදිලි ය. මෙවැනි රැළක් නිර්මානය කරගන්නා නායකයින් රට ජාතිය තම සාක්කුව තර කරගන්නා පිනිස විකුනා ගනිමින් සිග්නල් කනුවලටද ගරා ගැනීමට පුංචි ඉඩ කඩක් ලබාදීම මේ දේශපාලනයේ සංස්කෘතිය බවට පත්ව ඇත.