Success is getting what you want. Happiness is wanting what you get.>

සාර්ථකත්වය යනු ඔබ කැමති දේ ලබා ගැනීමයි. සතුට යනු ඔබට ලැබෙන දෙය රැක ගැනීමයි.

Mind precedes all knowables, mind’s their chief, mind-made are they. If with a corrupted mind one should either speak or act dukkha follows caused by that, as does the wheel the ox’s hoof.

(වේදනාදි චෛතසික) ධර්‍මයෝ සිත පෙරටු කොට ඇතියහ. සිත ශ්‍රේෂ්ඨ කොට ඇතියහ. සිතින් ම උපදනාහ. ඉදින් පහන් සිතින් කියන්නේ නම් හෝ කරන්නේ නම් හෝ ඒ හේතුවෙන් සැපය ඔහු කැටුව යෙයි. නොහැර කැටුව යන සෙවණැල්ල මෙනි.

I think nature’s imagination is so much greater than man’s, she’s never going to let us relax.

ස්වභාවධර්මයේ පරිකල්පනය මිනිසාගේ පරිකල්පනයට වඩා බෙහෙවින් වැඩි ය, ඇය කිසි විටෙකත් අපට විවේකීව සිටීමට ඉඩ නොදේ.

But I say to you, Love your enemies and pray for those who persecute you, so that you may be sons of your Father who is in heaven; for he makes his sun rise on the evil and on the good, and sends rain on the just and on the unjust.

නමුත් මම ඔබට කියමි, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න, ඔබට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න, එවිට ඔබ ස්වර්ගයෙහි සිටින ඔබේ පියාණන්ගේ පුත්‍රයෝ වන්නහුය. මක්නිසාද ඔහු නපුරටද යහපත් අයටද තම හිරු උදා කරවනසේක.

“….so whenever guidance comes to you from Me, then whoever follows my guidance, then there will neither be any fear on them nor will they grieve.” Ayat 38

"....එබැවින් මා වෙතින් ඔබට මගපෙන්වීම පැමිණෙන විට, කවුරුන් හෝ මාගේ මඟ පෙන්වීම අනුගමනය කරයිද, එවිට ඔවුන් කෙරෙහි කිසිඳු බියක් හෝ ශෝකයක් ඇති නොවේ." ආයට් 38.

Wednesday, April 03, 2024

සුන්දර කොත්මලය ...(දෙවන ටීකාව)



 සුන්දර කොත්මලය ...(දෙවන ටීකාව)

දෙහදු කඩුල්ල
The historical monument called Dehadu Kadulla
at Kothmale
සුන්දර කොත්මලය ගැන තවත් ටීකාවක්
ලියන්නයි ,මේ හදන්නෙ .
අද වගේ සන්නිවේදන ක්රම නො තිබුණු
ඒ කාලයේ ,පුංචි සත්ය සිදුවීමක් මුල් කරගෙන
ආලවට්ටම් ගොඩක් දාල අදහගන්න බැරි
තරම් වගේ කතන්දර , පුරා වෘත්ත (legends)
ගොඩනගනවා .සමහරවිට කටින් කට ආරංචි
ගලාගෙන යනකොට ,මුලදී කියාපු අදහස
බොහෝ දුරට වෙනස් වෙලා යන්නෙ. ඒ ගැන
පුදුම වෙන්න දෙයක් නෑ .
පිය රජු සමග උරණ වූ ,ගැමුණු කුමරුට අවවාද
අනුශාසනා දී ..මලය රටේ , කොත්මලයට පලා
යන්නැයි පැවසුවේ විහාරමහා දේවිය බවයි
කියැවෙන්නේ ...
“ඉර දිගට පැල් විස්ස නම් පැවති ,කොත්මලේ
කන්ද උඩ කෝට්ටයට පලා යව...”යි කියූ බව ..
කියවා ඇත්තෙමි .කුමරු මාළිගයෙන් පලා එනවිට
හාල් මැස්සන් හා අලකොල බැදුමක් සමග බත්
ගෙඩියක් බැඳ දුන් බව ජනප්රවාදයේ එයි.කුමරු
ඔයක් අසල වාඩිවී බත් ගෙඩිය ලිහා , අනුභව
කිරීමට පෙර , “මට අනාගතයේ රජකම ලැබේ නම්
මේ හාල් මැස්සන් ට පණ ඒවි .” යැයි අදිටන් කර
හාල්මැස්සන් කීපයක් ඔයට දැමූ විට ..උන්ට පණ
ආ බවත් , හාල් මැහි කඳුර ලෙස අදටත් එම ඔය
කොත්මලේ දක්නට ඇති බවත් සොයා ගත්තෙමු .
පුරාවෘත්ත හා ජනප්රවාද සූදුරු ඇටයක් දැවටූ ,හූණු
බිත්තරයක් මෙනි .වටා ඇති පොත්ත විශාලය .පැණි
රසය .සූදුරු ඇටය ,ඉතා කුඩාය .
එකල ,රුහුණු ..පිහිටි ..මායා නමින් තුන්
හෙළය දැක්වූ අතර ,රුහුණේ අගනුවර මාගම විය.
මාගම සිට මායා රටට ප්රවිෂ්ටවීමට කොත්මලේ එක්
දොරටුවක් විය .එය ...දෙහදු කඩුල්ල ලෙස හැඳින්වූ
අතර ,එය නැරඹීමේ වාසනාව ලදුයෙමි . නිලූපා ත් ,
හීන් මැණිකේ හා මග පෙන්වූ සම්පත් ද සමග උලපනේ
පුස්සැල්ලාව පාරේ පිවිසුමින් ඇති අත්වැල නැග කඩදොර
හෙවත් දෙහදු කඩුල්ල නැරඹීමට ගියෙමු .මාගම සිට
කොත්මලේට ඇතුල්වීමට පිවිසුම් දොරටු හතරක් තිබී ඇත.
කඩදොර ,නියම් ගම් දොර ,වටදොර හා ගල් දොරයි.
එයින් අද දක්නට ලැබෙන්නේ දෙහදු කඩුල්ල නමින්
හැඳින්වෙන ,කඩ දොරයි. මහවැලි මහ සෑය පිවිසුම්
මාර්ගය භාවිතා කළහොත් ,ත්රී රෝද රියකින් එතැනට
ළඟා විය හැක.
ගල් කුට්ටි හා සක්ක ගල් විශාල ප්රමාණයක් භාවිතා කර
දෙපසින් තාප්පයක ස්වරුපයෙන් හා ,මුදුන උස් හැඩයක්
ගන්නා සේ නිමවා ඇති මෙය අපූර්ව නිර්මාණයකි .
මුල් කොටස ගුහාවක් හෝ බිම් ගෙයක ස්වරූපය ගනී.
ඇතැම්විට මෙහි දෙපස මුර සෙබළුන් පවා
සිටින්නට ඇතැයි මට සිතුණි. උස් වූ විශාල ගස් කොළන්
නිසා හිරු රැසින් වන පීඩා කිසිත් නො දැනේ .
ජනප්රවාදයේ දැක්වෙන අන්දමට ,මාගම සිට කොත්මලේට
සෙන්දුවූ ගැමුණු කුමරු ,සිය මඟුල් කඩුව සඟවා ඇත්තේ
මෙහි ය. පුරා විද්යා ඵලකයක් මගින් ද ඒ බව සඳහන් කර ඇත.
පියතුමා සමග අමනාපය කින්න
ගියේ කොත්මලා දෙස රහසින් කුමරු පැන
සිය කග සැඟවූ කල කඩදොර අයින
දෙහදු කඩුල්ලයි ,නම් පැනවූ සොඳින .
(ජන කවියක්)
තරුණ ජවය පිරී ඉතිරෙන වියේ වූ ගැමුණු කුමරු ගේ
පාද යාත්රා ව මොනතරම් කටකතා ජනප්රවාද හා පුරා
වෘත්තවලට වස්තු බීජයක් වේ දැයි ..එදා ඔහු සිතන්නට
නැත .
රෝ.සි.
2024 .03. 31

A day in the life

Tuesday, April 02, 2024

කොත්මලේ .


සුන්දර කොත්මලේ ......(පළමු ටීකාව.)
How I become oneness with the pastoral serenity of Koth male


















 





 

වසර කිහිපයක් තිස්සේ පැවති සිහිනයක් සැබෑ කරගනිමින් ,මලය රට සුන්දර කොත්මලේ ගම්මානය තුළ දින කිහිපයක් සංචාරය කිරීම ට අවස්ථාව උදාවූයේ ,මගේ යෙහෙළිය හීන් මැණිකේ කළ ඇරයුම නිසාවෙනි .
අපේ ඉතිහාසයේ ,ගැමුණු කුමරු ට සුවිශේෂී ස්ථානය ක් හිමිවේ. ඔහු කොත්මලේ සැඟවී සිටි කාලය තුළ ,තමා සම්බන්ධ ජනප්රවාද හා පුරාවෘත්ත රැසක් කොත්මලයට දායාද කර දීමට සමත් වී ඇත .
උදහස් වූ බැවින් පිය රජු හට බියෙනී
පැනගොස් මොණරගල හෙළ අසබඩ පැමිණී
එහි හිස් ඉඩම්වල සරුකෙත් කරවමිනී
විසු වෙස්වළා ගාමිණි කුමරිඳු තුටිනී.
.(........ජනකවියක්)
කොත්මලා අඩවිය පුරාම දිරාගිය හුණුගල් හා දිරාගිය උමං කුහර බහුල ය.
වටද්දර දෙසින් ගලන ජල ප්රමාණය ,කොත්මලා ඔය පහළ දක්නට නැත්තේද, ඔය මැද පිහිටි විශාල දිරාගිය හුණුගල් කුහර ඔස්සේ, ජලය පොළව තුළ ට ගලා යෑම යි .
කොත්මලා ඔය ,ප්රධාන ඔයවල් පහක් එක්වීමෙන් සෑදුන කි.එය සැතපුම් 43ක් දිග මහවැලි ගංගාවේ ප්රධාන අතු ගංගාවකි.
සොබාදහමේ අපූර්ව නිමැවුමක් වන කොත්මලේ .....වනාන්තර , කඳුපංති ,කපොලු,ගිරිදුර්ග හා ගංගා දියඇලි වලින් සුන්දර වී ඇත.
කොත්මලා ඔය ; නැගෙනහිරින් ....මහවැලි ගම, බෙරමාන,ව්ජයබාහුකන්ද,මෑතගම,මල්දෙණිය,කලපිටිය,හැදුණු වැව ,වෑ තලාව ,වටද්දර, නයින් කෙළිනා තොට,තිස්පනේ,හරංගල ගම්මාන පසු කරමින් ගලන්නීය. ඇයගේ බටහිර ඉවුර ; මඩ කුඹුර,හාල්පොල,වැවහේන,නියංගන්දොර (නියම්ගම්දොර),ගංකේවල,හෙල්බොඩ, මාවෙල, මාස්වෙල ,මොරපේ,රන්වන් තලාව ,කඩදොර,නුගවෙල සහ මාවතුර යන ගම්මාන වලින් පරිපූර්ණ වී ඇත . මේලෙසින් ගංදෑල වර්ණවත් කර ගනිමින් ,නැලවිල්ලේ ගලා ගිය නදී ලාලනිය අනතුරු ව කොත්මලේ වේල්ල ඇයට අභියෝග යක් වූ කල, දුක්මුසු ලීලා වෙන්..වැහැරුණු සිරුරෙන් ..සුසුම් ලමින්
ගමන් කර, උලපනේදී මහවැලි යේ උණුසුම ලබන්නීය.
තුරු ලතාවන්ගෙන් අලංකාර වූ නිල්වන් වන රේඛාව ,කොත්මලේ ජලාශය ට දිය උල්පත් සපයන තෝ තැන්න කි. සපු,වල්දෙල්, කීන ආදී
ශාක පත්ර බහුල ....අහසට හිස ඔසවා සිටින වනස්පතීන් , කොත්මලා මිටියාවත රැකගන්නා
හමුදාපතීහු වෙති .හීන් බෝවිටිය,දිය බෙරලිය,ගඳපාන පඳුරු ද...ඉලුක් ,මානා වැනි
තෘණ පඳුරු ද ...මග දෙපස වර්ණවත් කරවයි .
මගේ සිත ,වඩාත් පැහැරගැනීමට සමත්වූයේ සීතල දියකඳුරින් පිරි දර්ශනීය දියඇලි ය.
මේවා ගල්කුලු අතරින් ඇදහැලෙන විට ...නගන සිලි සිලිය වීණාවක මියුරු තත් හැඬවෙන්නාක් මෙන් යැයි ,මට හැඟේ.
ඇස්මානයේ හෙල්මළු රටාවට ගෙත්තම් කළ ,රන්වන් කරලින් ගැවසීගත් වෙල් යායවල් අතීත සෞභාග්යය පෙන්නුම් කරවන්නකි .
නෙතට රසඳුනකි...අභිමානනීය හැඟුම් දනවන්නකි .
කොත්මලේ සැඟවී සිටි කාලය තුළ ,දිය නෑමට සැකසූ මාවෙල පිහිල්ල සහ ඒ අසල වූ අම්බලම.....දුටු මතින් මට සිහිපත් වූයේ මේ ජනකවියයි.
නෑකල සිසිල හා සීතල සැප දෙවන
සීතල අනෝතත්විල ලෙස දිය ගලන
ඒ කළ ගැමුණු නරනිඳු හට පහළ වුණ
මාවෙල හොඳ පිහිල්ලක් මිතුර රණමුණ.
(ජනකවියකි).
මේ දිය පිහිල්ලේ සිසිලස දෝත පුරා විඳගැනීමට වාසනාව ලදුයෙමි.
රෝ.සි.
2024.03.28.

සේයාරුව ,ගැමුණු කුමරු සෑදූ පිහිල්ල හා අම්බලමයි. මෙය නැවත ප්‍රතිසංස්කරනය කර ඇති බවකි.
රෝ.සි කොත්්මලේ ඉදන් ලියපුු කතා පෙලක පලමු වන්න හෙට තවත් කතාවකින් ඉතිරි කොටස. 
නැවත පලකරන මීදුම වෙනුවෙන් උදහසට පත්නොවන ඇයට ස්තුතියි.






A day in the life

Monday, April 01, 2024

යල සහ මහ විද්වත් කථාවක් .




හෙට අපි අපේ ගොවිපොළේ මෙ,වසරේ දෙවන කන්නය සඳහා
වැඩ අරඹමු.
ඒ හෙට දින යෙදෙන සුබ නැකතකට ය.
අතීතයේ හෙළ ගොවියා වගා කළේ කන්න දෙකකට ය.
"යළ" සහ "මහ" යනුවෙනි.
ඔවුන් මෙසේ "කන්න බෙදා ගත්තේ" සූර්යයා සහ මහපොළව අතර
ගණුදෙනුවවේ ස්වභාවය පදනම් කොට ගෙන ය.
ලෝක ගෝලය කොටස් කර හඳුනාගැනීමේදී එහි මධ්යය ලක්ෂය ලෙස
හඳුනාගැනෙන "සමකය"හා ඊට ඉහළින් වන
"කර්කටක නිවර්තන රේඛාවත්
පහළින් වන "මකර නිවර්තනයත් අතර
හිරුගේ සංක්රමන කාල පරාසය මීට පදනම් කොට ගැනේ.
සමකයට අංශක 6 -2/1 ඉහළින් පිහිටි මෙරටට එය බලපවත්වන්නේ මෙසේ,ය.
කර්කටක නිවර්තනයේ සිය සූර්ය සංක්රමණයට
ගත වන කාලය "දින 69" කි.
එය "යළ කන්නය" යි.
එහිදී වගා කෙරෙනුයේ එම කාල පරාසය තුළ
දිවි ගමණ සපුරන "කෙටි මස්" වී ය.
උදාහරන ලෙස "සුවඳැල් වර්ග"ය..
ඒවායේ,ආයු,කාලය" දින 72 " කි.
"මහ කන්නයේ" සූර්ය සංක්රමනයට වැඩි දින ගණනනක් ගනී.
දින "115" කි.
එනිසා එම කන්නයේ වගා කෙරෙන්නේ "දික් මස් වී" ය.
මෙසේ යළ කන්නයේදී කාලය අඩු,බැවින් ගොයම් ගස පඳුරු නොදමයි.
එනිසා පැරණි,ගොවියා වී,ඇට ලඟ ලඟ වැටෙන පරිදි වැපිරෑ හ.
ඒ "බලු අඩියට" ඇට හැටක් පමණ වැටෙන පරිදි ය.
"බලු අඩිය "යනු "බල්ලෙකු කකුල්,මාරු කරන දුර"යි.
මහ කන්නයේදී "බලු,අඩියට,ඇට පහක් පමණ"වැටෙන පරිදි ය.
එවිට ගොයම ට "පඳුරු ලලා වැඩෙන්නට "ඉඩ ඇත.
මෙ,කරුණු මතු කර දැක්වූයේ මෙම විද්යාත්මක කාරණා
එදා "ගොවියා ඥාණනය කර තිබුණේ කෙළෙසක දැ?" යි
ප්රශ්ණයක් මතු වන බැවිනි.
මන්දයත් පෘථිවි,ගෝළය මත "සමක,නිවර්තන රේඛාඇන්ඳේ"
ඊට පසු කලෙක භූ විද්යාඥයන් විසින් වන බැවිනි.
නමුත්,එදා ගොවියාද එය ටක්කෙටම දැන සිටිය හ.
එනිසා මෙම"සම්ප්රදායික ඥාණයත්"
"විද්යාත්මක විග්රහය"නුත් දෙකම වැදගත් ය.
ඉතින්,අපේ,ගොවිපොළේ,අපිත්
"සම්ප්රදායික ඥාණය" වගේම
"නූතන තාක්ෂනයත්" උපයෝගී කර ගන්නෙමු

කමල් පී අලහකෝන් ගේ සටහනක්.

වගා වෑයම අගේ කල යුතුයි.

ඒ වගේම කමල් අත්දෑකීම් නොමසුරුව බෙදා දෙනවා.

ස්තුතියි කමල්.


A day in the life

Sunday, March 31, 2024

ලොකු බඩක් මහ කරදරයක්.



ලොකූ නෙරා ඇති බඩ  කවුරුත් කැමති නැහැ. එය හුදෙක් ලස්සන  නොවන අතර බොහෝ විට ඔබ සැබවින්ම කැමති දෙයක් ඇඳීමෙන් ඔබව වළක්වන එක් දෙයක් වනු ඇත. අපේ  රටේ සමහර   ප්රසිද්ධ පුද්ගලයින්   පවා ඇදුම රදවා ගත නොහැකිව  බඩ  නිසා විහිළුවටට ලක් කෙරේ.  ලොකු බඩ   ඔබේ විශ්වාසය කෙරෙහි ඍණාත්මක බලපෑමක් ඇති කළ හැකිය.

බඩේ මේදය අපිරිසිදු වීම නිසා , එය භයානක . අභ්යන්තර මේදය දියවැඩියාව සහ දැවිල්ල සඳහා වගකිව යුතු හෝමෝනයක් නිකුත් කරයි. එය හෘද රෝග, පිත්තාශයේ ගැටළු සහ පියයුරු පිළිකා පවා ඇති කළ හැකිය.

මෑත කාලවලදී, උදරයේ මේදය ඉවත් කිරීම සඳහා ඇතැම් පුද්ගලයින් පෙති සහ "ආශ්චර්යමත්" විසඳුම් සමඟ පැමිණ ඇති නමුත් අවංකව, ඒවා විශ්වාස නොකළ යුතුය. බඩේ මේදය ඉවත් කිරීමට පිළිතුර ව්යායාම සහ නිසි ආහාර වේලක් වේ. උදරයේ මේදය අඩු කර ගැනීමට ඔබට ගත හැකි ආහාර කිහිපයක් මෙන්න.

අවාසනාවකට, අපි මිනිසුන්ට අවශ් තරම් ජලය පානය නොකරයි. දිනකට වතුර වීදුරු අටක් පානය කරන ලෙස බොහෝ වෛද්යවරු අපට කියනු ඇති නමුත් ඉතා සුළු පිරිසක් එය අනුගමනය කරති.

 ජලයට හරියටම මිහිරි රසයක් නොමැති අතර සමහර විට එය ඔබ පානය කිරීමට කැමති එක් පානයක් නොවේ, එබැවින් අපි බොහෝ විට  වෙනුවට පැණිරස බීම ලබා ගනිමු. අපි තේ සහ කෝපි ගන්නේ සීනි හෝ වෙනත් රසකාරක සමඟ .

ඔබ බඩේ මේදය නැති කර ගැනීමට උත්සාහ කරන්නේ නම්,  වෙනුවට ජලය සඳහා යාමට ඔබ පුරුදු වන්නේ කෙසේද? සීනිවල ෆෲක්ටෝස් අඩංගු වන නිසා සීනිවලින් ඈත් වන්න, ඔබේ අක්මාවට බොහෝ දේ පරිවෘත්තීය කළ නොහැක. එහි ප්රතිඵලයක් ලෙස එය තරබාරු බවට පත් වී ඔබේ බඩේ තැන්පත් වේ.

මෙම කෘත්රිම රසකාරක  ඔබට නිතර තෘෂ්ණාව ඇති කරයි. එබැවින් ඔබේ තේ හෝ කෝපි සීනි නොමැතිව පානය කරන්න, මෙය ඇත්ත වශයෙන්ම ඔබේ පරිවෘත්තීය වැඩි කරයි.

පළතුරු සීනි අඩංගු වුවද, පැණිරස කැමති කෙනෙකුට එය වඩා හොඳ විකල්පයකි. ඇත්ත වශයෙන්ම, ඔබට මුලින් වැඩි වැඩියෙන් පලතුරු අනුභව කිරීමට ආශාවක් ඇති විය හැකි නමුත් කාලයත් සමඟ එය පහව යයි. පලතුරු සෞඛ් සම්පන්න වන්නේ එය එක් ප්රමාණයකින් පමණක් ලැබෙන බැවිනි. ඔබ එය හපන විට, ඔබේ මොළය ඔබට පූර්ණ බවක් දැනෙන හෝමෝන කිහිපයක් නිකුත් කරයි. පලතුරු වල තන්තු  අඩංගු වන අතර එය ඔබට දිගු කලක් පූර්ණ බවක් දැනේ. දොඩම්, ලෙමන්, ටැංජරීන්, කිවි සහ නැවුම් දෙහි වැනි පැඟිරි පලතුරු වැඩිපුර අනුභව කිරීමෙන් ඔබේ බඩ වටා ඇති මේදය දහනය කිරීමට උපකාරී වේ. ඇපල්, කොමඩු, මිදි සහ ස්ට්රෝබෙරි වැනි අනෙකුත් ඔබේ පරිවෘත්තීය Metabolism  වැඩි දියුණු කරයි.

 


A day in the life