ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ඒවාට ස්වාධීන පැවත්මක් නොමැත. සිතිවිලි සහ ආවේග වලට තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . ඒවායින් මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

සුබ අළුත් අවුරුද්දක් වේවා !.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2013-10-28

වැස්ස ලගයි .



ඔන්න ඹක්තෝම්බර් මාසේ   නම් ඉවරයි. මේ ලබන්නේ නොවැම්බර් මාසේ .

කාලගුණ දෙපාර්තමේන්තුව කොයි බයිලාවක් ගැහුවත් අපේ කිරිමොහොට්ටාල මාම නම් අහස දිහා බලාගෙන කියන්නේ දැන්නම් නැගණහිරෙන් වැස්ස ඔන්න මෙන්න කියලා .
මොහොට්ටාල මාමගේ අනාවැකිය හරියට හරි යනවා .මොහොට්ටාල මාමාගේ පරම්පරික දැණුම දැන් කාලේ නවීන උපකරන යොදා ගන නිර්වචනය වෙන්නේ වෙනත් විධියකට. මාමා පොහොන . තල වැස්ස , පෙරහැර වැස්ස කියලා හදුන්වන වැහි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අතුරු මෝසම් , බෙංගාල බොක්‌කේ හටගන්නා වාසුලි සහ අවපාත ,කැළඹීම් වෙනවා.

ප්‍රධාන මෝසම් දෙක තුළත් ඒ මෝසම් එළැඹීමට පෙර කඩා පහත්වන අතුරු මෝසම් කාල දෙක තුළත්, බෙංගාල බොක්‌කේ නිතර දෙවේලේ හටගන්නා වාසුලි සහ අවපාත නිසාත්, හඳුනා ගත නොහැකි සහ හඳුනා ගැනීමෙන් කිසිදු වැඩක්‌ නැති කාරණා බොහොමයක්‌ නිසාත් සමහර විට අවුරුද්දේ දවස්‌ තුන්සිය හැටපහ පුරාම අපේ රටේ කොහේට කොහේට හරි වහිනවා. අනෙක් රටවල් වලට වඩා අපේ රටේ වෙනස ඒකයි. රටේ කොතනක හරි තුන්සිය හැටපස් දවසේම උපවාසයක් ,සත්‍යග්‍රහනයක් තියෙනවා වගෙයි අපේ රටේ වැස්සත්.

අයනීකරණය වූ වළාකුළු එකිනෙක ගැටීමේදී හටගන්නා වෝල්ට්‌ ලක්‍ෂ ගණනක්‌ බලසම්පන්න විදුලි දහරා භූමිගත වීමේ ක්‍රියාවලිය අකුණක්‌ කියලා ඉතාම සරල ලෙස නිර්වචනය කරනවා. අපේ රටේ දශක ගණණාවක් තුල සිදුවෙමින් පවතින පාරිසරික වෙනස් වීම් නිසා අකුණු අවදානම තව තවත් වැඩිවෙලා.

කාලගුණ විද්‍යාඥයන්ගේ අත්දැකීම්වලට අනුව ලංකාවේ අකුණු සහිත වැසි වැඩිම කාලය වන්නේ අප්‍රේල් මාසය යි. මොට්ටාල මාමා කියන්නේ “බක් මහටයි හෙන අකුණු ගහන්නේ බොලව්” කියලා. මේ තත්වය මැයි දක්වාම පවතිනවා. ඊළඟට ඔක්‌තෝබර් සහ නොවැම්බර් මාසය . මේ අකුණු බලපෑම් නැගණහිරට මධ්‍යම කදුකරයට අඩුයි කියලා හිතෙනවා. දෙසැම්බර් මාසේ මහ වැහි කාලයේ හෙන අකුණු පාත්වෙනවා වැඩියි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය මගින් හෙළිවන පරිදි මෙයට අමතරව හැම මාසයකම අකුණු හටගන්නවා දිවයිනේ යම් යම් පුදේශවල ( මෙහෙම කියන්නේ කාලගුනේ ) .

මොහොට්ටාල මාමා ප්‍රගතිශිලියෙක්. මාමා ඔනෑ එකටයි එපා එකටයි බනින්නේ ජේ.ආර්. මහත්තයාට . අකුණු අනතුරු වැඩි වෙන්න හේතුවත් ජේ.ආර් මහත්තයා . 1977 න් පස්සේ මේ රටේ අකුණු අනතුරු වැඩි වු බව මොහොට්ටාල මාමාගේ තර්කයක්.ඡේ. ආර්. ජයවර්ධන මහත්තයා දැන් කාලේ වගේ බටහිරට ගැති බලවේග සමඟ එකතු වෙලා අකුණු හටගැනීමේ ව්‍යාපාරයක්‌ සංවිධානය කලා කියලනම් මාමා කියන්නේ නැහැ. විවෘත ආර්ථිකයත් එක්ක රටට ගොඩ බැස්ස ගෘහ විදුලි උපකරණ නිසා විදුලි අකුණු අනතුරු වැඩිවුනා කියලා මාමා කියනවා.

ඉස්සර නම් අකුණු සහිත වැසි පවතින අවස්ථා වල උස ස්ථාන වල , වැස්සට ගස් යට ,කුඹුරුවල ඉන්න එපා කියලා උපදෙස් දෙනවා. දැන් ඒවටත් තව සංශෝධන එකතු කරගන්න කාලේ ඇවිත්. අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් කාලගුනේට ඕන විදියට වෙනස් වෙනවා වගේ.

1980 න් පසු අපේ රටට රූපවාහිනිය ආවනේ. මේකටත් ඉතින් ජේ.ආර් මහත්තයා වැරදි කාරයෙක් වෙනවා. රූපවාහිනිය රටට ගෙනාපු නිසා. හෙණ එකක්‌ නොව හෙණ හතක්‌ ගැහුවත් ටෙලිනාට්‍ය , ස්ටාර්ලාගේ වැඩකිඩ බැලීම නම් කොහොමවත් අපේ ඇත්තන්ට අත්හරින්න බැහැ. ඉතින් අපි ජීවිතේ අණතුරේ කියලා ගුගුරමින් වහින මහ වැස්සේ පවා ටෙලිනාට්‍ය ස්ටාර්ලාගේ වැඩ බලනවා. ගෙදර වහලයේ තිබෙන රූපවාහිනි ඇන්ටෙනාව දිගේ බහින අකුණු රූපවාහිනිය ද පුපුරුවා එය නරඹන දෙතුන් දෙනකු මරා තවත් හත්අට දෙනකු අබ්බගාතයන් බවට පත් කරයි කියලා නිකමටවත් හිතන්නේ නෑ .

මොහොට්ටාල මාමාට නිතර දෙවේලේ ගෙදර නැන්දම්මා පුපුරවන අකුණු වලට හුරුවෙලා “මම නම් කම්මලේ බල්ලා වගෙයි බොලව්” කියලා කියන ගමන්ම මෙහෙමත් කියනවා .
වහින වෙලාවට නම් අපේ පොඩී එකී බනිද්දී වයර් කෑලී ඔක්කොම රූප පෙට්ටියෙන් ගලවා දානවා ඕන් මං .

අකුණුවලින් සිදුවන අනතුරු සහ ජීවිත ඉරණම ගෙදර තිබෙන විදුලි උපකරණ සමඟ බද්ධව තියෙනවා .වහින වෙලාවට අපි සැලකිලිමත් වුවහොත් මේ අනතුරු වලක්වා ගන්න පුළුවන්. ඔය ඔක්කොම ගෘහ විදුලි උපකරන වල විදුලිය විසංධි කරලා දානවා නම් !.

notes of imaginary

2013-10-27

මීදුම හැට පහයි.



මීදුමටත් අද විශේෂ දවසක්.
1948 පෙබරවාරි මාසේ 04 වෙනිදා මේ අපේ රටට නිදහස ලැබෙනවා.
ටොප් හැට් දාපු වවුල් පස්සක උලක් වගේ කබා කුරුත්තු ඇදපු මහත්තුරුන්ගේ දේශපාලනය මේ බිමේ පැලවෙනවා.
මේ අසිරිය බල බලා ඔක්තෝම්බර් මාසේ 27 දා මධ්‍යම කදුකරයේ බස්නාහිර බෑවුමේ පසල් දනව්වක මීදුම මෙලෝ එලිය දකිනවා. මේ පින්වත් කුමරාට උපදින කොටම වර්ග අඩි දෙසීයයක විතර ගොම මැටි ගාපු ගෙබිමකුයි හිසට පිදුරු වහලකුයි හිමිවෙනවා.

මේ අසිරිය සිදුවී අවුරුදු හැටපහක්වු බව සිහි කරන්න අද කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය විවෘත කලා ! . කියලා මීදුම කියන කොට අහගෙන ඉන්නා අය කියනවා උඹට පුළුවන්ද එච්චර වැඩක් කියලා !.

මට බෑ තමයි.
ඒත් අපි ජීවත් වෙන්නේ ඒ වගේ සිහින ලෝකෙක කියලා කවුරුවත් හිතනවයැ.
1948 පහුවෙලා අවුරුදු අටකට පස්සේ 1956 දී මහ පෙරලියක් වෙනවා. මේ පෙරලිය සමරන්නේ හැන්දෙන් ගෑරුප්පුවෙන් කිරිබත් කාලා. එකාල වන විට මටත් අවුරුදු අටයි. ඊටත් අවුරුදු දෙකකට පස්සේ මම අපේ තාත්තගේ අතේ එල්ලිලා මහ පෙරලිය කලා කියන වීරයාගේ දේහය බලන්න රෝස්මීඩ් ප්ලේස් එකට වැල නොකැඩී ඇදිලා තිබුන මිනිස් ගගට එකතු වෙනවා.
කාලය ගෙවීලා යනවා. 1973 අප්රේල් 13 වෙනිදාවක අපෙන් වෙන්වී ගිය ඩඩ්ලි සේනානායක අගමැතිතුමා වෙනුවෙන් කදුළු වගුරපු ජනතාව මට සිහිපත් වෙනවා. එතකොට අවුරුදු විසි පහක් වුන ඡන්ද දායකයෙක්. 1993 මැයි පළවෙනිදාවක මහ මග පිපුරන බෝම්බයකින් මිය ගිය ආර් . ප්‍රේමදාස ජනාධිපති තුමා වෙනුවෙන් රතිඥ්ඥා පත්තු කරනවා. අවුරුදු හතලිස් පහක පරාසයක් තුල කාලය වෙනස් වෙලා සමාජ විඥාණය මේ විදියට ගිණි ගන්නවා.

මීදුම මේවා අහමින් දකිමින් පාසල් යනවා. අම්මට තාත්තට සහෝදර සහෝදරයින්ට අසල්වාසීන්ට විශේසිත අයට ආදරය කරනවා. 
අන්තිමට ශේෂ පත්‍රයක් නොදැක ගිණුම් වසා දමනවා.
රස්සාවල් හොයනවා. රස්සා වෙන්නත් රස්සාවල් කරනවා- අතහරිනවා අයෙත් හොයාගන්නවා .විවාහ වෙනවා . දරුමල්ලන් මුණුපුරන් දකිනවා.
අත්හැරීම දුකක් ශෝකයක් ඇති කරගන්නේ නැතිව උපේක්‍ෂාවෙන්ම අත්හරිනවා.
ඒ නිසාම ජීවිතය සැනසිලි දායක තැනක් ලෙස දකිනවා.

පහුගිය වසර කිහිපයක් තිස්සේ පනහේ දශකය පහුකරගෙන ඉදිරියට යන්න තතතන සගයින් එකායි ! දෙකායි !! කිය කියා ඇද වැටෙනවා දකිනවා. අහනවා. ඒ සහෘදයින් වෙනුවෙන් ඇතිවුන ශෝක සුසුම් විදගෙන තවමත් මීදුම නොදැවී ඉදිරියට ඇදෙනවා .
මේ මැදියම දොලොස් පැයේ ඉදන් මෙහෙම ගෙවුන ජීවිතයට අවුරුදු හැටපහක් පහු වෙනවා .
මේ දකින්නේ හීනයක්ද ? .

මීදුම තවමත් අද දවස විශේෂිත දවසක් ලෙස හිතමින් ඉන්නවා.


notes of imaginary

2013-10-22

බේබද්දන්ගේ උසාවිය.




ජීවිතේ මතක් වෙන්නේ අසරනව මරණ මංචකයට යන කොට. කොයි කවුරු වටවෙලා හිටියත් මේ ගමනත් අපට එක්වෙලා යන්න බැහැ. ඒක ප්‍රාර්ථණාවක් විතරයි. මේ ගමනත් අපිට තනි තනිව යන්න වෙනවා කියලා ජීවිතයත් එක්ක හරඹ කරන කොට කවුරුත් හිතන්නේ නෑ.
යාළුවෝ තුන්දෙනෙක් හිටියා . මේ තුන්දෙනා මගේ අසල්වාසීන්. මෙයාලගේ ජීවිත වලට හරඹයක් තිබුනේ නෑ. ඒ වගේම මේ තුන්දෙනාගේ ජීවිතවලට වටිනාකමක් ඒ ගොල්ලන්ට වත් තිබුනෙත් නෑ.
එක්කෙනෙක් සමන් කියමු. අනිත් එක්කෙනාට සුමනේ කියමු . ඊලග කෙනා සමරේ කියමු. මේ තුන්දෙනාගෙම නියම නම් මේවා නෙමෙයි. මේ තුන්දෙනා පිලිවෙලින් පසුගිය මාස තුන හතර කාලයේ තමන්ගේ අවසන් සුසුම වා තලයට එක් කරලා මේ ලෝකය අතහැර ගියා.




සමන් සහ සුමනේ යමක් කමක් තිබුන සල්ලිකාර පවුල් දෙකක උපන් පුත්‍රයෝ දෙන්නෙක්. මේ පවුල් දෙකටම පොදු ගුණාකාරය වුනේ අම්මලා තාත්තලා එකතු කරගත්ත ඉඩකඩම් යාන වාහන අම්මා තාත්තා වියෝවීමෙන් අනතුරුව සහෝදර සහෝදරියෝ අතර බෙදා ගැණිම. පසු කාලෙක පවුලේ සාමාජිකයෝ තම තමනගේ කොටස් වෙන් කර ගෙන සමහර ඒවා විකුනලා මුදල් බවට පත් කරගෙන විසිරිලා ගියා.

සමරේ මේ මොනවටවත් නැහැ. උපන්නෙත් දුප්පතෙක්ව අසරනව. මිය ගියෙත් ඊටත් වඩා අන්ත අසරනව.
මේ තුන්දෙනාගේ මිත්‍රත්‍වය එක එකාට අමුනපු දම්වැලක් වගෙයි. තුන්දෙනාම නැගණහිරෙන් හිර නගින කොට අතට ගන්න මත්පැන් බෝතලය බිම තිබ්බේ බස්නාහිරෙන් හිරු අස්ථානව ජීවිතය තාවකාලිකව නිදිගත් විටදී. 
සමහර දාක සමන් සුමනෙගේ නවාතැනේ. තවත් දවසක සුමනේ සමන්ගේ නවාතැනේ. සමරේට නිවසට යන පුරුද්දක් තිබුනා . ඒ දරුවන් දෙන්නෙක් සමග බිරිදක් හිටි නිසා වෙන්න ඇති. නිවසට යන්න සිතුවිලි තිබුනත් නිවසට යන ගමන කෙලවර වෙන්නේ පාරේ හෝ අගුපිලක. 
එහෙමත් දවසක තමයි ගෙදරට යවෙන්නේ.
සමරේගේ බිරිද දරුවන් දෙදෙනාත් එක්ක ජීවත්වෙන්න තියෙන ඔනෑකමටත් දවස රැකෙන්නත් කූලී වැඩකලා.

සමරේ පාන්දර අවදිවුනාම කාගේ හරි වත්තකට පැනලා රම්පේ කරපිංච පුවක් වල්ලක් ගැට පොලොස් ටිකක් කඩා ගෙන උරේ තියන පෝර මල්ලට පුරවා ගෙන කාට හරි විකුනලා bed tea එක බොන්න බාර් එකට නැත්නම් තැබෑරුමට යනවා. ( මතට තිත නිසා අවිධිමත් නිෂ්පාදන අපේ පැත්තේ නැහැ) මුණ කට හෝදා ගන්නේත් නැතිව කොණ්ඩේ පීරන්නේත් නැතිව බුලත් කෙල පෙරා ගෙන මළපෙරේතයෙක් වගේ පාන්දරම ප්‍රාතීභූත වන්නේ මේ මළ කෝලම . 
බාර් එකේ කොල්ලා සමරේ පාන්දර දැක්කම මුමුනනවා.
බාර් එකේ කොල්ලට සමරේ දකින එකත් අප්‍රියාවක්. 
මේ සමරේගේ උදේ වරුව.

හවස් වරුව පටන් ගන්නේ හතරට විතර. මොන මොනවා හරි කරලා හවස් වරුවෙත් රුපියල් පන්සීයක් විතර හොයා ගන්නවා. (සමහරුන්ගෙන් ආධාර ඉල්ල ගන්නවා) බාර් එකට එන සමරේ කාලක් වීදුරුවට වක් කරගෙන වෙවුලන අත්දෙකෙන් දගලන කටට වක්කරගන්න වාරු නැති නිසා ස්ට්‍රෝ එකකින් වීදුරුව මේසේ උඩ තියා ගෙන එක දිගේ ඇද ගන්නවා . තව කාලක ‍කුප්පියක් පෝර උරේට දාගෙන යාළුවන්ගේ තිප්පලට යනවා.
එයාගේ එදා දවස එදාට ඉවරයි.

උදේ දහය වෙන කොට සුමනේ බාර් එකේ. දත් ගලවන්න පුළුවන් අයත් එක්ක සමහරදාට. සමහරදාට සුමනේගේ දත් ගැලවෙනවා.අවුරුදු ගානක් තිස්සේ මාපිය උරුමය කොටස් කරලා ටිකින් ටික බිලා ඉවර කරලා අන්තිමට අම්මාට අයිති ගොඩනැගිල්ලකින් ලැබෙන කුලිය ඉවර වෙනකම් මාසේම බොනවා. 
පුදුමය මේ උන්නැහේලාට කන්න ඔනි නැහැ. ඉර ගල වැටෙන කොට තවත් බාගයක් ඔතා ගෙන ත්‍රී විලර් එකකින් තමන්ගේ පරම්පරාවේ ලොකු කම ගමට බෙදමින් පල්ලම් බහිනවා නවාතැනට.
ඒ තමයි සුමනෙගේ දවසක කෙළවර !.

මේක සුමනේ සම්බන්‍ධ අතුරු කතාවක්.
මීට අවුරුදු තුන හතරකට ඉස්සෙල්ලා මෙයත් එක්ක බීලා නිදාගත්ත කෙනෙක් උදේ පාන්දර බෙල්ල හිරවෙලා මැරිලා . වෙච්ච දෙයක් දන්නේ නෑ. සුමනේ කියන විදියට රෑ ඌරෙක් නවාතැන් පලට කඩා වැදිලා. ඌරා මරලා දාලා . 
උදේ තමයි දන්නේ එයාත් එක්ක එක තැන නිදාගත්ත සහෘදයායි මරලා තියෙන්නේ 
ඌරා නෙමෙයි කියලා. !.

අන්තිමට කියන්නේ ඉතිරිවුනේ සමන්ගේ වංශකතාව.

සමන්ගේ තාත්තා මීට දශක හය කටත් පෙර බේරුවල පැත්තෙන් අපේ ගමට සේන්දුවුන ව්‍යාපාරික චරිතයක්. එතුමාත් දෙවනි පරම්පරාවට වියපැහැදම් කරන්න හරි හම්කරලා ස්වර්ගස්ත වුනා . මීට අවුරුදු දහයක් පහලොවකට ඉස්සර. ඉන් පස්සේ දූ දරුවෝ දේපල බෙදා ගෙන විසිර ගියා. සමන් තනිකඩයා. සමන්ගේ කොටස පරාන භුක්කිය තියාගෙන සහෝදරියකට හිමිකම් පැවරුවා.
ගොඩනැගිලි තුනක් හිමිකාරයෙක් වුන සමන් එක් ගොඩනැගිල්ලක් පදිංචියට තියාගෙන අනෙක් දෙක කුලියට දීලා ලැබෙන ආදායම කාලා බීලා විනෝදයෙන් කාලය ගෙවලා දැම්මා. මෙයත් උදේ පාන්දර ඉදන්ම රැකියාවට වගේ කලේ පෙර ආත්මයේ ගත්ත ණය ස්කාගාර සමාගම් වලටත් රජයටත් පොලිය සමග ගෙවීම.

හැන්දෑව ලබන වත් එක්ක මේ තුන්දෙනා එකතු වුනා තමු තමුන් ගෙනාපුව බෙදා ගෙන ආයෙත් බොන්න පටන් අරගන්නවා තමුනුත් නොදන්නා විදියට කොහේ හරි වැටිලා නිදා ගන්නවා.


සමරේ පසුගිය සතියේ මියගියා. මිය යනකොට වයස අවුරුදු හතලිස් පහක් වෙන්න ඇති. මිය යන්න හේතුව පිලිකාවක්.
සුමනේට එරෙහිව මීණිමරුම් චෝදනාවක් මහාධිකරණයේ විභාගවෙමින් තිබියදී මින් මාස කිහිපයකට උඩදී අධික බීමත් කමින් නිවසක අගුපිලක ස්වභාවික මරණයක් හිමිකර ගෙන තිබුනා. 
ඔහු මිය යන විට අවුරුදු පනහක් විතර වෙන්න ඇති.
සමන් අවුරුදු හැට අටක් පමණ ජීවිතය ගෙවා දින ගණණක් රෝගීව නිරාහාරව තමන්ගේ නවාතැනේ ඇදක ම මියගියා. 
පළමුව මිය ගියේ ඔහු නිසා සමරේත් සුමනේත් අවසන් දින දක්වාම ඔහුට තනිරැක තිබුනා.

ඇත්තටම අපිට මේ චරිත කතා වලින් ඉගන ගන්න තියෙන්නේ මොනවද ?.
ඔයාලට නිගමනය කරන්න ඉඩ තියලා අදට මීදුම නතරවෙනවා.







notes of imaginary

2013-10-14

අත්තම්මා අපෙයි.


අවර දිග සිතිජයෙන්
බැස යන
හිරු
මා ය
ඔබ
පෙරදිග අහසින්
නැගෙන හිරු ය.
ඔබ
පිපෙන විට
සුදු මුදු මලක් ව
මා
නටුවෙන්
ගිලිහෙන මිලානවු
මලක් විය.
පියවරින්
පියවර
ලෝකය ඔබ නෙතින්
සුන්දරව දකිනවිට
එම ලෝකයම මා
බොදවු සිතුවමකි .














notes of imaginary

2013-10-05

අපොයි මාළු !.


න්‍යාය විද්‍යාත්මක දේශපාලනය ආදී නෙයෙක් ආකාර ඇගට නොදිරවන අප නොදන්නා විග්‍රහ ,පසුබිම් අතහැර වර්තමානයේ රට ගැන සිතන විට මීදුමට ඇත්තේ කල කිරීමකි. එක්‌සත් ජාතික පක්‍ෂයයෙන් රට පාලන වු අවදියක සිට (1977 සිට ) ප්‍රායෝගික අවබෝදයකින් රටේ දේශපාලනය දෙස බලන විට අප යන්නේ ප්‍රජාතන්ත්‍රවාදය දෙසට නොවන බව මීදුම සිතන්නේය.

අද රට පාලනය වන් මෑන් ෂෝ එකක් බවට පත්වී ඇත. මහින්ද රාජපක්ෂයන්ම කියන පරිදි මේ නොහැකියාවට මන් මක් කරන්නද ? යන්නත් ඇත්තකි.

අද පාර්ලිමේන්තුවේ නියම මහජන මතය නිරූපනය වන්නේ නැත. මෙය වඩාත්ම දැනෙන්නේ බහුතර නියෝජිතයන් පිරිසක් සිටින ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන්ටය. වමටත් නැති මැදටත් නැති දකුණටත් නැති අච්චාරු දර්ශණයක රටේ දේශපාලනය අතරමංව ඇත.


රටට ප්‍රානවත් විපක්‍ෂයක් නැත. මේ නිසා ආණ්‍ඩුවත් වෙන් වෙන්ව ආණ්ඩු පක්‍ෂයේ මැති ඇමතිවරුනුත් පිස්සු කෙළියක ධන සම්පත් විනාශ කරමින් නිකම්ම නිකම් වැජඹෙන පිරිසක් බවට පත්ව ඇත. කරන කෙන් ගෙඩියක් නැතිව මංත්‍රී දැන්වීම් පුවරුව එල්ලා ගෙන ප්‍රාදේශිය සභාවේ සිට පාර්ලිමේන්තුව දක්වා මහජන බදුවලින් නඩත්තු වෙන පිරිස සිය ගනනක් නොව දහස් ගනනක් අප රටට සිටින්නේය.

මේ පුර්විකාව සමග මීදුම යොමු වන්නේ එක්‌සත් ජාතික පක්‍ෂය ගැන සිතට එන දේ සටහන් කිරීමටය.




1970-1977 ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 2/3 බලය පරදා බින්දුවේ සිටි එක්‌සත් ජාතික පක්‍ෂය නැගිටින්නේ 5/6 ක බලයක් සුරතින් දරා ගෙනය. එම පිබිදීම ධාර්මිෂ්ඨර් ජේ.ආර් ගේ වික්‍රමයක් වූයේ කෙසේද යන්න දැන් විමර්ශනය නොවන්නේ බේද බින්න වී ගෙදර කළකොලාහල ගැන සිතමින් සිටින ඉහල පෙලේ ඇත්තන්ට ඒ සදහා කාල වේලා වක් නොමැති වීම නිසා විය හැක.




1972 – 1973වර්ෂ වන විට ජේ.ආර්.ජයවර්ධණ මහතා සුපිරි බිම් මට්ටමේ අත්තිවාරමක් පිහිටුවාගෙන සිටියේය. ඉහල මට්ටමේ ජනප්‍රියතාවයක් සහ සමාජය පිලිගත් ආසන සංවිධාකයන් ජාලයක් එතුමාට තිබුනේය. මෙම ආසන සංවිධායකයන් හරහා පිහිටුවාගෙන තිබුන ගමේ ශාඛා සමිති පක්‍ෂයට සක්‍රීය මෙහෙවරක යොදා ගැණිමට පක්‍ෂය කෙරෙහි විශ්වාශයක් ඇති කර ගෙන තිබුනේය. මේ නිසා 1977 මැතිවරනය වන විට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට හැරෙන්නවත් බැරි ලෙස සමාජය තුල හිරකරලන්නට ජේ.ආර්. සමත්විය.


අද එවන් සංවිධාන ශක්තියක් එක්‌සත් ජාතික පක්‍ෂයට නැත. ගොඩ නගා ගන්නට උනන්දුවක් නැත .එසේ ගෙඩ නගා ගන්න විශ්වාසයක් ජනතාවට ලබාදී නැත. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ 1977න් අවසන්වු පාලන කාලය තරම් පීඩනයක් අද ජනතාවට නැතිවුනත් ගිලිහෙන ජනතා විශ්වාසය එක් රැස් කරගන්නා වැඩ පිලිවෙලකට එක්‌සත් ජාතික පක්‍ෂය අවතීර්න වී ඇත්නම් එක්‌සත් ජාතික පක්‍ෂය මෙතරම් වල පල්ලට ගාටන්නේ නැත.


ජනතාව සමග සිටින ආසන සංවිධායකයන් තෝරා පත් කරගෙන , එක්‌සත් ජාතික පක්‍ෂය සමග සිටින පාක්‍ෂිකයන් අවදියෙන් තබා ගෙන බිම් මට්ටමේ සිට වැඩ කටයුතු පටන් ගතහොත් මහින්ද රාජපක්‍ෂයන්ගේ රජය යම් තරමකින් හිර කරන්න එක්‌සත් ජාතික පක්‍ෂයට හැකියාවක් ඇත.එවැනි සංවිධාන ජාලයක් ගොඩ නන්වා ගන්නට සිතනවා වෙනුවට අද කරන්නේපක්‍ෂය තුල මම ජනාධිපතිවීමේ සටනක් නම්, යම් යම් පුද්ගලයින්ට තනතුරු ලබා දී බඩ තර කරවන්න තදියමක් හෝ රුදාවක් ජනතාවට නැත.


ජනතාව බඩපිරුණ එකා කරන හාණිය අවමය යයි තේරුම් ගෙන ඇත. බඩ තරවී ඇති නිසා වර්තමාන කණ්ඩායාමම තවදුරටත් පාලනයේ තබා සිටීම ජනතාවට ලාබ දායකය. මන්ද බඩගින්නේ සිට පැමිනෙන එකා බඩ පිරුණ එකා කරන හාණියට වැඩි හාණියක් බඩ තර වනතුරු කරන්නේය.


දේශපාලන පක්‍ෂ සහ නායකයින් වටා සිටින ඇම්බැට්ටයන්ගේ උවමනාවන් තර කරන්නට අද ඡණ්දදායකයින් සිතන්නේ නැත.ඡණ්දදායකයින් රට ගැනත් රටේ ස්ථාවරය ගැනත්, සිතා ඡණ්දය පාවිච්චි කරන විට ස්ථාවර දේශපාලන පක්‍ෂ ගැනවැඩි අවධාණයක් යොමු කරනු දක්නට ඇත.
ඒ නිසා තමන් ශක්තිමත් බව දැක්වීමත් ඡණ්දය ලැබීමට එක් හේතුවක් වී ඇත. ගහ මරා ගැණිම් අමතක කර සියල්ලෝම එකාවන්ව එක්ව ප්‍රතිවාදියාට මුහුණ දීමේ ශක්තිය ප්‍රදර්ශණය කලදාට ජනාධිපති සිහින දකින අයට නොවපක්‍ෂයේ පහල පෙලේසිටින මණ්ත්‍රී කට්ටෙකුට වුවද එක්‌සත් ජාතික පක්‍ෂයයෙන් ජනාධිපති විය හැක.



අද මුලින්ම ඇත්තේ ඡන්ද ජය ගැනීමේ අභියෝගය නොව පක්‍ෂයට සිදුවෙමින් තිබෙන හානිය අවම කර ගැනීමේ අභියෝගය බව මුලින්ම එක්‌සත් ජාතික පක්‍ෂයෙන් ජනාධිපති වීමට සිහින දකින කවුරු කවුරුත් තේරුම් ගත යුතුව ඇත.


මේ විගඩම් වල අවසාන ප්‍රතිපලය ලබන්නේ ජනතාවය. අනාගතයේ පාළු ගෙදර වලං බිදින අය විසින් ජනතාවගේ ප්‍රජාතණ්ත්‍රවාදය කුඩු පට්ටම් කර වලං කෑලි බවට පත් කරනවා ඇත.





notes of imaginary

2013-10-01

ඔබ මට වාසනාවන්. !

 අසන්න



පාට වරුණ ඇති කුකුලනි මම්
තොපට රණින් වලළු
තනවා ලා දෙමි පවට
මෙඅප දෙන්නා
එක්වුනි රෑ තුන්යමට
හිර දුටු මුත්  
නාඩන් කුකුළනේ  හෙට.

ඉරට හොරෙන්
සද මුදුනින් රාහු ගියා.
ඉරට හොරෙන්
ඉර මුදුනින් ගිරව් ගියා
මලට හොරෙන්
මල මුදුනින් ඹබරු ගියා
අපට හොරෙන්
නුඹ දෑසට නොපෙනි ගියා

ගිරවුන්  හැර ගියත්  
ඉර  තනිනොවේවා
සාවුන් හැර ...............
ගියත් සද තනිනොවේවා
ඹබරුන් හැර ගියත් මම තනිනොවේවා
මා හැර ගියද
නැගණිය තනිනොවේවා........


පින් ඇති ළදක්
කරකාරෙට ලැබීයන්
රුවැති ගුනැති
දූ දරුවන් ලැබීයන්
මේ ජාතියේ
මම් කල පව් ගෙවීයන්
මතු ජාතියේ
හිමි සද ලෙස ලැබීයන්

පැණි ඇති කලට
උක් දණ්ඩේ පැණි සේමා
සවි නැති කලට.....................
වැටකෙයියා රොඩු  සේමා
වෙර  නැතිදා
කෙතකට බැදි වැට සේමා
අසරණ දා .........
මල්යායේ කටු සේමා....................

බැද්දේ පිපෙන
බිම් මල වාසනාවන්
ගොල්ලේ පිපෙන
පන් මල වාසනාවන්
දෙපෝදාට
පුන් සද වාසනාවන්
මතු ජාතියෙත්
ඔබ මට වාසනාවන්.


 












notes of imaginary

2013-09-25

Catch me if you can



පලාත් සභා මැතිවරණය අවසන්ය. ආයෙත් තව ටික දවසකින් තවත් පලාත් සභා කිහිපයක ( තුනක්) මැතිවරණ පවත්වනු ලබන බව ප්‍රකාශිතය. මේ මැතිවරණ අපට ධාර්මිෂ්ඨර් යුගයෙන් පහල වු දායාදයන්ය. පුංචි රටට මැතිවරණ හතරක් !. මේ පුංචි රටේ හැම වසරේම මැතිවරණයක් නොතිබුනොතින් එය නම් පුදුමයකි.

අවුරුදු තිහක් තිස්සේ ත්‍රස්තවාදියෙකුගේ පාලනයට යටත්ව තිබු කැන්ගරු නීතිය රජකල උතුරට විග්නේෂ්වරම් කෙනෙකු උතුරේ ජනතාව තෝරා පත් කර ගෙන තිබේ.
දකුනේ ජනතාවට මෙන්ම නිදහසේ ( මෙයට නියම අරුතක් නැත. ) දයාසිරිලා අනුරාධලා පත්කර ගත හැකිවුවත් ඒ නීතිය යටතේම ඒ ව්‍යවස්ථාව යටතේම උතුරට විග්නේෂ්වරම් කෙනෙක් ස්වාධීනව ( මෙයටත් නියම අරුතක් නැත ) පත්කරගෙන කටයුතු කිරීම අකැප බව දකුනේ ජනතාව සිතන්නේ නම් එහි සාධාරනයක් ඇතියි සිතිය නොහැකිය.

උතුරටත් දකුනටත් එක හා සමානව සිතන්න අපේ රටේ දේශපාලකයන් සහ ආගමික දේශකයන් ඉඩ දෙන්නේ නැති සෙයකි. දකුනේ මෙන්ම උතුරේත් මේ වර්ගයේ ජාතිහිතෛෂින් අපමන සිටිති.අද ඇති සංහිදියාව නොඉවසන සෙයකින් මේ ජාති හිතෛෂීන් තම ශ්‍රී මුඛ විවර කරන්නේ වක්කඩ කඩා හැළුවාක් මෙනි.

එකෙකුට දිවුරුම් දීමේ ප්‍රශ්නයකි. තවත් එකෙකුට තවත් ප්‍රශ්නයකි. පවතින විධියට පැවතීමක් නොමැතිව අපි වෙනම පැත්තක යයි කුලල් කා ගන්න යාම මේ පොර කුකුළන්ට නම් විනෝදයකි.

අපිට රට දියුණු කර ගත යුතුයයි සිතා අපේ චින්තනය වෙනස් නොකර ගත හැකිද ?.
සිංහල පමනයි වු දා සිට උතුරත් දකුනත් විරසකවු බව අපට අද අමතකය. “58 පටන් ගත් ගිණි පුපුරු මහ විනාශයක් කර තවමත් නිමී ගොස් නැත. එපමනක්ද නොව භාෂාව නිසා අපට සිදුවු තවත් හෑල්ළුවීම් කොතෙක් ඇත්ද ?
අන්තර්ජාලය ලෝකයම එක් ගමක් බවට පත්වී ඇත. මේ යුගයේ අපි සිංහල භාෂාව පමනක් ඉගන ගත් නිසා තනිවු කොදෙවිවක වාසය කරන හුදකලා මිනිසුන් බවට පත් වී ඇත. මේ බව හදුනා ගත් 56 දරුවන් කම්පාවෙන් තම දරුවන් ජාත්‍යන්තර පාසල් වලට යවන යුගයක අපි අද ජීවත් වෙන බව සිතිය යුතුය.

ත්‍රස්වාදියෙකු හා එක්ව වෙන්ව යන්නට අවුරුදු තිහක් තැත් කරන කල ජනතාවක් එක් වරම අංශක 360ක් ආපසු හැරවිය නොහැක. ඒ සදහා විග්නේෂ්වරම්ලා මෙන්ම දකුනේ ඇත්තෝද ඉවසීමෙන් කටයුතු කල යුතුය.

මම ස්‌ටීවන් ස්‌පිල්බර්ග් නමැති චිත්‍රපටකරුවාගේ "Catch me if you can" චිත්‍රපටියේ කතාව අසා ඇත්තෙමි. එය දේශපාලනයට සම්බන්‍ධවු කතාවක් නොවුවත් සංහිදියාව පිලිබදවත් දක්‍ෂතාවයෙන් ප්‍රයෝජන ගන්නට උපක්‍රමශීලි විම පිලිබදවත් කිසියම් තරමක පණිවිඩයක් දෙන කතාවක්යයි මට සිතුණි.

මෙම චිත්‍රපට කතාව සත්‍ය සිදුවීමක් පාදක කරගත් ජීවමාන චරිතයක් වටා ගොඩ නැගුනකි.
1948 අප්‍රියෙල් මස 27 වැනි දා උපන් ෆ්‍රැන්ක්‌ විලියම් ඇබග්නේල්, වංචාවක් ලෙස නොපෙනෙන අයුරින් ඕනෑම ලේඛනයක අනු පිටපත් සෑදීම, චෙක්‌පත්වල අංක වෙනස්‌ කිරීම. ගුවන් ගමන් ප්‍රවේශපත්වල අනු පිටපත් සාදා එමගින් ගුවන් යානාවල ගමන් කිරීම ඇතුළු වංචා ගණනාවක්‌ කල පුද්ගලයෙක් විය.
ඔහු ව්‍යාජ හැඳුනුම්පත් අටක්‌ සාදාගෙන ගුවන් සේවා අටක නියමුවා ලෙස පෙනී සිටියේ ය. ගුවන් යානයක්‌ පදවන සෑම මොහොතකමපැදවීමට නොදත් නිසා යානයේ නියමු කුටියේ (cabin) සිට දෙවැනි නියමුවා ලවා යානය පදවාගෙන යාමට කටයුතු කලේය. මෙම වංචා සහගත කටයුතු කරමින් සිටියත් කල් යත්ම ඇමරිකන් රහස්‌ පොලිසිය ඔහු අල්ලා නඩු විසදා හිරේ දැමී ය.
ඔහුගේ දක්‍ෂකම වටහා ගත් එම රහස්‌ පොලිසියේ ම නිලධාරියකු ආණ්‌ඩුවෙන් විශේෂ අවසරයක්‌ ලබාගෙන ඔහු හිරෙන් නිදහස්‌ කර හොර චෙක්‌පත් සහ හොර මුදල් නෝට්‌ටු හඳුනා ගැනීමේ ආරක්‍ෂක උපදේශක නිලධාරියකු ලෙස රහස්‌ පොලිසියේ සේවයට බඳවා ගත්තේ ය.

මේ ස්‌ටීවන් ස්‌පිල්බර්ග්ගේ "Catch me if you can" චිත්‍රපටියේ කතාවයි. ෆ්‍රැන්ක්‌ විලියම් ඇබග්නේල් රජයෙන් විශ්‍රාම ලබා ඇමරිකන් පොලිස්‌ අභ්‍යාස විදුහලේ උපදේශකයකු ලෙස කටයුතු කරයි.

අපට නීතියත් ව්‍යවස්ථාවත් ආරක්‍ෂා කර ගෙන සාමයෙන් හා සාමදානයෙන් ප්‍රශ්න වලට විසදුම් සොයමින් ඉදිරියට යා නොහැකිද ?

නිතරම මම මගෙන් අසමි.


notes of imaginary

2013-09-21

භෞත චිකිත්සක ප්‍රතිකාර


භෞත චිකිත්සාව බටහිර වෛද්‍ය කර්මයේදී  සිරුරට බාහිරින් කරනු ලබන ප්‍රතිකාර ක්‍රම වෙදයකි. ආයුර්වේදයේද මීට සමාන ප්‍රතිකර්ම විධි සිදු කරන අතර ඒ සදහා යොදා ගන්නා ක්‍රමවේදයන් අතර විශාල වෙනස් කමක් දක්නට ලැබේ. ආයුර්වේදයේදී තෙල් වර්ග බාහිරින් අලේප කරමින්   ශාක ඹෟෂධ රෙදිකඩක පොට්ටනියක් කර උනුසුමින් තැවීම සහ ඹෟෂධීය පත්තු බැදීම වෙනුවට  බටහිර වෛද්‍ය කර්මයේදී ආලෝකය ,විද්යුතය, සදහා නවීන විදුලි උපකරන යොදමින් සිරුර උනුසුම් කිරීමත්  ව්‍යයාමයත්  උපයෝගී කරගනි.


මෙම වියමනේ උත්සහාය  බටහිර වෛද්‍ය කර්මයේදී භෞත චිකිත්සා ප්‍රතිකාර කිරීම පිලිබද තොරතුරු  සංක්‍ෂිප්තව පලකිරීමය.

සිරුරට භෞත චිකිත්සා ප්‍රතිකාරයන් සදහා  යොදා ගන්නා ක්‍රමවේදයන්   
       උඩුකුරු  තෙරපුම
        ගුරුත්‍වාකර්ෂණය
        විද්‍යුතය
        ශබ්දය
        ව්‍යායාමය
ලෙස සරලව  කාණ්ඩ කර දැක්විය හැකිය.
භෞත චිකිත්සා ප්‍රතිකාර   වයස් සීමාවකින් තොරව ළදරු වියේ සිට වියපත් විය දක්වා යොදා ගනු ඇත. 
මෙම ප්‍රතිකාර මගින් ඹෟෂධ බාවිතයෙන් තොර නිසා සාංකූලතා ඇතිවන්නේ නැත. ස්නායු රෝග , විකලාංග රෝග, රක්තවාත රෝග, ළමා‍ රෝග .්‍රීඩාවන් නිසා සිදුවන  අනතුරු ,ශ්වසන හා හෘද රෝග, සහ විවිධ ක්‍රියාකාරකම් නිසා ඇතිවන සිරුරේ වේදනා  සුව කිරීමට භෞත චිකිත්සා ප්‍රතිකාර   වලින් සිදුකරනු ලැබේ.
රීරික  සුවතාවය පවත්වා ගැණිමට භෞත චිකිත්සාවෙන් නිවරදි උපදේශක‍්‍තවයක්   ලබා ගත හැක.භෞත චිකිත්සා ප්‍රතිකාරයන්හී මුලික අරමුණු  වන්නේ  සිරුරේ මාංශපේශී ශක්තිමත් කිරීම , සන්දි වල චලන සමායෝජනය  හා චලන    පරාසය ඇතිකිරීම , බර දරාගැනීම හා සමබරතාවය දියුණු කිරීම, ස්ථුල බව අඩුකිරීම , වේදනාව අඩුකිරීම , ශ්වසන පහසුව ඇති කිරීම , ඇවිදීම පුහුණු කිරීම (විකලාංග සහ අංශබාග රෝගින්ට) .වැඩිහිටි පුද්ගල සාංකූලතා 

 සාංකූලතා ඇතිවන්නේ නැත
අවම කිරීම.සහ ශරීර සුවතාවය රැකීම හා පවත්වා ගෙන යාම වැනි කරුණු සාක්‍ෂා කරගැණිමය
භෞත චිකිත්සක වෘත්තීයවේදීන් වෙත යොමු කිරීමෙන් පහත සදහන් ළමා රෝග හඳුනා ගැනීමට සහ ප්‍රතිකාර ලබාගැණිමට හැකිය.
මාස 4 5  : හිස කෙලින් නොතිබීම
මාස 6-7      : තනිව නොපෙරලීම
මාස 9- 12   :තනිව වාඩි නොවීම
මාස 12 වැඩි            : අල්ලා ගෙන නොනැගිටීම
මාස 16 -24             : ආධාරකයක් රහිතව ඇවිදීමට නොහැකි වීම
 උපතේදී හා ළඳරු අවධියේ
        බෙල්ලේ ගැටිත්තක් තිබීම
        එක් අවයවයක (පාද, අත්) චලනය දුර්වල වීම
        සන්ධියක චලනය දුර්වල වීම
        සන්ධිවල ඉදිමුම රත්පැහැ ගැන්වීම
        උපතේදී ඇති වන අපස්මාරය
        මාංශ පේශීවල අසාමන්‍ය තද ගතිය හෝ ලිහිල් බව
 
නිවැරදි ඉරියව් පිලිබඳ හඳුනාගැනීම
 

 ළමා කාල‍යේ දක්නට ලැබෙන රෝග
        හැසිරීමේ අසාමාන්‍ය තත්වයන්
        මුහුනේ මාංශ පේශීවල විකෘති තත්වයන්
        කොඳු ඇට පෙල ඇදවීම
        ඇවිදින විට දිස්වන අස්වාභාවික බව
Ø   පාදවල ඇදයක්
Ø  සන්ධි ගැටීම
Ø  කකුල කතිර ආකාරයෙන් තැබීම
Ø  ඇගිලි වලින් ඇවිදීම
Ø  පාදයක් කෙටිවීම
Ø  දනිස් පසුපසට නැමීම

භෞත චිකිත්සාවේ ප්‍රතිඵල සාර්ථක වීමට නම් ...
       ප්‍රතිකාර සඳහා යොමු වීම
        සායන වලට නියමිත ලෙස සහභාගීවීම
        ඇගයීම
        රෝගියා සමඟ අවබෝධයක් දැනුවත්බවක් ඇති     පුද්ගලයෙක් සායනය වලට සහභාගී වීම
        නිවැරදි ඉරියව් පිලිබඳ හඳුනාගැනීම
        ආධාරක භාවිතය
        වෘත්තීයවේදීන්ගෙන් හැර අනෙක්  උපදෙස් පිලි නොපැදීම


බලන්ගොඩ  රෝහලේ භෞතවේදී චිකිත්සක ඊ.එම්.එස් ඩී. එදිරිසිංහ මහත්මියගේ දේශණයක් ඇසුරෙනි.





notes of imaginary