ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ඒවාට ස්වාධීන පැවත්මක් නොමැත. සිතිවිලි සහ ආවේග වලට තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . ඒවායින් මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

සුබ අළුත් අවුරුද්දක් වේවා !.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2018-09-20

අනුරාධපුර රාජ වංශය.






විජය රජතුමා ක්‍රි.පු 544
උපතිස්ස 
පණ්ඩුවස්දෙව්අභය 
පණ්ඩුකාභය 
මුඨසිව 
දේවානම්පියතිස්ස ක්‍රි.පු 250-210
උත්තිය 
මහාසිව 
සුරතිස්සසේන සහ ගුත්තික 
අසේල එළාල (එළාර) 
දුට්ඨ ගාමිණි ( දුටු ගැමුණු) ක්‍රි.පු.161-137
සද්ධාතිස්ස ක්‍රි.පු.137-119
තුලත්ථන ක්‍රි.පු. 119
ලංජතිස්ස(ලැමිණිතිස් ) ක්‍රි.පු. 119 – 109
බල්ලාඨනාග ක්‍රි.පු. 109 – 103
වලගම් අබා (වට්ට ගාමිණි) ක්‍රි.පු. 103
පුලහත්ත බාගිය පනයමාරපිලයමාරධාතික ක්‍රි.පු.103 – 89
වලගම් අබා ( වට්ට ගාමිණි) ක්‍රි.පු. 89 -77 යලි රජ පැමිනේ.
මහාචුලි මහාතිස්ස ක්‍රි.පු77-63
චොරනාග ක්‍රි.පු 63 - 51
තිස්ස (කුඩා තිස්ස ) ක්‍රි.පු 51 – 48
සිවවටුකදාරුභාතික තිස්සනිලිය ( පුරෝහිත බමුනා . වාසුබි)අනුලා රැජින ක්‍රි.පු 48 – 44
කූඨකණ්ණ තිස්සභාතික අභය ( භාතික අභය තිස්ස , හා භාතිය තිස්ස ලෙසත් හැදින්වේ) ක්‍රි.ප්‍ර 22 – ක්‍රි.ව 07

මහාදාඨික මහානාග 07-19
ආමන්ද – ගාමිණි අභය 19 – 29
කණිරජාණු තිස්ස 29 -32
චූලාභය 32-33-
ඉලනාග 33-43
චණ්ඩමුඛ ශිව 43-52
යසලාලක තිස්ස 52-60
යසලාලක තිස්ස සහ සුභ 60-67
වසභ 67-111
වංකානාසික තිස්ස 111-114
ගජබාහුක – ගාමිණි ( ගජබාහු I ,ගජබා ) 114 -136
මහල්ලක නාග 136 – 143
භාතික තිස්ස (බාතිය) 143 – 167
කණිට්ඨ තිස්ස 167 -186
බුජ්ජ නාග 186 –
කුංචනාග 187 – 189
සිරිනාග I 189 – 209
වොහාරික තිස්ස (වේර තිස්ස ) 209 – 231
අභය නාග 231 - 240
සිරිනාග II 240 – 242
විජය කුමාර 242 – 243
සංඝතිස්ස II 243 -247
සිරිසංඝබෝධි ( දැහැමි සිරිසගබෝ) 247 -249
ඝොඨාභය හෙවත් මේඝවන්න අභය ( ගොළු අබා) 249 -262
ජෙට්ඨ තිස්ස I 263 -273
මහාසේන (මහසෙන්) 274 – 301





සිරි මේඝවණ්න ( කිත්සිරිමෙවන් )
301 -328

ජෙට්ඨතිස්ස II
328-337

බුද්ධදාස
337 -365

උපතිස්ස I
365 – 406

මහානාම
406 – 428

වට්ටගාහක ජන්තු
428

මිත්තසේන ( මිත්සෙන් )
428 -429

පණ්ඩු
429 – 434

පාරින්ද
434 – 437

බුද්ද පාරින්ද
437 – 452

තිරිතර
452

දාඨිය
452 -455

පීඨිය
455

ධාතුසේන
455 – 473

කස්සප ( සීගිරි කසුබු)
473 – 491

මොග්ගලාන ( මුගලන්)
491 – 508

කුමාර ධාතුසේන ( කුමරදස් ,කුමාරදාස )
508 -516

කිත්තිසේන
516 – 517

සිව
517

උපතිස්ස II
517 – 518

සීලකාල ,අම්බසාමනේර
518 -531

දාඨපභූත (දාපලු සෙන්)
531 -

මොග්ගලාන ( දල මුගලන් )
531 -551

කිත්සිරිමේභ ( කුඩා කිත්සිරිමෙවන් )
551 -569

මහානාග
569 – 571

අග්බෝධි I ( අක්බෝ )
571 – 604

අග්බෝධි II ( තුඩා අක්බෝ)
604 – 614

සංඝතිස්ස II
614

මොග්ගලාන III ( දල මුගලන් ළමැණි බෝනා මුගලන්)
614 – 619

සීලාඝමේඝවන්න
619 – 628

අග්ගබෝධි III (සිරිසංඝබෝධි සිරිගබෝ )
628

ජෙට්ඨතිස්ස
628

අග්ගබෝධි III (සිරිසංඝබෝධි සිරිගබෝ ) යලි රජ පැමිනේ
629 – 639

දාඨෝපතිස්ස
629 -650

කස්සප I
650 -659

දප්පුළු I
659

හත්ථදාඨ
659 -667

අග්ගබෝධි IV (සිරිසංඝබෝධි ,සිරිසගබෝ )
667 – 683

දට්ට
683 -4

හත්ථදාඨ II
684

මානවම්ම
684 – 718

අග්ගබෝධි V ( අක්බෝ )
718 – 724

කස්සප III (කසුබු,සුළු කසුබු )
724 -730

මහින්ද I
730 – 733

අග්ගබෝධි VI (සීලාමේඝ)
733 – 772

අග්ගබෝධි VII
772 -777

මහින්ද II (සීලාමේඝ)
777 – 797

උදය I
797 -801

මහින්ද III
801 – 804

අග්ගබෝධි VII
804 – 815

දප්පුල II
815 -831

අග්ගබෝධි IX
831 – 833

සේන I
833 – 853

සේන II
853 – 887

උදය II
887 – 898

කස්සප IV
898 – 914

කස්සප V
914 – 923

දප්පුල III
923 – 924

දප්පුල IV
924 – 935

උදය III
935 – 938

සේන III
938 – 946

උදය IV
946 – 954

සේන IV
954 – 956

මහින්ද I
956 – 972

සේන V
972 – 982

මහින්ද V (මිහිදු )
982 – 1029


මහින්ද V රජතුමා ක්‍රිව 1017 දී සිය බිසවත් සමග සොළින් විසින් තම දේශයට පිටුවහල් කරනු ලැබු බව සදහන් අදහසක්ද තිබේ.
ක්‍රිව 1029 දී අනුරාධපුර රාජධාණිය බිද වැටී ‍පොලන්නරුව අග නගරය කරගෙන පාලනය ආරම්භ වී ඇත.


notes of imaginary

දුක සැප දන්නා නිරින්දෝ.




මිදුමේ පාවෙනවා මිසක් මොනවත් අළුත් දෙයක් නැහැ.
දවසේ දේශපාලන ප්‍රවෘත්ති බලපුවම හොදටම ඇති වෙනත් විනෝදාත්මක යමක් ගැන හිතන්න ඕන නැහැ.
ඒ මදිවට රජයේ නිලධාරිනුත් ඒ වල්ලට එකතු වෙලා. අංක එක පොලිස්පති තුමා !.
ඩොලරය අම්බානට ඉහල යනවා.
කාන්තාවෝ ගැන හිතන්න අවශ්‍ය නැති පාලකයෝ ( සමනල සමාජය ) සනීපාරක්‍ෂක තුවා වලටත් 100% ක් බදු ගහලා. මගේ මුණු පොතේ හිතවත් කමල් අලහකෝන් මේක සිහි කර කර ඉන්න කොටදෝ සොනාල ගුණවර්ධන ලියපු කතා වස්තුවක් ෂෙයාර් කරලා තිබ්බා. ඕන් මිදුම ඒක කියවලා බලන්න පිටපත් කලා. සොනාල ගුණවර්ධන සහෝදරයා විරුද්ධවෙන එකක් නැහැ. මම හිතනවා.


“පැණි අමුඩ කතා වස්තුව”

එක් සම‍යෙක්හි ජම්බුද්වීපයෙහි පුලතිසි මෙත්පල් නිරිදාණන්, අග්‍ර පුරෝහිත මොළසිංහයාණන් හා එක්වැ දැහැමෙන් සෙමින් රාජ්‍ය විචාරණ සමයේ එනුවර ස්ත්‍රී සමුහයා රජ මාළිගාව ඉදිරිපිට රැස්ව මහත් වූ ශබ්ද නගන්නට වූ හ. දෙසවන බිහිරි කරවන ස්ත්‍රී සමුහයා ගේ ඝෝෂාව කන වැකුණු ඇසිල්ලෙහි ම මෙත්පල් නිරිදාණන් ස්ත්‍රීන් කවර කරුණක් අරභයා ඝෝෂා කරනේදැයි දැනගනු වස්, මාළිගයේ මුර සෙබළෙකු ස්ත්‍රීන් සමුහයා වෙත පිටත් කර යැවූ හ.

" නැගිණියනි, තොප සමුහයා කුමන කරුණක් අරභයා ඝෝෂා කරන්නෙහු ද?" සෙබළා ඇසී ය.
"රාජ පුරුෂය, අපගේ මාස් ශුද්ධිය වන කල්හි යොදා ගන්නා පැණි අමුඩ රෙදි කඩටත් රජ වාසලෙන් සියයට සියයක් වූ බද්දක් නියම කොට ඇත්තාහු ය. ඉදින් දැන් අපගේ ශුද්ධිය වන සමයේ අහවල් තැන වසා ගන්නේ වෙල්ලවැහුමකින් දැ යි ස්ත්‍රී තොමෝ පෙරලා ප්‍රශ්න නගන්නට වූ හ. "
"රාජ පුරුෂය, මෙබඳු බද්දක් අසාධාරණ යැ, නොහොබින්නේ යැ , යහපත පිණිස නොවන්නේ යැ' යි එක හඬින් කී හ. ඉදින් මෙකරුණු නොපමාව උන්වහන්සේට සැළ කරව, නැතහොත් උන් වහන්සේ පසු දින පත්‍රය පිටවන තෙක් උකටලීව කජු බුදිමින් කල් යවා රාත්‍රී දහයට සැතපෙනු ඇත්තේ යැ' යි " කී හ.
රාජ පුරුෂ තෙමේ ද රජ වාසලට වැද, රජු ඉදිරියේ ගෞරව දක්වා ස්ත්‍රී සමුහයාගේ දුක් ගැනවිල්ල සැළ කරන්නා හු ය.
ඉක්බිති රජුන් වහන්සේ " මා මෙබඳු කරුණක් ගැන දැනුවත් නැත්තේ යැ . නිසැකවම මෙය අග්‍ර පුරෝහිත මොළසිංහයාණන් රට වැසියා මා හා බිඳ වන්නට කෙරූ උපායක් වෙන්නට ඇතැ 'යි" කී සේක.
"වහාම අග්‍ර පුරෝහිතයන් මා අභියසට කැඳවණු" යි රජුන් වහන්සේ රාජ පුරුෂන්ට අණ කළ සේක.
අග්‍ර පුරෝහිත මොළ සිංහයාණන් කල් නොයවා රජුන් ඉදිරියේ පෙනී සිටියා හු ය.
"අග්‍ර පුරෝහිත, තමුන් ස්ත්‍රීන් ගේ පැණි අමුඩ රෙදි කඩටත් බද්දක් පනවා ඇති බව සැබෑවක් ද ?" ඇසූ හ.
"එසේය.. මහ රජතුමණි" අග්‍ර පුරෝහිත පිළිතුරු දුන්නා හ.
"තොප මා දැනුවත් නොකොට එබඳු අසාධාරණ, යුක්ති නොවන බදු අය කරන්නේ මන්දැ " යි රජුන් වහන්සේ කෝපයෙන් ඇසු සේක.
" දේවයන් වහන්ස, කමා වුව මැනව..මටත්, භාණ්ඩාගාරය භාරව සිටින ඇමැතිටත්, තවත් මැති ඇමතීන් කීප දෙනෙකුටත් ස්ත්‍රීන් ප්‍රිය නැත්තා හ..අපට ස්ත්‍රීන්ගේ මාසික ශුද්ධිය ගැන අවබෝධයක් ද නැත්තා හ.. ඉදින් රාජ්‍යයේ මුදල් අහේනියක් ද ඇති බැවින් පුරුෂන්ට හානි නොවන බද්දක් පැනවීමට අප තීරණය කළෙමු" යි කී හ.
එ බස් අසා කිපුනු පුලතිසි මෙත්පල් නිරිදාණන්
" රාජ පුරුෂය වහාම මඩු වලිගයක් ගෙන එයින් සියක් වාරයක් අග්‍ර පුරෝහිතයන් තලා රජ වීදියෙහි පිස්සෙකු මෙන් ඇවිද්දවනු 'යි අණ කළා හු ය.
ඉක්බිති මෙත්පල් නිරිදාණෝ පැණි අමුඩ බද්දත් අහෝසි කොට දමා අර්ථයෙන් ධර්මයෙන් දෙසමින් රට පාලනය කළෝ යැයි මෙයින් දත යුතු.
පැණි අමුඩ කතා වස්තුව මෙතකින් නිමියේ වෙයි!

---සොනාල ගුණවර්ධන


notes of imaginary

2018-09-02

මඩු - මණ්ඩපය.

 කෘෂිකර්ම සශ්‍රීකත්‍වය ගම්වාසීන්ගේ රෝග නිවාරනය වෙනුවෙන් පත්තිනි දෙවියන්ගේ  පිහිට පතා  කරනු ලබන ශාන්ති කර්මයට පහන් මඩු උත්සවය ලෙසින් හැදින්වෙනවා. අපේ ගමෙත් පත්තිනි දේවාලයක් තියෙනවා. මෙම දේවාලයට අවුරුදු දෙසියක පමණ ඉතිහාසයක් පවතින බවයි පැවසෙන්නේ.මෙම දේවාලයේත් වාර්ෂිකව පහන් මඩු උත්සවයක් පවත්වනවා.
අපේ ගමේ පහන් මඩුදා 
පහන් මඩුවක්දා ශිල්පියෙක් පැලද සිටි මුහුනක් 


 අතීතයේ සිට පැවතෙන මෙම චාරිත්‍ර විධි ගම්මඩුව,දෙවොල් මඩුව,පූණ මඩුව,මල් මඩුව,ගිණිමඩුව,ගරා මඩුව ආදී වශයෙන් ප්‍රදේශයෙන් ප්‍රදේශයට හදුන්වනවා.
ඒ වගේම ප්‍රදේශයෙන් ප්‍රදේශයට මෙම උත්සවය පවත්වන ආකාරයේද සුළු සුළු වෙනස් කම් දක්නට ලැබෙනවා. “ මඩුව ” යන්න මණ්ඩපය යන්නෙන් අරුත් ගන්නනවා.
මේ යාතු කර්මයන් ද අපිට ඉන්දියාවෙන් ලැබුන ආභාෂයක්. ලංකාවේ දෙවෙල් මඩු ආරම්භය පිලිබද පුරා වෘත්තය මෙසේ පැවසෙනවා.

ඉන්දියාවේ චෝල රාජ්‍ය කාලයේ “සේරනාම් ” නම් රජුගේ උයනට ගෝනෙකු එන සිරිතක් තිබුනා මේ ගෝනා උයන පාළු කරන බැවින් රජු තම හේවායින්ට අණ කලා ඌ පරා දමන්නට.
හේවායින් ගෝනා අඹා යන විට ඌගේ පය පැකිලී අසල තිබු පොකුනට වැටී මරණයට පත්වෙනා. මෙම ගෝනා ගැබ්බර අවස්ථාවේ සිටි සතෙක්.අධික වේදනා විද රජු කෙරෙහි වෛරී සිතිවිල්ලෙන් ඈ මියයනවා.
මියගොස් එම උයනේ පොකුනේම  මැඩියෙක්ව නැවත ඉපදෙනවා.
දිනක් රජතුමා උයන් කෙළියේ පැමින මෙම පොකුන අසලට එනවා. පොකුනේ පිපි මානෙල් මලක් නෙලා ගෙන සුවද අඝ්‍රානය කරනවා.ඒ අවස්ථාවේ  මැඩියා මල යට රිංගාගෙන සිට,රජුගේ නාසයට විෂක් නිකුත් කරනවා.
මේ හේතුවෙන් රජුට දරුණු හිසරදයක් ඇතිවෙනවා.මොනතරම් ප්‍රතිකර්ම කලත් හිසරදය සුව නොවු රජු දිනක සිහිනයකින් රුමත් කන්තාවක දකිනවා.
ඒ බව පසුදින තම පුරෝහිත බමුනාගෙන් මෙම සිහිනයේ අරුත විමසු කල ඔහු පිළිවදන් දෙන්නේ  සිහිනයෙන් දුටු  කාන්තාව පත්තිනි දේවිය බවයි.

ඇගේ සාපයකින්  හිසරදය වැළදී ඇති බැවින් නිර්මල බුද්ධ ශාසනයත්   සතර මහා දේවාලත් ඇති  රටකට ගොස්  දින හතක් දුගී මගී යාචකයින්ට දන් දී පත්තිනි දේවියට පිං පැමිණිය යුතු බවට පුරෝහිත බමුනා උපදෙස් දෙනවා.මීට සුදුසුම රට ලංකාව බව පුරෝහිත බමුනා රජුට සැල කිරීමෙන් පසු රජු වත්තලින් මේ රටට පැමිනෙනවා.පලමුව කැලණියට ගොස් බුදුන් වැද රුවන්වැල්ලේදී  දෙවොල් මඩුවක් කර පත්තිනිදේවියට පිංපෙත් දුන් බවත්, එදා පටන් රජුගේ හිසරුදාව සුව වු බවත් පැවසෙනවා.

notes of imaginary

2018-08-30

පාට වරුන.



පාට වරුන ඇති කුකුලනි -  මම් තොපට
රණින් වලළු- තනවලා දෙමි පයට
මේ අප දෙන්නා එක්වුනි රෑ තුන්යමට
ඉර දුටුවද  නාඩන් කුකුලනේ හෙට

සදට හොරෙන් සද මුදුනෙන් රාහු ගියා
ඉරට හොරෙන් ඉර මුදුනෙන් ගිරව් ගියා
මලට හොරෙන් මල මුදුනෙන් බමරු ගියා
අපට හොරෙන් නුබ දැසට නොපෙනී ගියා

ගිරවුන් හැර ගියත් ඉර තනිනොවේවා
සාවුන් හැර-------- ගියත් සද තනිනොවේවා
බමරුන් හැර ගියත් - මල තනිනොවේවා
මා හැර ගියද? - නැගණිය තනිනොවේවා

හිමි ඇති ලදක් - කරකාරෙට ලැබියන්
රුවැති ගුනැති - දු දරුවන් ලැබීයන්
මේ ජාතියේ  -  මා කල පව් ගෙවීයන්
මතු ජාතියේ  - හිමි සද ලෙස ලැබීයන්

සවි ඇති කලට - උක් දන්ඩේ පැණිසේමා
සවි නැති කලට ----------- වැට කෙයියා රොඩු සේමා
වෙර නැති දා කෙතකට බැදි වැට සේමා
අසරනදා ---මල්යායේ කටු සේමා

වැල්ලේ පිපෙන බිම් මල වාසනාවන්
ගොල්ලේ පිපෙන පන්මල වාසනාවන්
දේපෝදාට පුන් සද වාසනාවන්
මතු ජාතියෙත් ඔබ මට වාසනාවන්

ගායකයා හා ගායිකාවද පද රචකයාද මම නොදනිමි. මගේ ගීත එකතුවේ ඇති මේ ගීතය අසන්න.

notes of imaginary

පරණ සටහන් දිහා  බැළුවා. ගොඩක්  ලියවෙලා තිබුනේ මම මුල්තරගෙන. මම... මම.. මම..... ඒකත් නිසරු  මන්තරයක්වගෙයි.
අදත් වෙනසක් නැහැ . මගේ දවස ගෙවෙන්නේ  හිර කුටියක.
දොරක් තිබුනත් පිටවෙන්න බැරි .
කවුළු පියන්පත් විවර කරලා බලා ගෙන ඉන්න කොට වැඩියෙන්ම දකින්නේ විෂුක දශ්ශක.

ඊයේ අහුලා ගත්ත ගී පදවැල මතක ඇති.
“පාට වරුන ඇති කුකුලනි -  මම් තොපට
රණින් වලළු- තනවලා දෙමි පයට”
එහෙම වෙනවා නම්  ‘ රනින් වළළු තනවා දෙන්නට ” කී දෙනෙක් ඉදිරිපත් වෙයීද  ?.මම හිතුවා.

බොහෝමයක්  තරුන දූ දරුවන්  එලිමහනේ ආදරබස්  දෙඩීම  අද වන විට  දොරගුළු දා ගත් කාමර වලට සීමා වෙලා.පෞද්ගලිකත්‍වය රැක ගන්න හොද මගක් වෙන්න පුළුවන්
ඒත් බිදී ගිය රැවල් කදන් මත මංගලපෝරු ඉදි කරගන්නා විට ........
“මේ අප දෙන්නා එක්වුනි රෑ තුන්යමට
ඉර දුටුවද  නාඩන් කුකුලනේ හෙට ”
යයි සිතින් කුකුලන්ට අල්ලස් දෙන කී දෙනෙක් ඇත්ද ?.
අද අපේ සමාජය බොහෝ විවෘත වෙලා.  ඉතින්  සමාජ බැදි බිද දමමින් ජීවිතයද  නිදහස්ව ඉගිලෙනවා විය හැකියි.
මම ඈත දවසක ලිවා මතකයි. අධිකරනය ඉදිරියේ  සිවිල් නඩු අතර ඉඩම් නඩු හැරුනාම වැඩියෙන්ම ඇත්තේ පවුල් ආරවුල් බව. මේ පවුල්  ආරවුල්  බොහොමයක් ඉදිරිපත්ව ඇත්තේ  වයස අවුරුදු  හතහලිටත් අඩු පවුල් වලින්.....
වවිමසා බලන විට දකින්නට ඇත්තේ දෙපලගේ අනවබෝධය . විසදා ලත හැකි ඉවසා සිටිය හැකි ඉතාමත් සුළු සිද්ධීන් අධිකරනය වෙත ගලා ගෙන ගොස් වෙන්වී යන තරුන තරුනියන් මේ වරද නිවරද කරගත යුත්තේ “කුකුලන්ට  අල්ලස් දීමට ඉදිරිපත් නොවීමෙන් යයි මට හිතෙනවා.


https://youtu.be/TUajMOMts

2018-08-29

යලිත් අපි හමුවෙමු.

“බටහිර අහස රතු සිත්තම්
මැකුණාවේ

 

දෙනිපෙත හඩන 
හිරියාමල්
පිපුනාවේ
මා ආදරය දුටු බව නොම
හැඟුනාවේ
මා නැති කලෙක උන් සුවඳක්
දැනුනාවේ”

හෙම ලීවේ “ බොනී මහත්තයා” වෙනුවෙන් පරසතු මල් චිත්‍රපටියේ.
බොනී මහත්තයා විතරක් නෙමෙයි .
අපිත් නැති කල තමයි ගුණ සුවද ගැන කතා කරන්නේ !. 
නිහඩ බව නිසල බව තුල ඇති සිසිල අත්විදින්නට ලැබුන දවසක , 
සිතුවිලි අතීතයේ සිට වර්තමානයට එන්න වලිකනවා. 
මම බොහෝ දවසක සිට යමක් ලියන්න තතනවා. 
එත් ලියා ගන්න බැහැ. 
ලියවෙන්නේ නැහැ.

වර්තමාන දේශපාලනයේ නොගැලපෙන තැන් බොහෝයි. 
ඒත් මගේ සිතිවිලි ඒවා ගැන ලියන්න ඉඩ දෙන්නේ නැහැ. 
හිත අවුල් කරගන්නේ නැතිව සමාධි ගත වෙන්න නම් මොනවත් වුනේ නැති මොනවත් වෙන්නේ නැති ගානට ජීවත් වෙන්න ඕනී. 
මම විතරක් නෙමෙයි බොහෝම දෙනා අද දේශපාලනය හා දේශපාලකයෝ ගැන හිතන්නේ කතා කරන්නේ කළකිරීමකින්. 
විවේචනයට වඩා “ ඕන දෙයක් වෙද්දෙන් ” කියලා  ඇල් මැරුන සිතෙන් සිතිවිලි මුදාහරිනවා.

දවස අවට ලියවිය යුතු බොහෝ දේවල් මැවෙනවා. 
ඒත් එවා ගලපා ගන්න සිත සන්සුන්වන්නේ නෑ

මේ පුංචි වැව් තීරයේ මම දවසක තනිවුනා. 
සිත භාවනාවක වගේ පාවුනා. 
උත්සහාකරන්නම් නතරවුන මීදුම යලිත් පණ ගන්වන්න.
මම හිතනවා මීදුම ඇසුරු කලෝ යලිත් මීදුමෙන් හමුවෙයි කියලා.





notes of imaginary

2018-08-17

පුංචි දිය අැලි.






notes of imaginary

2018-02-24

ගලපිට පැහැරූ බිඩාලයෙනි ! පිබිදෙනු දැන්වත්...




මගේ මිත්‍රයා ජවිපෙයෙන් මෙවර පාලන මැතිවරණයට තරග කලේය. බොහෝ කොට්ඨාශවලදී මෙන්ම ඔහු තරග කල කොට්ඨාශයේද එම දේශපාලන මතධාරින් සිටියේ කුඩා පිරිසක් බැවින් ඔහුට හතරවන ස්ථානයට පත්වීමට සිදුවිය.
ඔහුගේ මතයට අනුව ලංකාවේ දේශපාලනය හදාරන ලද ඡණ්ද දායකයෝ නැත.
අපේක්‍ෂකයෝද මෙහෙය වන්නෝද විවිධාකාරයේ  දූෂිතයෝය, මංකොල්ල කාරයෝය ,මැතිවරණයට පසු දින ඔහුගේ මූණු පොතේ තබා තිබු මේ පණිවිඩය මගේ සිත් ගත්තේය.මම ඔබට කියවන්නට එය පළකරනුයේ මගේ මිත්‍රයාට කෘතවේදීත්‍වය පලකරමිණි.
මේ පුංචි මැතිවරණයේදී මිල අධික මත්පැන් වර්ග ( රෙඩ් ලේබල් , බ්ලැක් ලේබල් , ග්‍රීන් ලේබල්, හෙනසි, වැනි විදේශිය මත්පැන් ) පවා සංතෝසම් ලෙස ලැබුන ඡණ්ද දායකයෝද මට හමුවිය.තනතුරකට ඇති මිලක් මම සිතුවෙමි.


notes of imaginary

2018-01-03

නස්රුදීන් - මෙයට උපගුරු.


මීට වසර හයකට පමන පෙර මා පලකල වියමනක් නැවත පලකරනවා. වියමන පරන වුනත්  මෙ කතාව පරන නැහැ.
වියමන පොඩි පොඩි වෙනස් කම් කලා ඒ කාලීන බව ගෙන එන්න.
අධ්‍යාපන පරිපාලන විෂයය පටන් ගන්න මුල්ම තැන විෂය භාර , අංශ භාර, නියෝජ්‍යවිදුහල්පති, සහකාර විදුහල්පති, විදුහල්පති , ගුරු උපදේශක , කොට්ඨාස අධ්‍යක්‍ෂ විෂයය අධ්‍යක්‍ෂ,  අධ්‍යක්‍ෂ සැලසුම්, අධ්‍යක්‍ෂ , ගුරු ආයාතන (පරිපාලන)  සහකාර, නියෝජ්‍ය , අතිරේක තවත් ලියවෙන්න අමතක වුන ඒවාත් එක්ක කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ පහු කරලා පලාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ ගාවටත් පලාත් අධ්‍යාපන ලේකම් ආදී සුපිරි තනතුරුත් ඔල මොට්ටල පලාත් අධ්‍යාපන ඇමත් තනතුරුත්  එන කොට තනතුරු සීයයක් විතර පුංචි ලමයින්ගේ අධ්‍යාපනයට කණ කොකා හඩවනවා.
ඒත් අපේ ළමයින්ගෙන් ටියුෂන් පංති පිරිලා. ටඅයුෂන් පංතියට ආවේ නැත්නම් විෂය භාර ගුරුවරයා සිසුවන්ට කෙනෙහිලි කම් කරනවා. ඉතින් තේරෙනවනේ අපේ අධ්‍යාපනයේත්  අධ්‍යාපන පරිපාලනයේත් පලදායිතාවය.
මේ කතාව අපේ රටේ අධ්‍යාපනයත්  අධ්‍යාපන පරිපාලනයත් ගැන නෙමෙයි.
 නස්රුදීන් කාලයේ සිද්ධවෙච්ච දෙයක් ගැන.
 දැන්  කාලේ කියලා අහංකාර නිළධාරින්ගේ හැසිරීම් රටාවේනස්රුදීන්ගේ කාලයෙත්  වෙනසක් නැහැ.අදත් එදත් .ගුරුවරියන් , කාන්තා අධ්‍යාපන  නිලධාරිණියන් පාසලට කියලා හිතාගෙන යන්නේ  රාත්‍රී  ප්‍රිය සම්භාෂනයකට යන්නා වාගේ.
නස්‌රුදීන් ගේ කතාවල විශේෂත්වය තමයි කතාව තමන්ටවු අත්දැකීමක් ලෙස විස්තර වෙන එක. ගුරුවරයෙක්, දේශකයෙක් ,වෙද්‍යවරයෙක්, වෙලෙන්දෙක් වැනි නොයෙක් චරිත බවට පත්වන  එක. නස්‌රුදීන්ගේ මේ කතාවෙන්  සදහන් කරන්නේ ගුරුවරයෙක් ලෙස විදපු අත්දැකීමක් ගැන .
නස්‌රුදීන් පිටිසර ගමක පාසලක ගුරුවරයෙක් හැටියට සේවය කරමින් හිටියා. නගරයේ වගේ පිටිසර පාසල් වල පහසුකම් නැහැ. පාසල් පරීක්‍ෂකවරයා පාසලට එනවා කියන ආරංචිය ලැබුනදා සිට  ගුරුවරු  ඒ සදහා ලක ලෑස්ති වෙන්නේ තමන්ගේ කාඩ් එක කොහොම හරි බේර ගන්න ඕනි නිසා. නස්‌රුදීන්නුත් මාස ගානක් තම ශිෂ්‍යයින් පාසල් පරීක්‍ෂක පිලිගැණිමට හොදට සුදානම් කලා.
ඔන්න ඉතින් එදා පාසලට ‍ගරු ගාම්භිරව සැපත් වුනේ පාසල් පරීක්‍ෂකවරයයෙක් නෙමෙයි  පාසල් පරීක්‍ෂකවරියක්. එතුමිය නස්‌රුදීන් සිසු දරුවන්ට පංතියේ උගන්වමින් ඉන්න වෙලාවේ පංතියට සැපත් වෙනවා.  ඔහුගේ ඉගැන්වීමේ කටයුතු පරීක්‍ෂා කරන්න .
හැමදාමත් වතු පිටි කෙත්වතු හරහා ආ  සුදු මුදු සුලග  වෙනුවට අමුතු සුවඳිකින් පංති කාමරය පිරී ගියා. කර පළල අත් රහිත හැට්‌ටය. ඉනට බොහෝ පහළින් දවටා ගෙන  තිබුන  ඇගේ  සාරිය  සිරුරේ වැඩි කොටසක් ස්වභාව ධර්මයේ  නිර්මාණයන් ප්‍රදර්ශණය කරමින් තිබුනා. රතට රතේ පින්තාරු කල  දෙතොල, චුටි ඉරක් වගේ ඇද ඇසි බැමි ගලවා නිර්මාණය කල දෙබැම . ලේ වැකුණු අමු මස්  ගොඩකට ඇන්නා වගේ.  
 මේ විසිතුරු නිර්මාණය දෙස  සිසුන් කට අයාගෙන පුදුමයෙන් වගේ බලා සිටියා.
මේ කෝළම  දැකපු  නස්‌රුදීන්ට හොදටම තරහ ගියා. කරන්නම්  අද හොද වැඩක් කියලා සිතිවිල්ලක් ඇතිවුනා.
නස්‌රුදීන් ගේ සුන්දර  ඉගැන්වීමේ ක්‍රම පිලිවෙත නිසා නස්රුදීන්ට සිසුන් හරි ආදරෙයි. අමාරු දෙයකට වුනත් විනෝදාත්මක ආදර්ශක උපයෝගි කරගන්න නස්‌රුදීන්ගේ අධ්‍යාපන රටාව පොහොසත්.  එදා පංතියට සැපත් වුන පාසල් පරීක්‍ෂකවරිය සිසුන්ගෙන්  - නස්‌රුදීන්ගේ ඉගැන්වීමේ දක්‍ෂතාවය උදුරාගෙන කියලා නස්රුදීන්ට තේරුනා. සිසුන් පාසල් පරීක්‍ෂකවරියගේ  රූප ස්වභාවය   නිසා අන්ද මන්ද වෙලා. නස්රුදීන්ගේ ඉගැන්වීමේ හරඹය බින්දුවට බස්සලා පාසල් පරීක්‍ෂකවරිය ගේ රුප සොබාවටත්  ඇගෙන් විසුරුනු ස්වභාව ධර්මයට සම්පාත වුන ශාරිරික  හරඹයටත් සිසුන්ගේ මනස  ජයග්‍රහණය කරලා.
ඉගැන්වීමේ  හරඹයෙන් පසු   පරීක්‍ෂකවරිය ළමයින්ගෙන් ප්‍රශ්න අහන්න පටන් ගත්තා. ඒත් ඒ ප්‍රශ්න වලට ළමයින්ගෙන්  උත්තර නැහැ. ඒ මදිවාට නස්‌රුදීන් පාසල් පරීක්‍ෂකවරියට පිටුපසින් හිටගෙන අතින් ඇසින් සංඥා යොදවමින්   ළමයිනට නිසි පිළිතුරු නොදෙන ලෙසට දන්වනවා.
අවසානයේ පරීක්‍ෂකවරිය නස්‌රුදීන්ගේ ඉගැන්වීම අසාර්ථකයි කියල වාර්තාවක් දීලා  වහාම නිදහසට කරුණු ලබා දෙන ලෙසට නස්රුදීන්ට දැන්වුවා. නස්‌රුදීන් චෝදනාවට උත්තර බදින්න කොලයක් ගත්තා.  පිළිතුර සටහන් වුණා. පිලිතුර බොහෝම කෙටි එකක්.
මම බොහෝ අධ්‍යයනය කර සිසුන්ගේ මනසට රිංගීමට කල උපක්‍රම පරදා    තමන්  ශිෂ්‍ය ජීවිතයෙන් පසු වෘත්තීය ජීවිතයේ දී  ධනයෙන් ලබාගත යුතු රන් රුවන් මුතු මැණික්‌. දුහුල් සළු, සුවඳ විලවුන්,වැනි භෞතික සම්පත් සහ  අනුරාගි බැලුම්, කාමුක දර්ශණ පංති කාමරය තුලදීම තම සඅසුන්ට අත්විදීමට ලැබීම ජයග්‍රහණය කර ඇත.
එවැනි ක්‍රම තුල සිසු දරුවන්  ශිල්ප ශාස්‌ත්‍ර කෙරේ යොමුවෙතැයි යන්න මට නම් සිතාගත නොහැකිය.
මෙයට උපගුරු

නස්රුදීන්.


notes of imaginary