ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ඒවාට ස්වාධීන පැවත්මක් නොමැත. සිතිවිලි සහ ආවේග වලට තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . ඒවායින් මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

සුබ අළුත් අවුරුද්දක් වේවා !.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2019-04-20

බෙලිහුල්ඔය නිවාඩුව ගැන සිතන්න.

නිවාඩුවක් ගත කරන්න බෙලිහුල්ඔය තෝරා ගන්නේ ස්වභාව ධර්මය දායාද කල පරිසරය දේශගුනය හේතුවක් කරගන්නා නිසා කියලා මම හිතනවා. මේ නවාතැනේ සිට ඊට වඩා එහාට ගිය දැනීම් සම්භාරයක් එක් රැස් කරගන්න පුළුවන් උනත් ඒ ගැන සංචාරකයන්ට අවබෝධයක් සහ දැනුම්වත් වීමක් නැහැ.
මට හමුවන බොහෝ දෙනා බෙලිහුල්ඔයෙන් දිය නා හවස් වන තෙක් කා බී පසුදා බෙලිහුල්ඔයෙන් නික්ම යන්නන්. එයත් සතුටක් යයි සිතන්නන්.
සබරගමුව පලාත් සභාව විසින් බෙලිහුල්ඔය සංචාරක කලාපයක් ලෙස නම් කරමින් ආයෝජනයන් කිහිපයක් කර තිබෙනවා. ඒත් ඒවා ගොඩනැගිලි පමනක් වෙලා.සංචාරකයින් දැනුම්වත් කිරීමේ වැඩ පිලිවෙලක් ඇත්තේම නැහැ. මෙය විශාල අඩුපාඩුවක්.


පෙරවදන ඉදිරියේ පලකරන වියමන් පෙලට අදාල නොවුනත් කා බී මත්ව ගෙවන දවස පලවත් දවසක් බවට පත්කරගන්න මග පෙන්වීමක් වෙයි කියලා මම හිතනවා.


බෙලිහුල්ඔය සංචාරක කලාපයක් කොට සලකන්නේ නම් මෑත ඉතිහාසයේ වළගම්බා , මායාදුන්න රාජ්‍ය යුගයන් , ඉංග්‍රීසි පාලන කාලයේ නටබුන් සහ සංස්කෘතිම වටිනාකම් අධ්‍යයන කිරීමට ඉතිරි කරමින් ඇති ස්ථාන බොහෝමයක් තිබෙනවා. බලංගොඩ ආදී මානවයා ගැවසුන ප්‍රදේශ හරහා අපට අතීත වටිනාකම් රැසක් හදුනාගන්න පුළුවන් වේවි.


අද කතාබහට තෝරා ගන්නේ සම්ප්‍රදායික ඇදහිලි පිලිබද කේන්ද්‍රස්ථාන කිහිපයක් ගැන. අළුත්නුවර කතරගම දේවාලය , බොල්තුබේ සමන් දේවාලය , ගලගම පත්තිනි දේවාලය, කුඹල්මුල්ල පත්තිනි දේවාලය යන සතර දේවාල ගැන බෙලිහුල්ඔයට ආ ගිය ඔබේ අවධානය කිසිදා යොමු වි ඇතිද ? .
අළුත්නුවර දේවාලය ඇසුරු කර මා මිත්‍රයෙක් වන එම්.පී.ජී.ගුණසිංහයන් ලියන sugv.wordpress.com බ්ලොග් අඩවිට පිවිසෙන්න.ඔබට දේව ඇදහිලි ආශ්‍රිත කරුණු කාරනා බොහොමයක් හමුවේවී.


https://www.facebook.com/search/top/?q=%E0%B6%87%E0%B6%B8%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%20%E0%B7%80%E0%B6%BD%E0%B7%80%E0%B7%8A%E0%B7%80&epa
මේ පේස් බුක් ගිනුමත් ඔබට තොරතුරු සපයාවි.
























notes of imaginary

2019-04-14

සිහිනයක්වු රැයක්.

යන්න මේ අඩවියට.
http://www.rupavahini.lk/index.php?option=com_content&view=article&id=22676:2019-03-17&catid=168&Itemid=529

පරාක්‍රම කොඩිතුවක්කු.


දේශපාලන මාරුවක් නිසා අති දුෂ්කර පුංචි පාසලකට එන ගුරුතුමෙක්. ඔහු මාරැව උපේක්‍ෂාවෙන් බාර ගෙන දුෂ්කරක් ක්‍රියා කරන්නට පටන් ගන්නවා. ප්‍රධාන පාරේ සිට හැතැම්ම පහක් විතර කන්ද නගින ඔහු තට්ටය දහඩියෙන් පුරෝගන පාසලට එනවා. ආයෙත් පාසල අවසන්ව පල්ලන් බහිනවා ඒ හැතැම්ම පහ.දාඩිය පෙරා ගෙනම. ඒත් තට්ටය වසා ගත් කැප් තොප්පිය ගැලවෙන්නේ නෑ. මේ පාසලේ එකල ඔහුත් අනෙක් ගුරුමණ්ඩලයත් එකතුව සිසුන් විසි පහක් ඉන්න ඇති.
මතකය නිවරදි වන්නේ නම් ධාර්මිෂ්ඨ පාලන සමයේ තමයි මේ සිද්ධිය වෙන්නේ.

මේ ඔල මොට්ටල වැඩේට දායක වුන ඇත්තෝ බුද්ධිය සිරගත කලේ ඒ විදියටයි.
ධාර්මිෂ්ඨ පාලනයේ වැරද්දම නෙමෙයි ඔල මොට්ටල ප්‍රාදේශීය මොට්ටයන්ගේ බුද්ධියේ මහිමය.
මේ සොදුරු ගුරුතුමන් මට හමුවන්නේ එවකට අප ඇසුරු කල එරත්න පදිංචි කෘෂිකර්ම උපදේශක සෙනවිරත්න යන්ගේ මැදිහත් වීමෙන්.
දැන් අපි ඔක්කොම හැත්තෑවේ දශකයේ මුණුපුරන් දකින සීයලා.....

ඔහුගේ හඩට සවන් දෙන්න. එදා හඩමයි...........තවමත්.



notes of imaginary

2019-04-08

බෙලිහුල්ඔය - සටහනක් .


හාගල කන්ද මුදුනේ සිට 

බෙලිහුල්ඔය දේශීය සංචාරකයන්ගේ නවාතැනක් . කොළඹ සිට පැය හතරක් - පහක් ගමනට ගත කරන විට බෙලිහුල්ඔයට ලගා වෙන්න පුළුවන්.පුද්ගලික වාහනයක නම් මීට වඩා අඩු කාලයක් ගන්නවා.
බෙලිහුල්ඔය කොළඹ - බදුල්ල මාර්ගයේ ( ඒ 4 ) කොළඹ සිට කිමී 167ක දුරින් පිහිටනවා.පානදුරේ සිට බදුල්ල දක්වා මාර්ග අංක 64,කොළඹ සිට බදුල්ල දක්වා මාර්ග අංක 99, රත්නපුර සහ බලන්ගොඩ සිට පඹහින්න දක්වා මාර්ග අංක 439 බස් රථ බෙලිහුල්ඔය පසුකරනවා.


කාලගුණය
සෙල්සියස් අංශක 230-280 අතර වෙනස් වෙන පරිසර උෂ්නත්‍වය ක් පවතිනවා.
වැහි කාලගුණය සැප්තැම්බර් - ජනවාරි
මාර්තු- මැයි
වියලි කාලගුණය ජනවාරි 15 - මාර්තු අග දක්වා
ජුනි සිට සැප්තැම්බර් දක්වා


බෙලිහුල්ඔයට එන ඔබට හමුවන සුන්දරවු ස්ථාන


බෙලිහුල්ඔය - ඔයට
හිරිකටුඔයට දුර
සමනල වැව දුර
ඹමරකන්ද ඇල්ල
පහන්තුඩා ඇල්ල
දුවිලි ඇල්ල - තන්ජන්තැන්න
සුරතලී ඇල්ල
දියවිනි ඇල්ල - දියවින්න
ගැරඩි ඇල්ල - මස්වැන්න
වලවේ ගගේ අලිකට - යහලවෙල
ලංකා ඇල්ල
බේකර්ස් බෙන්ඩ්
රන්මුදු ඇල්ල
ගලගම ඇල්ල (කැතිගාන ඇල්ල )




‍ඓතිහාසික වැදගත්කමක් ඇති ස්ථාන.
දියවින්න ( නයිගල )
කරගස්තලාව රජ මහා විහාරය
තුඹතැන්න පන්සල
කූරගල
බුදුගල රජ මහා විහාරය
හදගිරිය -බෙල්ලන්බැදි පෑලැස්ස
-බලංගොඩ මානවයා වාසය කල ප්‍රදේශ
ශාන්ත මුණිදුන්ගේ දේවස්ථානය
ශ්‍රී සුදර්ශන මහා විහාරය
භාවනා මධ්‍යස්ථානය
කල්තොට පුරා විද්‍යා භුමිය
ගල්ටැම්යාය පුරාන භුමිය -තන්ජන්තැන්න
දියවින්න දේවගිරි රජමහා විහාරය - දියවින්න
බෙලිගල රජ මහා විහාරය පල්ලෙකන්ද
මහවලතැන්න වලව්ව - මහවලතැන්න
වෙහෙරගල - මැදබැද්ද
ශෛලතලාරාමය - බලන්ගොඩ
කොට්ටිමුල්වල රජ මහා විහාරය
හල්දුම්මුල්ල පෘතුගීසි බලකොටුව


බෙලිහුල්ඔය නවාතැන් ගතහොත් මේ ස්ථාන වලටද ගොස් ආපසු එදිනම නවාතැනට ආ හැකිය.


ඇඩිසම් බංගලාව
හෝර්ටන් තැන්න
ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලය
හාගල කන්ද
පරෙයියන්ගල කන්ද
වවුල්පනේ - හුණුගල් නිධිය
උඩ වලව ජාතික වනෝද්‍යානය
පුස්සදේව සොහොන
සංකපාල රජමහා විහාරය
කන්දේවිහාරය - හපුතලේ

ඇත් අතුරු සෙවන

notes of imaginary

2019-03-30

ස්තුතියි !.



කාලෙකින් අපි හමු වුනේ නැහැ. දැන් දැන් ලියන්න හිතක් පහල වෙන්නේ නැහැ. පුදුම කම්මැලි කමක් තියෙන්නේ.
පසුගිය දිනක මට මුණගැහුන යුවලක පිලිබද මතකය ඉතිරිව තියෙනවා.
ඔවුන් දෙදෙනාම කෘෂි විද්‍යා උපාධිධාරින්..........
එක් උදෑසනක  අවන්හලේ උත්සව ශාලාව වෙන් කරගන්න මේ යුවල පැමිණ සිටියා. මම කතා බහට යොමු වුනේ සාමාන්‍ය රාජකාරියක් ලෙසට.
ඔවුන්ට කතා කරන්න ඉඩ දීලා මම අසා සිටියා.
කොන්ඩේ සුදු රැලි වැටි ගෙන එන මගේ සිරුර නිසාදෝ  ඔවුන්ගේ අංකල් බවට මම පත්වුනා.
මට ඔවුන් පුතෙක් සහ දුවෙක් වුනා.
ශාලා පරිශ්‍රය නිරීක්‍ෂණය කිරීමෙන් පසු මගේ පැකේජය ගනන් හිලව් කතා බහට යොමුවුනා. මේ දෙන්නම අනවශ්‍ය වියදම් වලට කැමැත්තක් තිබුනේ නැහැ.
කලින් යොදා ගත් දවසක විවාහය ලියාපදිංචි කිරීමත් චාරිත්‍ර වාරිත්‍ර  නිවසේදි සරලව කිරීමත් මෙ දෙන්නාගේ සැලසුමක්.
නිවාඩු දවසක ( සෙනසුරාදා ) කුඩා පිරිසකට පුංචි සාදයක් ඔවුන්ගේ සැලසුම උනා.
මගේ ව්‍යාපාරික අරමුණු බිද ගෙන ඔවුන්ගේ අරපිරිමැස්ම අගේ කරන්න මට හිත හදාගන්න පුළුවන් උනා.
නියමිත දිනයේදි  උත්සවය චාම් උනත් ගරු ගාම්භීරත්වයෙන් නිමවුනා.
ස්තුතිය පලකරන්න ( thank you card එක වෙනුවට) සහභාගී වුන සැමට ලැබුනේ ලස්සන ඇසුරුමක බහාලු දෙළුම් පැල දෙකක් !.

හිතා ගන්න පුළුවන් නේද උත්සවය කොයිතරම් නැවුම් අන්දමින් පැවතුනාද කියලා !.

notes of imaginary

2019-01-08

දික්කාසාද වන්නට දෛවය නියම කර තිබේ.

මල්කිත් මාත්දැන් දවස් ගානක්තිස්සේම හිත්වලින් ඔද්දල් වෙලාය. අපේ ආදරේ කතන්දරය පටන්්ගත්තේනම් උසස් පෙලවිභාග කාලයේදීය.ඒකත්ලෝකමහා සංග්‍රාමය වගේ එකකි.ප්‍රේමය හටගැණීම හෙවත්ඇති වීම , එය ප්‍රකාශ කිරීමට ඇතිඋවමනාව එය ප්‍රකාශ කිරීම අනිත්පරවශ විසින් එය ග්‍රහණය කිරීම හෝ ප්‍රතික්‍ෂෙප කිරීම පිලිබදවිචිකිච්චාව .........ඒවා ඇත්තටම මාර යුද්ධයක්වගේය.
සියල්ලටම වඩා ප්‍රේමය ප්‍රතික්‍ෂෙපවුවහොත් ..අවට සිටින සගයින්ගෙන් ලැබෙන  අනුකම්පා විරහිත පරවශ  උපහාස අපහාසයන්  පිලිබද භිතිය මාස ගණනාවක් තිස්සේ එක දිගටම පැවතිනි.
ඇත්තටම ඒ කාලසීමාව තුලමට කෑමක්බීමක් ගන්නට හිතුනේවත් නැත.


" මොකෝ මේ මළපෙරේතයෙක්  වගේ?.හැටි   . එන්න එන්නම දිරලා යනවා. නාකි මිනිහෙක්වගේ.අසනීපයක් තියේනම් පුතේ බෙහෙත් ගනින්කෝ ........"
මගේ අම්මා මට එසේ කීවේ ආදරයට වන්නට ඇත. අම්මා මගේ ජීවිතයේ ප්‍රථම ආදරයයි. දැන් මගේජීවිතයේ ඊලග ආදරය සැදී පැහැදී සිටින වෙලාවය.අවිඥ්ඥාණිකව හෝ එය ඉව වැටී ඇය මට වහසි බස් දොඩවනවා  ඇතැයි එවෙලේමට හිතුණි.
මේ අප මුණ  ගැහෙන ප්‍රථමදිනයයි.
මම පැය භාගයකට කලින් ගොස් නගරයේ මහ බස් නැවතුමේ කෙලවරක ගාල් වෙලාය.
අවට ලෝකය  හෝ අවට මිනිසුන් ගැන කිසිම හැගීමක් නැති පඹයෙකු සේ  මා සිට ගෙනය.
නගරයේ මහා කලිකලහය හෝ ඝෝෂාව මට  නෑසේ.
ඒ ඝෝෂාවල් සියල්ල මගේ සතුරන්  වගේය.මා  මල්කිව හමුවන බව දැන්නු විට අපේ කොළු කට්ටුව දැක්වු ප්‍රතිචාර මට ඒ තරම්  ඇල්ලුවේ නැත.
අපෝ .........ඇත්තද බන් ?...........උබ කේන්දරේ එහෙම බලව ගත්තේනැද්ද බං................?. චාමර එසේ කීවේ ඇහැක් පුංචි  කරමින්ය. ඔහුගේ දෑස්වල ඇතිවපරය මට මුල්වර පෙනුනේ එදාය.
''ආ..................උඹ මාර දියුණුයි නෙ...........................එහෙමතීරනේකට එන්න.........ඒත බං උඹ ඉල්ලන් කන්න යනවද කියලත්මට හිතෙනවා...................එසේකීවේ සූමල්.
ඔහුගේ  දත් ඇන්ද කෙහෙල් ඇවරියක් වගේ බොල්ලෑ බව තේරුනේ එදාය.
හරි.......හරි.....උබ වැඩේ කර ගනින්කෝ.....ඕනම සපෝට් එකකට මේ අපි  ඉන්නවා හරිය.......!. එසේ කීවේ දමයන්තය.
මොනතරම් පැහැපත්පාටත් නොතිබුනත්  " කළු යකා " යයි මිතුරන්ගෙන් උසුළු විසුළු ලැබුවත් ඔහුගේ  හිත මොන තරම් සුදු දයයි කියා සිතුනේ එදාය.
දැන් නියමිත වෙලාව ඇවිල්ලාත්   තව පැය භාගයක්  ගිහිල්ලාය.
උදේ නවයට  හමුවීමට මා අදාලතැනට ගියේ අටහමාරටය.දැන් නවය හමාරටත් ආසන්නය.
මගේ සිත කුහුල්බර වෙයි.
මේ ගෑණුන්ගේ හැටිද ?........ලණුදීම.........පොලුතැබීම ...............චපල කම්...............මේක උන්ගේ ජානවල  පැල පදියම් වු දේවල් ද ?.
හිත කළකිරීමකට කලවම් වී ගෙනයද්දී ඉරේ රස්නය දැඩිව දැනෙමින් එද්දී .......... ලාරෝස පැහැතිවස්ත්‍රයක්  ඇදි යුවතියක්  මා අසලට එනවා පෙනුනේ ඇස්වල කදුළු අතරින්ය.
"ගුඩ් මෝර්නින්......ඔයා ඇවිල්ලා ගොඩක්  වෙලාද ?.......පොඩි ප්‍රස්නයක්නේ!.මම පරක්කු වුනා. සොරි......
මල්කි එසේ කියද්දී මට මගේ කන් අදහා ගත  නොහැකිවෙයි. සියල්ලටම වඩා ඇගේ රෑපයේ ලස්සන.
ලා හිරු රැස් වැදී බස් නැවතුම දිලිසෙමින් තිබුන බව මට තේරුනේ ඇගේ සුන්දර මූණ මත ලා සෙවනැල්ලක් පතිත වෙලා තිබෙනු දුටු විටය.
ඇයට ඇත්තේ ආකර්ෂණීය දෑස්ය.  දෙතොල් පොපියා ඈ කතා  කරන්නේ ලතා වකටය. මේ තරම් රෑමත්  කෙනෙක්. මට මගේ රූපය ගැන  කමකට නැතිසිතිවිලි එයි.නමුත් දැන් මම ඇගේ අදහසට උත්තර දිය යුතුය.
"ආනේ ..........කමක් නැහැ....මම ටිකක් කලින් ආවා..................අපි ඉතින්කොල්ලොනේ!................ඕන තරම් වෙලාවක්ඉන්න පුළුවන් නේ.ඔයා ඇවිත් රස්තියාදු කරන්න බෑනේ ..... . ඒකට කමක් නෑ......"
මා කියන කතාවට ඈ ලස්සන හිනාවක් පායි.ඇගේ හිනාව කොයිතරම් ආකර්ෂණියද ?
මගේ එකම යාළුවෙකුට මෙතරම් ගස්සන කෙල්ලක් නැත.උන්ට , මගේ මිතුරු කට්ටුවට මා ගැන ඉරිසියා හිතෙන එක අහන්න දෙයක්යෑ.......
මල්කි මා දෙස ඇස් දල්වා බලයි. ඒ මා කිවු කතාවට ඇගේ තුටු පහටුව පෙන්වීමට මා ආසන්නයට මදක් එමින්ය. මා සමීපයේ ඇයට යම් ආරක්‍ෂාවක් ඇති බව මගේ කතාවෙන් ඇයට වැටහුනා සේය.
ආරක්‍ෂාව පිලිබද හැගීමට ගැහැණු අය හුගක් ලොල් බව වරෙක මට කියා සිටියේ මගේ මිතුරෙකි.මම ඔහුට සිතින් සුතුතිවන්ත වෙමි. ඔවුන් මා මෙන් නොව ස්ත්‍රී විශේෂඥවරුන්ය.
මම අහිංසක විදියට සිනා සී ඈ දෙස බලමි.
මල්කි සාමාන්‍යයෙන් අහංකාර කෙල්ලෙකි.ඒ අහංකාර කමට මම බෙහෙවින් බයය.නමුත් අද ඇය මා හමුවට පැමිණ ඇත.දැන් මා ක්‍රියාත්මක විය යුතුය.
" අපි කැපේ එකකට යමුද මොනව හරි බොන්න ?."
මම එසේ කියන්නේ මර බයෙන්ය.බැරි වෙලාවත් ඇය එය ප්‍රතික්‍ෂෙප කලහොත්....... මා පත්වන තත්වය ......දෙවියනි මා ලෝකයට මුණ දෙන්නේ කොහොමද ?.මගේ ග්‍රහචාරයත් එතරම් හොද නැත.
"ඒ මොකටද කැපේ යන්නේ.... පිස්සුද ......අපි මෙතනම ඉදගෙන කතා කරමු ........" මම ගැස්සී ගියෙමි.
ඈ දෙස බලමි .ඈ මොකුත් කියා නැත .
"ඔව්........ඒක හොදයි නේද ?. හැබැයි මට බයයි අපේ අයියලා දෙන්නා......ඒ දෙන්නා ගේ යාලුවෝ.............හැමතැනම.
ඇගේ මුණට බියපත් පෙනුමක් ඇවිල්ලාය !
ඈතාතිගත් මුව පොව්වක  මෙන්ය ඈ අහංකාර එකියෙකැයි ඇයට හිතින් කිව්වාම මටම දොසු පවරා ගනිමි. අහිංසකත්වයේ උපත ඇයයි.
"ඔ්යාට කරදරයක් නැත්නම් විතරක් යමු ....මල්කි."
" හා ....කමක් නෑ ...යමු..සුරාජ්..."

ඈ මගේ නම ලස්සනට ගායන කරයි.
දැන් අපි දෙදෙනා බස් නැවතුමින් මෑත්වී නගරය කෙළවරේ ඇති කැපේ එකට යන්නට යමු.
ඈ වට පිට බලන්නේ නැත. මාද වට පිට බලන්නේ නැත. මේ තැති ගැන්ම හරිම පුදුමය. මට හදවතක් ඇති බව තේරෙන්නේ මේ තැතිගැන්ම ඔස්සේය.ඒකත් හරිම මිහිරි වින්දනයකි.
මම ඉයෙන් යමි. ඈ මට මදක් පසු පසින් හෙමිහිට පිය නගා එයි.ඇගේ අඩි පාවහන්වල සද්දය මට ඇසෙයි. එය මගේ හදවතේ හඩ හා සමපාත වෙයි.
ඩග් ඩග් ඩග්
ටක් ටක් ටක්.
සංසාරේ මා පසුපස  එන ගැහැණිය.....
සංසාරෙ කිසි භවයක් මා අත නොහරින පතිනිය........
මා හට කවි සංකල්පනා දොරේ ගලාගෙන එන හැටි.....
අපි දෙදෙනා යන මග දෙපසම තවත් අය මෙන්ම තවත් වාහන එහාට මෙහාට  යයි.ඒ කිසිවක් අප දෙස බලන්නේ නැත.අප දෙදෙනා හරියට ගෙයක් බිදින්න යන පල් හොරු වගේද .......? එකවර මමහිස ඔසවා අපේ ඉදිරිය දෙස බලමි.කී දෙනෙක් යන ගමන් මල්කී  දෙස බලයි.මම ඈ දෙස බලමි. ඈ බිම බලා ගෙනය.

" -සගවා ගනු මැන ඔබේ වත සොදුරියේ
අනෙකෙකු නෙත් ඔබ මුව මත ගැටෙතැයි ......" මගේ සිත ගායනා කරයි.
අවන්හලට ඇතුළු වී පුටු දෙකකට බරවු පසු ඈ සුසුමක් හෙලයි. මටද සුසුමක් පිට වෙයි. ඒ සැනසුම් සුසුමන්ය.
අප දෙදෙනාගේ ප්‍රාශ්වාස වාතයේ කාබන්ඩයොක්සයිඩ් වායුවටට අමතරව තවත් වායුවක් ඇත. ඒ අපේ හදවත්වල කැකැරෙමින් කැටි ගැසෙමින් රත් වෙමින් වාෂ්ප වන ආදරයේ මිහිරි වායුවයි.
නිල ඇදුමක් ඇදගත් තරුන වේටර්වරයෙක් මද සිනා ඇතිව අප අභිමුවේ.
"යර්ස් සර් "
මොනවද මල්කි.....බොන්නේ ?.මොනවා හරි කමුද ?
"කන්න එපා ........බොමු......ඔයා කැමති දෙයක්"
මම ඈ දෙස බලන්නට නොලොස් වේටර් දිහා බලා මෙහෙම කියමි.
"අපිට ඔරේන්ජ් ජූස් දෙකක් "
මම බොන දෙයක් ඔයා බොන්නේ..මම වහ බිව්වොත් එයත් බොනවද ?
මට එහෙම හිතිනත් මම එය කියන්නේ නැත.මුල්ම දවසේ මොකටද අවකැපෙන කතා කියන්නේ.....වස් වදීවි.ඒවා භයානකය.
අපි ගොඩාක් වෙලා කතා කරමු.
නැත ඒ ඇස් වලින් විතරක් . වදන් වලින් කතා කලේ සීමිතවය.
එකිනෙකාගේ අදහස් ප්‍රකාශකරන හොදම මාධ්‍යය භාෂාව බව දැන සිටියෙමු.නමුත් ඒ භාෂාව වචන වලින් පුරුද්දන්නට බැරි කම අපේ දුර්වල කමක් බව අපටම ප්‍රත්‍යක්‍ෂ විය.
වට පිට බලා මම ඈ ලග අසුනට ලංව පුටුවේ වාඩිවි ඇගේ වමත මගේ දකුනත තබා එය මදක් එසවා සිප ගත්තෙමි.
ඈ මා වෙත හෙලන බැල්ම ඔස්සේ සදෙව් ලෝකවල ද්වාර විවර වනවා ඇසෙයි.මිණ බැදි සළඹ සල සලා දෙව්ලියෝ  මා වෙත එනවා ඇසෙයි.ඇසි පිය නොහෙලා තව තවත් ඒ දෑස්  දෙස බල සිටිමි.වෙව්ලන ඇගේ දෙතොල් මත මගේ අතැගිලි තැබෙයි..

හහ්  .මේ ලෝකේ නෙමෙයි ජීවත් වෙන්නේ ....හරි අපූරුයි. මේ මිනහට වගේ වගක් නැති හැටි කිසිම දේක. !.. උන් හටි ගමන් උල්කාපාතයක් කඩා වැටිනි.මහා හඩින් අහස ගුගුරා එකවරම මුරුගසන් වරුෂාවක් වසී. මගේ සියොලග දහඩියෙන් පෙගී යයි.
"ඔය ඩිවෝස් පේපරස් ටික දෙනවා මෙහාට............."ඒක උඩ ලැගගෙන ඉන්නේ .
මම දෑස් පිසදා බලමි.
මේ කෑ ගසා මට රවා ගෙන සිටින්නී.... මල්කිය
මා දිව්‍ය ලෝකයට කැදවා ගෙන ගිය ඇගේ දෑස් දැන් විසල් වී මට ඔරවා ගෙන මට නරකාදියට යන්න පාර කියා දෙයි.අපේ ආදරයට වසර පහක් බවත් අපේ කසාද දිවියට වසර තුනක් බවත් මට මෙනෙහි වන්නේ දැන්ය.
තව මාසයකින් අපට දික්කාසාද වන්නට  දෛවය නියම කර තිබේ.


මේ කෙටි කතාව දිවයින ඉරිදා සංග්‍රහයෙන් උපුටා ගත්තකි.
යමුනා මාලණි පෙරෙරාගේ "සේයා පරන මායා" කෙටි කතා සංග්‍රහයේ පලවුවකි.

notes of imaginary

2018-12-24

මාව කාපිය .....





ඉස්සන් පිසාපිය
රා කලයක්ම බීපිය
මෝ ව තම්බාපිය
මෙ තුන කරලා මාව කාපිය

තේරුම් බේරුම් නැති පුංචි කාලයේ කොල්ලන් කුරුට්ටන් එකතුව සෙල්ලම් කරන විට කිවු පද හතරක් මට යලි සිහිපත්වුයේ දේශපාලකයින් අපේ රටට කරන විනාශය දුටු විටය. මොවුන්ට රට ගැන කිසිම හාං හූ වුවක් නැත. තම බලය සහ බඩ තරකර ගැණීමේ උපාය මාර්ගයන් ගෙන් එපිට කිසිදු හැගීමක් මවු බිම වෙනුවෙන් නැත. බලය හා තන්හාවෙන්  ඇතිවු - තන්හාවෙන් නොකරනා දෙයක් නැත. මේ හේතුවෙන් අවුරුදු හැත්තෑවක්වු ස්වදේශීය පාලනයෙන් දිනෙන් දින අප රට වල පල්ලට ගියා මිස ගොඩ ගියේ නැත.
කෙනෙක් පටන් ගත් දේ අනෙකාට වැරදිය. ඒ දේ විනාශ කර එතනම අළුතින් එයම කරනවා හැර වෙන යමක් කිරීමට දැනුමක් ද නැත.දශක හතම ගතවුයේ මෙලෙසින් රට ගොඩ ගැනීමය.
අවසන තියන දේත් නොරටුනට විකුනා බඩ පුරවා ගන්නේය.
අන්තිමට නටපු නැටුමකුත් බෙරේ පළුවකුත් ඉතිරිව  නැත.
පසු ගිය දිනවල එහාට මෙහාට පැන්නවුන්ගේ තක්සේරුව සොයා බැළුවිට මුන්ට රට ගැන නොව බඩ ගැන කැක්කුමක් ඇතිවී ඇති බව නම් පැහැදිලිය. ප්‍රධාන පක්‍ෂ දෙකෙන් එහාට මෙහාට මැරුවු අයට තමා නියෝජනය කරන පක්‍ෂයෙන් තමා නියෝජනය කරන දිස්ත්‍රික්කයෙන් යලි ගොඩ ඒමට බැරි බව දන්නා මොවුන් පක්‍ෂය මාරු කරමින් ගොඩ එන්න උත්සහා දරන බවක් නම් පැහැදිලිය. පරාමාධිපත්‍ය නම් වු විකාරය ඔළු ගෙඩි 225 කට සහ එක් නායක ඔළුවකට බාරදී කැමැත්තෙන් සිර ගතවු පරාමාධිපත්‍ය හිමි ජනතාවකට කවදා හෝ දිනක එක් දිනකට පමනක් පරමාධිපත්‍යයේ හිමි කම ලැබෙනු ඇත.
සිංහලයෝ ශ්‍රී ලාංකිකයෝය. අනෙක් ජාතීන් තම තමන්ගේ ජාති උරුමය පමනක් වෙන්දේසි කරමින් සිංහල ජාතිකය සිරගත කරත්නේය. උදර පෝෂනය ගැන පමනක් සිතන දේශපාලකයෝ දෙපිලටත් තවත් පිල් වලටත්  බෙදුන බහුතරයක්වු සිංහල ජාතියක් නිර්මානය කරගෙන බලය උදෙසා රට පාවා දෙන්නේය.
යලි කවදා හෝ පරමාධිපත්‍ය හිමි වුදාට -  යලි සිර ගත නොවන්නට එකමුතුව සිතන්නේ නම් කොයිතරම් පලදායිවේද ?.
මේ අතුරු කතාව මුල් කවි පද හතරට වැදගත් නොවු වත් ඉන් කියවෙන ගැඹුරු අරුත පැහැදිලි කරමි.

ඉස්සන් - ඊර්ෂ්‍යාව
රා    - රාගය
මෝ ව -මෝහය
මාව   - මම මමත්‍වය
මාව කාපිය -  මමත්‍වය විනාශ කර ගැණීම.
.



notes of imaginary

2018-12-21

ජීවිතය අරුමයක්.




මේ සටහන ලියන්න පටන් ගත්තෙ පසුගිය නව වෙනිදා.

ඒ මේ මාසේ රජයේ විශ්‍රාමිකයන්ගේ වැටුප් දවස. සතුට , විශ්‍රාමය නොයෙක් අයුරින් බෙදා ගන්නා මේ උදවිය ආගමික කටයුතු වලට පන්සලට පල්ලියට නිදහසේ යනවා . තවත් රසකාමීන් කොටසක් නිදහසේ නිදහස් තැන් වලට එක්වෙනවා. මෙසේ සතුට බෙදා ගන්නා මිතුරන් කිහිප පොලක් මට මුන ගැහෙනවා හැම මාසෙම. මට මේ හමුවීම අමුත්තක් නෙමෙයි.
අති විශේෂ, සෝඩා ඇතිව නැතිව හත් අට දෙනෙක් වට වෙන්න පුළුවන් මේසයක අහගෙන ඉන්න තරම් වාද විවාද ඇති වෙනවා මම පුරුද්දෙන් දන්නවා. අනුන්ගේ කතා බහට කන්දීම හොද පුරුද්දක් නූනත් මේ වියත් සභාව පදම් වෙන කොට කියන කතා අහන එක මට පුරුද්දක්.විදුහල්පතිවරු ගුරුවරු, මාණ්ඩලිකයන් ලිපිකාර මහත්වරුන් අද එකම තලයක විශ්‍රාමිකයන් වෙලා.
මේ කණ්ඩායමේ ඇත්තන් ගෙන් කෙනෙක් හිටපු හැටියේ සමුගන්නා අවස්ථාවන් ,රෝහල් ගතවෙන අවස්ථාවන් ඉද හිට සෞඛ්‍ය හේතුන් මත විවේක ගන්නා අවස්ථාවන් නිසා තාවකාලිකව හෝ සදාකාලිකව ගණපුරණය වෙනස් වෙන අවස්ථා මම පහුගිය අවුරුදු ගනනාව තුල අත් දැක්කා.
මේ හමුවීමත් සමාජිකයෙකුගේ සදාකාලික වෙන්වීමත් සමග එකට සනිටුහන් වු දවසක්.
අද මිත්‍රයින්ගේ මාතෘකාව බවට පත්වෙලා තිබුනේ ජීවිතය..........
“...............
කන්දේ ගෙදර නයිදේටයි කියන්නේ
දිරන ගෙවල් උඹ කුමකටදැයි හදන්නේ
ගෙයක් ඇර ගෙයක් නොතකා ඉදින්නේ
ගන් ගියදා ගෙට ගීණි ගති බොලන්නේ...........,”

විදුහල්පති වරයෙක්වු විශ්‍රාමිකයෙක්ගේ හඩ මට ඇසේ රැල් බුරුල් හැර කන්දේ ගෙදර නයිදේට කවියක් කියයි. පිරිස සාවධානව අසා සිටී. දේශපාලන කථා බහකින් හෙම්බත්වු මේ පිරිස යහමගට පිවිසි බවක් මට හැගේ. මම වඩාත් ඕනා කමකින් සංවාදයට දෙසවන් යොමු කලෙමි.

විදුහල්පතිවරයා පැහැදිලි කරයි.

කන්දේ ගෙදර - රුප. වේදනා සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ
නයිදේ - තෘෂ්නාව
ගෙයක් අත නොහැර ගෙයින් ගෙට යන නයිදේ
එක් ගෙයක් ගිණි ගත් පසු තවත් ගෙයක් සදයි.
ගන් ගිය දා - මියගියපසු
ගෙට ගිණි තියති - මළවුන්ගේ සිරුර පුළුස්සති.
අපි තෘෂ්නාවෙන් යුතුව ගිණි ගන්නා සිරුර අත් හැර තවත් ගෙයක් සදන්න කරුණු කාරනා එකතු කරමින් සීටී.

පිරිස තවත් කතා බහක පැටලී සිටි. 
මගේ අවධානය බිදිමින් වෙනත් කාරියක් පැවරෙයි.
notes of imaginary

2018-09-20

අනුරාධපුර රාජ වංශය.






විජය රජතුමා ක්‍රි.පු 544
උපතිස්ස 
පණ්ඩුවස්දෙව්අභය 
පණ්ඩුකාභය 
මුඨසිව 
දේවානම්පියතිස්ස ක්‍රි.පු 250-210
උත්තිය 
මහාසිව 
සුරතිස්සසේන සහ ගුත්තික 
අසේල එළාල (එළාර) 
දුට්ඨ ගාමිණි ( දුටු ගැමුණු) ක්‍රි.පු.161-137
සද්ධාතිස්ස ක්‍රි.පු.137-119
තුලත්ථන ක්‍රි.පු. 119
ලංජතිස්ස(ලැමිණිතිස් ) ක්‍රි.පු. 119 – 109
බල්ලාඨනාග ක්‍රි.පු. 109 – 103
වලගම් අබා (වට්ට ගාමිණි) ක්‍රි.පු. 103
පුලහත්ත බාගිය පනයමාරපිලයමාරධාතික ක්‍රි.පු.103 – 89
වලගම් අබා ( වට්ට ගාමිණි) ක්‍රි.පු. 89 -77 යලි රජ පැමිනේ.
මහාචුලි මහාතිස්ස ක්‍රි.පු77-63
චොරනාග ක්‍රි.පු 63 - 51
තිස්ස (කුඩා තිස්ස ) ක්‍රි.පු 51 – 48
සිවවටුකදාරුභාතික තිස්සනිලිය ( පුරෝහිත බමුනා . වාසුබි)අනුලා රැජින ක්‍රි.පු 48 – 44
කූඨකණ්ණ තිස්සභාතික අභය ( භාතික අභය තිස්ස , හා භාතිය තිස්ස ලෙසත් හැදින්වේ) ක්‍රි.ප්‍ර 22 – ක්‍රි.ව 07

මහාදාඨික මහානාග 07-19
ආමන්ද – ගාමිණි අභය 19 – 29
කණිරජාණු තිස්ස 29 -32
චූලාභය 32-33-
ඉලනාග 33-43
චණ්ඩමුඛ ශිව 43-52
යසලාලක තිස්ස 52-60
යසලාලක තිස්ස සහ සුභ 60-67
වසභ 67-111
වංකානාසික තිස්ස 111-114
ගජබාහුක – ගාමිණි ( ගජබාහු I ,ගජබා ) 114 -136
මහල්ලක නාග 136 – 143
භාතික තිස්ස (බාතිය) 143 – 167
කණිට්ඨ තිස්ස 167 -186
බුජ්ජ නාග 186 –
කුංචනාග 187 – 189
සිරිනාග I 189 – 209
වොහාරික තිස්ස (වේර තිස්ස ) 209 – 231
අභය නාග 231 - 240
සිරිනාග II 240 – 242
විජය කුමාර 242 – 243
සංඝතිස්ස II 243 -247
සිරිසංඝබෝධි ( දැහැමි සිරිසගබෝ) 247 -249
ඝොඨාභය හෙවත් මේඝවන්න අභය ( ගොළු අබා) 249 -262
ජෙට්ඨ තිස්ස I 263 -273
මහාසේන (මහසෙන්) 274 – 301





සිරි මේඝවණ්න ( කිත්සිරිමෙවන් )
301 -328

ජෙට්ඨතිස්ස II
328-337

බුද්ධදාස
337 -365

උපතිස්ස I
365 – 406

මහානාම
406 – 428

වට්ටගාහක ජන්තු
428

මිත්තසේන ( මිත්සෙන් )
428 -429

පණ්ඩු
429 – 434

පාරින්ද
434 – 437

බුද්ද පාරින්ද
437 – 452

තිරිතර
452

දාඨිය
452 -455

පීඨිය
455

ධාතුසේන
455 – 473

කස්සප ( සීගිරි කසුබු)
473 – 491

මොග්ගලාන ( මුගලන්)
491 – 508

කුමාර ධාතුසේන ( කුමරදස් ,කුමාරදාස )
508 -516

කිත්තිසේන
516 – 517

සිව
517

උපතිස්ස II
517 – 518

සීලකාල ,අම්බසාමනේර
518 -531

දාඨපභූත (දාපලු සෙන්)
531 -

මොග්ගලාන ( දල මුගලන් )
531 -551

කිත්සිරිමේභ ( කුඩා කිත්සිරිමෙවන් )
551 -569

මහානාග
569 – 571

අග්බෝධි I ( අක්බෝ )
571 – 604

අග්බෝධි II ( තුඩා අක්බෝ)
604 – 614

සංඝතිස්ස II
614

මොග්ගලාන III ( දල මුගලන් ළමැණි බෝනා මුගලන්)
614 – 619

සීලාඝමේඝවන්න
619 – 628

අග්ගබෝධි III (සිරිසංඝබෝධි සිරිගබෝ )
628

ජෙට්ඨතිස්ස
628

අග්ගබෝධි III (සිරිසංඝබෝධි සිරිගබෝ ) යලි රජ පැමිනේ
629 – 639

දාඨෝපතිස්ස
629 -650

කස්සප I
650 -659

දප්පුළු I
659

හත්ථදාඨ
659 -667

අග්ගබෝධි IV (සිරිසංඝබෝධි ,සිරිසගබෝ )
667 – 683

දට්ට
683 -4

හත්ථදාඨ II
684

මානවම්ම
684 – 718

අග්ගබෝධි V ( අක්බෝ )
718 – 724

කස්සප III (කසුබු,සුළු කසුබු )
724 -730

මහින්ද I
730 – 733

අග්ගබෝධි VI (සීලාමේඝ)
733 – 772

අග්ගබෝධි VII
772 -777

මහින්ද II (සීලාමේඝ)
777 – 797

උදය I
797 -801

මහින්ද III
801 – 804

අග්ගබෝධි VII
804 – 815

දප්පුල II
815 -831

අග්ගබෝධි IX
831 – 833

සේන I
833 – 853

සේන II
853 – 887

උදය II
887 – 898

කස්සප IV
898 – 914

කස්සප V
914 – 923

දප්පුල III
923 – 924

දප්පුල IV
924 – 935

උදය III
935 – 938

සේන III
938 – 946

උදය IV
946 – 954

සේන IV
954 – 956

මහින්ද I
956 – 972

සේන V
972 – 982

මහින්ද V (මිහිදු )
982 – 1029


මහින්ද V රජතුමා ක්‍රිව 1017 දී සිය බිසවත් සමග සොළින් විසින් තම දේශයට පිටුවහල් කරනු ලැබු බව සදහන් අදහසක්ද තිබේ.
ක්‍රිව 1029 දී අනුරාධපුර රාජධාණිය බිද වැටී ‍පොලන්නරුව අග නගරය කරගෙන පාලනය ආරම්භ වී ඇත.


notes of imaginary

දුක සැප දන්නා නිරින්දෝ.




මිදුමේ පාවෙනවා මිසක් මොනවත් අළුත් දෙයක් නැහැ.
දවසේ දේශපාලන ප්‍රවෘත්ති බලපුවම හොදටම ඇති වෙනත් විනෝදාත්මක යමක් ගැන හිතන්න ඕන නැහැ.
ඒ මදිවට රජයේ නිලධාරිනුත් ඒ වල්ලට එකතු වෙලා. අංක එක පොලිස්පති තුමා !.
ඩොලරය අම්බානට ඉහල යනවා.
කාන්තාවෝ ගැන හිතන්න අවශ්‍ය නැති පාලකයෝ ( සමනල සමාජය ) සනීපාරක්‍ෂක තුවා වලටත් 100% ක් බදු ගහලා. මගේ මුණු පොතේ හිතවත් කමල් අලහකෝන් මේක සිහි කර කර ඉන්න කොටදෝ සොනාල ගුණවර්ධන ලියපු කතා වස්තුවක් ෂෙයාර් කරලා තිබ්බා. ඕන් මිදුම ඒක කියවලා බලන්න පිටපත් කලා. සොනාල ගුණවර්ධන සහෝදරයා විරුද්ධවෙන එකක් නැහැ. මම හිතනවා.


“පැණි අමුඩ කතා වස්තුව”

එක් සම‍යෙක්හි ජම්බුද්වීපයෙහි පුලතිසි මෙත්පල් නිරිදාණන්, අග්‍ර පුරෝහිත මොළසිංහයාණන් හා එක්වැ දැහැමෙන් සෙමින් රාජ්‍ය විචාරණ සමයේ එනුවර ස්ත්‍රී සමුහයා රජ මාළිගාව ඉදිරිපිට රැස්ව මහත් වූ ශබ්ද නගන්නට වූ හ. දෙසවන බිහිරි කරවන ස්ත්‍රී සමුහයා ගේ ඝෝෂාව කන වැකුණු ඇසිල්ලෙහි ම මෙත්පල් නිරිදාණන් ස්ත්‍රීන් කවර කරුණක් අරභයා ඝෝෂා කරනේදැයි දැනගනු වස්, මාළිගයේ මුර සෙබළෙකු ස්ත්‍රීන් සමුහයා වෙත පිටත් කර යැවූ හ.

" නැගිණියනි, තොප සමුහයා කුමන කරුණක් අරභයා ඝෝෂා කරන්නෙහු ද?" සෙබළා ඇසී ය.
"රාජ පුරුෂය, අපගේ මාස් ශුද්ධිය වන කල්හි යොදා ගන්නා පැණි අමුඩ රෙදි කඩටත් රජ වාසලෙන් සියයට සියයක් වූ බද්දක් නියම කොට ඇත්තාහු ය. ඉදින් දැන් අපගේ ශුද්ධිය වන සමයේ අහවල් තැන වසා ගන්නේ වෙල්ලවැහුමකින් දැ යි ස්ත්‍රී තොමෝ පෙරලා ප්‍රශ්න නගන්නට වූ හ. "
"රාජ පුරුෂය, මෙබඳු බද්දක් අසාධාරණ යැ, නොහොබින්නේ යැ , යහපත පිණිස නොවන්නේ යැ' යි එක හඬින් කී හ. ඉදින් මෙකරුණු නොපමාව උන්වහන්සේට සැළ කරව, නැතහොත් උන් වහන්සේ පසු දින පත්‍රය පිටවන තෙක් උකටලීව කජු බුදිමින් කල් යවා රාත්‍රී දහයට සැතපෙනු ඇත්තේ යැ' යි " කී හ.
රාජ පුරුෂ තෙමේ ද රජ වාසලට වැද, රජු ඉදිරියේ ගෞරව දක්වා ස්ත්‍රී සමුහයාගේ දුක් ගැනවිල්ල සැළ කරන්නා හු ය.
ඉක්බිති රජුන් වහන්සේ " මා මෙබඳු කරුණක් ගැන දැනුවත් නැත්තේ යැ . නිසැකවම මෙය අග්‍ර පුරෝහිත මොළසිංහයාණන් රට වැසියා මා හා බිඳ වන්නට කෙරූ උපායක් වෙන්නට ඇතැ 'යි" කී සේක.
"වහාම අග්‍ර පුරෝහිතයන් මා අභියසට කැඳවණු" යි රජුන් වහන්සේ රාජ පුරුෂන්ට අණ කළ සේක.
අග්‍ර පුරෝහිත මොළ සිංහයාණන් කල් නොයවා රජුන් ඉදිරියේ පෙනී සිටියා හු ය.
"අග්‍ර පුරෝහිත, තමුන් ස්ත්‍රීන් ගේ පැණි අමුඩ රෙදි කඩටත් බද්දක් පනවා ඇති බව සැබෑවක් ද ?" ඇසූ හ.
"එසේය.. මහ රජතුමණි" අග්‍ර පුරෝහිත පිළිතුරු දුන්නා හ.
"තොප මා දැනුවත් නොකොට එබඳු අසාධාරණ, යුක්ති නොවන බදු අය කරන්නේ මන්දැ " යි රජුන් වහන්සේ කෝපයෙන් ඇසු සේක.
" දේවයන් වහන්ස, කමා වුව මැනව..මටත්, භාණ්ඩාගාරය භාරව සිටින ඇමැතිටත්, තවත් මැති ඇමතීන් කීප දෙනෙකුටත් ස්ත්‍රීන් ප්‍රිය නැත්තා හ..අපට ස්ත්‍රීන්ගේ මාසික ශුද්ධිය ගැන අවබෝධයක් ද නැත්තා හ.. ඉදින් රාජ්‍යයේ මුදල් අහේනියක් ද ඇති බැවින් පුරුෂන්ට හානි නොවන බද්දක් පැනවීමට අප තීරණය කළෙමු" යි කී හ.
එ බස් අසා කිපුනු පුලතිසි මෙත්පල් නිරිදාණන්
" රාජ පුරුෂය වහාම මඩු වලිගයක් ගෙන එයින් සියක් වාරයක් අග්‍ර පුරෝහිතයන් තලා රජ වීදියෙහි පිස්සෙකු මෙන් ඇවිද්දවනු 'යි අණ කළා හු ය.
ඉක්බිති මෙත්පල් නිරිදාණෝ පැණි අමුඩ බද්දත් අහෝසි කොට දමා අර්ථයෙන් ධර්මයෙන් දෙසමින් රට පාලනය කළෝ යැයි මෙයින් දත යුතු.
පැණි අමුඩ කතා වස්තුව මෙතකින් නිමියේ වෙයි!

---සොනාල ගුණවර්ධන


notes of imaginary

2018-09-02

මඩු - මණ්ඩපය.

 කෘෂිකර්ම සශ්‍රීකත්‍වය ගම්වාසීන්ගේ රෝග නිවාරනය වෙනුවෙන් පත්තිනි දෙවියන්ගේ  පිහිට පතා  කරනු ලබන ශාන්ති කර්මයට පහන් මඩු උත්සවය ලෙසින් හැදින්වෙනවා. අපේ ගමෙත් පත්තිනි දේවාලයක් තියෙනවා. මෙම දේවාලයට අවුරුදු දෙසියක පමණ ඉතිහාසයක් පවතින බවයි පැවසෙන්නේ.මෙම දේවාලයේත් වාර්ෂිකව පහන් මඩු උත්සවයක් පවත්වනවා.
අපේ ගමේ පහන් මඩුදා 
පහන් මඩුවක්දා ශිල්පියෙක් පැලද සිටි මුහුනක් 


 අතීතයේ සිට පැවතෙන මෙම චාරිත්‍ර විධි ගම්මඩුව,දෙවොල් මඩුව,පූණ මඩුව,මල් මඩුව,ගිණිමඩුව,ගරා මඩුව ආදී වශයෙන් ප්‍රදේශයෙන් ප්‍රදේශයට හදුන්වනවා.
ඒ වගේම ප්‍රදේශයෙන් ප්‍රදේශයට මෙම උත්සවය පවත්වන ආකාරයේද සුළු සුළු වෙනස් කම් දක්නට ලැබෙනවා. “ මඩුව ” යන්න මණ්ඩපය යන්නෙන් අරුත් ගන්නනවා.
මේ යාතු කර්මයන් ද අපිට ඉන්දියාවෙන් ලැබුන ආභාෂයක්. ලංකාවේ දෙවෙල් මඩු ආරම්භය පිලිබද පුරා වෘත්තය මෙසේ පැවසෙනවා.

ඉන්දියාවේ චෝල රාජ්‍ය කාලයේ “සේරනාම් ” නම් රජුගේ උයනට ගෝනෙකු එන සිරිතක් තිබුනා මේ ගෝනා උයන පාළු කරන බැවින් රජු තම හේවායින්ට අණ කලා ඌ පරා දමන්නට.
හේවායින් ගෝනා අඹා යන විට ඌගේ පය පැකිලී අසල තිබු පොකුනට වැටී මරණයට පත්වෙනා. මෙම ගෝනා ගැබ්බර අවස්ථාවේ සිටි සතෙක්.අධික වේදනා විද රජු කෙරෙහි වෛරී සිතිවිල්ලෙන් ඈ මියයනවා.
මියගොස් එම උයනේ පොකුනේම  මැඩියෙක්ව නැවත ඉපදෙනවා.
දිනක් රජතුමා උයන් කෙළියේ පැමින මෙම පොකුන අසලට එනවා. පොකුනේ පිපි මානෙල් මලක් නෙලා ගෙන සුවද අඝ්‍රානය කරනවා.ඒ අවස්ථාවේ  මැඩියා මල යට රිංගාගෙන සිට,රජුගේ නාසයට විෂක් නිකුත් කරනවා.
මේ හේතුවෙන් රජුට දරුණු හිසරදයක් ඇතිවෙනවා.මොනතරම් ප්‍රතිකර්ම කලත් හිසරදය සුව නොවු රජු දිනක සිහිනයකින් රුමත් කන්තාවක දකිනවා.
ඒ බව පසුදින තම පුරෝහිත බමුනාගෙන් මෙම සිහිනයේ අරුත විමසු කල ඔහු පිළිවදන් දෙන්නේ  සිහිනයෙන් දුටු  කාන්තාව පත්තිනි දේවිය බවයි.

ඇගේ සාපයකින්  හිසරදය වැළදී ඇති බැවින් නිර්මල බුද්ධ ශාසනයත්   සතර මහා දේවාලත් ඇති  රටකට ගොස්  දින හතක් දුගී මගී යාචකයින්ට දන් දී පත්තිනි දේවියට පිං පැමිණිය යුතු බවට පුරෝහිත බමුනා උපදෙස් දෙනවා.මීට සුදුසුම රට ලංකාව බව පුරෝහිත බමුනා රජුට සැල කිරීමෙන් පසු රජු වත්තලින් මේ රටට පැමිනෙනවා.පලමුව කැලණියට ගොස් බුදුන් වැද රුවන්වැල්ලේදී  දෙවොල් මඩුවක් කර පත්තිනිදේවියට පිංපෙත් දුන් බවත්, එදා පටන් රජුගේ හිසරුදාව සුව වු බවත් පැවසෙනවා.

notes of imaginary