Tuesday, July 25, 2023
ආචාර්ය ඊ.ඩබ්ලිව් . අදිකාරම් මැතිතුමා.
Friday, July 21, 2023
මේක මරු රටක්.
මන්ත්රියෙක්,
රාජ්‍ය ඇමතියෙක් , ඇමතියෙක් කියන චරිතවලට වටිනා කමක් තියෙන්න ඕනි.
ඒත් සමහරු වැඩ
කරන්නේ - වළං කඩේට පැන්න ගොන්නු වගේ. දන්නවනේ ගොනා කරන දේ.
පසුගිය දාක
පොස්පේට් එකට ගිය ඇමති නාගත්ත නා ගැනිල්ල හවසට වයින් ස්ටෝර්ස් එකක් ලගට ගියාම
නාගන්න හුදී ජනතාව ලගවත් නැහැ.
මේ මනුස්යා “
කචල් මේකර්“ කෙනෙක්ගේ චරිතය රගපෑවානේ
මරුවට.
මට පුදුම අපේ
පාර්ලිමේන්තුව ගැන. ව්‍යවස්ථාදායකය කියන වචනයෙන්ම කියන්නේ නීති අන පනත් දෙන තැන
කියලා. දෙන්න හදන්න එපාය. හදන එකට හුදීජනතාවගෙන් නියෝජිතයෝ පත් කරලා යවලා තියෙනවා. මේ වැඩේට විවිධ වෘත්තිකයො පත්
කරල ඉන්නවා කියලයි කියන්නේ. ඔය නීතිඥයෝ, විවිධ විෂයයන් හදාරපු ආචාර්ය මහාචාර්ය වරු
ව්‍යාපාරිකයෝ ............ව්‍යාපාරිකයෝ කිව්වම විවිධ ක්ෂෙත්රවල ව්‍යාපාරිකයේ
ඉන්නවා. හොරට මත්පැන් පෙරන , මත්ද්‍රව්‍ය බෙදාහරින , කුලියට මිණීමරන ඒ ගොල්ලත්
දැන් කාලේ හදුන්වන්නේ ව්‍යාපාරිකයෝ කියලනේ.
ඉතින් මේ
ගොල්ලා තමයි අණ පනත් හදලා වාද විවාද කරලා ඡන්දේ දීලා වැඩි ඡන්දෙන් සම්මත කරලා
ගැසට් කරලා නීතිගත කරන්නේ. මේ නිෂ්පාදනය කරන
පැක්ටරියට කියන්නේ පාර්ලිමේන්තුව කියලා.
මේ
පැක්ටරියෙන් ක්ෂෙත්රචාරකාවකට ගිය රාජ්‍ය ඇමතියෙක් ගේ කතා වස්තුවක් තමයි මේ
වීඩියෝ එකේ තියෙන්නේ ගිහින් බලන්නකෝ.
https://youtu.be/UDxf6ybOuUQ
වළං කඩේට ගිය
ගොනා මොකද කරන්නේ කියලා.
Monday, July 17, 2023
( අ) සමබර මාධ්‍ය.
දකුනේදී මාලිමාවක්
වුයේ නම් අලි, පොහෝට්ටු ටෙලිපෝනයෙන් පහර කෑමටත් ,
අලියෙක් වුවොත් මාලිමාවෙන්
, ටෙලිපෝනයෙන් පහරකෑමටත්,
පොහොට්ටුවක් වුනොත් මාලිමාවෙන්
සහ ටෙලිපෝනයේ ප්රහාරයටත් ,
ටෙලිපෝනයක් වුනොත් මාලිමාවේත්
පොහොට්ටුවේත් අලින්ගෙන් පහරකෑමටත්
කාටවත් නැති එකාට හතර
වටින්ම ප්‍රාහාර එල්ලවීමත් මේ දවසේ දේශපාලන ක්‍රියාකාරකම වී තිබේ.
ඔය කාගෙවත් එළියෙන් බැබලෙන්න
අදහස් නොකරන එකාට හැමෝම පෙනෙන්නේ එකම මල්ලේ ගොරකා ලෙසයි.
උතුරේදී ද ජනතාවත් මේ
අර්බූදයට මුහුණ දෙති. අර මම මුලින් කී ලකුණු පමනක් වෙනස් වී ඇත.
හැම එකාම බලයට මහත්
පොරයක යෙදී සිටිති.
මිත්‍යාව වපුරන්නේය.
බිය ඇති කරන්නේය.ගොඩ වැඩි කරගන්න ඕනෑම අළුගුත්තේරු වැඩක් කතාවක් කීමට පසුබට වන්නේ
නැත.
මේ දිනවල ඇමතියා
තනතුරෙන් යන තුරු රෝහල් වල රෝගීන්
මියයන්නේය. ඇමතියා ගිය පසු මේ අර්බුදය නිමවන්නේ ද?. ඖෂධ යනු හොද ජාවාරමකි.
කුඩු මත්ද්‍රව්‍ය වලට වඩා නීත්‍යානුකූල අලවියක් ඇති ඖෂධ පහලම මට්ටමේ වෛද්‍යවරයාගේ
සිට ඇමතියා දක්වා කොමිස් ආදායම් ලබන ව්‍යාපාරයකි.
විදේශීය ඖෂධ
නිෂ්පාදකයන් සහ ආනයනකරුවන් මෙහෙවන මාෆියාවකි.
සේනක බිබිලේ මැතිතුමන් ජීවිතයෙන් වන්දි ගෙවන ලද්දේ මේ විදේශීය ඖෂධ නිෂ්පාදකයන් සහ
ආනයනකරුවන්ට අලාබදායිවු ඖෂධ ප්‍රතිපත්තියක් බිහිකළ බැවිනි.
ඇමතියාගේ පටන් සියළු
දෙනා ජාවරම් කරුවෝය. සියළු ආනායනකරුවන් සමසේ ජාවාරමට සහභාගීවී නම් රෝගීන් රෝහල්වල
හදිසියේ මිය යන්නේ නැත.
සියල්ලෝම බෙදා ගෙන
කන්නේය.
රෝගියා අසරනව මිය
යන්නේය. මෙවන් ප්‍රසිද්ධියක් නොලැබෙන්නේය.
මෙයත් එවැනි මාධ්‍ය අසාධාරණයක් පිළිබදවු ප්රවෘත්තියකි
අසාධාරණය සිදුවුයේ විපක්ෂනායකවරයාටයි. අපට නොවේ.
දළදා පෙරහැර පවත්වන
කාලවකවානුවේ වැය වන විදුලියට විදුලි බල
මණ්ඩලය විසින් දියවඩන නිළමේට ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර එහි වටිනාකම තැන්පත් කරන
ලෙස ඉල්ලා ඇත.
විපක්ෂ නායකයාට අනුව
මෙය ජඩ නින්දිත ක්‍රියාවකි. බෞද්ධ ජනතාවට කරන ලද නිග්රහයකි
විදුලි බල මණ්ඩලය
පවසන්නේ හැම වර්ෂයේම මෙසේ ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරන බවයි.
දියවඩන නිළමේ පවසන්නේ බිල්පත අනුව පෙරහැර අවසන්වු පසු සෑම වර්ෂයකම විදුලි බල
මණ්ඩලයට මුල් ගෙවා ඇති බවයි.මෙවර ඇස්තමේන්තුවක් එවමින් විදුලි බල මණ්ඩලය මුලින් මුදල්
තැන්පත් කරන මෙන් ඉල්ලා ඇති බැවින් පෙරහැරට පෙර මුදල් ගෙවන බවයි.
දළදා මාලිගාව
පොහොසත්ය. විදුලි බල මණ්ඩලය දුප්පත්වි ඇත.
එකම ප්රවෘත්ති
විකාශණයේ මේ ප්රවෘත්ති තුනම විකාශණය වු විට විපක්ෂනායක තුමාගේ ප්‍රකාශයේ හුලං
බැස ගොසිනි.
විචාරශීලි ජනතාව
දේශපාලන කතාබහ තක්සේරු කරමින් සිටී. අතීතය අමතක නොකර වර්ථමානය ගලපයි.එහෙයින් බලයට
බලා සිටින කොයි කවුරුවත් කෙටි මං නොසොයා යායුතුවේ.
Sunday, July 16, 2023
මා වෙනුවෙන් පමණක්ම නොවෙයි .
Friday, July 14, 2023
උදාසීන රජුන් හිංසාකාරී රජුන්ට වඩා අගෙයි.
එදිනෙදා අහල බලන දේවල් සමග සිහිවන එක් දෙයක් නම් ඊසොප් ගේ කතාන්දර අදටත් ගැලපෙන්නේ නොවේදැයි යන්නය. ඊසෝප්ගේ කතා උපහාසයෙන් සහ උපහැරනයෙන් යුක්ත විය. මින් අවුරුදු දෙදහස් පන්සියකටත් ,ක්‍රිස්තු පූර්ව හයසියයේ පමන ඉහත ඉතිහාසයේ ග්‍රීසියේ ඊසොප් වාසය කලේය.
මේ කතා ඊසොප්
සොයා ගිය චාරිකාවකදී හමුවු අපට ගැලපෙන කතා
විය හැක. ඒ චාරිකාව අතර ඔහු ගැනත් කතාවලදී
හමුවන පාත්‍රවර්ගයා,ගැනත් යම් යම් සටහන්
එකතුකරන බව සටහන් කරමි.
අද කතාවේදී
හමුවන එක් චරිතයකි සියුස්.
ඔහු ග්‍රීසියේ ඔලිපස්කන්දේ
වාසය කලේය. සෑම ප්‍රධාන ග්‍රීක දෙවිවරුන්ගේ පියා සහ රජතුමා වුයේ සියුස්ය . ඔහු සියළු මනුෂ්‍යයන්ගේත් සත්වයින්ගේත් මැවුම්කාරයා විය.
සිංහල වහරේදී සියුස් යන්නෙන් අදහස් වන්නේ අහසය . සියුස් සියල්ලේම මැවුම් කාරයා හෙයින් කළ කී ක්‍රියාකාරකම්
අනන්තය. අප්රමානය. වලාකුලූ රැස් කර වැස්ස මැවුවේත් සියුස්ය. ඔහුගේ අවියවුයේ හෙන
පහරය.
සියුස් ගේ පෞද්ගලික ජීවිතය ගැනත් කතා බොහෝය. ඔහු හංසයෙකු,ගවයෙකු හෝ වෙනත් විලාශ
මවා ගෙන මිනිස් ලොවට පැමිණ අන් ස්ත්‍රීන් ඇසුරු කල කතා පුවත් ඇත.
එබදු එක් කතාවක ඔහුගේ අනියම් බිරිද වුයේ ‘අල්ක්මිනා “ නම් කතක්ය .සියුස්ට දාව ඇයට හෙරැලීස් ( හර්ක්‍යුලස් HERCULES ) උපන් බවට විශ්වාශයක් ග්‍රීකයන් අතර පවතින්නේය. ජනප්රවාදයේ
සියුස්ගේ බිරිද වු “ හේරා“ මෙම අනාචාරයට වෛර කලේය. ඒ නිසාවෙන්දෝ ඈ
හර්කියුලස්ටත් වෛර කලේය.
මැව්ම්කාරයා වු
සියුස් හමුවන්න නිතර නිතර මිනිසුන් සහ සතුන් ගොස් තම අඩු ලුහුඩුකම් පිලිබදව
පැමිණිලි කලේය.උදව් උපකාර ලබාගත්තේය.
එසේ පිට පතා ගිය
මැඩි දූත කන්ඩායමක අවබෝධතා ගිවිසුමක් හා
ව්‍යාපෘතියක් පිලිබද වාර්තාවක් අද කතාවට පාදක වන්නේය.
එක් විලක ජීවත්වු මැඩි රැළකට තම ගහනය වැඩි
වන විට පාලන අර්බුධ ඇතිවන්නට විය . නිසි පාලකයෙක් නොවු බැවින් මේ තත්වය
දිනෙන් දින වර්ධණය වී නිතර නිතර කණ්ඩායම තුල අරගල ඇතිවන්නටත් සටන් ඇතිවීමත් සිදුවිය.
මෙම තත්වය පාලනය
කරගැණිමට නොහැකිවු විට සියල්ලෝ එකතුවී සාකච්ඡා කර මෙයට උපක්‍රම සෙවීය. තමන්ට පාලනය කිරීමට රජෙකු සිටියහොත් මේ තත්වය
පාලනය කර ගත හැකි බව අවසානයේදී ඔවුන්ට අවබෝධ විය.
මැඩියෝ සාකචඡා පවත්වා තීරණයකට එළඹ තමන්ට රජෙකු ලබා දෙන ලෙස ඉල්ලා සියුස් ***
දෙවියන් වෙත දූත කණ්ඩායමක් යවීය.
මේකටත් මා ලගට එන්න තරම් මුන් කොතරම් මෝඩදැයි සිතු
සියුස් දූතයා හට “මම මේකට විසදුමක් දෙන්නම් “ කියා ආපසු හරවා එවීය.මැඩියෝ බලාපොරොත්තු සහිතව ටික
දිනක් බලා සිටියේය. එක් දිනක පාන්දර විලෙන් විශාල ශබ්දයක් ඇතිවිය. මැඩියෝ බියපත්ව
විල් පත්ලේ සැගවී වෙන්නේ මොකක්දැයි විමිලිමත්ව සිටියේය. ටික වෙලාවක් මෙසේ සැගවී සිටින
විට කැළඹුන විල් දිය ක්‍රමයෙන් නිසල විය.
එකා දෙන්නා දිය මතට පැමිණ විපරම් කරන විට පාවෙමින් තිබෙන දර කොටයක්
දුටුවේය.
විශාල ශබ්දයත් සමග විල් පතුලට ගිය මැඩියන්ට දුත ගමන් ගිය
මැඩි කණ්ඩායමේ ප්රධාණියා , මේ සියුස් පත්
කල රජා යයි මැඩියන්ට හදුන්වා දුන්නේය. එදා
සිට දර කොටය මැඩියන්ගේ රජතුමා බවට
පත්වුනේය.
අළුත් රජතුමා පැමිණි පසු මැඩිරැළ සන්සුන් විය. විවිධ ක්‍රියාකාරකම්
කරමින් ජීවත්වු නිසා විලේ පරිසරයද නැවුම් විය.නිසලවු කොටය පාවෙමින් ඔහේ තිබුන
අයුරු නිරීක්ෂණය කල විප්ලවකාරී තරුන මැඩියෝ එකා දෙන්නා කොටය මතට ගොඩ නැගුනේය.කොටය
නිසොල්මනේ පාවෙමින් තිබුනා හැර මැඩියන්ට ප්‍රතිචාර නොදැක්වීය. කලක් යන විට මේ නිහඩ
ප්‍රතිචාරය නිසා කොටයට තිබු බිය සැලකීම විශ්වාශය මැඩියන්ගෙන් තුරන් වී ගියේය
විල තුල තරුන මැඩියන් යලිත් අරගල විප්ලව කරන්නට පටන් ගත්තේය.
මේ නිසා විල යලිත් කැළඹුනේය. කළකිරීමටත් පත් මැඩියෝ මෙබදු රජෙකු තම වරිගයට නින්දාවක් යයි
සිතුවේය. ඔවුන් යලිත් සියුස් වෙත යාමට තීරණය කලේය.
මැඩියෝ නැවතත් සියුස් වෙත ගොස් වෙන රජෙකු පත් කර එවන
මෙන් අයද සිටියාය. මින් උදහසට පත්වු සියුස් හොද වැඩක් කරන්නෙමියි අදිටන් කර නාගයෙකු රජු ලෙස
පත් කර විල වෙත එවුවාය.
නාගයා තනතුරට පත්ව ආපසු යලිත් විල සන්සුන් විය. එහෙත්
විලේ සිටි මැඩියන් එකා දෙන්නා අතුරුදහන් වන්නට පටන් ගත්තේය. මැඩියන්ට කරුණු කාරනා
වැටහෙන විට පමා වුනා හොදටම වැඩි වී තිබුනේය.
අවසානයේ නාගයා පමණක් විලේ රජ කරමින් සිටින අතර සියළු මැඩියන් අතුරුදහන්ව තිබුනේය.
ඊෂොප් , “උදාසීන එහෙත් අහිංසක රජුන් සිටීම හිංසාකාරි
දුෂ්ඨ පාලකයන් සිටිමට වඩා හොදයයි “ .....පවසමින් අදට සමු දුන්නේය.
Wednesday, July 12, 2023
පින් අණුමෝදනාවක්.
Monday, July 10, 2023
ණයචක්ක පවත්තන සූත්තරය
Saturday, July 08, 2023
පැවිද්ද.
හාමුදුරුවරුන් පිලිබදව ලියවෙන පලවෙන දේවල් සුබදායක නොවන කටුක පුවත් වලින් යුක්තය.
මේවා බෞද්ධාගමිකයන්ගේ සිත් පාරන සුළුය.
දායකයින් ප්‍රතිචාර දක්වන්නේද පෙර මෙන් නිහඩව නොව ඉතාමත්
ප්‍රචණ්ඩකාරීවය. බොහෝ විට උඩ බලා ගෙන කෙළ ගැසුවිට තම මුහුණට නොවැටෙන්නාක් මෙන්
සිතාය.
සිදුහත් චරිතය කියවන විට අපට සිදුහත් බෞද්ධත්වය ලබා ගන්නා තෙක් සසර සම්පත් අවබෝධයෙන් බැහැර කරමින්
ගමන් කල අන්දම විවරණය වන්නේය. උන්වහන්සේ අඅවබෝධයෙන් ලෞකික සැප සම්පත් අත්හැරියේය. වර්තමාන
සඝ පරපුර ඇතිවන්නේ එවැනි අල්පමාත්‍ර අවබෝධයක් දරා ගෙන නොව කිසියම් රැකියාවකට
කෙනෙකු බදවා ගන්නා ආකාරයෙන් ය.
කුඩා කල මහණ කර ගන්නා පුංචි දරුවන් කෙමෙන් පන්සල තුල
මුහුකුරා යන විට, සමහරුන් උපැවදිව ගිහි ගෙය ආක්‍රමණය කරන්නේය. තවත් සමහරුන් පන්සල
තුල රැදෙන්නේය. ඔවුන් තම ජීවිත කාලය ගෙවන වයස් කාණ්ඩ තුල හැසිරෙන ආකාරය අප
බලාපොරොත්තුවන භික්ෂුත්වයට නොගැලපෙන බව දක්නට ඇත. එය මම දකින්නේ අවබෝධයකින් තොරව
පැවදිවන්නන් තම ජීවිතය සංඝ චරියාවත් සමග කරන චිත්ත අරගලයක් ලෙසය ක්‍රමයෙන් පැසුණු
වයස තෙක් පැවදි දිවියේ සිටිය හොත් වස්තු තන්හාව බැහැර කල පැවිද්දන් තුල ගිහි අප
බලාපොරොත්තුවන ස්වාමීන් වහන්සේලා වැඩ හිටින්නේය.
එදා ගමේ පන්සලේ හාමුදුරුවෝ ගමේ උපදේශකයා විය. ආදර්ශමත් චරිතයක් විය. දායකයන් ගෙන් යැපුණු උන්වහන්සේලා දායකයින්ටද කිසියම් බැදීමකින් යුතුවිය. කලාතුරකින් නින්දගම් රකින පවුල් රකින නායක උන්නාන්සේලාද මේ අතර ඉද හිට හමුවිය. ඒත් උන්නාන්සේලාත් අනාගත් ස්වරූපයෙන් නොව වැදගත් ස්වරුපයෙන් ගිහි සම්පත් විදිමින් සමාජයේද ඉහලින් වැජඹුනේය. පසුකාලිනව උසස් අධ්‍යාපනය සදහා විශ්ව විද්‍යාල වලට ගිහියන් සමග යොමු වීමත් ,රජයේ රැකියා ලාභීන්වීමත්, නිසා ඔවුන්ගේ ආර්ථිකව ස්වාධීන විය.දායකයින්ට තිබු බැදීම අඩුවිය.
අද දේශපාලනය , ව්‍යාපාර,මුදල් අරමුණුකරගෙන කරනු ලබන
නොයෙක් ක්‍රියාකාරකම් වල යෙදෙමින් ලෞකික
ජීවිතේ සැප සම්පත්වල ගිලෙමින් බුදුහාමුදුරුවන් ගේ ධර්මය දේශනා කරන්න උත්සහාකරන
උන්වහන්සේලා පිලිබද ඇති ගෞරුත්වය බින්දුව කරා දක්කාගෙන යන්නේ උන්වන්සේලාමය.
මට නම් දැනෙන්නේ දුකක් සහ වේදනාවක්ය
Tuesday, June 20, 2023
කිරිකෝඩු
Saturday, June 17, 2023
යුරියා
මුණු පොතේ මිතුරාණන් කෙනෙක් වු
කමල් පී අලහකෝන් සොහොයුරානන් මහත්වු සත්කාරයයක් ආරම්භ කරන ලද්දේ මීට මාස කිහිපයකට
පෙරය .රටටම ආදර්ශයක්වු පුරන් වුකෙත් යායක් නැවත අස්වැද්දීම ඔහුගේ ව්‍යායාමය විය.
දැන් එතුමානන් සිරියාවෙන් පිරි
කෙත් යායක පින්තූර පල කරන්නේය. බොහෝ දිනවල
පල කරන ව්‍යාපෘති ප්‍රගතිය තවත් අයට ආදර්ශයට මනාය.
මේ අතරවාරයේ පලකර තිබු ප්‍රගති වාර්තාවක මගේ සිත් ගත් බැවින්
උපුටා සංරක්ෂණය කර ගතිමි .එය මෙසේය.
“................ඊයේ "කෘපනිස තුමා" ගොවිපොළට ආයේ ය.
(කෘෂිකර්ම පර්යේෂන සහකාර නිළධාරී)
"මහත්තයා ගොවි පොළේ ගොවි මහත්තුරුන්ට
වුවමනා යූරියා දෙන්ට
ලැයිස්තුවක් වුවමනයි"
ඔහු කීය.
"අපිට යූරියා එපා!" මම කීමි.
කෘපනිසගේ ඇස් උඩ ගියේය.ය
"අපි වවන්නේ ස්වභාවික ක්‍රමයට.
ස්වභාව ධර්මය අපිට යූරියා දෙන තරම ඇති."
"යූරියා යනු නයිට්රජන් අම්ලය අඩංගු කෘතිම පොහොරකි.
නයිට්රජන් වලින් තොරව පොළව මත ජීවයක් පැවතිය
නොහැක.
ප්‍රෝටීන සහ ඇමයිනෝඅමිල වලින් සියයට 18 ක් පමණ නයිට්රජන් ය.
මේ අත්‍යාවශ්‍යය රසායනික මූලද්‍රව්‍යය ප්‍රධාන කොට
පෘථිව් ගෝලයේ විසිරි පවතීන්නේ වායු ගෝලය තුළ ය.
ඒ සියයට 78 ක් වායු ගෝලය තුළත්,.
සියයට 0.4 ක් පොලොව තුළත්
අවශේෂය ජෛව ගෝලය තුළත් ය.
වායු ගෝලයෙන් නයිට්රජන් උකහා ගත හැකි ශාක සහ
බැක්ටීරියාවන් කිහිප දෙනෙකුට පමණය.
අනෙකුත්,ජීවින් එය ලබා ගනුයේ පසෙනි.
වායු ගෝලය තුළ නයිට්රජන්
නිපදවෙන්නේ අකුණු කෙටීම් මඟිනි.
නැතහොත් හෙන සමඟිනි.
අප නොදුටුවත් අපට නෑසුනත් වායු ගෝලය තුළ
අකුණු කෙටීම් දිනකට තුන් දහසක් පමණ සිදුවේ.
මේවා මඟින් වායුගෝලීය සංයුතිය වෙනස් වේ.
වාතය විද්‍යුත්,ආරෝපනයකට
ලක් කෙරේ.
එමඟින් රසායනික සංයෝග ගණනාවක් උපදී.
නයිට්රජන් ඔක්සයිඩ් එකකි.
එය වැසි ජලය සමඟ මිශ්‍ර වී,පොළවට පතිත වේ.
වර්ෂයකට වර්ග කිලෝ මීටරයකට මෙසේ නයිට්රජන් ටොන් 1.5 ක්
පතිත වන බව කියති.
ඒ නයිට්රජන් ප්‍රමාණය
හොඳටෝම ඇත.
ආණ්ඩුව නොහොත් බහු,ජාතික සමාගම් දෙන නයිට්රජන් අපට වුවමනා නැත.
අතීතයේ අපේ ගොවීහු මෙම රහස දැන සිටියහ.
ඔවුන් කල් යල් බලා ගොවිතැන් කළේ එනිසා ය.
බක් මහ අකුණු අපට නයිට්රජන් දෙන ප්‍රධාන
ආකාරයයි.
"හෙණ ගහපන් ගණන් බලාපන්" කීවේ
එහෙයිනි.
හෙණ ගහන තරම බලා ගොවිතැනේ යෙදීමයි.
කෘතිම නයිට්රජන් පොළවට ලබා දීම ඇරඹුනේ 1956 දී ය.
එම වසරේ මහ පොළවට කෘතිම නයිට්රජන් ටොන්
මිලියන 3.5 ක් ද,
1974 වසරේ ටොන් මිලියන 40ක්ද,
එකතු කරන ලදී.
දැන් පුමාණය ඒ අනුව සිතාගත හැක.
මෙලෙස කෘතිමව පොළවට එකතු කිරීම මඟින් සිදුවන හානි
ඉන් ලබන වාසි වලට වඩා වැඩි ය.
පසෙහි වසන ජීවින් හට මෙන්ම මනුෂ්යයනටද එය
අහිතකර ය.
එනිසා අපි යූරියා නොඉල්ලමු.
හෙණ ඉල්ලමු.
ඒ,එමඟින් අපට නයිට්රජන් දෙන නිසා ය.
කෘතිම නයිටුජන් යොදා මහ පොළව විනාශ කළ එවුන්ට
ඒ"හෙණ "ම වදී වා කියා පතමු.